09.09.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, යෝග බලයෙන් පමණයි ඔබලාට පාප සියල්ල දමනය කර සියලු පාප ජයගත්තන් බවට පත් විය
හැකි වන්නේ.
ප්‍රශ්නය:
උත්සාහ දරණ
දරුවන්ගේ උත්සාහ දැරීම නතර කරවන්නේ කුමනාකාරයේ සිතිවිලි ද?
පිළිතුර:
උත්සාහ දරන්නෙක්, තවත් බොහෝ කාලයක් තිබෙනවානේ පසු වී හොඳ උත්සාහයක් දරා ඉහළින්ම
සමත් විය හැකියි කියා උත්සාහ දරන්නෙක් සිතුවහොත් පරමාත්ම පියා පැහැදිලි කර කියා
දෙනවා: දරුවනි, මරණය නියමිතයි. සියල්ල හෙටට කල් දමා සිටිනා අතර හදිසියේ අද මිය
ගියහොත් ඔබ උපයාගත් දේ මොනවාද? එමනිසා, නොකඩවාම ශ්‍රීමත් පිළිපදිමින් තමාටත් අන්
අයටත් හැකිතරමින් යහපත උදා කර ගන්න. කාලය ගැන සිතා උත්සාහ දැරීම නතර නොකරන්න.
ගීතය:
ඕම් නමෝ
ශිවාය...
ඕම් ශාන්ති.
ශාරීරික කෙනා
නැතිව අශාරිරික ඒකායන කෙනාට කිසිම දෙයක් කළ නොහැකි බව ඔය දරුවන්ට පැහැදිලි කර කියා
දී තිබෙනවා. නැතිනම් ඔහුට තම චරිත කොටස රඟපාන්න බැරි වෙනවා. ආධ්‍යාත්මික පියා පැමිණ
ඔය ආධ්‍යාත්මික දරුවන්ට බ්‍රහ්මා මඟින් උගන්වනවා. ඔබලා යෝග බලයෙන් ලෝකයේ
සතෝප්‍රධාන් පාලකවරුන් බවට පත් විය යුතුයි. පරමාත්ම පියා සෑම කල්පයකදීම පැමිණ මා
මඟින් ඔබලාට රාජයෝගාව උගන්වනවාය යන්න ඔබගේ සිහියේ තිබෙනවා. ඔහු ආදි සනාතන දේවි
දේවතා ධර්මය ස්ථාපනය කරනවා. එනම් සාමාන්‍ය මනුෂ්‍යයින්ව ඔහු දේවතාවරුන් කරවනවා.
දේවතාවන්ව සිටි මානව ජීවාත්මයන් පාරිශුද්ධව සිටි අතර උපත් 84කින් පසුව වෙනස් වි
දැන් අපිරිසිදු වී සිටිනවා. භාරතයේ අයට දිව්‍යමය බුද්ධීන් තිබුණු කළ ඔවුන්ට සියල්ලම
තිබුණා - පාරිශුද්ධත්වය, සාමය, සතුට සියල්ලම. මෙය වසර 5000ක කතාවක්. දින හා
කාලවකවානුත් සමඟ පරමාත්ම පියා ඔබලාට පුර්ණ පැහැදිලි කිරීම කරනවා. ඔහු තරම් උසස්
කෙනෙක් තවත් නැහැ. කල්ප වෘක්ෂයේ මුල, මැද හා අග පිළිබඳ සෑම රහසක්ම මෙහි ඉඳගෙන ඔබට
කියා දෙන්නේ පරමාත්ම පියාම පමණයි. භාරතයේ දේවතා ධර්මය දැන් අතුරුදන් වෙලා. ප්‍රතිමා
අනිවාර්යෙන්ම තිබෙනවා. ස්වර්ණමය යුගයේ ලක්ෂ්මි නාරායන රාජධානිය පැවති බව භාරතීය
වැසියත් දන්නවා. ක්‍රිෂ්ණාව තඹ යුගයේ කෙනෙක් වශයෙන් පෙන්වීමේ වරද පමණක් ඔවුන් කර
තිබෙනවා. මෙය අමතක වුණු අයට නැවතත් නිවහන වෙත යාමේ මඟ පෙන්වන්නේ පරමාත්ම පියා
පැමිණි විට පමණයි. මුක්තිය හා ජීවන මුක්තියට මඟ පෙන්වන්නා කියා ඔහුව හඳුන්වනවා. සෑම
කෙනෙකුටම මුක්තිය හා ජීවන මුක්තිය දානය කරන්නේ එම එකම එක පරමාත්ම පියා පමණයි. භාරතය
ජීවන මුක්තිය ලද විට අනිකුත් සියලුම ජීවාත්මයන් සිටින්නේ මුක්තියේයි. මෙන්න මේ නිසා
තමයි ඔහුට මුක්තිය හා ජීවන මුක්තිය දානය කරන්නා යයි කියන්නේ. නිර්මාණකරු ඒකායනය වන
අතර ලෝකය ද එකම ලෝකයකි. ලෝකයට ඇත්තේ ද එකම ඉතිහාසයක් හා භූගෝලයකි. එය පුනරාවර්තනය
වේ. ස්වර්ණමය හා රිදී යුග ආදිය තිබෙනා අතර ඉන් අනතුරුව සංගම් යුගය ඇති වෙනවා. කලි
යුගය අපිරිසිදු වන අතර ස්වර්ණමය යුගය පාරිශුද්ධ වේ. ස්වර්ණමය යුගය පැමිණීමට පෙර,
අනිවාර්යෙන්ම කලි යුගය විනාශ විය යුතුයි. විනාශයට පෙර ස්ථාපනය සිදුවිය යුතුයි.
ස්වර්ණමය යුගයේදී ස්ථාපනයක් සිදු වන්නේ නැහැ. පරමාත්ම දෙවියන් පැමිණෙන්නේ අපිරිසිදු
ලෝකය පාරිශුද්ධ කළ යුතු කාලයේ දීයි. පරමාත්ම පියා ඔබට ඉතාමත් පහසු ක්‍රමයක් පෙන්වා
දෙනවා. ඔබගේ ශරිරයත් ඇතුලු සියලුම ශාරිරික ඥාතීන් හා ඇති බැඳීම කඩාදමා ජීවාත්ම
අවධානයට පැමිණ පරමාත්ම පියාව සිහි කරන්න. බැතිමතුන්ට ප්‍රතිඵල ගෙන එන්නේ පරමාත්ම
පියාම පමණයි. ඔවුන්ව පිවිතුරු කරවීම සඳහා ඔහු ඔවුන්ට ඥානය දෙනවා. සෑම කෙනෙක්වම
පාරිශුද්ධ කරවන්නේ යෝගාවයි. ඥාන සාගරය පැමිණ මොහුගේ මුඛයෙන් ඥානය කතා කරනවා. ඔහු
අපිරිසිදු අයව පාරිශුද්ධ කරවනවා. මේ කාලය වන විට සෑම ජීවාත්මයක්ම අපිරිසිදුවී ඇති
අතර ඒ නිසාම තමයි ඔවුන් පරමාත්ම පියාට කන්නලව් කරන්නේ, මන්ද පරමාත්ම පියාම හැරෙන්න
වෙන කිසිම කෙනෙකුට ඔවුන්ව පාරිශුද්ධ කරවන්න බැහැ. ගංඟා නදිය පාරිශුද්ධකරු වෙනවා නම්
ඇයි ඔවුන්: පතීතපාවන සීතා රාම් කිය කියා ගායනා කරන්නේ? පරමාත්ම පියා පරමාත්ම ජීවය
නැවතත් වතාවක් නව ලෝකය ස්ථාපනය කර පැරණි ලෝකය විනාශ කිරීමට අනිවාර්යෙන්ම පැමිණෙන බව
ඔබගේ බුද්ධිය කියනවා. කල්ප ගසට කාලපරිච්ඡේදයක් තිබෙනවා. මුලුමනින්ම දිරාපත් වුණු
ඕනෑම දෙයක් තමෝප්‍රධාන් වී ඇති බව කියනවා. මෙයට නව ලෝකය යයි කියන්න බැහැ. මෙය කලි
යුග ලෝකයයි. මේ සියල්ල ඔබගේ බුද්ධියේ රඳවන්නේ අන් අයටත් පැහැදිලි කර දිය හැකි
වීමටයි. සෑම නිවසකටම මෙම පණිවිඩය දෙන්න. "දෙවියන් ඇවිල්ලා" කියා නිකම්ම කියන්න එපා.
උපක්‍රමශීලීව කතා කරන්න: ඔබට පියවරුන් දෙදෙනෙක් සිටිනවා: ලෞකික පියා හා ආධ්‍යාත්මික
පියා. දුකක් දැණුනු විටක දී ඔබ සිහි කරන්නේ ආධ්‍යාත්මික පියාව පමණයි. සතුටු ලෝකයේ
සිටිනා කිසිම කෙනෙක් පරමාත්ම දෙවියන්ව සිහි කරන්නේ නැහැ. ලක්ෂ්මි නාරායනගේ රාජ්‍ය
වන ස්වර්ණමය යුගයේ දී සාමය, සතුට හා පාරිශුද්ධිය මෙන්ම සියල්ලම තිබුණා. පරමාත්ම
පියාගේ උරුමය ලද පසු ඔහුට කන්නලව් කරන්නේ කුමකටද? එහි සතුටම හැරෙන්න වෙන කිසිම
දෙයක් නැහැ. පරමාත්ම පියා දුක් ලෝකයක් නිර්මාණය කළේ නැහැ. මෙම නාටකය කල්තබාම තීරණය
වුවකි. අවසානයේදී චරිත කොටස් රඟදැක්වීමට සිටිනා අය උපත් දෙක තුනක් පමණක් ගෙන ඉතිරි
මුලු කාලය පුරාම සිටින්නේ සාම දේශයේයි. කෙසේවෙතත්, නාටකයෙන් ඉවත් වීම කිසිවෙකුට කළ
නොහැක්කකි. උපතක් දෙකක් ගත්තත් ඉතිරි කාලය පුරාම ඔවුන් මුක්තියේ සිටිනවා වගේයි.
ජීවාත්මයන් නළුවන්ය. ඇතැම් අයට උසස් චරිත ඇති අතර අනිත් අයට අඩු චරිත ඇත. කිසිම
කෙනෙකුට දෙවියන්ගේ ගැඹුරටම යා නොහැකියි කියා සඳහන්ව තිබෙනවා. නිර්මාණයේ මුල, මැද හා
අග පිළිබඳ රහස් සියල්ල ඔබට පහදා දෙන්නේ පරමාත්ම දෙවියන්ම පමණයි. පරමාත්ම පියා
පැහැදිලි කර කියනවා: මම සාමාන්‍ය ශරීරයකට ඇතුලු වෙනවා. මම ඇතුලු වන ශරිරියේ සිටින
කෙනා තමන්ගේ උපත ගැනවත් කිසිවක් දන්නේ නැහැ. මම ඔබට මොහුගේ උපත් 84 කතාව කියා
දෙනවා. කිසිම චරිත කොටසක් වෙනස් කළ නොහැකියි. මන්ද මෙය කල්තබාම තීරණය වුණු නාටකයකි.
මෙය කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුලු වන්නේත් නැත. ඔබගේ බුද්ධියේද මෙය රඳන්නේ ඔබ
පාරිශුද්ධ වී තේරුම් ගැනීමට උත්සාහ කළ විටයි. සියල්ල ඉතාමත් පැහැදිලිව තේරුම්
ගැනීමට නම්, ඔබ දින හතක බතියක සිටිය යුතුයි. දින හතක් පුරා භගවතය කියවීම ආදිය
තිබෙනවා. ඇතැම් අයට සියල්ල ඉතාමත් පැහැදිලිව දින හතකින් තේරුම් ගත හැකියි. නමුත්
අනිත් අය තමන්ට කිසිවක් තේරුම් ගත නොහැකි බව කියනවා. උසස් තත්වයක් දිනා ගැනීම ඔවුනට
උරුම නැති දෙයක් නම් මේ දේවල් ඔවුන්ගේ බුද්ධියේ රඳන්නේ කෙසේද? අච්චා, අඩුම තරමින්
ඔවුන් යම් ප්‍රතිඵලයක් ලබා තිබෙනවා. පුරවැසියන් නොකඩවා නිර්මාණය කෙරෙන්නේ මේ
ආකාරයෙනුයි, නමුත් රාජ්‍යයේ වාසනාව දිනා ගැනීමට නම් උත්සාහයක් අවශ්‍යයි. ඔබගේ පාප
දුරු වන්නේ පරමාත්ම පියාව සිහි කිරීමෙන් පමණයි. ඔබ එය කළත් නැතත් එය ඔබගේ
කැමැත්තක්: පරමාත්ම පියාගේ උපදේශය මෙයයි. ආදරණිය දෙයක් කොහොමත් සිහි කෙරෙනවා නේද?
භක්ති මාර්ගයේ දී මිනිස්සු: අහෝ පාරිශුද්ධකරුවාණනි. වඩිනු මැන කියා කන්නලව් කරනවා.
ඔබට දැන් ඔහුව හමු වී තිබෙනවා. ඔහු කියනවා: මා සිහි කරන්න, මළකඩ ඉවත් වේවි. නිකම්ම
රාජ්‍යයක් හිමි වන්නේ නැහැ. ස්මරණය සඳහා යම් උත්සාහයක් අවශ්‍යයි. ඉතාමත් ඉහලින්
බාබාව සිහි කරන්නන් පමණයි ඔවුන්ගේ කර්මතීත් අවධියට පත් වන්නේ. හොඳින්ම බාබාව සිහි
නොකරන නිසා ඔබගේ පාප දුරුවන්නේ නැහැ. යෝග බලයෙන් පමණයි ඔබට පාප දමනය කළ අයෙක් විය
හැක්කේ. කලි යුගය අවසානයේ කිසිම කෙනෙක් පාරිශුද්ධව නොවී සිටියදීත් ලක්ෂ්මි හා
නාරායන එතරම් පාරිශුද්ධ වූයේ කෙසේද? ගීතාවේ ඥාන වෙළුම දැන් තැවතත් පුනරාවර්තනය
වෙනවා. පරමාත්ම ශිව දෙවියන් කතා කරයි. සෑම කෙනෙක්ම දිගින් දිගටම වැරදි කරනවා, මා
පැමිණ සෑම කෙනෙක්වම වරදින් මුදවා ගන්නවා. භාරතයේ සියළු ලේඛණ භක්ති මාර්ගයට අයත්ය.
පරම පියා මෙසේ කියයි: කිසිවෙක් මා කියූ කිසිවක් දන්නේ නැත. මට ඇහුම්කන් දුන් අය
උපත් 21කට ත්‍යාග ලැබුවා. එවිට මේ ඥානය අතුරුදන් විය. ඔබ චක්‍රය පුරා ඇවිත් දැන් මේ
ඥානයට කන් දෙයි. ඔබ දන්නවා ඔබ මිනිසුන් දෙවි දේවතා තත්ත්වයට පත් කරන පැලය සිටුවමින්
සිටින බව. මේ දෙවි දේවතා වෘක්‍ෂයේ පැලයයි. මිනිසුන් අනෙකුත් ගස් දිගටම සිටුවති. පරම
පියා පැමිණ ඔබට එහි වෙනස පෙන්වා දෙයි. ඔබ පෙන්වනවා ඔවුන්ගේ සැළසුම් සහ ඔහුගේ
සැළසුම්. ඔවුන්ට ඇත්තේ ලෝකයේ ජනගහනය නැවැත්වීම සඳහා පවුල් සැළසුම්ය. පරම පියා ඔබට
ඉතා හොඳ දෙයක් කියයි. එනම්, අනේක විධ ආගම් විනාශ විය යුතු අතර දෙවි දේවතා පවුල්
ස්ථාපනය වීමයි. බලන්න දැන් භාරතයේ කොපමණ පවුල් සිටී ද කියා - ගුජරාති පවුල, සිඛ්
පවුල... ආදී වශයෙන්. ඇත්තෙන්ම භාරතයේ තිබිය යුත්තේ එක පවුලක් පමණි. බොහෝ පවුල් ඇති
විට නියත යෙන්ම ගැටුම් ඇති වී සිවිල් යුද්ධ ද ඇති වේ. පවුල් අභ්‍යන්තරයේද සිවිල්
යුද්ධ ඇති වේ. පවුලක සොයුරන් දෙදෙනෙකුට එකට සිටිය නොහැකි වෙයි. ගැටුම් ඇති වෙයි.
ජලය පවා දෙකට බෙදා ගනී. සිඛ් ආගමේ අය සිතන්නේ එම ආගමේ පවුල් වලට වැඩි සතුටක් දිය
යුතුයි කියාය. තම වර්ගයා වෙත වැඩියෙන් ඇදී යයි. ඔවුන් දිගටම ඒ සඳහා මහන්සි
වෙයි.අවසානය කරා ලං වන විට දිගටම ඔවුනොවුන් අතර සටන් ඇති වෙයි. විනාශය සිදු විය
යුතුයි. ඔවුන් හොඳටම බෝම්බ සාදයි. දෙවන මහා යුද්ධයේ දී ඔවුන් බෝම්බ දෙකක් හෙළුවා.
දැන් එවැනි බෝම්බ බොහෝ සාදා ඇත. මෙය කාටත් තේරෙන දෙයකි. ඔබ විස්තර කළ යුතුයි මේ එම
මහා භාරත යුද්ධය බව. උගත් අය පවා සිතන්නේ ඔවුන් යුද්ධය නැවැත්වුවහොත් ලෝකය ගිණි
ගනීවි කියාය. ඔබ දන්නවා කොහොමත් ගින්දර ඇති බව. පරම පියා ස්ථාපනය කරන්නේ ආදී සනාතන
දේවි දේවතා ධර්මයයි. රාජයෝගා ඇත්තේ සත්යුගය සඳහාය. අතුරුදහන් වූ දෙවි දේවතා ධර්මය
නැවත ස්ථාපණය වේ. දැන් ඇත්තේ කළියුගය වන අතර ඉන්පසු තිබිය යුත්තේ සත්යුගයයි. කලි
යුගයේ විනාශය සඳහා දැන් මේ මහා භාරත යුද්ධය සිදුවේ. මේවා හොඳින් තේරුම් ගෙන ඔවුන්ට
විස්තර කර දෙන්න. මිනිසුන් අයත් වන්නේ යක්‍ෂ ප්‍රජාවට වන අතර ඒ නිසා ඔබ බොහෝ
ප්‍රවේසම් විය යුතුයි. දැන් නියතයෙන්ම ගිය කල්පයේ සේම බාධක තිබේ. මෙම නාටකය පුර්ව
නියමිත වූවක් වන අතර අපටද එය බලපා ඇත. ඔබ කිසිවිටෙක ස්මෘති වන්දනාව අමතක නොකළ
යුතුයි. මෙසේ ගැයේ: "රාත්‍රි මගියාණනි, තෙහෙට්ටු නොවන්න..." කිසිවෙක් මෙහි අදහස
තේරුම් නොගනී. රාත්‍රිය අවසාන වන අතර දහවල උදා වේ. එම චක්‍ර භාගය අවසන් වන අතර සතුට
ආරම්භ වනු ඇත. පරම පියා ඔබට "මන්මනභාව්" යන්නෙහි අදහස විස්තර කරයි. ගීතාවේ
ක්‍රිෂ්ණාගේ නම දමා ඇති නිසා එහි තිබිය යුතු ශක්තිය හීන වී ඇත. ක්‍රිෂ්ණාට
කිසිවිටෙක සර්ව බලධාරී යැයි කිව නොහැක. ඔහු සම්පූර්ණ උපත් 84ම ගනී. එම නිසයි
ගීතාවෙහි එම බලයම නැත්තේ. අප දැන් සියළු මිනිසුන්ට යහපත ඉටු කරනවා. යහපත කරනා අය
උරුමය ලබයි. ස්මෘති වන්දනාව නොමැතිව යහපත සිදු නොවේ. මෙකල ඔවුන් සැමට ඇත්තේ
ස්නේහයෙන් තොර බුද්ධියයි. ඔවුන් කියන්නේ දෙවියන් සර්ව ව්‍යාපි කියාය. ඔබ විස්තර කර
දිය යුතුයි ඔහු අසීමිත පරම පියා බව. භාරතයේ මිනිසුන් අසීමිත පරම පියාගෙත් අසීමිත
උරුමය ලබයි. භාරතයේ මිනිසුන් උපත 84ම ගනී. ඔබ මේ ඥානයට දිගටම ඇහුම්කන් දුන් නමුත්,
දැන් එය ප්‍රායෝගිකවම දකී. දවසින් දවස බොහෝ අලුත් දේ ඔබ කරා එයි. දන් වැදගත්
මිනිසුන් ආවොත් වැඩිකල් නොයා ඔබේ හඩ ඉක්මනින් පැතිරෙන අතර එවිට කලබල ද ඇති වේ. මේ
නිසයි සෑම එකක්ම දිගටම ටිකෙන් ටික සිදු වන්නේ. මේ ඥානය අප්‍රකටය. කිසිවෙකුට ඔබ කරන
දේ ගැන කිව නොහැකියි. භක්ති මාර්ගයේ දුක ඇති අතර ඥාන මාර්ගයේ ඇත්තේ සතුටයි. ඔබ රාවණ
හා කරන සටන දන්නේ ඔබ පමණි. දෙවියන් කතා කරයි. ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට
පත් වීමට නම්, මාව සිහි කළ විට පව් පිළිස්සී යයි. ඔබ පිරිසිඳු වු විට මා ඔබව නැවත
මා සමඟ රැගෙන යමි. හැම කෙනෙකුම විමුක්තිය ලබයි. සෑම කෙනෙක්ම රාවණ්ගේ රජ දහනෙන්
නිදහස් වේ. ඔබ දන්නවා ශිව ශක්තින් වන බ්‍රහ්ම කුමාරින් උසස් ලෝකය නිර්මාණය ගිය
චක්‍රයේ කලා සේම පරම පිතා පරමාත්මාගේ ශ්‍රීමත් පිළිපැදීම මඟින් කරනු ඇත. උසස් ලෝකය
පැවතුනේ අවුරුදු 5000කට පෙරයි. මෙය ඔබේ බුද්ධියට ඇතුළත් කර ගන්න. ප්‍රධාන කරුණු ඔබේ
බුද්ධියට ඇතුළත් කර ගත් විට, ස්මෘති වන්දනාවේ යෙදී සිටිය හැකි වේ. ඔබ අතර සමහර අය
කියන්නේ තව කාලය ඉදිරියට ඇති බවත් පසුවී උත්සාහ කරන බවත්ය. කොහොම නමුත් මරණයට
විනයක් නැත. යමෙක් හෙට මළොත් කුමක් කරන්නද? ඉතින් ඒ නිසා ඔබ අවසානයේ වේගයෙන් යනවා
යැයි නොසිතිය යුතුයි. එම සිතිවිල්ල මඟින් ඔබ වඩාත් පහළට වැටෙන්න ඉඩ ඇත. දිගටම
හැකිතාක් උත්සාහය යොදන්න. ශ්‍රීමත් පිළිපැදීමෙන් ඔබ හැම කෙනෙක්ම යහපත සළසා ගත
යුතුයි. ඔබ ගැන පරීක්ෂා කර බලා ඔබ කොතෙක් පරම පියාව සිහි කරනවාද කොතෙක් පියාගේ සේවය
කරනවා ද කියා බලන්න. ඔබ වූ කලී දෙවියන්ගේ ආධ්‍යාත්මික උදව් කරුවන්ය. ඔබ භූතාත්ම
ගලවා ගනී. ඔබ පෙන්වනවා අපිරිසිඳු භූතාත්ම වලට පිරිසිඳු විය හැකි ආකාරය. ක්‍රිෂ්ණා
සිහි කිරීමෙන් පාප අහෝසි නොවේ. ඔහු කුමාරයෙක් වු අතර ඔහුගේ සැපත ළඟා කර ගත්තේය. එම
නිසා ඔහුට කරන පැසසුම අනවශ්‍යය. ඔබ දෙවි දේවතාවුන් කෙසේ පසසන්නද? ඔව් හැම කෙනෙක්ම
උපන්දින සමරයි. එය සාමාන්‍ය දෙයකි. කොහොම නමුත් ඔවුන් කලේ කුමක්ද? ඔව්, දිගටම ඉණිමග
බැස ආවා. මිනිසුන් අතර හොඳ හා නරක අය ඇත. එක් එක්කෙනාට නියමිත වූ ඔහුගේ කොටස ඇත.
මෙය අසීමිත කරුණකි. ප්‍රධාන අතු සහ ඉති ගැනිය හැකි අතර අසීමිත වූ ශාක පත්‍ර ගැනිය
නොහැකිය. ඔබ වාඩි වී කෙසේ ගණන් කරන්නද? පරම පියා ඔබට දිගටම මෙසේ විස්තර කරයි:
දරුවනි, උත්සාහ දරන්න! හැම කෙනෙකුටම තම පියා හඳුන්වා දී ඔබේ බුද්ධිය ද පරම පියා හා
යාකර ගන්න. පරම පියා මෙසේ කියයි: හැම කෙනෙකුටම කියන්න පිරිසිඳු වීමට ඔවුන් නිදහස්
දේශයට යන බව. මහා භාරත යුද්ධයෙන් සිදු වන දේ ලෝකය නොදනී. මෙම කැප කිරීමේ යාගය
නිර්මාණය කළේම නව ලෝකයක් අවශ්‍ය නිසාය. අපේ කැප කිරීමේ යාග ගින්න අවසන් වෙමින් යන
අතර සියල්ල ඊට බිලි වනු ඇත. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්ම
දෙවියන්ගේ සැබෑ උදව්කරුවෙක් වී සෑම ජීවාත්මයක්ම මුදවා ගැනීමේ සේවය කරන්න. සෑම
කෙනෙකුටම යහපත සලසන්න: පරමාත්ම පියාගේ හැඳින්වීම සෑම කෙනෙකුටම දෙන්න.
2. ඉතාමත් ආදරණීයම
කෙනාව ලොකු සෙනෙහසකින් සිහිපත් කරන්න. කල්තබාම තීරණය වුණු නාටකය සම්බන්ධයෙන්
ස්ථාවරව සිටින්න. බාධක වලට බිය නොවන්න.
වරදානය:
ඔබ සියලු
බැඳීම් වලින් නිදහස් වී, නිරන්තරයෙන්ම "මන්මනභාව්" ස්ථිතියේ සිටිමින්, මනසේ ඇති
මිහිරි බව අත්විඳින අතරම අන් අයට ද එම අත්දැකීම ලබා දෙත්වා.
යකඩ දම්වැල් සහ
සියුම් නූල් වැනි බැඳීම් බිඳ දමා, නොබැඳි ස්ථිතියක සිටින දරුවන්, 'යකඩ යුගයේ'
(කලියුගයේ) භෞතික දේවල ඇති මිහිරින් සහ මනසේ බැඳීම් වලින් නිදහස් වේ. ශරීරය පිළිබඳ
හැඟීම හෝ ශරීර වලින් පිරුණු පැරණි ලෝකයේ කිසිදු දෙයකට ඔවුන්ව මඳක් හෝ ආකර්ෂණය කරගත
නොහැක. භෞතික ඉන්ද්‍රියන්ගේ මිහිරි බව කෙරෙහි, එනම් තාවකාලික මිහිරි බව කෙරෙහි
කිසිදු ආකර්ෂණයක් නොමැති විට, ඔබට අලෞකික, අතීන්ද්‍රිය සුඛ ප්‍රීතිය සහ මනසේ මිහිර
අත්විඳිය හැකිය. මේ සඳහා නිරන්තරයෙන්ම "මන්මනභාව්" ස්ථිතියේ රැඳී සිටිය යුතුය.
පාඨය:
සැමගෙන්ම
ආශිර්වාද මෙන්ම සතුට ද අත්විඳින විට සැබෑ සේවය සිදුවේ.
අව්‍යක්ත සංඥාව: දැන්
ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.
ලෝකයේ මිනිසුන් යමක්
පරිත්‍යාග කිරීම පුණ්‍ය කටයුත්තක් ලෙස සලකයි. 'දානපතියාගේ' දරුවන් වන ඔබ,
නිරන්තරයෙන්ම දන් දෙන පුණ්‍යවන්ත ජීවාත්මයන්ය. කිසිදු ජීවාත්මයකගෙන් තාවකාලික යමක්
ලබා ගැනීමේ ආශාවක් ඔබට නොතිබිය යුතුය: එනම් "මෙම ආත්මය යමක් දුන්නොත් මම දෙන්නම්"
හෝ "මොහු යමක් කළොත් මමද යමක් කරන්නම්" වැනි සීමිත සිතිවිලි ඇති කර නොගන්න.
දානපතියාගේ දරුවන් ලෙස ඔබ, සියලු ජීවාත්මයන්ට සෙනහස, සහයෝගය සහ බලය ලබා දෙන
පුණ්‍යවන්ත ජීවාත්මයන්ය.