09.10.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දන්නවා සියලුම ජීවාත්ම සත්ථාවන් අසීමිත පියා සමඟ අධ්‍යයනය නොකරනා බව.
කෙසේ වුවත්, ඔවුන් නියතයෙන්ම ඔහු සමඟ ආපසු යයි.
ප්‍රශ්නය:
පොළෝ ගෝලයේ
පාලකයින් බවට පත් වන්නට යන අය වඩාත්ම අගය කරන්නේ කුමක්ද?
පිළිතුර:
ඔවුන් වඩාත්ම අගය කරන්නේ අධ්‍යයනයයි. ඔවුන් කොතැනක සිටියත් නියතයෙන්ම අධ්‍යයනය කරනු
ඇත. ඔවුන්ගේ යහළු මිතුරන්ට හා නෑදැයන්ට තම යුතුකම් ඉටු කරනවා සමඟ ම, ස්මෘතියද
පුහුණු කරමින් හැම කෙනෙකුටම මෙම පණිවුඩය දෙයි ’පරම පියා සිහි කිරීම මඟින් ඔබට සාම
දේශයට සහ සතුටේ දේශයට යා හැකියි.‘ මෙම උසස් උපදෙස් සම්පූර්ණයෙන් පිළිපදින දරුවන්
පමණක් පොළෝ තළයේ පාලකයින් වනු ඇත.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
දරුවන් සමඟම, පරම පියා නියතයෙන්ම සියලුම ජීවීන් නැවත රැගෙන යන්නේ අඳුරු රාත්‍රිය
දැන් නිමවෙමින් තිබෙන නිසාය. වියපත් ලෝකය අවසාන වන අතර නව ලෝකය ස්ථාපනය වෙමින්
තිබේ. ලෝකය දිගටම තිබේ, නමුත්, එය වියපත් බවින් නවතාවයට පත් වේ. සත් යුගයේ ආරම්භයේ
දී, ඇත්ත ලෙසම ආදී සනාතන දේවි දේවතා ධර්මය තිබුණි. එම සූර්ය වංශය සහ චන්ද්‍ර වංශය
තව දුරටත් නැත. පරම පියා මෙසේ විස්තර කරයි නැවත නැවත ඉපදීම මඟින් ඔවුන් දැන් උපත්
84 සම්පූර්ණ කර ඇත. මෙකළ සියලුම නළුවන් තමෝප්‍රධාන් බවට පත් වී ඇත. ඔවුන්ට ඕනෑ
වන්නේ නව ලෝකය වන රාම රාජ්‍යය නව දිල්ලියේ පිහිටුවාලීමයි. කුඩා ළමුන් තමන්ට අහවල්
සෙල්ලම් බඩුවක් ඉල්ලන්නා සේ ම ඔබද මෙසේ කියයි බාබා, නව ලෝකය සඳහා අපට නව ඇඳුම්
අවශ්‍යය. දීපමාලා උත්සවයේ දී, මිනිසුන් නව අලුත් ඇඳුම් අඳී. ක්‍රිෂ්ණ ජයන්තියේ දී
නව ඇඳුම් ඇඳීමේ ප්‍රශ්නයක් නොමැත. දීපමාලාවේ දී නව ඇඳුම් ඇඳීම සඳහා, මිනිසුන් විශේෂ
සාප්පු සවාරි සඳහා බොහෝ වියදම් කරයි. දීපමාලාවේ දී පහන් ද දල්වයි. ඔබේ පහන දැල්වී
ඇති අතර අන් අයගේ පහනද දැල් විය යුතුය. ඔවුන්ගේ දීප මාලාව භක්ති මාර්ගය වන අතර ඔබේ
දීප මාලාව ඥාන මාර්ගයට අයත් වේ. ඔබ ඇඳුම් ආදිය මාරු නොකරයි. ඔබේ පහන සම්පූර්ණයෙන් ම
දැල් වූ විට ඔබ නව ලෝකයේ දී නව ඇඳුම් ලබයි. පරම පියා මෙසේ කියයි ඔවුන් යාමට කැමති
වුවත් නැතත්, හැම කෙනෙක් ම ආපසු රැගෙන යමි. මිනිසුන් මෙසේ අඬගසයි ඕ
පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! නැත්නම් ඔවුන් මෙසේ ද කියයි විමුක්තිදායකයාණනි,
පැමිණෙන්න. කෙනෙක් එක භාෂාවකින් මෙය කරන අතර තවත් කෙනෙක් වෙනත් භාෂාවකින් කරයි. මම
හැම චක්‍රයකදීම පැමිණ හැම කෙනෙක්ම ආපසු රැගෙන යමි. සත් යුගයේ ඇත්තේ ඉතා සුළු
මනුෂ්‍යයින් පිරිසකි. දැන් බොහෝ නළුවන් ඇත. ඔවුන් සියලු දෙනා සජීවී අයය. ශරීරය තුළ
ජීවාත්ම සත්තාවක් ඇති විට ඊට සජීවී කෙනෙක් යැයි කියයි. ශරීරය මෙසේ නොකියයි මා එක්
ජීවාත්ම සත්තාවක් අතහැර තව එකක් ගනිමි. නැත. ජීවාත්ම සත්තාව මෙසේ කියයි මම එක
ශරීරයක් අතහැර තව එකක් ගනිමි. කෙසේ වුවද, අප උපත් 84ක් ගන්නා බව කිසිවෙක් නොදනී.
සැම කෙනෙක් ම 84ක් නොගනී. ඔවුන්ට ඔවුන්ගේ ම සංඛ්‍යා ඇත. ආරම්භයේ දී එන අය නියතයෙන්
ම වැඩි වාර ගණනක් උපදී. වැඩිම වාර ගණන 84ක් වන අතර අඩුම, එකකි. පරම පියා මෙහි සිට
විස්තර කර දෙයි. ඔහු හැම කෙනෙකුටම උගන්වන්නේ නැත, නමුත් හැම කෙනෙක් ම ආපසු ගෙදර ගෙන
යයි. නියතයෙන්ම නාටකයේ සැලැස්ම අනුව, හැම කෙනෙක් ම ගෙන යාමට මා බැඳී ඇත. මේ වියපත්
ලෝකය අහවර වී ඇති බව ලෝකය නොදනී. පරම පියා පැමිණ නියතයෙන්ම නව ලෝකය තනයි. මිනිසුන්ට
නිර්මාණකරුවා හෝ නිර්මාණයේ මුල, මැද හා අග ගැන දැනුමක් සුළු වශයෙන්වත් නැත. ඔව්,
ඔවුන් භක්ති මාර්ගය නම් දනී. භක්ති මාර්ගයේ සිරිත් විරිත් හා ඥාන මාර්ගයේ සිරිත්
විරිත් අතර ඇත්තේ සම්පූර්ණ වෙනසකි. සත් යුගයේ සිටම භක්ති මාර්ගය කලියුගය දක්වා ඒමේ
හැකියාවක් නැත. ඥානය දහවල ලෙසත් භක්තිය රාත්‍රිය ලෙසත් හැඳින්වේ. මිනිසුන්
අන්ධකාරයේ අතපතගායි. පරම පියා මෙසේ කියයි ඔවුන් ගස් ගල් අතරේ ද මා සොයයි. සමහරුන්ට
හනුමාන් දර්ශනය වන අතර තව කෙනෙකුට ගනේශ් දර්ශනය වේ. ඒ කිසිවෙක් පරම සත්‍ය දෙවියන්
නොවේ. මට මගේ කියා සිරුරක් නැත. මායා, රාවණ් හැම කෙනෙක්ම මෝඩ කර ඇත. භාරතයේ
මිනිසුන් රාම රාජ්‍යය කුමක් දැයි නොදනියි. ඒ රඝු පරපුරේ රාමා නොවේ. මිනිසුන් ඔහු
ගැන පොත් වල බොහෝ වැරදි දේ ලියා ඇත. ඔවුන් මරණයට බයයි. ඔවුන් ජීවිතය වෙනුවෙන් බොහෝ
වරම් දිගටම ඉල්ලා සිටී. දැන්, බොහෝ අය මරණය අභියස සිටී. ඔවුන් ගැන ඔවුන් කියන්නේ
කුමක්ද? අපව පිරිසිඳු ලෝකය වෙත ගෙන යාමට පියා පැමිණ ඇත. මා සාම දේශයට ශරීර ගෙන
යන්නේ නැත. ජීවාත්ම සත්තා පමණි. මෙය ඉතා කිලිටු වියපත් ශරීරයකි. මේ පිදුරු ගොඩ
ගිණිතැබිය යුතු අතර ඒ නිසයි, ක්ෂණික විනාශකාරී බෝම්බ නිපදවා ඇත්තේ. ඔවුන් කියන්නේ
තව දුරටත් බෝම්බ නොසෑදිය යුතු බවයි. දැන් නිපදවා ඇති බෝම්බ සාගරයට දැමුවොත් තවත්
බෝම්බ නිපදවන්නේ නැති බව ඔවුන් කියයි. දැන් බෝම්බ තිබෙන අය වඩාත් බලවත් බව ගැන
තේරුමක් ඔවුන් නොදනී. ඉතින් එසේ කල ඔවුන්ගේ ආරක්ෂාවට ඒවා නිපදවන්නේ නැතිව සිටින්නේ
කෙසේද? බොහෝ කලබල හැම තැනම ඇති වන්නේ මේ හේතුව නිසාය. දැන්, මේවා සියල්ල පූර්ව
නිෂ්චිත බව ඔබ දනී. ඔබ දරුවන් අතර ද බොහෝ අයට විනාශය නිශ්චිත බව ගැන පැහැදිලි
විශ්වාසයක් නැත. එසේ පැහැදිලි නම් ඔබේ යෝගාව ඉතා හොඳ වනු ඇත. ඔබ ලෝකයේ ආධිපත්‍යය
ලැබිය යුත්තේ යෝගා බලයෙනි. ඔබේ හැම දෙයක්ම අදෘෂ්‍යමාන අතර උගන්වන කෙනාද
අදෘෂ්‍යමානය. ඔහුව ඔබේ ඇස් දෙකට නොපෙනේ. ඔබට දැන් ජීවාත්ම සත්තාව ගැන මෙසේ
අවබෝධයෙන් ඇත. ජීවාත්ම සත්තාව වන මා තුළ උපත් 84ක කොටස් වාර්තා වී ඇත. මා අවිනාශීය.
මෙය අතිශයින්ම ගැඹුරු කරුණකි. වරෙක පුවත්පතක තිබුණා ශරීර තුළ සිටිනා ජීවාත්ම සත්තාව
කුමක් දැයි කිව හොත් ඔහුට රුපියල් සිය දහස් ගණනක් ත්‍යාගයක් දෙන බව. ජීවාත්ම
සත්තාවක් යනු කුමක් ද? එය ආවේ කොයිබින්ද? එය යම් කොටසක් ඉටු කරන්නේ කෙසේද? කිසිවෙක්
මේවා නොදනී. සමහරු කියන්නේ එය බුබුලක් කියාය. සමහරු කියන්නේ ආලෝක ධාතුව ඉතා විශාල
වන අතර ජීවාත්ම සත්තාව ඒ තුළ ගිලී යන බවයි. ඔවුන් විවිධ ආකාරයේ දේවල් ගැන කතාකරයි.
ඔබ දන්නවා ජීවාත්ම සත්තාව තිතක් වැනි බව. ඔහුගේ කොටස ඒ තුළ වාර්තා වී ඇත. මේ නාටකය
සදාතනිකව පෙර නියම වී ඇති අතර එය කිසි විටෙක විනාශ නොවේ. ජීවාත්ම සත්තාවන් අවිනාශී
වන අතර ඔවුන්ගේ කොටස් නැවත නැවත රඟපෑ යුතුය. කිසිඳු වෙනසක් කිසි විටෙක නොසිදු වේ.
මේ සියල්ල කෙනෙකුගේ බුද්ධියට ඇතුල්වන්නේ ගිය කල්පයේ ද ඇතුල්වූවා නම් පමණි. බාබා
මෙසේ කියයි මා මේ සියලු මනුෂ්‍යයින්ට මෙය උගන්වන්නේ කෙසේද? ඔව්, ඔබ දරුවන් නම් මේවා
තේරුම් ගන පරම පියා මෙසේ කියයි ඔබ මාව පමණක් නිරතුරුව සිහි කළ විට ඔබේ සියලු පව්
සිඳී යයි. සැම කෙනෙකුටම මෙම පණිවුඩය ලැබේ. හැම කෙනෙකුටම පරම පියාගෙන් මෙම මන්ත්‍රය
දෙනු ලබයි. බාබා මෙසේ විස්තර කරයි ඔබ දරුවන් දිව්‍ය ගුණාංග ලබාගත යුතු අතර
අඩුපාඩුකම් අත්හළ යුතුය. ශරීර අවධානය අත්හළ යුතුය. එසේ වුවද ඔබ එය අත් නොහරී. එවැනි
අය කුමක් ලබන්නද? ඔවුන්ට එකිනෙකා අතරේ ස්නේහයෙන් සිටිය නොහැක. ඔබ බොහෝ සෙයින්
මිහිරි විය යුතුයි. පරම පියා ස්නේහයේ සාගරයයි. ඔබ දරුවන්ද එසේම බොහෝ ආදරණීය වේ.
කෙනෙක් ඔබ හා තරහ වූ විට, පසසන විට හෝ අපහාස කළ විට ඒ සියල්ල ඔබ දරාගත යුතුයි.
කෙනෙක් බංකොලොත් වූ විට ඔවුන් සිතනවා බාබා උදව් කරයි කියා. නමුත් ඒ ඔබේ කර්මානුරූප
ඵලයක් වන අතර ඔබ එය දරා ගත යුතුය. පරම පියා කුමක් කරන්නද? පරම පියා පැමිණ ඇත්තේ
සියලු දෙනා ආපසු ගෙදර ගෙන යාමටයි. මෙය දන්නේ ඔබ දරුවන් පමණි. අන් සැම දෙනා සිටින්නේ
අන්ත අන්ධකාරයේය. භක්තිමාර්ගයේ භක්තිවන්තයින්ට නියතයෙන්ම ගෞරවයක් ලැබේ. ශංඛරාචාර්ය
ආදී සැම දෙනා භක්තිවන්තයින්ය. ඔවුන් පිරිසිඳු භක්තිවන්තයින්ය. භක්ති සංස්කෘතිය
එසේය. එසේ පිරිසිඳුව ඉන්න අයට බොහෝ ආශ්‍රම ඇති අතර බොහෝ සැලකිලිද ඇත. ආගමික ග්‍රන්ථ
වලද සැලකිල්ලක් ඇත. මිනිසුන් ඒවා නගරය තුළ වඩම්මයි. භක්ති මාර්ගයට බොහෝ සෙයින් ගරු
සැලකිල්ලක් ඇත. ඥානය ගැන කිසිවෙක් නොදනී. ඔබට බොහෝ පැසසුම් ලැබෙන්නේ දෙවි දේවතාවන්
බවට පත් වූ විටයි. සිද්ධස්ථාන වලට නොයන දෙමව්පියන් ඇති කිසිවෙක් නැත. හැම ගෙදරකම
භක්ති මාර්ගයේ ලකුණු නියතයෙන්ම ඇත. දෙවියන්ටම ඔප්පු වෙච්චාවෙ යැයි කීමම භක්ති
මාර්ගයයි. ඔබ දැන් අසීමිත පරම පියාට අයත් වී ඇත. ඔහු පරම පියා වන අතර, මොහු දාදා
ලෙසත් ගැනෙන්නේ ත්‍රිමූර්ති පිළිබඳ කියා දීමේදී එය ඉතා ප්‍රයෝජනවත් නිසාය. සමහරු
‘ඔබ මේ දාදාගේ පිංතූරය තබා තිබෙන්නේ ඇයි?‘ දැයි අසති. මනුෂ්‍ය සංහතියේ පියා වන
ප්‍රජාපිතා බ්‍රහ්මා මෙහිදී අවශ්‍යයමය. ඔහු වෘක්ෂය පාමුල තපස්යා ඉරියව්වෙන් සිටී.
කොහොමනමුත්, ඔහු වෙනස් වීමද සිදුවේ. ඔහු එහි ප්‍රධාන ලෙස සිටී. ඔබ මෙහිදී ඉතා
මිහිරි විය යුතුයි. ඔබේ ක්‍රියා ඉතා රාජකීය විය යුතුයි. කතාව අඩුවෙන් කළ යුතුයි.
සියල්ලට පළමු පරම පියා හඳුන්වා දෙන්න. බොහෝ කතා කිරීම හානිදායකය. භක්ති මාර්ගයේ දී
ඔබ ඇති තරම් කතා කරමින් කෑගැසුවා. ඔබ ඒ තරම්ම දඟලයි. දැන් ඔබට ඉතා සරළ ලෙස මෙසේ
විස්තර කරමි බාබා සිහිකරමින් යෝගා බලය ලැබූ විට, ඔබට ලෝකය හිමිකර ගත හැකිය. ඔබ
ඉදිරියට යන විට, කවුරු කෙසේ වේ දැයි අනුපිළිවෙලින් කිව හැකිය. ඉතා සුළු වශයෙන් කතා
කරන්න. ඔබට යටත් වැසියන් ගැන තක්සේරු කිරීම කළ නොහැකියි. ඔවුන් සිය දහස් ගණනේ සිට
මිලියන ගණන දක්වා සිටී. හරි බ්‍රහ්මිණ්වරු වන අය සූර්ය හා චන්ද්‍ර වංශයේ කොටස් බවට
පත් වේ. ඉදිරියේ දී ඔබට නියම ස්මෘතිය ආරම්භ කළ හැකි වේ. මරණය තමන් ඉදිරියටම ආ කළ,
ඔවුන්ගේ අත්හැරීම සිදුවේ. මේ මහාභාරත යුද්ධයයි. හැම ජීවාත්ම සත්තාවක්ම තම තමන්ගේ
ගිණුම් පියවා ගත යුතුයි. මේ කාලයට ගිණුම් පියවීමේ වකවානුව යැයි කියැවේ. මේ සියලු
ශරීර විනාශ වේ. ස්වභාවික ව්‍යසන ද ඇති වේ. එය ද නාටකයේ නියමිතය. මෙය අලුත් දෙයක්
නොවේ. මිනිසුන් සාගතය නිසා මිය යයි. පරම පියා දන්නවා ඔහුගේ දරුවන් ඉතා දුකින්
සිටිනා බව. ඔහු හැම කෙනෙක් ම දුකින් මුදවා ගෙන ආපසු ගෙන යයි. පරම පියා මෙසේ කියයි
ඔවුනොවුන් කුලල් කා ගන්නා අතර ඔබ බටර් ටික ලබා ගනී. ඔබ මුළු ලොව හිමිකරුවන් බවට පත්
වේ. ඔවුන් ක්‍රිෂ්ණාගේ කටේ හඳ තිබෙනවා දර්ශනය මඟින් දුටුවේය. ඔබ ඒ දර්ශනය මඟින්
දකින්නේ ඔබේ කටට මුළු ලෝක ගෝලයම ලැබෙන බවයි. ඔබ කුමාරවරුන් සහ කුමරියන් බවට පත් වේ.
මුළු ලොවම ඔබේ අතට එයි. එය ඔබේ කටේ මෙන්ම අතේ ද මිට මෙලවෙයි. දැන් දිව්‍ය ලෝක ගෝලය
ඔබේ කට ළඟම ඇත. ඔබ දන්නවා ඔබට ලෝකය අයිති වන්නේ යෝගා බලයෙන් බව. යෝගා තුළින් නිරෝගී
බවත් ඥානයෙන් ධනයත් ලැබේ. ඔබ මුළු ලෝ තලයෙම පාලකයින් බවට පත් වේ. කොහොමනමුත්, සමහර
දරුවන් මේ අධ්‍යයනයේ වටිනාකම එතරම්ම බව නොදනී. ඔබ රැකියාවන් වෙනස් කළ ද නියතයෙන්ම
ඔබ සිටිනා හැම තැනකම අධ්‍යයනය සිදු කළ යුතුය. ඔබ පිරිසිඳුව සිට ආහාර සහ බොන දෑ ද
පාරිශුද්ධියෙන් කරන්න. හැම කෙනෙකුටම ඔබේ වගකීම ඉෂ්ඨ කරන්න. මේ ලෝකය වූ කලී දුක
දනවන්නකි. ප්‍රධානම දේ කාම රාගය වන කඩුව පාවිච්චි කිරීම වන්නේ මිනිසුන්ට එය
ලෙහෙසියෙන් අත්හැරිය නොහැකි නිසාය. ඔවුන්ට යමක් කියූ විට, ඔවුන් ද්‍රෝහීන් බවට පත්
වේ. එවිට, බොහෝ බාධක ඇති වන්නේ අසරණ ගැහැණුන්ටය. මේ ළඟදී ආර්ය සමාජයේ අය ඉදිරියට
ආවේය. ඒ අවසානයේ එන ශාඛාය. ඒ අවසානයේ ලකුණුය. ඔවුන් දෙවි දේවතාවන් ගැන විශ්වාස
නොකරයි. ධෛර්ය සම්පන්න වූ මහාවීර් සහ හනුමන් යන නම් කියැවේ. ජෛනවරුන්ද මහාවීර් යන
නම පාවිච්චි කරයි. එහි තේරුම දැන් ඔබ දනී. රාවණ් ජය ගන්නා ඔබ මහාවීර්ය. මේ සියල්ල
යෝග බලයෙන් සිදු වන දේය. ඔබ පරම පියාව සිහිකළ විට ඔබේ පාප එයින්ම දුරුවේ. එවිට ඔබට
සාමය හා සතුට උදා වේ. හැම කෙනෙකුටම මේ පණිවුඩය දෙන්න. ස්ථාපනය වීම විශ්මය ජනකය!
කිසිවෙක් එය නොදනී. ඔබ අතරින්ද එය දන්නේ අනුපිළිවෙලිනි. ඔබ තුළ ද කිසිඳු පාපයක්
නොතිබිය යුතුය. පරම පියා ද ඥානය දෙන්නේ ජීවාත්ම සත්තාවටය. පාපකාරී වන්නේ ද ජීවාත්ම
සත්තාවයි. සියල්ල කරන්නේ ජීවාත්ම සත්තාවන්ය. ඉතින්, ඔබ දැන් පරම පියාගේ ශ්‍රීමත්
සම්පූර්ණයෙන්ම අනුගමනය කළ යුතුයි. ඔබ සත්ගුරු ඉදිරියෙන් ම සිටිමින් ම ඔහුට අපහාස
කරනවා නම්, ඔබට ඉහළ තත්ත්වයක් ලබා ගත නොහැකියි. පාප කිරීමම අපහාසයකි. ඔබ ගුරුවරයාගේ
උපදෙස් නොපිළිපැදීම, ඉහළ තත්ත්වයක් නොලබනවා මෙන්ම ඔබ අසමර්ථ වේ. ඔබ දිගටම
ගුරුහරුකම් ගත හොත් ගෞරව සහිතව සමත් වේ. ඒවා සීමිත කරුණු වන අතර මේවා අසීමිතයි.
කිසිවෙක් පරම සත්‍යය වූ පරමාත්ම දෙවියන් දන්නේ නැත. මායා ද සතෝ, රජෝ සහ තමෝ ලෙස
වෙනස් වෙයි. දැන් මායා ද තමෝප්‍රධාන්ය. බලන්න ඔවුන් දිගටම කරන දේවල්! සමහරුන්ට
බුද්ධියක් නැහැ, ඔවුන් ගිණි තබන්නේ කුමකටද කියා. මෙයද නාටකයේ නියමිතයි. සිදුවන
සියල්ල සිදුවන්නේ නාට්‍යයට අනුවයි. යාදවයින්ගේ, කෞරවයින්ගේ සහ පාණ්ඩවයින්ගේ සැලසුම්
මොනවාද? පාණ්ඩවයින්ට ඉහළම සැළසුම් පෙන්වා දෙන්නේ පරම පියාය. නව ලෝකය ලක‍්ෂ්මි සහ
නාරායනගේ රජ දහන වෙයි. වියපත් ලෝකය දැන් විනාශ වෙයි. ඔබ ඉතා ආදරණීය දරුවන් ඉතාමත්ම
ආදරණීය පරම පියාගෙන් උරුමය ලබා ගත යුතුයි. පරම පියාට මිස වෙන කිසිවෙකුට මෙය කිව
නොහැකියි. මා සමඟ ම මම ඔබ නැවත ගෙන යමි. ඔවුන් කියන්නේ සැවොම දෙවියන්ගේ ස්වරූපයක්
කියාය. එසේ වූ විට ඔවුන් එය කියන්නේ කෙසේද? මේවා දන්නේ ඔබ දරුවන් පමණි; වෙන
කිසිවෙක් මේවා නොදනී. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. විනාශය
නියමිත බව හොඳින් දැන ශ්‍රීමත් මුළුමනින් පිළිපදින්න. යෝගා බලයෙන් ලෝක ආධිපත්‍යය
සඳහා උත්සාහ ගන්න. ඔබේ පහන දල්වාගෙන අන් හැම කෙනෙකුගේද පහන දල්වා සැබෑ දීපවාලීය
සමරන්න.
2. පැසසුම හා අපහාස
සැම දෙයක්ම දරාගෙන සෙනෙහේ සාගරය බවට පියා සේම පත් වන්න. ඔබේ ක්‍රියා ඉතා රාජකීය ලෙස
කරන්න. ඉතා අඩුවෙන් කතා කරන්න.
වරදානය:
ඔබ ඔබේ සියලු
ගුණාංග සහ බල නියම වේලාවට භාවිත කරමින් අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වේවා.
බ්‍රාහ්මණ ජීවිතයේ
විශේෂත්වය වන්නේ අත්දැකීමයි. එක් ගුණාංගයක් හෝ බලයක් පිළිබඳ අත්දැකීමක් හෝ අඩු
වුවහොත්, යම් අවස්ථාවක දී ඔබ අනිවාර්යෙන්ම බාධා වලට ගොදුරු වනු ඇත. දැන්, අත්දැකීම්
ලැබීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න. සෑම ගුණාංගයකම සහ බලයකම නිධන් භාවිත කරන්න. යම්
අවස්ථාවක දී ඔබට විශේෂිත ගුණාංගයක් අවශ්‍ය වූ විට, එම මොහොතේම එහි ප්‍රතිමුර්තිය
බවට පත් වන්න. ඔබේ ධන වස්තු ඥානය ලෙස ඔබේ බුද්ධිය තුළ පමණක් තබාගෙන නොසිට ඒවා භාවිත
කරන්න; එවිට ඔබට ජයග්‍රාහී වීමටත්, නිරන්තරයෙන්ම "වාහ් රේ මේ" (මාගේ අසිරිය) යන
ගීතය ගායනා කිරීමටත් හැකි වනු ඇත.
පාඨය:
සියුම්
සිතිවිලි අවසන් කර බලගතු සිතිවිලි නිර්මාණය කරන්නන් පමණක් 'ද්විත්ව සැහැල්ලු'
තත්ත්වයේ රැඳී සිටිති.
අව්‍යක්ත සංඥාව: අන්
අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.
තමන්ගේම ආශාවන්
පිළිබඳ හැඟීම් වලින් නිදහස් වූ සහ නොනවතින දානපතියන් වන්නේ අන් අයව ඉහළ නංවන්නන්ය.
බ්‍රහ්ම පියා සේවය සඳහා තම කාලය කැප කළේය. ඔහු ඉතා නිහතමානී වූ අතර දරුවන්ට ගෞරවය
ලබා දුන්නේය. "දරුවන්ට මුල් තැන!" යන්න, එය ළමයින්ට අදාළ නාමයක් වුවද, එය ඔහුගේ
කාර්යය වීය. ඔහු කළ කාර්යය වෙනුවෙන් කිසිදු කීර්තියක් හෝ නමක් ලබා ගැනීම පවා ඔහු
අත්හැරියේය. තම නාමය හරහා පවා ඔහු අන් අයව ඉහළ නංවන්නෙකු බවට පත් විය. එම ආකාරයටම
බ්‍රහ්ම බාබාව අනුගමනය කරන්න.