09.11.25 Avyakt Bapdada
Sinhala
Murli 30.11.2007 Om Shanti Madhuban
ඔබගේ ස්වරූපය තුළට
සත්‍යයේ සහ පාරිශුද්ධත්වයේ බල ගෙන එන අතරම,
දරුවෙක් සහ පාලකයෙක් වීමේ සමබරතාවය පවත්වා ගන්න.
අද දින, සත්‍ය පියා,
සත්‍ය ගුරුවරයා සහ සත්ගුරූ සෑම තැනකම සිටින ඔහුගේ සත්‍යයේ ප්‍රතිමූර්ති සහ බලයේ
ප්‍රතිමූර්ති වන දරුවන්ව දකිනවා. වඩාත්ම ශ්‍රේෂ්ඨ වන්නේ සත්‍යයේ බලය නිසා, සත්‍යයේ
බලයේ පදනම වන්නේ සම්පූර්ණ පාරිශුද්ධත්වයයි. ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා, නෑ
සම්බන්ධතා හෝ සිහින වල වත් අපවිත්‍ර බවේ නමක් හෝ සලකුණක් වත් නොතිබිය යුතුයි.
ප්‍රායෝගික ස්වරූපයේ එවන් පාරිශුද්ධත්වය දිස්වන්නේ කෙසේද? එවන් පිවිතුරු
ජීවාත්මයන්ගේ මුහුණේ සහ හැසිරීම තුළ දිව්‍යත්වය පැහැදිලිව පෙනෙයි. ඔවුන්ගේ දෑස් තුළ
ඔවුන්ට ආධ්‍යාත්මික දිස්නයක් තිබේ, ඔවුන්ගේ මුහුණේ සෑම විටම ප්‍රබෝදය තිබෙන අතර
එවන් පිවිතුරු ජීවාත්මයන්ගේ හැසිරීමේ, ඔවුන්ගේ සෑම පියවරකම, පියා මෙන් ඔවුන් කර්ම
යෝගීවරුන්ය. මෙකල, පියා මගින්, ඔබ සියලු දෙනාම සත්‍යයේ මාර්ගය (සත්‍යවාදී) අනුගමනය
කරමින් සිටියි. ලෝකයේ බොහෝ මිනිසුන් පවසන්නේ ඔවුන් සත්‍යයේ මාර්ගය අනුගමනය කරන බවත්
ඔවුන් සත්‍යය කතා කරන බවත්ය, නමුත් සත්‍යයේ සැබෑ බලය වන්නේ සම්පූර්ණ පාරිශුද්ධත්වය
වන අතර ඔබ සියලු දෙනාම මෙකල, මෙම සංගම යුගයේදි එය බවට පත්වෙමින් සිටිනවා. මෙම සංගම
යුගයේ ශ්‍රේෂ්ඨ ලැබීම් වන්නේ, සත්‍යයේ බලය සහ පාරිශුද්ධත්වයේ බලය වන අතර මේ සියල්ලේ
ප්‍රතිලාභය වන්නේ, ඔය සියලුම බ්‍රහ්මින්වරු ස්වර්ණමය යුගයේ දේවතාවන් වී, ජීවාත්මය
සහ සිරුර යන දෙකින්ම පිවිතුරු විමයි. මුළු ලෝක චක්‍රය පුරාම, ජීවාත්මය සහ ශරීරය යන
දෙකම අතින්, වෙනත් කිසිම ජීවාත්මයක් පිවිතුරු වන්නේ නැත. ඔවුන් ජීවාත්මය අතින්
පිවිතුරු වන නමුත් ඔවුන්ට පිවිතුරු සිරුරක් නොලැබෙයි. එබැවින් මෙකල, ඔබ සියලු දෙනාම
එවන් පූර්ණ පාරිශුද්ධත්වය ධාරණය කරගන්නවා. ඔබ ආධ්‍යාත්මික කුල්මත් බවින් පවසන්නේ -
එම ආධ්‍යාත්මික කුල්මත් බවින් ඔබ පවසන්නේ කුමක්ද කියා ඔබට මතකද? එය මතක් කරගන්න. ඔබ
සියලු දෙනා ඔබගේ හදවත් වලින් සහ ඔබගේ අත්දැකීමෙන් පවසන්නේ, පාරිශුද්ධත්වය ඔබගේ ජන්ම
උරුමය බවයි. ජන්ම උරුමයක් පහසුවෙන් ලබා ගනී, මන්ද, පාරිශුද්ධත්වය සහ සත්‍යය අත්කර
ගැනීම සදහා, ඔබ සියලු දෙනාම ප්‍රථමයෙන් ඔබගේ සත්‍ය ස්වරූපය වන ජීවාත්මය හදුනාගෙන
තිබේ. ඔබගේ සත්‍ය පියාව, ගුරුවරයා සහ සත්ගුරූව හදුනාගෙන තිබේ. ඔබ ඔහුව හදුනාගෙන
ඔහුව හිමි කරගෙන තිබේ. කෙනෙක් තම සත්‍ය ස්වරූපය සහ සත්‍ය පියාව හදුනාගන්න තුරු,
ඔහුට පූර්ණ පාරිශුද්ධත්වය හෝ සත්‍යයේ බලය ලබා ගත නොහැක.
ඔබ සියලු දෙනාටම
සත්‍යයේ බලය සහ පාරිශුද්ධත්වයේ බලයේ අත්දැකීම තිබෙනවා නේද? ඔබට අත්දැකීම් තිබෙනවාද?
ඔබට අත්දැකීම් තිබේද? ඒ මිනිසුන් එය අත්විදීමට තැත් කරන නමුත් ඔවුන්ගේ නිවැරදි
ස්වරූපය හෝ සත්‍ය පියාගේ ස්වරූපය ඔවුන්ට නිවැරදිව දැන ගත නොහැක. කෙසේවෙතත්, මෙකල
අත්දැකීම තුළින් ඔබ සියලු දෙනාම ඉතා පහසුවෙන් පාරිශුද්ධත්වය ධාරණය කර ඇති නිසා මෙකල
ලැබීම්වල ප්‍රතිලාභය වන්නේ දේවතාවන්ගේ පාරිශුද්ධත්වය ස්වාභාවික මෙන්ම ඔවුන්ගේ
ස්වභාවය වීමයි. එතරම් ස්වාභාවික ගති ස්වභාවයක අත්දැකීම් ලැබෙන්නේ ඔබට පමණයි.
එබැවින් පාරිශුද්ධත්වයේ සහ සත්‍යයේ බල, ඔබගේ ස්වාභාවික ගති ස්වභාවය බවට ඔබ පත්
කරගෙන තිබේද කියා පරීක්ෂා කර බලන්න. ඔබ සිතන්නේ කුමක්ද? පාරිශුද්ධත්වය ඔබගේ ජන්ම
උරුමය බව විශ්වාස කරන අය අත් ඔසවන්න! එය ඔබගේ උපත් අයිතියද නැත්නම් ඔබ ඒ සදහා
උත්සාහ දැරිය යුතුද? ඔබට ඒ වෙනුවෙන් උත්සාහ දැරීමට සිදුවන්නේ නැහැ නේද? එය පහසුයි
නේද? උපත් අයිතියක් පහසුවෙන් ලැබෙයි. ඒ සදහා ඔබට උත්සාහ දැරීමට සිදු නොවෙයි. ලෝකයේ
මිනිසුන් සිතන්නේ එය කළ නොහැකි දෙයක් බවයි, නමුත් ඔබ කිසිසේත් කළ නොහැකි දේ, කළ
හැකි සහ පහසු බවට පත් කර තිබේ.
ප්‍රථම වතාවට මෙහි
පැමිණ ඇති අළුත් දරුවන් අත් ඔසවන්න! අච්චා, මෙහි ප්‍රථම වතාවට පැමිණි, අළුත් දරුවන්
වන අයට සුබ පැතුම්, මන්ද, බාප්දාදා පවසන්නේ : ඔබ පමා වී පැමිණි නමුත් ඔබ ප්‍රමාද
වැඩි නැහැ. අවසානයේ පැමිණි අයට වේගයෙන් ගොස් ප්‍රථම කොටිඨාශයට පැමිණිය හැක, යන
ආශිර්වාදය අළුත් දරුවන්ට බාප්දාදාගෙන් ලැබී තිබේ; ප්‍රථම අංකය නොවෙයි, නමුත් ඔබට
ප්‍රථම කොට්ඨාශයට පැමිණිය හැක. ඉතිං ඔය අළුත් දරුවන්ට එතරම් එඩිතරකමක් තිබෙනවාද?
ප්‍රථමයට පැමිණෙන අය අත් ඔසවන්න. ප්‍රවේසම් වන්න, ඔබගේ අත් රූපවාහිනියේ පෙන්වනවා.
අච්චා. ඔබට එඩිතරකම තිබෙනවා. ඔබගේ එඩිතරකමට සුබ පැතුම්, මන්ද, ඔබට අනිවාර්යෙන් පරම
පියාගේ උදව් ලැබෙන්නේ එමෙන්ම මුළු බ්‍රහ්මින් පවුලේම සුබ පැතුම් සහ පිවිතුරු
හැගීම්ද ඔබ සියලු දෙනා සමග තිබෙන්නේ ඔබට එඩිතරකම තිබෙන විටයි. එබැවින් ප්‍රථම වතාවට
මෙහි පැමිණි ඔය සියලුම අළුත් අය, කෝටි ගුණයක සුබ පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්
දෙවන වරටත් බාප්දාදා සහ පවුලෙන් පිළිගන්න. මෙහි ප්‍රථම වතාවට පැමිණි සියලු දෙනාව
දැක ඔබ සියලු දෙනාද සතුටු වනවා නේද? වෙන් වූ ජීවාත්ම නැවත වරක් ඔවුන්ගේ පවුලේ
කොටසක් බවට පත් වී ඇත. බාප්දාදා සතුටු වන අතර ඔබ සියලු දෙනාද සතුටු වනවා.
සූක්ෂම දේශයේ,
බාප්දාදා, දාදී සමගම ප්‍රතිඵලයක් දුටුවා. ඔවුන් දුටු ප්‍රතිඵලය කුමක්ද? ඔබ පාලකයන්
මෙන්ම දරුවන් බව ඔබ සියලු දෙනාම දන්නවා, එමෙන්ම එය පිළිගන්නවා නේද? ඔබ පාලකයන්
එමෙන්ම දරුවන්ය. ඔබ සියලු දෙනාම මෙයද? අත් ඔසවන්න! නිකම්ම නොවෙයි හොදින් සලකා බලා
ඉන්පසුව අත් ඔසවන්න. බාබා එය සැලකිල්ලට ගනී, එහෙම නේද? අච්චා, අත් පහළට දමන්න.
දරුවෙක් වීමේ විශ්වාසය සහ කුල්මත් බව ඔබට පහසුවෙන් තිබෙන බව බාප්දාදා දුටුවා, මන්ද,
ඔබ සියලු දෙනාව හදුන්වන්නේ බ්‍රහ්ම කුමාර් සහ කුමාරීන් ලෙසයි. ඔබ බ්‍රහ්ම කුමාර් සහ
කුමාරීන් ලෙස හදුන්වන්නේ ඔබ දරුවන් නිසයි, එමෙන්ම ඔබට දවස පුරාම ඇති එකම අවධානය
වන්නේ “මගේ බාබා, මගේ බාබා”, නමුත් ඉන්පසුව ඔබට ඔහුව අමතකද වනවා. කෙසේවෙතත්, ඔබ
නැවත නැවතත් ඔහුව සිහි කරයි. සේවය කරන විටද “බාබා, බාබා” යන වදන් ස්වාභාවිකවම ඔබගේ
දෙතොල් වලින් මතුවෙයි. ඔබගේ දෙතොල් වලින් “බාබා” යන වචනය මතු නොවන්නේ නම්, එවිට මෙම
දැනුමින් කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ. ඔබ සිදු කරන ඕනෑම සේවයක, ඔබ ලබා දෙන දේශන
වල, විවිධ තේමා යටතේ ඔබ ලබා දෙන පාඨමාලා වල බලපෑම, එම සත්‍ය සේවයේ ප්‍රායෝගික
ස්වරූපය සහ ප්‍රායෝගික සහතිකය වන්නේ, ඔබට සවන් දෙන අයද බාබාට අයත් බව අත්විදීමයි.
ඔවුන්ගේ දෙතොලගින්ද “බාබා, බාබා” මතුවිය යුතුයි. ඔවුන් මෙසේ නොකිව යුතුයි, “යම්
බලයක් තිබෙනවා” හෝ “මෙය හොදයි”. නමුත් ඔවුන් “මගේ බාබා” අත්විදිය යුතුයි. සේවයේ
ප්‍රායෝගික ඵලය මෙය බව කියයි. දරුවෙක් වීමේ ඉතා හොද කුල්මත් බවක් සහ විශ්වාසයක් ඔබට
තිබෙනවා. කෙසේවෙතත්, පාලකයෙක් වීමේ කුල්මත් බව සහ විශ්වාසය අංකානුරූපයි. ඔබගේ
ප්‍රායෝගික හැසිරීමේ සහ මුහුණේ දිස්වන පාලකයෙක් වීමේ කුල්මත් බව, දරුවෙක් වීමට වඩා
අඩුයි; විටෙක එය දිස්වන අතර තව විටෙක එය දිස්වන්නේ අඩුවෙනි. ඇත්ත වශයෙන් ඔබ ද්විත්ව
පාලකයන්ය: 1) ඔබ පියාගේ සම්පත් වල පාලකයන්. ඔබ සියලු දෙනාම සම්පත් වල පාලකයන් නේද?
පරම පියා ඔබ සියලු දෙනාටම ලබා දී ඇත්තේ එකම සම්පත්ය. ඔහු සමහරුන්ට සිය දහසක්ද වෙනත්
අයට දහසක් ද දී නැත. ඔහු සියලු දෙනාටම සියලුම සම්පත් අසීමිත අන්දමකට ලබා දී ඇත,
මන්ද, පියාට අසීමිත සම්පත් තිබෙන නිසා. ඔහුට ඊට අඩුවෙන් නොමැත. එබැවින් බාප්දාදා
සියලුම දෙනාට සියලු සම්පත් ලබා දී ඇති අතර ඔහු සියලු දෙනාට එකම ප්‍රමාණයකට සම්පත්
ලබා දී ඇත. 2) ඔබ ස්ව-ආධිපත්‍යයේ පාලකයන්ය. ඔහුගේ සෑම දරුවෙක්ම රාජ දරුවෙක් (රාජ
බච්චා) කියා බාප්දාදා පවසන්නේ මේ නිසයි. ඉතිං, ඔබලා රජ දරුවන් නේද? ඔබ පුරවැසියන්
නොවෙයි නේද? ඉතිං ඔබ ස්ව-ආධිපත්‍යයේ පාලකයන්ය. කෙසේවෙතත්, දාදි සමගම බාප්දාදාද
ප්‍රතිඵලය දුටුවා: පාලකයෙක් වීමේ කුල්මත් බවේ ප්‍රමාණය, දරුවෙක් වීමේ කුල්මත් බවට
වඩා අඩුයි. මන්ද? පාලකයෙක් වීමේ බල අධිකාරිත්වයේ කුල්මත් බව ඔබට නිරන්තරයෙන්
තිබෙන්නේ නම්, එවිට ඔබට විටින් විට තිබෙන ගැටළු සහ බාධක වලට පැමිණීමට නොහැකි වෙයි.
ගැටළු සහ බාධක වලට ඇති විශේෂ හේතුව ඔබගේ මනස බව දැක තිබේ. කැලඹීම් තිබෙන්නේ ඔබගේ
මනසේය, මේ නිසයි බාප්දාදාගෙන් ලැබෙන මහා මන්ත්‍රය වන්නේ ‘මන්මනාභවය’ (ඔබගේ මනස මා
මත එක්තැන් කරන්න). එය ‘තන්මනාභව’ (ඔබගේ සිරුර එක්තැන් කරන්න) හෝ ‘ධන්මනාභව’ (ඔබගේ
ධනය ඒකාග්‍රතාවයට පත් කරන්න) නොවෙයි; එය ‘මන්මනාභවය’. ඔබට ස්ව-ආධිපත්‍යයේ බල
අධිකාරිත්වය ඇත්නම්, එවිට මනස ඔබගේ පාලකයා නොවෙයි; ඔබගේ මනස ඔබගේ පාලකයා නොව ඔබගේ
සේවකයාය. රජ කෙනෙක් යනු බල අධිකාරිත්වය ඇති කෙනාය. යැපෙන අය රජවරු ලෙස හැදින්වෙන්නේ
නැහැ. ඉතිං බාබා දුටු ප්‍රතිඵලය කුමක්ද? ‘පාලකයා වන මම, රාජධානියට අයිතියක් ඇති
කෙනා වන මා, මගේ මනසේ පාලකයාය’. ඔබට මෙම අවධානය සහ මෙම නිරන්තර ජීව අවධාන ස්ථිතිය
නොමැත. එය පළමුවන පාඩමයි. ඔබ සියලු දෙනාටම තිබුණු පළමුවන පාඩම කුමක්ද? මම
ජීවාත්මයක්මි. පරමාත්ම දෙවියන්ගේ පාඩම දෙවැනි පාඩමයි. කෙසේවෙතත්, ප්‍රථම පාඩම
වන්නේ: පාලකයා වන, මා වන රජතුමා, මෙම භෞතික ඉන්ද්‍රියන් මත බල අධිකාරිත්වයක් ඇති
ජීවාත්මයකි. මා බලවත් ජීවාත්මයක්. සියලු බල, ජීවාත්මය වන මගේ ආදිතම ගුණාංගයි. මෙම
අවධානය ස්වාභාවික ආකාරයකට පවත්වා ගැනීමට, එනම්, මා යනු කුමක්ද, මා ඇවිදින ආකාරයේ,
ගමන් කරන ආකාරයේදි, මා කෙබදුද, එමෙන්ම මගේ මුහුණින් එම අත්දැකීම ලබා දීමට, ගැටළු
වලින් ඉවතට පියවර තැබීමට: මේ සියල්ලටම වැඩි අවධානයක් යොමු කිරීමට අවශ්‍ය බව
බාප්දාදා දුටුවා. මා නිකම්ම ජීවාත්මයක් නොවෙයි, නමුත් මා කුමන අන්දමේ ජීවාත්මයක්ද?
මෙය ඔබගේ අවධානයේ තබා ගන්නේ නම්, එවිට මාස්ටර් සර්ව බලධාරියෙක් වන එවන් ජීවාත්මයක්
ඉදිරියට කිසිදු ගැටළුවකට හෝ බාධකයකට පැමිණීමට බලයක් නොමැත. දැන් වුවද ප්‍රතිඵලයේ,
එක් හෝ වෙනත් ගැටළුවක් හෝ බාධකයක් දිස්වන බව, බාබා දුටුවා. ඔබ එය දන්නවා, නමුත්,
විශ්වාසයේ ප්‍රායෝගික ස්වරූපය, ඔබගේ හැසිරීමේ සහ මුහුණේ ආධ්‍යාත්මික කුල්මත් බවේ
ස්වරූපයෙන් මීට වඩා හෙළිදරව් විය යුතුයි. මෙයට, පාලකයෙක් වීමේ කුල්මත් බව නැවත
නැවතත් පරීක්ෂා කරන්න. පරීක්ෂා කිරීම තත්පරයක කාරණාවකි. ක්‍රියා සිදුකරන විට, ඕනෑම
ක්‍රියාවක් සිදු කිරීම ආරම්භ කිරීමට පෙර, පරීක්ෂා කරන්න: මම, පාලකයෙකු වීමේ බල
අධිකාරිත්වයක් ඇති ජීවාත්මයක්ද, මගේ පාලන බලය සහ හසුරුවා ගැනීමේ බලයෙන් මගේ භෞතික
ඉන්ද්‍රියන් ලවා ක්‍රියා සිදු කරන ජීවාත්මයක්ද? එසේ නැත්නම් මා සාමාන්‍ය අන්දමකට
ක්‍රියා සිදු කිරීම ආරම්භ කළාද? ස්මරණයේ ප්‍රතිමූර්තියක් වන අතරම ඕනෑම ක්‍රියාවක්
ආරම්භ කිරීම සහ සාමාන්‍ය ස්ථිතියකින් ක්‍රියාවක් ආරම්භ කිරීම අතර විශාල වෙනසක්
තිබේ. සීමිත තනතුරක් ඇති අයෙක් ඔවුන්ගේ කාර්ය සිදු කරන විට, ඔවුන් ඒ කාර්යය ආරම්භ
කරන්නේ, එම කාර්යය කිරීම සදහා ඇති එම ආසනයේ අසුන් ගැනීමෙන් පසුවයි. ඒ අන්දමින්ම,
පාලකයෙක් වීමේ බල අධිකාරිත්වයක් තිබීමේ ඔබගේ ආසනයේ අසුන්ගෙන හිදිමින් ඉන්පසුව සෑම
ක්‍රියාවක්ම සිදු කරන්න. ඔබ පාලකයෙක් වීමේ බල අධිකාරිත්වය පරීක්ෂා කිරීම වැඩි
කරන්න. එහි සලකුණ, පාලකයෙකු වීමේ බල අධිකාරිත්වයක් තිබීමේ සලකුණ වන්නේ, ඔබ ආලෝකමත්
සහ සැහැල්ලු වී, සෑම කාර්යයකින්ම සතුටක් අත්විදින අතර එහි ප්‍රතිඵලය ලෙස ඔබ
පහසුවෙන් සාර්ථකත්වය අත්විදියි. ඇතැම් අවස්ථාවල, දැන් පවා, අධිකාරියෙක් වනවා වෙනුවට
ඔබ යැපෙන්නෙක් වෙයි. යැපීමේ දිස්වන සලකුණ කුමක්ද? ඔබ නැවත නැවතත් පවසන්නේ, ‘මගේ
සංස්කාර.’ ‘එය සිදුවීම මට අනවශ්‍යයි, නමුත් මේවා මගේ සංස්කාරයි; මෙය මගේ
ස්වභාවයයි.’
බාප්දාදා ඔබගෙන් පෙරද
විමසුවේ, ඔබ ‘මගේ සංස්කාර, මගේ ස්වභාවය’ කියා පවසන විට, එම දුර්වලත්වයේ සංස්කාර
ඔබගේද කියා? ඒවා ඔබගේද? ඒවා මැද වකවානුවේ, රාවනගේ සංස්කාරයි. ඒවා රාවනගේ තෑගි. එයට
‘මගේ’ කීම වැරදි. පරම පියාගේ සංස්කාර කුමක් වුනත් ඒවා ඔබගේ සංස්කාරයි. සිතන්න: ඔබ
‘මගේ, මගේ’ කියන වේලාවේ ඒවා බල අධිකාරිය වී, ඔබ යැපෙන්නෙක් වෙයි. ඔබට පරම පියාට
සමාන වීමට අවශ්‍ය නම්, එවිට ඔබට ‘මගේ සංස්කාර’ කියා කිව නොහැක. ‘පියාගේ සංස්කාර
කුමක් වුනත් ඒවා මගේ සංස්කාරයි.’ පරම පියාගේ සංස්කාර මොනවාද? ලොවට සෙත සළසන්නෙක්,
සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් ඇති ඒකායන කෙනා ඔහුය. ඉතිං ඒ වෙලාවේ පියාගේ සංස්කාර
ඔබ ඉදිරියට ගෙන එන්න. ඔබගේ අරමුණ වන්නේ පියාට සමාන වීම වන අතර ඉතිරිව ඇති සුදුසුකම්
රාවනගේ ඒවාය. එබැවින් එය මිශ්‍ර වෙයි, පියාගේ ඇතැම් හොද සංස්කාර සහ ඔබගේ අතීත
සංස්කාර සමහරක්. එබැවින් දෙක එකට මිශ්‍ර වී තිබෙන විට, නොකඩවා ගැටුමක් ඇති වෙයි.
සංස්කාර නිර්මාණය වන්නේ කෙසේද? ඔබ සියලු දෙනාම එය දන්නවා නේද? සංස්කාර නිර්මාණය
වන්නේ ඔබගේ මනසේ සහ බුද්ධියේ සිතිවිලි සහ ක්‍රියාකාරකම් වලින්ය. ප්‍රථමයෙන් මනස
සිතිවිලි නිර්මාණය කරන අතර ඉන්පසුව බුද්ධිය සහයෝගය ලබා දෙයි, එවිට හොද හෝ නරක
සංස්කාර නිර්මාණය වෙයි.
දරුවෙක් වීම හා සසදන
විට, පාලකයෙක් වීමේ ස්වභාවය තිබීමේ කුල්මත් බව සහ ස්වාභාවිකවම පාලකයෙක් වීම මද බවට
ප්‍රතිඵලය, දාදිජී සමගම බාප්දාදා දුටුවා. විසදුමක් සොයා ගැනීමට ඔබ සටන් කිරීම
අරඹන්නේ ඒ නිසා බව, බාප්දාදා දකිනවා. ඔබ බ්‍රහ්මින්වරු නමුත් විටින් විට, ඔබ
සටන්කාමීන් වෙයි. එබැවින් සටන්කාමීන් නොවන්න. ඔබ දේවතාවන් වීමට යන බ්‍රහ්මින්වරු
විය යුතුයි. සටන්කාමීන් වීමට යන බොහෝ දෙනෙක් මතුවට පැමිණීමට තිබේ; ඔවුන් පසුව
පැමිණෙයි, නමුත් බල අධිකාරිත්වයක් ඇති ජීවාත්ම ඔබයි. ඉතිං ඔබට ප්‍රතිඵලය ඇසුණාද?
එබැවින් ඔබ නැවත නැවතත් ඔබගේ අවධානයට ‘මම කවුද?’ ගෙන ආ යුතුයි. මෙසේ නොසිතන්න, ‘මා
කොහොමත් එයයි’, නමුත් එම අවධානයේ ප්‍රතිමූර්තියක් වන්න. එය හොදද? අච්චා. ඔබට
ප්‍රතිඵලය පැවසුවා. දැන් ගැටළු, බාධක, කැලඹිලි, නිෂ්ඵල සිතිවිලි, නිෂ්ඵල ක්‍රියා,
නිෂ්ඵල සම්බන්ධතා සහ නිෂ්ඵල අවධානයන් ගැන සදහන් කිරීම පවා අවසන් කර අන් අයටත් ඒවා
අවසන් කරවන්න. මෙය හොදද? ඔබ මෙය කරනවාද? ඔබ කරනවාද? අත් ඔසවන අය එසේ කරන්නේ
අධිෂ්ඨානයෙන්: මේ අන්දමට අත් එසවීමත් සාමාන්‍ය දෙයක් වෙලා. එබැවින් බාබා ඔබට අත්
ඔසවන්නට කියන්නේ නැහැ. ඔබගේ මනසේ අධිෂ්ඨානයේ අත ඔසවන්න. ඔබගේ භෞතික අත නොවෙයි, ඔබගේ
මනසින් එය ඔසවන්න. බාබා ඒවා බොහෝ දැක තිබෙනවා. අධිෂ්ඨානයෙන් ඔබගේ මනසේ සියලු අත්
එසවූ විට පමණයි, ලෝකයේ සෑම කොනකම සියලු දෙනාගේ සතුටේ අත එසවී, ඔවුන් මෙසේ කියන්නේ,
‘අපගේ පියා, සතුට පිරිනමන්නා, සාමය පිරිනමන්නා ඇවිත්!’
පියාව හෙළිදරව්
කිරීමේ වගකීම ඔබ භාරගෙන තිබේ, එහෙම නේද? ඔබ මෙම වගකීම භාරගෙන තිබෙනවාද? ස්ථිරව? ඔය
ගුරුවරු මෙම වගකීම භාරගත්තාද? අච්චා. ඔය පාණ්ඩවයන් මෙම වගකීම භාර ගත්තාද? ස්ථිරව?
අච්චා, ඔබ දිනයක් නියම කරගත්තාද? ඔබගේ දිනය ඔබ නියම කළේ නැද්ද? ඔබට කොතරම් කාලයක්
අවශ්‍යද? අවුරුද්දක්? අවුරුදු දෙකක්? ඔබට වසර කීයක් අවශ්‍යද? ඔය සෑම කෙනෙක්ම,
තමන්ගේම උත්සාහයෙන් සහ ඔබගේ ධාරිතාවයට අනුව, ඇවිදීමේ සහ පියාසර කිරීමේ තමන්ගේම
ස්වාභාවික අන්දමට අනුව, පරිසමාප්ත වීම සදහා තමන්ට දිනයක් නියම කළ යුතු බව, බාප්දාදා
ඔබට මින් පෙර පැවසුවා. බාප්දාදා පවසන්නේ මෙපමණයි: ඔබ එය දැන් කළ යුතුයි, නමුත් ඔබගේ
හැකියාවට අනුව සහ ඔබගේ උත්සාහයට අනුව පරිසමාප්ත වීමට ඔබගේ දිනය නියම කරගන්න.
ඉන්පසුව විටින් විට, ඔබගේ මනසේ ස්ථිතියේ, ඔබගේ කතා කිරීමේ ස්ථිතියේ සහ ඔබගේ නෑ
සබදතා ස්ථිතියේ ප්‍රගතියක් සිදුවන්නේද කියා පරීක්ෂා කර බලන්න, මන්ද, ඔබ දිනයක් නියම
කරගත් විට, ඔබගේ අවධානය ඉබේටම එය වෙතට ඇදී යයි.
බාප්දාදාට සෑම
තැනකින්ම සහ සියලු දෙනාගෙන් පණිවිඩ ලැබී තිබේ. බාබාට ඊ-මේල්ද ලැබී ඇත. භෞතික
විද්යුත් තැපෑල ඔහු වෙතට ළගා වීමටත් පෙර බාප්දාදාට ඔබගේ විද්යුත් තැපෑල ලැබෙනවා.
ඔබගේ හදවතේ සිතිවිලි වල විද්යුත් තැපෑල ඉතාම වේගවත්ය; එය මෙහි ළගා වෙන්නේ
ප්‍රථමයෙන්. ඔවුන්ගේ සෙනෙහස සහ ස්මරණය සහ ඔවුන්ගේ මනෝ ස්ථිතියේ සහ සේවා පුවත් එවා
ඇති අයට - බාප්දාදා ඒ සියල්ල පිළිගෙන තිබෙනවා. ඔබ සියලු දෙනාම බොහෝ උනන්දුවෙන් සහ
උද්යෝගයෙන් සෙනෙහස සහ සිහි කිරීම එවා ඇත. එබැවින් විදෙස් රටකින් හෝ මේ දේශයෙන්
වුවද, බාප්දාදා ඔබ සියලු දෙනාට ඒ වෙනුවට සෙනෙහස සහ සිහි කිරීම පෙරළා ලබා දෙන අතර
හදවතේ ආශිර්වාද සමගින්ම සෙනෙහසේ සහ බලයේ සකාශ්ද ලබා දෙනවා. අච්චා.
ඔබට සෑම දෙයක්ම
ඇසුණා. සෑම දේකටම සවන් දීම ඔබට පහසු බව දැනෙයි. ඒ අන්දමින්ම, මිහිරි නිහැඩියාවේ
ස්ථිතිය තුළට යන්න, කිසිම දෙයකට සවන් දීමෙන් ඔබ්බට. ඔබට ඇවැසි ඕනෑම විටෙක, ඔබට
ඇවැසි කාලයකට, පාලකයෙක් වන්න, විශේෂයෙන්, පළමුව ඔබගේ මනසේ පාලකයා වන්න. මනස ජයගන්නා
කෙනෙක් ලෝකය ජය ගන්නා බව කියන්නේ මේ නිසයි. දැන් ඔබ අසා, දැක ඇති නිසා, ඔය
ජීවාත්මයන්ට රජුන් වි ඔබගේ මනස, බුද්ධිය සහ සංස්කාර පාලනය කළ හැකිද? ඔබගේ මනස,
බුද්ධිය හා සංස්කාර වල පාලකයා වී, ඒවාට මිහිරි නිහැඩියාවේ සිටීමට අණ කරන්න. ඉතිං,
ඒවාට අණ දී, මෙම තුන මත බල අධිකාරිත්වයක් තිබීමෙන්, ඒවාට ඔබගේ අණ යටතේ සිටීමට හැකි
බව ඔබ අත්දකිනවාද?
දැන් බල අධිකාරිත්වයේ
ස්ථිතියේ ස්ථාවර වන්න. (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය.) අච්චා.
ඔබගේ ස්ව-අභිමානය
නිරතුරුව පවත්වාගන්නා සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට, සත්‍යයේ බලයේ
ප්‍රතිමූර්ති වන අයට, පාරිශුද්ධත්වය තුළින් සාර්ථකත්වයේ ප්‍රතිමූර්ති වන අයට,
නිරන්තරයෙන් නොසැලෙන සහ අචල ස්ථිතියක් තිබීමේ සහ ස්ව-පරිවර්ථකයින් සහ ලෝක
පරිවර්ථකයන් වීමේ අත්දැකීම් ඇති අයට, බල අධිකාරිත්වයක් තිබීමේ ඔවුන්ගේ ස්ථිතියෙන්,
පියාගෙන් තම අයිතීන් හිමි කර ගැනීමට සියලු ජීවාත්මයන්ට මග පාදන අයට, සෑම තැනකම
සිටින බාප්දාදාගේ සියලුම භාග්‍යවන්ත සහ ආදරණීය ජීවාත්මයන්, පරමාත්ම දෙවියන්ගේ
සෙනෙහස, සිහි කිරීම සහ හදවතේ ආශිර්වාද කාරුණිකව පිළිගන්න, එමෙන්ම බාප්දාදාගේ
මිහිරිතම දරුවන්ට නමස්තේ.
වරදානය:
තමන්ව
පරිවර්ථනය කිරීමෙන් සහ ලෝකයට ආධාරක මූර්තියක් වීමෙන් ඔබ උසස් තත්ත්වයකට අයිතියක්
හිමි කරගනිත්වා.
ඔබට උසස් තත්ත්වයක්
හිමි කර ගැනීම සදහා, බාප්දාදාගේ ඉගැන්වීම් වන්නේ: දරුවනේ, ඔය සෑම කෙනෙක්ම තමන්ව
පරිවර්ථනය කරගත යුතුයි. තමන්ව පරිවර්ථනය කර ගන්නවා වෙනුවට, ඔබ සිදුවීමක් හෝ වෙනත්
ජීවාත්ම පරිවර්ථනය කිරීමට සිතන්නේ හෝ සිතිවිලි ඇති කරන විට, හෝ ඔබට යම්
විමුක්තියක්, සහයෝගයක් හෝ ආධාරයක් ලැබිය යුතු බව සහ එවිට ඔබ තමන්ව පරිවර්ථනය කරගන්න
බව සිතන්නේ නම්, ඔබ යම් ආධාරයක පදනමට අනුව තමන්ව පරිවර්ථනය කරගන්න විට, ඔබගේ
ප්‍රතිලාභයද රදා පවතින්නේ යම් ආධාරයක් මතයි. මෙයට හේතු වන්නේ, ඔබ කී දෙනෙකුගෙන්
ආධාර ගන්නේද, ඔබගේ රැස් කිරීමේ ගිණුමද ඒ අනුව එපමණ සංඛ්‍යාවක් අතරේ බෙදී යාම නිසයි.
එබැවින්, ඔබ ලෝකයට ආධාරක මූර්තියක් බවට තමන්ව පරිවර්ථනය කළ යුතු බවට අරමුණ
නිරන්තරයෙන් තබා ගන්න.
පාඨය:
සෑම සමූහයකදී,
උනන්දුව, උද්යෝගය සහ ශ්‍රේෂ්ඨ සිතිවිලි තිබීමෙන්, සාර්ථකත්වය දැනටමත් සහතිකයි.
අව්‍යක්ත සංඥාව:
අශාරීරික ස්ථිතියේ පුහුණුව වැඩි කරන්න(අශාරීරි සහ විදේහි).
කෙනෙක් දුර්වල වූ
විට, ඔහුට ශක්තිය ලබා දීම සදහා ග්ලූකෝස් ලබා දෙයි. ඒ අන්දමින්ම, ඔබ තමන් අශාරීරික
ජීවාත්මයක්, ඔබගේ සිරුරෙන් වෙන්ව සිටින බව සලකන විට, නොබැදි නරඹන්නෙකුගේ මෙම
ස්ථිතිය ඔබව ශක්තියෙන් පිරවීමට ක්‍රියා කරයි. ඔබට නොබැදි නිරීක්ෂකයෙකුගේ ස්ථිතිය
තිබෙන තාක් කල් ඔබගේ සහකරු වන පරම පියාවත් ඔබ සිහි කරයි, එනම්, ඔබට ඔහුගේ ඇසුර
තිබෙයි.