09.11.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙය පමණයි ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවටත්, සාමාන්‍ය කාන්තාවකගෙන් ලක්ෂ්මි බවටත් පත්කරන්නා වූ අධ්‍යාපනය වන්නේ. එමනිසා, මෙම අධ්‍යාපනයට විශාල අවධානයක් යොමු කරන්න.

ප්‍රශ්නය:
දරුවන්ට වන්දනා ගමන් ගිහින් හෝ කැලයට ගිහින් හෝ ලබා ගත නොහැකි, පියාගෙන් පමණක් ලබා ගත හැකි උරුමය කුමක්ද ?

පිළිතුර:
දරුවන් වන ඔබ පියාගෙන් සාමය, සතුට හා සමෘද්ධිය යනාදී උරුමය ලබා ගන්නවා. වෙන කිසිම තැනකින් ඔබට මෙය ලැබිය නොහැකියි. මිනිස්සු සාමය සඳහා කැලයට යනවා. නමුත් ඔබ දන්නවා සාමය තමයි අප ජීවාත්ම සත්ථාවන්ගේ මුල්ම ධර්මය බව.

ගීතය:
ඔබ සොයා ගැනීමෙන් අප මුළු ලෝකයම සොයා ගත්තා, අහසත් පොළොවත් අයිති අපටයි...

ඕම් ශාන්ති.
ඔබ දැන් අයිතිවන්නේ නායකයා හා ස්වාමියාට වන නිසා පියා මෙහි අසුන්ගෙන දරුවන්ට විස්තර කර දෙනවා. අනෙක් සියලු මානව ජීවයන් අනාථයන්ය. නායකයා හා ස්වාමියා කියා කියන්නේ එකම පියාට පමණයි. නිවසෙහි ළමයින් රණ්ඩුවන විට, කාත් කවුරුත් නැති අනාථයන් දැයි කියා ඔවුන්ගෙන් අහනවා. ලෝකයේ ඉන්න සෑම මනුෂ්‍යයෙක්ම දැන් රණ්ඩු සරුවල් කර ගන්නවා, ඔවුන් එකිනෙකාව මරා දමනවා. පියා පමණයි මෙහි පැමිණ රාගය ඔබගේ ලොකුම හතුරා බව ඔබට කියා දෙන්නේ. මෙම පාපය නිසා සෑම කෙනෙක්ම මුල සිට අග දක්වාම දුක්විඳිනවා. දරුවන් වන ඔබ දැන් දන්නවා, ඒ අසීමිත පියාගෙන් ඔබ, ඔබගේ අසීමිත වූ උරුමය ලබනා බව. මිනිසුන්ට සාමය අවශ්‍ය යැයි කියා කිව්වා වුවත් සාමය කියන්නේ මොකක්ද, එය සොයාගත හැක්කේ කොතැනින්ද ද යන්නා වූ කිසිවක් ගැන ඔවුන් දන්නේ නැහැ. කැලයට යාමෙන් සාමය සොයා ගැනීමට පුළුවන්ද ? සාමය හා සතුට දෙන්නේ කවුද ? කවදාද? මිනිස්සු වන්දනා ගමන් යන්නේ කුමකටද? කිසිම කෙනෙක් මේවා ගැන දන්නේ නැහැ. භක්ති කිරිමෙන් දෙවියන් සොයා ගැනිමට හැකි බව ඔවුන් අසා තිබෙනවා, නමුත් ඔවුන් පරමාත්ම දෙවියන් කියන්නේ කවුද කියාවත් දන්නේ නැහැ. පරම පියා කියනවා මා පැමිණ දරුවන්ට සාමය හා සතුට දෙනවා. මේ කාලය වන විට කිසිම කෙනෙක් ළඟ සාමය, සතුට හෝ සමෘද්ධිය ඇත්තේ නැහැ. කිසිම කෙනෙක් එය දෙන්නේ කවුද කියා හෝ දන්නේ නැහැ. පියා පැමිණ විස්තර කරනවා ඔබ ගායනා කළා අහෝ දුක නිවාලන්නාණනි, සතුට ලබා දෙන්නාණනි. ගාන්ධිජීත් එසේ කන්නලව් කළා අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණ අප පාරිශුද්ධත්වයට පත් කරන්න! ඔවුන් ගායනා කරනවා ’සීතාට අයත් රාමා තමයි පාරිශුද්ධකරුවා‘, නමුත් ඔවුන් මෙහි අර්ථය දන්නේ නැහැ. තමන් භක්තිකරන්නේ කුමකටද, එසේ කිරිමෙන් ලබන්නේ මොනවාද ආදී කිසිම දෙයක් ගැන ඔවුන් දන්නේ නැහැ. නාටකයේ, භක්තියත් එලෙසින්ම තීරණය වූවකි. රාවණගේ රාජ්‍යය ඇරඹෙන්නේ තඹ යුගයෙනි. රාවණ කියන්නේ කුමක්ද, තව කොපමණ කාලයක් තමන් මෙසේ රාවණගේ පඹයෙක් සාදා එය පුළුස්සමින් ඉන්නවාද ආදී කිසිම දෙයක් ගැන මිනිස්සු දන්නේ නැහැ. රාවණ උපත ලැබුවේ මීට බොහෝ කලකට ප්‍රථම වුවත් මිනිස්සු තවමත් රාවණගේ පඹයෙකු සාදා එය පුළුස්සමින් ඉන්නවා. ජීවය කිසිම විටෙක පිළිස්සෙන්නේ නැහැ. මේ සෑම දෙයක් ගැනම දන්නේ දරුවන් වන ඔබ පමණයි. මීට අවුරුදු 5000කට ප්‍රථම භාරතය දිව්‍ය ලෝකයක්ව තිබෙන කල, එය ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යය වූවා. ලක්ෂ්මි හා නාරයනව හඳුන්වන්නේ දේවතාවිය හා දේවතාවා ලෙසයි. පසුව රිදි යුගයේදි එය රාමාගේ රාජ්‍යය වූවා. කිසිම කෙනෙක් තමා එම රාජ්‍යය ලබා ගත්තේ කෙසේද, පසුව රාජ්‍යයට සිදු වුයේ කුමක්ද ආදි කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම කෙනෙක් මෙම නිර්මාණයේ මුල, මැද හා අග ගැන දන්නේ නැහැ. ඔබ මෙම ඥාන මාර්ගයෙන් දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් වෙනවා. පාසල්වල ඉගෙන ගැනිමෙන් ශිෂ්‍යයන් නීතිඥයන් හෝ නඩුකාරයින් බවට පත් වෙනවා එමඟින් ඔවුන් ලක්ෂ්මි හා නාරායන බවට පත්වන්නේ නැහැ. කිසිම කෙනෙක් තමා, තම තත්ත්වය ලැබුවේ කුමන අධ්‍යාපනයකින් ද යන්න ගැන දන්නේ නැහැ. පරමාත්ම දෙවියන් කතා කරයි මා ඔබට රාජයෝගා උගන්වනවා. මෙසේ කියන වෙන කිසිම කෙනෙක් සිටිය නොහැකියි මා ඔබව මෙම තත්ත්වයට පත්කරවනවා. ලක්ෂ්මි හා නාරායන වංශය නිර්මාණ වූයේ කුමන ඉගෙනීමකින්ද යන්න ගැන දරුවන් දන්නවා. ලෝකය මේ දේවල් ගැන දන්නේ නැහැ. ස්වර්ණම යුගයේ කාල පරාසය අවුරුදු සිය දහස් ගණනක් කියාත් ඔවුන් කියනවා. එමනිසා, ලක්ෂ්මි හා නරායනට මොකද වුණේ කියා ඔවුන් දැනගත හැක්කේ කෙසේද? භාරතයේ ලක්ෂ්මි හා නාරායනගේ පින්තූර බොහොමයක් තිබෙනා බව ඔබ දකිනවා. ඔවුන් සඳහා බොහෝ කෝවිල් තනා තිබෙනවා. මිනිස්සු හිතනවා ඔවුන්ගෙන් ධනය ලද හැකියි කියා. සෑම දීප මාලාවකදිම ඔවුන් මහා ලක්ෂ්මිගෙන් ධනය ඉල්ලනවා. කොහොමනමුත්, ඇය ළඟ අනිවාර්යෙන්ම නාරයනුත් ඉන්නවා. දීපමාලාවේදි ඇයට මිනිස්සු වඳිනවා. එමනිසා, ඔවුන්ගේ තාවකාලික ආශාවක් වූ සතුටු වීම ඉෂ්ඨ වෙනවා. එමනිසා, ඔවුන් සිතනවා තමන් ලක්ෂ්මිගෙන් ධනය ලබනවා කියා. ඇත්තෙන්ම එහි ලක්ෂ්මි හා නාරායන දෙදෙනාම ඉන්නවා. ලක්ෂ්මි සහ මහා ලක්ෂ්මි කියන්නේ දෙදෙනෙක් නොවේ, නමුත් මිනිස්සු එය දන්නේ නැහැ. මෙය ඔබට විස්තර කර දෙන්නේ බාබා පමණයි. දැන් මිනිස්සු, දෙවියන් ගස් ගල් වලත් ඉන්නවා කියා කියනවා සෑම කෙනෙක්ටම තියෙන්නේ ගල් බුද්ධියක්. ඔවුන් තුළ දිව්‍යමය බුද්ධියක් තිබෙන්නේ ස්වර්ණම යුගයේදි පමණයි. එය ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යය වන කල, දියමන්ති ඔබ්බවන ලද රත්රන් මාළිගා තිබුණා. එය අවුරුදු 5000ක් පිළිබඳ වූ කරුණක්. ආගමික ග්‍රන්ථවල කල්පයකට අවුරුදු සිය දහස් ගණනක් තිබෙනවා කියා ඔවුන් සඳහන් කර තිබෙනවා. පියා කියනවා භක්ති මාර්ගයෙන් ඔබ මෙම ඉනිමඟෙහි පහළට පැමිණිය යුතුයි. නාටකයට අනුව මා එන්නේ ඔබ පරිහාණියට පත්ව තිබෙන විටයි. පසුව මම ලෝකය අලුත් ලෝකයක් බවට පත් කරවනවා. දරුවන් දැන් ඒ නව ලෝකයේ පාලකයන් බවට පත්වීමට ඉගෙන ගන්නවා. මෙම මහා භාරත යුද්ධයෙන් පැරණි ලෝකය විනාශ වන බව ඔබ දන්නවා. මෙම නාටකය එකම ආකාරයකට තීරණය වී තිබෙන දෙයකි. ස්වර්ණම යුගයේදි දේවතාවන්ගේ රාජ්‍යය තිබුණා. ඒ මීට අවුරුදු 5000කට ප්‍රථමයි. සූර්ය හා චන්ද්‍ර වංශ අවුරුදු 2500ක් තිබුණා. පසුව තඹ යුගයේ ඇරඹුමත් සමඟම රාවණගේ රාජ්‍යය ආරම්භ වූවා. මිනිස්සු දිගින් දිගටම අපිරිසිඳු වූවා, නමුත් තමාව අපිරිසිඳු කරවූවේ කවුද යන්න ගැන ඔවුන් දන්නේ නැහැ. අප පාරිශුද්ධත්වයෙන් සිටි අතර, ඉතින් කොහොමද අපි අපිරිසිඳු වූයේ ? පියා පැමිණ ඔබට විස්තර කර දෙනවා. රාවණගේ රාජ්‍යය ඇරඹෙනවාත් සමඟම ඔබ දිගින් දිගටම අපිරිසිඳු වෙනවා. රාවණ උපත ගෙන දැන් අවුරුදු 2500ක් වෙනවා. ශිව බාබා උපතගෙන දැන් අවුරුදු 5000ක් වෙනවා. එකක් හඳුන්වන්නේ රාමාගේ රාජ්‍යය ලෙසයි. අනෙක හඳුන්වන්නේ රාවණගේ රාජ්‍යය ලෙසයි. ඇත්තෙන්ම ඔබ රාමා කියා නොපැවසිය යුතුයි. දැන් මිනිස්සු තමන්ටත් ’රාමචන්ද්‍ර‘, ’ක්‍රිෂ්ණචන්ද්‍ර‘ යන නම් තබා ගන්නවා. මීට අවුරුදු 5000කට ප්‍රථම භාරතය ’රත්රන් ගේකුරුල්ලෙක්‘ විය. එය හැඳින්වූයේ ස්වර්ණම යුග ලෝකය ලෙසිනුයි. නමුත් මිනිස්සු දන්නේ නැහැ එය තිබුණේ කොහේද කියා. ජීවය කියන්නේ කුමක්ද, උත්තරීතර ජීවය කියන්නේ කුමක්ද, නැතිනම් මේ ලෝකය කියන්නේ කුමක්ද යනාදි කිසිම දෙයක් ගැන ඔවුන් දන්නේ නැහැ. මේ නිසා තමයි ඔවුන්ව පරිහාණියට පත් බුද්ධියකින් යුතු අය ලෙස හඳුන්වන්නේ. රිෂීන් හා මුණින්, නිර්මාණකරු හෝ මෙම නිර්මාණයෙහි මුල, මැද හෝ අග කුමක්ද යන්න ගැන දන්නේ නැහැ. මේ නිසා තමයි ඔවුන් කියන්නේ නේති නේති (මෙය නැත්නම් එය), ඔවුන් පියාව දන්නේත් නැහැ, පියාගෙන් ලබන්නා වූ ලෝක රාජ්‍යය නම් වූ උරුමය ගැන දන්නේත් නැහැ. ඔබ දැන් මුළු ලෝකයේම මුල, මැද හා අග ගැන දන්නවා. ඉතින් ඔබ දෙයාකාරයක දේවවාදීන් වෙනවා. මිනිස්සු කොතැනින්, කෙසේ සාමය ළඟා කර ගත හැකිද යන්න ගැන දන්නේ නැහැ. ඔවුන් සන්යාසින් ලඟට ගොස් සාමය ඉල්ලනවා. දැන්, අපි මෙම ලෝකයේ සාමය ලබන්නේ කෙසේද ? අනිවාර්යෙන්ම අප ක්‍රියාවන්හි යෙදිය යුතුයි. සාමය සොයා ගත හැක්කේ සාම දේශයේදි පමණයි. පවුලක එක් අයෙක් තුළ සාමය නැතිනම් ඔහු මුළු පවුලේම සාමය නැති කර දමනවා. ඔබට ඒ මිහිරි වූ නිවහන තුළ සාමය ලබා ගත හැකියි. පසුව, පියා මෙහි නව ලෝකය වෙත අපගේ චරිත කොටස රඟපෑම උදෙසා එහි සිට අපව එවනවා. පියාව ඔබව අපායේ ගැඹුරු ආගාධයක් වෙත යවන්නේ නැහැ. එහෙම නේද ? සාම දේශයේ සිට ඔබ සතුටේ දේශය වෙත යනවා. දරුවන් දන්නවා මෙය පරමාත්ම දෙවියන්ගේ අධ්‍යාපනය ලබන ස්ථානයක් බව. මෙය සත්සන් එකක් නොවේ. මෙහිදි පරමාත්ම දෙවියන් තම දරුවන්ට කතා කරනවා. අශාරිරික වූ පියා ශරිරයට ඇතුළු වී දරුවන් වන ඔබට කතා කරනවා. ජීවය තිබෙන්නේ ශරීරය තුළයි. ජීවය භෞතික ඉන්ද්‍රියන් ලැබූ විට එමඟින් කතා කරනවා, අහනවා. පියා දැන් මෙහි අසුන්ගෙන ජීව වන ඔබව දැනුවත් කරනවා. මිනිස්සු උත්තරිතර ජීවයට කන්නලව් කරනවා අහෝ පාරිශුද්ධකරුවාණනි, විමුක්තිදායකයාණනි, මාර්ගෝපදේශකයාණනි. නමුත් ඔවුන්, ඔහු අපව නිදහස් කරන්නේ කෙසේද හෝ ඔහු අපව ගෙන යන්නේ කොහේද ආදි වූ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඔවුන් නිකම්ම හඬමින් ඉන්නවා. දැන් පරමාත්ම දෙවියන්, පියා පැමිණ දරුවන්ට මඟ පෙන්වා දෙනවා. ඔහු තමා විසින්ම ඔබව සාමයේ දේශය වෙත ගෙන යනවා. පසුව ඔබ, ඔබ විසින්ම සතුටේ දේශය වෙත යනු ඇත. පියා මෙහි පැමිණ සෑම කෙනෙකුගේම මාර්ගෝපදේශකයා වන්නේ එකම අවස්ථාවකදි පමණයි. නව ලෝකයේ පියා ඔබට මාර්ගය පෙන්වා දෙන්නේ නැහැ. මේ කාලයේදි සෑම පූජකවරයෙක්ම හා ශාන්තුවරයෙක්මත් අපිරිසිඳු නිසා තමන් නැවතත් ගෙදර යන්නේ කෙසේද යන්න ගැන ඔවුන්ම දන්නේ නැහැ. ඔවුන්ට පියාඹා යන්න බැහැ. එහි යාම සඳහා ඔවුන් බොහෝ සෙයින් භක්තියෙහි යෙදෙනවා. කොහොමනමුත්, තමාට එහි යාමට නොහැකි වන්නේ තමා තුළ තිබෙන අපිරිසිඳුභාවය නිසා බව ඔවුන් දන්නේ නැහැ. අපට යාමට හැක්කේ පාරිශුද්ධකරුවා වූ පියා පැමිණ අප පාරිශුද්ධත්වයට පත් කිරිමෙන් පසුව පමණයි. පියා දැන් ඔබට පාරිශුද්ධත්වයට පත්වන අයුරු පෙන්වා දෙනවා. සෑම කෙනෙක්ම අපිරිසිඳු විය යුතුයි. පාරිශුද්ධත්වයටත් පත්විය යුතුයි. සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම සතෝ, රජෝ හා තමෝ යන තත්ත්වයන් පසු කර යා යුතුයි. දැන් ජනගහනය ඉතා අධිකයි. ස්වර්ණම යුගයේ දේවතාවන්ගේ රාජ්‍යය තිබෙන කල එම නව ලෝක වෘක්ෂයේ 900000ක් ඉන්නවා. මුලින්ම එහි තිබෙන්නේ කොළ ඉතාමත් ටිකයි. පසුව එම වෘක්ෂය දිගින් දිගටම වර්ධනය වෙනවා. මුලදි සිටියේ ඒ එකම එක ආගමේ අය පමණයි. ඔබ තව දුරටත් අපායේ වැසියෙක් ලෙස සළකන්නේ නැහැ. අනෙක් සෑම කෙනෙක්ම අපායේ වැසියෙක් නමුත්, තමා එවැන්නෙක් සේ සළකන්නේ නැහැ. මේ කාලය වන විට සෑම කෙනෙකුගේම මුහුණ මනුෂ්‍යයෙකුගේ මෙන් වුවත් ඔවුන්ගේ චරිතය හරියට වඳුරෙකුගේ චරිතයක් වැනියි. උසස් රජවරුන් පවා ලක්ෂ්මි හා නාරායනගේ ප්‍රතිමා ඉදිරියේ දණගසා වඳිනවා. කොහොමනමුත්, ඔවුන් පාරිශුද්ධකරුවන් නොවේ. ඒ කියන්නේ ඔවුන් අනුකම්පා කරන්නේ නැහැ. අනුකම්පාවක් දැනෙන්නේ දුකින් පෙළෙන කෙනෙක් වෙනුවෙන් පමණයි. ඒ එකම පියා පමණයි අනුකම්පාසහගත තැනැත්තා වන්නේ. ගලක් වැනි වූ බුද්ධියක් ඇති අයව දිව්‍යමය බුද්ධියකින් යුතු වූ අය බවට පත් කරවන්නේ පියාගේ පැමිණීමෙන් පමණයි. ඔබ දැන් දේවතාවන් බවට පත්වෙනවා. මෙය තමයි සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට පත්වීමට ඉගෙන ගන්නා වූ ස්ථානය වන්නේ. මෙය රාජයෝගාවයි. රිෂින් සහ මුණිවරයින් තමන්ගේ ගීතාවේ රාජයෝගා ඉගැන්වූවේ කවුද යන්න ගැන දන්නේ නැහැ. ඔවුන් ගීතාව සම්පූර්ණයෙන්ම බොරුවෙන් පිරි එකක් බවට පත්කර තිබෙනවා. ඔවුන් සිතනවා ගීතාව ඉගැන්වූයේ ක්‍රිෂ්ණා කියා. ඔවුන් කියනවා ක්‍රිෂ්ණා දෙවියන් කතා කරනවා මන්මනභව් ! කොහොමනමුත්, ක්‍රිෂ්ණා කියන්නේ දෙවියන් නොවේ. ඔහු තමයි සංගම් යුගයේ රාජයෝගා ඉගෙන, රාජ්‍යයක් හිමිකර ගන්නා වූ ස්වර්ණම යුගයේ කුමරා. පසුව මිනිස්සු ඔහුව දෙවියන් බවට පත්කර තිබෙනවා. බොහෝ මිනිස්සු ගීතාවට සවන් දෙනවා, නමුත් ඒ කිසිම කෙනෙක් ගීතාවේ දෙවියන් ක්‍රිෂ්ණා නොව ශිව බාබා බව දන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඒ සෑම කෙනෙක්ම එක් කෙනෙක් කියායි. එවැනි අය සමඟ ඔබට හැඩගැසෙන්න වෙනවා ! උපත් 63ක් පුරා ඔවුන් විශ්වාස කර තිබෙන්නේ ක්‍රිෂ්ණා දෙවියන් කියායි. තඹ යුගයේ සිට ආමික ග්‍රන්ථ නිර්මාණය වූවා. අනිවාර්යෙන්ම ගීතාව තමයි ප්‍රථමයෙන්ම ලියා තිබෙන්නේ. ඒ සෑම ආගමික ග්‍රන්ථයක්ම අයිති වන්නේ භක්ති මාර්ගයටයි. ඥාන මාර්ගයේ එකම ආගමික ග්‍රන්ථයක් වත් නැහැ. ගීතාව තමයි පළමුවන එක. වේදාවන් සහ උපනිෂද් ආදි සියල්ල නිර්මාණය වූයේ ඉන් පසුවයි. ඒවාත් ගීතාවේ දරුවන්. ඒවා ඉගෙන ගනිමින්ම ඔබ දිගින් දිගටම පහළට බැස තිබෙනවා. ඔබේ උපත් 84 දැන් අවසානයක් වෙත පැමිණ තිබෙන අතර දැන් ඔබ ඔබගේ පළවනම උපතට යා යුතුයි. ස්වර්ණම යුගයේ ලක්ෂ්මි හා නාරායන බවට පත්වීමට ඔබ දැන් නැවත මෙහි ඉගෙන ගන්නවා. සෑම කෙනෙක්ම ලක්ෂ්මි හා නාරායන බවට පත්වෙන්නේ නැහැ. රාජ්‍යයක් ස්ථාපනය වූවා, නමුත් එය ස්ථාපනය කළේ කවුද ? කිසිම කෙනෙකුගේ බුද්ධියට මෙය යන්නේ නැහැ. කලි යුගයේ කොතරම් මිනිසුන් ප්‍රමාණයක් සිටිනවාද කියතොත් කෑමට ආහාර හෝ ප්‍රමාණවත් නැහැ. නමුත් ස්වර්ණම යුගයේ තිබෙන්නේ ලක්ෂ්මි හා නාරයනගේ රාජ්‍යය පමණයි. මෙහි ආගම් කීයක් තිබෙනවාද බලන්න! මහා භාරත යුද්ධය දැන් ඔබගේ ඉදිරියේමයි. ඒ වෙලත් මිනිසුන්ගේ ඇස් ඇරෙන්නේ නැහැ. මීට ඉහත කල්පයේදිත් මෙම මහා භාරත යුද්ධය සිදුවූවා. ඉන් පසු කුමක් සිදුවූයේද යන්න ගැන කිසිවෙක් දන්නේ නැහැ. මේ සෑම දෙයක් ගැනම දන්නේ බ්‍රහමින් දරුවන් වන ඔබ පමණයි. පියා බ්‍රහ්මා මාර්ගයෙන් ඔබ අයිතිකරගෙන තිබෙනවා. පරමාත්ම දෙවියන් ඔබට උගන්වා, ඔබව ලක්ෂ්මි හා නාරායන බවට පත්කරවනවා. ඉතින්, ඔබ ඉතා හොඳින් ඉගෙන ගත යුතුමයි. ඉතා සරළ ලෙස පියාවත් නව ලෝකයත් සිහිපත් කරන්න. එවිට ඔබ එම නව ලෝකය වෙත යනු ඇත. පසුව ඔබ හොඳින් ඉගෙන අන් අයටත් ඉගැන්වුවහොත් ඔබ කරනා ආධ්‍යාත්මික සේවය අනුව රජවරුන් හා රැජිණියන් බවට පත්විය හැකියි. ඔබ ආධ්‍යාත්මික සමාජ සේවකයන් වන අතර ලොව අන් සියලුම දෙනා භෞතික සමාජ සේවකයන්ය. පියා සෑම දිනකම ජීව වන ඔබට ඥානය දෙනවා. ඔහු සේවය කරන්නේ ජීව වන ඔබටයි. මෙය හඳුන්වන්නේ ඒ ආධ්‍යාත්මික පියා පමණක් ඔබට උගන්වන්නා වූ ජීවාත්ම සඳහා වූ සේවය ලෙසයි. මෙය මනුෂ්‍යයන් දේවතාවන් කරවන ඉගෙනුම් ස්ථානයකි. අප අනිවාර්යෙන්ම ඒ තත්ත්වයට පත්වෙනවා. ඔබ ඉගෙනගෙන සූදානම්ව සිටින විට විනාශය ඇරඹෙනවා. ඔබත් නැවත ගෙදර යනවා. කියමනක් තියෙනවා රාමා ගිය විට, රාවනුත් ගියා කියා. ඉතාමත් ස්වල්ප දෙනෙක් ඉතිරි වන අතර, හුවමාරුව සිදු වෙනවා. පසුව ඔබ දිව්‍ය ලෝකය මතට එනවා. ඔබ වෙනුවෙන් නව ලෝකය නිර්මාණය වෙමින් තිබෙනවා. ඉතින්, ඔබ ඒ දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත්වීමට ඉගෙන ගන්නවා. මෙය අපායයි. ඔබ දැන් ඉන්නේ සංගම් යුගයේයි. දැන් ඔබ බ්‍රහමින්වරුන් බවට පත්වූයේ නැතිනම් ඔබට ඔබගේ උරුමය ලබාගත නොහැකියි. වෙනත් මනුෂ්‍යයන් සිහි නොකරන්න. ඒ එකම එක පියාව පමණක් සිහි කරන බ්‍රහමින් දරුවන් පමණයි, උරුමය ලබන්නේ. කොහොමනමුත්, දැනුමෙන් ස්වල්පයක් හෝ අසා තිබෙනවා නම් ඔබ සේවකයන්ගේ කෙනෙක් බවට පත්වෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ආධ්‍යාත්මික සමාජ සේවකයෙක් බවට පත්වන්න. ඉගෙනගෙන අනෙක් අයටත් උගන්වන්න. පියාව සිහි කරනවාත් සමඟම ඉදිරියට ඒමට තිබෙන නව ලෝකය සිහි කරන්න.

2. පියා සේම අනුකම්පා සහගත වි අනෙක් සෑම කෙනෙකුගේමත් බුද්ධිය දිව්‍යමය කිරිමෙහි සේවයෙහි යෙදෙන්න.

වරදානය:
"අශාරීරීක තැනැත්තා ශරීරධාරී වේ" යන මන්ත්‍රය පිළිබඳ සිහිය තබාගෙන, ආධ්‍යාත්මික සේවාධාරියෙකු ලෙස ඔබගේ සේවා කාර්යභාරය ඉටු කරත්වා.

අශාරීරීක පියා ශරීරයක් දරා සේවයෙහි යෙදෙන්නාක් මෙන්ම, ඔය දරුවන් ද මෙම මන්ත්‍රය නමැති මෙවලම පිළිබඳ සිහිය තබාගෙන සේවයෙහි යෙදිය යුතුය. ඔබගේ භෞතික ශරීර මෙම භෞතික ලෝකය නම් වේදිකාව මත පවතී. මෙම වේදිකාව ආධාරකයක් වන අතර, එහි රඟපාන නළුවන් ද ආධාරක ස්වරූපයෙන් යුත්, එනම් “මාස්ටර්වරුන්”වේ. මෙම අවබෝධය ඇතිව, නොබැඳිව සිටිමින් ඔබගේ කාර්යභාරය ඉටු කරන්න; එවිට ඔබ, ගැඹුරු සාරයෙන් පිරි ආධ්‍යාත්මික සේවකයෙකු වනු ඇත.

පාඨය:
සෑම ක්‍රීඩාවක්ම නොබැඳි නිරීක්ෂකයකු ලෙස දකින තැනැත්තා සැබෑ සාක්ෂිකරුවෙකි.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

සෙනෙහස සහ බලය එකට හමුවන විට, ඔබගේ ස්ථිතිය ඉතා මනරම් සහ අද්විතීය වේ. ඔබ සෙනෙහස දක්වන තැනැත්තා හා සමාන වීම, ඔබගේ ස්නේහයේ සාක්ෂියයි. කෙසේවෙතත්, හුදෙක් සෙනහස තිබීමෙන් පමණක් ඔබ සම්පූර්ණ නොවනු ඇත; නමුත් සෙනහස සමඟ බලය ද ඔබ සතුව තිබේ නම්, ඔබ සම්පූර්ණ වනු ඇති අතර අන් අයව ද සම්පූර්ණ කරනු ඇත.