10.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, දිනපතාම ඔබගේ දියුණුව පිළිබඳව වාර්තාවක් තබා, දවස පුරා ඔබගේ හැසිරීම කෙසේ
වූයේද කියා බලන්න. ඔබ යාගයට අවංක වූවාද කියා පරීක‍්ෂා කර බලන්න.
ප්‍රශ්නය:
පියා තුළ බොහෝ
සේ ගෞරවයක් තිබෙන්නේ කුමන දරුවන්ටද? එම ගෞරවයේ සලකුණ කුමක්ද?
පිළිතුර:
පියාට අවංක, යාගයට අවංක මෙන්ම, කිසි දෙයක් නොසඟවන දරුවන් කෙරෙහි පියා තුළ බොහෝ
ගෞරවයක් තිබේ. ඔවුන් කෙරෙහි ගෞරවයක් ඇති නිසා, ඔහු ඔවුන්ට බොහෝ සෙනෙහස ලබා දී,
ඔවුන්ව ඉහළ නංවයි. ඔහු, ඔවුන්ව සේවය සඳහා ද යවයි. සත්‍යය පැවසීමට සහ ශ්‍රීමත්
ලබාගැනීමට ඔබ දරුවන් තුළ නුවණ තිබිය යුතුයි.
ගීතය:
සමූහය තුළ පහන
දැල්වී ඇති අතර සලබයා පහනට බිලි වෙයි.
ඕම් ශාන්ති.
ඔබ සලබයන්
නොවන නිසා මෙම ගීතය වැරදියි. ඇත්ත වශයෙන්ම ජීවාත්මයන්ට සලබයන් යැයි කිව නොහැක.
බැතිමතුන් බොහෝ විවිධ නම් ලබා දී තිබේ. ඔවුන් නොදන්නා නිසා ඔවුන් මෙසේ කියති: ‘නැති
නැති’ (මෙයත් නොවෙයි, එයත් නොවෙයි); ඔවුන් පියා නොහඳුනන අයයි. කෙසේවෙතත්, ඔවුන්ගේ
සිත් වලට ඇතුළු වන ඕනෑම නමක් ඔවුන් කියයි. ඔවුන් බ්‍රහම්, සලබයා ආදි නම් කියයි.
උත්තරීතර පියා, ගල්, වැලි ආදියේ සිටින බවත් ඔවුන් කියයි. භක්ති මාර්ගයේ කිසි කෙනෙක්
පියාව නිවැරදිව නොහඳුනන නිසා, පියාම පැමිණ, ඔහුගේම හැඳින්වීම ලබා දිය යුතුයි.
පියාගේ හැඳින්වීම ආගමික ග්‍රන්ථ ආදියේ නොමැත. එබැවින් ඔවුන්ට අදේවවාදීන් යැයි
කියයි. පියා දැන් ඔය දරුවනට ඔහුගේ හැඳින්වීම ලබා දී තිබේ. කෙසෙවෙතත්, තමන්
ජීවාත්මයක් බව සලකා, පියාව සිහිපත් කිරීම, බුද්ධියට විශාල කාර්යයකි. වර්තමානයේ සෑම
කෙනෙකුටම ගල් බුද්ධියක් තිබේ. බුද්ධිය තිබෙන්නේ ජීවය තුළයි. ජීවයකගේ
ඉන්ද්‍රියන්ගෙන් (පංචේන්ද්‍ර) ජීවයේ බුද්ධිය, දිව්‍යමයද නැතහොත් ගලක් මෙන්ද කියා
වටහා ගත හැක. සෑම දෙයක්ම රඳා පවතින්නේ ජීවාත්මය මතයි. ජීවය, උත්තරීතර ජීවය බවත්,
ජීවාත්මය, ක්‍රියා වල බලපෑමට හසු නොවන බැවින්, ඔවුන්ට ඕනෑම දෙයක් කළ හැකි බවත්
මිනිසුන් කියති. ඔවුන් මනුෂ්‍යයන් වුවද, ඔවුන් පියාව නොදනී. පියා පවසන්නේ : මායා,
රාවණ, ඔවුන්ගේ බුද්ධි ගල් බවට පරිවර්ථනය කර තිබේ. දවසින් දවස ඔවුන් වැඩි වැඩියෙන්
තමෝප්‍රධාන් වෙයි. මායාගේ බලය බොහෝ සේ තිබෙන බැවින්, ඔවුන් තමන්ව පරිවර්ථනය කර
නොගනී. ඔබ දවස පුරාවටම සිදු කළ දේවල් ගැන, ඔය දරුවනට ඔබගේ වාර්තාව රාත්‍රියේ ලියන
ලෙස කියා තිබේ. මම දේවතාවන් මෙන් ආහාර අනුභව කළාද? මගේ හැසිරීම නීති ගරුක වුණාද,
නැතහොත් එය මෝඩ අයෙකුගේ මෙන් වූයේද? ඔබ දිනපතාම ඔබගේ වාර්තාව පරීක‍්ෂා නොකරන්නේ
නම්, ඔබට කිසිසේත් දියුණු වීමට නොහැකි වෙයි. මායා දිගින් දිගටම බොහෝ දරුවන්ට පහර
දෙයි. ඇතමෙක් මෙසේ ලියයි: අද මගේ බුද්ධියේ යෝගාව මේ-මේ කෙනාගේ නම සහ රූපය වෙතට ඇදී
ගියා. අද මා මෙම පාපය සිදු කළා. මෙසේ අවංකව තම වාර්තාව ලියන්නේ බොහෝ දෙනෙකුගෙන්
අතලොස්සක් පමණයි. පියා පවසන්නේ : මා කවුරුන්ද, කුමක් වැනිද කියා කිසිම කෙනෙක්
නිවැරදිව නොදනී. ඔබ තමන් ජීවාත්මයක් බව සළකා, පියා සිහිපත් කළ විට පමණයි, යමක්
බුද්ධිය තුළ පතිත වන්නේ. පියා පවසන්නේ : දැනුම හොඳින් විස්තර කරන හොඳ දරුවන් බොහෝ
දෙනෙක් සිටින නමුත්, ඔවුන් යෝගාවේ නොසිටියි. ඔවුන්ට සම්පූර්ණ හඳුනගැනීම නොමැති
බැවින්, සහ වටහා ගැනීමට නොහැකි බැවින්, අන් අයට විස්තර කර දීමට නොහැක. මුළු ලොවෙහිම
සිටින මිනිසුන් නිර්මාපකයා හෝ නිර්මාණය ගැන කිසිසේත් නොදනී. එබැවින් ඔවුන් කිසිම
දෙයක් නොදනී. මෙයත් නාටකයේ නියම වී තිබෙන අතර, එය නැවතත් සිදුවෙයි. වසර 5000 කට
පසුව, මෙම යුගය නැවතත් පැමිණෙන අතර, ඔබට විස්තර කිරීමට, මට නැවතත් පැමිණීමට
සිදුවෙයි. රාජධානියක් හිමි කරගැනීම සුළු දෙයක් නොවෙයි! එයට විශාල උත්සාහයක්
අවශ්‍යයි. මායා ඔබට බොහෝ පහර දෙයි; මහා සටනක් සිදුවෙයි. මල්ලව පොර ඇතිවෙයි. මල්ලව
පොරයෙහි යෙදෙන්නේ ඉතා දක‍්ෂ අය පමණයි. ඔවුන් එකිනෙකාව සිහි නැති කරවයි. ඇතමෙක්
කියන්නේ: බාබා, මායාගේ කුණාටු බොහෝ තිබෙන අතර, යම් යම් දේ සිදුවෙයි. සත්‍යය ලියන්නේ
ඉතාමත්ම ටික දෙනයි; සත්‍යය වසන් කරන අය බොහෝ සිටිති. බාබාට සත්‍යය පවසන අන්දම හෝ
කුමන ශ්‍රීමත් ගත යුතුද කියා ඔවුන්ට වැටහෙන්නේ නැත. ඔවුන්ට ඒ පිළිබඳව කතා කළ නොහැක.
මායා ඉතාමත්ම බලවත් බව බාබා දන්නවා. සත්‍යය පැවසීමට ඔවුන් ලැජ්ජා වෙයි. ඔවුන් කෙබඳු
ක්‍රියා සිදුකරන්නේද යත් ඒ ගැන කතා කිරීමට පවා ලැජ්ජා වෙයි. පියා බොහෝ ගෞරවය ලබා දි
ඔබව ඉහළ නංවයි. මේ කෙනා ඉතා හොඳයි; මම මේ කෙනාව සෑම අන්දමකම සේවාවන් සඳහා කොහේ හෝ
යවන්නම්. එපමණයි! ඔවුන් අහංකාර වී, මායාගෙන් පහරක් අත්විඳ ඉන්පසුව වැටෙයි. ඇත්ත
වශයෙන්ම බාබා ඔබව වර්ණනා කරන්නේ ඔබව ඉහළ නැංවීමටයි. ඔහු ඔබට බොහෝ සෙනෙහස ලබා දී ඔබව
ඉහළ නංවයි; ඔබ ඉතාමත් හොඳයි. ඔබ කරනා භෞතික සේවයද ඉතා හොඳයි. කෙසේවෙතත්, ගමනාන්තය
ඉතා උසස් බව ඔහු ඔබට නිවැරදිව කියයි. කෙනෙකුගේ සිරුර සහ සිරුරේ නෑ සබඳතා අතහැර,
තමන් ජීවාත්මයක් බව සැලකීමේ උත්සාහය, බුද්ධියේ කාර්යයක්. ඔබ සෑම කෙනෙක්ම උත්සාහ
දරන්නන්. එතරම් විශාල රාජධානියක් ස්ථාපනය වනවා! ඔබ සෑම කෙනෙක්ම පරමාත්ම පියාගේ
දරුවන්, ශිෂ්‍යයින් සහ අනුගාමිකයන්ය. ඒ ඒකායන කෙනා මුළු ලෝකයාගේම පියායි. සෑම
කෙනෙක්ම කන්නලව් කරන්නේ එම ඒකායන කෙනාටයි. ඔහු පැමිණ ඔය දරුවන්ට අඛණ්ඩව විස්තර කර
දෙයි. ඒ තිබියදී, එතරම් ගරු කිරීමක් නැත! වැදගත් මිනිසුන් පැමිණි විට, ඔවුන්ට බොහෝ
ගෞරව ලබා දී, ඔවුන්ව බලා ගනියි. බොහෝ සෝභනය තිබේ. වර්තමානයේ සෑම කෙනෙක්ම අපවිත්‍ර
නමුත්, ඔවුන් අපවිත්‍ර බව නොසලකයි. මායා ඔවුන්ගේ බුද්ධි සම්පූර්ණයෙන්ම පහත් කර ඇත.
ස්වර්ණමය යුගයේ කාල වකවානුව ඉතා දීර්ඝ වසර ගණනක් බව ඔවුන් කියයි! එබැවින් පියා
පවසන්නේ : ඔවුන් 100% මෝඩයි. ඔවුන් මනුෂ්‍යයින් වුවත් ඔවුන් කරන දේවල් දෙස බලන්න!
වසර 5000 ක් පමණක් වන දෙයක්, වසර සිය දහස් ගණනක් බව ඔවුන් කියයි. පියා පැමිණ මෙය
විස්තර කර දෙයි : ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය වසර 5000කට පෙර පැවතිණි. ඔවුන්
දිව්‍යමය ගුණධර්ම ඇති මනුෂ්‍යයින් විය. ඔවුන්ට දේවතාවන් යැයි කියන්නේ ඒ නිසයි.
රාක‍්ෂ ගති ඇති අයට රාක‍්ෂකයන් යැයි කියයි. දේවතාවන් සහ රාක‍්ෂකයින් අතර, දහවල සහ
රාත්‍රිය මෙන් වෙනසකි. දැන් බොහෝ සටන් සහ හිංසන සිදු වනවා. යුද්ධය සඳහා සියලු
සූදානම් දිගටම කෙරීගෙන යනවා. මෙම යාග ගින්නට මුළු ලොවම බිලි විය යුතුයි. එබැවින් මේ
සඳහා සියලු දේ සූදානම් වෙමින් පවතිනවා. එවන් ආකාරයේ බෝම්බ නිපදවා තිබේ. ඔවුන්ට දැන්
ඒවා නිපදවීම නවතා දැමිය නොහැක. කෙටි කාලයකදී ඒවායින් බොහෝමයක් සෑම කෙනෙක් ළඟම
තිබෙයි, මන්ද, විනාශය ඉතා ඉක්මණින් සිදුවිය යුතු බැවින්. එකල රෝහල් ආදිය ඉතිරි
වන්නේ නැත. කිසි කෙනෙක් කිසිම දෙයක් නොදැන සිටිවි. එය ඔබගේ නැන්දම්මාගේ නිවසට යනවා
මෙන් නොවනු ඇත! විනාශයේ දර්ශන දැකීම පැන්ස කිහිපයක කාරණාවක් නොවෙයි. ඔබට මුළු ලොවම
ගිණි ගන්නවා දැක ගත හැකි වෙයි. සෑම තැනකම ගින්දරම පමණක් ඇති ආකාරය ඔබට දර්ශන වලින්
පෙනෙයි. මුළු ලොවම විනාශ විය යුතුයි. එය එතරම් විශාල ලොවකි! අහස ගිණි ගන්නේ නැත අහස
යට ඇති සියලුම දේ විනාශ වෙයි. ස්වර්ණමය යුගය සහ කලි යුගය අතර දිවා රාත්‍රිය මෙන්
වෙනසක් ඇත. මෙහි, බොහෝ මනුෂ්‍යයින්, සත්වයින් සහ බඩු භාණ්ඩ තිබේ. දරුවන්ගේ බුද්ධියේ
මෙය තැන්පත් වන්නේද ඉතා අසීරුවෙනි. ඒ ගැන ටිකක් සිතන්න. එය වසර 5000ක කාරණාවකි.
දේවතාවන්ගේ රාජධානිය පෙර පැවතුණි. එහි සිටියේ ඉතා සුළු මිනිසුන් පිරිසක් පමණයි.
දැන් බොහෝ මිනිසුන් සිටියි. එය දැන් කලි යුගයයි. එය අනිවාර්යෙන්ම විනාශ වෙයි. පියා
ඔය ජීවාත්මයන්ට පවසන්නේ : දැන් නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න! ඔහු සිහි කළ
යුත්තේ වැටහීමෙන් යුතුවයි. ‘ශිවා, ශිවා’ යැයි පමණක් දිගින් දිගටම කියන බොහෝ දෙනෙක්
සිටියි. ඔවුන්ගේ බුද්ධියේ ඔහු පිළිබඳ වැටහීමක් නොමැති වුණත්, කුඩා දරුවන්ද එසේ
කියයි. ඔහු ආලෝක තිතක් යන අවබෝධයෙන් ඔවුන් එය නොකියයි. අපත් එවැනිම වූ ඉතා කුඩා
ආලෝක තිත්ය. ඔබ මෙම වැටහීමෙන් ඔහුව සිහි කළ යුතුයි. පළමුවෙන්ම මෙය ස්ථීර කරගන්න: මම
ජීවාත්මයක්මි. ඉන්පසුව පියාගේ හැඳින්වීම ඔබගේ බුද්ධියේ ඉතා හොඳින් ධාරණය කරගන්න.
අභ්‍යන්තර ගත වූ දරුවන්ට පමණයි මෙය හොඳින් වටහා ගැනීමට හැකි වන්නේ: ජීවාත්මයක් වන
මා, තිතකි. මා වන ජීවාත්මය තුළ, උපත් 84 ක චරිත කොටස් පටි ගත වී ඇති ආකාරය සහ
ජීවාත්මය නැවත සතෝප්‍රධාන් වන ආකාරය පිළිබඳ දැනුම, ජීවාත්මය වන මට දැන් ලැබෙනවා.
ඔබට මෙම කරුණු වටහා ගැනීමට හැකි වන්නේ ඔබ අභ්‍යන්තර ගත වූ විට පමණයි. මේ සඳහා කාලය
ගත වෙයි. මෙය ඔබගේ අවසන් උපත බව ඔය දරුවන් දන්නවා. අපි දැන් ආපසු නිවසට යාමට
ඉතාමත්ම ආසන්නයි. ඔබ ජීවාත්මයක් බව ඔබගේ බුද්ධියේ සිථීර විය යුතුයි. ශරීරය පිළිබඳ
අවධානය අඩු වූ විට පමණයි ඔබගේ හැසිරීම සහ වචන පරිවර්ථනය වන්නේ. එසේ නැත්නම්, ඔබගේ
සිරුරට ඇති බැඳීමෙන් ඉවත් නොවන නිසා, ඔබගේ හැසිරීම පෙරටත් වඩා අයහපත් වෙයි. ශරීර
අවධානයට පත් වීමෙන් ඔබ එක් හෝ තවත් දෙයක් කියයි. යාගයේ බොහෝ අවංකත්වය තිබිය යුතුයි.
වර්තමානයේ ඔබ බොහෝ සේ නොසැලකිලිමත්ය. ඔබගේ ආහාර, බීම හෝ වාතාවරණය ආදිය ඔබ වෙනස්
කරගෙන නැත. තව බොහෝ කාලයක් අවශ්‍යයි. බාබාට, සේවයට ලැදි දරුවන්ව සිහිවෙයි.
තත්ත්වයක් හිමි කරගන්නේ ඔවුන්ය. ඔබ කරන දෙයින් වන්නේ, තමන්ව සතුටු කිරීම පමණක්ම
නම්, එය බැදපු කඩල කෑම මෙනි. ඔබ මෙහිදී අභ්‍යන්තර ගත වීමට අවශ්‍යයි. ඔබ වෙනත් අයට
විස්තර කරන විට, උපායශීලී විය යුතුයි. ප්‍රදර්ශන වලදී කිසි කෙනෙකුට වැටහෙන්නේ නැත.
ඔබ කියන දේවල් නිවැරදි බව ඔවුන් නිකමට කියයි. මෙහිදීද එය අංකානුරූපයි. ඔබ පියාගේ
දරුවන් වී ඇති බවත්, දිව්‍යලෝකයේ උරුමය පියාගෙන් ලබන බවත් යන විශ්වාසය ඔබට තිබේ.
ඔබගේ එකම ව්‍යාපාරය වන්නේ, අඛණ්ඩව, පියාගේ සේවය සම්පූර්ණයෙන් කිරීමයි. එවිට ඔබ දවස
පුරාම දැනුමේ සාගරය කලතනු ඇත. මේ බාබාද දැනුමේ සාගරය කලතනවා ඇති. ඔහු තත්ත්වයක්
හිමි කරගන්නේ වෙන කොහොමද? දෙදෙනාම එකතු වී ඔය දරුවන්ට දිගටම විස්තර කරයි. එය ඉතා
උස් නැග්මක් නිසා ඔබට එන්ජිම දෙකක් දී තිබේ. දුම්රියක් කන්දක් නඟින විට, එයට එන්ජිම
දෙකක් තිබේ. විටෙක දුම්රිය ඉදිරියට ගමන් කිරීම නැවතී, ආපස්සට ලිස්සී යයි. මගේ
දරුවන්ටද වන්නේ එයමයි. ඉහළ නඟින විට සහ උත්සාහ දරණ අතර, ඔවුන් නවතී; ඔවුන්ට තවත්
නැඟීමට නොහැකි වෙයි. ඔවුන් මායාගේ කුණාටුවක් හෝ සූර්යග්‍රහණයක් අත්විඳියි. එවිට
ඔවුන් සම්පූර්ණයෙන්ම බිමට ඇද වැටී, කැබලි වලට කැඩී යයි. ඇතමෙක් සේවය ටිකක් කළ විට,
ඔවුන් අහංකාර වී වැටෙයි. ධර්මරාජ් පියා සමඟ සිටින බව ඔවුන්ට නොවැටහෙයි. ඔවුන් එවන්
ක්‍රියා සිදු කරන්නේ නම්, විශාල දඬුවම් විඳීමට සිදුවෙයි. ඔවුන් පිටව ගොස්, පිටත
ජීවත් වීම වඩා හොඳයි. පියාට අයත් වී, ඔබගේ දායාදය හිමි කරගැනීම, නැන්දම්මාගේ ගෙදර
යනවා මෙන් නොවෙයි! ඔබ පියාට අයත් වීමෙන් පසු, එවන් ක්‍රියා සිදුකරන්නේ නම්, ඔබ
ඔහුගේ නමට අපකීර්තියක් ගෙනෙයි. එවිට ඔබ ඉතා දරුණු ලෙසින් හිංසාවට පත් වෙයි.
උරුමකරුවෙක් වීම, ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා මෙන් නොවෙයි! වැසියන්ගෙන්, ඇතමෙක්
බොහෝ ධනවත් වෙයි, එය අහන්නවත් එපා! අවිදු මාවතේ වුවද ඇතමෙක් හොඳ අතර, ඇතමෙක් එතරම්
හොඳ නැත. දෙමාපියන්, ඔවුන්ගේ නොවටිනා දරුවන්ට, ඔවුන් ඉදිරියේ සිටගන්නටවත් එපා කියා
කියයි. මෙහි, දරුවන් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මෙහි, මායා
බොහෝ බලවත්ය. එබැවින් ඔය දරුවන් බොහෝ සේ අභ්‍යන්තරගත විය යුතුයි. එවිට පමණයි ඔබට
කෙනෙකුට විස්තර කර දීමට හැකි වන්නේ. එවිට ඔවුන් ඔබ වෙනුවෙන් කැප වන්නට සූදානමින්
සිටීවි. ඔවුන් පියාට මෙතරම් අපහාස කිරීම ගැන බොහෝ පසුතැවිලි වෙයි. දෙවියන් සර්ව
ව්‍යාප්තික වන බව හෝ තමන් දෙවියන් බව, යැයි කියන අයට ලැබෙන දඬුවම, සුළුපටු නොවෙයි.
ඔවුන්ට නිකම්ම ඒ අන්දමින් ආපසු යාමට නොලැබෙයි! ඔවුන්ට එය, එයට වඩා බැරෑරුම්
ප්‍රශ්නයකි. කාලය පැමිණි විට, පියා ඔවුන්ගේ ගිණුම් ඉල්ලයි. විනිශ්චය ලැබෙන කාලයේදී,
සෑම කෙනෙකුගේම ගිණුම් පියැවිය යුතුයි. මෙය වටහාගැනීමට ඉතාමත්ම පුළුල්, අසීමිත
බුද්ධියක් අවශ්‍යයි. ටිකක් බලන්න මිනිසුන් දෙස ඔවුන් වෛවාරණ අයට, සාම ත්‍යාග ලබා
දෙයි! ඇත්ත වශයෙන්ම, සාමය ගෙන ආ හැකි වන්නේ, ඒකායන ඔහුට පමණයි. ඔය දරුවන් මෙසේ
ලිවිය යුතුයි: දෙවියන්ගේ ශ්‍රීමත් වලට අනුව, ලෝකය තුළ පාරිශුද්ධත්වය, සාමය සහ
සමෘද්ධිය ස්ථාපනය වනවා. ශ්‍රීමත් ඉතාමත්ම සුප්‍රසිද්ධයි. ශ්‍රීමත් භගවත් ගීතාව යන
ග්‍රන්ථයට මිනිසුන් බොහෝ ගෞරව කරයි. කෙනෙක් තව කෙනෙකුගේ ග්‍රන්ථයකට හෝ පූජනීය
ස්ථානයකට යමක් කළ විට, කලහ ඇරඹෙයි. මේ මුළු ලෝකයම ගිණිගෙන විනාශ වන බව ඔබ දැන්
දන්නවා. එම පූජනීය ස්ථාන, පල්ලි ආදිය දිගටම ගිණි ගනි. කෙසේවෙතත්, ඒ සියල්ල සිදු
වීමට පෙර, ඔබ පිවිතුරු විය යුතුයි! ඔබට මෙම සැලකිලිමත්භාවය තිබිය යුතුයි. ඔබගේ
ගෘහයද ඔබ රැක බලා ගත යුතුයි. බොහෝ මිනිසුන් මෙහි පැමිණෙයි. ඔබ සෑම කෙනෙකුටම එළුවන්
මෙන් මෙහි ජීවත් විය නොහැක, මන්ද, මෙය වටිනාකමක් කිව නොහැකි තරමේ ජීවිතයකි. එය ඉතා
හොඳින් රැක බලා ගත යුතුව ඇත. කුඩා දරුවන් මෙහි ගෙන ඒම නැවැත්වීමට සිදුවෙයි. මෙහි
කෙනෙක් අසුන් ගෙන, තවද ඔබගේ සියලුම දරුවන්ද රැක බලා ගන්නේ කෙසේද? දරුවන්ට නිවාඩු
ලැබුණු විට, සමහරු සිතන්නේ අප වෙන කොහේ යන්නද? අපි මධුබාන් වල බාබා වෙතට යමු. මෙය
ධර්මශාලාවක් (වන්දනාකරුවන්ගේ විශ්‍රාම ස්ථානයක්) මෙන් වී තිබේ. එබැවින්, එය විශ්ව
විද්‍යාලයක් වන්නේ කෙසේද? බාබා දැන් නිරීක‍්ෂණය කරන අතර, කිසිම කෙනෙකුට මෙහි දරුවන්
ගෙන ඒම තහනම් කරමින්, ඔහු එක්තරා අවස්ථාවකදී අණක් නිකුත් කරනු ඇත. එම බන්දනය ද අඩු
වෙයි. මව්වරුන් වෙනුවෙන් අනුකම්පා සහගත හැඟීමක් තිබේ. ශිව බාබා අදෘෂ්‍යමාන බව ඔය
දරුවන් දන්නවා. ඇතමෙක් මෙම කෙනාට ගෞරවය නොකරයි. ඔවුන් විශ්වාස කරන්නේ, ඔවුන්ට ශිව
බාබා සමඟ සම්බන්ධයක් තිබෙන බවයි. ශිව බාබා විස්තර කළ යුත්තේ, මෙම කෙනා තුළින් බවවත්
ඔවුන්ට නොවැටහෙයි. ඇතමෙක්ව මායා නාසයෙන් අල්ලා ගෙන, ඔවුන් ලවා වැරදි ක්‍රියා
සිදුකරවයි. ඇය අත නොහරියි. රාජධානියක සෑම අන්දමකම අය අවශ්‍යයි. අවසානයේදී ඔබට මේ
සෑම දර්ශනයක්ම ලැබෙයි. ඔබට දඬුවම් වල දර්ශනද ලැබෙයි. ඇතැම් දරුවන්ට මෙම දර්ශන පෙරද
ලැබුණු නමුත්, ඔවුන් පාපයන් සිදුකිරීම නොනවතයි. තුන්වෙනි පංතියේ අය වීමට, ඔවුන්
ගැටයක් ගසා ඇතුවාක් මෙනි. එබැවින් ඔවුන් පාපයන් සිදු කිරීම නොනවතයි. ඇත්ත වශයෙන්ම
ඔවුන් තමන්ගේම දඬුවමට, ඉතා හොඳින් සූදානම් වනවා. ඔවුන්ට විස්තර කළ යුතුයි: ඔබ
තුන්වැනි පංතියේ කෙනෙක් වීමට ගැටයක් නොගසන්න. දැන් ලක‍්ෂ්මි හෝ නාරායන වීමට ගැටයක්
ගසන්න. සමහරු ඉතා හොඳින් ගැටයක් ගසා, දිනපතාම ඔවුන්ගේ වාර්තාවද ලියයි: අද දින, මා
යම් වැරදි දෙයක් සිදු කළාද? බොහෝ දෙනෙක් එවන් වාර්තා ලිවීය. කෙසේවෙතත්, ඔවුන් තව
දුරටත් මෙහි නොමැත. මායා ඔවුන්ව බිමටම ඇද දැම්මා. මා ඔබට චක්‍ර භාගයක්ම සතුට ලබා
දෙන අතර, මායා ඔබට චක්‍ර භාගයක් දුක ලබා දෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1.
අභ්‍යන්තරගත වී, ශරීර අවධානය ඉක්මවා සිටීම පුහුණු වන්න. ඔබගේ ආහාර, පාන,
ක්‍රියාකාරකම් සහ හැසිරීම, යහපත් අතට හරවාගන්න. ඔබ කරන දෙයින් නිකම්ම සතුටට පත් වී,
නොසැලකිලිමත් නොවන්න.
2. මෙම නැග්ම,
ඉතාමත්ම උස බෑවුමකි. එබැවින් ඔබ ගමන් කරන අතර, බොහෝ සේ ප්‍රවේසම් වන්න. සෑම
ක්‍රියාවක්ම ඉතා ප්‍රවේසමින් සිදු කරන්න. අහංකාර නොවන්න. වැරදි ක්‍රියා සිදු
කිරීමෙන්, තමන්ගේම දඬුවම්, සූදානම් කර නොගන්න. ලක‍්ෂ්මි හෝ නාරායන මෙන් වීමට
අනිවාර්යෙන්ම ගැටයක් ගසන්න.
වරදානය:
ඔබ ඔබගේ උසස්
ආධ්‍යාත්මික අවධිය සමඟ වාතාවරණය ආධ්‍යාත්මික කරන පහසු උත්සාහවන්තයෙකු වේවා.
ඔබගේ ආධ්‍යාත්මික
අවධිය සමඟ, ඔබට සහ එහි යාමට නියමිත ජීවාත්මයන්ට පහසුවෙන් ප්‍රගතියක් ලබා ගත හැකි වන
පරිදි ඔබේ සේවා ස්ථානයේ වාතාවරණය ආධ්‍යාත්මික කරන්න. මෙයට හේතුව පැමිණෙන සියලු
දෙනාම පිටත වාතාවරණයෙන් වෙහෙසට පත්ව සිටින අතර ඔවුන්ට අමතර සහයෝගයක් අවශ්‍ය වේ.
එබැවින්, ඔවුන්ට අධ්‍යාත්මික වාතාවරණයක සහයෝගය ලබා දෙන්න. පහසු උත්සාහවන්තයෙකු වී
අන් අයටත් එය ලබා දෙන්න. ඔබ වෙත පැමිණෙන සෑම ජීවාත්මයක්ම එය ඔවුන්ට පහසුවෙන්
ප්‍රගතියක් ලබා ගත හැකි ස්ථානයක් ලෙස අත්විඳිමට ඉඩ දෙන්න.
පාඨය:
ආශිර්වාද
දානපතියෙකු වී, සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වල ආශිර්වාද ලබා දීම දිගටම කරගෙන
යන්න.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
පරම පියා සහ ඔබ
ඒකාබද්ධව සිටියි. එබැවින් නොකඩවා උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඉදිරියට යන්න. ඔබගේ
සියලුම දුර්වලතා සහ අධෛර්යමත්කම් පියාට බාර දෙන්න; ඒවා ඔබ සමග තබා නොගන්න. ඔබ සමග
උනන්දුව සහ උද්යෝගය පමණක් තබා ගන්න. නිරන්තරයෙන් අඛණ්ඩව උනන්දුවෙන් සහ උද්යෝගයෙන්
නර්ථනය කරන්න, නොකඩවා ගීත ගයමින් නොකඩවා බ්‍රහ්ම භෝජන අනුභව කරන්න.