10.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, දැනුමේ කරුණු තම අවධානයේ නිරන්තරයෙන් තබා ගෙන සිටිනා විට ඔබට සතුටින් සිටිය
හැකි වේවි. ඔබ දැන් සිටගෙන සිටින්නේ දෙව්ලොව දොරටුවේයි. බාබා ඔබට මුක්තියටත් ජීවන
මුක්තියටත් මඟ පෙන්වනවා.
ප්‍රශ්නය:
තම ප්‍රගති
වාර්තාව හොඳින් තබා ගැනීමට නම් ඔබ විසින් අවධානය යොමු කළයුතු කරුණකුමක්ද?
පිළිතුර:
තම සිතිවිලි, වචන හෝ ක්‍රියා වලින් කිසිම කෙනෙකුට දුකක් නොදෙන බවට ඔබ වගබලාගත
යුතුයි. ඔබගේ ගතිස්වභාවය ඉහළින්ම පැවතිය යුතු අතර එය ඉතාමත්ම මිහිරි ගති ස්වභාවක්
විය යුතුයි. ඔබ ලවා වැරදි කරවා ගත හැකි ආකාරයෙන් හෝ තවත් කෙනෙකුට දුකක් දෙන තරමට
මායා ඔබව නාසයෙන් හෝ කන් වලින් අල්ලා නොගත යුතුයි. කවුරුන්ට හෝ දුකක් දුන්නොත් ඔබට
පසුතැවිලි වීමට සිදුවේවි. ඔබගේ ප්‍රගති වාර්තාවත් පළුදු වී යාවී.
ගීතය:
ආදරණීය
දෙවියනේ, අන්ධයින්ට මග පෙන්වනු මැනවි!
ඕම් ශාන්ති.
පරමාත්ම පියා මෙහි සිට ඔය දරුවන්ට කරුණු පහදා දේ. ඔය දරුවන්ට පෙන්වා දී ඇති මාර්ගය
ඉතාමත් පහසු මඟක් වුවත් සෑම විටෙකම ඔබලාගේ පය පැටලෙනවා. මෙහි ඉඳගෙන සිටිනා අතර
පරමාත්ම පියා ඔබට උගන්වමින් නිහඬ දේශයට යාමේ මග පෙන්වන බව ඔබලාට දැන් වැටහෙනවා. මෙය
ඉතාමත් පහසුයි. පරමාත්ම පියා කියනවා : දිවා රෑ පුරා හැකි සෑම විටෙකම ස්මරණයේ නිරතව
සිටින්න. භක්ති මාර්ගයේදී ඔවුන් පයින්ම වන්දනා ගමන් යමින් මහත් වෙහෙසක් දරනවා. ඔබලා
මෙහි සිටින අතරම ස්මරණ වන්දනාවේ නිරතව සිටිනවා. දිව්‍යමය ගුණධර්ම උකහාගෙන යක්ෂ
පුරුදු සියල්ල අවසන් කර දැමිය යුතු යැයි පරමාත්ම පියා ඔබට පහදා දී තිබෙනවා. පාපයක්
බවට පත්වන ආකාරයේ කිසිම යක්ෂ ක්‍රියාවක් කරන්න එපා. පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔය
දරුවන්ව නිරන්තරයෙන් සතුටින් තබන්නයි. තම පියාත් ඔහුගේ රාජ්‍යයත් දැකිමට අධිරාජ්‍යය
වරයෙකුගේ දරුවෙක් ඉතාමත් සතුටු වේවි. ඔවුන් රාජධානි භාරව සිටියත් ඔවුන්ටත් විවිධ
ශාරිරික ලෙඩ රෝග සෑදෙනවා. මෙහිදි ශිව් බාබා පැමිණ තමන්ට උගන්වනවාය යන විශ්වාසය ඔය
දරුවන් තුළ තිබෙනවා. ඉන් පසුව අපි දෙව්ලොවට ගිහින් එය පාලනය කරමු. එහි කිසිම ආකාරයක
දුකක් නැහැ. නිර්මාණකරුත් නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳවත් ඔබගේ සිහියේ හොඳින්
දැනුම පිහිටා තිබෙනවා. වෙන කිසිම කෙනෙකුගේ බුද්ධියේ මෙම ඥානය ඇත්තේ නැහැ. තමන්
තුළත් මේ කිසිම දැනුමක් මීට පෙර නොතිබුණු බව ඔය දරුවන්ට දැන් තේරෙනවා. ඔබ පරමාත්ම
පියා ගැන දැන ගෙන සිටියේ නැහැ. භක්තිය තමයි උසස්ම දෙය වශයෙන් සැලකුවේ. විවිධාකාර
භක්ති වන්දනාවන් කරනවා. එහි ඇති සෑම දෙයක්ම භෞතිකයි; කිසිම සූක්ෂම දෙයක් එහි නැහැ.
අමරනාථයට ඔවුන් යන වන්දනාවත් භෞතික වන්දනාවක්. එහිත් ශිව ලිංගමයක් තිබෙනවා. කිසිම
වේද ග්‍රන්ථ ආදී කිසිවක් නැති අලුත්ම ලෝකයකට යාමට තමන් දැන් ඉගෙන ගනිමින් සිටිනා බව
ඔබලා දන්නවා. ස්වර්ණම යුගයේ කිසිම භක්ති වන්දනාවක් නැහැ. එහි ඇත්තේ සතුටම පමණයි.
භක්තිය ඇති තැන ඇත්තේ දුකයි. කල්ප චක්‍රය පෙන්වන මෙම පින්තූරය ඉතාමත් හොඳයි.
දෙව්ලොව දොරටු එහි පැහැදිලිව පෙන්වා තිබෙනවා. තමන් දැන් සිටින්නේ දෙව්ලොව දොරටුවේ
බව ඔබගේ සිහියේ තබා ගන්න. විශාල සතුටක් තිබිය යුතුයි. ඥාන කරුණු සිහි කරමින් ඔය
දරුවන්ට ඉතාමත් සතුටින් සිටිය හැකියි. තමන් දැන් දෙව්ලොව දොරටු හරහා යාමටයි
සිටින්නේ කියා ඔබලා දන්නවා. එහි සිටින්නේ ඉතාමත් සුළු පිරිසක්. මෙහි මිනිසුන් බොහෝ
පිරිසක් සිටිනවා. ඔවුන් නිතර නිතරම පැටලි පැටලී වැටෙනවා. නොයෙකුත් දානමාන දීඔවුන්
ඉමහත් පින්දහම් කටයුතු කරනවා. සාදු සන්යාසීවරුන් අනුගමනය කරමින් ඔවුන් තැන තැන
ඇවිද්දත් නිතර නිතරම දෙවියන්ටත් කන්නලව් කරනවා: අහෝ දෙවියනේ,අන්ධයින්ට මග පෙන්වනු
මැනවි! ඔවුන් නිතර නිතරම බලාපොරොත්තු වන්නේ මුක්තිය හා ජීවන මුක්තියට පාර පෙන්වා
ගැනීමටයි. මෙම ලෝකය දුකින් පිරි පැරණි ලෝකය බව ඔබලා දන්නවා. කෙසේවෙතත්, ඒ ගැන දන්නේ
ඔබලා පමණයි. ඒ අය ඒ ගැන දන්නේ නැහැ. කලි යුගයේ කාල පරාසය වසර සිය දහස් ගණනක් කියා
ඔවුන් කියනවා. එමනිසා, ඒ අසරණයින් සිටින්නේ අන්ධකාරයේයි, නේද? නිතීඥ්ඥවරයෙක් හෝ
ඉංජිනේරුවරයෙක් වීමට තමන්ට උගන්වනා ගුරුවරයාව ඒ සිසුන් සිහි කරනවාක් සේ අපේ බාබා
අපට රාජයෝගාව උගන්වනවා ය යන්න ඔබලාත් අවබෝධකර ගෙන තිබෙන්නේ එක් එක් මට්ටම් වලිනුයි.
නිතීඥ්ඥවරයෙක් වීමට තිබෙනා දැනුම හදාරා කෙනෙක් නිතීඥ්ඥවරයෙක් වෙනවා. මෙය
රාජයෝගාවයි. අපගේ බුද්ධියේ යෝගාව සම්බන්ධව ඇත්තේ පරමාත්ම ජීවය වෙතටයි. මෙමඟින් ඔබගේ
සතුටේ රසදිය කඳ ඉතාමත් ඉහළින් ඉහළ නැඟිය යුතුයි. ඉතාමත් මිහිරි වන්න! ඔබගේ ගති
ස්වභාවය ඉතාමත් ඉහළ ගණයේ විය යුතුයි. ඔබ නිසා කවුරුවත් දුක් නොවිදිය යුතුයි. කාටවත්
රිදවීමේ අදහසක් ඔබ තුළ නොතිබුණත් මායා ඔබගේ නාසයෙන් හෝ කනෙන් අල්ලා ගෙන ඔබ ලවා
වැරදි කරවනවා. පසුව ඔබ පසුතැවිලි වෙනවා: මම නිරපරාදේ ඒ කෙනාට දුක් දුන්නා. එසේ
සිතුවත් ඔබගේ වාර්තාව එවිට පළුදු වී හමාරයි. තම සිතිවිලි, වචන හා ක්‍රියාවෙන් කිසිම
කෙනෙකුට දුකක් නොදීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. පරමාත්ම පියා පැමිණෙන්නේ අපව එවන්
දේවතාවරුන් කරවීමටයි. ඔවුන් කාටවත් දුකක් දෙනවාද? ලෞකික ගුරුවරයෙක් ඔබට උගන්වනවා;
ඔහු ඔබව අසතුටට පත් කරවන්නේ නැහැ නේද? ඔව් ශිෂ්‍යයින් ඉගෙන ගන්නේ නැතිනම් දඬුවම්
දිය යුතුයි. මේ දිනවල පාසල් වලත් කිසිම කෙනෙකුට පහර දීම තහනම් කරලයි තිබෙන්නේ. ඔබලා
ආධ්‍යාත්මික ගුරුවරුන්. ඔබගේ රාජකාරිය ඔවුන්ගේ දැනුම වර්ධනය කරවා හොඳ ගතිගුණත්
ඔවුන්ට ඉගැන්වීමයි. හොඳින් ඉගෙන ගතහොත් ඔවුන් ඉහළ තත්ත්වයක් දිනා ගනීවි. ඉගෙන ගත්තේ
නැතිනම් අසමත් වේවි. පරමාත්ම පියාත් සෑම දිනකම පැමිණෙන්නේ ඔබට උගන්වා යහගුණ ගැනත්
ඔබව දැනුවත් කරවීමටයි. ප්‍රදර්ශන ආදිය පවත්වන්නේ අන් අයට ඉගැන්වීමටයි. සෑම කෙනෙක්ම
ප්‍රදර්ශන හා ප්‍රොජෙක්ටර් ගැන අහනවා. දහස් ගණන් අය ඒවා මිලදී ගනීවී. පරමාත්ම පියා
ඔබට සෑම දෙයක්ම ඉතාමත් පහසු ලෙසින් කියා දෙනවා. අමරනාථයේ සේවය කිරිමත් ඉතාමත්
පහසුයි. පින්තූර භාවිතා කර භක්තිය යනු කුමක් ද ඥානය යනු කුමක් දැයි කියා ඔබට
පැහැදිලි කර කියා දිය හැකියි. මේ පැත්තේ ඥානය, අනිත් පැත්තේ භක්තිය. එකකින්
දෙව්ලොව, අනිකෙන් අපාය. මෙය ඉතාමත් පැහැදිලියි. ඔය දරුවන් දැන් ඉගෙන ගන්නා දේ
ඉතාමත් පහසුයි. ඔබලා අන් අයටත් ඉතාමත් හොඳින් කියා දෙනවා. කෙසේවෙතත්, ඔබගේ ස්මරණ
වන්දනාව ඔබව යවන්නේ කොහාටද? මේ සියල්ල බුද්ධියට කරුණුයි. අපි පරමාත්ම පියාව සිහි කළ
යුතුයි. මායා ඔබට පිඹින්න පටන් ගන්නෙත් මෙම සිහි කිරිමේදීයි. ඇය ඔබගේ බුද්ධියේ
යෝගාව සම්පූර්ණයෙන්ම බිඳ දමනවා. පරමාත්ම පියා කියනවා : ඔබ සෑම කෙනෙක්ම යෝගාවෙන්
හරිම දුර්වලයි. ඉතාමත් හොඳ මහාරාතීන් පවා ඉතාමත් දුර්වලයි. කෙනෙක් දැනුමින් දක්ෂ
වුණු පමණින් මහාරාතීවරයෙක් වෙනවා කියා ඇතැම් අය සිතනවා. බාබා කියනවා : ඔවුන් අශ්ව
හෝ පාබල සේනාවට අයත් අයයි. මහාරාතීවරයෙක් යනු ස්මරණයේ නිරතව සිටින්නෙක්. සියල්ල
කරනා අතරේ සිහි කිරිමේ නිරතව සිටීමෙන් ඔබගේ පාප සියල්ල දුරුවී ඔබ පාරිශුද්ධ වේවී.
නැතිනම් දඬුවම් විදිමට සිදු වී ඔබගේ තත්ත්වයත් විනාශ වී යාවී. එමනිසා, තමන් විසින්
දරනා උත්සාහයන් පිළිබඳ දැනුවත්ව සිටිය හැකි වන පරිද්දෙන් වාර්තාවක් තබා ගන්න. බාබාම
කියනවා : මමත් උත්සාහ දරනවා. මගේ සිහියත් නිතර නිතරම වෙනත් පැති වලට ඇදී යනවා. බාබා
නොයෙක් දේ ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබට වඩාත් වේගයෙන් යා හැකියි. මේ සමඟම ඔබට
ඔබගේ හැසිරීමත් නිවැරදි කර ගත හැකියි. පාරිශුද්ධ වීමෙන් අනතුරුවත් ඔබ නැවත පාපයේ
ගැලුනහොත් උපයා ගත් සියල්ල විනාශ වී යනවා. කෙනෙක් සමඟ කේන්ති ගිහින් ලුණු වතුර වගේ
වුණහොත් ඉන් අදහස් වන්නේ ඔබ රාක්ෂයෙක් වී ඇති බවයි. මායා විවිධ ස්වරූපයන්ගෙන්
පැමිණෙනවා. කිසිම කෙනෙක් තවමත් පරිපූර්ණ වී නැහැ. බාබා ඔබට උත්සාහ දැරීමට දිරිමත්
කරවනවා. ඔය කුමාරීන්ට එය ඉතාමත් පහසුයි. ඔබලා ශක්තිමත් විය යුතුමයි. ඔබ අවංක විය
යුතුයි. හිත ඇතුළින් ඔබ තවත් කෙනෙකුට බැඳි සිටිනවා නම්, වැඩිකල් මෙම ගමන යාමට ඔබට
හැකි වන්නේ නැහැ. කුමාරීන් හා මව්වරුන් තමන්ව භාරතය දෙව්ලොවක් බවට පත් කරවීමේ මෙම
සේවයේ නිරත කරවිය යුතුයි. මෙයට උත්සාහයක් අවශ්‍යයි. උත්සාහයකින් තොරව කිසිවක් කර ගත
හැකි වන්නේ නැහැ. ඔබලා උපත් 21කට රාජධානිය දිනා ගන්නවා. එමනිසා, ඔබලා ඉතාමත් හොඳ
උත්සාහයක් දැරිය යුතුයි. මේ සම්බන්ධයෙන් හොඳින් ඔබ ශක්තිමත් වන තෙක් බාබා ඔබට ඔබගේ
ලෞකික අධාපනය දිගටම කරගෙන යාමට ඉඩ දෙනවා. දෙපැත්තම නැති කර ගන්නා අය බවට ඔබ පත්
නොවිය යුතුයි. තවත් කෙනෙකුගේ නම හා රූපයේ ඔබ පැටලුණහොත්, සියල්ල එතැනින් හමාරයි.
ශරිරය පිළිබඳ අවධානය අමතක කර දමා අශාරීරික වී පරමාත්ම පියාව සිහි කිරීමේ උත්සාහය
දැරිය හැකි වන්නේ වාසනාවන්ත දරුවන්ට පමණයි. පරමාත්ම පියා සෑම දිනකම පහදා දෙනවා :
දරුවනි, ඔබගේ ශරිරය පිළිබඳ හැඟීම අමතක කර දමන්න. මෙම අශාරීරික ජීවාත්මය වන මම දැන්
නිවස බලා යමි. මෙම ශරීරය මෙහි දමා යා යුතුයි. පරමාත්ම පියා පිළිබඳ සිහි කිරිමේ
නිරතුරුව සිටීමෙන් කර්මාතීත් වීමෙන් පමණයි මට එය හලා දැමිය හැකි වන්නේ. මෙය
බුද්ධියට කරුණකි. කෙසේවෙතත්, කෙනෙකුගේ වාසනාවේ එය නොමැති නම් ඔහු කුමන උත්සාහයක්
දරාවි ද ? පළමුවෙන් අශාරිරිකව මෙහි පැමිණි තමන්, පසුව සතුටු කර්ම සම්බන්ධතා හා බැඳී
ඉන් අනතුරුව රාවන රාජ්‍යයයේ පාපකාරී බන්ධන වල පැටළුණු බව ඔබගේ සිහියේ රැදිය යුතුයි.
පරමාත්ම පියා කියනවා : ඔබ දැන් අශාරිරිකව ආපසු යා යුතුයි. තමා ජීවාත්මයක් බව සලකා
මා සිහි කරන්න. අපිරිසිදු වී සිටින්නේ ජීවාත්ම සත්ථාවයි. ජීවය කියනවා : අහෝ
පාරිශුද්ධ කරුවාණෙනි, වඩිනු මැනව. අපිරිසිදු බවින් පාරිශුද්ධ වීමේ මඟ ඔබට දැන්
පෙන්වා දී තිබෙනවා. ජීවාත්මය අවිනාශීයි. ඔය ජීවාත්මයන් මෙහි පැමිණ තම තමන්ගේ චරිත
කොටස් රඟ දැක්වීමට ශරීරවලට ඇතුළු වුණා. පරමාත්ම පියා දැන් මෙය ඔබට පහදා දී තිබෙනවා.
මීට කල්පයකට පෙර මෙය පහදා ගත් අය නැවතත් පැමිණේවි. පරමාත්ම පියා කියනවා : දැන් ඔබගේ
කලියුග සබඳතා අමතක කර දමන්න. ඔබ දැන් නිවහන බලා යා යුතුයි. මෙම ලෝකය විනාශ වීමටයි
යන්නේ. මෙම ලෝකයේ තවත් ශක්තියක් ඉතිරි වී නැහැ. මෙන්න මේ නිසා තමයි මිනිස්සු තවමත්
වැටි වැටී ඇවිදින්නේ. ඔවුන් දෙවියන්ව බැහැ දැකීමට භක්තියේ නිරත වෙනවා. ඒ භක්තිය
ඉතාමත් හොඳ දෙයක් කියා ඔවුන් සිතනවා. මහත් භක්තියක් කිරීමෙන් දෙවියන් මුනගැසී
මුක්තිය ලබාගත හැකි බව ඔවුන් විශ්වාසකරනවා. ඔබගේ භක්තිය දැන් අවසන් වෙලා. අහෝ රාමා,
අහෝ දෙවියනේ වැනි භක්ති වචන ඔබගේ මුවින් පිට නොවිය යුතුයි. එය නතර කළ යුතුයි.
පරමාත්ම පියා කියනවා : සරළව මා සිහි කරන්න. මේ ලෝකය තමෝප්‍රධාන්. සතෝප්‍රධාන් අය
ජීවත් වන්නේ ස්වර්ණමය යුගයේයි. ස්වර්ණමය යුගය ඇත්තේ වර්ධනීය අවධියේයි. පසුව ඒ
තත්ත්වය පිරිහීමට පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් රිදී යුගයවත් දිව්‍යලෝකයක් කියා
කියන්න බැහැ. දිව්‍යලෝකය කියා කිව හැක්කේ ස්වර්ණමය යුගයට පමණයි. මුල, මැද හා අග
පිළිබඳ දැනුම ඇත්තේ ඔය දරුවන්ගේ බුද්ධියේ පමණයි. මුල යනු ආරම්භයයි. මැද, මධ්‍යම
කාලයයි, පසුව අවසානය. රාවන රාජ්‍යය ඇරඹෙන්නේ ඒ අතර මැදි කාලයේදීයි. පරමාත්ම පියා
පැමිණෙන්නේ භාරතයට පමණයි. පිරිසිදු, අපිරිසිදු වන්නේ භාරතය පමණයි. උපත් 84 ක් ගන්නේ
භාරත වාසීනුයි. අනෙකුත් ආගම් වල අය පැමිණෙන්නේ අනුක්‍රමිකවයි. ගස දිගටම වැඩෙනා අතර
ඔවුන් තම තමන්ගේ කාල වලදී පැමිණෙනවා. මේ දේවල් කිසිම වෙන කෙනෙකුගේ සිහියේ නැහැ. ඔබ
අතරිනුත් සෑම කෙනෙකුටම මේ දේවල් හොඳින් ධාරණය කර ගත නොහැකියි. උපත් 84 මෙම චක්‍රය
හෝ තම සිහියේ තබා ගෙන සිටියත් ඔබලාට සතුටින් සිටිය හැකි වේවි. බාබා දැන් පැමිණ
සිටින්නේ අපව නැවත නිවහනට ගෙන යාමටයි. සැබෑම ආදරවන්තයා දැන් පැමිණ සිටිනවා. භක්ති
මාර්ගයේදී බොහෝ සෙයින් සිහි කරමින් සිටි කෙනා දැන් අපව නිවසට ගෙන යාමට පැමිණ
සිටිනවා. සාමය යනු කුමක් දැයි කියා මිනිස්සු දන්නේ නැහැ. ජීවාත්ම සත්ථාවන් සාමයේ
ප්‍රතිමූර්තීනුයි. ඔබලාට මෙම ඉන්ද්‍රියන් ලැබෙනවා. එමනිසා, ඔබ රඟපෑ යුතුයි. ශාන්ත
සාගරය වන පරමාත්ම පියා සෑම කෙනෙක්වම නිවහනට ආපසු ගෙන යනවා. සෑම කෙනෙක්ම සාමය ලබන්නේ
එවිටයි. ස්වර්ණමය යුගයේදී ඔබට සාමයත් සතුටත් දෙකම තිබෙනවා. අනිකුත් සියලුම
ජීවාත්මයන් ආපසු ගිහින් නිහඬ දේශයේ රැදෙනවා. ශාන්ත සාගරය කියන්නේ පරමාත්ම පියාට
පමණයි. ශාරීරික අවධානයේ සිටිනා නිසා ජීවාත්ම අවධානයට පත් නොවන බොහෝ දරුවන් මෙය අමතක
කරනවා. පරමාත්ම පියා සෑම කෙනෙකුටම සාමය දෙනවා. පින්තූරයේ ඇති මෙම සංගම් යුගය ඔවුන්ට
පෙන්වන්න. මේ කාලයේ සෑම කෙනෙක්ම සිටින්නේ නොසන්සුන්වයි. ස්වර්ණමය යුගයේ දී මෙවන්
ආගම් ගණනාවක් ඇති වන්නේ නැහැ; ඔවුන් සෑම කෙනෙක්ම සාම දේශයට ගිහින් සිටිවී. එහිදී
ඔබගේ හිතේ හැටියට ඔබට සාමය ලැබේවී. ඔබගේ රාජධානියේ ඔබට සතුටත් සාමයත් දෙකම තිබෙනවා.
ස්වර්ණමය යුගයේ ඔබට පාරිශුද්ධත්වයත්, සාමයත්, සතුටත් තිබෙනවා. මුක්ති දේශය
හඳුන්වන්නේ සුමධුර නිවහන ලෙසිනුයි. එහි කිසිම අපිරිසිදු හෝ අසතුටින් සිටිනා කෙනෙක්
නැහැ. එහි සතුට හෝ දුක කියා දෙයකුත් නැහැ. සාමය යන්නෙහි අර්ථය මිනිසුන්ට තේරෙන්නේ
නැහැ. රැජිනගේ ගෙල වටා බැදි මාලය ගැන කියනවා. පරමාත්ම පියා කියනවා : දැන් සාමය හා
සතුට ගන්න; සියල්ලම ගන්න. ඔබට දීර්ඝායු වේවා! එහි දරුවනුත් ඒ සිරිතට අනුව ඉපදෙනවා.
දරුවෙක් ලැබීමට දේවතාවරුන්ට උත්සාහ දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තම ශරීරය අතහැර යාමට
දැන් කාලයයි කියා දර්ශනයක් ලබනා ජීවාත්මයක් සතුටින් ශරීරය අතහැර දමා යනවා. මෙම
බාබාත් තම ශරීරිය අතහැර දමා ගොස් ඒ තත්ත්වයට පත් වීම පිළිබඳ සතුටින් සිටිනවා. දැනට
තවමත් මම ඉගෙන ගන්නවා. ඔබත් ස්වර්ණමය යුගයට යන බව ඔබලා දන්නවා. මේ සියල්ල ඔබගේ
බුද්ධියට ඇතුළු වන්නේ සංගම් යුගයේ දියි. එමනිසා, ඔබ සතුටින් සිටිය යුතුයි. ඉගෙනීම
උසස් වුණු තරමට සතුටත් උසස් වෙනවා. අපට උගන්වන්නේ පරමාත්ම දෙවියනුයි. ඔබගේ අරමුණු
හා ඉලක්කය ඔබ ඉදිරියේ තිබෙනවා. එමනිසා, විශාල සතුටක් තිබිය යුතුයි. කෙසේවෙතත්, මේ
යන අතර ඇතැම් අය ඇද වැටෙනවා. ඔය කුමාරීන් සේවා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු විට සේවා
කටයුතු වර්ධනය වේවි. පරමාත්ම පියා කියනවා : සිංහයාත් බැටළුවත් එකම පොකුණින් වතුර
බොන දේශයකට තමන් යාමට සිටිනා බව ඔබ දන්නා නිසා පළමුවෙන්ම එකිනෙකා සමඟ ලුණු වතුර වගේ
නොවන්න. එහි දී ඔබ දකින දකින දෙයින් ඔබගේ හදවත සතුටු වෙනවා. එහි නම ම දෙව්ලොව
යන්නයි. ඉතින් ඔය කුමාරීන් ඔබගේ ශාරීරිකදෙමාපියන්ට මෙසේ කිව යුතුයි: මම දැන් එහි
යාමටයි සූදානම් වන්නේ. එමනිසා, මම අනිවාර්යෙන්ම පාරිශුද්ධව සිටිය යුතුයි. පරමාත්ම
පියා කියනවා : ලොකුම සතුරා රාගයයි. මම දැන් යෝගීවරියක් වී සිටිනා නිසා තවත්
අපිරිසිදු වෙන්න බැහැ. මේ ලෙස කතා කිරීමට ඔබ ඉතාමත් ශක්තිමත් විය යුතුයි. එවන්
කුමාරීන් මතු වුණු විට සේවය කෙතරම් වේගයෙන් ඉදිරියට යාවි ද කියා ඔබට දැක බලා ගත
හැකියි. කෙසේවෙතත්, ඔවුන් බැඳිම ජයගෙන සිටිය යුතුයි. ඔබ මිය ගිහින් සිටිනා එකේ තවත්
දෙයක් සිහි කරන්නේ කුමකට ද? ඔබෙන් බොහෝ අය තම ගෙවල් දොරවල්, දරු මල්ලන් සිහි කරනවා.
එවිට පරම පියා සමඟ යෝගා වන්නේ කෙසේද? තමන් දැන් බාබාට අයිති බව ඔබගේ බුද්ධියේ රැඳි
තිබිය යුතුයි. මෙම පැරණි ලෝකය දැනටමත් අවසන්. පරමාත්ම පියා කියනවා :මා සිහි කරන්න!
අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ
වාසනාව උසස් කර ගැනීමට නම් හැකි සෑම විටම අශාරීරික වීම පුහුණු කරන්න. තවත් කෙනෙකුගේ
නමක් රූපයක් සිහියට නොඑනා ආකාරයෙන් ශරීරය පිළිබඳ අවධානය අමතක කර දැමීමට සම්පූර්ණ
උත්සාහයක් දරන්න.
2. ඔබගේ හැසිරීම
පිළිබඳ ප්‍රගති සටහනක් පවත්වා ගන්න. කිසිම යක්ෂ ක්‍රියාවක් කිසි විටෙක කරන්න එපා.
හදවත අවංකව තබා ගනිමින් බැඳීම් ජය ගෙන භාරතය දෙව්ලොවක් කරවීමේ සේවයේ යුහුසුළුව
ක්‍රියාකාරි වන්න.
වරදානය:
ඔබ ඕනෑම
රාජකීය ආකාරයක මායාගේ බන්ධනයකින් නිදහස් වීමෙන් ලෝකය ජය ගන්නෙකු වේවා.
“මගේ උත්සාහය, මගේ නව
නිපැයුම, මගේ සේවය, මගේ ස්පර්ශය, මගේ ගුණධර්ම හොඳයි; මගේ තීරණ ගැනීමේ බලය ඉතා
හොඳයි...” මෙම “මගේ” යන දැනීම මායාගේ රාජකීය ස්වරූපයකි. මායා කෙතරම් මායාවක් කරනවාද
යත් ඇය “ඔබගේ” පවා “මගේ” බවට පත් කරවයි. එමනිසා, දැන් එවැනි ඕනෑම බන්ධනයකින් නිදහස්
වී එකම එක පරමාත්ම පියා සමඟ සම්බන්ධතාවය ගොඩනඟා ගන්න, එවිට ඔබ මායා ජය ගන්නෙකු වනු
ඇත. මායා ජය ගන්නන්ට පමණක් ලෝකය ජය ගන්නන් විය හැකිය. තත්පරයකින් අශරීර වීමට ඔවුන්ට
පහසුවෙන් සහ ස්වයංක්‍රීයව දිශාව භාවිතා කළ හැකිය.
පාඨය:
ලෝක
පරිවර්තකයෙකු යනු ඕනෑම කෙනෙකුගේ ඍණාත්මක දේ ධනාත්මක බවට පරිවර්තනය කරන අයෙකි.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
ඔබගේ ආදිතම ස්වරූපය
පිවිතුරුයි. ඔබගේ ආදිතම ධර්මය, එනම්, ජීවාත්මයේ ප්‍රථම ධාරණාව, පාරිශුද්ධත්වයයි.
ඔබගේ ආදිතම දේශය පිවිතුරු දේශයයි. ඔබගේ රාජධානිය පිවිතුරු රාජධානියකි. ඔබගේ
සිහිවටනය වන්නේ, උත්තරීතර ලෙස පිවිතුරු සහ වන්දනීයත්වයට සුදුසු වීමය. ඔබගේ භෞතික
ඉන්ද්‍රියන්ගේ සදාතනික ස්වභාවය, පිවිතුරු ක්‍රියා සිදු කිරීමයි. මෙය සරළව ඔබගේ
අවධානය තුළ තබා ගන්න, එවිට ඔබ උත්සාහ දැරීමෙන් සහ බලපෑම් කිරීමෙන් නිදහස් වන අතර
ඔබට ආශිර්වාදයක් ලෙස පාරිශුද්ධත්වය ධාරණය කරගැනීමට හැකි වෙයි.