10.06.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ශ්‍රීමත් වලට අනුව ඔබ සෑම දෙනාටම සතුට ලබා දිය යුතුයි. ඔබට ශ්‍රේෂ්ඨ උපදෙස්
ලැබෙන්නේ ශ්‍රේෂ්ඨ වීම සඳහා සහ අන් අයවද එසේ කිරීමටයි.
ප්‍රශ්නය:
ඔබ සානුකම්පිත
දරුවන්ගේ හදවත් තුළ හටගන්නේ කුමන රැල්ලක්ද? ඔබ කළ යුත්තේ කුමක්ද?
පිළිතුර:
ඔය සානුකමිපිත දරුවන්ට සෑම ගමකටම ගොස් සේවය කිරීමට උවමනාය. මේ දිනවල දිළිඳු ජනයා
සිටින්නේ ඉතාමත් අසතුටිනි. එබැවින් දිව්‍යමය ආධිපත්‍යය වන පිවිතුරු බව, සාමය සහ
සතුට, දැන් ලොව ස්ථාපනය වෙමින් පවතිනවාය යන ශුභ ආරංචිය, ගොස් ඔවුන්හට ලබා දෙමු. පෙර
පැවති මහාභාරත යුද්ධයම දැන් නැවත වතාවක් සිදු වීමට යයි. පියා අනිවාර්යෙන්ම එම
කාලයේදී මෙහි පැමුණුනු අතර ඔහු නැවත වතාවක් පැමිණ ඇත.
ඕම් ශාන්ති.
ඔබ දෙවියන්ගේ
දරුවන් බව මෙතැන වාඩි වී සිටින සුමිහිරි දරුවන් හට අනිවාර්යෙන් වැටහේ. තමන් ජීවීන්
බව ඔබ අනිවාර්යයෙන්ම සළකයි. ඔය ජීවීන්හට ශරීර ඇති නිසායි ඔබට ශරීර මඟින් අසන්නට
හැකි වන්නේ. පියාද මෙම ශරීරය ණයට ගෙන ඇති නිසයි ඔහුට අපහට කතා කළ හැක්කේ. ඔබ දැන්
දෙවියන්ගේ දරුවන්, දෙවියන්ගේ ජන කොටිඨාශය බවත්, ඉන්පසු ඔබ දෙවි දේවතාවරුන්ගේ ජන
කොට්ඨාශයේ කොටසක් වන බවත් ඔබට වැටහේ. දෙවි දේවතාවරුන් දිව්‍ය ලෝකයට අධිපතියන්ය. අප
දැන් නැවත වතාවක් එම දිව්‍යමය ආධිපත්‍යය, වසර 5000 කට පෙර ස්ථාපනය කළ පරිද්දෙන්ම
ස්ථාපනය කරන්නෙමු. ඉන්පසු අපි දෙවි දේවතාවරුන් වන්නෙමු. මේ කාලයේදී මුලු ලොවෙහිම
ජනතාව - විශේෂයෙන්ම භාරතයේ සහ සාමාන්‍යයෙන් මුළු ලොවෙහිම - එකිනෙකාට දිගින් දිගටම
දුක් ගෙන දෙයි. සතුටු දේශය කියා ස්ථානයක් තිබෙන බවවත් ඔවුන් දන්නේ නැත. උත්තරීතර
පියා, උත්තරීතර ජීවය පැමිණ සෑම කෙනෙක්වම සතුටු සහ සාමකාමී කරවයි. මෙහි සෑම නිවසකම
මිනිසුන් දිගින් දිගටම එකිනෙකාට දුක් ගෙන දෙයි. මුළු ලොවෙහි සෑම තැනකම දුක, දුක
හැරුණු කොට අන් කිසි දෙයක් නොමැත. පියා දැන් උපත් 21 කට ඔබව නිරන්තර සතුටට පත්කරවන
බව ඔය දරුවන් හට දැන් වැටහෙයි. දුක ආරම්භ වූයේ කෙදිනද කියාවත් එය අවසන් වන්නේ
කෙදිනද කියාවත් සිතීමට වෙනත් කිසිවෙකු ඔවුන්ගේ බුද්ධිය මෙහෙයවන්නේ නැත. ඔබ
අනිවාර්යෙන්ම දෙවියන්ගේ ජන කොටිඨාශයේ කොටසක්ව සිටි බව වැටහෙන්නේ ඔබගේ බුද්ධියට
පමණයි. ඇත්තවශයෙන්ම සෑම මනුෂ්‍යයෙක්ම දෙවියන්ගේ ජන කොට්ඨාශයේ කොටසකි. සැවොම ඔහුට
පියා යැයි කියයි. ශිව් බාබා දැන් ඔබට ශ්‍රීමත් දෙන බව ඔය දරුවන් දන්නවා. ශ්‍රීමත්
ඉතා ප්‍රකටය. මෙම ශ්‍රේෂ්ඨතම-උසස් උපදෙස් ලැබෙන්නේ ශ්‍රේෂ්ඨතම-උසස් දෙවියන්ගෙන්ය.
ඔහුගේ ක්‍රම සහ විදි විශේෂිත බව සිහි කර ඇත. ශිව් බාබාගේ ශ්‍රීමත් අපව සිටි
ආකාරයෙන් සම්පූර්ණයෙන්ම පරිවර්ථනය කරයි. එය අපව දෙව් ලොව අධිපතියන් බවට පත් කරයි.
සෑම මනුෂ්‍යයෙක්ම ඔබව පත්කරන්නේ අපායේ අධිපතියන් බවටයි. ඔබ දැන් සිටින්නේ සංගම්
යුගයේය. ඔබට මෙම විශ්වාසය ඇත. නොඑසේද? බුද්ධිය තුළ විශ්වාසය ඇති අය පමණයි මෙහි
පැමිණෙන්නේ, සහ බාබා නැවත වරක් අපව සතුටු දේශයේ අධිපතියන් බවට පත් කරවන බව වටහා
ගන්නේ. අප අයත් වූයේ 100% පාරිශුද්ධ ගෘහස්ථ මාර්ගයටයි. අපට දැන් මෙය සිහිපත් වෙයි.
උපත් 84 ක ගිණුමක් ඇත. එකිනෙකා ගන්නා උපත් ප්‍රමාණය අප දන්නවා. පසුව එන ආගම් වල
ජනයා අපට වඩා අඩු උපත් ප්‍රමාණයක් ගනී. ඔබ දෙවියන්ගේ දරුවන්ය යන විශ්වාසය ඔය
දරුවන්ට දැන් තිබිය යුතුයි. සෑම කෙනෙක්වම ශ්‍රේෂ්ඨ කරවීම සඳහායි අපට දැන් උපදෙස්
ලැබෙමින් පවතින්නේ. අපගේ එම බාබාම අපට රාජයෝගා උගන්වයි. වේද සහ ග්‍රන්ථ ආදි සෑම
දෙයක්ම, දෙවියන් සොයා ගැනීමේ මාර්ග බව මිනිසුන් විශ්වාස කරති. නමුත් දෙවියන්
කියන්නේ ඒ කිසි දේකින්, කිසි කෙනෙකුට මා සොයාගත නොහැක. මම ම පැමිණිය යුතුයි. මේ
නිසයි මගේ උපත සමරන්නේ. කෙසේවෙතත්, ඔය බ්‍රහ්මිණ්වරු හැරුණුකොට වෙනින් කිසිවෙකු මා
පැමිණෙන්නේ කවදාද හෝ කාගේ ශරීරයේද කියා හෝ නොදනී. ඔය දරුවන් දැන් සෑම කෙනෙකුටම සතුට
ලබා දිය යුතුයි. ලොවෙහි සෑම කෙනෙකුම එකිනෙකාට දුක් දීම දිගින් දිගටම සිදු කරයි.
දුර්ගුණයන් සිදු කිරීම යනු දුක් දීම යැයි කිසිවකු විශ්වාස නොකරයි. එම දුර්ගුණය මහත්
දුක් ගෙන දෙන බව ඔබ දැන් දන්නවා. පාරිශුද්ධ කුමරියන් අපවිත්‍ර කිරීම සිදු කරයි.
ඔවුන්ව අපායේ වැසියන් බවට පත් කිරීම සඳහා බොහෝ උත්සව පවත්වති. මෙහි එවැනි කලබල
පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. ඔබ මෙහි බොහෝ සාමකාමීව අසුන්ගෙන සිටිති. ඔබ සෑම දෙනාම
සතුටින් සිටින අතර ඔබ මුළු ලොවම නිරන්තර සතුටට පත් කරවමින් සිටියි. ඔබ ශිව ශක්තීන්
යැයි ප්‍රශංසා ලබති. ඔබ සමඟ සසඳන විට ලක‍්ෂ්මි සහ නාරායන්ට කිසිම ප්‍රශංසාවක්
නොමැත. ශිව් ශක්තීන් ගේ නාමය ගෞරවයට පාත්‍ර වී ඇත. පියා සෑම කෙනෙක්වම
පාරිශුද්ධත්වයට පත් කොට ඔවුන්ව නිරන්තර සතුටට පත් කිරීමේ සේවය කළ අයුරින්ම ඔබ එය
කිරීමට ඔහුට උදව්කරුවන් විය. මේ නිසයි ශක්තීන් වන ඔබ, භාරතයේ මව්වරුන් හට, ප්‍රශංසා
කර ඇත්තේ. ලක‍්ෂ්මි සහ නාරායන්, රැජිණ සහ රජු සහ සියලුම වැසියන් යන සෑම දෙනාම දෙව්
ලොව වැසියන් විය. එය ලොකු දෙයක් නොවේ. ඔවුන් දිව්‍ය ලෝකයේ වැසියන්ව සිටි අයුරින්ම,
මෙහිද රජවරු, බිසෝවරු සහ අන් සෑම දෙනෙක්ම අපායේ පුරවැසියන්ය. ඔබ මෙම අපායේ
පුරවැසියන්ව දෙව් ලොව පුරවැසියන් බවට පරිවර්ථනය කරයි. මිනිසුන් කිසිම දෙයක් නොදනි.
ඔවුන්ගේ බුද්ධිය සම්පූර්ණයෙන්ම පහත් වී ඇත. ඔවුන් දිගින් දිගටම කරන දේවල් දෙස
බලන්න! බොහෝ සේ සටන් ආදිය පවති. ඔවුන් සෑම දේකින්ම දුක් විඳියි. ස්වර්ණමය යුගයේ දී
කරන සෑම දේකින්ම ඔවුන්ට සතුට ලැබේ. බාබා ඔබ සෑම කෙනෙකුටම ශ්‍රේෂ්ඨ උපදෙස් ලබා
දෙන්නේ ඔබව සතුටට පත් කිරීමටයි. ශ්‍රේෂ්ඨ උපදෙස් (ශ්‍රීමත්) දෙවියන්ගේ වදන් ය, යැයි
සිහිපත් කොට ඇත. ශ්‍රේෂ්ඨ උපදෙස් (ශ්‍රීමත්) මනුෂ්‍යයන්ගේ උපදෙස්ය, යැයි නොකියැවේ.
ස්වර්ණමය යුගයේ දෙවි දේවතාවරුන්ට උපදෙස් දීමට අවශ්‍ය වන්නේ නැත. ඔබට ශ්‍රීමත්
ලැබෙන්නේ මෙහිදීය. පියාත් සමඟ ශිව් ශක්තීන් වන ඔබත් සිහිපත් කෙරෙයි. ඔබ නැවත වරක්
එම කොටස ප්‍රායෝගිකව රඟ දැක්විය යුතුයි. පියා පවසන්නේ ඔබ දැන් සෑම කෙනෙකුටම ඔබගේ
සිතිවිලි, වචන සහ ක්‍රියා තුළින් සතුට ලබා දිය යුතු බවයි. ඔබගේ ව්‍යාපාරය වන්නේ සෑම
කෙනෙකුවම සතුටට පත්වීමේ මාර්ගය පෙන්වා දීමයි. තමන්ගේ ජීවිකාව වෙනුවෙන් පිරිමින්
ව්‍යාපාරයන්හි යෙදිය යුතුයි. දෙවි දේවතාවරුන් සවස් යාමයේ එහෙ මෙහෙ සැරිසරන බව
කියයි. දෙවි දේවතාවරුන් මෙහි පැමිණෙන්නේ කෙසේද? එම කාලය (ඉර බැස යන වෙලාව) පිවිතුරු
කාලයක් යැයි කියැවේ. ඉර බැස යන වෙලාව සෑම කෙනෙක්ම නිදහසේ සිටින වෙලාවයි. ඔය දරුවන්
ඇවිදින අතරතුර, අසුන් ගෙන සිටින විට සහ එහෙ මෙහෙ යන අතර තුරදී ස්මරණයේ සිටිය
යුතුයි. ඔබ ශාරීරික ජීවීන්ව රැක බලා ගත යුතු නැත. පියා ද්‍රවුපදීගේ පාද සම්භාහනය කළ
බව කියැවේ. මෙහි නියම තේරුම මිනිසුන්ට නොවැටහේ. ශාරීරිකව ඇයගේ පාද සම්භාහනය කිරීමේ
ප්‍රශ්නයක් නොමැත. බොහෝ වියපත් වූ මව්වරුන් බාබා වෙතට පැමිණෙයි. බොහෝ සේ භක්තියේ
යෙදීමෙන් ඔවුන් වෙහෙසට පත් වී ඇති බව බාබා දන්නවා. ඔවුන් චක්‍රයෙන් භාගයක්ම බොහෝ සේ
එහෙ මෙහෙ රස්තියාදු වූ නිසයි ’පාද සම්භාහනය කිරීම‘, යන කියමන භාවිත කරන්නේ.
ක්‍රිෂ්ණා කෙසේද කාගෙවත් පාද සම්භාහනය කරන්නේ? මෙය නිවැරදි සේ පෙනෙයිද? ඔබ
ක්‍රිෂ්ණා හට ඔබගේ පාද සම්භාහනය කිරීමට ඉඩ දෙයිද? ඔවුන් ක්‍රිෂ්ණා දුටුවේ නම්
එසැනින්ම ඔහුගේ ඇගේ එල්ලෙයි. ඔහුට එතරම් ආකර්ෂණයක් ඇත! ඔවුන්ගේ බුද්ධියෙහි
ක්‍රිෂ්ණා හැරුණු කොට වෙන කිසිවෙකු නොමැත. සැමට වඩා බැබලෙන්නේ ඔහුයි. ළදරු
ක්‍රිෂ්ණා බටනලාව වාදනය කළා යැයි කීම නිවැරදි බව නොපෙනෙයි. ඔබට මෙහිදි ශිව් බාබාව
මුණ ගැසිය හැක්කේ කෙසේද? ඔය දරුවන් අන් අයටත් කිව යුතුයි පළමුව ශිව් බාබාව මෙනෙහි
කරන්න එවිට ඔබට ඔහු වෙතට පැමිණිය හැක. ශිව් බාබා අපට උපත් 21 කට සතුට ලබා දෙන
බැවින් ඔය දරුවන් ඇතුලාන්තයෙන් බොහෝ සේ සෑහීමට පත් විය යුතුයි. එවැනි පියෙකුට ඔබ
කැප විය යුතුයි. පියෙකුගේ වටිනා දරුවන්, ඔහුගේ සෑම ආශාවක්ම ඉටුකළ විට එම පියා
ඔවුන්ට කැප වෙයි. කෙසේවෙතත්, සමහර දරුවන් කෙසේද යත් ඔවුන් තම පියාවත් මරා දමයි.
මෙහිදි ඔබ වඩාත් සෙනෙහෙබර විය යුතුයි. කිසි කෙනෙකුට දුකක් දෙන්න එපා. සෑම ගමකටම
ගොස් සේවය කිරීමේ ආශාව ඔය සානුකම්පිත දරුවන් ගේ හදවත් තුළ ඇත. මේ දිනවල දුප්පත්
මිනිසුන් සිටින්නේ බොහෝ දුකිනි. පිවිතුරු, සාමකාමී සහ සතුටින් පිරි දිව්‍යමය
රාජධානිය දැන් ස්ථාපනය වෙමින් පවතිනවාය, යන සුබ ආරංචිය ගොස් ඔවුන්ට ලබා දෙන්න. එම
මහා භාරත යුද්ධයම සිදුවීමට යයි. පියා සත්‍ය වශයෙන්ම එම කාලයේදී මෙහි පැමිණියේය.
පියා දැනුදු නැවත වරක් පැමිණ ඇත. බාබා ඔබව ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයන් බවට පත් කරවන බව
ඔබ දන්නවා. මෙම යුගය වඩාත්ම ශුභ සංගම් යුගයයි. ඔබ වඩාත්ම ශ්‍රේෂ්ඨතමයන් බවට
පත්වන්නේ කෙසේද කියා ඔය දරුවන් දන්නවා. මිනිසුන් ඔබගේ අරමුණ අසන විට ඔවුන්ට කියන්න
සාමාන්‍ය මිනිසුන්ගෙන් දෙවි දේවතාවරුන් බවට පත් වීමට, කියා. දෙවි දේවතාවරුන්
සුප්‍රසිද්ධය. පියා පවසන්නේ ගොස්, දෙවි දේවතාවරුන්ගේ භක්තිකයන් හට විස්තර කරන්න. ඔබ
පළමුවෙන්ම ශිවාට වන්දනාමාන කළේය, ඉන්පසු ඔබ දෙවි දේවතාවරුන්ට වන්දනාමාන කිරීම ආරම්භ
කළේය. එබැවින් පළමුවෙන්ම ගොස් ශිව භක්තිකයන්හට විස්තර කර දෙන්න. ඔවුන්ට කියන්න ශිව්
බාබා කියන්නේ මා ස්මරණය කරන්න කියාය. ඔවුන් ශිවාට වැදුම් පිදුම් කළත්, ඔහු
පාරිශුද්ධත්වයට පමුණුවන පියා බව ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. බලන්න ඔවුන්
භක්ති මාර්ගයේ කෙතරම් රස්තියාදු වෙනවාද කියා! ඔවුන්ට නිවසේ ද ශිව ලිංගමයක් තබා ගත
හැක. ඔවුන්ට නිවසේ හිඳ එයට වැඳුම් පිදුම් කළ හැක. ඉතිං අමරනාථ, බද්‍රිනාථ ආදී ස්ථාන
වලට ඔවුන්ට යාමට අවශ්‍ය වන්නේ ඇයි? කෙසේවෙතත්, මිනිසුන් අනිවාර්යෙන්ම භක්ති මාර්ගයේ
රස්තියාදු විය යුතුයි. ඔබව ඉන් මුදවාගෙන ඇත. ඔබලා ශිව් ශක්තීන්, ශිවාගේ දරුවන්. ඔබ
පියා ගේ ශක්තිය ලබා ගනී. ස්මරණයේ සිටිමෙන් පමණයි ඔබට එය ලැබෙන්නේ. ඔබගේ පාපයන්ද
දුරු වෙයි. පියා පාරිශුද්ධත්වයට පමුණුවන්නා නොවේද? ඔබට පාරිශුද්ධත්වයට පත්වීමට සහ
පාපකාරී ක්‍රියාවන්ගෙන් මිදීමට හැකිවන්නේ ඔහුව මෙනෙහි කිරීමෙන් පමණයි. මෙම මාර්ගය
සැමටම පෙන්වන්න. ඔබ දැන් අයත් වන්නේ රාමාටයි. රාමාගේ රාජධානියේ සතුටද රාවණ්ගේ
රාජධානියේ දුකද පවති. බොහෝ සේ වන්දනාමානයට පාත්‍ර වන සැම දෙනාගේම පිළිරූ ඇත්තේ
භාරතයේ පමණයි. බොහෝ දේවාල ඇත. සමහරු හනුමාන්ට වන්දනාමාන කරන අතර තවත් සමහරු වෙනත්
කෙනෙකුට වන්දනාමාන කරයි. එයට කියන්නේ අන්ධ විශ්වාසය කියාය. ඔබද අන්ධව සිටි බව ඔබට
දැන් වැටහෙයි. මොහුද, බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් යනු කවරෙක්ද හෝ කුමක්ද කියා දැන
සිටියේ නැත. පිදුම් ලැබීමට සුදුසු වූ අය, පුදන අය බවට පත්විය. ස්වර්ණමය යුගයේ
පිදුම් ලබන්නට සුදුසු අය සිටින අතර මෙහි ඇත්තේ වැඳුම් පිදුම් කරන අය පමණයි. පියා
ඔබට ඉතා හොඳින් විස්තර කර දෙයි. ඔබ දන්නවා පිදුම් ලබන්නට සුදුස්සන් සිටිය හැක්කේ
ස්වර්ණමය යුගයේ පමණක් බව. මෙහි සිටින්නේ පුදන්නන් පමණයි. එබැවින් ඔවුන් දිගින්
දිගටම වැඳුම් පිදුම් කරති. ඔබලා ශිව් ශක්තීන්. වර්තමානයේ ඔබ පිදුම් ලබන්නට සුදුසු
නොවන අතර ඔබ පුදන්නන්ද නොවේ. පියාව අමතක නො කරන්න. මෙම ශරීරය සාමාන්‍ය එකකි. එසේ
නොවේද? උසස්ම උසස් දෙවියන් එය තුළට ඇතුළු වෙයි. ඔබ වෙතට එන්නට කියා ඔබ දෙවියන්ට
ආරාධනා කරයි. බාබා එන්න. අපි බොහෝ සේ අපවිත්‍රයි. පැරණි අපවිත්‍ර ලොවෙහි, පැරණි
අපවිත්‍ර ශරිරයකට පැමිණ අපව පවිත්‍ර කරන්න! දරුවන් පියාට ආරාධනා කරන්නේ මෙලෙසිනි.
මෙහි කිසි කෙනෙක් පාරිශුද්ධ නැත. ඔහු අනිවාර්යෙන්ම අපවිත්‍ර සෑම කෙනෙකුම පාරිශුද්ධ
කොට ඔවුන් සියල්ලම ආපසු නිවහනට රැගෙන යයි. එබැවින් සෑම කෙනෙකුටම තම ශරීරය අත්හැරීමට
සිදුවෙයි. කෙනෙක් තම ශරිරය අත්හරින විට මිනිසුන් බොහෝ සේ කලබල ඇති කරති. ඔබ යන්නේ
සතුටිනි. ශිව් බාබාව වැඩියෙන්ම මෙනෙහි කරන්නේ කවුරුන්ද කියා බලා ගැනීමට ඔය දරුවන්
දැන් තරඟ කළ යුතුයි. ශිව් බාබාගේ ස්මරණයේ සිටින අතර ශරීරය අත්හැරීම ඔබගේ මහත්
භාග්‍යයකි. එහි අරුත, ඔබගේ ඔරුව ඒ වනවිටත් එගොඩට ගොස් ඇති බවයි. එවැනි උත්සාහ කරන්න
යැයි පියා සැමටම කියයි. සමහර සන්යාසීන්ද එසේය ඔවුන් බ්‍රහ්ම තත්ත්වයට එකතුවීම
පුහුණු වෙයි. ඉන්පසු ඔවුන් මිය යන විට කොහේ හෝ අසුන් ගෙන සිටින අතරම ශරිර අත්හැර
යයි. එම වෙලාවේ දැඩි නිහැඬියාවක් ඇතිවේ. ඔබගේ සතුටින් පිරුණු දිනයන් දැන් නැවත
පැමිණෙයි. ඔබ උත්සාහ දරන්නේ ඒ සඳහාය. ඔබ කියන්නේ බාබා අප ඔබ වෙතට එන්නෙමු. ඔබව
මෙනෙහි කිරීමෙන් ජීවීන් වන අප පාරිශුද්ධ වු විට ඔබ අපව නැවත නිවහනට රැගෙන යයි. පෙර
දිනයන්හී විමුක්තිය ලැබේවි යන විශ්වාසයෙන් බොහෝ සෙනෙහසින් යුතුව, කාශි හිදි,
මිනිසුන් තම ජීවිත පූජා කළෝය. දැන් පියාගේ ස්මරණයේ සිටින අතර ඔබ සාමයේ දේශයට යයි.
ඔබ පියාව ස්මරණය කරන අතර මෙම ස්මරණයේ බලයෙනුයි ඔබගේ පාපයන් කැපී යන්නේ. තම පාපයන්
ජලයෙන් සෝදා දැමීමෙන් තමන්ට විමුක්තිය ලැබෙතැයි එම මිනිසුන් විශ්වාස කරති. පියා
දැන් විස්තර කර දෙන්නේ ඔවුන්ට යෝගා බලය ලැබෙන්නේ නැත. ඔවුන් සිදු කර ඇති පාපයන්
වෙනුවෙන් ඔවුන් දඬුවම් විඳියි. ඉන්පසු ඔවුන් අළුත් උපතක් ගන්නා අතර ඔවුන්ගේ පාප
ගිණුම නැවතත් අලුතෙන් ආරම්භ වෙයි. පියා මෙතැන අසුන්ගෙන කර්මය, අකර්මය සහ පාප කර්මය
පිළිබඳ දර්ශනය විස්තර කර දෙයි. රාමාගේ රාජධානියේ ක්‍රියාවන් අකර්ම වන අතර රාවණ්ගේ
රාජධානියේ ක්‍රියාවන් පාපයන්ය. එහි, රාමාගේ රාජධානියේ දුර්ගුණ ආදිය නොමැත. පියා
ඔහුගේ සෑම ක්‍රමයක් සහ රහසක්ම ඔබට විස්තර කර දෙන බව ඔය සුමිහිරි මල් වැනි දරුවන්ට
දැන් වැටහේ. ප්‍රධානතම දේ වන්නේ පියාව ස්මරණය කිරීමයි. පාරිශුද්ධත්වයට පමුණුවන පියා
ඔබ ඉදිරියේ අසුන් ගෙන සිටියි. ඔහු එතරම් නිරහංකාරයි. මේ තැනැත්තාටද මානය නොමැති අතර
බොහෝ සරලව ජීවත් වෙයි. බාප් සහ දාදා යන දෙදෙනාම ඔය දරුවන්ගේ මෙහෙකරුවන්ය. ඔබට
මෙහෙකරුවන් දෙදෙනෙක් සිටියි උසස්ම-උසස් ශිව් බාබා සහ ප්‍රජාපිතා බ්‍රහ්මා. අන් අය
ත්‍රිමූර්ති බ්‍රහ්මා ගැන කතා කරයි. ඔවුන් මෙහි තේරුම නොදනි. ත්‍රිමුර්ති බ්‍රහ්මා
කරන්නේ කුමක්ද කියා ඔවුන් දන්නේ නැත. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ
දෙවියන්ගේ දරුවන් වන බව සහ ඔහුගේ ශ්‍රේෂ්ඨ උපදෙස් පිළිපැදිය යුතු බව, සෑම විටම
විශ්වාස කරන්න, කිසිවෙකුට දුකක් නොදෙන්න. සෑම කෙනෙකුටම සතුටට මාර්ගය පෙන්වා දෙන්න.
2. වටිනා දරුවකු වී
පියාට කැප වන්න. ඔබ වෙනුවෙන් පියා තුළ ඇති සෑම ආශාවක්ම ඉටු කරන්න. බාප් සහ දාදා යන
දෙදෙනාම නිරහංකාරී සහ මානයෙන් තොර වන සේම, ඔබත් පියාට සමාන වන්න.
වරදානය:
ඔබේ ස්වයං
ප්‍රගතිය සමඟ සේවාවේ ප්‍රගතියක් ලබා ගන්නා සැබෑ සේවාදායකයෙකු වේවා.
ඔබේ ස්වයං ප්‍රගතිය
ඔබේ සේවාවේ ප්‍රගතියේ විශේෂ පදනමයි. ස්වයං ප්‍රගතියක් නොමැති නම්, සේවය සිදු කරනු
ලබන්නේ ඉතා අල්ප වශයෙනි. සේවය යනු වචන වලින් කෙනෙකුට හැඳින්වීමක් ලබා දීම පමණක්
නොව, ඔබේ ක්‍රියා සමඟ උසස් ක්‍රියා කිරීමට කෙනෙකු පෙළඹවීම ද සේවයකි. තම සිතිවිලි,
වචන සහ ක්‍රියා සමඟ නිරන්තරයෙන් සේවයේ නියැලී සිටින අය සේවය කිරීමෙන් උසස් වාසනාව
අත්විඳිති. ඔවුන් සේවය කරන තරමට, ඒ අනුව ඔවුන් ප්‍රගතියක් ලබා ගනී. ඔවුන්ගේ උසස්
ක්‍රියා සමඟ සේවය කරන අය නිරන්තරයෙන් ඒවායේ ප්‍රායෝගික ඵල අත්විඳිති.
පාඨය:
සමීප වීමට
නම්, ඔබේ සිතීම, කතා කිරීම සහ ක්‍රියාව සමාන වීමට ඉඩදෙන්න.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
ඒකාග්‍රතාවයේ පදනම
අභ්‍යන්තරික වීමයි. අභ්‍යන්තරික වීමෙන් ඔබට සියුම් බලවේග වල අරුම පුදුම දේ අත්විඳිය
හැකිය. ඔබ ජීවාත්ම අවධානයේ සිටීමෙන්, අනෙකුත් ජීවාත්මයන්ට ආරාධනා කිරීමට, ජීවත්ම
සමඟ හදවතින්ම සංවාදයක් පැවැත්වීමට, ජීවත්මයන්ගේ ස්වභාවය සහ සංස්කාර පරිවර්තනය
කිරීමට, ජීවාත්මයන්ට පියා සමඟ සම්බන්ධතාවයක් ඇති කර දීම වැනි අධ්‍යාත්මික
ආශ්චර්යයන් අත්විදිය හැක.