10.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ශිව බාබා සහ බ්‍රහ්ම බාබා යන දෙදෙනාගේම උපදෙස් ඉතා ප්‍රසිද්ධයි. දෙදෙනාගේම
උපදෙස් පිළිපැද, තමන්ට යහපතක් සිදුකර ගන්න.
ප්‍රශ්නය:
අංක එකේ
භාරකරුවා කවුරුන්ද, එමෙන්ම ඒ ඇයි?
පිළිතුර:
අංක එකේ භාරකරු, ශිව බාබාය. ඔහු කිසිම දේකට ආකර්ෂණය වන්නේ නැත. භක්ති මාර්ගයේ ඔබ
ඔහුගේ නමින් සිදු කරන කුමන හෝ දන් දීම් සහ පුණ්‍යකර්ම, ඔබ වෙනුවෙන් රක‍්ෂණය කෙරෙන
අතර, ඔබගේ මතු භවයෙදී එහි ඵලය ඔබට ලැබෙයි. ඔබ දැන් පියාගේ නමින් රක‍්ෂණය කරන කුමන
හෝ දේක සම්පූර්ණ ප්‍රතිලාභය පියා ඔබට ලබා දෙයි, මන්ද, බාබා පවසන්නේ : මා සතුට
අත්විඳින්නේ නැත, එබැවින් ඔබෙන් ගන්න දේවල් වලින් මා කුමක් කරන්නද?
ගීතය:
දිවුරුම් දී
මා ඔබේ ගෙදොරට ආවෙමි.
ඕම් ශාන්ති.
සුමිහිරි,
ආදරණීය, බොහෝ කාලයක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට, ගීතය ඇසුණා. දරුවන් යනු, පියාට
අයත් අයයි. ඔබ ජීවමානව මියැදෙන, ඔබගේ අවසන් උපත මෙයයි. ජීවතුන් අතර සිටින අතරම, පරම
පියාට අයත් වන්න. ශ්‍රීමත් සිහිකර ඇති බව, ඔය දරුවන්ට වැටහෙයි. ශ්‍රීමත් යනු
පරමාත්ම දෙවියන්ගේ වදන්ය. ගීතාවේ ඔවුන් ක්‍රිෂ්ණාගේ නම සඳහන් කර ඇති නමුත් එය
සැබවින්ම ශිව බාබාගේය. ඔහුට පසුව, බ්‍රහ්ම සහ ඉන්පසුව ක්‍රිෂ්ණා සිටියි. ශ්‍රීමත්,
ක්‍රිෂ්ණාගෙන් නොවෙයි. වඩාත්ම ශ්‍රේෂ්ඨ වන්නේ අපගේ පරම පියාය. පාරිශුද්ධකරු යැයි,
රාධේට හෝ ක්‍රිෂ්ණාට කිව නොහැක ඔවුන් දිව්‍යමය ගුණදම් තිබෙන මනුෂ්‍යයන්ය.
මනුෂ්‍යයන්ට, පාරිශුද්ධකරු යැයි කිව නොහැක. ස්වර්ණමය යුගයෙදී ඔබ මෙසේ නොකියයි
පාරිශුද්ධකරු, වඩිනු මැන! අපවිත්‍ර අය පිවිතුරු කරන්නේ එක් පියා පමණක් වන අතර ඔබ
අනුගමනය කරන්නේ ඔහුගේ ශ්‍රීමත්ය. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ උපදෙස්ද සුප්‍රසිද්ධයි.
ශ්‍රීමත්ද ඉතා සුප්‍රසිද්ධයි. කෙසේවෙතත්, පියාගේ නම වෙනුවට, ක්‍රිෂ්ණාගේ නම
දැමීමෙන් ඔවුන් වැරැද්දක් සිදු කර ඇත. සියලුම ආගම් වල අයගේ පියා, එක්කෙනෙක් පමණයි.
සෑම කෙනෙක්ම ක්‍රිෂ්ණා ගැන විශ්වාස කරන්නේ නැත. ක්‍රිස්තියානුවන් විශ්වාස කරන්නේ
ක්‍රිෂ්ණා නොව, ඔවුන්ගේ පියා වන්නේ ක්‍රිස්තුස් වහන්සේ බවයි, මන්ද,
ක්‍රිස්තියානුවන්, ක්‍රිස්තු තුමාගේ මුඛයෙන් උපන් පරම්පරාව නිසා. ශිව බාබා පැමිණ,
ඔබව ඔහුට අයත් කරගනී. ඔබගෙන් ඇතැමුන් පවසන්නේ මා දැන් මුළු හදින්ම පියාට අයත්ය
(දිවුරුම් ගැනීමෙන් අනතුරුව). එබැවින් ඔබ ඔහුගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඔබගේ
උපදෙස් පියාට ලබා දීමට අවශ්‍යතාවයක් නැත! ඔහුම ඔබට උපදෙස් ලබා දෙයි. ඔබ සියලු දෙනාම
දරුවන්ය. ශිව බාබා, ඉතා සුප්‍රසිද්ධයි. ඔහු කුමන උපදෙස් ලබා දුන්නත් එමෙන්ම ඔහු
කුමක් කළත්, එය නිවැරදිය. ඔහු බ්‍රහ්ම බාබාටද උපදෙස් ලබා දෙයි මෙය කරන්න! ඔබගේ
සම්බන්ධතාවය තිබෙන්නේ ශිව බාබා සමඟයි. අන් අයගේ අඩු පාඩු දෙස නොබලන්න! ශ්‍රීමත්
පිළිපදින්න! ශිව බාබා අශාරීරිකය. මෙය ඔහුගේ නිවහන නොවෙයි. මෙහි, ඔබ පැරණි නිවසක
ජීවත් වන අතර, ඉන්පසුව දිව්‍ය ලෝකයේ ඔබගේම නිවසේ ඔබ ජීවත් වෙයි. ශිව බාබා පවසන්නේ
මා එහි ජීවත් වන්නේ නැහැ. මා මෙකල, කෙටි කාලයකට මෙහි පැමිණෙන්නෙමි. සත්‍ය
ආධ්‍යාත්මික ගැලවීමේ හමුදාව ඔබයි. නාටකයේ සැලසුමට අනුව, පෙර චක්‍රයේදී කළ එම
ආකාරයෙන්ම, උත්තරීතර ජීවාත්මය (පරමාත්ම පියා) ඔබට උපදෙස් ලබා දෙනවා. ඔහු සෑම
චක්‍රයකදී කර ඇති ආකාරයෙන්ම, එම උපදෙස්ම ලබා දෙයි. දිවා රාත්‍රියේ ඔහු ගැඹූරු දැනුම
දිගටම ලබා දෙයි. අළුත පැමිණි කෙනෙකුට එය වටහා ගැනීමට නොහැකි වනු ඇත. සමහරුන් මෙහි
වසර 35 සිට 40ක් ජීවත්වී ඇති නමුත්, මෙම ගැඹුරු, බරපතළ කරුණු වටහා නොගන්නා අය
බොහොමයක් සිටියි. බාබා සෑම දිනකම අළුත් දැනුම පවසයි. කරච්චියේ සිටි දින පටන්,
මුරලිය පිටතට යවා ඇත. ආරම්භයේදී බාබා, මුරලිය පැවසුවේම නැත. ඔහු පෙ.ව 2.00ට අවදි
වී, පිටු 10ක් සිට 15ක් ලියයි. බාබා ඔහු ලවා ලියවන අතර ඉන්පසුව ඒවායේ පිටපත් සාදන
ලදි. භක්ති මාර්ගයේ ඔවුන් ආගමික ග්‍රන්ථ වල පිටු රැකගනී. දිනෙන් දින, ඔවුන් එන්න
එන්නම වඩාත් ලොකු පොත් සාදා ඇත. ඔවුන් දිගටම බොහෝ චරිතාපදාන කතා සාදයි. ඔවුන් ඒවා
හදාරා තබාගනී. ඔබ මුරලිය කියවා ඉන්පසුව එය විසිකර දමයි. ඇත්ත වශයෙන්ම මෙම වැකි
සදාතනිකවම තබාගත යුතු නමුත්, නැහැ! ඒ සියල්ලම විනාශ වන බව, ඔබ දන්නවා. ඔබ සාදන
පිංතූර ආදිය කෙටි කාලයකට පමණක් පවතී. ඉන්පසුව ඒවා සියල්ලම වැළලී යයි. එම ග්‍රන්ථ,
පිළිරූ ආදිය ඉතිරි නොවන අතර, ඉන්පසුව දැන් සිදුවන සෑම දෙයක්ම ඊලඟ චක්‍රයේ නැවත
සිදුවෙයි. ග්‍රන්ථ ආදිය නැවතත් තඹ යුගෙය්දී ආරම්භ වෙයි. ග්‍රාන්ත් පොත, මුලදි,
අතින් ලියන ලද කුඩා පොතක් විය. ඔවුන් දැන් එය විශාල කර ඇත. ඔවුන් දිනෙන් දින ඒවා
වඩාත් ලොකු කර සාදයි. අනෙක් අතට, ශිව බාබගේ ජීවිත කතාව, කොතෙක් ලිවිය යුතුද කියා
සිතා බලන්න! ඔය දරුවන් දැන් පවසන්නේ, ඔබ උත්තරීතර පියා, උත්තරීතර ජීවයගේ ජීවිත කතාව
දන්නා බවයි. ඔහු භක්ති මාර්ගයේදී කරන්නේ කුමක්ද කියා, පරමාත්ම පියා මෙතැන අසුන්ගෙන
පහදා දෙයි. මම භක්ති මාර්ගයේදී රක‍්ෂණය සිදුකරමි. මිනිසුන්, දෙවියන්ගේ නාමයෙන් දන්
දී, පුණ්‍යකර්ම සිදු කරයි. ඔවුන් පවසන්නේ මෙම කෙනා දෙවියන්ගේ නාමයෙන් දන් දී
පුණ්‍යකර්ම සිදු කර ඇති බවයි. දෙවියන් ඔහුට සුවිසල් නිවහනක උපත ලබා දුන්නා. භක්ති
මාර්ගයේ බොහෝ ධර්මිෂ්ඨ ජීවාත්ම සිටියි. ඔවුන් දෙවියන්ගේ හෝ ශ්‍රී ක්‍රිෂ්ණාගේ
නමින්, දන් දී පුණ්‍යකර්ම සිදු කරයි. පියා පහදා දෙන්නේ මේ නිසයි මම ඒ දරුවන්ට
ඔවුන්ගේ මතු භවයෙදී යම් තාවකාලික ඵලයක් ලබා දෙන්නේ. හොඳ හෝ නරක ඵල නිශ්චිතවම
ලැබෙයි. කෙතරම් රක‍්ෂණය කරයිද? කෙනෙක් කුමන ක්‍රියා සිදු කළත්, එයට අනුව ඔහුට ඵල
ලැබෙයි. මායා ඔබ ලවා වැරදි ක්‍රියා සිදුකරවයි, ඉන් ඔබට දුක ලැබෙයි. දැන් මා ඔබට
කිසිදාක දුක් විඳින්නට සිදු නොවන ආකාරයේ ක්‍රියා කියා දෙමි. එහි මායා පවා නොසිටියි.
එවිට ඔබගෙන් එක් එක්කෙනා, කෙතරම් රක‍්ෂණය වන්නේද, එයට අනුව, එය තත්ත්වය පිළිබඳ
ප්‍රශ්නයකි. ශිව බාබා, භාරකරුද වෙයි. ඔහු අංක එකේ භාරකරුවායි. වෙනත් භාරකරුවන්
ද්‍රව්‍ය වලට ආකර්ෂණය වෙයි. සමහර භාරකරුවන් අන් අයගේ සියලු දේ විනාශ කර දමයි.
බලන්න, පරමාත්ම පියා කෙබඳු ආකාරයේ භාරකරුවෙක්ද කියා! ඔහු පවසන්නේ මේ සියලු දේ ඔය
දරුවන් වෙනුවෙනි. ඔබගේ සම්බන්ධතාවය, මුළුමනින්ම ශිව බාබා සමඟයි. පරම පියා පවසන්නේ
සත්‍ය භාරකරු මමයි. ඔහු පවසන්නේ එම සතුට මම, මට ලබා ගන්නේ නැත. මා මුළු රාජධානියම
ඔය දරුවන්ට ලබා දෙනවා. ලෞකික පියෙක්ද ඔවුන්ගේ උරුමය ලෙසින් සෑම දෙයක්ම තම දරුවන්ට
දෙයි. මා දිව්‍ය ලෝකයේදී කිසි දෙයක් ගන්නේ නැත. මා සෑම දෙයක්ම ඔබට දෙනවා. ඔබගේ මුළු
සම්බන්ධතාවයම, ශිව බාබා සමඟයි. මෙම බාබාද පවසන්නේ මමද සම්පූර්ණයෙන්ම රක‍්ෂණය
කරගත්තෙමි. සිරුර, මනස සහ ධනය යන සිල්ලම පියාගේ සේවය වෙනුවෙන් භාවිත කරයි. සින්දි
වලින් මෙවන් කියමනක් තිබේ ඔවුන්ගේ දෑත් මේ අන්දමින් (පිරිනැමීමේ හස්තමුද්‍රාවේ)
තිබෙන අය, පළමු අස්වැන්න නෙළා ගනි. පියා සමඟ සෑම දෙයක්ම රක‍්ෂණය කරගන්න. සුදාම,
හාල් මිට මොලවල් දෙකක් දුන් විට, ඔහුට ඒ වෙනුවෙන් මාලිගාවක් ලැබුණි. බලන්න, ලඟදී
තැනූ ගොඩනැගිල්ල වෙනුවෙන්, කෙනෙක් රුපියලක් එවා මෙසේ කීහ මගේ නමින් ගඩොලයක් දමන්න.
පියා පෙරලා මෙසේ ලියූහ ඔබ දුප්පත් බැවින් ඔබට හොඳම මාලිගාව ලැබෙයි. මම දුප්පතුන්ගේ
ස්වාමියාය. දුප්පත් කෙනෙකුගේ එක රුපියලක්, ධනවතෙකුගේ 10,000කට සමානයි. දෙදෙනාටම එකම
තත්ත්වය ලැබෙයි. ධනවත් අය මෙහි පැමිණෙන්නේ ඉතාමත්ම කලාතුරකිනි. සියල්ලන්ටම වඩා
නිදහස්ව සිටින්නේ කුමාරීන්ය. මමා අංක එකට පත් වූ අන්දම දෙස බලන්න. ඇයට කිසිවක්
තිබුණේ නැත. ඇය දුප්පත් පවුලකින් පැමිණි නමුත් ඇය පළමු අංකය හිමි කරගත්තා. මෙම කෙනා
සෑම දෙයක්ම දුන් නමුත්, එය සෑම විටෙකම, පළමුව ලක‍්ෂ්මි සහ පසුව නාරායනය. මෙය
ඉතාමත්ම ආශ්චර්යමත් නාටකයකි! කිසිම දෙයක් ගැන සුළු සැකයක්වත් නොතිබිය යුතුයි.
බාප්දාදා ද අඩු නැත. ඔබ මෙම කෙනා පිළිබඳවද සුළු සැකයක්වත් ඇති කර නොගත යුතුයි. තවද
බොහෝ මිහිරි වන්න. සෑම පියවරකදීම ශ්‍රීමත් ලබාගන්න. එසේ නැත්නම් මායා ඔබට විශාල
පාඩුවක් සිදුකරාවි. දරුවන්ට බොහෝ උපදෙස් ලබා දිය යුතු වනවා! බාබා පවසන්නේ ඔබගේ
සියලුම තොරතුරු ලියා එවන්න. බාබා ඔබව සෑම අන්දමකින්ම රැක ගන්නවා. මෙම දරුවා ඉහළට
නැඟිය යුතු බව, බාබා බොහෝ සැලකිලිමත් වනවා. ඉගෙනුම කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කළ
යුතුයි. අපි බොහෝ ආදරණීය වූ දෙවි පියාණන්ගේ ශිෂ්‍යයන්ය. ’දෙවියන්ගේ වැකි’ යන
ව්‍යවහාරය ලියා ඇති නමුත්, ඔවුන් ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර ඇත. ක්‍රිෂ්ණා සියලුම
මනුෂ්‍යයන්ගෙන් උසස්ම කෙනාය. පළමුවන රාජකුමාරයා ඔහුයි. ඔවුන් ක්‍රිෂ්ණාගේ නම සඳහන්
කරන නමුත්, නාරායනගේ නම සඳහන් නොකරන්නේ මන්ද? ක්‍රිෂ්ණා දරුවෙකි. දරුවෙක් ඔහුගේ ළමා
කාලයේදී සතෝප්‍රධාන්ය. ඉන්පසුව යෞවන වියත්, පසුව මහළු වියත් තිබේ. දරුවන්ට
ප්‍රශංසා කෙරෙන්නේ ඔවුන් පිවිතුරු බැවින්ය. දරුවන්, බ්‍රහම් පදාර්ථය පිළිබඳව දැනුම
තිබෙන අය මෙනි. දරුවන් පාපයන් සිදු කරන්නේ නැත. ක්‍රිෂ්ණා කුඩා දරුවෙක් නිසා, ඔහුගේ
උපන් දිනයද සමරයි. කෙසේවෙතත්, ඔවුන් ක්‍රිෂ්ණාව තඹ යුගයේ පෙන්වා ඇත. පරම පියා මෙහි
අසුන් ගෙන, මේ සෑම දෙයක්ම විස්තර කර දෙයි. ඔය බ්‍රහ්මණයින් හැර, මේ සියලු දේවල්
වටහාගන්නා වෙනත් කිසිවෙකු ලෝකයේ නැත. වඩාත්ම ශ්‍රේෂ්ඨ වන්නේ බ්‍රහ්මණයන්ය. ඔය
බ්‍රහ්මණයන්, පරමාත්ම දෙවියන්ගේ දරුවන්ය. ස්වර්ණමය යුගයෙදී, ඔබට දෙවියන්ගේ දරුවන්
යැයි නොකියයි. ඔබට නියත වශයෙන්ම දෙවියන්ගෙන් දිව්‍ය ලෝකය ලැබෙයි. ඔබගේ මෙම උපත,
උපරිම ලෙස වටිනා, දුර්ලභ එකකි. එය සෑම කෙනෙකුටම තිබිය නොහැක. නාටකය මේ අන්දමින් පෙර
නියම වී තිබේ. පෙර චක්‍රයේදී ඉගෙනගත් අය, දැන් ඉගෙනගනිමින් සිටිනවා. පරමාත්ම
දෙවියන් නියත වශයෙන්ම දේවතාවරුන් සහ දේවතාවියන් නිර්මාණය කළ නමුත් ඔවුන්ට දේවතාවන්
සහ දේවතාවියන් යැයි කිව නොහැක. දෙවියන් එක්කෙනෙක් පමණයි! අශාරීරික කෙනාගේ වර්ණනාව
තිබේ. ශාරීරික අයට එම වර්ණනාව තිබිය නොහැක. අශාරීරික කෙනා, ලක‍්ෂ්මි සහ නාරායනව එය
බවට පත් කළහ. ඔවුන් දැන් රාජයෝගාව ඉගෙනගනිමින් සිටිනවා. රාජධානියක් ස්ථාපිත කළ
නමුත්, විනාශයද එකල සිදුවිය. පරම පියා නියත වශයෙන්ම දිව්‍ය ලෝකයේ උරුමය ලබා දෙයි.
එය දැන් සංගම යුගය පිළිබඳ කරුණකි. ශිව බාබා පැමිණි විට, නාටකය අවසානයකට පැමිණෙන
අතර, එවිට ක්‍රිෂ්ණා උපත ලබනවා. දුප්පත් අසරණ මිනිසුන් අවුලට පත් වී සිටියි,
පරමාත්ම පියා පැමිණ පහදා දෙන්නේ මේ නිසාය. පරම් පිතා, පරමාත්මා, බ්‍රහ්මාගේ
මාර්ගයෙන් ඔබට සියලුම ග්‍රන්ථයන්ගේ සාරය කියා දෙයි. ඔබ මෙකල අධිපති දැනුමින් සපිරි
අය වනවා මෙනි. ජීවයේ ප්‍රශංසාව තිබේ. ඔහු ඥානයේ මහා සාගරයයි, ආනන්දයේ මහා සාගරයයි,
ආනන්දයෙන් පිරි කෙනාය. මෙය පියාගේ වර්ණනාවයි. පියා පවසන්නේ මෙම භාරතය, සියල්ලටම වඩා
ශ්‍රේෂ්ඨතම වන්දනා ස්ථානයයි. කෙසේවෙතත්, ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කිරීමෙන්, ඔවුන්
ශිවාගේ සියලුම වර්ණනාව අතුරුදහන් කර තිබේ. එසේ නැත්නම්, සෑම කෙනෙක්ම ශිව දේවාලයේ
මල් පුදයි. සියලු දෙනාටම විමුක්තිය පිරිනමන්නේ එම ඒකායන කෙනාය. ඔබ චක්‍රයෙන් භාගයක්
ප්‍රතිලාභය අත්විඳින අතර, ඉන්පසුව ඔබ පහතට බසි. සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් විය
යුතුයි. පරම පියා පවසන්නේ මම දැන් ඔය දරුවන් වෙනුවෙන් නව ලෝකය ස්ථාපිත කරනවා. ඔහු
දිව්‍ය ලෝකයට පැමිණෙන්නේ නැත. සෑම දෙයක්ම ඔය දරුවන් වෙනුවෙනි. මෙය ඉතා පැහැදිලි
දෙයකි. මිනිසුන් සෑම දෙයක්ම තමන් වෙනුවෙන් කරන නමුත්, ඔවුන් පවසන්නේ, සෑම දෙයක්ම
පරහිතකාමී ලෙස සිදුකරන බවයි! ඔබ කරන සෑම දේකම ඵලය, ඔබට නියත වශයෙන්ම ලැබෙයි. මම ඔය
දරුවන්ට දැනුමේ අවිනාශී මැණික් ලබා දෙමි. මා ඔබට පාරාදීසිය ගෙනැවිත් තිබේ. මා ඔය
දරුවන්ට ආධිපත්‍යයේ සිහිවටනය ලබා දෙමි. එබැවින් ඔබ එය හිමිකර ගැනීමට සුදුසු විය
යුතුයි. ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත්වෙමින් සිටිනවා. ඔබගේ අත්ල මතට පාරාදීසිය
ලබා දෙනවා. ඔබට තත්පරයකදී ජීවන-මුක්තිය, එනම්, රාජධානිය ලැබෙයි බාබා ඔහුගේ අතේ
යතුරක් තබා සිටිනවා නොවෙයි. පරම පියා පවසන්නේ මා ඔය දරුවන්ට රාජධානිය ලබා දෙමි. මා
එහි පාලනය කරන්නේ නැත. ඉන්පසුව ඔබ භක්ති මාර්ගයට ගිය විට දිව්‍යමය දර්ශන වලින් මා
ඔබව විනෝදමත් කළ යුතුයි. ඔහු ඉතා හොඳින් විස්තර කරයි! එවන් බාබා කෙනෙක් එක් වරක්
පමණක්, සෑම චක්‍රයකම සංගම යුගයේදි පැමිණෙයි. නිර්මාණය කරන ලද, පෙර නියම වූ, දෛවය,
සිදුවෙමින් පවතිනවා කිසිම දෙයක් දැන් වෙනස් කළ නොහැක. නාටකයේ කුමක් සිදුවුවත්, එය
නියමිත වී තිබේ. ඒ සියල්ල දෙස, නොබැඳී නරඹන්නන් ලෙස බලන්න! බාබා ඔබට ඉතා හොඳින්
විස්තර කරයි. දරුවනි, මම ඔබගේ රක‍්ෂණ බලවතාය. මම ඔබගේ සතයක්වත් අපතේ හරින්නේ නැත.
මා ඔබව සිප්පි කටුවලින් දියමන්ති බවට පරිවර්ථනය කරමි. ශිව බාබා මේ සියල්ල
සිදුකරන්නේ මෙම කෙනාගේ මාර්ගයෙනි. ඔහු කරන්කරවන්හාර්ය. ඔහු අශාරීරික මෙන්ම
නිරහංකාරී කෙනාය. බලන්න, දෙවි පියාණන් මෙහි අසුන්ගෙන, ඔබට උගන්වන අන්දම! ඔබට ඔහුගේ
දෙපාමුල වැටෙන්නට කියා ඔහු නොකියයි. පියා, ඔබගේ කීකරු සේවකයාය. පියා පවසන්නේ මම,
අධිපතියන් බවට පත් කළ අය, සතුට අත්වින්ද අතර, දැන් දුක අත්විඳිනවා. ඔබට ලැබෙන සතුට,
බොහෝය. වෙනත් කිසිම ආගමකට එතරම් සතුටක් නැත. ඔබට මෙසේ විමසිය නොහැක භාරතයේ ජනතාවට
එය ලැබෙන්නේ ඇයි? අන් අය සිදුකර ඇති අපරාධය කුමක්ද? අහා! නමුත් මනුෂ්‍යයින් බොහෝ
සිටියි ඔවුන් සියල්ලන්ටම දිව්‍ය ලෝකයට යාමට නොහැක. මෙම නාටකය පෙර නියම වූවකි.
භාරතයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය තිබුණි. පරමාත්ම දෙවියන් පැමිණ, පහසු රාජයෝගාව
ඉගැන්වූවා. පරම පියා පවසන්නේ මම නැවත වතාවක් පැමිණ සිටිමි. ඔබ ඔබගේ උපත් 84හි චරිත
කොටස් රඟපා ඇති බවත්, ඔබ දැන් ආපසු නිවසට යා යුතු බවත් ඔබ දන්නවා. මෙම වස්ත්‍රය
බොහෝ පරණ වී ඇත. (සර්පයාගේ නිදසුන) සන්යාසීන් පවසන්නේ, ජීවාත්මයක්, පරම ජීවාත්මය
බවත් එබැවින් ඔහු තුළට මුසු වන බවත්ය. ඔවුන් ඉන්පසුව එවන් ස්ථීතියක, ඔවුන්ගේ සිරුරු
අත්හරියි. කෙසේවෙතත්, කිසිවෙකුට, බ්‍රහම් පදාර්ථයට මුසු විය නොහැක. එහිද සමහරුන්
ඉතා දක‍්ෂය. ඔවුන් සාමකාමීව අසුන්ගෙන, තම සිරුරු අත්හරියි. ඔවුන් එසේ කළ විට, දින
දෙක තුනකට වාතාවරණයේ දැඩි නිහැඬියාවක් පවති. ඔබගේ පැරණි සිරුරු හලා දමා, ඔබ බාබා
වෙතට යන බව, ඔබ දන්නවා. බ්‍රහ්ම් පදාර්ථය, බාබා නොවෙයි. එය, එම දුප්පත් අසරණ
මිනිසුන්ට තිබෙන මිත්‍යාවක් පමණයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පෙර නියමිත
දේ සිදුවෙමින් පවතින බැවින්, මෙම නාටකයේ සෑම ජවනිකාවක්ම නොබැඳි නරඹන්නෙක් ලෙස
බලන්න. කිසි දෙයක් ගැන සැක ඇති කර නොගන්න.
2. පරම පියා, රක‍්ෂණ
බලධාරියාය. එබැවින් ඔබගේ සිරුර, මනස සහ ධනය වටිනා අන්දමකින්, පියාගේ සේවය වෙනුවෙන්
භාවිත කර, ඔබගේ අනාගතය නිර්මාණය කරගන්න. පියා සමඟ සම්පූර්ණ සම්බන්ධතාවයක් තබාගන්න.
ඔබගේ සියලු තොරතුරු ඔහුට ලබා දෙන්න.
වරදානය:
ඔබ ලැබීම්
වලින් පිරී ධෛර්යයේ සහ උනන්දුවේ අවිනාශී මුද්‍රාවෙන් මුද්‍රාව ලබා ජීවත්ව සිටියදී
මිය යෑමේ අවධිය අත්විඳිත්වා.
ලැබීම් වලින් පිරී
සිටින අයගේ ඇස් වල, මුහුණුවරෙහි සහ සෑම ක්‍රියාකාරකමකම උනන්දුව සහ උද්‍යෝගය දකින්නට
තිබේ. කෙසේවෙතත්, ධෛර්යයේ සහ උනන්දුවේ අවිනාශී මුද්‍රාවකින් මුද්‍රාව ලබා ගැනීමට
නම්, ඔබ ඔබේ අතීතයට සහ ඔබේ පැරණි සංස්කාර, ස්වභාවය, සිතිවිලි සහ දේව හැසිරීම්
සංග්‍රහයන්ට පටහැනි ක්‍රියාවන්ට ජීවමානව මිය යා යුතුය. ඔබේ පොරොන්දුව සිහිගන්වා ඔබේ
පොරොන්දුවට අනුව ප්‍රායෝගික ආකාරයකින් ඉදිරියට යන්න. ධෛර්යත් සමගම උද්‍යෝගය ද ඇති
කර ගන්න, එවිට ඔබේ ලැබීම්වල දීප්තිය දුරතියාම දිස්වනවා ඇත.
පාඨය:
මේලාවක සහ
ජමේලාවක (අවුල් සහගත තත්වයක) යන දෙකෙහිදීම ද්විත්ව සැහැල්ලුවෙන් යුතු අය ධාරණාවේ
ප්‍රතිමූර්තීන්ය.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
ඔබේ සෑම සිතිවිල්ලක්ම
සහ සෑම වචනයක්ම විශේෂ වීමට ඉඩ හරින්න. නිරන්තරව පහසු ස්වභාවයකින් යුතුව, සරළ වචන
කතා කරන්න, සහ ඔබේ ක්‍රියා පහසු කර ගන්න. පහසු බවේ ප්‍රතිමූර්තියක් වන්න. සැම විටම
ඒකායන තැනැත්තාගේ උපදෙස් අනුගමනය කරන්න, ඒකායන තැනැත්තා සමඟ සියලු සම්බන්ධතා
පවත්වන්න, ඒකායන තැනැත්තාගෙන් සියල්ල ලබා ගන්න, ඒකායන තැනැත්තා සමඟ නිරන්තරව
ස්ථාවරව සිටීමේ පහසු පුහුණුව ලබා ගන්න. නිරන්තරයෙන් සතුටින් සිටින්න සහ සතුටේ
නිධානය බෙදා හරින්න. සෑම කෙනෙකුටම සතුටේ රැළි පතුරුවන්න: මෙය සැබෑ සේවයයි.