10.07.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ශරීර අවධානය අත්හැර, ජීවාත්ම අවධානයට පත් වන්න. දෙවියන්ගේ පවුලේ කොටසක් ලෙස
සලකන්නේ, ජීවාත්ම අවධානයෙන් සිටින අය පමණයි.
ප්‍රශ්නය:
ඔය දරුවන්
පවත්වන ආධ්‍යාත්මික හමුවීම, වෙනත් සියලුම ආධ්‍යාත්මික හමුවීම් වලින් වෙනස් වන්නේ
කෙසේද?
පිළිතුර:
ජීවාත්මය සහ උත්තරීතර ජීවාත්මය පිළිබඳ දැනුමට ඔබ සවන් දෙන එකම ආධ්‍යාත්මික හමුවීම
මෙය පමණයි. ඔබ ඉදිරියේ තිබෙන අරමුණ සහ ඉලක්කයට පත් වීම සඳහා ඔබ මෙහිදී ඉගෙන ගන්නවා.
වෙනත් ආධ්‍යාත්මික හමුවීම් වලදී ඔවුන් ඉගෙන ගන්නෙත් නැති අතර, ඔවුන්ට අරමුණක් සහ
ඉලක්කයක්ද නොමැත.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා, ඔය ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. ඔය ආධ්‍යාත්මික දරුවන් ඔහුට සවන් දෙනවා.
පියා පළමුවෙන්ම විස්තර කරන්නේ ඔබ මෙතැන අසුන් ගන්නා ඕනෑම විටෙක, තමන් ජීවාත්ම බව
සලකා, අසුන් ගන්න. තමන් ශරීර බව සලකන්න එපා. ශරීර අවධානයෙන් සිටින අය, රකුසාගේ
පවුලට අයත් බව කියැවෙයි. ජීව අවධානයෙන් සිටින අය, දෙවියන්ගේ පවුලට අයත් බව කියයි.
දෙවියන්ට ශරීරයක් නොමැත. ඔහු සෑම විටෙකම සිටින්නේ ජීව අවධානයෙන්. ඔහු උත්තරීතර
ජීවයයි, සියලුම ජීවාත්මයන්ගේ පියාය. ’උත්තරීතර ජීවාත්මය‘ යනු, උසස්ම උසස් බවයි.
උසස්ම උසස් දෙවියන් ගැන මිනිසුන් කතා කරන විට, ඔහුගේ ස්වරූපය අශාරීරික ඕවලාකාර
හැඩයක් බව ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වෙයි. අශාරීරික ඕවලාකාර පිළිරුවටද වන්දනාමාන
කරයි. ඔහු උත්තරීතර ජීවාත්මයයි. ඔහු සියලුම ජීවයන්ගෙන් උසස්ම ජීවයයි. ඔහුද
ජීවාත්මයක් වන නමුත් ඔහු උසස්ම ජීවාත්මයයි. ඔහු උපත සහ මරණය යන චක්‍රයට ඇතුළු වන්නේ
නැත. අන් සියල්ලක්ම පුනරුත්පත්ති ගන්නා අතර ඔවුන් සියල්ලක්ම නිර්මාණයේ කොටසක්ය.
ඒකායන පියා පමණයි නිර්මාපකයා වන්නේ. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ද නිර්මාණයේ කොටසක්ය.
මුළු මානව ලෝකයම නිර්මාණයයි. නිර්මාපකයාට, පියා යැයි කියයි. මිනිසෙකුටද
නිර්මාණකරුවෙක් යැයි කියයි. ඔහු බිරිඳක් ගෙන, ඇය සමඟ නිර්මාණයක් බිහි කරයි. ඉන්පසුව
ඔහු ඔවුන්ගේ නිර්මාණය පෝෂණය කරන නමුත් ඔහු එය විනාශ නොකරයි. සියලුම ආගම් ස්ථාපනය
කරන්නන්ද ආගමක් නිර්මාණය කර ඉන්පසුව එය පෝෂණය කරයි. ඔවුන් කිසිම කෙනෙක් එය විනාශ
කරන්නේ නැත. අසීමිත පියාට උත්තරීතර ජීවාත්මය යැයි කියයි. ජීවාත්මයක ස්වරූපය, තිතක්
වන අන්දමින්ම, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයේ ස්වරූපය වන්නේද තිතකි. කෙසේ
නමුත්, භක්ති මාර්ගයේ ඔවුන් තනන විශාල ඕවලාකාර පිළිරුව ඇත්තේ ඔහුට වන්දනාමාන කිරීම
සඳහා පමණයි. එසේ නොමැතිනම් තිතකට වඳින්නේ කෙසේද? භාරතයේ, ඔවුන් යාගහෝමයක් නිර්මාණය
කරන විට, ඔවුන් මැටි වලින් ශිවලිංගමයක් සහ සැලිග්‍රමයන් සාදා ඒවාට වන්දනා කරයි. එයට
කියන්නේ රුද්‍රාගේ යාගහෝමය කියාය. ඇත්ත වශයෙන්ම එහි සැබෑ නම වන්නේ, රාජාස්ව අශ්වමේඝ
අවිනාශී රුද්‍ර ගීතා ග්‍යාන් යාගයයි. (ස්ව ආධිපත්‍යය ලබා ගැනීම උදෙසා අශ්වයා බිලි
දෙන) රුද්‍රාගේ ගීතාවේ අවිනාශී දැනුමේ යාග ගින්න. මෙයත් ග්‍රන්ථ වල සඳහන් කර ඇත.
පියා දැන් ඔය දරුවන්ට පවසන්නේ තමන් ජීවාත්ම බව සළකන්න. වෙනත් කිසිම ආධ්‍යාත්මික
හමුවීමකදී කිසිම කෙනෙකුට ජීවාත්මය හෝ උත්තරීතර ජීවාත්මය ගැන දැනුම නොමැති අතර,
කිසිම කෙනෙකුට එය ලබා දීමටද නොහැක. එහි කිසිම අරමුණක් හෝ ඉලක්කයක් නැත. ඔය දරුවන්
දැන් මෙම ඉගෙනුම හදාරනවා. ජීවාත්මයක් සිරුරක් තුළට ඇතුළු වන බව ඔබ දන්නවා. ජීවාත්ම
අවිනාශී වන අතර, ශරීර විනාශ වන සුළුයි. ජීවයක් තම සිරුර තුළින් චරිත කොටසක් රඟපායි.
ජීවාත්මයක් අශාරීරිකයි, නැද්ද? මෙසේද කියැවෙයි, ’ඔබ අශාරීරිකව පැමිණි අතර, ඔබ
අශාරීරිකව ආපසු යා යුතුයි‘. ඔබ සිරුරක් ලබා ගත් නමුත් ඔබ ආපසු යාමට පෙර ඔබ අශාරීරික
විය යුතුයි. පියා මෙතැන අසුන් ගෙන මෙය විස්තර කර දෙන්නේ ඔය දරුවන්ට පමණයි. එය
භාරතයේ ස්වර්ණමය යුගය වූ විට, එය දේවතාවන්ගේ රාජධානිය වූ බවද ඔය දරුවන් දන්නවා.
තිබුණේ එක් ධර්මය පමණයි. භාරතයේ ජනතාව මෙපමණක්වත් නොදනී. පියාව නොදන්නා අය, කිසිම
දෙයක් නොදනී. පෞරාණික ඍෂිවරුන් සහ මුනිවරුන්ද කියන්නේ අපි නිර්මාපකයා හෝ නිර්මාණය
නොදනී. නිර්මාපකයා, අසීමිත පියාය. නිර්මාණයේ මුල, මැද සහ අවසානය දන්නේ ඔහු පමණයි.
මුලට, ආරම්භය යැයි කියන අතර, මැද වකවානුව එයට අතරමැද තිබෙන කාලයයි. ආරම්භයේ
ස්වර්ණමය යුගය තිබෙන අතර, එයට දහවල යැයි කියයි. ඉන්පසුව මැද සිට අවසානය දක්වා,
රාත්‍රිය පවතී. දහවල, ස්වර්ණමය සහ රිදී යුගය දක්වා පවති. දිව්‍යලෝකය, ලොවෙහි විශ්මය
විය. භාරතය පමණයි, ලක‍්ෂ්මි සහ නාරායන් පාලනය කළ දිව්‍යලෝකය වූයේ. භාරතයේ ජනයා මෙය
නොදනී. පියා දැන් දිව්‍යලෝකය නිර්මාණය කරනවා. පියා පවසන්නේ තමන් ජීවාත්මයක් බව
සලකන්න. මා අංක එකේ ජීවාත්මයක්. මෙකල, සියලුම මනුෂ්‍යයින් සිටින්නේ ශරීර අවධානයෙන්.
පියා ඔබව ජීවාත්ම අවධානයට පත් කරවයි. ජීවාත්මයක් යනු කුමක්ද කියා පියා ඔබට කියයි.
මනුෂ්‍යයින් කිසිම දෙයක් නොදනී. නළල මධ්‍යයේ ආශ්චර්යමත් තරුවක් දිලිසෙන බව ඔවුන්
කීවද, එය කුමක්ද හෝ එය තුළ චරිත කොටසක් පටිගත වී ඇති අන්දම ගැන ඔවුන් නොදනී. පියා
දැන් ඔබට මෙය විස්තර කර දී තිබේ. ඔය භාරතයේ මිනිසුන්, උපත් 84කට ඔබගේ චරිත කොටස් රඟ
පෑ යුතුයි. භාරතය ශ්‍රේෂ්ඨ භූමියයි එය සියලුම මනුෂ්‍යයින්ගේ වන්දනා ස්ථානයයි. පියා
මෙහි පැමිණෙන්නේ සියලුම දෙනාට විමුක්තිය ලබා දීමටයි. ඔහු අපව රාවනගේ රාජධානියෙන්
මුදවාගනී. ඔහු අපගේ මඟපෙන්වන්නා වී, අපව ආපසු නිවසට රැගෙන යයි. එහි තේරුම නොදැන,
මිනිසුන් එය නිකමට කියයි. මුලදි භාරතයේ දේවතාවන් සිටියා. ඉන්පසුව ඔවුන්ට
පුනරුත්පත්ති ගැනීමට සිදුවිය. දේවතාවන්ද, පසුව ක‍්ෂත්‍රියන්, වෛශ්‍යයන් සහ
ශුද්‍රයන් බවට පත්වන්නේ, භාරතයේ ජනතාවයි ඔවුන් පුනරුත්පත්ති ගනී. මෙම දැනුම
සම්පූර්ණයෙන් වටහාගැනීමට දින හතක් ගතවෙයි. ඔබගේ අපවිත්‍ර බුද්ධි, පිවිතුරු කළ යුතු
වනවා. ලක‍්ෂ්මි සහ නාරායන් පිවිතුරු ලෝකය පාලනය කළා. භාරතයේ, එය ඔවුන්ගේ රාජධානිය
වූ සමයේ, වෙනත් ආගම් තිබුණේ නැත තිබුණේ එක් රාජධානිය පමණයි. භාරතය ඉතාමත්ම
සමෘද්ධිමත් ව තිබුණා. ඔවුන්ගේ මාලිගා, දියමන්ති සහ මුතු මැණික් වලින් සැදී තිබුණා.
ඉන්පසුව රාවනගේ රාජධානිය ආරම්භ වූ විට, ඔවුන් වන්දනාකරන්නන් බවට පත් වුණා. ඔවුන්
භක්ති මාර්ගයට පිවිස, දේවාල ආදිය තැනුවා. සෝම්නාථ ට ඔවුන් දේවාලයක් තැනුවා. තිබුණේ
එක් දේවාලයක් පමණක් නොවෙයි. මෙහිද, ශිවාගේ දේවාලයේ, දියමන්ති සහ මැණික් විශාල
ප්‍රමාණයක් තිබුණු අතර, මහමුද් ගස්නාවි ඒවා පැහැර ගත්තා. ඔහු ඔටුවො පිටින් ඒවා
රැගෙන ගියා. කෙතරම් තිබුණේද යත්, ඔටුවෝ සිය දහස් ගණනකටවත් ඒ සියල්ල ගෙනයාමට නොහැකි
වූවා. ස්වර්ණමය යුගයේ දියමන්ති සහ මුතු මැණික් එබ්බවූ රන් මාලිගා බොහෝ සේ තිබිණ.
මහමුද් ගස්නාවී පැමිණියේ මෑතකදී පමණයි. තඹ යුගයේ වුවද බොහෝ මාලිගා තිබුණා. ඒ සියල්ල
භූමිකම්පා වලදි වැලලී ගියා. රාවනගේ රන් දූපතක් නොතිබිණ. රාවනගේ රාජධානියේ භාරතයට
සිදුවන්නේ කුමක්ද කියා ඉන් සංකේතවත් වෙයි. එය 100% අධර්මිෂ්ඨ, දුෂ්ඨ, දිලිඳු,
අපවිත්‍ර මෙන්ම සාපරාදී වෙයි. නව ලෝකය අවගුණ වලින් තොර බව කියයි. භාරතය, ශිව දේවාලය
(ශිවාලය) විය. එයට ලෝකයේ විශ්මය කියා කියන ලදී. එහි සිටියේ මනුෂ්‍යයින් ඉතා සුළු
පිරිසකි. දැන් මනුෂ්‍යයින් බිලියන ගණනක් සිටිති. ඒ ගැන ටිකක් සිතන්න! එය දැන් ඔය
දරුවන්ට වඩාත්ම ශුභදායක සංගම යුගයයි. පියා ඔබට දිව්‍යමය බුද්ධි ලබා දී වඩාත්ම
ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් බවට ඔබව පත් කරවන්නේ දැන්ය. පියා ඔබව සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන්
දේවතාවන් බවට පරිවර්ථනය කිරීම සඳහා, ශ්‍රේෂ්ඨ උපදෙස් ලබා දෙනවා. පියාගේ උපදෙස් ගැන
පමණයි මෙසේ කියැවෙන්නේ, ’ඔබගේ ක්‍රම සහ විදි අසහායයි.‘ එහි අරුත කිසි කෙනෙක් නොදනී.
පියා පහදා දෙන්නේ මා ඔබට කෙතරම් උසස් උපදෙස් ලබා දෙන්නේද යත්, ඔබ දේවතාවන් බවට පත්
වනවා. කලි යුගය දැන් අවසානයකට පැමිණෙනවා. පැරණි ලෝකයේ විනාශය ඔබ ඉදිරියේ තිබේ.
මනුෂ්‍යයින් සම්පූර්ණ අන්ධකාරයේ සිටින අතර, කුම්භකරණ නින්දේ නිදති. මෙසේ කියයි කලි
යුගය තවමත් එහි ළදරු අවදියේ තිබෙන්නේ, තව වසර 40,000 ක් තිබෙන නිසා කියා, ග්‍රන්ථ
වල ලියා ඇත. ඔවුන් සතුන් වර්ග මිලියන 8.4 ක් ගැන විශ්වාස කරන නිසා, චක්‍රයේ කාලය
දීර්ඝ කර ඇත. ඇත්ත වශයෙන්ම එය වසර 5000 ක් පමණයි. පියා විස්තර කරයි ඔබ උපත් මිලියන
8.4 ක් නොව, 84 ක් ගනී. අසීමිත පියා ඒ සියලුම ග්‍රන්ථ ආදිය ගැන දන්නවා. ඒ නිසයි ඒ
සෑම දෙයක්ම චක්‍රයෙන් භාගයක් පවතින භක්ති මාර්ගයට අයත් වන බවත්, ඒවා තුළින් කිසි
කෙනෙකුට ඔහුව හමු විය නොහැකි බවත් ඔහු පවසන්නේ. මේ ගැන සලකා බලන්න චක්‍රයේ කාල
වකවානුව වසර සිය දහස් ගණනක් වූයේ නම්, එවිට ජනගහණය ඉතා විශාල වනු ඇත, මන්ද වසර 2000
කදි පමණක්, ක්‍රිස්තියානු ජනගහණය මෙතරම් විශාල වී ඇති බැවින්. භාරතයේ ආදිතම ධර්මය,
දේවතා ධර්මයයි. එය දිගටම පැවතිය යුතු නමුත්, ඔවුන්ගේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය
ඔවුන්ට අමතකව ගොස් ඇති නිසා, ඔවුන්ගේ ආගම, හින්දු බව ඔවුන් කියයි. හින්දු කියා
ආගමක් නැත. භාරතය බොහෝ ශ්‍රේෂ්ඨව තිබුණා! ආදී සනාතන දෙවි දේවතා ධර්මය පැවතුණු
කල්හි, එය විෂ්ණුගේ දේශය විය. එය දැන් රාවනගේ දේශයයි. උපත් 84 ක් ගැනීමෙන් අනතුරුව,
එම දේවතාවන්ට සිදුවී ඇති දේ බලන්න. භාරතයේ මිනිසුන් සලකන්නේ, දේවතාවන් අවගුණ වලින්
තොර අය බවත්, තමන් දූෂිත අය බවත්ය. එබැවින් ඔවුන් දේවතාවන්ව වන්දනා කරයි. ස්වර්ණමය
යුගයේ භාරතය අවගුණ වලින් තොර විය. එය නව ලෝකය වූ අතර, එය නව භාරතය වශයෙන්
හැඳින්විය. මෙය පැරණි භාරතයයි. නව භාරතය කෙසේ වීද, පැරණි භාරතය කෙසේද? නව ලෝකයේදී
භාරතය අළුත්ව තිබුණු අතර, දැන් පැරණි ලෝකයේදී, භාරතය පැරණිය. එහි තත්ත්වය කුමක් වී
තිබේද? භාරතය, දිව්‍යලෝකය වූ අතර එය දැන් අපායයි. භාරතය බොහෝ සෙයින් සමෘද්ධිමත්ව
තිබුණා. දැන් භාරතය වඩාත්ම දිළිඳු වී තිබේ එය සෑම කෙනෙකුගෙන්ම සිඟමන් යදිනවා. එය,
ඔවුන්ගේම ජනයාගෙන්ද සිඟාකයි. මෙය වටහා ගත යුතු දෙයක්. ශරීර අවධානයෙන් සිටින අද
කාලයේ මිනිසුන්ට මුදල් ටිකක් තිබෙන විට, ඔවුන් සිතා සිටින්නේ ඔවුන් දිව්‍යලෝකයේ
ඉඳගෙන සිටිනවා කියාය. ඔවුන්ට ගල් බුද්ධි තිබෙන නිසා, දිව්‍යලෝකය, සතුටේ දේශය ගැන,
ඔවුන් කිසිම දෙයක් නොදනී. දැන් ඔවුන් අපවිත්‍ර බැවින්, ඔවුන්ගේ බුද්ධි දිව්‍යමය
කිරීම සඳහා, ඔබ ඔවුන්ව දින හතකට බත්තියක අසුන් ගැන්වීමට සැලසිය යුතුයි. අපවිත්‍ර
අයට මෙහි අසුන් ගැනීමට අවසර නොලැබෙයි. මෙහි සිටිය හැක්කේ පිවිතුරු අයට පමණයි.
අපවිත්‍ර අයට මෙහි පැමිණීමට අවසර දිය නොහැක. ඔබ දැන් වඩාත්ම ශුභ වූ සංගම යුගයේ
අසුන් ගෙන සිටිනවා. බාබා ඔබව වඩාත්ම ශ්‍රේෂ්ඨ අය බවට පත් කරවන බව ඔබ දන්නවා. මෙය
සත්‍ය නාරායන් ගේ කතා පුවතයි. සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් ඔබව නාරායන් බවට පත් කරවීම
සඳහා, සත්‍ය පියා ඔබට රාජ යෝගාව උගන්වනවා. මෙම දැනුම තිබෙන්නේ ඒකායන පියාට පමණක් වන
අතර, ඔහුට ඥාන සාගරය කියා කියයි. ’සාමයේ මහා සයුර සහ පාරිශුද්ධත්වයේ මහා සයුර‘, යන
ප්‍රශංසාව අයත් වන්නේ ඔහුටයි එය වෙනත් කිසිවෙකුගේ ප්‍රශංසාව විය නොහැක. දේවතාවන්ගේ
ප්‍රශංසාව, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, ශිවාගේ ප්‍රශංසාවෙන් වෙනස්ය. ඔහු
පියාය. ක්‍රිෂ්ණාට පියා කියා අමතන්නේ නැත. දැන්, දෙවියන් යනු කවරෙක්ද? භාරතයේ ජනයා
දැන් වුවද මෙය නොදනී. ඔවුන් කියන්නේ ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි, කියා. කෙසේවෙතත්,
ක්‍රිෂ්ණා, සම්පූර්ණ උපත් 84 ගනී. සූර්ය රජ පෙළපතට අයත් අය, ඉන්පසුව චන්ද්‍ර රජ
පෙළපත බවට පත් වී, පසුව වෛශ්‍ය රජ පෙළපත ආදිය බවට පත් වෙයි. මනුෂ්‍යයින්ට ’හම්
සෝ‘හි අරුත වැටහෙන්නේ නැත. ඔවුන් කියන්නේ, ’ජීවාත්මය වන මා, උත්තරීතර ජීවාතමයයි‘
කියා. ඔවුන් කෙතරම් වැරදිද? භාරතයේ තත්ත්වය ඉහළ නැඟ, පසුව බසින අන්දම ගැන, ඔබ
ඔවුන්ට දැන් විස්තර කළ යුතුයි. මෙය ඥානය වන අතර අර සියල්ලම භක්තියයි. ස්වර්ණමය
යුගයේදී සියල්ලම පිවිතුරු විය. එය රජ සහ රැජිණගේ රාජධානිය විය. රජ සහ රැජින,
අධිපතියන් වූ බැවින් එහි උපදේශකයන් සිටියේ නැත. ඔවුන්ට ඔවුන්ගේ උරුමය ලැබුණේ
පියාගෙන්ය ඔවුන්ට නුවන තිබිණ. ලක‍්ෂ්මි සහ නාරායන්ට කිසි කෙනෙකුගෙන් උපදෙස් ගැනීමට
අවශ්‍යතාවයක් නොවීය. එහි උපදේශකයන් සිටියේ නැත. භාරතය තිබුණු තරම් පාරිශුද්ධ
භූමියක් කිසි කලක වෙනත් කවර ස්ථානයකවත් නොමැත එය එතරම් ශ්‍රේෂ්ඨ සහ පිවිතුරු
භූමියක් විය. එහි නාමයම වූයේ දිව්‍යලෝකයයි, නමුත් දැන් එය අපායයි! මෙම අපාය,
දිව්‍යලෝකය බවට පරිවර්ථනය කළ හැක්කේ පරමාත්ම පියාට පමණයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඒකායන
පියාගේ උසස් උපදෙස් අනුගමනය කර, සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පත් වන්න.
මෙම බොහෝ සේ ශුභ වූ සංගම යුගයෙදි, ඔබගේ බුද්ධි, දිව්‍යමය කර, වඩාත්ම උසස් අය බවට
පත් වන්න.
2. දින සතක්, බත්තියක
අසුන් ගෙන, ඔබගේ අපවිත්‍ර බුද්ධිය, පිවිතුරු කරගන්න. සත්‍ය පියාගෙන්, සත්‍ය
නාරායනගේ සත්‍ය කතා පුවතට සවන් දී, මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට පත් වන්න.
වරදානය:
ඔබ අවංක සහ
විශ්වාසවන්ත වී, ඕනෑම කාර්යයක් සඳහා පරමාත්ම පියාගේ උපදෙස් අනුව සෑම නිධානයක්ම
භාවිත කරත්වා.
අවංක සහ විශ්වාසවන්ත
පුද්ගලයෙකු යනු පරමාත්ම පියාගෙන් ලැබුණු නිධානයන් ඔහුගේ උපදෙස් නොමැතිව කිසිදු
කාර්යයක් සඳහා භාවිතා නොකරන අයෙකි. ඔබ අන් අයගේ නියෝග අනුගමනය කිරීමෙන් හෝ වැරදි
ඇසුරේ බලපෑම යටතේ ඔබේ කාලය, වචන, ක්‍රියා, හුස්ම හෝ සිතිවිලි නාස්ති කරන්නේ නම්, ඔබ
ගැන සිතීම වෙනුවට අන් අය ගැන සිතන්නේ නම්, ඔබ ආත්ම ගෞරවය ලබා ගැනීම වෙනුවට යමක් ගැන
අහංකාර වන්නේ නම්, ශ්‍රීමත් අනුගමනය කිරීම වෙනුවට ඔබේම මනසෙහි නියෝග අනුගමනය කරන්නේ
නම්, එවිට ඔබට අවංක යැයි කිව නොහැක. ඔබට මේ සියලු නිධාන ලැබී ඇත්තේ ලෝකයට යහපත
සැළසීම සඳහා වන අතර, එම කාර්යය සඳහා ඒවා භාවිත කිරීම අවංක වීමයි.
පාඨය:
විරුද්ධ වීම්
විය යුත්තේ මායාට එරෙහිව මිස දිව්‍ය පවුලට නොවේ.
අව්‍යක්ත සංඥාව:
සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.
සියලුම ජීවාත්ම එකම
අසීමිත පවුලකට අයත් වන අතර එබැවින් අපගේ පවුලේ කිසිදු ජීවාත්මයකට ආශිර්වාද අහිමි
නොවිය යුතුය. ඔබේ හදවත් තුළ සෑම විටම උනන්දුවෙන් හා උද්යෝගයෙන් පිරුණු එවැනි උසස්
සිතිවිලි තිබිය යුතුය. ඔබේම නිවස සමඟ පමණක් කාර්යබහුල නොවන්න. අසීමිත ස්ථිතියක
ස්ථාවරව සිට අසීමිත ජීවාත්මයන්ට සේවය කිරීමට උසස් සිතිවිල්ලක් ඇති කරගන්න.
සාර්ථකත්වය ලබා ගැනීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.