10.07.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා පැමිණ සිටින්නේ ඔය දරුවන්ගේ ඒප්‍රන, ඥානයේ අවිනාශී මිණි මුතු වලින්
පුරවාලන්නයි. සෑම ඥාන මාණික්‍යයක්ම, රුපියල් සිය දහස් ගණනක් වටියි.
ප්‍රශ්නය:
අප්‍රසිද්ධ
දානයකට මෙතරම් වැදගත්කමක් දෙන්නේ ඇයි?
පිළිතුර:
මන්ද, ලෝකයා නොදන්නා නමුත්, පියා දැන් ඥාන මිණි මුතු වල අවිනාශි මැණික් ඔබට ලබා දෙන
බැවින්. මෙම ඥානයේ අවිනාශී මැණික් දන් දීමෙන්, පසුව, ඔය දරුවන්, ලෝක රාජධානිය හිමි
කරගන්නවා. මෙයත් අප්‍රසිද්ධයි. යුද්ධයක් හෝ පුපුරන ද්‍රව්‍ය ආදිය නැත, තවද වියදමක්ද
නැත. පියා ඔබට රාජධානිය අප්‍රසිද්ධ අන්දමකින් දන් දුන් අතර, අප්‍රසිද්ධ දානයකට
මෙතරම් වැදගත්කමක් දෙන්නේ මේ නිසාය.
ඕම් ශාන්ති.
දෙගුණයක් ඕම්
ශාන්ති! ශිව බාබා එක් ’ඕම් ශාන්තියක්’ කියන අතර අනෙක කියන්නේ බ්‍රහ්ම බාබායි. ඔවුන්
දෙදෙනාගේම මුල්ම ධර්මතාවය, සාමයයි. දෙදෙනාම සාම දේශයේ නිවැසියන්ය. ඔය දරුවන්ද සාම
දේශයේ නිවැසියන්ය. අශාරීරික ලෝකයේ වැසියන් වන ඔබ, ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා
ශාරීරික ලෝකයට පැමිණ ඇත්තේ මෙය නාටකයක් බැවින්ය. ඔය දරුවන්ගේ බුද්ධිය, ඉහළ සිට
පහළට, නාටකයේ මුල, මැද සහ අවසානය, පිළිබඳ දැනුමින් පිරී තිබේ. උසස්ම උසස් කෙනා
පරමාත්ම දෙවියන්ය. තවද ඔහු සමඟ ඔහුගේ දරුවන් සිටියි. මෙම දේවල් ඉතා හොඳින් වටහා
ගන්න. ඔබ හැර වෙනත් කිසිවෙකුට මෙම ඥානය නැත. ඔබ දෙවියන්ගේ පාසැලේ ඉගෙන ගන්නවා.
පරමාත්ම දෙවියන් පවසයි ඇත්තේ එක් දෙවියන් පමණයි. දෙවිවරු 10ක් හෝ 20ක් නැත. සියලුම
ආගම් වල ජීවාත්මයන්ගේ පියා, ඒකායන කෙනා පමණයි. පසුව, පියා ලෝකය නිර්මාණය කරන විට,
ප්‍රජාපිතා බ්‍රහ්ම (ප්‍රජාවගේ පියා) සිටිනවා. ශිවාට, ප්‍රජාවගේ පියා යැයි කිව
නොහැක. මිනිසුන්, උපත් සහ මරණ චක්‍රයට ඇතුළු වෙයි. ජීවාත්ම, ඔවුන්ගේ සංස්කාර වලට
අනුව, උපත් සහ මරණ චක්‍රය තුළට ඇතුළු වෙයි. ඉන්පසුව, මිනිසුන්ගේ පියා වන, බ්‍රහ්ම
සිටිය යුතුයි. පරම පියා, පරමාත්ම ජීවය, මිනිසුන්ගේ පියා වන බ්‍රහ්මගේ මාර්ගයෙන්,
නිර්මාණය නිමවූ බව, සිහි කර තිබේ. මිනිසුන් ඔහුට කන්නලව් කරයි අහෝ පාරිශුද්ධකරු
වඩින්න! ලෝකය, අපවිත්‍ර වී අවසන් වීමට ආසන්න වන විට, එය පිවිතුරු කිරීමට පරමාත්ම
පියා පැමිණෙයි. පරම පියා පැමිණෙන්නේ එක් වරක් පමණක් බව, ඔබ දන්නවා ඔහු වෙනත් කිසිම
කලක පැමිණෙන්නේ නැත. ඔබට දැන් සියලුම ඥානය ලැබී තිබේ. ඔබ නාටකයේ නළුවන්ය. නාටකයක
නළුවන්, සෑම කෙනෙකුගේම රංගනය එනම්, සෑම කෙනෙක්ම කුමන චරිතයක් රඟපාන්නේද කියා දැන
සිටිය යුතුයි. ඒවා කුඩා, සීමිත නාටක පමණයි. සෑම කෙනෙක්ම එම නාටක ගැන දැනගන්නවා.
ඔබත් ගොස් ඒවා නරඹයි. ඔබට අවශ්‍ය නම් ඔබට ඒවා ගැන ලියන්නට මෙන්ම ඒවා සිහි කළද හැක.
ඒවා කුඩා නාට්‍ය පමණයි. ස්වර්ණමය යුගයේ ආරම්භයේ සිට කලි යුගයේ අවසානය දක්වා, මෙය
ඉතා විශාල, අසීමිත නාටකයක් බව ඔබ දන්නවා. ඔබට අසීමිත පියාගෙන් ඔබගේ අසීමිත උරුමය
ලැබෙන බව, ඔය දරුවන් දන්නවා. පසුව ඔබට සීමිත පියෙකුගෙන්, සීමිත උරුමයක් සහ සීමිත
දේපළ ලැබෙයි. රජවරුන් වන අය, ඔවුන්ගේ පෙර භවයෙදී, දන් දීමෙන්, එය බවට, එක් උපතකට
පත් වන බව, පියා ඔබට විස්තර කර ඇත. ඔවුන් නැවතත් ඔවුන්ගේ මතු උපතේදීද රජෙක් වනවා
නොවෙයි. ස්වර්ණමය යුගයේ රජවරුන් සහ අධිරාජවරුන්ව සිටි ඔබ, ඔබගේ රාජධානිය අතුරුදහන්
වනවා කියා නොසිතිය යුතුයි. භක්ති මාර්ගය නැවත ආරම්භ වන විට, ඔවුන් (තඹ යුගයේ
රජවරුන්) දන් දී බොහෝ පුණ්‍යකර්ම සිදුකරයි, එබැවින් ඔවුන් රාජධානියකට ඇතුළු වෙයි.
කෙසේවෙතත්, එම රජවරුන්ට පාපයන් තිබේ. වැඳුම් ලබන්නට සුදුසුව සිටි ඔබ, පසුව වඳින්නන්
බවට පත් වෙයි. එය තාවකාලික සතුටයි. දුක තිබෙන්නේ දැන් පමණයි. ඔබට තමෝප්‍රධාන්
තත්ත්වයේදී පවා සතුට තිබේ. සණ්ඩු සරුවල් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඒ සියල්ල
සිදුවන්නේ පසුවයි. ජනගහණය, සිය දහස් ගණනක් බවට පත් වූ විට, රණ්ඩු ආදිය ආරම්භ වෙයි.
ඔය දරුවන්ට ස්වර්ණමය, රිදී මෙන්ම තඹ යුගයේද සතුට තිබෙයි. තමෝප්‍රධාන් තත්ත්වය ආරම්භ
වූ විට, එවිට දුක ටිකක් තිබෙයි. දැන් සෑම දෙයක්ම තමෝප්‍රධාන්ය. පියා විස්තර කර
දෙන්නේ මෙය තමෝප්‍රධාන් ලෝකයයි. මෙය අසීමිත නාටකයක් බව ඔබ දන්නවා. කිසි කෙනෙකුට
මින් මිදීමට නොහැක. මිනිසුන්, දුක් විඳීම නිසා, ආපදාවට පත් වූ විට, දෙවියන් එවන්
නාටකයක් නිර්මාණය කළේ මන්ද කියා අසයි. පරමාත්ම දෙවියන් එය නිර්මාණය නොකළේ නම්,
ලෝකයක් නොතිබෙනු ඇත කිසි දෙයක් නොතිබෙනු ඇත. නිර්මාණකරු සහ නිර්මාණය තිබේ. ස්වර්ණමය
යුගයේ සිට කලි යුගයේ අවසානය දක්වා, මෙහි විස්තර තිබේ. ඉතිරිව තිබෙන්නේ තව දින
කිහිපයක් පමණයි. ඔබ මේ සෑම දෙයක්ම ප්‍රායෝගිකවම දකියි. ඔබට සෑම දෙයක්ම කල් තියා
නොකියනු ඇත. වසර 5000සේ චක්‍රයෙන් ඉතිරිව තිබෙන්නේ කුඩා කොටසක් පමණයි. ඔබට කල් තියා
එය පෙන්වන්නේ නැත. එය සිදුවන විට, ඔබ ඒ සියල්ල, නොබැඳි නරඹන්නන් ලෙසින් දකිවි.
සිදුවීමට තිබෙන කුමක් වුවත්, එය පසුගිය චක්‍රයේදී සිදු වූ ඒ ආකාරයෙන්ම, සිදුවෙයි.
සූදානම් වීම් දැන් සිදුවන බව, ඔබට පෙනෙනවා. විනාශය නියත වශයෙන්ම සිදුවෙයි. සෑම
දෙයක් සඳහා සූදානම් වීම් දැන් කෙරීගෙන යනවා. ඒ සෑම දෙයක්ම කල් තියාම නාටකයේ නියම වී
තිබේ. විනාශය නියත වශයෙන් සිදුවෙයි. පියා දැන් ඔය සියලුම දරුවන්ට විස්තර කරයි ඔය
ජීවාත්ම තමෝප්‍රධාන් වී ඇති අතර, ඔබ දැන් මෙහිදී සතෝප්‍රධාන් විය යුතුයි. ඔබට දැන්
මේ සෑම දෙයක්ම වැටහෙයි. පරමාත්ම පියා අප්‍රසිද්ධ අන්දමකින් පැමිණ, ඔබට අප්‍රසිද්ධ
අන්දමකින් ඥානය ලබා දෙයි. ලෝකයේ කිසිවෙකු මෙය නොදනී. ඔබ ලෝක රාජධානිය අප්‍රසිද්ධ
අන්දමකින් හිමිකර ගනී. ඒ පිළිබඳව හඬක් නැඟෙන්නේ නැත. මෙම දන් දීම, සම්පූර්ණයෙන්ම
අප්‍රසිද්ධ බව, කියැවෙයි. පියා පැමිණ, ඥානයේ අවිනාශී මිණි මුතු, ඔය දරුවන්ට
අප්‍රසිද්ධව දන් දෙයි. පරම පියා කෙතරම් අප්‍රසිද්ධද කියා කිසිවෙකු නොදනී. ඔය
බ්‍රහ්ම කුමර කුමරියන් යන්නේ කොහෙටද, හෝ ඔබ කුමක් කරන්නේද කියා ඔවුන්ට වැටහෙන්නේ
නැත. බාබා කෙතරම් අප්‍රසිද්ධද කියා ඔය දරුවන් දන්නවා. ඔහු අප්‍රසිද්ධ අන්දමකින් ඔය
දරුවන්ව ලෝකයේ අධිපතියන් බවට පත් කරවයි. යුද්ධයක්, පුපුරන ද්‍රව්‍ය හෝ වියදමක් නැත.
මෙහි, කුඩා ගම්මානයක් සතු කරගැනීමේදී පවා බොහෝ ගැටුම් ඇතිවන අතර බොහෝ හිංසනයන්
සිදුවෙයි. පරම පියා පැමිණ, ඔබට අප්‍රසිද්ධ වේශයකින් දන්දෙයි. ඔහු අවිනාශී ඥාන මිණි
මුතු වලින් ඔබගේ ඒප්‍රන පුරවයි. මිනිසුන් පවසන්නේ අවිහිංසක ශිවා, බන්දාරී, (නිධන්
ගබඩාව පුරවන කෙනා) මගේ ඒප්‍රනය පුරවන්න! ශිව බාබා අවිනාශි ඥාන මිණි මුතු වලින් ඔබගේ
ඒප්‍රන පුරවන බව, ඔබ දන්නවා. සෑම මැණිකක්ම, රුපියල් සිය දහස් ගණනක් වටියි. ඔබ බොහෝ
මැණික් දන් දෙයි! ඔබ එවන් දානපතියන් වෙයි! එයත් අප්‍රසිද්ධයි. දේවතාවන්ව පෙන්වා
ඇත්තේ, බොහෝ ආයුධ සහ අත් ආදිය සහිතවයි. ඇත්ත වශයෙන්ම එවන් කිසිවක් නොතිබිණි.
ස්වර්ණමය යුගයේ දේවතාවන්ට එවන් අත් රාශියක් නැත. දේවතාවන්ට කලි යුගයේ බොහෝ විවිධ
ආකාරයේ ආයුධ ආදිය ලබා දී තිබේ. විනාශය සඳහා ඔවුන්ට බෝම්බ තිබේ, එබැවින්, කඩු, දුණු,
ඊතල ආදියෙන් ඔවුන් කුමක් කරන්නද? ඔබ ඥානයේ අසිපත ගැන කතා කරන බැවින්, එය ආයුධයක්
කියා ඔවුන් වටහාගෙන තිබේ. එය, එවන් කිසිවක් නොවෙයි. ඔබට අප්‍රසිද්ධ දානයක් ලැබෙයි.
ඔබ ඉන්පසුව මෙම අප්‍රසිද්ධ දානය, සෑම කෙනෙකුටම ලබා දෙයි. බාබා ඔබට ශ්‍රීමත් ලබා දෙන
බව, ඔබ දන්නවා. ශ්‍රීමත් ලැබෙන්නේ පරමාත්ම දෙවියන්ගෙනි. ඔබ මෙහි පැමිණෙන්නේ,
සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන වීමට බව ඔබ දන්නවා. ඔවුන්ට ’සියලු ගුණධර්ම වලින්
පිරි, දිව්‍ය මය කලා 16කින් පිරුණු, සියලු දිව්‍ය මය ගුණදම් වලින් සම්පූර්ණ’ අය
යැයි කියයි. මෙම ගුණධර්ම තිබෙන්නේ, එම දේවතාවන්ට පමණයි. ඉන්පසුව අංශක දිගින් දිගටම
අඩු වෙයි. එය, පුර සෙඳහි ආලෝකය ඉතා හොඳ වන අතර, පසුව එය සිහින් රේඛාවක් පමණක් ඉතිරි
වන සේ ක්‍රමයෙන් අඩුවෙන ආකාරය බඳුය එය සම්පූර්ණයෙන් අතුරුදහන් වන්නේ නැත. සිහින්
රේඛාවක් නියත වශයෙන්ම ඉතිරි වන අතර, මෙය නව සඳේ පළමු දිනය ලෙස හැඳින්වෙයි. ඔබගේ එය,
අසීමිත කාරණාවකි. ඔබ දිව්‍ය මය කලා 16කින් පිරිපුන් වෙයි. ක්‍රිෂ්ණාගේ මුව තුළ
මව්වරුන් සඳ දුටු බව, කියයි. ඒවා දර්ශන පිළිබඳ කරුණු බව, පියා අසුන් ගෙන පහදා දෙයි.
ඔබ දැන් සම්පූර්ණ විය යුතුයි. මායා ඔබව මුළුමනින්ම ග්‍රහණයකට ලක් කර තිබේ. ඉතිරිව
තිබෙන්නේ සිහින් රේඛාවක් පමණයි. ඔබ දිගින් දිගටම ඉනිමඟ දිගේ පහළට පැමිණ ඇත. සෑම
කෙනෙක්ම ඉනිමඟ දිගේ පහළට පැමිණිය යුතුය, මන්ද, ඔවුන්ට ආපසු නිවසට යාමට හැකි වන්නේ
එවිට පමණයි. දැන් සිටින්නේ ඔබගෙන් ටික දෙනෙක් පමණයි. ක්‍රම ක්‍රමයෙන් ඔබගේ සංඛ්‍යාව
වැඩි වෙයි. බොහෝ දෙනෙක් ඔවුන්ගේ ඉගෙනුමෙහි සමත් වන්නේ නැත. ඔබගේ මධ්‍යස්ථාන
සංඛ්‍යාවද ක්‍රමයෙන් අඛණ්ඩව වැඩි වනවා. කාලය තව ලංවත්ම ඔබට තිබෙන්නේ කුමක්ද කියා,
ඔවුන්ට වැටහෙයි. දිනෙන් දින, ඔබගේ සංඛ්‍යාව වැඩි වෙයි. කෙටි කාලයකදී මධ්‍යස්ථාන
අවසන් වී, ඒ සියල්ල වසා දැමෙයි කියා ඔවුන් සිතූ බව, මිනිසුන් දැන් පවසයි. ආරම්භයේදී
මෙම බිය නිසා, බොහෝ දෙනෙක් පැන ගියහ. ඔවුන් සිතුවේ කුමක් වෙයිද කියා අප නොදනී. අපට
එහෙත්, මෙහෙත් දෙකම නැති වෙයි. එබැවින් අප මෙහෙන් පැන යන්නේ නම් එය වඩාත් හොඳයි.
ඔවුන් පැන ගිය අතර, ඔවුන්ගෙන් ඇතමෙක් දැන් ආපසු පැමිණෙමින් සිටියි. පියා මෙහි
අසුන්ගෙන ඔබට ඉතා පහසුවෙන් විස්තර කර දෙයි! ඔහු මෙම අහිංසක, ගල් බුද්ධි ඇති අයට
කිසිම අපහසුතාවයක් නොදෙයි. ඔවුන්ද ඉහළ නැංවිය යුතුයි. ඔවුන් පවසන්නේ බාබා, මා
නූගත්ය! පියා පවසන්නේ ඔබ කිසි දෙයක් ඉගෙන නොසිටීම, ඉතා හොඳයි. ඔබ ඉගෙන ගෙන ඇති
සියලුම ආගමික ග්‍රන්ථ ආදිය අමතක කර දමන්න. මා ඔබට විශාල දෙයක් උගන්වන්නේ නැත. මා
ඔබට සරළව පවසන්නේ මා සිහි කරන්න, එවිට රාජධානිය ඔබගේය! ඔබගේ ඔරුව එතෙරට යයි. පුතෙක්
උපත ලද විට, ඔහු ’බාබා’, යැයි පවසයි, එවිට ඔහුගේ උරුමයට හිමිකමක් ලැබෙයි. මෙහිදී,
ඔබද එයට අයිතියක් ලබයි. ඔබ බාප්දාදා සිහිකළ විගස, රාජධානිය ඔබ සතු වෙයි. ඔබට
තත්පරයකදී ජීවන-මුක්තිය හිමි වන බව, සිහිකර තිබෙන්නේ මේ නිසාය. ධනවත් මිනිසුන්ට
අවසානයේදී කොටසක් තිබෙයි. එය පළමුව, දුප්පතුන්ගේ වාරයයි. ඔවුන්ම ඔබ වෙතට පැමිණෙයි.
වැසිකිලි පිරිසිදු කරන්නන්ද ඉහළ නැංවිය යුතුයි. ගැමියන්ගේ වර්ණනාවද තිබේ. ඔවුන්
පවසන්නේ රාමා, එක් ගැමියෙකුගේ, භාගෙට ඉදුණු දං ගෙඩි කෑ බවයි. ඇත්ත වශයෙන්ම එය රාමා
නොවන අතර එය ශිව බාබාද නොවෙයි. ඔව්, මෙම බ්‍රහ්මට, ඒවා කෑමට සිදු වූ බව, විය හැක.
ගැමියන් පැමිණෙයි. නිදසුනක් ලෙස, ඇය තෝලි ටිකක් රැගෙන එන්නේ නම්, බාබා එය
ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? ගැමියන් සහ ගුණදම් නොමැති අය, ඒවා රැගෙන පැමිණෙයි, එවිට
ඔබ ඒවාද කෑමට ගනී. ශිව බාබා පවසන්නේ මා එය කන්නේ නැත! මම අභෝග්තාය (අත්දැකීම් වල
බලපෑම ඉක්මවා සිටිමි). සෑම කෙනෙක්ම ඔබ වෙතට පැමිණෙයි. රජය පවා ඔවුන්ව ඉහළ නැංවීමට,
ඔබට උපකාර කරයි. ඔබ ඉබේටම දිරිගැන්වෙයි. බාබා, දුප්පතුන්ගේ ස්වාමියාය. එබැවින් ඔබ
දුප්පත් අයටද පහදා දිය යුතුයි. ගැමියන් අතරින්ද බොහෝ දෙනෙක් මතුවෙයි. එතරම් විශාල
වෘක‍්ෂයකින්, එකදු දේවතාවක්වත් ඉතිරිව නැත, මන්ද, සෑම කෙනෙක්ම වෙනත් ආගම් වලට
හරවාගෙන ඇති බැවින්. පියා පවසන්නේ භක්තියේ යෙදෙන අයට විස්තර කර දෙන්න. අංකුරය පැළ
කරන්නේ කෙසේද, එමෙන්ම බ්‍රහ්මණයන් නිර්මාණය වන්නේ කෙසේද කියා ඔබට දැකගත හැක. සූර්ය
සහ චන්ද්‍ර පෙළපත් දේවතාවන් වන අය, අඛණ්ඩව පැමිණෙයි. ඔබ මෙම ඥානයට එක් වරක් සවන්
දුන්නත්, ඔබ නියත වශයෙන්ම දිව්‍ය ලෝකයට යනු ඇත. කාශීහි, බිලි වීමේ නිදසුනද බාබා ඔබට
විස්තර කර තිබේ. ඔවුන් ගොස් තමන්ව ශිවා වෙනුවෙන් බිලි දෙයි. ඔවුන්ට අඩු තරමින් හෝ
යමක් ලැබිය යුතුයි! ඔබද තමන්ව බිලි දෙයි. ඔබ රාජධානිය වෙනුවෙන් උත්සාහ දරයි. භක්ති
මාර්ගයේ, රාජධානියක් (දිව්‍ය ලෝක) නොමැත. කිසිම කෙනෙකුට ආපසු නිවසට යා නොහැක.
සිදුවන්නේ, ඔවුන් සිදුකර තිබෙන පාපයන්ට ඔවුන් දඬුවම් විඳින අතර, ඔවුන් ඒ අන්දමින්
ඒවා පියවා දමයි, ඉන්පසුව ඔවුන් නැවත උපතක් ලබන අතර ඔවුන්ගේ පාපයන් අළුතින් ඇරඹෙයි.
කෙසේවෙතත්, සෑම කෙනෙක්ම මෙහි සිටිය යුතුයි. ඔබ සිටින්නේ අංක එකටයි ඔබ උපත් 84ක්
අත්විඳියි. සෑම කෙනෙක්ම සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා යා යුතුයි. පියා පවසන්නේ මෙකල,
මුළු මනුෂ්‍ය වෘක‍්ෂයම සම්පූර්ණ පරිහාණි වූ තත්ත්වයකට ලඟා වී සිටියි. සියලුම
මනුෂ්‍යයන් පූර්ණ අන්ධකාරයේ සිටින අතර ඔවුන් කුම්භකරණ නින්දේ පසුවෙයි. එක්
කුම්භකරණයෙක් පමණක් නොවෙයි, බොහෝ දෙනෙක් සිටියි. ඔබ කොපමණ විස්තර කළත් ඔවුන් ඔබට
සවන් නොදෙයි. ඔවුන්ගේ චරිත කොටසේ එය තිබෙන අය, උත්සාහ දරන අතර, මව සහ පියාගේ හදවත්
වලට පිවිස, ඔවුන්ගේ සිහසුන මත අසුන් ගන්නේ ඔවුන්ය. බොහෝ දියණියන් පවසන්නේ බාබා, මට
මගේ දරුවන්ට බැණ වැදීමට සිදුවෙයි. බාබා පවසන්නේ ඉන් ඔබට බොහෝ පාපයන් රැස් වන්නේ
නැත. ඔබ කන්නලව් කරන්නේ අපවිත්‍ර අපව, පිවිතුරු කරන්න! පියා පවසන්නේ තවමත් විශාලතම
සතුරා වන්නේ, රාගයයි. කෝපය, සතුරෙක් බව කියැවෙන්නේ නැත. මව්වරුන්ට එතරම් කෝපය
නොමැති නමුත් පිරිමි, බොහෝ සණ්ඩු කරයි. පියා, ඔය මව්වරුන්ව ඉදිරියෙන් තබා තිබේ.
’මව්වරුන්ට නමස්කාර වේවා!’ වෙනත් ස්ථාන වල, ස්ත්‍රීන්ට පැවසෙන්නේ ඔබගේ දෙවියන්
මෙන්ම ගුරු වන්නේද ඔබගේ සැමියා වන අතර, ඔබ ඔහුගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ගැටය,
බඳින සැනින්, ඇය අපවිත්‍ර වෙයි. ඇයට හමු වූ දෙවියන් මෙයයි! රාමාගේ රාජධානිය දැන්
ස්ථාපිත කෙරෙන අතර, සෑම කෙනෙක්ම අඛණ්ඩව මිය යනු ඇත. විනාශ කාලයේදී සෙනෙහස නොමැති
බුද්ධි තිබෙන අය මෙන්ම, සෙනෙහස ඇති බුද්ධි තිබෙන අයද සිටින බව, බාබා විස්තර කර
තිබේ. ඔබගේ බුද්ධිය තුළ පරම පියා, පරමාත්ම ජීවය වෙනුවෙන් සෙනෙහස තිබේ. ශිව බාබා මෙම
කෙනා තුළට ඇතුළු වී ඇති බවත්, ඔබ මෙම කෙනාගේ මාර්ගයෙන්, ඔහුට සවන් දෙන බවත්, ඔය
ජීවාත්ම දන්නවා. ඔහු එතරම් කුඩා තිතකි! මෙය ශිව බාබාගේ තාවකාලික රථය වන අතර මෙම
ඥානයේ යාග ගින්න, මෙම කෙනාගේ මාර්ගයෙන් නිර්මාණය වන අතර, එය දිගින් දිගටම වර්ධනය
වෙයි. දරුවන්ගේ සෑම බිඳුවකින්ම විල දිගටම පිරෙයි. ඔය දරුවන්, ඔබට ඇති සෑම දෙයක්ම
දිගටම, වටිනා අන්දමකින් භාවිත කරයි. සෑම දෙයක්ම දූවිලි බවට හැරෙන බවත් කිසිවක්
ඉතිරි නොවන බවත් දන්නා බැවින්, ඔබ පවසන්නේ අඩු තරමින් මෙපමණක්වත් වටිනා අන්දමකට
භාවිත වේවා. සුදාම ගේ නිදසුන තිබේ. දරුවන්, බාබා වෙතට හාල් මිටක් හෝ රුපියල් 6ක් හෝ
8ක් එවයි. අපූරු දරුවා! පියා, දුප්පතුන්ගේ ස්වාමියාය. මේ සෑම දෙයක්ම නාටකයේ නියම වී
තිබෙන අතර එය නැවතත් සිදුවෙයි. බන්දන වල සිටින අය පවා සිටියි. ඔවුන් වාසනාවන්තයි
මන්ද, ඔවුන් අඩු තරමින් ශිව බාබගේ අත අල්ලාගෙන ඇත. ආර්ය සමාජයේ අයද පැමිණෙන දිනයක්
එයි. ඔවුන් වෙන කොහේ යන්නද? විමුක්තිය සහ ජීවන-මුක්තිය සඳහා තිබෙන්නේ එක් වෙළඳසැලක්
පමණයි. සෑම කෙනෙක්ම දුක් විඳ, විමුක්තියට යා යුතුයි. මෙය ගිණුම් පියවීමේ කාලයයි.
සෑම කෙනෙක්ම නිවහනට යනු ඇත. මෙය මනාලයාගේ පෙරහැරයි. පෙරහැර ආපසු යන අන්දම ගැන ඔබට
දර්ශන ඇතිවෙයි. ඔබ හැර වෙනත් කිසිවෙකුට මෙය දැකිය නොහැක. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබට
පියාගෙන් ලැබී ඇති අප්‍රසිද්ධ දානයේ වටිනාකම වටහාගෙන, ඔබගේ ඒප්‍රන, ඥාන මිණිමුතු
වලින් පුරවාගන්න. දිගින් දිගටම සෑම කෙනෙකුටම අප්‍රසිද්ධ දානයක් දෙන්න.
2. සෑම කෙනෙක්ම ආපසු
නිවසට යා යුතු, මෙම ගිණුම් පියැවීමේ කාලයේදී, ඔබට තිබෙන සෑම දෙයක්ම වටිනා ලෙස භාවිත
කරන්න. සෙනෙහසින් යුතු බුද්ධියක් තිබෙන කෙනෙක් වන්න. සෑම කෙනෙකුටම විමුක්තියට සහ
ජීවන මුක්තියට මාර්ගය පෙන්වන්න.
වරදානය:
ඔබ මායාවට
මුහුණ දීමට බලයේ ප්‍රතිමූර්තියක් වී, අහිංසක සහ සර්වබලධාරී අධිකාරියක් බවට ද
පත්වේවා.
සමහර විට, අහිංසකකම
විශාල පාඩුවක් ඇති කරයි. පහසුව අහිංසක ස්වරූපයක් ගනී. කෙසේ වෙතත්, කිසිවෙකුට මුහුණ
දීමට නොහැකි තරමට අහිංසක නොවන්න. පහසු ස්වභාවයක් ඇතිවාක් මෙන්, ඔබට මුහුණ දීමට සහ
ඉවසා සිටීමට බල ද තිබිය යුතුය. පරම පියා අහිංසක ස්වාමියා සහ සර්වබලධාරී අධිකාරිය
වන්නාක් මෙන්, අහිංසක වීම මෙන්ම, ඔබ ද බලයේ ප්‍රතිමූර්තියක් බවට පත් වුවහොත්, ඔබට
මායාගේ උණ්ඩයෙන් පහර නොදෙනු ඇත. විරුද්ධත්වයක් ඇති කිරීම වෙනුවට, මායා ඔබට ආචාර
කරනු ඇත.
පාඨය:
ඔබ ඔබේ හදවතේ
ස්මරණයෙ ධජය ඔසවන විට, හෙළිදරව් කිරීමේ ධජය එසවෙනු ඇත.
අව්‍යක්ත සංඥාව: ගිනි
කන්දක් වැනි මනෝ ස්ථිතියක රැඳී සිට බලවත් ස්මරණයක් අත්විඳින්න.
ස්මරණ වන්දනා ගමන
විශේෂයෙන් බලවත් කර ගන්න. මෙම ඥණයෙ ප්‍රතිමූර්තියක් වීමේ අත්දැකීම් ලබා ගන්න. උසස්
ජීවාත්ම වන ඔබලාගේ පිරිසිදු හා කරුණාවන්ත ආකල්පය සහ බලවත් වාතාවරණය, හඬ නඟන මංමුලා
සහගත, ඉබාගාතේ යන ජීවාත්මයන්ට ප්‍රීතිය, සාමය සහ බලය පිළිබඳ අත්දැකීම ලබා දෙනු ඇත.