10.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පරමාත්ම පියා, ඔහුට අපහාස කරන අයවත් ඉහළ නංවන ආකාරයටම, ඔබ පියාව අනුගමනය කළ
යුතුයි. සතුට දානය කරන්නන් වී නොකඩවා ඔබගේ සිරුරු අමතක කරන්න.
ප්‍රශ්නය:
ජීව අවධානයෙන්
රැඳී සිටින දරුවන්ගේ ප්‍රධාන ලක‍්ෂණ මොනවාද?
පිළිතුර:
1. ඔවුන් තුළ එකිනෙකා කෙරෙහි බොහෝ ආධ්‍යාත්මික සෙනෙහස තිබේ. 2. ඔවුන් කිසිම විටෙක
දුර්වලතා ගැන කතා නොකරයි. 3. ඔවුන් අන් අයට බොහෝ සතුට ලබා දෙයි. 4. ඔවුන්ගේ සතුට
කිසිම විටෙක අතුරුදහන් නොවෙයි. ඔවුන් සෑම විටම අසීමිත සතුටින් සිටියි. 5. ඔවුන්
කිසිම විටෙක ගැටුම් ඇති කර නොගනී. 6. සියලුම ජීවාත්ම සහෝදරයන් යන අවධානයෙන්,
ගුණධර්ම අහුලා ගැනීමට ඔවුන් තුළ අවධානය තිබෙයි; ඔවුන් සියලු දෙනාගේ ගුණධර්ම දකියි.
ඔවුන් ගුණවත් අය වන අතර අන් අයවත් ගුණවත් අය බවට පත් කරවයි. 7. ඔවුන් පරම පියා හැර
වෙනත් කිසිවෙකු සිහි නොකරයි.
ඕම් ශාන්ති.
ඔය සියලුම
දරුවන් පෞද්ගලිකව උසස්ම උසස් ඒකායන කෙනා, අසීමිත පරමාත්ම පියා ඉදිරියේ අසුන්ගෙන
සිටිනවා. එවන් පියෙක් හමුවීමට ඔබ බොහෝ භාග්‍යවන්තයි. ඔබ පරම පියා, ඥාන සාගරය වෙතට,
ඔබගේ ඒප්‍රන ඥාන මිණි මුතු වලින් පිරවීමට සහ ආදායමක් උපයාගැනීමට පැමිණ සිටියි. පියා
ඔය මිහිරිතම දරුවන්ව බොහෝ උසස් බවට පත් කරනවා. පියා දකින්නේ ඔය දරුවන්ව පමණයි, ඔහුට
කිසිවෙක් සිහි කිරීමට අවශ්‍ය නොවේ. මේ කෙනාගේ ජීවාත්මය (බ්‍රහ්ම බාබා) පරම පියාව
සිහි කල යුතුයි. පරම පියා පවසන්නේ අප දෙදෙනාම දකින්නේ ඔය දරුවන්ව පමණයි. මා වන මෙම
ජීවාත්මයට, නොබැඳි නරඹන්නෙක් ලෙස සියලු දේ දැකීමට අවශ්‍ය නැත, නමුත් මාද පරම පියාගේ
ඇසුරේ හිඳිමින් සෑම දෙයක්ම ඒ අන්දමින් දකිනවා. මා සිටින්නේ පරම පියා සමඟයි, එහෙම
නේද? මා ඔහුගේ දරුවෙකි, එබැවින් මා සෑම දෙයක් දෙස ඔහු සමඟ බලමි. මා එය කරන්නා සේ,
ලෝක අධිපතියෙක් ලෙස මා ලොව වටා සංචාරය කරනවා. මා ද්‍රිෂ්ඨි ලබා දෙනවා. ශරීරය ඇතුළු
සෑම දෙයක්ම අමතක කල යුතුයි. එසේ නැත්නම් පියා සහ දරුවා එක්කෙනෙක් බවට පත්වනවා
වැනිය. පරම පියා විස්තර කරන්නේ මිහිරි දරුවනේ, බොහෝ උත්සාහ දරන්න. පියා ඔහුට අපහාස
කරන අයව ඉහල නංවන ආකාරයෙන්ම, ඔය දරුවන්ද ඒ අන්දමින්ම ඔහුව අනුගමනය කල යුතුයි. සතුට
දානය කරන්නන් වන්න. ඔබ එකිනෙකා අතර කිසිම විටෙක සණ්ඩු සරුවල් කර නොගන්න. තමන්
ජීවාත්ම බව සලකා නොකඩවා ඔය සිරුරු අමතක කර දමන්න. ඒකායන පියා හැර වෙනත් කිසිවෙක්
සිහි නොකරන්න. මෙයත් මිය යෑමේ අවස්ථාව වැනිය, ජීවමානව මියැදීම. ඔබ මෙලොවට මිය ගොස්
ඇති සේය. මෙවන් කියමනක් තිබේ ඔබ මිය ගිය විට, ලෝකය ඔබට මිය ගොසින්ය. ඔබ මෙහිදි
ජීවමානව මිය යා යුතුයි, එබැවින් අඛණ්ඩව ඔබගේ සිරුරු පිළිබඳ අවධානය ඉවත් කරගන්න.
හුදකලාව අසුන්ගෙන මෙය නොකඩවා පුහුණු කරන්න. අළුයම හුදකලාවේ අසුන්ගෙන තමන් සමඟ
කතාබස් කරන්න. බොහෝ උද්යෝගයකින් පරම පියාව සිහි කරන්න. බාබා, මා දැන් ඔබගේ ඇකයට
එනවා. ඒකායන කෙනාව සිහි කරන අතර සිරුර අවසන් විය යුතුයි. මෙය හුදකලාව ලෙස
හැඳින්වෙයි. පරම පියාව සිහි කරන අතර, සිරුර, එනම් මෙම සම හලා දමයි. මෙම පැරණි ලෝකය
සහ පැරණි සිරුරු අවසන් වීමට ඇති බව ඔබ දන්නවා. උත්සාහ දැරීම සඳහා සංගම යුගයේ කෙටි
කාලයක් පමණක් තිබේ. දරුවන් විමසන්නේ බාබා මෙම ඉගෙනුම කවදා වෙනකල් පවතියිද? බාබා
පවසන්නේ දේවතා රාජධානිය ස්ථාපිත කරන තුරු, මා නොකඩවා ඥානය පවසන අතර ඉන්පසුව ඔබව නව
ලෝකයට මාරු කර යවයි. මේවා පැරණි සිරුරුය, එබැවින් දිගින් දිගටම එක් හෝ තව කර්මයේ
විඳවීමක් තිබෙයි. මේ සඳහා බාබා ඔබට උදව් කරයි කියා බලාපොරොත්තු නොවන්න. ඔබ බංකොලොත්
වුනොත් හෝ රෝගී වුනොත්, පරම පියා මෙසේ කියයි, ‘එය ඔබගේ කර්මික ගිනුමයි!’ කෙසේ
නමුත්, ඔව්, යෝගාවෙන් ඔබගේ ආයුෂ දීර්ග වෙයි. උත්සාහ දරන්න, නමුත් අනුකම්පාව අයදින්න
එපා. ඔබ පියාව වැඩියෙන් සිහිපත් කරන තරමට, වැඩි යහපතක් ඉන් සිදුවෙයි. හැකිතාක් දුරට
සෑම දෙයක්ම යෝගා බලයෙන් සිදු කරන්න. භක්ති මාර්ගයේ මිනිසුන් ගායනා කරන්නේ මාව ඔබගේ
දෑස තුල සඟවන්න. සෙනෙහසට බඳුන් වූ කෙනෙක්ව හඳුන්වන්නේ දෑසේ මැණික හෝ පණට වඩා ආදරය
කරන, ලෙසයි. වඩාත්ම ආදරණීය කෙනා මෙම පරම පියා වන නමුත් ඔහු අද්‍රෘෂ්‍යමානයි. ඔහු
වෙනුවෙන් කෙතරම් සෙනෙහස තිබිය යුතුද යත්, ඒ ගැන අහන්නවත් එපා! පියා ඔහුගේ දරුවන්ව
ඔහුගේ දෑස් තුල සඟවයි. දෑස් භෞතික ඇස් නොව නමුත් ඉන් හැඳින්වෙන්නේ බුද්ධිය ගැනයි.
වඩාත්ම ආදරණීය අශාරීරික පියා අපට උගන්වනවා. ඔහු ඥාන සාගරයයි, සතුටේ සාගරයයි, එමෙන්ම
සෙනෙහසේ සාගරයයි. එවන් වඩාත්ම ආදරණීය පියා වෙනුවෙන් බොහෝ සෙනෙහස තිබිය යුතුයි. ඔහු
දරුවන් වෙනුවෙන් විශාල පරහිතකාමී සේවයක් සිදු කරයි. ඔහු ඔය දරුවන්ව දියමන්ති මෙන්
කරයි. බාබා බොහෝ මිහිරියි. ඔහු බොහෝ නිරහංකාරි වී ඔය දරුවන්ට සේවය කරයි, එබැවින් ඔය
දරුවන්ද බොහෝ සෙනෙහසින් යුතුව සේවය කල යුතුයි. ඔබ ශ්‍රීමත් අනුගමනය කල යුතුයි. ඔබ
තමන්ගේ මත පිළිපදින්නේ නම්, ඔබගේ භාග්‍යයට ඔබ හරස් කපයි. ඔය දරුවන් තුල එකිනෙකා
කෙරෙහි බොහෝ ආධ්‍යාත්මික සෙනෙහස තිබිය යුතුයි. කෙසේවෙතත් ශරීර අවධානයට පත් වීම නිසා
එකිනෙකා කෙරෙහි එතරම් සෙනෙහසක් නොමැත. ඔබ නොකඩවා එකිනෙකාගේ වැරදි සොයයි මේ කෙනා
මෙහෙමයි. අර කෙනා මෙය කරනවා. ඔබ ජීව අවධානයෙන් සිටි විට, ඔබ කිසිවෙකුගේ වැරදි
දුටුවේ නැත. ඔබ තුල එකිනෙකා කෙරෙහි බොහෝ සෙනෙහස තිබුණි. ඔබ දැන් එම ස්ථීතිය ධාරණය
කර ගත යුතුයි. පෙර, ඔබ බොහෝ මිහිරි විය, එබැවින් දැන් එතරම්ම මිහිරි වී,
නිරන්තරයෙන් සතුට දානය කරන අය වන්න. ශරීර අවධානයට පත් වීමෙන් ඔබ දුක් දී ඇත,
එබැවින් ඔබගේ ආධ්‍යාත්මික සතුට අතුරුදහන් වී ඇත. ඔබගේ ජීවිත කෙටි වී ඇත. පරම පියා
දැන් පැමිණ ඇත්තේ ඔබව සතෝප්‍රධාන් කිරීමට සහ ඔබව නිරන්තර සතුට දානය කරන්නන් බවට පත්
කිරීමටයි. ඔබ පරම පියාව වැඩියෙන් සිහි කරන තරමට දුර්වලතා වැඩියෙන් ඉවත් වෙයි.
වෙනස්කම් කිරීමට ඇත්නම්, ඒවාද අවසන් වෙයි. ස්ථීරව සිහියේ තබාගන්න අප සහෝදරයන්.
එකිනෙකාව සහෝදරයන් ලෙස දැකීමෙන් ඔබ සෑම විටම ගුණදම් දකියි. සියලු දෙනාව ගුණවත්
කිරීමට තැත් කරන්න. දුර්වලතා අත්හැර ගුණදම් ධාරණය කරගන්න. කිසිම කෙනෙකුට නින්දා
නොකරන්න. ඇතැම් අය තුල දුර්වලතා තිබෙන නිසා ඔවුන්ට තමන්ව වටහාගැනීමට නොහැකි වී, තමා
ඉතා හොඳ බව සිතයි, නමුත් දුර්වලතා තිබෙන නිසා ඔවුන් ඇතැම් අවස්ථාවන්හි නරක වචන
කියයි. සතෝප්‍රධාන් ස්ථීතියක එවන් දේ සිදු නොවෙයි. ඔබ කෙතරම් මිහිරි වී තිබේද,
එමෙන්ම පරම පියා කෙරෙහි ඔබ තුල කෙතරම් සෙනෙහස තිබේද කියා, තමන් දෙස බලන්න. ඔබ
සම්පූර්ණයෙන් ඔහු මත එල්ලී සිටින තරම් සෙනෙහසක් ඔබ තුල පියා කෙරෙහි තිබිය යුතුයි.
බාබා, ඔබ අපව බොහෝ ශ්‍රේෂ්ඨත්වයට සහ නුවණැත්තන් බවට පත් කරනවා, ඔබ අපව දිව්‍ය ලෝකයේ
අධිපතියන් කරනවා. මේ අන්දමින් පරම පියාගේ ප්‍රශංසාව ගයන අතර ඔබ ඇතුලතින් ඉපිලී යා
යුතුයි. ඔබගේ ආධ්‍යාත්මික සතුට පවත්වාගන්න. මෙසේ ගායනා කරයි සතුට තරම් පෝෂණයක්
නොමැත. පරම පියාව මුණගැසීම ගැන අතිශය සතුටක් තිබිය යුතුයි. සංගම යුගයෙදි ඔය දරුවන්ට
උපත් 21ක් නිරන්තර සතුටින් සිටීමට තරම් පෝෂණයක් ලැබෙයි, එමෙන්ම කිසිවෙකුට කණස්සලු
වීමට කිසිවක් නොමැත. දැන් බොහෝ කණස්සලු තිබෙන අතර එය මිනිසුන්ගේ සිරුරු වලට බලපෑමක්
ඇති කරන්නේ ඒ නිසයි. ඔබට කණස්සලු වීමට කිසිවක් නැත. එකිනෙකාට මෙම සතුටේ පෝෂණය
නොකඩවා කවන්න. එකිනෙකාට මෙම මහා සත්කාරය පුද කරන්න. මිනිසුන්ට මෙවන් සත්කාරයක් අන්
අයට පුද කල නොහැක. ඔබ මෙම සත්කාර පුද කරන්නේ පියාගේ ශ්‍රීමත් වලට අනුවයි. අන්
අයගෙන් ඔවුන්ගේ සැප දුක විමසීමත් ඔවුන්ට පරම පියාගේ හැඳින්වීම ලබා දීමය. මෙය දැනුම
සහ යෝගාවේ අංක එකේ ආශ්චර්යමත් පෝෂණය වන අතර ඔබට එය ලැබෙන්නේ ඒකායන ආධ්‍යාත්මික
ශල්‍ය වෛද්‍යවරයාගෙන් පමණයි. ‘මන්මනාභව සහ මධ්‍යජීබව’ - එපමණයි! මෙම වදන් දෙක
පෝෂණයයි. ඔබට ලෝක ආධිපත්‍යය වඩාත්ම ආදරණීය පියාගෙන් හිමි වෙයි. මෙය සුළු පටු දෙයක්
නොවෙයි. මෙම වදන් දෙක ඉතා සුපතලයි. මෙම වදන් දෙකෙන් ඔබ සදා නිරෝගී සහ සදා ධනවත්
වෙයි. ඔය දරුවන් මෙම දේවල් ආවර්ජනය කර ප්‍රබෝදමත්ව රැඳී සිටිය යුතුයි. ‘හොඳම වන්නේ
දේවමය ශිෂ්‍ය දිවියයි’ යන වර්ණනාව, වත්මන් කාලය ගැනයි. හැකි තාක් දුරට මෙම
ආධ්‍යාත්මික පෝෂණය අන් අය වෙතට ලඟා වීමට මගපාදා, එකිනෙකාට දියුණු වීමට මගපාදන්න,
එමෙන්ම ඔබගේ කාලය අපතේ නොහරින්න. පරම පියාව, මහා ඉවසීමෙන්, පරිනත බවින්, අවංකව සහ
වැටහීමෙන් යුතුව සිහිපත් කරන්න. ඔබගේ ජීවිතය දියමන්තියක් බවට පත් කරගන්න. සුමිහිරි
දරුවනේ ඔබට පියාගෙන් ලැබෙන ශ්‍රීමත් පිළිබඳව ඔබ නොසැලකිලිමත් නොවිය යුතුයි. සියලු
දෙනාටම පියාගේ පණිවිඩය ලැබීමට යනවා. පණිවිඩය ඉතා සරලයි. මෙසේ පවසන්න තමා ජීවාත්මයක්
බව සලකා පරම පියාව සිහි කරන්න, එමෙන්ම කිසිම නරක සිතිවිල්ලක්, වචනයක් හෝ ක්‍රියාවක්
ඔබගේ භෞතික ඉන්ද්‍රියයන් තුලින් සිදු නොකරන්න. යම් දවසක ඔබගේ නිහඬ බලය ඇසෙනු ඇත.
දිනෙන් දින ඔබ අඛණ්ඩව ප්‍රගතිය ලබා ඔබගේ නාමය නොකඩවා කීර්තිමත් වෙයි. මෙය හොඳ
සංවිධානයක් බවත්, ඔබ ඉතා හොඳ කාර්යයක් කරන බවත්, ඔබ ඉතා පහසු මාර්ගයක් පෙන්වා දෙන
බවත් සියලු දෙනාටම වැටහෙයි. බ්‍රහ්මණ වෘක‍්ෂය බොහෝ වර්ධනය වී පුරවැසියන් නොකඩවා
නිර්මාණය වෙයි. බොහෝ මධ්‍යස්ථාන විවෘත වෙයි. ඔබගේ ප්‍රදර්ශන සෑම ගමකම පැවැත්වෙයි.
ඔය දරුවන් ඉතා වැදගත් සේවයක් සිදු කල යුතුයි. ඔබගේ නව මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘත වන
අතර බොහෝ මිනිසුන් පැමිණ ඔවුන්ගේ ජීවිත දියමන්ති බවට පත් කර ගනී. ඒ අසරණ මිනිසුන්ගේ
දෙපය ලිස්සා නොයන සේ, ඔබ සෑම කෙනෙක්වම බොහෝ සෙනෙහසින් යුතුව බලා ගත යුතුයි.
මධ්‍යස්ථාන වැඩියෙන් තිබෙන තරමට මිනිසුන් වැඩියෙන් පැමිණ ජීවිත දානය ලබාගනී. ඔය
දරුවන් විසින් බලපෑමක් ඇති වුනු විට, මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පරිවර්තනය කිරීම
සඳහා ඔවුන්ට රාජ යෝගාව උගන්වන ලෙස බොහෝ දෙනෙක් ඔවුන් වෙත පැමිණෙන ලෙස ඔබගෙන් ඉල්ලා
සිටියි. ඔබ දියුණුවත්ම, පරමාත්ම දෙවියන්ම අබූ කන්දට පැමිණ ඇති බවට බොහෝ තේජසක් ඇති
වෙයි. මෙකල පැරණි ලෝකයේ බොහෝ ජාත්‍යන්තර ප්‍රශ්න තිබෙන බව ඔය දරුවන්ට පෙනෙයි. මේ
සියලු ප්‍රශ්න දැන් අවසන් වීමට යන අතර ඔබ ඒ කිසිවක් ගැන කණස්සලු නොවිය යුතුයි.
සියලු දෙනාටම කියන්න ඒවා ගැන කණස්සලු නොවන්න. මේ පැරණි ලෝකය දැන් අවසන් වීමට ඉතා
ආසන්නයි. එයට කිසිඳු බැඳීමක් තබා නොගන්න. ඔබට බැඳීම් තිබේ නම්, ඔබගේ හදවත පිරිසිඳු
නැත්නම්, ඔබට අසීමිත සතුට නොතිබෙයි. ඔය දරුවන්ට ඥාන ධනයේ සම්පත් බොහෝ සේ ලැබෙයි,
එබැවින් බොහෝ සතුට තිබිය යුතුයි. ඔබගේ හදවත් පිවිතුරු වන තරමට ඔබ අන් අයව වඩාත්
පිවිතුරු කරයි. යෝගා ස්ථීතිය තුලින් ඔබගේ හදවත් පිවිතුරු වෙයි. ඔබ යෝගීවරු වීමට සහ
අන් අයවත් යෝගීවරු කිරීමට ඔය දරුවන් තුල උනන්දුවක්ද තිබිය යුතුයි. ඔබගේ සිරුර
කෙරෙහි ඔබට බැඳීමක් ඇත්නම්, ඔබට ශරීර අවධානය තිබේ නම්, එවිට ඔබගේ මනෝ ස්ථීතිය
දුර්වල බව වටහාගන්න. ජීව අවධානයෙන් සිටින දරුවන් සැබෑ දියමන්ති වෙයි. එබැවින් ජීව
අවධානයට පත් වීමට හැකි තරම් පුහුණු වන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පරම පියා
මෙන් නිරහංකාරී වී, සියලු දෙනාටම බොහෝ සෙනෙහසින් සේවය කරන්න. ශ්‍රීමත් පිළිපදින්න.
තමන්ගේ මත පිළිපැද ඔබගේ භාග්‍යයට හරස් කපන්න එපා.
2. ඔබට පරම පියාගෙන්
ලැබී ඇති සතුටේ පෝෂණය නොකඩවා බුදින්න, එමෙන්ම එය අන් අයට කවන්න. ඔබගේ කාලය අපතේ
නොහරින්න. පියාව බොහෝ ඉවසීමෙන්, පරිනත බවින්, අවංකව සහ වැටහීමෙන් සිහිපත් කර, ඔබගේ
ජීවිතය දියමන්තියක් මෙන් කරගන්න.
වරදානය:
ආකර්ෂණය වීම ,
ආකර්ෂණය නොවීම බවට පරිවර්ථනය කර ගෙන ඔබ බලයේ ප්‍රතිමූර්තියක් වේවා.
බලයේ ප්‍රතිමූර්තියක්
වීමට නම්, ආකර්ෂණයට හසුවීමේ ස්වභාවය වෙනස් කර ඕනෑම ආකාරයක ආකර්ෂණයකින් නිදහස් වන්න.
ඔබේ ශරීරය, සබඳතා හෝ භෞතික දේපළ කෙරෙහි ඔබට යම් ඇල්මක් හෝ ආකර්ෂණයක් තිබේ නම්,
'මායා' (අධ්‍යාත්මික බාධක) පැමිණිය හැකි අතර එවිට ඔබට බලයේ ප්‍රතිමූර්තියක් වීමට
නොහැකි වනු ඇත. මේ නිසාම ඔබ පළමුව ආකර්ෂණයට හසුවීමේ තත්ත්වයෙන් නිදහස් විය යුතු
අතර, එවිට ඔබට මායාගේ ඕනෑම බාධාවකට මුහුණ දීමට හැකි වනු ඇත. බාධක පැමිණි විට
කෑගැසීම හෝ බිය වීම වෙනුවට බලසම්පන්න වන්න; එවිට ඔබ බාධක නැති කරන්නෙකු වනු ඇත.
පාඨය:
ඔබේ දයාව
ආත්මාර්ථකාමීත්වයෙන් පිරුණු එකක් නොව, පරාර්ථකාමී සහ නොබැඳි එකක් කරගන්න.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
මම සංගම් යුගයේ
බ්‍රාහ්මණයෙක්මි. මෙය නිකරුණේ පහළ වන සිතිවිල්ලක්, අපවිත්‍රත්වයේ සංස්කාරයක් හෝ
'ශුද්‍ර' (පහත්) ස්වභාවයක් නොවේ. අපවිත්‍රත්වයේ සහ අමතක වීමේ සංස්කාර ඔබේ ඒවා නොවන
බවත්, ඒවා බ්‍රාහ්මණ ස්වභාවයන් නොව 'ශුද්‍ර' ස්වභාවයන් බවත් වටහා ගන්න. ඒවා ඔබේම
යැයි සිතන විට, ඔබ පීඩාවට පත්වන අතර මායාගේ බලපෑමට ලක් වේ.
මාතේශ්වරීජීගේ අමිල
වදන්
ජීවිතයේ බලාපොරොත්තු
ඉටුකරගැනීමේ සුබ කාලය.
අපගේ ජීවිතවල සතුට සහ
සාමය තිබෙයි යන බලාපොරොත්තුව, අප සියලුම ජීවාත්ම තුළ දීර්ඝ කාලයක සිට තිබුණි.
එබැවින් දීර්ඝ කාලයක සිට අපට තිබුණු බලාපොරොත්තුව යම් අවස්ථාවකදි අනිවාර්යෙන්
ඉටුවෙයි. මෙය දැන් අපගේ අවසන් උපත වන අතර එම අවසන් උපතේ අවසන් කාලයයි. ඔබගෙන්
කිසිවෙකු තමා තවමත් තරුණ බව නොසිතිය යුතුයි. තරුණ, මහළු සියලු දෙනාටම සතුට
අවශ්‍යයි, නමුත් දුක ඇති කරන්නේ කුමක්ද, පිළිබඳ දැනුමත් අපට තිබීම අවශ්‍යයි. මෙම
පාපයන් පහ තුළ සිරවී සිටීම නිසා අප නිර්මාණය කරගෙන ඇති කර්මික බන්දන පුළුස්සා දැමිය
හැක්කේ පරමාත්ම දෙවියන්ව සිහිකිරීමේ ගින්නේ පමණක් බවට දැනුම, ඔබට දැන් ලැබී තිබේ.
අපගේ කර්මික බන්දන වලින් නිදහස් වීමට ඇති පහසු මාර්ගය වන්නේ ඇවිදින විට සහ එහෙ මෙහෙ
යන එන අතර සෑම හුස්මකින්ම සර්ව බලධාරි බාබාව සිහිකිරීමය. අපට මෙම පිලියම පවසා උපකාර
කිරීමට පරමාත්ම දෙවියන්ම පැමිණෙන නමුත් සෑම ජීවාත්මයක්ම ඇය හෝ ඔහුගේම උත්සාහ දැරිය
යුතුයි. පරමාත්ම දෙවියන්, පියාණන්, ගුරුවරයා සහ ගුරූගේ ස්වරූපයෙන් පැමිණ අපට අපගේ
උරුමය ලබා දෙයි. එබැවින් ප්‍රථමයෙන් අප එම පියාට අයත් විය යුතු අතර ඉන්පසුව
ගුරුවරයා සමඟ ඉගෙනගෙන, උපතින් උපතට පවතින අපගේ සතුටේ ප්‍රතිලාභය නිර්මාණය කරගත
යුතුයි. එනම්, අපට අපගේ ජීවන-මුක්තියේ තත්ත්වය හිමි වන්නේ අපගේ උත්සාහයට අනුවයි.
ගුරූගේ වේශයෙන් ඔහු අපව පිවිතුරු කර අපට මුක්තිය ලබා දෙයි. එබැවින් මෙම රහස වටහාගෙන
නිසි උත්සාහ දරන්න. මෙය පරණ ගිණුම් අවසන් කර අලුත් ජීවිතයක් නිර්මාණය කරගැනීමේ
කාලයයි. ඔබගේ ජීවාත්මය පිවිතුරු කරගැනීමට ඔබ මේ කාලයේ කෙතරම් උත්සාහ දරන්නේද, ඒ
අනුව පිවිතුරු වාර්ථාව පටිගත වී, මුළු කල්පයටම පවති. එබැවින් මුළු කල්පයම රඳා
පවතින්නේ ඔබ මෙකල උපයන ආදායම මතයි. බලන්න, අපට මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම
ලැබෙන්නේ මේ කාලයේදි පමණයි. අප දේවතාවන් විය යුතුයි. එය දැන් අපගේ ඉහළ නඟින ස්ථීතිය
වන අතර ඉන්පසුව අප එහි ගොස් අපගේ ප්‍රතිලාභය අත්විඳියි. එහිදී, ඔවුන් ඉන්පසුව
අනාගතයේ පහළට ඇද වැටෙන බව දේවතාවන් නොදනී. ඔවුන්ගේ සතුටට පසුව වැටෙන බවට අවධානය
ඔවුන්ට තිබුණේ නම්, එවිට ඔවුන්ගේ වැටීම ගැන කණස්සලු වීම නිසා ඔවුන්ට සතුට අත්විඳීමට
නොහැකි වෙයි. නිර්මාණය වි ඇති ආධ්‍යාත්මික නීතිය වන්නේ, මිනිසුන් ඉහළ නැඟීමට සෑම
විටම උත්සාහ දරන බවයි, එනම්, සතුට වෙනුවෙන් ආදායමක් උපයා ගැනීමට. කෙසේවෙතත්, භාගයේ
කොටස් දෙකක් නාටකයේ නිර්මාණය වී ඇති අතර අප මෙම රහස දන්නවා. එබැවින් එය අපට සතුට
අත්විඳීමේ කාලය වන විට, අප උත්සාහ දරා එම සතුට හිමිකරගත යුතුයි. උත්සාහ දැරීමේ
විශේෂත්වය මෙයයි. ඔහුගේ චරිත කොටස රඟපාන වෙලාවේ, නළුවෙකුගේ යුතුකම වන්නේ, නරඹන්නන්
‘අපූරුයි, අපූරුයි’ (නැවත වරක්) කියන පරිදි, ඔහුගේ සියලු විශේෂතා ඇතිව රඟපෑමය. මේ
නිසයි ප්‍රධාන නළු නිළි චරිත කොටස්, දේවතාවන්ට ලබා දී තිබෙන්නේ. ඔවුන්ගේ සිහිවටන
ප්‍රතිමා සිහිකර වන්දනා කරයි. දේවතාවන්ගේ විශේෂත්වය වන්නේ, පාපයෙන් තොර ගෘහයක
සිටිමින්, නෙළුම් මලක් වැනි ස්ථීතියක් නිර්මාණය කිරීමය. මෙම විශේෂත්වය අපට අමතක
වුනු නිසයි, භාරතය අද පත්ව ඇති නරක තත්ත්වයට ළඟා වී තිබෙන්නේ. දැන් අපට අපගේ ජීවිත
ඒ ආකාරයට පත් කිරීමට මඟ පෑදීම සඳහා පරමාත්ම දෙවියන්ම පැමිණ ඇත. අප ඔහුගේ හස්තය
අල්ලා සිටීමෙන් අපගේ ජීවන ඔරුව එතෙර වෙයි. අච්චා.