10.09.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, "මන්මනභාව්" යන මන්ත්‍රය පුහුණු කිරීමෙන් ඔබට මායා පාලනය කළ හැකි වනවා. සියලු විශේෂතා මෙම මන්ත්‍රය තුළ මුසුව ඇත. මෙම මන්ත්‍රය තමයි ඔබව පාරිශුද්ධත්වයට පත් කරවන්නේ.

ප්‍රශ්නය:
සියලු ජීවාත්මයන් ආරක්ෂා කරලීම සඳහා වන ප්‍රථම හා හොඳම ක්‍රමය කුමක්ද? එය කළ හැක්කේ කෙසේද?

පිළිතුර:
මෙම ස්මරණය නම් වූ වන්දනා ගමන තමයි ජීවාත්මය ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමය වන්නේ. බාබාගේ ස්මරණය තබා ගැනීමෙන් තමයි ඔබගේ චරිතය ඔබට නිවැරදි චරිතයක් බවට පත් කර ගත හැක්කේ. එවිට ඔබට මායාගෙන් ජයග්‍රහණය ලබා ගත හැකි වනවා. ඔබට මෙම සිහිපත් කිරීම තිබෙන විට ඔබගේ අපිරිසිඳු වූ සියලු ඉන්ද්‍රියන් නිහඩ වෙනවා. ස්මරණය මඟින් ඔබ බලය ලබනවා. දැනුමේ අසිපත තුළ ස්මරණයේ බලය තිබිය යුතුය. මෙම ස්මරණ‍යෙන් පමණයි ඔබ මිහිරි හා සතෝප්‍රධාන් වන්නේ, ඒ වගේම ඔබ කිසිවෙක් කලබලයට පත් කරන්නේ නැත. එමනිසා, ඔබ කිසිම විටෙක මෙම ස්මරණය නම් වූ වන්දනා ගමන තුළ දුර්වල නොවිය යුතුයි. ඔබවම පරීක්ෂා කොට ඔබගෙන්ම අසන්න මා කොතරම් දුරට මෙම ස්මරණය නම් වූ වන්දනා ගමන තුළ යෙදෙනවාද කියා.

ඕම් ශාන්ති.
මේ සුමිහිරි වූ ආධ්‍යාත්මික දරුවන් හට දිනපතා අනිවාර්යෙන්ම සැළකිල්ලෙන් සිටින්න කියා සිහිපත් කළ යුතුයි. කුමක් ගැනද? ප්‍රථමයෙන්ම ආරක්ෂා වන්න. ආරක්ෂාව යනු කුමක්ද? ඔබ මෙම ස්මරණය නම් වූ වන්දනා ගමනෙහි යෙදෙන විට හොඳින් ආරක්ෂා වනවා. මෙය තමයි මා දරුවන් සැළකිල්ලට ගත යුතු වන ප්‍රධානම කාරණය. දරුවනි, බාබා ඔබට විස්තර කරදී තිබෙනවා ඔබ මෙම වන්දනා ගමනෙහි යෙදෙන තරමට ඔබ සතුටට පත් වන අතර ඔබගේ විනීතභාවයත් වැඩි වනවා. ඔබ පාරිශුද්ධත්වයට පත් වී ඔබගේ චරිතය ද නිවැරදි කර ගත යුතු වන අතර ඔබ ඔබවම පරික්ෂා කර ඔබෙන්ම මෙසේ ඇසිය යුතුයි: මාගේ චරිතය කෙනෙක්ව සතුටට පත් කරනවාද ? අසතුටට පත් කරනවාද? මා ශරීර අවධානයට පත් වනවාද? මේ කාරණය ගැන ඔබ බොහෝ සෙයින් පරික්ෂා කර බැලිය යුතුයි. බාබා මෙහි හිඳගෙන ඔබට හොඳින් උගන්වනවා. ඔබ මෙය ඉගෙන ගෙන අන් අය හටත් එය උගන්වනවා. මෙය ඉගැන්විය හැක්කේ ඒ අසීමිත වූ පියා හට පමණයි; අන් සියලු දෙනා මනුෂ්‍යයන්ය. මුළු ලෝකයම මෙයට ඇතුලත්ය. එකම පරම පියා පමණක් අශාරීරිකයි. ඔහු ඔබ දරුවන්ට කියනවා ඔබත් අශාරීරික තත්ත්වයට පත් විය යුතු බව. මා මෙහි පැමිණ සිටින්නේ ඔබ අශාරීරික තත්ත්වයට පත් කරවීමටයි. ඔබ පාරිශුද්ධත්වයට පත් වූ කළ පමණයි ඔබට එහි යා හැක්කේ. බාබා කිසිම විටෙක කිලිටි වූ අය එහි රැගෙන යන්නේ නැහැ. මේ නිසා තමයි ප්‍රථමයෙන්ම ඔබට මෙම මන්ත්‍රය ලබා දී තිබෙන්නේ. මෙම මන්ත්‍රය පාවිච්චි කිරීම මගින් ඔබට මායා පාලනය කරගත හැකි වනවා. මෙම මන්ත්‍රය පාවිච්චි කිරීමෙන් ඔබට පාරිශුද්ධත්වයට පත් විය හැකියි. මෙම මන්ත්‍රය බොහෝ විශේෂතා වලින් සමන්විත වනවා. මෙම මන්ත්‍රය යොදා ගනිමින් ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. ඔබ මනුෂ්‍ය තත්ත්වයෙන් අනිවාර්යෙන්ම දිව්‍ය තත්ත්වයට පත් විය යුතුයි. එමනිසා, බාබා කියනවා : ඔබට ආරක්ෂා වී ශක්තිමත් මහාවීර කෙනෙක් බවට පත් වීමට අවශ්‍ය නම්, මෙම මන්ත්‍රයත් සමඟ උත්සාහ දරන්න. බාබා නිතරම "නාටකය" කියා කිව්වා වුවත් ඔහු ඔබට නොයෙකුත් ඉගැන්වීම් පවා ලබා දෙනවා. නාටකය අනුව සිදුවන සියලු දේ සිදු වන්නේ නිවැරදිවයි. බාබා දිගින් දිගටම ඔබට උගන්වන්නේ අනාගතය සඳහාත්ය. ඔබ කිසිම විටෙක මෙම ස්මරණය නම් වූ වන්දනා ගමනෙහිදී දුර්වල නොවිය යුතුයි. බාබා ඉදිරියෙහිම හිඳගෙන සිටින අය පිටත බොහෝ බාධක සමඟ ඔහුව සිහිපත් කරන අය තරම් හෝ ඔහුව සිහිපත් කරන්නේ නැහැ. නොයෙකුත් බාධක අතර සිටින අය බාබා හමු වීමට පිපාසාවෙන් සිටින අතර ඔහු හමු වී සිටින අයගේ ආශාව දැනටමත් ඉෂ්ඨ වී තිබෙනවා. බොහෝ සෙයින් බාබා සිහිපත් කරන අය හට උසස් තත්ත්වයක් ලබා ගත හැකිය. බොහෝ විශාල මධ්‍යස්ථාන ගෙන යමින් සිටින ප්‍රධාන අයත් මෙම වන්දනා ගමනෙහි දුර්වල බව පෙනී ගොස් තිබෙනවා. ඔබ හට හොඳ යෝගා ශක්තියක් තිබිය යුතුයි. ඔබගේ දැනුම නමැති කඩුවෙහි ස්මරණය නම් වූ කිසිම බලයක් නැති වුවහොත් ඔබ විසින් විදිනු ලබන හීය නියම ආකාරයෙන් වදින්නේ නැහැ; ඔවුන් සම්පූර්ණයෙන් මරණයට පත් වන්නේ නැහැ. නමුත් අනෙක් දරුවන්, අන් සියලු දෙනා බාබා වෙත ගෙන ඒමට උත්සාහ කරනවා. ඔවුන් විසින් විදිනු ලබන දැනුම නම් වූ හීය මගින් ඔවුන් ජීව මරණයට පත් වෙනවා. කොහොමනමුත්, ඔවුන් මිය යන්නේ නැතිනම්, ඔවුන්ගේ දැනුම නම් වූ කඩුවෙහි යම් දුර්වලතාවයක් තිබෙනවා. මෙම නාටකය නියම ආකාරයෙන්ම සිදුවන බව ඔහු හොඳින් දන්නවා වුවත් ඔහු දිගින් දිගටම ඔබගේ අනාගතය සඳහා ඔබට සියලු දේ විස්තර කර දෙනවා. ඔබ සියලු දෙනා ඔබගේම හදවත් වලින් මෙසේ අසන්න: මා කෙතරම් දුරට බාබා සිහිපත් කරනවාද? බාබා සිහිපත් කළ හොත් පමණයි ඔබට ජයග්‍රහණය ලැබිය හැක්කේ. එමනිසා, දැනුම නමැති කඩුව ඉතා ශක්තිමත් විය යුතු බව කියා තිබෙනවා. ඔබට ඉතා සරළ ලෙස මෙම දැනුම විස්තර කර දිය හැකියි. ඔබ මෙම ස්මරණයෙහි යෙදෙන තරමට ඔබට මිහිරි බවට පත් විය හැක. ඔබ සතෝප්‍රධාන් ලෙස සිටින කළ ඔබ බොහෝ මිහිරිව සිටියා. ඔබ දැන් නැවතත් සතෝප්‍රධාන් තත්ත්වයට පත් විය යුතුයි. ඒ වගේම ඔබගේ ස්වභාවයත් ඉතා මිහිරි විය යුතුයි. ඔබ කිසිම විටෙක අසතුටට පත් නොවිය යුතුයි. ඔබ සිටින වාතාවරණය තුළ කිසිම කෙනෙක් අසතුටින් සිටිය නොයුතුයි. ඒ දෙවියන්ගේ පාසල ස්ථාපිත කිරීම ඉතා උසස් ක්‍රියාවක් වන නිසා මේ සඳහා ඔබ හොඳින් උත්සාහ දැරිය යුතුයි. භාරතයේ තිබෙන සියලු විශ්ව විද්‍යාල බොහෝ ප්‍රශංසනීයයි. කොහොමනමුත්, ඒවා ලෝක විශ්ව විද්‍යාල නොවේ. මුළු ලෝකයේම විමුක්තිය හා ජීවන මුක්තිය තිළිණ කරන එකම විශ්ව විද්‍යාලය මෙයයි. බාබා දන්නවා ලෝකයේ සිටින සියලුම මිනිසුන් විනාශයට ලක් වනවා කියා. බාබා හට කතා කර තිබෙන්නේ මෙම කිලිටි වූ ලෝකය විනාශ කර ඒ නව ලෝකය ස්ථාපිත කිරීමටයි. දරුවන් දන්නවා බාබා මෙහි පැමිණ සිටිනවා කියා. මේ මොහොත වන විට මායාගේ නොයෙකුත් ආකාරයේ සැරසිලි අපට දැක ගත හැකියි. පොම්පී (ගිණි කන්දක් මගින් විනාශයට ලක් වූ නගරයක්) වල පසු බැසීම ගැන කතාවක් තිබෙනවා. නොයෙකුත් ආකාරයේ විශාල ගොඩනැගිලි ඔවුන් විසින් තනනු ලබනවා. නමුත් ඒ සියල්ල නොයෙකුත් ආකාරයේ සැරසිලි පමණයි. සත් යුගයේ නම් මෙතරම් විශාල තට්ටු වලින් පිරි ගොඩනැගිලි දැක ගත නොහැකියි. ඔවුන් එසේ ගොඩනැගිලි නිර්මාණය කරනු ලබන්නේ මිනිසුන් හට වාසය කිරීම සඳහා ස්ථානයක් නොමැති හෙයිනි. විනාශය සිදුවන කළ ඵ් විශාල ගොඩනැගිලි සියල්ල විනාශ වී යනවා. එවැනි ආකාරයේ විශාල ගොඩනැගිලි මුලදී මෙහි තිබුණේ නැහැ. එයට බෝම්බයක් ගැසු කළ ඒ සියල්ල කාඩ්පත් ටිකක් මෙන් ඇද වැටෙනවා. මෙයින් අදහස් කර‍න්නේ සියලු ගොඩනැගිලි සුන්බුන් වී අන් සියලුම දෙනා ජීවත් වනවා කියා නොවේ. නැහැ. මිනිසුන් කොතැන සිටියත් සාගරයෙහි සිටියා වුවත් කඳු අතර සිටියා වුවත් ඒවාට ඉහළින් පියාසර කළා වුවත් ඒ සියලු දේ විනාශ වී යනවා. මෙය තමයි පැරණි ලෝකය. මේ සියලු මිලියන 8.4ක් වූ වර්ගයා සියල්ලක්ම එවිට මිය යනවා. මෙහි ඇති ආකාරයේ කිසිම දෙයක් ඒ නව ලෝකයේ බිහි වන්නේ නැහැ. එහි මිනිසුන් තියා කිසිම ආකාරයක කෘමියෙකු හෝ ඉතිරි වන්නේ නැහැ. මෙහිදී නම් සිය දහස් ගණනින් උන් දැක ගත හැකියි. දරුවනි, ඔබ දැන් දේවී දේවතාවන් බවට පත් වීමටයි සැරසෙන්නේ. එහි තිබෙන සියලුම දේ සතෝප්‍රධාන් තත්ත්වයේ තිබෙන දේවල්. මෙහිදී වුවද ඔබ බොහෝ පොහොසත් අයෙකුගේ නිවසකට ගියහොත් හොඳ පිරිසිඳු ආකාරයෙන් එය තබාගෙන සිටින ආකාරය ඔබට දැක ගත හැකි වනවා. ඔබ සියල්ලන්ගෙන්ම උසස්ම දේවී දේවතාවන් බවට දැන් පත් වනවා. ඔබ වැදගත් මිනිසුන් කියා පමණක් හැඳින්විය නොයුතුයි. ඔබ සියලුම දෙනා දැන් ඒ උසස්ම වූ දේවී දේවතාවන් බවට පත් වීමටයි යන්නේ. මෙහි කිසිම දෙයක් අළුත් දෙයක් වන්නේ නැහැ. මීට අවුරුදු 5000කට ප්‍රථමත් ඔබ අනුපිළිවෙලින් මෙම දිව්‍ය තත්ත්වයට පත් වූවා. එහි ඒ ආකාරයේ කිසිම කිලිටක් දැක ගත නොහැකියි. ඔබ එවන් වූ දේවී දේවතාවන් බවට පත් වනවා කියා ඔබට බොහෝ සෙයින් සතුටට පත් විය හැකියි. අපට උගන්වා අප සියලු දෙනා උසස් තත්ත්වයට පත් කරන එකම පියා මොහු පමණයි. අධ්‍යාපනයකදී වුවත් ශිෂ්‍යයන් පෙළ ගස්වන්නේ අනුපිළිවෙලක් ඇතිවයි. සමහරු ස්වල්පයක් පමණක් ඉගෙන ගන්නා අතර තවත් සමහරු බොහොමයක් දේ ඉගෙන ගන්නවා. දරුවනි, ඔබ විසින් දැන් හොඳ උත්සාහයක් දැරිය යුතුයි. ඔබ විසින් විශාල මධ්‍යස්ථාන ආරම්භ කරන නිසා වැදගත් මිනිසුන් බොහෝමයක් හට මෙය හොඳින් දැනගත හැකි වනවා. ඒ භාරතයේ පැවති පැරණී රාජයෝග ක්‍රමයත් මෙහිදී සිහිපත් වනවා. පිටරටින් මෙහි පැමිණෙන අය රාජයෝගා ඉගෙන ගැනීමට බොහොම කැමතියි. භාරතයේ මිනිසුන් හට හොඳ වැදගත් බුද්ධියක් තිබෙනවා. නමුත් විදේශිකයන්ගේ නම් තවමත් තිබෙන්නේ රජෝප්‍රධාන් බුද්ධියක් පමණයි. මේ නිසා තමයි ඔවුන් භාරතයේ තිබෙන මෙම පැරණි රාජයෝගා ක්‍රමය ඉගෙන ගැනීමට මෙතරම් කැමති වන්නේ. භාරතයේ පැවති ඒ පැරණි රාජයෝගා ක්‍රමය බොහෝ ප්‍රසිද්ධයි. මෙම යෝගා ක්‍රමයෙන් තමයි භාරතය සත් යුගයක් බවට පත්වන්නේ. මෙහි පැමිණෙන අයගෙත් මෙය තේරුම් ගන්නේ බොහොම සුළු කොටසක් පමණයි. ස්වර්ගය නැතහොත් දිව්‍යලෝකය, සත් යුගය මෙහි ස්ථාපිත වූවා. ඉතින් නැවතත් අනිවාර්යෙන්ම එය මෙහි ස්ථාපිත විය යුතුයි. සත් යුගය, පාරාදීසය තමයි ලෝකයේ උසස්තම පුදුමය වූවේ. දිව්‍යලෝකය යන වචනය බොහෝ ප්‍රසිද්ධයි. දිව්‍යලෝකයත්, නිරයත්: ශිවාගේ දේවාලයත් ගණිකා මඩමත්. දරුවන් සියලුම දෙනා අනුපිළිවෙලක් ඇතිව මෙම ශිව දේවාලයට යා යුතු බව සිහිපත් කරනවා. එහි යාම සඳහා අප අනිවාර්යෙන්ම ශිව බාබා සිහිපත් කළ යුතුයි. ඔබ සියලුම දෙනා හට එහි යාම සඳහා මග පෙන්වන්නේ ඔහුයි. භක්තිය හඳුන්වන්නේ රැය ලෙසයි; දැනුම හඳුන්වන්නේ හිමිදිරිය ලෙසයි. මේ සියලු දේ අසීමිත වූ දේවල්. අළුත් දෙයකත් පැරණි දෙයකත් විශාල වෙනසක් තිබෙනවා. දැන් ඔබට ඔබගේ හදවතින්ම මෙසේ දැනිය යුතුයි: ඔබ විසින් විශාල ගොඩනැගිලි ඉදි කළහොත් හොඳ වැදගත් මිනිසුන් මෙම දැනුම ලබා ගැනීම උදෙසා මෙහි පැමිණෙනවා. සෑම කෙනෙක් හටම පෞද්ගලිකවම අසුන් ගන්වා මෙය විස්තර කර දීම අවශ්‍ය වනවා. කොහොමනමුත්, අධ්‍යාපනයක් සිදුකරන තැනක් අනිවාර්යෙන්ම හුදෙකලා ස්ථානයක් විය යුතුයි. බ්‍රහ්මග්‍යානීන්ගේ ( බ්‍රහ්ම ආලෝකය ගැන දැනුම තිබෙන සන්යාසීන්) ආශ්‍රමයන් ආදිය නගරයෙන් බොහෝ ඈත බංගලාවකයි පිහිටා තිබෙන්නේ. ඔවුන් කිසිම විටෙක තට්ටු වලින් හෙබි නිවෙස් තුළ වසන්නේ නැහැ. දැන් ඔවුන් නැවතත් තමෝප්‍රධාන් තත්ත්වයට පත් වන නිසා ඔවුන් නැවතත් නගරයට සම්ප්‍රාප්ත වනවා. ඔවුන්ගේ එම බලය කෙමෙන් කෙමෙන් නැති වී යනවා. දැන් සියලුම දෙනාගේ බැටරිය තුළ සම්පූර්ණ බලය නැති වී ගොස් තිබෙනවා. දැන් අප නැවතත් අපගේ බැටරිය සම්පූර්ණ කර ගන්නේ කෙසේද? බාබා හැර වෙන කිසිම කෙනෙක් හට ඔබගේ බැටරිය ආරෝපණය කරලීමට බැහැ. ඔබගේ බැටරිය ආරෝපණය වී තිබුණහොත් පමණයි ඔබට බාබාගෙන් බලය ලබා ගත හැක්කේ. මෙය ලබා ගැනීමට නම් ඔබ විසින් කළ යුතු එකම දෙය නම් බාබා සිහිපත් කිරිමයි. මෙහිදී ඔබට මායාගෙන් නොයෙකුත් බාධක එනවා. සමහරු වෛද්‍යවරයා හට ඇත්ත කියන අතර තවත් සමහරු එය හංගනවා. ඔබ විසින් ඔබ ඇතුලත තිබෙන සියලු දුර්වලතා බාබා හට පැවසිය යුතුයි. ඔබ විසින් මෙම උපත තුළදී ඔබ විසින් කර ඇති සියලු පාපයන් ඒ සදාතනික ශල්‍යවෛද්‍යවරයා හට පැවසිය යුතුයි. එසේ නැතහොත් එය ඔබටම කරදරයක් බවට පත් වනවා. එය නොපැකිළව කියතහොත් එය ඔබට කරදරයක් වන්නේ නැහැ. එය ඔබ තුළම තබා ගැනීම මගින් ඔබටම එය කරදරයක් බවට පත් විය හැකියි. හොඳ අවංක දරුවන් නම් මෙම උපත තුළදී සිදු කර ඇති සියලු පාපයන් ඔහු හට පවසනවා. බාබා සෑම දිනකම මේ ගැන ඔබට විස්තර කර දෙනවා. මෙය තමයි ඔබගේ අවසානම උපත. තමෝප්‍රධාන් ජීවාත්මයන් අනිවාර්යෙන්ම යම් පාපයක් සිදු කර තිබෙනවා. බාබා මෙහි පැමිණි විට ඇතුල් වන්නේ ඒ අන්ත අපිරිසිඳු තත්ත්වයට පත් වූ තැනැත්තාගේ ශරීරයටයි. මන්ද, ඔහු තමයි දැන් සුපිරිසිඳුම තත්ත්වයට පත් වීමට සිටින්නේ. ඔබ විසින් මෙම උපත තුළදී බොහෝ සෙයින් පාපයන් සිදුකර තිබෙන නිසා දැන් හොඳින් උත්සාහ දැරිය යුතුයි. ඔබ බොහෝ දෙනා ඔබ විසින් කරන්නේ කුමක්ද කියාවත් දන්නේ නැහැ. ඔවුන් කිසිම විටෙක සත්‍යය පවසන්නේ නැහැ. අනෙක් අය නම් යම් තරමක සත්‍යයක් හෙළි කරනවා. බාබා ඔබට විස්තර කරදී තිබෙනවා ඔබගේ කර්මාක්ෂය තත්ත්වයට පත් වූ කළ ඔබගේ ඉන්ද්‍රිය නිහඬ බවට පත් වනවා කියා. එය හරියට මිනිසුන් වයසට ගිය කළ ඔවුන්ගේ ඉන්ද්‍රිය නිරායාසයෙන්ම නිහඬ වනවා වැනියි. නමුත් මෙහිදී ඔබ තරුණ වයසේ සිටියදීම නිහඬභාවයට පත් විය යුතුයි. ඔබ ඔබගේ යෝගා බලය නිරන්තරයෙන් වැඩි කරන විට ඒ සියලු දේ අවසානයකට පත් වනවා. එහි කිසිම ආකාරයක අසනීපයක් හෝ කිලිටිභාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. එහි සිටින මිනිසුන් බොහෝ පිරිසිඳුයි. එය තමයි රාමාගේ රාජ්‍යය, මෙය තමයි රාවන්ගේ රාජ්‍යය. කිලිටිභාවය නිසා නොයෙකුත් අසනීප ඇති වනවා. මෙවැනි දේ සත් යුගයෙහි නැහැ. ඒ දේවල් ගැන අසන්නවත් එපා. ඵහි නාමය පවා ප්‍රථම පන්තියේ ස්ථානයක්. සත් යුගය තමයි නව ලෝකය. එහි ඉතාමත් හොඳ පිරිසිඳුභාවයක් දැකිය හැකියි. බාබා විස්තර කරනවා : ඔබ මේ සියලු දේට සවන් දෙන්නේ මෙම සංගම් යුගයෙදියි. ඔබ මීට පෙර මේ කිසිම දෙයකට සවන් දී නැහැ. මුලදී ඔබ සිටියේ ඒ මරණීය දේශයේ පාලකයන් ලෙසයි. නමුත් අද ඔබ ඒ අමරණීය දේශයේ පාලකයත් බවට පත් වනවා. ඔබ ඒ අමරණීය තත්ත්වයේ දේශයේ සිටියා කියා ඔබට විශ්වාසය තිබෙනවා. ඒ වගේම අද ඔබ සංගම් යුගයේ සිට ඒ අමරණීයත්වයේ දේශය කරා යාමට දැන් උත්සාහ කරනවා කියාත් දන්නවා. ඔබ දැන් මෙය ඔබට උගන්වන තැනැත්තා ගැනත් හොඳින් දන්නවා. හොඳින් ඉගෙන ගන්නා අයෙක් හට හොඳින් මුදල් ඉපැයිය හැකියි. සියලුම ප්‍රශංසනීයත්වය යන්නේ අධ්‍යාපනයටයි. මෙහිදිත් මෙම අධ්‍යාපනය ඒ වගේමයි. මෙම අධ්‍යාපනය මගින් ඔබ වඩා උසස් තත්ත්වයක් ලබා ගන්නවා. ඔබ දැන් ආලෝකය ලබා තිබෙනවා. ඔබ හැර වෙන කිසිම දරුවකු මේ ගැන දන්නේ නැහැ. කොහොමනමුත්, ඔබත් නැවත නැවතත් මෙය අමතක කර දමනවා. ඔබ දැන් නැවතත් ඒ පැරණි ලෝකයට යනවා. බාබා අමතක කරනවා යනු නැවතත් ඒ පැරණි ලෝකයටම යාමකි. මෙම සංගම් යුගයේ සිටින බ්‍රහ්මීන් දරුවන් වන ඔබ දන්නවා ඔබ තවමත් සිටින්නේ මෙම කලි යුගයේ නොවන බව. ඔබ සෑම විටම ඒ නව ලෝකයේ පාලකයන් බවට පත් වනවා යන්න සිහිපත් කළ යුතුයි. බාබා මෙහිදී ඔබට උගන්වන්නේ ඔබ සියලු දෙනා ඒ නව ලෝකයට ගෙන යාම උදෙසායි. මෙය පිරිසිඳු ආඩම්බරයක්. අනෙක් සෑම තැනකම අපට දක්නට ලැබෙන්නේ අපිරිසිඳු වූ ආඩම්බරය පමණයි. දරුවන් කිසිම විටෙක අපිරිසිඳු සිතිවිලි එක් කර නොගත යුතුයි. දිගින් දිගටම මෙම උත්සාහයෙහි යෙදෙන්න. එවිට අවසානයේදී ඔබට ඔබගේම ප්‍රතිඵල දැක ගත හැකි වනවා. බාබා විස්තර කරනවා : මේ වන විට ඔබ සියලුම දෙනා මෙම උත්සාහයෙහි යෙදෙනවා. ඔබ විසින් මෙම විභාගය ගත් කළ ඔබ අනුපිළිවෙලින් සමත් වෙනවා. එවිට ඔබ සියලු දෙනා මරුකර යවනවා. ඔබගේ මෙම අධ්‍යාපනය අසීමිත වූ අධ්‍යාපනයක්. මෙය ඉගෙන ගන්නේ ඔබ පමණයි. ඔබ බොහෝ සෙයින් මෙය විස්තර කරනවා. ඒ අසීමිත පියාගෙන් උරුමය ලබා ගැනිමට අළුතෙන් බොහෝ දෙනා පැමිණෙනවා. ඔවුන් කෙතරම් දුරක වාසය කළා වුවත් මෙම දැනුමට සවන් දුන් පසු ඔවුන්ගේ බුද්ධිය විශ්වාසවන්ත වනවා. ඔබ අනිවාර්යෙන්ම එවන් වූ පියෙක් ඉදිරියට පෞද්ගලිකවම හමු වීමට පැමිණිය යුතුයි. ඔබට උගන්වන ඒ පියා ඔබ අනිවාර්යෙන්ම පෞද්ගලිකවම මුණගැසිය යුතුයි. මෙය තේරුම් ගැනීමෙන් ඔවුන් මෙහි පැමිණෙනවා. සමහරුන්ට මෙය තේරුම් ගත නොහැකි වුවත් පසුව ඔවුන් සියලු දෙනා නැවතත් එය තේරුම් ගත්තා. බාබා කියනවා : ඔබට නොතේරෙන යමක් තිබෙනවා නම් එය ඔබට ඇසිය හැකියි. බාබා තමයි කාන්දම. එය ඔවුන්ගේ වාසනාවෙහි තිබෙනවා නම් ඔවුන්ට මේ සියලු දේ හොඳින් තේරුම් ගත හැකි වනවා. ඔවුන්ගේ වාසනාවෙහි එය නැතිනම් එය එතැනින් අවසන් වනවා. ඔවුන් මෙයට සවන් දුන්නා වුවත් ඒ කිසිම දෙයක් ඔවුන්ගේ සිතට යන්නේ නැහැ. මෙහිදී ඔබට උගන්වන්නේ කවුරුන් විසින්ද? පරමාත්ම දෙවියන්. ඔහුගේ නම තමයි ශිවා. ශිව බාබා තමයි ඔබට ඔබගේ සත් යුග රාජ්‍යය ලබා දෙන්නේ. ඉතින් එසේනම්, හොඳම අධ්‍යාපනය කුමක්ද? ඔබ කියන්නේ උපත් 21ක් සඳහා ඔබට ඒ සත් යුග රාජ්‍යය ලබා දෙන ශිව බාබා ඔබට උගන්වනවා කියායි. ඔහු එවන් වූ දේ අපට විස්තර කර දී අප සියලු දෙනා නිවස කරා ගෙන යනවා. සමහරුන් හට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැති නිසා ඔවුන් හට කිසිම සේවයක් කළ නොහැකි වනවා. ඔවුන් නොයෙකුත් කරදර නම් වූ යදම් තුළ වෙලී සිටිනවා. මුලදි නම් ඔබ බොහෝ කුල්මත්භාවයකින් ඒ සියලු යදම් කඩා බිඳ දමා මෙහි පැමිණියා. මෙසේ ආකර්ෂණීය වීමත් ඔබගේ නාටකයෙහි තිබුණා. නාටකය අනුව ඔබ විසින් භතියක් සිදු කළ යුතු වූවා. ඔබ ජීව මරණයක් අත් දැක්කා. කොහොමනමුත්, පසුව සමහරු මෙය අත්හැර මායා පසුපස ගියා. මෙහිදි ඇති වන්නේ සටනකි. මේ මේ ජීවාත්මය තුළ මෙතරම් ධෛර්යයක් තිබෙන බව මායා හට පෙනුණු කළ ඇය කියනවා: මා ඔහු හට පහර දී ඔහු ශක්තිමත් ද නැතිද කියා සොයා බලන්නම්. එවන් වූ දරුවන් ඉතා හොඳින් රැකබලා ගැනෙනවා. ඔවුන් හට සම්පූර්ණ අධ්‍යාපනයම ලබා දෙනවා. ඔබට ඇල්බම් එකක් බැලිය හැකියි. නමුත් එමගින් ඔබට සියලුම දේ තේරුම් ගත නොහැකියි. ඔවුන් කොහොම ද මෙම පන්ති කරන ලද්දේ පසුව අත්හැර ගියේ කෙසේද ආදී සියලු දේ යම් කෙනෙක් විසින් ඔබට විස්තර කර දිය යුතුයි. ඒ වගේම ඔවුන් මුදල් මුද්‍රණය කරන විටත් එය අනෙක් අත පෙරළනවා. මෙය දිව්‍ය දූත සේනාවක්; දෙවියන් විසින්ම මෙහි හිඳගෙන ඒ එක් ධර්මය ස්ථාපනය කරනවා. වෙන කිසිම කෙනෙක් මේ දේවල් ගැන දන්නේ නැහැ. අනෙක් අය බොහෝ ශබ්ද නගා බාබා හට කතා කරනවා. කොහොමනමුත්, ඔවුන් හරියට රත් වූ යකඩ තහඩු වැනියි. ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් අසනවා: මෙය මෙසේ සිදුවන්නේ කෙසේද? මායා, රාවන් ඔවුන්ව එවන් වූ තත්ත්වයට පත් කරනවා. මිනිසුන් ශිව බාබා හට වන්දනා කර මෙසේ කියනවා: ඔහු සෑම තැනකම සිටිනවා. ඔබ ශිව බාබා කියා කියනවා නම් ඔහු සෑම තැනකම සිටිය හැක්කේ කෙසේද? ඔවුන් ලින්ගම් එකට වන්දනා කරන විට එය ශිවා ලෙස හඳුන්වනවා. ඔවුන් කිසිම විටෙක ශිවා එහි හිඳගෙන සිටිනවා කියා කියන්නේ නැහැ. දෙවියන් සෑම ගසකම ගලකම සිටිනවා කියා ඔවුන් කියනවා. එහි තේරුම සෑම කෙනාම දෙවියන් කියන එකද? දෙවියන් ඒ ආකාරයට අසීමිත විය නොහැකියි. එමනිසා, පරමාත්ම පියා ඔය දරුවන්ට විස්තර කර දෙනවා. ඔහු මීට පෙර චක්‍රයේදී ද මේ ආකාරයෙන්ම විස්තර කළා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම කෙනෙක් කලබලයට පත් නොකරන එවන් මිහිරි වාතාවරණයක් නිර්මාණය කරන්න. බාබා මෙන්ම අශාරීරික වූ තත්ත්වයට පත් වීමට උත්සාහ කරන්න. ඔබගේ යෝගා බලය වැඩි දියුණු කරගන්න. එවිට ඔබගේ ස්වභාවයම මිහිරි බවට පත් කරගෙන ඔබගේ ඉන්ද්‍රියන් ඔබටම පාලනය කරගත හැකි තත්ත්වයක් උදාකර ගත හැකිය.

2. ඔබ දැන් සිටින්නේ මෙම සංගම යුගයේ මිස කලි යුගයේ නොවේ යන කුල්මත් බව නිරන්තරයෙන් තබා ගන්න. බාබා දැන් අප එම නව ලෝකයේ පාලකයන් බවට පත් කරලීම සඳහා සියලු දේ උගන්වනවා. සියලු අපිරිසිදු සිතිවිලි අවසන් කරන්න.

වරදානය:
ඔබගේ අමරණීය සිංහාසනයේ සහ හෘද සිංහාසනයේ හිඳගෙන කර්ම යෝගීයෙකු ලෙස උසස් ක්‍රියාවන් නිරතුරුවම සිදුකරත්වා.

මෙම අවස්ථාවේදී, ඔබ සෑම දරුවෙකුටම සිංහාසන දෙකක් ලැබේ: එකක් ඔබේ අමරණීය සිංහාසනය වන අතර අනෙක හෘද සිංහාසනයයි. කෙසේවෙතත්, ඔහුගේ සිංහාසනයේ හිඳගත හැක්කේ ඔහුගේ අධිරාජ්‍යයේ පමණි. ඔබ සෑම කෙනෙකුම අමරණීය සිංහාසනයක වාඩි වී සිටින බැවින්, ඔබට ස්වයං-පරමාධිපත්‍යයට අයිතියක් ඇත. එවිට, ඔබ පරමාත්ම පියාගේ හෘද සිංහාසනය මත හිඳගෙන සිටින නිසා, අධිරාජ්‍යයේ සියලු වාසනාව ඇතුළත් වන පියාගේ උරුමය සඳහා ඔබට අයිතියක් ඇත. කර්ම යෝගි යනු සිංහාසන දෙකෙහිම වාඩි වී සිටින තැනැත්තා යන්නයි. එවැනි සිංහාසන මත හිඳගෙන සිටින ජීවාත්මයක සෑම ක්‍රියාවක්ම උසස් වන්නේ ඔහුගේ සියලුම ශාරීරික ඉන්ද්‍රියන් සහ අවයවයන් නීතිය හා අණදීම් යටතේ ක්‍රියාත්මක වන බැවිනි.

පාඨය:
ආත්ම ගරුත්වයේ ආසනය මත නිරතුරුවම රැඳී සිටින අය ගුණවත් හා ශ්‍රේෂ්ඨවේ.