10.09.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔය වන්දනාකරුවන්ව වන්දනීය අය බවට පත්
කරවීමටයි. වන්දනාකරුවන් වන්දනීය වීමත් වන්දනීය අය වන්දනාකරුවන් වීමත් යන්න පිළිබඳ
වූ මුළු කතාන්දරයම දන්නේ ඔය දරුවන් පමණයි.
ප්‍රශ්නය:
ලෝකයේ සිටිනා
සෑම කෙනෙක්ම, කළ නොහැකි, ඉතාමත් අපහසු දෙයක් වශයෙන් සලකන නමුත් ඔය දරුවන් ඉතාමත්
පහසුවෙන් තම ජීවිත තුළට ඇතුලත් කරගෙන ඇති කාරණය කුමක්ද?
පිළිතුර:
ගෙවල් දොරවල් වල ජීවත් වෙමින් සිටිනා අතර පාරිශුද්ධ ජීවිතයක් ගත කළ නොහැකි බවයි
ලෝකයේ මිනිසුන් සිතන්නේ. නමුත් ඔබලා එය ඉතාමත් පහසුවෙත් කිරීමට පටන්ගෙන තිබෙනවා.
මන්ද, එමඟින් තමන්ට දෙව්ලොව අධිරාජ්‍යය හිමි වන බව ඔබලා දන්නා නිසාවෙනි. එමනිසා,
මෙය ඉතාමත් අගනා වූ ගනුදෙනුවකි.
ගීතය:
උදේ පාන්දරින්
මෙහි පැමිණියේ කවුරුන්දෝ...
ඕම් ශාන්ති.
අඳුර හා අළුයම
- ලෝකයට එය මුලුමනින්ම වෙනස්ම දෙකකි. එය සාමාන්‍ය දෙයක්. ඔය දරුවන්ගේ හිමිදිරිය
අසාමාන්‍යයි. ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් අඳුර හෝ අළුයම යනුවෙන් අදහස් වන්නේ
කුමක්දැයි කියා දන්නේ නැත. ඇත්තටම කියනවා නම් අන්ධකාරයත් ආලෝකයත් දෙකම සිදු වන්නේ
චක්‍රයේ ඉතාමත් සුබම සුබ වු සංගම් යුගයේදීයි. මෝහ අන්ධකාරය දැන් දුරුවෙමින්
පවතිනවා. මිනිස්සු ඥාන සූර්යයා පහළ වුණු විට මෝහාන්ධකාරය දුරුවෙනවායි කියා ගීතත්
ගයනවා. ඒ සුර්යයා ආලෝකය දෙනවා. මෙය අදාල වන්නේ ඥාන සූර්යයාටයි. භක්තිය අන්ධකාරය
කියා සලකන අතර ඥානය ආලෝකය වශයෙන් සලකනවා. හිමිදිරිය දැන් උදා වෙමින් පවතින බවත්
භක්තියේ අන්ධකාරය දුරුවෙමින් පවතින බවත් ඔය දරුවත් දන්නවා. භක්තියට අන්ධකාරය යයි
කියන්නේ තමන් විසින් වන්දනා කරනා කිසිම කෙනෙකු පිළිබඳ කිසිම දැනුමක් ඔවුනට නොමැති
නිසායි. එවිට එය කාලය අපතේ හැරීමක් වෙනවා. බෝනික්කන් වන්දනා කිරීම දිගටම සිදු
වන්නක්. බෝනික්කන් වන්දනාව කල්ප බාගයක් පුරාවට පැවතගෙන පැමිණියා. ඔබ විසින් වන්දනා
කරන කෙනා පිළිබඳ පරිපූර්ණ දැනුමක් ඔබට තිබිය යුතුයි. දේවතා වංශය වන්දනීය වංශයකි.
ඔවුන් වන්දනීය මෙන්ම වන්දනා කරන්නන් බවට ද පත්වෙනවා. වන්දනාකරුවන් වන්දනීය වීමේත්
වන්දනීය අය වන්දනාකරුවන් වීමේත් කතාන්දරය ඉතාමත් දිග පැටළුණු කතාවකි. වන්දනීය හා
වන්දනාකරුවන් වීම යන්නෙහි අර්ථයවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියා පරමාත්ම
ජීවය පැමිණෙන්නේ අන්ධකාරය අවසන් වන සංගම යුගයේ දී පමණයි. ඔහු පැමිණෙන්නේ අළුයම උදා
වෙද්දීයි. කොහොම නමුත්, චක්‍රයේ සංගම යුගය වෙනුවට ඔහු සෑම යුගයකදීම පැමිණෙනවායි
කියා ඔවුන් ලියා තිබෙනවා. යුග හතර අවසන් වන විට, පැරණි ලෝකය අවසන් වන අතර නව ලෝකය
ආරම්භ වෙනවා. එමනිසා, මෙය හඳුන්වන්නේ ඉතාමත් හිතකාමි වන යහපත් යුගයක් ලෙසිනුයි. මේ
කාලයේ දී සෑම කෙනෙක්ම අපායවාසීන්ය. කෙනෙක් මිය ගිය විට, ඔහු ස්වර්ගස්ත වුණායි කියා
මිනිස්සු කියනවා. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම සිටියේ අපායෙයි. කෙසේ වෙතත්, තමන්
සිටින්නේ අපායේයි කියා කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. රාවන සෑම කෙනෙකුගේම
බුද්ධිය අඟුළු දමලා. සෑම කෙනෙකුගේම බුද්ධිය මුලුමනින්ම මිය ගිහින්. පරමාත්ම පියා
පැහැදිලි කර කියනවා: ඉතාමත් අසීමිත වු බුද්ධියක් තිබුණේ භාරතවාසීන්ටයි. ඔවුන්ගේ
සිහිය මුලුමනින්ම ගල් වුණු විට ඔවුන් දුක් විඳින්න පටන් ගන්නවා. නාටක සැලැස්මට අනුව
සෑම කෙනෙක්ම අඥාන විය යුතුයි. ඔබලාව අඥාන කරවන්නේ මායායි. වන්දනීය අය ඥානවන්තයින්
කියා හඳුන්වනා අතර වන්දනාකරුවන් අඥානයින් වෙනවා. "මම මහා පාපකාරයෙක්" කියා ඔවුන්
කියනවා. කෙසේ වෙතත්, තමන් ඥානවන්තව සිටියේ කොයි කාලයේ දැයි කියා ඔවුන් දන්නේ නැහැ.
මායා, රාවන ඔබගේ බුද්ධිය මුලුමනින්ම ගල් කරවනවා. තමන් වන්දනීයව සිටි බවත් දැන්
වන්දනාකරුවන් බවට පත්ව ඇති බවත් ඔබලාට දැන් වැටහෙනවා. ඔය දරුවන් දැන් සතුටින්
සිටිනවා. සාමය ඉල්ලා දින ගණන් හඬමින් ඔබලා තමන්ව මෙම ඉපදීම මරණය චක්‍රයෙන් මුදවා
ගන්නැයි කියා කන්නලව් කළා. කෙසේ වෙතත්, මායාගේ යදම් වලින් නිදහස් වන්නේ කෙසේද යන
දැනුම කිසිම කෙනෙකුගේ බුද්ධියේ නැහැ. තමන් දැන් ඉණිමඟේ පහළටම බැසගෙන පැමිණනවායි
කියා ඔබලා දන්නවා. ස්වර්ණමය යුගයේ දී ඔබලා හෙමින් සීරුවේ පහළට බැසගෙන පැමිණෙනවා;
එයට කාලය ගත වෙනවා. සතුටු ඉණිමඟ බැස පැමිණිමට කාලය ගත වෙනවා. දුක් ඉණිමඟ දිගේ ඔබ
වේගයෙන් පල්ලම් බසිනවා. ස්වර්ණමය හා රිදී යුගයන්හිදී ඔබ උපත් 21ක් ගන්නා අතර තඹ
යුගය හා කලි යුගයේ දී ඔබ උපත් 63ක් ගන්නවා: ආයු කාලය අඩු වෙනවා. අසුරු සැණින් ඔබ
වර්ධනීය තත්ත්වයට පත් වන බව ඔබ දැන් දන්නවා. ජනක් රජතුමා එක් තත්පරයකින්
ජීවනමුක්තිය ලද බව සඳහන් වී තිබෙනවා. කෙසේ වෙතත්, මිනිස්සු ජීවනමුක්තිය යන්න
හරිහැටි අවබෝධ කරගෙන නැහැ. ජීවන මුක්තිය ලද්දේ එක් ජනක් රජ කෙනෙක් ද නැතිනම් මුලු
ලෝකයම ද? ඔබලාගේ බුද්ධියේ අඟුළු දැන් විවෘතව ඇත. කෙනෙකුගේ බුද්ධිය අඟුළු වැටී ඇති
විට දෙවියන් ඔහුගේ බුද්ධිය පාදාවි කියා කියනවා. ස්වර්ණමය යුගයේ දී එවැනි දේ
සිදුවන්නේ නැහැ. දීර්ඝ කාලයක් පුරා පරමාත්ම ජීවයෙන් වෙන්ව සිටි ජීවාත්මයන්ගේ
ගිණුමක් තිබෙනවා. පරමාත්ම පියා උත්තරිතර දනව්වේ සිටිනා විට ඔහුත් සමඟ එහි සිට පසු
වී මෙහි පැමිණන ජීවාත්මයන් වැඩිකාලයක් එහි ගත කරනවා. අපි එහි සිටින්නේ කෙටි කාලයක්
පමණයි. පරමාත්ම පියාගෙත් මුලින්ම වෙන් වුණු අය අපියි. මෙන්න මේ නිසා තමයි: සෑහෙන
කාලයක් පුරා පරමාත්ම පියාගෙන් ඈත්ව සිටි ජීවාත්මයන් ගැන කියවෙන ගීතත් ඔවුන් ගායනා
කරන්නේ. බොහෝ කාලයක් තිස්සේ පරමාත්ම පියාගෙන් වෙන්ව සිටි අය දැන් ඔහුව මුණගැසෙමින්
සිටිනවා. තමන් සමඟ බොහෝ කාලයක් එහි එකට සිටිනා අයව පරමාත්ම පියා මුණ ගැසෙන්නේ නැහැ.
පරමාත්ම පියා කියනවා: මම විශේෂයෙන්ම පැමිණෙන්නේ ඔය දරුවන්ට ඉගැන්වීමටයි. මම ඔය
දරුවන් සමඟ සිටිනා විට සෑම කෙනෙක්ටම යහපත සැලසෙනවා. දැන් මෙය සෑම කෙනෙකුටම යහපත
සැලසෙන කාලයයි. සෑම කෙනෙක්ම දැන් තම කර්ම ගෙවා අවසන් කර නිවහන බලා යන අතර රජදහනේ දී
ඔබ ඔබගේ වාසනාව දිනා ගනියි. මේ කරුණු වෙත කිසිම කෙනෙකුගේ බුද්ධියේ නැහැ. මිනිස්සු
කියනවා: අහෝ දෙවි පියාණනි. මුක්තිදායකයාණනි, මඟපෙන්වන්නාණනි, ඔහු අපව දුකින් මුදවා
සාම දේශයට යාමට මඟපෙන්වන්නා ද වේ. සතුටු දේශයට යාමට ඔහු අපට මඟ පෙන්වන්නෙක් වෙන්නේ
නැහැ. ඔහු ජීවාමයත්ව ශාන්ත දේශයට ගෙන යනවා. ජීවාත්මයන් සිටිනා ස්ථානය අශාරීරික ලෝකය
කියා හඳුන්වනවා. කෙසේ වෙතත්, සෑම කෙනෙක්ම අපිරිසිදු නිසා කිසිම කෙනෙකුට ආපසු එහි යා
නොහැකියි. මෙන්න මේ නිසා තමයි ඔවුන් පාරිශුද්ධකාර පරමාත්ම පියාට කන්නලව් කරන්නේ.
භාරතීයවාසීන් මුලුමනින්ම උඩ යට පෙරළුණු විට තමයි ඔවුන් පරමාත්ම පියාවත් බල්ලන්,
බළලුන් හා ගස්, ගල් වල හිර කරවන්නේ. හරිම පුදුමයක් මේක. ඔවුන් මාව ඔවුන්ටත් වඩා
අන්ත පරිහාණියට ඇද දමලා. මෙම නාටකය කල්තබා තීරණය වූවකි. ඒක කාගේවත් වැරැද්දක්
නොවෙයි. මන්ද සෑම කෙනෙක්ම පාලනය වන්නේ නාටකයට අනුවයි. දෙවියන් විසින් නොවෙයි. නාටකය
දෙවියන්ටත් වඩා බලවත්. පරමාත්ම පියා කියනවා: මමත් නාටක සැලැස්මේ මට නියමිත කාලයේදී
පැමිණෙනවා. මා පැමිණෙන්නේ එක් වතාවයි. මිනිස්සු භක්ති මාර්ගයේ එහේ මෙහේ සැරිසරනවා.
ඔබලාට දැන් පරමාත්ම පියාව මුණ ගැසී තිබෙනවා. පරමාත්ම පියාගෙන් ඔබ තම උරුමය අසුරු
සැණින් දිනා ගත යුතුයි. උරුමය දිනා ගැනීමෙන් අනතුරුව තවත් අතපත ගෑමට දෙයක් ඇත්තේ
නැහැ. පරමාත්ම පියාම කියනවා: මා පැමිණ ඔබට වේද හා ආගමික ග්‍රන්ථ වල සාරය කියා
දෙනවා. මුලදී සත්‍ය දේශය තිබුණු නමුත් පසුව එය මිත්‍යා දේශය වූයේ කෙසේද කියා කිසිම
කෙනෙක් දන්නේ නැහැ. ගීතාව කීවේ කවුදැයි කියාවත් භාරතීය ජනතාව දන්නේ නැහැ. භාරතය
පුරා ආදී සනාතන දේවි දේවතා ධර්මය තිබුණා. දේවතා ධර්මයට අයත් සතෝප්‍රධාන් වන්දනීය අය
තමෝප්‍රධාන් වන්දනාකරුවන් වන විට දේවතා ධර්මයත් අතුරුදන්ව යනවා. පසුව පරමාත්ම පියා
පැමිණ ඒ ධර්මයම නැවතත් ස්ථාපනය කරනවා. ඒවායේ මෙන්ම ආගමික ග්‍රන්ථ වලත් ප්‍රතිරූ
තිබෙනවා. භාරතීයයන්ට ඇති උතුම්ම ග්‍රන්ථය ගීතාවයි. ඔවුන්ට ඔවුන්ගේම ධර්මය අමතක
වෙලා. ඒ නිසා තමයි ඔවුන් නම වෙනස් කර තමන්ව හින්දුවරුන් ලෙසින් හඳුන්වා ගැනීමට පටන්
ගත්තේ. මෙය නාටකයේ නියමිත වූ දෙයකි. ජීවාමයන් ඉපදීම මරණය චක්‍රයට ඇතුලු වී පසුව කහට
බැඳෙන්න පටන් ගත් විට තමෝප්‍රධාන් වුණා. සැබෑ රත්තරන් ආභරණ ලෙසින් සිටි ඔබලා දැන්
මිත්‍යාවත් වෙලා. ආභරණ කියා හැඳින්වෙන්නේ ශරීරයයි. ඔබ ශරීර හරහා ඔබගේ චරිත කොටස
රඟදක්වනවා. උපත් 84ක දීර්ඝ චරිත කොටසක් අපි ලබා තිබෙනවා. ඔබලා දේවතාවරුන්,
ක්ෂත්‍රියයන් ආදීන් වී වන්දනීය අය පසුව වන්දනාකරුවන් වෙනවා. මම වන්දනීය වුණොත් පසුව
වන්දනාකරුවෙකුත් වෙනවා. ඔබව වන්දනීය කරවන්නේ කවුරුන්ද? මම සදා පාරිශුද්ධයි. ඥාන
සාගරයයි. පාරිශුද්ධකරුයි. ඔබ වන්දනීය වී පසුව වන්දනාකරුවන් වී උදෑසනින් රාත්‍රියට
ගමන් කරනවා. කෙසේ වෙතත්, ඒ අය මේ ගැන දන්නේ නැහැ. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා:
ලෝකය දිගින් දිගටම මිත්‍යාවක් වන අතර ඔවුන් මිත්‍යා කතාන්දර නිර්මාණය කරනවා.
ව්‍යාස් පවා පුදුම දේ කළා. ව්‍යාස් දෙවියන් නොවෙයි. පරමාත්ම දෙවියන් පැමිණ වේද හා
ආගමික ග්‍රන්ථ වල සාරය බ්‍රහ්මා මගින් පැහැදිලි කළා. පසුව ඔවුන් බ්‍රහ්මාවත්
ග්‍රන්ථ අතැතිව පෙන්වා තිබෙනවා. ඉතින් පරමාත්ම දෙවියන් සිටියේ කොහිද? බ්‍රහ්ම,
විශ්නුගේ පෙකණියෙන් බිහි වුණා කියාවත් විශ්නු සියලුම ග්‍රන්ථයන්හි සාරය කියා දුන්නා
යයි කියාවත් කියන්න බැහැ. බැහැ: පරමාත්ම දෙවියන් බ්‍රහ්මා හරහා පැහැදිලි කළා.
ත්‍රිමූර්තියට උඩින් සිටින්නේ ශිව බාබායි. ඔහු බ්‍රහ්මා හරහා සාරය කියා දෙනවා. එසේ
කතා කිරීම සඳහා ඔහු විසින් මාධ්‍යය කර ගන්නා කෙනා පසුව පෝෂණය ගෙන යනවා. ඔබලා
බ්‍රහ්ම කුමාරයින් හා කුමාරින්ය. ඉහළම ඉහළ කුළය බ්‍රාහ්මණ කුලයයි. ඔබලා දැන් දේව
දරුවන්ය. පරමාත්ම දෙවියන් විසින් නිර්මාණය කළ යාගය ඔබ රැක බලා ගන්නවා. මුලු පැරණි
ලෝකයම මෙම ඥාන යාග ගින්නට බිලි දිය යුතුයි. එය හඳුන්වන්නේ ස්වාධිපත්‍යය ලබා ගැනීම
සඳහා අශ්වයා බිලි දෙන අවිනාශී රුද්‍ර ඥාන යාග ගින්න කියලයි. පරමාත්ම පියා මෙම යාගය
නිර්මාණය කර ඇත්තේ ඔබට අධිරාජ්‍යය දිනා ගැනීමටයි. මිනිස්සු යාග සෑදුවිට, ඔවුන් මැටි
වලින් ශිව ප්‍රතිමා හා සලිග්‍රාම ප්‍රතිමාවන් සාදනවා. ඔවුන් ඒවා සාදා, පෝෂණය කර
පසුව විනාශ කර දමනවා. දේවතා ප්‍රතිමා වලටත් ඔවුන් කරන්නේ එයමයි. කුඩා දරුවන්
බෝණික්කන් සමඟ සෙල්ලම් කරනවා වගේ තමයි ඔවුනුත් මේ දේවල් කරන්නේ. පරමාත්ම පියා
ස්ථාපනය, පැවැත්ම හා විනාශය කරනා බව සඳහන් කර තිබෙනවා. කෙසේවෙතත්, පළමුවෙන්ම
ස්ථාපනයයි. ඔබලා දැන් අමරණීය දේශය වෙත යාමට මෙම මරණීය දේශයේ සිට ඉගෙන ගන්නවා. මෙය
මරණීය දේශයේ ඔබගේ අවසන් උපතයි. පරමාත්ම පියා පැමිණෙන්නේ අමරණීය දේශය ස්ථාපනය
කිරීමටයි. එක පාර්වතීයකට පමණක් කතාන්දරයක් කියා දී මොනවා කරන්නද? ශංකර්ට
අමරණියත්වයේ දෙවියන් කියා කියලා ඔවුන් පාර්වතීවත් ඔහු සමඟ පෙන්වනවා. ශංකර් හා
පාර්වතීව පෙන්වන්නේ සුක්ෂම කලාපයේ දී නම් භෞතික ශාරිරික ස්වරූපයක් ඔවුනට ලැබෙන්නේ
කෙසේද? ජගදම්බා සහ ජගත්පිතා ලක්ශ්මි නාරායන වන බව ඔබට පැහැදිලි කර කියා දී තිබෙනවා.
ලක්ෂ්මි හා නාරායන උපත් 84 ක් ගැනීමෙන් අනතුරුව ජගදම්බා හා ජගත්පිතා වෙනවා. ඇත්තටම
කියනවා නම්, ජගදම්බා උත්සාහවන්තයෙක් වන අතර ලක්ෂ්මී පිවිතුරු ත්‍යාගයයි. වඩාත්
ශ්‍රේෂ්ඨ වන්නේ කාගේ ගුණ වර්ණනාව ද? ජගදම්බා වෙනුවෙන් කී පිරිසක් එකට එකතු
වෙනවාදැයි කියා බලන්න. කල්කටාවේ කාලීත් ඉතාමත් ප්‍රසිද්ධයි. ඇයි කල්කටාවේ කාලි
මාතාව සමඟ කාලි පිතා කෙනෙක්වත් නිර්මාණය කරලා නැත්තේ? ඇත්තෙන්ම කියනවා නම්,
ආදීදේවි, ජගදම්බා ඥාන යාගය මත අසුන් ගෙන අවලස්සන බවින් ලස්සන වෙනවා. ඇය පළමුව ඥාන
දෙවඟන වී පසුව කුමරියක් වෙනවා. ඔබ මෙහි පැමිණ සිටින්නේ පරමාත්ම දෙවියන්ගෙන් ඥානය
ගෙත රජ කුමරෙක් හා කුමරියක් වීමටයි. ලක්ෂ්මි හා නාරායනට ඔවුන්ගේ රාජධානිය හිමිකර
දුන්නේ කවුද? අමරණීයත්වයේ කතාන්දරය හා සත්‍යය නාරායනගේ කතාවත් ඔබට කියා දෙන්නේ
පරමාත්ම දෙවියන් පමණයි. ඉන් ඔබලා එක් තත්පරයකින් සාමාන්‍ය මනුෂ්‍ය බවින් නාරායන
වෙනවා. ඔය දරුවන්ගේ බුද්ධිය දැන් විවෘතව ඇති නිසා රාගය ලොකුම සතුරා බව ඔබලාට
වැටහෙනවා. ගෙදරම ජීවත් වෙමින් පාරිශුද්ධත්වයත් රැකීම කළ නොහැකි දෙයක් වශයෙනුයි
ඔවුන් සලකන්නේ. පරමාත්ම පියා දෙව්ලොව නිර්මාණකරු කියා පහදා දී තිබෙනවා. එමනිසා, ඔහු
අනිවාර්යයෙන්ම තම දරුවන්ට දෙව්ලොව ස්වාධිපත්‍යය දිනා දේවි. ඉතින් එමනිසා, දෙව්ලොව
ස්වාධිපත්‍යය දිනා ගැනීමට නම් ඔබලා අනිවාර්යෙන්ම මෙම එකම එක උපතේදී පාරිශුද්ධව වාසය
කළ යුතුයි. මෙය මිල කළ නොහැකි ගනුදෙනුවකි. ව්‍යාපාරිකයිනුත් දානමානාදිය දෙන නිසා
ඔවුන්ට මෙය ඉතාමත් හොඳින් ග්‍රහණය කර ගත හැකි වේවි. ඔවුන් පිනට කියා යම් මුදලක්
වෙන් කර තබනවා. පරමාත්ම පියා කියනවා: කලාතුරකින් කෙනෙක් තමයි මෙම ගනුදෙනුව කරන්නේ.
එය එතරවීම පහසු ව්‍යාපාරයකි. කෙසේවෙතත්, ගනුදෙනුව කර පසුව පරමාත්ම පියාගෙන් වෙත් වන
අයත් සිටිනවා. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට මෙම ඥානය පැහැදිලි කරන්න
බැහැ. එකම එක ඒකායන පියා පමණයි ඥාන සාගරය. ඔබට පැහැදිලි කරන්නේත් ඔහුම පමණයි.
පාරිශුද්ධ වන්දනීය කෙනා තම උපත් 84 අවසානයේදී වන්දනාකරුවෙක් වෙනවා. එවිට මම ඔහුගේ
ශරීරයට ඇතුලු වුණා. ප්‍රජාපිතා සිටිය යුත්තේ මෙහියි. ඔබලා දැන් උත්සාහ දරා
ඉටුදේවතාවරුන් වෙනවා. භක්ති මාර්ගයේ රාත්‍රියට පසු දැන් ඇත්තේ ඥානයයි. එය දිනයයි.
මේ සඳහා කිසිම වේලාවක් හෝ දිනයක් නියම කර නැහැ. ශිව බාබා පැමිණියේ කවදාදැයි කියා
කිසිම කෙනෙක් දන්නේ නැහැ. ක්‍රිෂ්ණ ජනමස්තමිය මිනිස්සු ඉතාමත් ඉහළින් සමරනවා.
ශිවාගේ ජන්ම දිනය කවදාදැයි කියා කිසිම කෙනෙක් හරියට දන්නේ නැහැ. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙම
හිතකාමී කරුණාවන්ත යුගයේ දී පරමාත්ම පියා විසින් කියා දෙන සත්‍ය නාරායනගේ හා
අමරණියත්වයේ කතාන්දරයට ඇහුම් කන් දෙන්න. මෙතෙක් කල් අසා ඇති අන් සෑම දෙයක්ම අමතක කර
දමන්න.
2. ස්වර්ණමය යුග
ස්වාධිපත්‍යය දිනා ගැනීමට නම්, මෙම එකම එක උපතේ දී පාරිශුද්ධව සිටින්න. සුර
දේවතාවරයෙක් වීමට උත්සාහ දරන්න.
වරදානය:
ඔබගේ සෑම
සිතිවිල්ලක්, මොහොතක්, වචනයක් සහ ක්‍රියාවක් තුළින්ම ඔබ පූර්ණ විශ්වාසවන්තභාවයෙන්
යුතුව දේව-සේවයේ නිරත වේවා.
යම් දෙයක් ඉතා හොඳින්
හා ප්‍රවේශමෙන් රැකබලා ගන්නා තැනැත්තා 'පූර්ණ විශ්වාසවන්ත' අයෙකු ලෙස හැඳින්වේ; ඔහු
කිසිවක් අපතේ යාමට ඉඩ නොදෙයි. ඔබ උපත ලැබූ මොහොතේ සිටම, ඔබේ සෑම සිතිවිල්ලක්ම,
මොහොතක්ම සහ ක්‍රියාවක්ම දේව-සේවය වෙනුවෙන් විය යුතුය. ඔබේ සිතිවිලි හෝ කාලය
දේව-සේවය හැර වෙනත් යමක් සඳහා යොදවන්නේ නම්, හෝ නිශ්ඵල වචන පවසන්නේ නම්, එසේත්
නැතිනම් ශරීරයෙන් නිශ්ඵල ක්‍රියා කරන්නේ නම්, ඔබව 'පූර්ණ විශ්වාසවන්ත' අයෙකු ලෙස
නොසැලකේ. "එය නිකම්ම තත්පරයක් හෝ සතයක් අපතේ යාමක් පමණයි, ඒ ගැන ඔතරම් ලොකුවට
හිතන්න ඕනෙද? " යැයි නොසිතන්න. නැත, 'පූර්ණ විශ්වාසවන්ත' වීම යනු සෑම දෙයක්ම
අර්ථවත් ලෙස භාවිත කිරීමයි.
පාඨය:
සාර්ථකත්වය
රඳා පවතින්නේ 'ශ්‍රීමත්' නිවැරදිව වටහාගෙන සෑම පියවරකදීම එය අනුගමනය කිරීම තුළයි.
අව්‍යක්ත සංඥාව: දැන්
ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.
ඔබ කරන පුණ්‍යකර්ම හෝ
දානය වෙනුවෙන් ප්‍රශංසා ලැබීමට කිසිවිටෙකත් ආශා නොකරන්න. මෙවැනි සීමිත ප්‍රශංසාවක්
පිළිගැනීම යනු ස්ථිරසාර හා සදාකාලික ප්‍රතිලාභ අහිමි කර ගැනීමකි. එබැවින්, දීම
සම්බන්ධයෙන් සාගරයක් මෙන් නිරන්තරයෙන් පරිපූර්ණව සිටින්න. ඔබේ සෑම වචනයක්ම අන් අයට
සතුටින් පිරුණු අධ්‍යාත්මික ජීවිතයක්, පරමාත්ම පියාගේ සෙනහස සහ ඉන්ද්‍රියයන්ට
ඔබ්බෙන් වූ අතීන්ද්‍රිය සුඛ දිව්‍යමය ප්‍රීතිය අත්විඳීමට මඟ පාදන්නක් වේවා. ඔබේ සෑම
ක්‍රියාවක්ම සියලු ජීවාත්මයන්ට සහයෝගය ලැබීමට ඉඩ සලසන ආකාරයේ එකක්ම වේවා.
මාතේශ්වරීගේ අමිල
වදන්.
රාජ ඍෂිවරු ස්වර්ණමය
යුගී අයයි.
රාජ ඍෂිවරු තඹ යුගයේ
විසූ බවත් ඔවුන් ත්‍රිකාලදර්ශී වූ නිසා අසුන්ගෙන ආගමික ග්‍රන්ථ නිර්මාණය කළ බවත්
මිනිසුන් පවසයි. ඇත්ත වශයෙන්ම රාජ ඍෂිවරු ස්වර්ණමය යුගයේ සිටි බව අපට දැන් කිව හැක,
මන්ද, එහිදී ඔවුන් මුළුමනින්ම පාපයන් පරාජයකර තිබුණි, එනම්, ඔවුන්ට නෙළුම් මලක්
වැනි ජීවිතයක් ඇති අතර ඔවුන් ජීවන-මුක්ති ස්ථීතියකින් රාජධානිය පවත්වා ගෙන යයි.
පරමාත්ම දෙවියන්ව ලබා ගැනීම සඳහා තඹ යුගයේ සිට තපස්යාවේ යෙදී ඇති ඍෂිවරු, ඒ කාලයේ
වේද සහ ග්‍රන්ථ නිර්මාණය කළහ. ස්වර්ණමය යුගයේ වේද ග්‍රන්ථ වලට අවශ්‍යතාවයක් නොමැති
අතර ඔවුන් ත්‍රිකාලදර්ශි බවද අපට කිව නොහැක. බ්‍රහ්ම, විෂ්ණු හෝ ශංකර්
ත්‍රිකාලදර්ශි ලෙස අපට හැඳින්විය නොහැකි බැවින්, තඹ යුග රජෝගුණි කාල වකවානුවේ සිටි
ඍෂිවරු සහ මුනිවරු ත්‍රිකාලදර්ශී වන්නේ කෙසේද? ත්‍රිකාලදර්ශී යනු, ත්‍රිමූර්ති සහ
ත්‍රිනේත්‍රී ලෙස හැඳින්වෙන ඒකායන ශිව පරමාත්ම දෙවියන් පමණක් වන අතර ඔහු කල්පය
අවසානයේ මෙහි පැමිණ මුළු නිර්මාණයම අවසන් කරයි. ස්වර්ණමය යුගයේ අප ප්‍රතිලාභය
අත්විඳියි. බ්‍රහ්ම වංශික බ්‍රහ්මණයන් වන අප, මාස්ටර් ත්‍රිනේත්‍රි සහ
ත්‍රිකාලදර්ශී වන බව, අප එහිදි නොදනී. මුළු චක්‍රය පුරාවටම කිසිවෙකුට මෙම ඥානය
ලබාගත නොහැක; දේවතාවන් හෝ මනුෂ්‍යයන් ත්‍රිකාලදර්ශී ලෙස හැඳින්විය නොහැක. අච්චා.