10.11.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබේ වාසනාව ඉහළ නංවාලීම සඳහා ආධ්‍යාත්මික සේවාවේ යෙදෙන්නට රුචි වන්න. හැම කෙනෙකුටම ඥාන ධනය දිගින් දිගටම දානය කරන්න.

ප්‍රශ්නය:
ආධ්‍යාත්මික පරම පියා දැන් දෙන වෙන කිසිම මනුෂ්‍යයෙක් නොදෙන උපදේශය (ශ්‍රීමත්) කුමක්ද?

පිළිතුර:
ඔහෝ ආධ්‍යාත්මික දරුවනි, ඩඩීචි ඍෂි කළාක් මෙන් ආධ්‍යාත්මික සේවය සඳහා ඉහළම කැප කිරීම කරන්න. ඔබ පරම පියාගෙන් ලබා ගෙන ඇති අවිනාශී ඥාන මිනිමුතු දන්දෙන්න. එය සැබෑ සේවයයි. එවැනි සේවාවක් කිරීමට උපදෙස් දීම කිසිම මනුෂ්‍යයෙකුට කළ නොහැකියි. ආධ්‍යාත්මික සේවාවන් කරන අය සතුටින් නටන අතර ඔවුන්ගේ වාසනාව දිගටම ඉහළට එසැවේ.

ගීතය:
ලෝකය වෙනස් වුවත්, අප කිසිදා අහක නොබලමු.

ඕම් ශාන්ති.
ඔබ දරුවන් ගීතයේ පේළි දෙකක් ඇසුවා. ඒ මිනිසුන් ගීතය රචනා කළා. යුවළක් විවාහ වූ කල, සැමියාත් බිරියත් එකිනෙකා අත් නොහරින බව විශ්වාස කෙරේ. එසේ සිදු වන්නේ කලාතුරකිනි. මෙහිදී ඔබ දරුවන් පොරොන්දු වන්නේ කා සමඟ ද? පරමාත්ම දෙවියන් සමඟයි. ඔබ දරුවන් වන මනමාලියන් පොරොන්දු වී ඇත. එහෙත් ඔබේ සමහරු මුළු ලොවම ඔබට අත් කර දෙන කෙනාද අතහරී! ඔබ ඔබේ මධ්‍යස්ථාන වලට පිට වී ගිය විට මෙහි ඇති තත්ත්වයම නොපවතී. මෙහිදී, බාප්දාදා ඕනෑම වෙලාවක පැමිණේ. පිටදී මධ්‍යස්ථාන වලදී ඔබ බලා ඉන්නේ බාබාගේ මුරලිය ගැනය. මෙහෙත් එහෙත් ලොකු වෙනසක් ඇත. මක් නිසාද මෙහිදී අසීමිත බාබා ඔබ ඉදිරියේ පෞද්ගලිකවම පෙනී සිටී. එහිදී ඔබට එසේ නැත. ඔබ මෙහි පැමිණ මුරලියට ඍජුවම පෞද්ගලිකව ඇහුම්කන් දෙයි. වෙන සත්සන් වල දී ස්වාමි කෙනෙක් එනවා සේ මෙහිදී බාබා එන තෙක් ඔබ බලා සිටී. කොහොමනමුත්, හැමෝම එසේ නොසිතයි. සමහරු සිහිකරන්නේ නෑදෑයින් ගැනයි. ඔවුන්ගේ බුද්ධිය ගුරු වෙතම රඳයි. ඔහුගේ ස්වාමි වෙත ස්මෘතිය ඇත්තේ කලාතුරකිනි. මෙහිදීද එසේමය. හැම කෙනෙක්ම ශිව බාබාගේ ස්මෘතියේ නැත. එය දිගටම එහෙ මෙහෙ යයි. ඔවුන්ගේ යහළුවන් හා නෑදෑයන් වෙත. සැම විටම ශිව බාබා ඉදිරියේ පෞද්ගලිකවම සිටිය හැකි නම් එය විශාල වාසනාවකි. එසේ ස්ථීරව ස්මෘතිය ඇත්තේ කලාතුරකිනි. මෙහිදී එසේ වූ විට විශාල සතුටක් දැනේ. ගෝපි වල්ලභ් වන පියාට අයිති ගෝප් සහ ගෝපිවරුන්ගෙන් අතීන්ද්‍රිය සතුට ගැන අසන්න. එය මෙකල පිළිබඳවයි. ඔබ මෙහි සිටින්නේ බාබාගේ ස්මෘතිය තුළයි. දැන් ඔබ පරමාත්ම දෙවියන්ට භාරව සිටිනවා සේ එහිදී ඔබ දෙවි දේවතාවුන්ගේ ඇකයේ සිටින බව ඔබ දනී. සමහරු සේවය පිළිබඳව සිතුවත් මේ අවස්ථාවේ කළ යුත්තේ පියාට සවන්දීම මිස වෙනෙකක් නොවන බව හොඳ දරුවෝ දනී. පරම පියා මෙහි පැමිණ ඇත්තේ ඔබේ ඔඩොක්කු ඥාන මිණිමුතු වලින් පිරවීමට වන අතර ඔබේ බුද්ධිය පරම පියා සමඟ යෝගය තුළ සිටිය යුතුයි. උකහා ගන්නා අය සිටින්නේ අනුපිළිවෙලිනි. සමහරු අඩුවෙනි. සමහරු වැඩියෙනි. ඔබේ බුද්ධිය එහෙ මෙහෙ ගියොත් එය අඩු වන අතර ඔබ දුර්වල වේ. ඔබ දෙපාරක් තුන්පාරක් මුරලි කියෙව්වත් නොතේරෙනවා නම්, එම පුරුද්ද ස්ථීර වේ. එවිට කොපමණ ඇසුවත් ඔබ උකහා ගන්නේ නැත. අන් අයට ඥානය දීමද කළ නොහැකි වෙයි. උකහා ගන්නා අය සේවය කිරීමට උද්යෝගය ඇති වී ඥාන ධනය දන් දීමට යන්නේ මෙම ධනය පරම පියාට මිස වෙන කෙනෙකුට නොමැති නිසාය. පරම පියාද හැම කෙනෙකුටම මේ හැකියාව නොමැති බව දනී. හැම කෙනෙකුටම ඉහළම තත්ත්වයක් නොලැබෙයි. මේ නිසයි ඔබේ අනාගත වාසනාව නොඑසේ වෙන්නේ. සමහරු හැම කෙනෙක්ම පිනවීමට භෞතික සේවයට බොහෝ මහන්සි වෙයි. ඉවුම් පිහුම් සහ ආහාර බෙදීමද මෙසේම තමා. සේවයට රුචි අයට යමක් නොකියා සිටිය නොහැකිය. කොහොමනමුත්, බාබා බලන්නේ ඔබ ශරීර අවධානයෙන් ද නැත්ද කියාය. පියා සහ ජ්‍යෙෂ්ඨයින්ට ගරු කරනවා ද කියාය. ජ්‍යෙෂ්ඨ මහරාතීන්ට ගරු කළ යුතුයි. ඔව්, ඇතැම් විට වයසින් බාල අයද ඉතා දක‍්ෂ වූ විට වැඩිමල් අය සැලකිල්ලක් දක්වන්නේ ඔහුගේ බුද්ධිය වේගයෙන් ඉදිරියට යන නිසයි. එසේ වනු දැකීමට පරම පියා ඉතා කැමති වන්නේ ඔහු ඉතා හොඳ සේවයක් කරන බැවිනි. ඔබ මුළු දවස පුරාම ප්‍රදර්ශනයේ විස්තර කිරීම පුහුණු කළ යුතුයි. බොහෝ යටත් වැසියන් බිහිවේ. සිය දහස් ගණන් බිහිවිය යුතුය. වෙනත් ක්‍රමයක් නැත. සූර්ය වංශික හා චන්ද්‍ර වංශික රජවරු හා රැජිණියන්ද යටත් වැසියන්ද මෙහිදී බිහිවිය යුතුය. ඒ නිසා බොහෝ සේවය කළ යුතුය. ඔබ දරුවන්ගේ බුද්ධියේ තිබෙනවා ඔබ දරුවන් බ්‍රාහ්මණයින් බවට පත් වී ඇති බව. ඔබ ගෙදර පවුල් සමඟ සිටිත්දීම ඔබේ පෞද්ගලික තත්ත්වය ඇති බව ඔබ හැම කෙනෙක්ම දනී. ඔබ ඒවා අත්හැරිය යුතු නැත. බාබා මෙසේ කියයි ඔබ ගෙදර සිටින අතරේම සිතන්න මේ වියපත් ලෝකය දැනටමත් විනාශ වී ඇති බව. අපේ සම්බන්ධය ඇත්තේ පරම පියා සමඟයි. ඔබ දන්නවා පසුගිය චක්‍රයේ ඥානය ගත් අය නැවත මෙවරද ගන්නා බව. තත්පරයෙන් තත්පරය හැම දෙයක්ම එලෙසම නැවත නැවත සිදුවේ. ඥානය ඇත්තේ ජීවාත්ම සත්තාව තුළයි. පරම පියාට එම ඥානය ඇත. ඔබ දරුවන් පරම පියා හා සමඟින් කරුණු උකහා ගන්න. හැම කරුණක්ම එකවර විස්තර නොවේ. ස්ථීර ඉලක්කයක් තබා ගත යුතුය. විනාශය අත ලඟයි. දැන් ඇත්තේ එම විනාශයයි. සත් යුගයේ දී හා ත්‍රේත යුගයේ දී යුද්ධ ආදිය නැත. බොහෝ ආගම් සහ විශාල හමුදා සමඟ යුද්ධය ඇති වන්නේ පසුවය. ජීවාත්ම සත්තාවන් පළමුව සතෝප්‍රධාන් තත්ත්වයෙන් පැමිණ ඉන්පසු සතෝ, රජෝ සහ තමෝ තත්ත්වයන්ට එයි. මේ සියල්ල ඔබේ බුද්ධිය තුළ තබා ගත යුතුයි. මෙහි සිටිනා අතරතුර දීද රජදහන ස්ථාපනය වන්නේ කෙසේදැයි ඔබේ බුද්ධිය තුළ තබාගත යුතුය. ශිව බාබා පැමිණ ධන නිධානය දෙන අතර අප බුද්ධියෙන් එය උකහා ගත යුතුය. හොඳ දරුවන් සටහන් ද ගනී. එය ඉතා හොඳය. එවිට, මාතෘකා ඔබේ බුද්ධිය තුළට ඇතුළු වේ. ‘‘අද, මම මෙම මාතෘකාව විස්තර කරමි.‘‘ පරම පියා මෙසේ කියයි මා ඔබට විශාල ධනයක් දී ඇත! සත් යුගයේ දී හා ත්‍රේත යුගයේ දී ඔබට බොහෝ ධනය තිබුණු නමුත් පාප මාර්ගයට වැටුණු විට එය දිගටම අඩු විය. සතුට ද අඩු විය. ඔබ විකර්ම කරන්නට හුරු විය. පහළට බැසීමේ දී ඔබේ කලා දිගටම අඩු වෙයි. සතෝප්‍රධාන්, සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්වයන් ඇති වේ. එකපාරට ම සතෝ සිට රජෝ බවට පත් නොවේ. තමෝප්‍රධාන් තත්ත්වයේද පහළ බසින්නේ හෙමින්ය. ඔබ ඉණිමඟේ පහළට දිගටම බසින අතර කලා ද බැසයයි. දැන් ඔබ පිම්මක් පැනිය යුතුය. ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් විය යුතු අතර එයට ඇත්තේ ඉතා සුළු කලකි. මෙසේ ද සිහි කරයි නඟිනා අය දෙව්ලොව මිහිර විඳී. ඔබ කාම රාගයෙන් පහර කෑ විට සම්පූර්ණයෙන් ම සුනුවිසුණු වී යයි. එය හරියට දිවි නසා ගත්තා වගේ. ජීවාත්ම සත්තාවේ දිවිනසා ගැනීම යැයි නොකියා, ‘‘ශරීරයේ දිවිනසා ගැනීම‘‘ යැයි කියැවේ. එමෙන්ම ජීවාත්ම සත්තාවේ දිවි නැසෙන අතර ඔබ උපයාගත් සියල්ලද විනාශ වෙයි. මෙහිදී ඔබ පරම පියාගෙන් උරුමය ලබා ගත යුතුයි. පරම පියා සිහිකළ යුත්තේ ඔබ ඔහුගෙන් ස්වාධිපත්‍යය ලබන නිසයි. ඔබෙන් ම මෙසේ අසාගන්න. මා පරම පියා සිහිකර කොතෙක් උපයා ගෙන ඇත්ද? අන්ධයින් කොපමණකට මා සැරයටියක් වූවාද? සෑම ගෙදරකටම මෙම ලෝකය විනාශ වේගෙන යනවා යන පණිවුඩය දෙන්න. පරම පියා ඔබට රාජයෝගා උගන්වන්නේ නව ලෝකයටය. ඉණිමඟේ පිංතුරය පෙන්වන්නේ මෙම ලෝකය අලුත් කිරීමට බොහෝ වෙහෙස විය යුතු බවයි. දවස පුරාම මෙය කෙනෙකුට තේරුම් ගත හැකි ලෙස පහසුවෙන් කියා දෙන්නේ කෙසේ දැයි සිතන්න. මුළු ලෝකයම මෙහි නොඑයි. දෙවි දේවතා ආගමට අයිති අය පමණක් එයි. ඔබේ සේවය බොහෝ කාලයක් තිස්සේ කළ යුතුයි. ඔබේ පන්තිය කොතෙක් කාලයක් සිදුවුණා දැයි ඔබ දනී. ඒ මිනිසුන් විශ්වාස කරන්නේ චක්‍රයේ කාලය අවුරුදු සිය දහස් ගණන් දිගයි කියා වන අතර ඔවුන් දිගටම පොත් පත් ආදිය කියවයි. ඔවුන් සිතන්නේ අවසානයේ දී සියලු දෙනා ගලවා ගන්නා කෙනා එන බවත් ඔහුගේ අනුගාමීන්ට ගැලවීම ලැබෙන බවත් ඔවුන් ආලෝකයට ගිලී යන බවත් ය. ඒ වුණත් එය එසේ සිදු නොවේ. ඔබ දැන් දන්නවා, අමරණීය පරම පියාගෙන් ඔබ සැබෑ අමරණීයත්වයේ කතාව අසනා බව. එමනිසා, මේ අමරණීය බාබා කියන දේම ඔබ ඇසිය යුතුයි. ඔහු සරළ ලෙස මෙසේ කියයි මා සිහිකර පාරිශුද්ධියට පත් වන්න! එසේ නොවුණොත් බොහෝ දඬුවම් ලැබී තත්ත්වයද පහළ බසිනු ඇත. ඩඩිචි ඍෂී මෙන් ඔබේ අස්ථී වුවද දිය යුතුය. ඔබේ ශරීරය ගැනද නොසිතා සේවය කරන්න. අස්ථී දෙනවා යනු එයයි. අනෙක නම් ආධ්‍යාත්මිකව මහන්සි වී සේවය කිරීමයි. ආධ්‍යාත්මික සේවය කරන අය ආධ්‍යාත්මික ඥානය දිගටම දෙයි. ඥානය දීමේ දී ඔවුන් සතුටින් ඉගිලේ. ලෝකයේ මිනිසුන් කරන්නේ භෞතික සේවයයි. ඔවුන් වාඩි වී පොත් කියවනවා මිස ආධ්‍යාත්මික සේවය නොකරයි. එකම පරම පියා පමණි ආධ්‍යාත්මික සේවය කරන්නේ කෙසේ දැයි, කියා දෙන්නේ. ඔබ දැන් සත් යුග නව ලෝකයට යාමට සැරසෙයි. එහිදී ඔබ පාප ක්‍රියා නොකරයි. එය රාම රාජ්‍යයයි. එහි සිටින්නේ සුළු පිරිසකි. ඒ සුළු පිරිස මෙහි පැමිණ හැදෑරීම් කරයි. දැන් රාවණ් රාජ්‍යයේ සියලු දෙනා අසතුටිනි. ඔබට ද මෙම ඥානය බුද්ධියේ ඇත්තේ ඔබ උත්සාහ කරනා අනුපිළිවෙලිනි. සියලු ඥානය ඉණිමග පිංතුරයේ ඇත. මෙවැනි පිංතූර සෑදීමේ යාන්ත්‍රණයක් අවශ්‍යය. අර ආණ්ඩුව දිනපතා ප්‍රවෘත්ති පත්‍ර පිට කරයි. ඔවුන්ට බොහෝ වැඩ ඇත. මෙහිදී සියල්ල අතින් කෙරේ. පරම පියා මෙසේ කියයි මේ අවසාන උපතේ දී පිරිසිඳු බවට පත් වන අතර ඔබ පිරිසිඳු ලෝකයේ හිමිකරුවන් වේ. අන් කිසිවෙකුට මෙම ඥානය නැත. සමහරු මෙසේ කියයි ඉණිමඟ පිංතූරයේ අනෙක් ආගම් ගැන විස්තර නැත. ඒවා ඇත්තේ චක්‍රය පිංතූරයේය. ඔවුන් නව ලෝකයට නොයයි. සාමය පමණක් ලබයි. භාරතයේ මිනිසුන් පමණි දෙව්ලොව සිටින්නේ. පරම පියා භාරතයට එන්නේ රාජයෝගා ඉගැන්වීමටයි. එම නිසයි භාරතයේ රාජයෝගයට කවුරුත් කැමති. ඔවුන් තේරුම් ගන්නවා භාරතයේ පමණක් නව ලෝකය තිබුණු බව. ඔවුන්ගේම ආගම් ගැනද තේරුම් ගනී. ක්‍රිස්තුතුමාද ආවේ ආගමක් හැදීමටය. මෙකල, ඔහුත් සිඟන තත්ත්වයේ ඇත. සියලු දෙනා තමෝප්‍රධාන්ය. නිර්මාණකරු සහ නිර්මාණය ගැන මෙම ඥානය ඉතා විශාලය. ඔබ දන්නවා ඔබට කිසිවෙකුගේ මුදල් අනවශ්‍ය බව. සල්ලි වලින් කුමක් කරන්නද? ඔවුන්ට මෙසේ කියන්න මේවාට ඇහුම්කන් දී අන් අයටද මුද්‍රණය කර දෙන්න. මෙම පිංතුර භාවිතයට ගන්න. මෙම ඥානය කියා දීමට ශාලාවක් ලබා ගන්න. මුදල් වලින් වෙන මොනවා කරන්නද? ඔබේම නිවසටයි යහපත සිදු වන්නේ. ඔබ සූදානම් කළ විට බොහෝ අය පැමිණ ඇහුම්කන් දෙයි. නිර්මාණකයා සහ නිර්මාණය ගැන ඥානය ඉතා හොඳය. මිනිසුන් මේවා තේරුම් ගත යුතුයි. පිට රටවල් වලින් එන අය මෙම ඥානයට ඉතා කැමැත්තෙන් ඇහුම්කන් දෙයි. ඔවුන් බොහෝ සතුටු වෙයි. ඔවුනුත් තේරුම් ගනී, පරම පියා සමඟ යෝගා වීමෙන් පව් අහෝසි වන බව. හැම කෙනෙකුටම පරම පියා හඳුන්වා දෙන්න. පරම පියා වන පරමාත්ම දෙවියන්ගෙන් පමණයි මේ ඥානය ලැබිය හැකි වන්නේ. ඔවුන් කියන්නේ ඛුදා (දෙවියන්), බහිස්ට් (දෙව්ලොව) ස්ථාපනය කරන බව. ඒ වුණත්, ඔහු පැමිණෙන්නේ කෙසේ දැයි කිසිවෙක් නොදනී. ඔබ කියන දේ ගැන මිනිසුන් බොහෝ සතුටු වෙයි. ඉන්පසු ඔවුන් මෙය ඉගෙන ගැනීමට උත්සාහ කරයි. ඔවුන් තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් වීමට ද උත්සාහ කරයි. ඔබට සේවය ගැන බොහෝ අදහස් ද ඇත. ඔබ භාරතයේ දී කුසලතා දැක්වුවහොත් පිටරටවල් වලටද යැවිය හැකිය. මිනිසුන් දැන ගනීවි ලෝකය අලුත් කිරීමට වැඩි කාලයක් ගත නොවන බව. කොහෝ හෝ භූමිකම්පාවක් සිදු වූ විට ඉතා ඉක්මනින් අලුත් ගොඩනැගිලි සාදයි. බොහෝ සේවකයින් යොදවයි. ඇතැම් විට මසකින් නිමවයි. බලන්න ඔවුන් නව දේ පිටරටවල සාදන හැටි. ‘‘මිනිත්තුවකට මෝටර් රථයක්.‘‘ එමනිසා, දෙව්ලොව දී ඒවා ඉක්මනින් සාදයි. ඔබට රත්රන් සහ රිදී බොහෝ සෙයින් ලැබේ. ඔවුන් ආකර වලින් රන්, රිදී දියමන්ති ආදිය ගෙන එයි. දැන් ඔවුන් මේ කුසලතා ලබා ගනී. විද්‍යාව එතරම් අහංකාරය. එයම එකලට ප්‍රයෝජනවත් වේ. මෙකල ඉගෙන ගන්නා අය ඊළඟ උපතේ දී එය යොදා ගනී. එකල, මුළු ලොවම අලුත් වී රාවණ් රාජ්‍යය විනාශ වේ. මහා භුත පවා යම් විනයකින් සේවය කරයි. දෙව්ලොව නිම වෙයි. එහි ව්‍යසන නැත. එහි රාවණ් රාජ්‍යය නැත්තේ සෑම දෙනාම සතෝප්‍රධාන් නිසාය. හොඳම දෙය ඔබ පරම පියාට සෙනෙහස දැක්වීමයි. පරම පියාට ඇතිවා සේම අන් අයට දන් දෙන්නට සැලකිලිමත් වන්න. ඔබ දන් දුන් තරමට වස්තුව රැස් වේ. ඔබ සේවය නොකළොත් උකහා ගැනීම කරන්නේ කෙසේ ද? ඔබේ බුද්ධිය සේවය සඳහා යෙදිය යුතුය. බොහෝ සේවය කළ යුතුය. කවුරු හෝ දිගටම එසේ කළ යුතුය. දිනෙන් දිනම ඉදිරියට යා යුතුයි. ඔබද ඉදිරියට යා යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ එකිනෙකාට ගරු කරන්න. සේවය සඳහා මහත් රුචියක් ඇති ව සිටින්න. ඔබේ ඔඩොක්කු ඥානයෙන් පුරවාගෙන දන් දීම කරන්න.

2. පරම පියාට පමණක් ඇහුම්කන් දීමට වග බලා ගන්න. වෙනත් සිතිවිලි වලට ඔබේ බුද්ධියෙන් ඉඩ නොසලසන්න.

වරදානය:
ඔබ,ඔබේ සිතිවිලි සහ ක්‍රියා අතර ඇති පරතරය සම්පූර්ණයෙන්ම නැති කර දමා, ඔබවම පරිවර්තනය කරගන්නා අතර ලෝකය ද පරිවර්තනය කරන්නෙකු වේවා.

නිවැරදි නොවන ඕනෑම සංස්කාරයක්, ස්වභාවයක්, වචනයක් හෝ සම්බන්ධතාවයක් යනු නිකරුණේ ශක්තිය අපතේ යාමකි. එවැනි අපතේ යාම් පරිවර්තනය කර දැමීම සඳහා ඔබේ අභ්‍යන්තර ක්‍රියාකාරී යාන්ත්‍රණයේ වේගය වැඩි කරන්න. සිතන දේම ක්‍රියාවට නඟන්න; එවිට පමණක් ලෝකය පරිවර්තනය කිරීම සඳහා වන ඔබේ යාන්ත්‍රණයේ වේගය වැඩි වනු ඇත. වර්තමානයේ දී, ස්ථාපිත කිරීමේ මෙවලම් ලෙස කටයුතු කරන ඔබ ජීවාත්මයන්ගේ සිතිවිලි සහ ක්‍රියා අතර යම් පරතරයක් දක්නට ලැබේ. එබැවින්, එම පරතරය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. එවිට පමණක්, ස්ව පරිවර්තනය කරගත් ඔබට, ලෝකය පරිවර්තනය කරන්නන් බවට පත්වීමට හැකි වනු ඇත.

පාඨය:
තම ජීවිතය තුළ අත්දැකීම් ලැබීමේ දායාදය හිමි කරගත් අය, සියල්ලන් අතරින් වඩාත්ම වාසනාවන්තයෝ වෙති.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

සංගම යුගයේ පවතින පරිපූර්ණ අවස්ථාව නිරූපණය වන්නේ සුරදූතයෙකු ලෙසිනි. සුරදූතයෙකු යනු සම්පූර්ණයෙන්ම 'සැහැල්ලු' ස්වභාවයක් ඇත්තෙකි; මෙලෙස සැහැල්ලු බවින් යුත් අයට ඕනෑම තත්ත්වයක් තුළ තම තත්ත්වය උසස් මට්ටමක තබා ගැනීමට හැකි වේ. සුරදූතයන් තම සිතිවිලි, වචන, ක්‍රියා සහ සබඳතා තුළ සැහැල්ලු බවින් යුක්ත වන අතර, එලෙස සැහැල්ලුවෙන් සිටින අයට ඕනෑම ජීවාත්මයක පවතින සංස්කාර මොහොතකින් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ඔබ කරන සෑම ක්‍රියාවකම මෙම ගුණාංග සියල්ල දක්නට ලැබෙන විට, ඔබ ඔබේ පරිසමාප්ති ස්ථිතියට ඉතා සමීප වී ඇති බව ඔබටම වටහා ගත හැකි වනු ඇත.