11.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, දැන් නාටකය අවසන් වන නිසා, ඔබ ආපසු නිවසට යා යුතුයි. එබැවින් මෙම ලෝකයට
තිබෙන ඔබගේ සියලුම බැඳීම් අවසන් කරන්න. ඔබගේ නිවහන සහ නව රාජධානිය සිහි කරන්න.
ප්‍රශ්නය:
දානයක් වැදගත්
වන්නේ කවදාද? එවන් දානයකට ප්‍රතිලාභයක් ලැබෙන්නේ කුමන දරුවන්ටද?
පිළිතුර:
දානයක් වැදගත් වන්නේ, ඔබ දන් දෙන දෙයට, ඔබගේ බැඳීමක් නොමැති විටයි. ඔබ දානයක් දී,
ඉන්පසුව ඔබ දී ඇති කුමන හෝ දේ සිහි කරන්නේ නම්, ඔබට කිසිම ප්‍රතිලාභයක් ලබා ගත
නොහැක. දන් දෙන්නේ මතු උපතෙදී ප්‍රතිලාභයක් වෙනුවෙනි. එබැවින් මේ උපතේ, ඔබට ඇති
කුමන හෝ දේවල් වලට තිබෙන බැඳීම් අවසන් කරන්න. සෑම දෙයක්ම භාරකරුවෙක් ලෙසින් රැක
බලාගන්න. මෙහිදී දෙවියන්ගේ සේවය සඳහා ඔබ භාවිත කරන කුමන හෝ දේ, බොහෝ දෙනෙකුට යහපතක්
සිදුවන, රෝහල් සහ කොලිජී ඔබ කොපමණ ප්‍රමාණයක් විවෘත කරන්නේද, උපත් 21 කට ඔබට එහි
ප්‍රතිලාභය ලැබෙයි.
ඕම් ශාන්ති.
ඔය දරුවන්
ඔබගේ නිවස සහ රාජධානිය සිහි කරනවාද? මෙතැන අසුන් ගෙන සිටින විට, ඔබගේ භෞතික නිවස හෝ
ව්‍යාපාර ආදිය ගැන ඔබ නොසිතියි යුතුයි. සිහි කළ යුත්තේ ඔබගේ නිවහන පමණයි. අප දැන්
මෙම පැරණි ලොව අතහැර, නව ලොවට යාමට ඉතාමත්ම ආසන්නයි. මෙම පැරණි ලොව විනාශ වීමටයි
යන්නේ. මෙම යාග ගින්නට සියලුම දේ බිලි වෙයි. ඔබගේ භෞතික ඇස් වලින් ඔබ දකින සියලුම
දේ, ඔබගේ නෑ මිතුරන් ආදිය, විනාශ වීමටයි යන්නේ. පියා මෙතැන අසුන් ගෙන මෙම දැනුම
විස්තර කර දෙන්නේ ඔය ජීවයන්ටයි. දරුවනි, ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි නාටකය දැන්
අවසානයකට පැමිණෙනවා. මෙම චක්‍රය, වසර 5000 ක එකකි. ලෝක චක්‍රය සදාකල්හිම පවතින
නමුත්, එය බ්‍රමණය වීමට වසර 5000 ක් ගත වෙයි. මෙහි ජීවත් වන සියලුම ජීවාත්ම ආපසු
නිවසට යයි. මෙම පැරණි ලොව විනාශ වෙයි. බාබා සෑම කාරණාවක්ම ඉතා පැහැදිලිව විස්තර
කරයි. සමහරු ලෝභයන් වන අතර, ඔවුන්ගේ දේපළ නිකම් අපතේ හරියි. භක්ති මාවතේදී මිනිසුන්
දන් දී පුණ්‍යකර්ම සිදුකරයි. ඇතමෙක් ධර්මශාලා (වන්දනාකරුවන්ට විවේකාශ්‍රම) ගොඩනගයි,
ඇතමෙක් රෝහල් ආදිය තනයි. ඔවුන්ගේ මතු උපතෙදී ඒ සඳහා ඵල ලැබෙන බව, ඔවුන්ගේ බුද්ධියට
වැටහෙයි. යම් ප්‍රතිලාභයක් ආපසු බලාපොරොත්තු නොවී, ආශාවන්ගෙන් නිදහස් වී, කිසිම
කෙනෙක් කිසි දෙයක් නොකරයි. බොහෝ දෙනෙක් කියන්නේ ඔවුන් කරන දේහි ප්‍රතිලාභයකට ආශාවක්
නොමැති බවයි. කෙසේවෙතත්, ඔවුන් කරන කුමන දේක වුවත් ඵලය, ඔවුන් අනිවාර්යෙන් ලබයි.
නිදසුනක් වශයෙන් කෙනෙක් ඔහුගේ මුදල් වලින් කොටසක් දන් දීමට භාවිත කරන විට, එහි
ප්‍රතිලාභය ඔහුගේ මතු උපතෙදී ලැබෙන බව ඔහුගේ බුද්ධියේ තිබෙයි. මෙහි, ඔබ දෙන දේ
කෙරෙහි බැඳීමක් තිබේ නම්, එම දේ ඔබගේ කියා ඔබ සිතන්නේ නම්, ඔබට එහි ඵලය මතු උපතෙදී
ලබා ගත නොහැක. දන් දෙන්නේ මතු උපතෙදී ප්‍රතිලාභයක් ලබා ගැනීමටයි. මතු උපතෙදී ඔබට
ප්‍රතිලාභයක් ලැබෙන බැවින්, මේ උපතෙදී ඔබට එය කෙරෙහි බැඳීමක් තිබෙන්නේ ඇයි? එබැවින්
ඔබගේ සියලුම බැඳීම් අවසන් කිරීම සඳහා, ඔබව භාරකරුවන් බවට පත් කෙරෙයි. යමෙක් හොඳ
ධනවත් පවුලක උපත ලද විට, ඔහුගේ පෙර උපතෙදී ඔහු යහපත් ක්‍රියා සිදුකරන්නට ඇති බව
කියයි. කෙනෙක් රජ කෙනෙකුට සහ රැජිනියකට දාව උපත ලබන්නේ, ඔහු දන් දී පුණ්‍ය ක්‍රියා
සිදු කළ බැවිනි. කෙසේවෙතත්, එය තාවකාලික කාලයක, එක් උපතක පමණක් කාරණාවකි. ඔබ දැන්
මෙහි අධ්‍යාපනයක් හදාරනවා. මෙම ඉගෙනුම තුළින් ඔබ කුමක් විය යුතුද කියා ඔබ දන්නවා.
එබැවින් දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. ඔබ මෙහිදී දෙන පරිත්‍යාග වලින්,
ආධ්‍යාත්මික විශ්වවිද්‍යාලයක් සහ රෝහලක් විවෘත කරයි. ඔබ යම් දෙයක් පරිත්‍යාගයක්
වශයෙන් දුන් පසු, එය කෙරෙහි ඔබගේ සියලුම බැඳීම් අවසන් විය යුතුයි, මන්ද ඔබගේ
පියාගෙන්, අනාගත උපත් 21 කට ඒ සඳහා ඔබට ප්‍රතිලාභයක් ලැබෙන බව ඔබ දන්නා නිසා. පියා
තනවා ඇති මෙම සියලුම ගොඩනැගිලි ආදිය, තාවකාලික කාලයකට පමණයි. එසේ නැත්නම් මේ සියලුම
දරුවන් වාසය කරන්නේ කොහෙද? සෑම කෙනෙක්ම, සෑම දෙයක්ම දෙන්නේ ශිව බාබාටයි. ස්වාමියා
සහ අධිපතියා ඔහුයි. ඔහු ඉන්පසුව මෙම කෙනා තුළින් සෑම දෙයක්ම කරවයි. ශිව බාබා පාලනය
නොකරයි. ඔහු පිරිනමන්නාය. ඔහුට බැඳීමක් තිබෙන්නේ කුමකටද? පියා දැන් ශ්‍රීමත් ලබා
දෙයි ඔහු පවසන්නේ මරණය ඔබ ඉදිරියේ සිටගෙන සිටිනවා. පෙර කල, ඔබ යම් කෙනෙකුට යමක්
පරිත්‍යාග කරන විට, මරණය පිළිබඳ ප්‍රශ්නයක් නොවීය. දැන්, බාබා පැමිණ ඇති බැවින්,
පැරණි ලෝකය විනාශ වීමටයි යන්නේ. පියා පවසන්නේ මා පැමිණ සිටින්නේ මෙම අපවිත්‍ර ලෝකය
අවසන් කිරීමටයි. රුද්‍රාගේ මෙම යාග ගින්නට, මුළු පැරණි ලෝකයම බිලි වීමටයි යන්නේ. ඔබ
තමන්ට කුමන අනාගතයක් සාදා ගන්නේද, එය ඔබට නව ලොවේදී ලැබෙයි. එසේ නැතිනම්, මෙහි සෑම
දෙයක්ම අවසන් වෙයි කවුරු හෝ කෙනෙක් එය කා, අවසන් කර දමයි. වර්තමානයේ, මිනිසුන්
තවමත් ණය ලබා දෙයි. විනාශය සිදුවන විට සෑම දෙයක්ම විනාශ වී යයි. කිසිම කෙනෙකුට ආපසු
කිසි දෙයක් දීමට නොහැකි වෙයි සෑම දෙයක්ම මෙහි දමා යනු ඇත. අද සියල්ල හොඳින් තිබෙනවා
විය හැකි, නමුත් හෙට, බංකොලොත් වනු ඇත. කිසිම කෙනෙකුට ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙයි.
ඔබ යමෙකුට යම් දෙයක් දුන් පසු, ඔහු මිය යන්නේ නම්, කවුරු ඔබට එය ආපසු ලබා දෙයිද?
එබැවින් ඔබ කළ යුත්තේ කුමක්ද? එය උපත් 21 කට, භාරතයට යහපතක් සිදු කිරීමට භාවිත
කරන්න ඔබ උපත් 21 කට තමන්ට යහපතක් සිදු කර ගැනීමටද, එය භාවිත කළ යුතුයි. ඔබ කුමක්
කළත්, ඔබ එය කරන්නේ තමන්ටයි. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, ඔබ උසස් තත්ත්වයක් ලබා,
එමඟින් උපත් 21 කට ඔබට සතුට සහ සාමය ලැබෙයි. මෙයට කියන්නේ, ඔබට නිරෝගිකම, ධනය සහ
සතුට ලැබෙන, සදාතනික පියාගේ ආධ්‍යාත්මික රෝහල සහ විශ්වවිද්‍යාලය කියාය. ඇතමෙකුට
නිරෝගිකම තිබෙන නමුත් ධනය නොමැත, එබැවින් සතුට තිබිය නොහැක. ඔබට දෙකම තිබේ නම්,
සතුටින් සිටිය හැක. පියා ඔබට උපත් 21 කට දෙකම ලබා දෙයි. ඔබ උපත් 21 කට සෑහෙන තරමට,
මේ දෙකම රැස් කරගත යුතුයි. මෙය කිරීමට ක්‍රම නිර්මාණය කිරීම, දරුවන්ගේ කාර්යයයි.
පියා පැමිණෙන විට, දුප්පත් දරුවන්ගේ භාග්‍යය විවෘත වෙයි. පියා, දුප්පතුන්ගේ
ස්වාමියාය. මේ දේවල්, ධනවතුන්ගේ භාග්‍යයේ නොමැත. වර්තමානයේ දුප්පත්ම දේශය, භාරතයයි.
එය ධනවත්ම දේශයව පැවති අතර, දැන් දුප්පත්ම දේශය බවට පත්වී ඇත. වර්තමානයේ සෑම
ජීවාත්මයක්ම අපවිත්‍රයි. පිවිතුරු ජීව ඇති තැනක, එකදු අපවිත්‍ර ජීවයකටවත් සිටිය
නොහැක. එය සතෝප්‍රධාන් ස්වර්ණමය යුගය වන අතර, මෙය තමෝප්‍රධාන් කලි යුගයයි. ඔබ දැන්
සතෝප්‍රධාන් වීමට උත්සාහ දරණවා. පියා ඔය දරුවන්ට මේ ගැන මතක් කර දෙනවා. එබැවින් ඔබ
සැබවින්ම දිව්‍යලෝකයේ වාසය කළ බවත් ඔබ උපත් 84 ක් ගත් බවත් ඔබට වැටහෙනවා. විවිධ
සත්ව විශේෂ මිලියන 8.4 ක් ගැන කතා කිරීම බොරුවක් පමණයි. ඔබ සත්වයන් වශයෙන් එතරම්
උපත් සංඛ්‍යාවක් ජීවත් වී, මෙම අවසන් උපතේ මනුෂ්‍යයෙක් වූවාද? ඔබ දැන් ආපසු සත්ව
විශේෂයට යා යුතුද? පියා විස්තර කරන්නේ මරණය දැන් ඔබ ඉදිරියේ සිටගෙන සිටියි. වසර
40,000 සිට 50,000 ක් ඉතිරිව නොමැත. මිනිසුන් සිටින්නේ උපරිම අන්ධකාරයේ. මේ නිසයි
ඔවුන්ව ගල් බුද්ධි ඇති අය ලෙස හඳුන්වන්නේ. ඔබගේ බුද්ධි දැන් ගල් බවින් දිව්‍යමය
බුද්ධි බවට පරිවර්ථනය කෙරෙනවා. සන්යාසීන් ආදීන්ට මෙම දේවල් ඔබට විස්තර කළ නොහැක. ඔබ
දැන් ආපසු නිවසට යා යුතු බව, පියා ඔබට මතක් කර දෙනවා එබැවින් හැකි පමණින් ඔබගේ ගමන්
මළු මාරු කර හරින්න. බාබා, මේ සියල්ලම ගන්න, එවිට උපත් 21 කට ඒ සියල්ල මා හට
ස්වර්ණමය යුගයෙදී ලැබෙයි. මේ බාබාද පෙර, දන් දී, පුණ්‍ය ක්‍රියා සිදු කළා. ඔහුට ඒ
ගැන විශාල කැමැත්තක් තිබුණා. ව්‍යාපාරිකයන් පින් තකා සාමාන්‍යයෙන් පයිසා දෙකක් වෙන්
කරන අතර, බාබා එවැනි දෙගුණයක් වෙන් කරයි. ’ඔබගේ දොර ලඟට පැමිණෙන කිසිම කෙනෙක් හිස්
අතින් නොයා යුතුයි‘. දෙවියන්, පුද්ගල වේශයෙන් පැමිණ ඇති බව කිසි කෙනෙක් නොදනී.
මිනිසුන් දන් දෙමින් පුණ්‍ය ක්‍රියා කරන අතරතුර මිය යයි, එබැවින් ඔවුන්ට එහි
ප්‍රතිලාභය ලැබෙන්නේ කොහෙදිද? ඔවුන් පිවිතුරු වන්නේ නැත. ඔවුන්ට පියා කෙරෙහි
සෙනෙහසක් නොමැත. පියා විස්තර කර තිබෙන්නේ විනාශ කාලයේදී, යාදවයන් සහ කෞරවයන්ගේ
බුද්ධියේ පියා කෙරෙහි සෙනෙහසක් නොමැති නමුත්, විනාශ කාලයේදී පාණ්ඩවයන්ගේ බුද්ධි,
පියා කෙරෙහි සෙනෙහසින් පිරී තිබෙයි. යුරෝපයේ ජනතාව සියල්ලම, බෝම්බ ආදිය නිපදවන
බැවින්, යාදවයන්ය. ග්‍රන්ථ වල ලියා ඇති දේවල් දෙස බලන්න! නාටකයේ සැලසුමට අනුව බොහෝ
ග්‍රන්ථ නිර්මාණය වී ඇත. මෙහිදී සිතිවිලි වලින් සංඥා ලබා දීම පිළිබඳ ප්‍රශ්නයක්
නැත. සිතිවිලි වලින් සංඥා ලබා දෙනවා යනු, අදහස්ය. පියා, සිතිවිලි වලින් සංඥා ලබා
දී, උගන්වන්නේ නැත. පියා විස්තර කරන්නේ මෙම කෙනා ව්‍යාපාරිකයෙක්ය. ඔහුට හොඳ
කීර්තියක් තිබුණු අතර, සියල්ලන් විසින් උසස් ගෞරවයකින් යුතුව සලකණු ලැබූ කෙනෙකි.
පියා ඔහු තුළට ඇතුළු වූ පසු, ඔහුට අපහාස කිරීම ඇරඹුණි. ඔවුන් ශිව බාබාව නොදන්නා
නිසා, ඔහුට අපහාස කළ නොහැක. සියලුම අපහාස විඳගත යුත්තේ මේ කෙනායි. ක්‍රිෂ්ණා, වෙඬරු
කෑ බව ප්‍රතික‍්ෂේප කළා. මේ කෙනාද කියන්නේ මේ සෑම දෙයක්ම බාබාගේ ක්‍රියාවන්ය. මා
කිසි දෙයක් කරන්නේ නැත. විජ්ජාකරු ඔහුයි, මා එය නොවෙයි. මිනිසුන් හේතුවක් නොමැතිව
මේ කෙනාට අපහාස කරයි. මා කවුරුන්ව හෝ පැහැර ගත්තාද? මා කිසි කෙනෙකුට නිවසින් පැන
විත්, මෙහි පැමිණෙන්ට කියා කීවේ නැත. මා එහි ජීවත් වෙමින් සිටියා පමණයි. ඔවුන්ම
දිවගෙන පැමිණියා. හේතුවක් නොමැතිව ඔහුට වරද පටවයි. ඔහුට බොහෝ සෙයින් අපහාස කෙරුණා!
ග්‍රන්ථ වල ලියා ඇති දේවල් දෙස බලන්න! පියා විස්තර කරන්නේ මෙයද නැවත වතාවක්
සිදුවෙයි. මේ සෑම දෙයක්ම දැනුමේ කාරණාවන්ය. කිසිම මනුෂ්‍යයෙකුට මෙය සිදු කළ නොහැක.
ඒ කාලයේ එය බ්‍රිතාන්‍ය රජයේ රාජධානිය විය. බොහෝ මව්වරුන් සහ දියණියන් පැමිණ මෙහි
සිටියා. කිසි කෙනෙකුට ඒ ගැන කිසි දෙයක් කළ නොහැකි විය. ඇතමෙකුගේ නෑදෑයින් පැමිණ
ඔවුන්ව ආපසු රැගෙන යාමට වෑයම් කළේය. බාබා ඔවුන්ට එවිට මෙසේ පවසයි ඇයට වටහා දීමට
උත්සාහ කර, ඔබට ඇයව ආපසු රැගෙන යා හැක කිසිකෙනෙකුට පිටත්ව යාමට මා තහනම් කර නැත.
කෙසේවෙතත්, කිසි කෙනෙකුට එඩිතරකමක් නොතිබිණි. එය පියාගේ බලයයි. එය අළුත් දෙයක්
නොවෙයි. ඒ සෑම දෙයක්ම නැවත සිදුවෙයි. මේ කෙනාට අපහාස විඳීමට සිදුවිය. ද්‍රෞපදී ගේ
කතාව මෙයයි. ඔබ සෑම කෙනෙක්ම ද්‍රෞපදීන් වන අතර, ඔවුන් සියල්ලන්ම දුශාසන්ලායි. එය
එක්කෙනෙක් පමණක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ග්‍රන්ථ වල ඒ සියලු මුසාවන් ලිව්වේ
කවුද? පියා පවසන්නේ එයත් නාටකයේ කොටසකි. කිසිම කෙනෙකුට ජීවාත්මය පිළිබඳ දැනුම
නොමැත. සෑම කෙනෙක්ම සම්පූර්ණයෙන්ම ශරීර අවධානයට පත්ව සිටියි. ජීව අවධානයට පත් වීමට
බොහෝ උත්සාහයක් අවශ්‍යයි. රාවණ ඔබව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර තිබේ. පියා ඔබව
දැන් නිවැරදි උඩු අතට හරවනවා. ඔබ ජීව අවධානයට පත් වන විට, ඔබ ජීවයක් බවත්, එය ඔබට
වාදනය කිරීමට ඇති හාමෝනියම බවත්, යන අවධානය ඉබේටම ඇති වෙයි. ඔබ මෙම අවධානය පවත්වා
ගන්නා විට, ඔබට දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගැනීමටද හැකි වෙයි. ඔබ කිසිම කෙනෙකුට
දුක් නොදිය යුතුයි. භාරතයේ ලක‍්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය තිබිණී. එය වසර 5000 ක්
පිලිබඳ කාරණාවකි. එය වසර සිය දහස් ගණනක්, යැයි කියන අය සිටින්නේ සම්පූර්ණ
අන්ධකාරයේය. නාටකයට අනුව, කාලය දැන් අවසානයකට පැමිණ ඇති බැවින්, පියා නැවත වතාවක්
පැමිණ සිටියි. පියා පවසන්නේ දැන් මගේ ශ්‍රීමත් අනුගමනය කරන්න! මරණය ඔබ ඉදිරියේ
සිටගෙන සිටියි. එසේ නොමැති නම්, ඔබ තුළ ඇති ආශාවන් ඉටු නොවී තිබෙයි. සෑම කෙනෙක්ම
අනිවාර්යෙන්ම මිය යා යුතුයි. මෙය එම මහාභාරත යුද්ධයමයි. ඔබ තමන්ට වැඩියෙන් යහපතක්
සිදුකරගන්නා තරමට එය වඩා හොඳය. එසේ නැත්නම් ඔබ හිස් අතින් ආපසු යාවි. ලෝකයේ අන්
සියලුම දෙනා ආපසු යන්නේ හිස් අතින්ය. දෑත් පුරවාගෙන ආපසු යන්නේ ඔය දරුවන් පමණයි,
එනම් ඔබ ආපසු යන්නේ ධනවත් විමෙන් පසුවයි. මෙය වටහාගැනීමට සම්පූර්ණයෙන්ම අසීමිත සහ
පුළුල් බුද්ධියක් අවශ්‍යයි. බොහෝ ආගම් වල මිනිසුන් සිටිති. සෑම කෙනෙකුගේම ක්‍රියා
වෙනස්ය. දෙදෙනෙකුගේ ක්‍රියා එක හා සමාන විය නොහැක. සෑම කෙනෙකුගේම මුහුණුවර වෙනස්ය.
බොහෝ විවිධ වූ මුහුණුවර තිබේ. මේ සෑම දෙයක්ම නාටකයේ නියම වී තිබේ. මේවා ආශ්චර්යමත්
කරුණුයි. පියා පවසන්නේ දැන් තමන් ජීවාත්මයක් බව සලකන්න. ජීවාත්මය වන මා, උපත් 84 හි
චක්‍රය වටා යනවා. ජීවාත්මය වන මා, මෙම නාටකයේ නළුවෙකි. මට ඉන් පිට විය නොහැක. කිසිම
කෙනෙකුට සදාකාලික විමුක්තිය ලබා ගත නොහැක. එබැවින් එය උත්සාහ කිරීමත් නිෂ්ඵලයි.
පියා පවසන්නේ නාටකයෙන් පිට වීම හෝ නාටකයට අළුතින් එකතු වීම කිසිසේත් සිදුවිය
නොහැක්කක්. මෙතරම් දැනුම, සෑම කෙනෙකුගේම බුද්ධියේ රැඳෙන්නේ නැත. මුළු දවස පුරාම මේ
අන්දමින් දැනුම මත ගාන්න. මොහොතක්, දෙකක්, සිහිපත් කිරීමේ සිට එය අඛණ්ඩව වැඩි
කරගන්න. අවශ්‍ය නම්, පැය 8ක්, භෞතික සේවයේ යෙදෙන්න. විවේක ගන්න, නමුත් මෙම
ආධ්‍යාත්මික රජයට සේවය කිරීම සඳහාත් කාලය සාදා ගන්න. ප්‍රධානතම දෙය වන්නේ ඔබ තමන්ට
සේවය කිරීමයි. සිහිපත් කිරීමේ වන්දනාවේ සිටින්න, තවද, දැනුම තුළින් උසස් තත්ත්වයක්
හිමි කරගන්න. ඔබගේ සිහිපත් කිරීමේ නිවැරදි වාර්තාවක් තබා ගන්න. දැනුම පහසුයි. ඔහු
මනුෂ්‍ය වෘක‍්ෂයේ බීජය බවත්, ඔහු එහි මුල, මැද සහ අවසානය දන්නා බව, පියාගේ බුද්ධියේ
තිබෙන සේ, ඒ අන්දමින්ම, අප බාබාගේ දරුවන් බව, අපගේ බුද්ධිය දන්නවා. මෙම චක්‍රය
අඛණ්ඩව බ්‍රමණය වන ආකාරය බාබා විස්තර කර තිබේ. ඔබගේ ව්‍යාපාරයටද ඔබ පැය 8 ක්, 10 ක්
ලබා දෙයි. හොඳ පාරිභෝගිකයෙක් රාත්‍රියේ පැමිණෙන්නේ නම්, ඔබ කිසිම විටෙක ඈණුම්
අරින්නේ නැත. මෙහිදීද, කෙනෙක් ඈණුම් අරින විට එම කෙනා වෙහෙස වී සිටින බව, ඔහුගේ
බුද්ධිය වෙන තැනක සැරිසරන බව, වැටහෙයි. මධ්‍යස්ථාන වල ජීවත් වන අයත් ඉතා ප්‍රවේසම්
විය යුතුයි. අන් අය ගැන සිත කණස්සල්ලට පත් කර නොගෙන, ඔවුන්ගේ ඉගෙනුම ගැන පමණක්
සැලකිලිමත් වන දරුවන්, නිරන්තරයෙන් දියුණුවට පත් වෙයි. අන් අය ගැන නිෂ්ඵල සිතිවිලි
ඇති කරගෙන, ඉන් තමන්ගේ තත්ත්වය විනාශ කර නොගන්න. අයහපත් දේට ඇහුම්කන් නොදෙන්න!
අයහපත් දේ නොදකින්න! යමෙක් කියන දේවල් අයහපත් නම්, එයට එක් කණකින් සවන් දී, අනෙත්
කණෙන් එළියට යවන්න. සෑම විටෙකම, අනුන් දෙස නොව, තමන් දෙස බලන්න. ඉගෙනීම නවත්වන්න
එපා! සිත් රිදවාගෙන, පැමිණීම නතර කරන බොහෝ දෙනෙක් සිටියි. පසුව, ඔවුන් නැවත
පැමිණෙයි. ඔවුන් මෙහි නො පැමිණෙන්නේ නම්, වෙන කොහේ යන්නද? ඇත්තේ එක් පාසැලක් පමණයි.
තමන්ගේම දෙපාවලට යදම් නොදමන්න! ඔබගේ ඉගෙනුමේ පමණක් නිරත වී සිටින්න. ඉතා සතුටින්
සිටින්න. දෙවියන් ඔබට උගන්වනවා, ඉතිං ඔබට තව මොනවද ඕනේ? දෙවියන් අපගේ පියා,
ගුරුවරයා සහ සත්ගුරුය. එබැවින් ඔබගේ බුද්ධියේ යෝගාව, ඔහුට පමණක් සම්බන්ධ විය
යුතුයි. ඔහු මුළු ලොවෙහිම අංක එකේ ආදරවන්තයාය, එමෙන්ම ඔහු ඔබව අංක එකේ ලෝක
අධිපතියන් බවට පත් කරවනවා. පියා පවසන්නේ ඔය ජීවාත්ම බොහෝ අපවිත්‍රයි එබැවින් ඔබට
පියාසර කළ නොහැක. ඔබගේ අත්තටු කපා දමා තිබේ. රාවණ, සියලුම ජීවයන්ගේ අත්තටු කපා
දැමුවා. ශිව බාබා පවසන්නේ මා හැර, අන් කිසිවෙකුට ඔබව පිවිතුරු කළ නොහැක. සියලුම
නළුවන් මෙහි පැමිණිය යුතු අතර, ජනගහණය අඛණ්ඩව වර්ධනය විය යුතුයි. කිසිවෙකුට දැන්ම
ආපසු නිවහනට යෑමට නොහැක. අච්චා.
සුමිහිරි , ආදරණීය,
බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ
සදාතනික ජීවය සහ ඉගෙනුම පිළිබඳ සිතිවිලි වලින් කාර්ය බහුල වී සිටින්න. අන් අය දෙස
නොබලන්න. කෙනෙක් අයහපත් දේ කියන්නේ නම්, එයට එක් කණකින් සවන් දී අනෙක් කණෙන් එළියට
යවන්න. සිත් රිදුම් ඇතිකර, ඉගෙනුම අත් නොහරින්න.
2. ජීවත්ව සිටින
අතරම, සෑම දෙයක්ම දන් දී, ඔබගේ සියලුම බැඳීම් අවසන් කරන්න. සියලු දේ පවරා,
භාරකරුවෙක් වී, සැහැල්ලු වන්න. ජීවාත්ම අවධානයට පත් වී, සියලු දිව්‍යමය ගුණධර්ම
ධාරණය කරගන්න.
වරදානය:
ඔබ සියලු
වෙනස්කම් අවසන් කර සමගිය ඇති කරන සැබෑ සේවාදායකයෙකු වේවා.
බ්‍රාහ්මණ ජීවිතයේ
විශේෂත්වය නම් බොහෝ දෙනෙකු එක්සත් වීමයි. ලෝකයේ එක් ධර්මයක් සහ එක් රාජධානියක්
ස්ථාපිත වන්නේ ඔබේ එකමුතුවෙනි. එබැවින්, සියලු වෙනස්කම් අවසන් කර සමගිය ඇති කිරීමට
විශේෂ අවධානයක් යොමු කරන්න, එවිට ඔබ සැබෑ සේවාදායක ලෙස හඳුන්වනු ලැබේ. ඔබ ඔබටම නොව
සේවය සඳහා සේවය කරන්නන් වේ. ඔබ කුමක් භාර දුන්නත්, එය සේවය සඳහා ය. සකාර් බාබා තම
ඇටකටු සේවය සඳහා පූජා කළාක් මෙන්, ඔබේ සෑම භෞතික ඉන්ද්‍රියක් හරහාම සේවය දිගටම
කරගෙන යාමට ඉඩ දෙන්න.
පාඨය:
පරමාත්ම
දෙවියන්ගේ සෙනෙහසේ අතරමං වන්න, එවිට දුක්බර ලෝකය අමතක වී යනු ඇත.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
ඔබ ඒකාබද්ධව සිටිය
බව, ඔබ ඒකාබද්ධව සිටින බව සහ ඒකාබද්ධව සිටින්නට යන බව නිරන්තරයෙන් ඔබගේ අවධානයේ තබා
ගන්න. මෙතරම් බොහෝ වාර ගණනාවක් ඒකාබද්ධව සිටි ස්වරූපය, වෙන් කිරීමට කිසිවෙකුට බලය
නොමැත. සෙනෙහසේ ලක්ෂණය වන්නේ ඒකාබද්ධව රැදී සිටීමය. ජීවාත්මය සහ පරමාත්ම ජීවය අතර
ඇසුර මෙයයි. පරමාත්ම දෙවියන් ඔහුගේ සහකාරිත්වයේ වගකීම සෑම තැනකදිම ඉටු කරයි. තවද
ඔහු ඒකාබද්ධ ස්වරූපය මගින් සියලු දෙනාටම ඔහුගේ සෙනෙහසේ වගකීමද ඉටු කරයි.