11.05.25 Avyakt Bapdada
Sinhala
Murli 07.03.2005 Om Shanti Madhuban
ශිව ජයන්තිය සැමරීම
යනු, සම්පූර්ණ පිවිතුරු බවේ උපවාසය සිදු කිරීම සහ
“මම” යන අවධානය බිලි දීමයි.
අද දින, ශිව පියා
විශේෂයෙන් පැමිණ ඇත්තේ ඔහුගේ සැලිග්‍රම දරුවන්ගේ උපන් දිනය සැමරීමටයි. ඔය දරුවන්
පියාගේ උපන් දිනය සැමරීමට පැමිණ ඇති අතර බාප්දාදා පැමිණ ඇත්තේ දරුවන්ගේ උපන් දිනය
සැමරීමටයි, මන්ද, පියා තුළ ඔය දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ. පරම පියා අවතරණය වන
සැනින්, ඔහු යාග ගින්නක් නිර්මාණය කරන අතර බ්‍රහ්මණයන් නොමැතිව, යාග ගින්නක්
සම්පූර්ණ කළ නොහැක. ඒ නිසයි මෙම උපන් දිනය අලෞකික, අද්විතීය සහ ආදරණීය වන්නේ. පියා
සහ දරුවන්ගේ උපන් දිනය එකම දිනයක සිදුවන වෙනත් උපන් දිනයක් මුළු කල්පය පුරාම තිබිය
නොහැක, එමෙන්ම එය කිසිදා සිදුවිය නොහැක. පරම පියා අශාරීරිකයි. එක අතකට ඔහු අශාරීරික
වන අතර අනෙක් අතට ඔබ ඔහුගේ උපන් දිනය සමරයි. තමන්ගේම සිරුරක් නොමැත්තේ ශිව පියාට
පමණක්ම වන අතර ඔහු බ්‍රහ්ම පියාගේ ශරීරය තුළට අවතරණය වන්නේ මේ නිසයි, එමෙන්ම ඔබ
උපන් දිනයක ස්වරූපයෙන් සමරන්නේ මෙම අවතරණයයි. එසේ නම්, ඔබ සියලු දෙනාම ඇවිත්
සිටින්නේ පරම පියාගේ උපන් දිනය සැමරීමටද, නැත්නම් ඔබගේ උපන් දිනය සැමරීමටද? ඔබ
ඇවිත් ඉන්නේ සුබ පැතුම් දීමටද, සුබ පැතුම් ලබා ගන්නද? දරුවන් විසින් පියාට ලබා
දුන්, එකට සිටීමේ පොරොන්දුව මෙයයි. දැන් සංගම යුගයේ ඔබට ඒකාබද්ධ ඇසුර තිබේ, ඔබගේ
අවතරණය සිදු වන්නේ එකම කාලයේ, ඔබ පරිවර්ථන කාර්යය සිදු කරන්නේ එකටයි, එමෙන්ම ඔබ
නිවහනට, පරම දනව්වට එකට ආපසු යයි. මෙය පියා සහ දරුවන්ගේ සෙනෙහසේ ස්වරූපයයි.
බැතිමතුන්ද ශිව
ජයන්තිය සමරයි, නමුත් ඔවුන් කරන්නේ කන්නලව් කිරීම සහ ගීත ගැයීම පමණයි. ඔබ කන්නලව්
කරන්නේ නැහැ. ඔබගේ සැමරීම යනු, සමාන බවට පත් වීමයි. සැමරීම යනු, නිරන්තර උනන්දුවෙන්
සහ උද්යෝගයෙන් පියාසර කරමින් සිටිමයි. මෙය උත්සවයක් ලෙස හැදින්වෙන්නේ මේ නිසයි.
උත්සවයක් යනු උද්යෝගය පවත්වා ගැනීමයි. එබැවින් ඔබ නිරන්තරයෙන් සමරමින් සිටියි,
එනම්, ඔබගේ උද්යෝගය ඔබ නිරන්තරයෙන් පවත්වා ගන්නවා නේද? එය සෑම විටද නැත්නම් ඇතැම්
විටෙක පමණයිද? ඇත්ත වශයෙන් බ්‍රහ්මින් ජීවිතයේ හුස්මය වන්නේ උනන්දුව සහ උද්යෝගයයි.
ඔබට හුස්ම නොගෙන සිටිය නොහැකි ආකාරයෙන්ම බ්‍රහ්මින් ජීවාත්මයන්ට උනන්දුව සහ උද්යෝගය
නොමැතිව බ්‍රහ්මින් දිවිය තුළ සිටිය නොහැක. ඔබ මෙය අත්දකිනවා නේද? බලන්න, ඔබ මෙතරම්
දුර සිට විශේෂයෙන් දිව ආවේ මෙම උපන් දිනය සැමරීමටයි. ඔය දරුවන්ගේ උපන් දින ගැන
සතුටු වන තරමටම තමන්ගේම උපන් දිනය ගැන බාප්දාදා සතුටු වන්නේ නැහැ. මේ නිසයි
බාප්දාදා ඔය සෑම සියලු දරුවෙකුටම බඳුන් පුරවා කෝටි ගුණයක සතුට සහ සුබ පැතුම් ලබා
දෙන්නේ. සුබ පැතුම්! සුබ පැතුම්! සුබ පැතුම්!
මෙදින බාප්දාදා සැබෑ
බැතිමතුන්වත් බොහෝ සිහි කරනවා. ඔවුන් එක දවසකට පමණක් උපවාසයේ යෙදෙන අතර ඔබ සම්පූර්ණ
පාරිශුද්ධත්වයේ උපවාසයක් මුළු ජීවිතය පුරාම පවත්වා ගනියි. ඔවුන් ආහාර නොගෙන උපවාස
කරන අතර ඔබත් මනසේ ආහාරයේ උපවාසයක් කරයි, එනම්, නිෂ්ඵල සිතිවිලි, ඍණාත්මක සිතිවිලි
සහ අපවිත්‍ර සිතිවිලි වල උපවාසයක්. ඔබ ස්ථිර උපවාසයක යෙදි සිටිනවා නේද? ද්විත්ව
විදේශිකයන් ඉදිරියේ අසුන් ගෙන සිටිනවා. කුමාර්ලා කතා කරන්න! ඔබගේ උපවාසය ස්ථිරයි
නේද? එය දැඩිද? එය දුර්වල නැහැ නේද? මායාද අසා සිටිනවා. ඔබ සියලු දෙනා ඔබගේ ධජ වනන
අතර මායා ඔබ ධජ වනන දෙස බලා සිටිනවා. අනිවාර්යෙන් පිවිතුරු වීමේ උපවාසයක ඔබ යෙදෙන
විට ඉන් අදහස් වන්නේ ඔබගේ ආකල්පය ඔබ උසස් කළ යුතු බවයි. ඔබගේ ආකල්පය කෙබඳුද, ඔබගේ
ද්‍රිෂ්ඨිය එයට අනුව වන අතර ඔබගේ ක්‍රියා ඉබේටම ඒ ආකාරයට වෙයි. එබැවින් ඔබ එවන්
උපවාසයක යෙදි සිටිනවා නේද? පිවිතුරු සහ පිරිසිදු ආකල්පයක්, පිවිතුරු සහ පිරිසිදු
දැක්මක්; ඔබ එකිනෙකා දෙස බලන විට ඔබ බලන්නේ කුමක් දෙසද? ඔබ බලන්නේ මුහුණ දෙසද
නැත්නම් නළල මැද දිලිසෙන ජීවාත්මය දෙසද? එක් දරුවෙක් පැවසුවේ, ඔහුට වෙන අය සමග කතා
කිරීමට ඇති විට හෝ යමක් කිරීමට ඇති විට, ඔහු එය කළ යුත්තේ මුහුණ දෙස බලමින් සහ තම
ද්‍රිෂ්ඨිය එම පුද්ගලයාගේ ඇස් දෙසට යන බවයි. කෙසේවෙතත්, ඇතැම් විට මුහුණ දකින විට
ඔබගේ ආකල්පය ටිකක් වෙනස් වෙයි. බාප්දාදා පවසන්නේ : ඇස් දෙක සමගම නළලද තිබේ. එබැවින්
නළල මැද දෙස බලන අතර ඔබට ජීවාත්මයට කතා කළ නොහැකිද? දැන් බාප්දාදා ඔබ ඉදිරියේ
අසුන්ගෙන සිටිනවා, ඉතිං ඔහු බලන්නේ ඔබගේ ඇස් දෙක දෙසද නළල දෙසද කියා ඔබට කිව හැකිද?
දෙකම තිබෙන්නේ එකටයි. එබැවින් මුහුණ දෙස බලන්න, නමුත් මුහුණේ නළල මැද දිදුලන තාරකාව
දෙස බලන්න. එබැවින් මෙම උපවාසය සිදු කරන්න. ඔබ මෙම උපවාසය සිදුකරනවා, නමුත් දැන්
වැඩි අවධානයක් යොමු කරන්න. ඔබ කතා කළ යුත්තේ ජීවාත්මය දෙස බලන අතරයි: ජීවාත්මය කතා
කරන්නේ ජීවාත්මයටයි. ජීවාත්මය, ජීවාත්මය දෙස බලයි. එවිට ඔබගේ ආකල්පය සෑම විටම
පිවිතුරුව තිබෙයි, එමෙන්ම එයත් සමගම අනෙක් ප්‍රයෝජනය වන්නේ: ඔබගේ ආකල්පය කෙබඳුද,
නිර්මාණය වන වාතාවරණයත් එවැනිය. උසස් වාතාවරණයක් නිර්මාණය කිරීමෙන්, තමන්ගේ
උත්සාහයත් සමගම ඔබ සේවයද සිදු කරයි. එබැවින් දෙගුණයක යහපතක් තිබෙයි නේද? කෙනෙක්
කෙතරම් දූෂිත හෝ අපවිත්‍ර වුනත්, ඔහු පරිවර්ථනය වන ආකාරයට ඔබගේ ආකල්පයෙන් වාතාවරණය
නිර්මාණය කරන්න. ඔබගේ අවධානයේ සහ ස්වරූපයේ මෙම උපවාසය නිරන්තරයෙන් තබා ගන්න.
මේ දිනවල බාප්දාදා
දරුවන්ගේ වාර්ථා දෙස බලනවා. ඔබගේම ආකල්පයෙන් වාතාවරණය නිර්මාණය කරනවා වෙනුවට, ඇතැම්
විට වෙනත් අය විසින් නිර්මාණය කරන ලද වාතාවරණයේ බලපෑමට දරුවන් හසු වෙයි. එයට හේතුව
කුමක්ද? ඔවුන්ගේ හදවතට සමීප කතා බස් වලදි දරුවන් ඉතා මිහිරි දේවල් කියයි. ඔවුන්
කියන්නේ: “මා ඒ කෙනාගේ විශේෂත්වයට කැමතියි, මට ඒ කෙනාගෙන් බොහෝ සහයෝගය ලැබෙනවා.”
කෙසේවෙතත්, එම විශේෂත්වය පරමාත්ම දෙවියන්ගෙන් ලද තිලිණයකි. බ්‍රහ්මින් ජීවිතයේ ඔබට
තිබෙන සියලුම ලැබීම් සහ විශේෂතා, ප්‍රභූ ප්‍රසාද් (ප්‍රභූ - දෙවියන් ඔබට පුද කළ
දෙයක්), ඒවා දෙවියන්ගේ තිලිණයි. ඉතිං, ඔබ පිරිනමන්නාව අමතක කර, ලබන අයව සිහි කරයි.
ප්‍රසාද් (පූජනීය පිදුමක්) කිසිම විටෙක කෙනෙකුගේ පෞද්ගලික දේපළක් නොවෙයි. මෙය
හැදින්වෙන්නේ “ප්‍රභූ ප්‍රසාද්” ලෙසයි. එයට “අහවල් කෙනාගේ ප්‍රසාද්” කියා කියන්නේ
නැහැ. ඔබට සහයෝගය ලැබෙයි, එමෙන්ම එය හොදයි, නමුත් ඔබට සහයෝගය ලැබීමට මග පාදන
පිරිනමන්නාව අඩු තරමින් අමතක නොකරන්න. ඉතිං, මෙම උපන් දිනයට ඔබ ස්ථිර උපවාසයක
යෙදෙනවාද? ඔබගේ ආකල්පය වෙනස් වෙලාද? සම්පූර්ණ පාරිශුද්ධත්වය: මෙය සැබෑ උපවාසයක යෙදි
පොරොන්දුවක් සිදු කිරීමයි. එබැවින් පරීක්ෂා කර බලන්න: ඔබ විශාල දළ පාපයන්ගේ උපවාසයක
යෙදෙන නමුත් ඒවායේ කුඩා දරුවන්ගෙන් ඔබ නිදහස්ද? සාමාන්‍යයෙන් ගෘහවාසීන් තමන්ගේ
දරුවන්ට වඩා මුනුපුරන්ට සෙනෙහස දක්වයි. ඔය මව්වරුන් තුළ ඔවුන් කෙරෙහි සෙනෙහස
තිබෙනවා නේද? ඉතිං ඔබ විශාල ස්වරූප ජයගෙන ඇති නමුත් ඒවායේ කුඩා, සූක්ෂම ස්වරූප ඔබට
පහර දෙන්නේ නැහැ නේද? නිදසුනක් ලෙස සමහරු පවසන්නේ: “මා එයට ආකාර්ෂණය වී නැහැ, නමුත්
මා එයට කැමතියි. මා එම දේට වැඩියෙන් කැමතියි, නමුත් මා එයට ආකාර්ෂණය වී නැහැ.” ඔබ
එයට විශේෂයෙන් ප්‍රිය කරන්නේ ඇයි? එබැවින් කුඩා ස්වරූප වලින් අපවිත්‍රතාවයේ සලකුණු
ඉතිරිව තිබේද කියා පරීක්ෂා කර බලන්න, මන්ද, සලකුණකින් වුවද ඇතැම් විට විශාල
පරම්පරාවක් නිර්මාණය විය හැක. ඕනෑම දුර්ගුණයක් පැමිණෙන විට, විශාල හෝ කුඩා
ස්වරූපයකින් වුනත්, එයට හේතු වන එක වචනයක් තිබේ, එම වචනය නම්, “මම”. ශරීර අවධානයේ
“මම”. මෙම “මම” යන එක් වචනයෙන් අහංකාරකම ඇති වෙයි, එසේ නැත්නම් සම්පූර්ණ අහංකාරකම
නොමැති වුනත්, එවිට කෝපය ඇති වෙයි, මන්ද, අහංකාරකමේ ලක්ෂණය වන්නේ, එම කෙනාට එක
අපහාසාත්මක වචනයක් වත් දරා ගැනීමට නොහැකි වීමයි, එබැවින් ඔහු කෝපයට පත් වෙයි. එසේම
බැතිමතුන් බිල්ලක් පූජා කරයි, නමුත් මෙම දිනයේ, ඔබට “මම” යන කුමන හෝ සීමිත අවධානයක්
ඇත්නම් එය පරම පියාට බිලි දී, එය අවසන් කරන්න. මෙසේ නොසිතන්න: “මා කෙසේ හෝ එය කළ
යුතුයි, මා කෙසේ හෝ එය විය යුතුයි.” අනාගතයේ යම් වෙලාවක එය කිරීම ගැන නොසිතන්න. ඔබ
බලසම්පන්නයි. එබැවින් බලවත් වී එය අවසන් කරන්න. එය අළුත් දෙයක් නොවෙයි. ඔබ කල්ප
කීයක් සහ කී වතාවක් අංගසම්පූර්ණ වී තිබේද? ඔබට මතකද? එය අළුත් දෙයක් නොවෙයි. ඔබ සෑම
කල්පයකදීම එය වී ඇත. ඔබ මින් පෙර වී ඇති දේ බවට, පත් වෙමින් සිටිනවා; ඔබ කළ යුත්තේ
එය නැවත ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසක් නොමැතිව කිරීමයි. දැනටමත් නිර්මාණය වී ඇති දේ ඔබ
නැවත නිර්මාණය කළ යුතුයි, ඒ නිසයි එය පෙර නියමිත වූ නාටකය ලෙස හැදින්වෙන්නේ. එය
දැනටමත් නිර්මාණය වී අවසන්, ඔබ කළ යුත්තේ දැන් එය නැවතත් ඒ ආකාරයටම සිදු කිරීමයි,
එනම්, ඔබ එය නිර්මාණය කළ යුතුයි. මෙය අපහසුද, පහසුයිද? ඔබට සංගම යුගයේ ආශිර්වාදය
තිබෙන බව බාප්දාදා විශ්වාස කරනවා; පහසු උත්සාහය. මෙම උපතේ පහසු උත්සාහයේ මෙම
ආශිර්වාදය තිබීමෙන්, උපත් 21කට ඔබට ඉබේටම පහසු ජීවිතයක් අත්වෙයි. සෑම දරුවෙක්වම
වෙහෙස වීමෙන් මුදවා ගැනීමට බාප්දාදා පැමිණිය යුතුයි. ඔබ උපත් 63ක් වෙහෙස වී වැඩ කර
ඇත. එබැවින් මෙම එක උපතෙදි, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ඇතිව, සෙනෙහසින් යුතුව වෙහෙස
වීමෙන් මිදෙන්න. සෙනෙහස ඇති තැන වෙහෙසක් නොමැත, එමෙන්ම වෙහෙසවීම ඇති තැන, සෙනෙහස
නොමැත. එබැවින් බාප්දාදා ඔබට පහසු උත්සාහ දරන්නෙක් වීමේ ආශිර්වාදය ලබා දෙනවා,
එමෙන්ම නිදහස් වීමේ ක්‍රමය වන්නේ - ඔබගේ හදවතින් පියා කෙරෙහි සෙනෙහස තිබීමයි.
සෙනෙහසේ ගිලී සිටින්න, එමෙන්ම මෙයට ඇති මහා යන්ත්‍රය වන්නේ, “මන්මනභාව්” යන
මන්ත්‍රයයි. එබැවින් මෙම යන්ත්‍රය භාවිතා කරන්න. එය භාවිතා කරන අන්දම ඔබ දන්නවා
නේද? සංගම යුගයේ, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස තුළින්, ඔබට බොහෝ බල සහ ගුණධර්ම, මෙම
දැනුම බොහෝමයක්, සහ සතුට ලැබී ඇති අන්දම, බාප්දාදා දැක තිබේ. එබැවින් දෙවියන්ගෙන්
ලද මෙම සියලුම සම්පත් සහ තිලිණ නිවැරදි වෙලාවට භාවිතා කරන්න.
එසේ නම් බාප්දාදාට
අවශ්‍ය කුමක්ද කියා ඔබට ඇසුණාද? සෑම දරුවෙක්ම පහසු උත්සාහ දරන්නෙක් විම; පහසු මෙන්ම
දැඩි. අධිෂ්ඨානය භාවිතා කරන්න. “මා එය බවට පත්විය යුතුයි; මා එය නොවන්නේ නම්, කවුරු
වෙයිද? මා එය වී සිටියා, මා දැන් එයයි, එමෙන්ම සෑම කල්පයකදීම මා එය වෙනවා.” ඔබ තුළ
අනිවාර්යෙන්ම තමන් පිළිබදව එවන් දැඩි විශ්වාසයක් තිබිය යුතුයි. ඔබ යම් අවස්ථාවකදි
එය කරන බව, නොකියන්න; ඔබ අනිවාර්යෙන් එය කළ යුතුයි. එය සිදු විය යුතුමයි. එය
දැනටමත් නිම කර ඇත.
මේ දේශයේ සහ වෙනත්
දේශයන්හි දරුවන් දැකීමට බාප්දාදා සතුටු වනවා. කෙසේවෙතත්, ඔහු දකින්නේ, ඔහු ඉදිරියේ
පෞද්ගලිකව අසුන්ගෙන සිටින දරුවන්ව පමණක් නොවෙයි, මේ දේශයේ සහ විදෙස් රටවල සෑම තැනකම
සිටින සියලුම දරුවන්වත් ඔහු දකිනවා. උපන් දින සුබ පැතුම් වලින් වැඩි ප්‍රමාණයක්
පැමිණ ඇත්තේ සෑම තැනකම විදෙස් රට වලින්: බාබාට කාඩ් පත්, ඊ-මේල් මෙන්ම හදවතේ
සිතිවිලිද ලගා වී ඇත. පියා දරුවන් ගැන ගීත ගායනා කරන අතර ඔබත් ගායනා කරනවා නේද:
“බාබා ඔබ විශ්මයන් සිදු කළා.” එබැවින් පියාද මෙම ගීතය ගායනා කරයි: ඔය මිහිරි දරුවන්
විශ්මයන් සිදුකර තිබේ. බාප්දාදා සෑම විටම පවසන්නේ, ඔබ බාබා ඉදිරියේ පෞද්ගලිකව අසුන්
ගෙන සිටින නමුත් දුර ඈත අසුන් ගෙන සිටින අය බාප්දාදාගේ හදවතේ අසුන්ගෙන සිටින බවයි.
අද සෑම තැනකම සිටින දරුවන්ගේ සිතිවිලි වල තිබුණේ මෙය පමණයි: සුබ පැතුම්! සුබ
පැතුම්! සුබ පැතුම්! මෙම හඩ බාප්දාදාගේ දෙසවනට ළගා වෙමින් තිබුණු අතර සිතිවිලි
ඔහුගේ මනසට ළගා වෙමින් තිබුණි. මේවා කාඩ් පත් පමණක් නොවෙයි; කාඩ්පත් නමට පමණයි,
ලිපි නමට පමණයි. කෙසේවෙතත්, ඒවා බොහෝ ශ්‍රේෂ්ඨ තිලිණ, දියමන්ති වලටත් වඩා
ශ්‍රේෂ්ඨයි. ඔබ සියලු දෙනාම අසා සිට, සතුටු වනවා. ඉතිං ඔබ සියලු දෙනාම ඔබගේ උපන්
දින සමරා ඇත. ඔබ වසර දෙකක් වයස වුනත්, එක වසරක් වුනත් එක සතියක් වුණත්, මෙය යග්යාව
ස්ථාපනයේ උපන් දිනයයි. සියලුම බ්‍රහ්මණයන් යග්යාවේ නිවැසියන්. මේ නිසයි බාප්දාදා ඔය
සියලුම දරුවන්ට ඔහුගේ හදවතින් බොහෝ බොහෝ සෙනෙහස සහ ස්මරණය, ආශිර්වාද සමගින්ම ලබා
දෙන්නේ. නිරතුරුවම ආශිර්වාද වලින් නොකඩවා පෝෂණය වන්න, එමෙන්ම නොකඩවා පියාසර කරන්න.
ආශිර්වාද දීමට සහ ගැනීමට පහසුයි නේද? එය පහසුද? එය පහසු බව හැගෙන අය අත් ඔසවන්න!
ඔබගේ කොඩි වනන්න! ඉතිං ඔබ මෙම ආශිර්වාද අත්හරින්නේ නැහැ නේද? පහසුම උත්සාහය වන්නේ
ආශිර්වාද දීම සහ ආශිර්වාද ලබා ගැනීමයි. මෙයට යෝගාව ඇතුලත්ය, මෙම දැනුම එහි ඇතුලත්ය,
ධාරණාව එහි ඇතුලත්ය, එමෙන්ම සේවයත් එහි ඇතුලත්ය. ආශිර්වාද දීම සහ ගැනීම තුළ විෂයයන්
සතරම අඩංගුයි.
ඉතිං ද්විත්ව
විදේශිකයන්, ආශිර්වාද දීම සහ ලබා ගැනීම පහසුයි නේද? එය පහසුද? ඔබ මෙහි ප්‍රථම වතාවට
පැමිණි දින සිට මෙම දැනුම තුළ වසර 20ක් හිද ඇති අය, අත් ඔසවන්න! ඔබ පැමිණෙමින් සිටි
කාලය වසර 20කි, නමුත් බාප්දාදා ඔබට කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා. දරුවන් රටවල්
කොපමණකින් ඇවිත්ද? (රටවල් 69 කින්) සුබ පැතුම්! 69 වන උපන් දිනය සැමරීමට ඔබ රටවල්
69කින් ඇවිත්. එය ඉතා හොදයි. මෙහි පැමිණීමේදි කිසිම අපහසුතාවයක් ඇති වූයේ නැහැ නේද?
ඔබ පහසුවෙන් මෙහි පැමිණියා නේද? සෙනෙහස ඇති තැන, වෙහෙසක් නොමැත. ඉතිං අද දිනයේ ඔබ
මතකයේ තබා ගන්නේ කුමන විශේෂ ආශිර්වාදයද? “පහසු උත්සාහ දරන්නන්”. පහසු ඕනෑම දෙයක්
විගසින් සිදු කරයි. බොහෝ උත්සාහයක් අවශ්‍ය වන කාර්යයන් අපහසු වන අතර එබැවින් එයට
බොහෝ කාලයක් ගත වෙයි. එසේ නම් ඔබ සියලු දෙනා කවුරුන්ද? පහසු උත්සාහ දරන්නන්. එය
කියන්න! එය මතක තබා ගන්න! ඔබගේ රටවල් වලට ඔබ ආපසු ගිය විට, වෙහෙස වීමේ නියැලෙන්න
එපා. වෙහෙස වීමට අවශ්‍ය වන ඕනෑම කාර්යයක් ඔබට ඇති විට, ඔබගේ හදවතින් මෙසේ කියන්න,
“බාබා, මගේ බාබා!” එවිට වෙහෙස අවසන් වෙයි. අච්චා. ඔබ දැන් සැමරුවා නේද? පරම පියා
සැමරුවා, එමෙන්ම ඔබ සියලු දෙනාද සැමරුවා. අච්චා.
ඔබට තත්පරයකදි දැන්
මෙම අභ්‍යාසය කළ හැකිද? ඔබට එය කළ හැක, එහෙම නේද? අච්චා. (බාප්දාදා අභ්‍යාසය
මෙහෙයවීය).
නිරන්තරයෙන් උනන්දුව
සහ උද්යෝගය පවත්වා ගන්නා, ඔය සෑම තැනකම සිටින සියලුම ශ්‍රේෂ්ඨ දරුවන්ට, සංගම යුගයේ
ආශිර්වාදය ලැබී ඇති ඔය සියලුම පහසු උත්සාහ දරන දරුවන්ට, පරම පියා සමග සිටින
ජීවාත්මයක් යන අවධානයෙන් “ජීවාත්මය වන මා” කියා පවසන අයට, ඔවුන්ගේ ආකල්පයෙන්
වාතාවරණයක් නිර්මාණය කර සියලු ජීවාත්මයන්ට සහයෝගය ලබා දෙන අයට, එවන් මාස්ටර් සර්ව
බලධාරි දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය, ආශිර්වාද, සුබ පැතුම් සහ නමස්කාරය.
විදෙස් රටවල ද්විත්ව
විදේශික ජ්‍යෙෂ්ඨ සහෝදරියන්ට:
ඔබ සියලු දෙනා හොදින් උත්සාහ දරා ඇත. ඔබ කණ්ඩායම් සාදා වෙහෙස වී වැඩ කර ඇත. මෙහි
වාතාවරණය හොදයි, එමෙන්ම සමූහයේ බලයත් තිබේ, එමෙන්ම මේ අන්දමින් සියලු දෙනාටම ඉතා
හොද නැවුම් බවක් ඇති වන අතර ඒ සදහා ඔබ උපකරණ වෙයි. එය හොදයි. ඔබ සියලු දෙනා
එකිනෙකාගෙන් බොහෝ දුරස්තව වාසය කරයි, එබැවින් සමූහයේ බලයත් ඉතා හොදයි. මෙතරම් විශාල
පවුලක් එකට එකතු වෙයි, එබැවින් සැබවින්ම එකිනෙකාගේ විශේෂත්වය බලපෑමක් ඇති කරයි. ඔබ
හොද සැලසුමක් සාදා තිබෙනවා. බාප්දාදාට සතුටුයි. ඔබ සියලු දෙනාගේ සුගන්ධය ලබා
ගන්නවා. ඔවුන් සතුටු වන අතර ඔබට ආශිර්වාද ලැබෙයි. ඔබ සියලු දෙනා එකට එකතු වීම
හොදයි. ඔබට එකිනෙකා සමග අදහස් හුවමාරු කිරීමට හැකි වන අතර නැවුම් බවක් ද ලැබෙයි. ඔබ
එකිනෙකාගේ විශේෂත්ව වලට කැමතියි, එමෙන්ම ඔබ ඒවා භාවිතා කිරීමෙන් සමූහයත් හොද වෙයි.
මෙය හොදයි.
මධ්‍යස්ථාන වල
නේවාසික සහෝදර සහෝදරියන්:
(බැනරය - සෙනෙහසේ සහ දයාවේ ආලෝකය අපි දල්වා තබන්නෙමු.) ඔබට ඉතා හොද සිතිවිල්ලක්
තිබේ. තමන් වෙනුවෙන් දයාවේ දැක්මක් තබා ගන්න, ඔබගේ සහකරුවන් වෙනුවෙන් සහ අන් සියලු
දෙනා කෙරෙහිද දයාවේ දැක්මක් තබා ගන්න. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස කාන්දමකි, එබැවින්
ඔබට දෙවියන්ගේ සෙනෙහසේ කාන්දම තිබේ. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ මෙම කාන්දමෙන් ඔබට
ඕනෑම ජීවාත්මයක්ව පියාට අයත් කරවිය හැක. මධ්‍යස්ථාන වල වාසය කරන සියලු දෙනාට
බාප්දාදා ඔහුගේ හදවතින් විශේෂයෙන් ආශිර්වාද ලබා දෙනවා, මන්ද, ඔබ සියලු දෙනා බාබාගේ
නාමය ලෝකයේ කීර්තිමත් කර ඇත. ඔබ බ්‍රහ්ම කුමාරීන්ගේ නම සෑම කොණකම පතුරුවා තිබේ,
එහෙම නේද? එමෙන්ම බාප්දාදා වැඩියෙන්ම කැමති දේ වන්නේ, ඔබ ද්විත්ව විදේශිකයන් වන
සේම, ඔබ ද්විත්ව රැකියාද කිරීම ගැනයි. ඔබගෙන් වැඩි දෙනෙකුට ලෞකික රැකියාවක් තිබෙන
අතර ඔබ අලෞකික රැකියාවක්ද කරයි. බාප්දාදා මෙය දකින අතර බාප්දාදාගේ රූපවාහිනිය ඉතා
විශාලයි. මෙහි එතරම් විශාල රූපවාහිනියක් නොමැත, ඔබ ඉතා විගසින් පංති පවත්වන්නේ
කෙසේද, ඔබ සිටගෙන ඔබගේ උදේ ආහාර ගන්න අන්දම සහ වෙලාවට ඔබගේ රැකියා ස්ථානයට ළගා වන
අන්දම. ඔබ විශ්මයන් සිදු කරයි. මේ සියල්ල දැක, ඔහුගේ හදවතින් බාප්දාදා නොකඩවා ඔබට
සෙනෙහස ලබා දෙයි. ඉතා හොදයි. සේවය කිරීමට ඔබ උපකරණ වී ඇති අතර උපරණයක් වීමේ තෑග්ගක්
ලෙස, පරම පියා නොකඩවා ඔබට විශේෂ ද්‍රිෂ්ඨි ලබා දෙයි. ඔබ ඉතා හොද අරමුණක් තබා තිබේ.
ඔබ හොදයි, ඔබ හොදින් රැදි සිට අන් අයව හොද කරවයි.
වරදානය:
ඔබගේ සියලු
සම්පත් වල අරපිරිමැසුම් අයවැයක් සාදා, නිසි උත්සාහ දරන්නෙක් වේවා.
සාමාන්‍ය ජීවිතයේ,
පවුලක, ඔබ පිරිමසන්නේ නැත්නම්, නිවස හොදින් ක්‍රියාත්මක නොවෙයි. ඒ අන්දමින්ම, උපකරණ
දරුවන් පිරිමහන්නේ නැත්නම් මධ්‍යස්ථානය හොදින් ක්‍රියාත්මක නොවෙයි. ඒවා සීමිත
ගෘහස්ථාන වන අතර මෙය අසීමිත ගෘහස්ථානයකි. එබැවින් ඔබගේ සිතිවිලි, වචන සහ බල අතින්,
ඔබ කෙතරම් වැඩිපුර වියදම් කළේද කියා ඔබ පරීක්ෂා කර බැලිය යුතුයි. ඔවුන්ගේ සියලු
සම්පත් වල පිරිමැසුම් අයවැයක් සාදා ඒ අනුව තම ජීවිතය පවත්වා ගෙන යන අය, ශ්‍රේෂ්ඨ
උත්සාහ දරන්නන් ලෙස හැදින්වෙයි. ඔවුන්ගේ සිතිවිලි, වචන, ක්‍රියා හෝ මෙම දැනුමේ බල
කිසිවක් අපතේ යා නොහැක.
පාඨය:
සෙනෙහස්
සම්පතින් පිරිපුන් වී, සියලු දෙනාටම සෙනෙහස දී, සෙනෙහස ලබා ගන්න.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
පාරිශුද්ධත්වයේ බලය,
ඔබව උත්තරීතර ලෙස වන්දනීයත්වයට පත් කරවයි. පාරිශුද්ධත්වයේ බලයෙන් ඔබ මෙම අපවිත්‍ර
ලෝකය පරිවර්ථනය කරයි. පාරිශුද්ධත්වයේ බලය, පාපයන්ගේ ගින්නේ දැවෙමින් සිටින
ජීවාත්මයන්ව සිසිල් කරවයි. එය ජීවාත්මයන්ව බොහෝ උපත් ගණනාවකට පාපයන්ගේ බන්දන වලින්
මුදවයි. තඹ යුගයේ පටන් මෙම ලෝකය, පාරිශුද්ධත්වයේ පදනමින් සුළු වශයෙන් ආධාර ලබා ඇත.
මෙහි වැදගත්කම දැන, පාරිශුද්ධත්වයේ ඔබගේ ආලෝක කිරුළ පලදින්න.