11.06.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දැන් අසීමිත පාරිශුද්ධත්වයක් උකහා ගත යුතුයි. අසීමිත පාරිශුද්ධත්වයක්
උකහාගන්නවා යනු එකම එක පියා මිසක් වෙන කිසිම කෙනෙක් සිහි නොකිරීමයි.
ප්‍රශ්නය:
පරමාත්ම
පියාගෙන් තම උරුමය දිනා ගැනීම සඳහා උත්සාහ දරණා මෙහොතේදී ඔබගේ තත්ත්වයත්එය දිනා
ගැනීමෙන් අනතුරුව ඔබගේ තත්ත්වයත් අතර වෙනස කුමක්ද?
පිළිතුර:
පරමාත්ම පියාගෙන් තම උරුමය දිනා ගැනීමේදී සියලුම ඥාති සබඳතා අතහැර දමා එකම එක
පියාවපමණක්ම සිහි කිරීමට ඔබ උත්සාහ දරයි. එම උරුමය ලැබීමෙන් අනතුරුව ඔබ පියාව අමතක
කරදමනවා. ඔබ දැන් ඔබගේ උරුමය දිනා ගත යුතුයි. ඉතින් එමනිසා, තවත් කිසිම අළුත්
සබඳතාවක්නිර්මාණය කර ගන්න එපා;නැතිනම්, එයත් අමතක කර දැමීමට ඔබට අපහසු වේවි. දැන්
පියාවමපමණක් සිහි කරන්න. සියල්ල අමතක කර දමන්න. ඔබට ඔබගේ උරුමය හිමි වනු ඇත.
ගීතය:
කාලය දැන්
ගෙවී යයි.
ඕම් ශාන්ති.
පරමාත්ම පියා
ඔය ආදරණීය ආධ්‍යාත්මික දරුවන්ට කරුණු පහදා දේ. ඥානවන්ත(ගියානි)සහ
අඥාන(අග්‍යානි)කියන්නේ කාටදැයි කියා දන්නේ ඔය බ්‍රහමිණ්වරුන් පමණයි. අප සෑම කෙනෙක්ම
ජීවාත්ම සත්තාවක් කියාත් ඔහු පරමාත්ම පියා පරමාත්ම ජීවය කියාත් දැන ගන්නා මෙම
ඉගෙනුම තමයි ඥානය කියන්නේ. තම තමන්ගේ තැන් වල සිට ඔබ මධුබන් වෙත පැමිණි විට
අනිවාර්යෙන්ම ඔබලා තමන් ජීවාත්මයන් කියා සලකනවා. අපි අපේ පරමාත්ම පියා ලඟට යනවා.
බාබා කියන්නේ ශිව් බාබාටයි. ශිව බාබා සිටින්නේ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ
ශරීරයේයි:ඔහුත් ඔබගේ බාබායි. ඔබගේ ගෙදරින් පිට වී මෙහි පැමිණෙන විට තමන් දැන් යන්නේ
බාප්දාදා ලඟටයි කියා ඔබලාට තේරෙනවා. ඔබ ලියුම් ලියන්නේත් බාප්දාදාටයි. ශිව බාබා හා
බ්‍රහ්මදාදාටයි. අපි බාබා ලඟට යනවා. බාබා සෑම කල්පයකදීම අපව මුණ ගැසීමට පැමිණෙනවා.
අසීමිත ලෙසින් අපව පාරිශුද්ධ කරවා බාබා අපට අසීමිත උරුමයක් ලබා දෙනවා.
පාරිශුද්ධත්වය සීමිත වෙන්නත් පුළුවන් අසීමිත වෙන්නත් පුළුවන්. ඔබ උත්සාහ දරන්නේ
අසීමිත පාරිශුද්ධත්වයක් හා සතෝප්‍රධාන් බවක් ලබාගැනීමටයි. එක් එක් අය සිටින්නේ එක්
එක් මට්ටම් වලයි. අසීමිත පාරිශුද්ධත්වයක් තබා ගැනීම යනු එකම එක පියාව මිසක් වෙන
කිසිම කෙනෙක්ව සිහි නොකිරීමයි. ඒ බාබා ඉතාමත් මිහිරියි. ඉහළම ඉහළ කෙනා වන්නේ
පරමාත්ම පියායි. ඔහු අසීමිත පියායි. ඔහු සියළුම ජීවයන්ගේ පියායි. ඔහුව හඳුනාගෙන
සිටින්නේ ඔය දරුවන් පමණයි. අසීමිත පියා සෑම විටම පැමිණෙන්නේ භාරතයටයි. ඔහු පැමින
අසීමිත අත්හැරීමකට ඔබව දිරිමත් කරවනවා. ප්‍රධානම දෙය අත්හැරීමයි:එය නිරාශාව කියාත්
හඳුන්වනවා. මෙම මුලු පැරණි කිලිටි ලොව එහෙම පිටින්ම නොතකාහැර දැමීමට පියා ඔබව
දිරිමත් කරවනවා. ඔහු කියනවා:දරුවනි ඔබගේ බුද්ධියේ යෝගාව මෙම ලෝකයෙන් ඉවත් කර ගන්න.
මෙම ලෝකය හඳුන්වන්නේ අපාය. දුක් දේශය කියලයි. මිනිස්සුම මෙහෙම කියනවා. කෙනෙක් මිය
ගිය විට ඔහු ස්වර්ගස්ත වුණා කියා මිනිස්සු කියනවා. ඉතින් එමනිසා ඉන් අදහස් වන්නේ ඒ
පුද්ලගලයා ජීවත් වුණේ අපායේ බවයි. ඔවුන් කියනා දෙය වැරදි බව ඔබට දැන් තේරෙනවා.
දෙව්ලොව වාසීන් බවට ඔබව පත් කරවීමට පරමාත්ම පියා නිවැරදි දේ කියා දෙනවා. මෙම
කාලයේදී පමණයි ඔබ මෙම උත්සාහය දැරිය යුත්තේ. එකම එක පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට
ඔබව දෙව්ලොව වාසීන් කළ නොහැකියි. ඔබ දැන් උපත්21කටම දෙව්ලොව වාසීන් වීමට උත්සාහ
දරනවා. ඔබව ඒ තත්ත්වයට පත් කරවන්නේ පරමාත්ම පියායි. ඔහුව හඳුන්වන්නේ දෙව්ලොව
දෙවිපියාණන් කියලයි. ඔහුම පැමිණ කියනවා:දරුවනි. මම ඔබව පළමුවෙන් සාම දේශයට ගෙන
යනවා. ඔහු තමයි පාලකයා. පළමුව ඔබ ශාන්ත දේශයට ගොස් පසුව සතුටේ දේශයට ගිහින් තම චරිත
කොටස් රඟ දක්වනවා. අපි ශාන්ත දේශයට යන විට අන් ආගම්වල සියලු දෙනාමත් ශාන්ත දේශයට
පැමිණෙනවා. මුළු නාටක චක්‍රයම ඔබගේ සිහියේ තබා ගන්න. අප සැම ශාන්ත දේශයට ගොස් පසුව
නැවතත් අපගේ උරුමය දිනා ගැනීම සඳහා අප පළමුවෙන්ම මෙහි පැමිණෙන්නෙමු. ඔබගේ උරුමය ඔබට
ලැබෙන්නේ කාගෙන් ද ඒ කෙනාව ඔබ අනිවාර්යෙන්ම සිහි කළ යුතුයි. තම උරුමය දිනා ගැනීමෙන්
අනතුරුව ඔබ එම පියාව අමතක කර දමනා බව ඔය දරුවන් දන්නවා. ඔබ ඉතාමත් පහසුවෙන් ඔබගේ
උරුමය දිනා ගන්නවා. පරමාත්ම පියා ඔබට කෙලින්ම කියන්නේ:සුමිහිරි දරුවනි. ඔබගේ සියලුම
ශාරීරික ඥාතීන් අමතක කර දමන්න. දැන් තවත් අළුත් සබඳතා ඇති කර ගන්න එපා. අළුත්
සබඳතාවක් ඇති කර ගතහොත් ඒ පුද්ගලයාව අමතක කිරීමට ඔබට උත්සාහ දැරීමට සිදු වේවි.
උදාහරණයක් ලෙස කිවහොත් ඔබට පුතෙක් හෝ දියණියක් ඉපදුනහොත් එකත් අපහසුතාවයක් වේවි.
එයත් අමතර සිහි කිරීමක් වේවි. පරමාත්ම පියා කියනවා:සෑම කෙනෙක්වම අමතක කර දමා එකම එක
පියාව පමණක්ම සිහියේ තබා ගන්න. අපගේ මව පියා ගුරුවරයා හා ගුරු වන්නේ ඔහුම පමණයි:ඔහු
අපට සියල්ලමයි. අපි සෑම කෙනෙක්ම සහෝදර සහෝදරියන්. එකම එක පරමාත්ම පියාගේ දරුවන්
මාමලා බාප්පලා එක්ක අපිට කිසිම සබඳතාවයක් නැහැ. සහෝදර සහෝදරී සබඳතාවයක් පමණක්ම ඇති
එකම එක කාලය මෙය පමණයි. ඔබ බ්‍රහ්මාගේ මෙන්ම ශිව බාබාගේ දරුවනුයි. එමනිසා. ඔබලා
මුණුපුරු මිණිපිරියනුත් වෙනවා. තම තමන් දරනා උත්සාහයේ තරමට ඔබට මේ ද්වල් ඔබගේ
සිහියේ තබා ගත හැකියි. යන එන අතර තුර වැඩපල කරනා අතර තුර ඔය දරුවන් ස්වදර්ශන
චක්‍රධාරීන් වෙනවා. ඔබලා දැන් ජීවමය ප්‍රදීපාගාරයනුයි:එක් ඇසකින් මුක්ති දේශයත්
අනිත් ඇසින් ජීවනමුක්ති දේශයත් ඔබ තබාගෙන සිටිනවා. ඒ ප්‍රදීපාගාර ජීවමාන නොවෙයි
නමුත් ඔබලා ජීවමානයි. ඔබට දැනුම නැමති තෙවෙනි ඇස ලැබී තිබෙනවා. ඔබ ඥානවන්තයින් වී
අන් අයටත් මඟ පෙන්වා දෙනවා. පරමාත්ම පියා ඔබට උගන්වනවා. මෙම ලෝකය දුකින් පිරි ලෝකය
බව ඔබලා දන්නවා. අපි දැන් සිටින්නේ සංගම යුගයේයි. ලෝකයේ සිටිනා අන් සෑම කෙනෙක්ම
සිටින්නේ කලි යුගයේයි. පරමාත්ම පියා සංගම යුගයේ තම දරුවන් සමඟ කතා බහ කරමින්
සිටිනවා. මෙහි පැමිණෙන්නේ ඔහුගේ දරුවන් පමණයි. ඇතැම් දරුවන් ලියනවා:බාබා. මම අර
කෙනාව ඔබ ලඟට ගෙන එන්න ද?ඔහු හොඳ කෙනෙක් හොඳට ගුණධර්ම අහුලා ගනීවි. ඊතලය වදින්න
පුළුවන්. බාබාත් එවිට අනුකම්පා කර එම ජීවය යහපතක් උදා කර ගනීවි කියා සිතනවා. මේක
තමයි ඉතාමත් සුබම සුබ වූ සංගම යුගය කියා ඔය දරුවන් දන්නවා. සියලුම මිනිසුන්ගෙන්
ඉතාමත් උසස්ම උසස් අය බවට පත් වන්නේ ඔබලායි. කලි යුගයේ සෑම මිනිසෙක්ම පිරිහුණු
අයයි. ඔවුන් සෑම කෙනෙක්ම උසස් මිනිසුන් වන ලක්ෂ්මී නාරායන්ගේ පිළිම වලට වන්දනා
කරනවා. ස්වර්ණමය යුගයේදී කිසිම කෙනෙක් කිසිම කෙනෙක්ට වන්දනා කරන්නේ නැහැ. මෙහි
තිබෙනා සෑම දෙයක්ම එහි නැහැ. පරමාත්ම පියාත් කියනවා:ඔබ ඉතාමත් හොඳින් පියාව සිහි කර
සේවයත් කළහොත් ඉදිරියට වර්ධනය වෙන්න වෙන්න ඔබටත් දර්ශන දැක ගත හැකි වේවි. ඔබ කිසිම
කෙනෙක්ව වන්දනා කරන්නේ නැහැ. පියා කරන්නේ ඔබට ඉගැන්වීම පමණයි. ගෙදර ඉන්නා ගමන් ඔබ
ධ්‍යාන වලට යාවි. බොහෝ අය බ්‍රහ්මාවදැක්කා. ඔහුව දැකීමට උත්සාහයක් දරන්න අවශ්‍ය
නැහැ. අසීමිත පියා මොහු හරහා දර්ශන දෙනවා. භක්ති මාර්ගයේදී තම තමන්ගේ හිතේ භක්තිය
ඇති කෙනාව ඔවුන් දර්ශන වලින් දකිනවා. ඔබගේ ශ්‍රද්ධා භක්ති හැඟීම් දැන් ඇත්තේ ඉහළම
ඉහළ පියා කෙරෙහියි. ඔබගේ උත්සාහයකින් තොරව පියා ඔබලාට දර්ශන පහළ කර දෙනවා. ඒ දවස්
වල බොහෝ දෙනෙක් නිකම් හරිම පහසුවෙන් ධ්‍යාන වෙලට යන්න පටන් ගත්තා. ඔවුන් නිකම් වාඩි
වී සිටිනා අතර දර්ශන දකින්න පටන් ගත්තා. ඔවුන් කිසිම භක්තියක් කළේ නැහැ. දරුවන්
වන්දනාමාන ආදිය කරනවාද?අපි ස්වර්ගයට යමු කියා ඔවුන් සෙල්ලමකුත් හදා ගත්තා. ඔවුන්
එකිනෙකා දෙස බැලූ සැනකින්ම ධ්‍යානගත වුණා. ඒ අතීතයේ සිදුවුණු සෑම දෙයක්ම නැවතත්
සිදු වේවි. අපි මෙම ධර්මයට අයත්ව සිටි බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගයේ පළවෙනිම සහ එකම
එක ධර්මය මෙයයි. එය මහා විශාල සතුටක් ගෙනාවා. පසුව ක්‍රම ක්‍රමයෙන් කලාවන් බහින්න
පටන් ගත්තා. අලුත් ගෙදරක තිබෙන තරම් සතුටක් පරණ ගෙදරක දී අත්දකින්න බැහැ:ටික කලකට
පසුව ඒ සතුට අඩු වීයනවා. දෙව්ලොව හා අපාය අතර ලොකු වෙනසක් තිබෙනවා. අපාය දෙසත්
දිව්‍ය ලෝකය දෙසත් බලන්න. ඔබ සිටින්නේ සතුටින් ඔබලා ඉතාමත් හොඳින් පියාව සිහි කළ
යුතු බව ඔබලාත් දන්නවා. තමන් ජීවාත්මයක් බව අමතක කළ විට ඔබලා ශාරීරික අවධානයට පත්
වෙනවා. මෙහි සිටිනා අතරත් තමන් ජීවයක්ය යන්න හොඳින් සිහි කැඳවා ගැනීමට උත්සාහ
දරන්න. එවිට ඔබට පරමාත්ම පියාව සිහි කළ හැකි වේවි. නියමයේ හැටියට ඔබ ශාරීරික
අවධානයට පත්වුණු විට ඔබගේ සිහියට එන්නේත් සියලුම ශාරීරික ඥාතීන්ම පමණයි. ඔබ
කිව්වා:මගේ කියා සිටින්නේ එකම එක කෙනෙක් පමණයි. බාබා මම ඔබට භාර වෙමි. දැන් මේ
ඇත්තේ ඒ කාලයයි. එමනිසා. එකම එක කෙනාව පමණක් සිහි කරන්න. ඕනෑම කෙනෙක් දෙස බැලීමට
ඔබට ඔබගේ ඇස් පාවිච්චි කල හැකියි. එහේ මෙහේ ඕනෑ තැනක ගියහැකිය. නමුත් ඔබ සිහි කළ
යුත්තේ එකම එක පියාව පමණයි. තම ජීවිකාව සඳහාත් ඔබ සියලු කටයුතු කර ගත යුතුයි. නමුත්
අතින් වැඩපළ කරනා අතරේ හදවතේ පරමාත්ම පියාවම පමණක් තබා ගන්න. ඔය ජීවාත්මයන් ඔබගේ
ආදරවන්තයාව සිහි කළ යුතුයි. මිතුරියකට ආදරය කරන්න පටන් ගත් විට ඔබ සෑම විටම ඇයව
සිහි කරනවා. පසුව ඒ බන්ධනය කැඩීම ඉතාමත් අපහසු දෙයක් වෙනවා. පසුව ඔබ අහනවා:බාබා මේ
මොකද?ඔහෝ. ඉතින් ඇයි ඔබ එකිනෙකාගේ නමේ රූපයේ පැටලුණේ?පළමුවෙන්ම ඔබ ශාරීරික අවධානයට
පත් වෙනවා. එවිට ඔබගේ පසුගිය කර්ම ගිනුම් ඔබව රවටනවා. පරමාත්ම පියා කියනවා:ඔබගේ ඇස්
වලට පේන්න ඇති කිසිම දෙයකට බුද්ධියට ඇදෙන්න ඉඩ දෙන්න එපා. මෙහි සිටිනා අතරත්
පරමාත්ම පියාව සිහිකල නොහැකිව සිටිනා දරුවන් රාශියක් සිටිනවා. එමනිසා. තමන් කොයි
තරම් දුරට ශිව බාබාව සිහි කරනවාදැයි කියා පරීක්ෂා කර බලන්න. නැතිනම් ඔබගේ වාර්තාව
පළුදු වී යාවි. පරමාත්ම දෙවියන් කියනවා:සුමිහිරි දරුවනි. මා සිහිකරන්න. මෙය සටහන්
කර ගන්න. ඔබට ඕනෑම වෙලාවක සිහි කිරීමට වාඩි වන්න. කෑම කන්න. ඇවිදින්න යන්න. ගිහින්
ඇවිත් විනාඩි දහයක් පහළොවක් බාබාව සිහි කරන්න. මෙහි ඔබට වෙන කිසිම බාහිර වැඩක්
කරන්න නැහැ. එහෙම තිබියදීත් ඔබෙන් ඇතැම් අය එතන දමා පැමිණි වැඩරාජකාරි සිහි කරන්න
පටන් ගන්නවා. ගමනාන්තය ඉතාමත් ඉහළයි. මෙන්න මේ නිසායි බාබා කියන්නේ:තමාව පරීක්ෂා කර
බලන්න. මෙය ඔබගේ ඉතාමත් වටිනා කාලයයි. භක්ති මාර්ගයේ දී ඔබ නොසෑහෙන සේ කාලය අපතේ
හැරියා. දවසින් දවස ඔබ ඇද වැටුනා. වරක් එක් අයෙක් ක්‍රිෂ්ණාගේ දර්ශනයක් දැක්කා. ඔහු
එයින් බොහෝම සතුටට පත්වුණා. නමුත් එයින් ඔහුට ලැබෙන දෙයක් නැහැ. පරමාත්ම පියාගෙන්
ඔබට උරුමය දිනා ගත හැක්කේ එකම එක වතාවක් පමණයි. පරමාත්ම පියා කියනවා:දැන් මා සිහි
කරන්න. ඔබගේ උපත් ගණනාවක පාප දුරු වී යාවි. පියාව සිහි කරනා දරුවන්ට පමනයි තම පව්
සෝදා ගෙන දෙව්ලොව වෙතට යාමේ ගමන් බලපත්‍රය ගත හැකි වන්නේ. නැතිනම් විශාල ලෙස දඬුවම්
විඳින්න සිදු වේවි. බාබා තවදුරටත් ඔබට අවවාද කරනවා:සිංහාසනයක වාඩි වී ඔටුන්නකුත්
පැළඳ ගෙන සිටිනා ඔබගේ ඡායාරූපයක් නිතරම සාක්කුවේ දමා ගෙන සිටින්න. එවිට තමන් දැන්
සිටිනා තත්ත්වයෙන් නැවතත් පත් වීමට යන්නේ කුමන තත්ත්වයටදැයි කියා ඔබට සිහිපත් වේවි.
වැඩි වැඩියෙන් ඒ පින්තූරය දෙස බැලූ විට ඔබට වැඩි වැඩියෙන් එය මතක් වේවි. එවිට ඔබ
එයට බැඳේවි:මම දැන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන් කෙනෙක් වෙනවා. පින්තූරය දෙස
බැලූ විට ඔබට මහත් සතුටක් දැනී ශිව බාබාවත් මතක් වේවි. මේ සියල්ලම උත්සාහ දැරීමේ
මාර්ගයි. සත්‍ය නාරායන්ගේ කතාව ඇසීමෙන් සිදු වන්නේ කුමක්දැයි කියා ඕනෑම කෙනෙකුගෙන්
අසන්න. අපේ බාබා සත්‍ය නාරායන්ගේ කතාව අපට කියා දෙනවා. ඔබ ගන්නා උපතත්84ත් ගණනය කර
තිබෙනවා. සෑම කෙනෙක්ම උපත්84ක් ගන්නේ නැහැ. මේ කිසි දෙයක් පිට අය දන්නේ නැහැ. ඔවුන්
මේ දේවල් ගැන කතා කරනවා විතරයි. ඒවාට කියන්නේ සිද්ධාන්ත(theory)කියලයි. මෙහි ඔබගේ
දේ ප්‍රායෝගිකයි. දැන් සැබැවින් සිදුවන දේ ගැන භක්ති මාර්ගයේදී ආගමික ග්‍රන්ථ
සාදාවි. ඔබ ස්වදර්ශන චක්‍රදාරීන් වී පසුව විෂ්ණු දේශයට යනවා. මෙය අලුත් දෙයක්. මෙය
රාවණ රාජ්‍යයයි. මිත්‍යා දේශයයි. පසුව රාමාගේ රාජ්‍යය සත්‍යයේ දේශය ඒවි. ඔබගේ රූප
වල මෙය ඉතාමත් පැහැදිලිව පෙන්වා තිබෙනවා. දැන් මේ පැරණි ලෝකයේ අවසානයයි. මීට
වසර5000කට පෙරත් විනාශය සිදුවුණා. එවන් දේවල් සාදනා විද්‍යාඥයින් තමන්ව කවුරුන් හෝ
ඒ සඳහා යොදවනවයි කියා සිතිය යුතුයි. එවන් දේවල් සාදා සියල්ල විනාශ කළහැකියි කියා
ඔවුන් පැහැදිලිවම දන්නවා කෙසේවෙතත්. සියල්ල ඔවුන්ගේ පාලනයෙන් තොරයි. මන්ද ඔවුන්
බයයි. ගෙදරම සිටිනා ගමන් කොහාට හෝ බෝම්බයක් යවා සියල්ලම විනාශ කළ හැකි බව ඔවුන්
දන්නවා. අහස් යානා හෝ ඉන්ධන අවශ්‍ය වන්නේ නැහැ. විනාශය අනිවාර්යෙන්ම සිදු විය
යුතුයි. නව ලෝකය ස්වර්ණමය යුගයයි. දෙව්ලොව තිබුනේ ක්‍රිස්තුන් වහන්සේට වසර3000කට
පෙරයි. දැන් නැවතත් වතාවක් දෙව්ලොව නිර්මාණය වෙමින් පවතිනවා. තවත් ඉදිරියට යන විට
සෑම කෙනෙකුටම මෙය අවබෝධ වේවි. ස්ථාපනය අනිවාර්යෙන්ම සිදු විය යුතු බව ඔබ දන්නවා. මේ
ගැන සුළු හෝ සැකයක් නැහැ. මීට පෙර කල්පයේ වූ ආකාරයෙන්ම මෙම නාටකය ඉදිරියට ගමන්
කරනවා. නාටකය අනිවාර්යෙන්ම ඔබට උත්සාහ දැරීමට උනන්දු කරවනවා. නාටකයේ සිදු වීමට ඇති
දේ සිදු වෙනවා නොවෙයි. උත්සාහය ද වටින්නේ ලාභය ද වටින්නේ කියා ඇතැම් අය අසනවා.
උත්සාහය වඩාත් වටිනවා මන්ද ඔබ ලබනා ලාභය ඔබ දැරූ උත්සාහයේ ඵලයයි. උත්සාහ දැරීමකින්
තොරව කිසිම කෙනෙකුට මෙහි සිටිය නොහැකියි. ඔබ උත්සාහ දරනවා නේද?දරුවන් සෑම තැනකින්ම
මෙහි පැමිණ දිගටම උත්සාහ දරනවා. ඔවුන් කියනවා:බාබා මට ඔබව අමක වෙනවා. අහෝ. ශිව
බාබායි ඔබට කියන්නේ තමන්ව මතක් කරන්න කියලා. ඔහු මෙය කීවේ කාටද?ඔහු මෙය කීවේ ඔය
ජීවාත්මයන්ටයි. පරමාත්ම පියා කතා කරන්නේ ඔය ජීවාත්මයන්ට පමණයි. පාරිශුද්ධකරු ශිව
බාබා පමණයි. ඔය ජීව ඔහුට ඇහුම් කන් දෙනවා. අසීමිත පියා තමන්ව ලෝක පාලකවරුන් බවට පත්
කරවනවාය යන දැඩි විශ්වාසය ඔය දරුවන් තුළ තිබිය යුතුයි. ඔහු තමයි ඉහළම ඉහළ. ආදරණීයම
ආදරණීය පියා. ඔබ භක්ති මාර්ගයේ දී ඔහුව සිහි කළා. ඔබගේ ක්‍රම හා විධි අසහායයි කියා
කියනවා. එමනිසා,ඔහු අනිවාර්යෙන්ම ඔබට උපදෙස් දී ඇති. මේ සියලුම මිනිසුන් නිවහන බලා
ආපසු යා යුතු බව ඔබගේ සිහියේ තිබෙනවා. එහි ජීව කීයක් සිටිනවාදැයි කියා මඳක් සිතා
බලන්න. ඒ සෑම කෙනෙකුගේම පරම්පරා ගස එහි තිබෙනවා. සෑම ජීවයක්ම එහි ගොස් අසුන්
ගන්නවා. එක් පන්තියක් එක් වසරකින් අනිත් වසරට මාරු වුණු විට ඒ සිසුන් සෑම කෙනෙක්ම
තම තමන්ගේ අංක පිළිවෙලින් අසුන් ගන්නවා. ඔබත් ආපසු යන්නේ පිළිවෙලකටයි. සියලුම කුඩා
ජීව තිත් එක් පිළිවෙලකට ගොස් නැතත් තම තමන්ගේ චරිත රඟපෑමට මෙහි පැමිණෙනවා. මේක තමයි
රුද්‍රා රෝසරිය. පරමාත්ම පියා කියනවා:ජීව බිලියන ගණනක් සිටිනා රෝසරිය මගේ රෝසරියයි.
මම,මල,ඉහළින්ම සිටිනා අතර අන් සෑම කෙනෙක්ම තමන්ගේ චරිත රඟපෑමට පහලට පැමිණෙනවා. මෙම
නාටකය කල්තබාම තීරණය වූවක්. මෙම නාටකය කල් තබාම නියම වූවක් කියා කියනවා. මෙය
ඉදිරියට යන්නේ කෙසේදැයි කියා ඔබට තේරෙනවා. සෑම කෙනෙකුටම කියන්න:තමන් ජීවයක් බව සළකා
පරමාත්ම පියාව සිහි කරන්න එවිට ඔබගේ පාප දුරු කර ගෙන ඔබට නිවහන බලා යා හැකියි. මෙයට
උත්සාහයක් අවශ්‍යයි. සෑම කෙනෙකුටම මඟ පෙන්වීම ඔබගේ රාජකාරියයි. ඔබ කිසිම කෙනෙක්ව
ශාරීරික අය හා බඳවන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා:මා සිහි කරන්න ඔබගේ පාප දුරු වී
යාවි. පරමාත්ම පියා විසින් දෙන උපදෙස් පිළිපදින්න. මේ ගැන ආයිත් අහන්න දෙයක් නැහැ.
මොනවා වුණත් ඔබ අනිවාර්යෙන්ම පරමාත්ම පියාව සිහිකළ යුතුයි. මේ ගැන බාබා මොන
අනුකම්පාවක් දක්වන්නද?ඔබ බාබාව සිහි කළ යුත්තේ ඔබගේ උරුමය දිනා ගත යුතු නිසායි.
පරමාත්ම පියා දෙව්ලොව නිර්මාණකරුයි. එමනිසා ඔබ අනිවාර්යෙන්ම ඔබගේ දෙව්ලොව උරුමය
දිනා ගනීවි. මෙම ගස පැරණි විය යුතු බව ඔබ දැන් දන්නවා. එමනිසා මෙම පැරණි ලෝකය ඔබ
නොතකා හැරිය යුතුයි. අසීමිත නිරාශාව කියන්නේ මෙයයි. හතා යෝගීන්ට ඇත්තේ සීමිත
නිරාශාවකුයි. අසීමිත නිරාශාවක් ගැන ඔවුන්ට ඔබට කියා දෙන්න බැහැ. සීමිත නිරාශාවක්
ඇති අයෙක් අසීමිත නිරාශාවක් ගැන කියා දෙන්නේ කෙසේද?පරමාත්ම පියා දැන් කියනවා:ඔහෝ
මගේ බොහෝ කාලයක් තිස්සේ නැතිවී සිට දැනු හමුවුණු දරුවනි. ඔබ පිළිතුරු දෙනවා:ඔබත්
අපේ බොහෝ කාලයකට නැති වී සිට දැන් හමු වුණු පියායි. උපත්63කටම ඔබ පියාව සිහි කර කරා
සිටියා:අපි අයිති එකම එක පියාට මිසක් වෙන කිසිම කෙනෙකුටෙ නොවෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දෙව්ලොව
වෙත තම ගමන් බලපත්‍රය දිනා ගැනීමට නම් පරමාත්ම පියාගේ සිහියෙන් තම පාප දුරු කර
දමාකර්මතීත් තත්ත්වයට පත් වන්න. දඬුවම් වලින් තමාව ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරන්න.
2. දැනුමැති අයෙක් වී
සෑම කෙනෙකුටම නිවහන වෙත මඟ පෙන්වන්න. සජීවි ප්‍රදීපාගාරයක් වන්න. එක් ඇසකමුක්ති
දේශයත් අනිත් ඇසේ ජීවන මුක්ති දේශයත් තබා ගන්න. දුකින් පිරි මෙම දේශය අමක කර දමන්න.
වරදානය:
අන් අය කෙරෙහි
ඔබට පිරිසිදු හා ධනාත්මක සිතිවිලි ඇති වේවා, එක් එක් ජීවාත්මයන් උසස් කිරීමේ
හැඟීමෙන් ඔවුන්ට ගෞරවය ලබා දෙන්න.
සෑම ජීවාත්මයක්
කෙරෙහිම උසස් හැඟීම් ඇති කර ගැනීම, එනම්, සෑම ජීවාත්මයක්ම උසස් කර ආත්මයන් දියුණු
කර ගැනීම සඳහා හැඟීම් ඇති කර ගැනීම යනු සෑම කෙනෙකුටම පිරිසිදු හා ධනාත්මක සිතිවිලි
ඇති කෙනෙකු වීමයි. ඔබේ පිරිසිදු ආකල්පය සහ ඔබේ සුබ පතන්නෙකුගේ අවධිය සමඟ, අන් අයගේ
අඩුපාඩු පරිවර්තනය කරන්න. අන් අයගේ දුර්වලතා හෝ අඩුපාඩු ඔබේම ඒවා ලෙස සලකා, ඔවුන්
ගැන කතා කර ඒවා අවට පැතිරවීම වෙනුවට, ඔවුන්ට ඉඩ දී ඔවුන් පරිවර්තනය කරන්න. මෙය
ගෞරවය ලැබීමයි. විශාල දෙයක් කුඩා කිරීම, අධෛර්යයට පත් ජීවාත්ම බලවත් කිරීම සහ
ඔවුන්ගේ ඇසුරෙන් වර්ණවත් නොවීම, නමුත් නිරන්තරයෙන් ඔවුන්ට උනන්දුව සහ උද්යෝගය ලබා
දීම යනු ගෞරවය ලැබීමයි. එවැනි ගෞරවයක් ලබා දෙන අය පමණක් අන් අය කෙරෙහි පිරිසිදු හා
ධනාත්මක සිතිවිලි ඇති අය වෙති.
පාඨය:
ඔබගේ පැරණි
ස්වභාවය සහ සංස්කාර, අත්හැරීම තුළින් ඔබ ලබා ඇති වාසනාව අවසන් කරයි. එබැවින්, ඒවා
පවා අත්හැර දමන්න.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
බ්‍රහ්ම බාබා හුදකලාව
කෙරෙහි ඇල්මක් තිබූ අතර ඔහු සැමවිටම අභ්‍යන්තරික විය. ඔහු “මම ජීවත්මයක්, මම
ජීවත්මයක්” යන පාඩම ස්ථිර කළේය, එමනිසා, ඔහුම නිරන්තරයෙන් සාමයේ සහ සතුටේ සාගරයේ
කිමිදී සිටියේය. ඔහුගේ පිරිසිදු සිතිවිලි, කම්පන, ආකල්ප, වචන සහ සම්බන්ධතා සමඟ ඔහු
සාමයේ සහ සතුටේ අත්දැකීම අන් අයට ලබා දීම දිගටම කරගෙන ගියේය. පියාව ඒ ආකාරයෙන්
අනුගමනය කරන්න.