11.06.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ සම්පූර්ණ උරුමය අයිති කර ගැනීමට පියාට සම්පූර්ණ සෙනෙහස තබා ගන්න. ඔබගේ සෙනෙහස ශාරීරික අයට නොවිය යුතුය.

ප්‍රශ්නය:
ඔබගේ දේවතා සමූහයට අයත් මනස් වල කුමන වචන දෝංකාර දේද?

පිළිතුර:
පියා ස්මරණය කිරිමෙන් පව් වලින් නිදහස් වන බවත්, දේවතා ධර්මය ස්ථාපනය වන බවත් ඔවුනට කී විට මෙම වදන් ඔවුන් තුළ දෝංකාර දෙනවා ඇත. ඔවුන් දේවතාවන් විය යුතු බවත්, ඔවුන්ගේ ආහාරපාන පාරිශුද්ධ විය යුතු බවත් ඔවුන්ගේ බුද්ධි වලට ඇතුල්වනවා ඇත.

ගීතය:
අහිංසක ස්වාමියා තරම් අසහාය කිසිවකු නැත.

ඕම් ශාන්ති.
අහිංසක ස්වාමියාගේ දරුවන් ඇහුම්කන් දෙන්නේ කවුරුන්ටද? අහිංසක ස්වාමියාට වේ. ශිවාට අහිංසක ස්වාමියා යැයි කියති. ඔහුගේ නම ශිවා වේ. අහිංසක ස්වාමියාගේ දරුවන් යනු ශිවාගේ දරුවන් වේ. ජීවාත්මයන් කන් තුළින් සවන් දෙති. ඔබ දරුවන් දැන් ජීවාත්ම අවධානයට පත්ව ඇත. දරුවන් ටේප් එකකින් මුරලියට සවන් දෙන විට පරමාත්ම පියා ඔහුව හඳුන්වා දෙන බව ඔවුනට වැටහේ. මම සියලුම ජීවාත්මයන්ගේ පියා වේ. ඔබ උත්තරිතර පියා, උත්තරිතර ජීවය, එනම්, පරමාත්ම දෙවියන් වේ. ඔහුට සැම විටම පියා යැයි ව්‍යවහාර කරති. ඔහු පරමාත්ම පියාය යන්න පවසන්නේ කවුද? ඔය ජීවාත්මයයි. ජීවාත්මය දැන් ඥානය ලබා ඇත. අන් මනුෂ්‍යයන් තුළ මෙම ඥානය නැත. අප ජීවයන්ට පියවරුන් දෙදෙනෙක් සිටී එක් අයෙක් භෞතික වන අතර අනෙක් කෙනා අභෞතික වේ. අන් කිසිවකුට තමා උත්තරිතර පියා යැයි කිව නොහැකිය. පරමාත්ම පියා හැර වෙන කිසිවෙකුට ඔබට මෙය කියා දිය නොහැක. පියා අසන්නේ මෙපමණයි ඔබ ’උත්තරිතර පියා, උත්තරිතර ජීවය, දෙව් පියා’ යැයි කියන විට සිත යොමු කරවන්නේ කාහටද? ඔබගේ සිත යොමු වන්නේ ලෞකික පියෙකුටද හෝ මෙම ලොවින් ඔබ්ඛෙහි සිටිනා පියාටද? ඔබගේ භෞතික පියාට, ඔබ දෙව් පියා යැයි ආමන්ත්‍රණය කරන්නේද? හිංදි භාෂාවෙන් ’පරම් පිතා’ (උත්තරිතර පියා)කියති. එකම අශාරිරික කෙනා ඔහු වේ. ’ඊෂ්වර්, ප්‍රභූ, භගවාන්’ යැයි කීමෙන් පියාගේ නෑ සබඳකම ඔප්පු කළ නොහැක. දේව පියා යන පදය හොඳ වේ. ඔහු මගේ දේව පියා යැයි, මගේ ජීවය කියයි. ලෞකික පියා ශරිරයේ පියා පමණි. ඔබලාට පියවරු කී දෙනෙක්ද? යැයි ඔබලාගෙන් අසයි. එක්කෙනෙකු ලෞකික පියාද, අනෙක් කෙනා මෙම ලොවින් ඔබ්ඛෙහි ද වේ. දෙදෙනාගෙන්ම උසස් වන්නේ කවුද? නිසැකවම ඔබ්ඛෙහි සිටින පියා වේ. ඔහුගේ ප්‍රශංසාව නම් ඔබ්ඛෙහි සිටින පියා සියලුම අපිරිසිඳු අය පාරිශුද්ධ කරයි. දැන් ඔබට මෙය වැටහේ. ලොවෙහි අන් කිසිවකු මෙය වටහා නොගනි. ඔබ්ඛෙහි සිටින පියා ඔබට සෙනෙහස ඇති බව පියා වටහා දි ඇත. විනාශය වන කල, අන් අයට, සෙනෙහස නොමැති බුද්ධියක් ඇත. දැන් විනාශය වන කාලය වේ. එය, එම මහා භාරත යුද්ධයම බව ජනයා දනිති. ඔවුන් එකිනෙකාට අහස් යාත්‍රා, යුධ ටැංකි ආදිය සපයති. ඔවුන් අන් රටවල්වලට උවමනා දේ මුදල් වලට සපයති. සමහර විට ඒවා ණයටද දෙයි. ඔවුන් අහස් යානා හා පුපුරණ ද්‍රව්‍ය මිලට ගනිති. එම සියලුම දේ මිල අධිකය. විදේශ රටවල ජනයා ඒවා නිෂ්පාදනය කර විකුණති. භාරතයේ ජනයා අහස් යානා ආදිය විකුණන්නේ නැත. ඔවුන් මිලයට ගත් දේ නිසැකවම භාවිත කරනු ඇත. ඔවුන් ඒවා මිලයට ගන්නේ විසි කර දැමීමට නොවේ. ඒ අය විනාශය සිදුවන කල බුද්ධියේ සෙනෙහසක් නොමැති යුරෝපයේ සිටින ’යාදව’ සමූහය වේ. සියලුම දෙනා ඊට ඇතුලත් වේ. සදාතනික පියාගේ උපන් බිම නිසා භාරතය අවිනාශි දේශය වේ. පැරණි ලොව විනාශ වීමට යන විට, කිසිදු විටෙක විනාශ නොවන දේශයේ පියා උපදිනවා ඇත. ඔවුන් ශිවාගේ උපන් දිනය සමරන්නේ පියා පැමිණි නිසා වේ. එහෙත් ශිව බාබා පැමිණෙන්නේ කෙදිනක දැයි ඔවුන් නොදනී. ඔහු පැමිණෙන්නේ විනාශයට සුදානම් වන විටය. යුරෝපයේ ජීවත් වන ’යාදව’ සමූහය ඒ අය වේ යැයි පියා දැන් පවසයි. ඔවුන් ස්වර්ණමය යුගයේ නොමැත. එහි බෞද්ධයින්වත්, ක්‍රිස්තියානුවන් වත් නොමැත. ඔවුන් උත්තරිතර පියා සර්ව ව්‍යාප්ති යැයි කියන බැවින් විනාශය වන විට ඔවුන්ගේ බුද්ධිවල සෙනෙහස නොමැති යැයි පරම පියා පවසයි. විනාශය වන විට සෙනෙහස ඇති බුද්ධිය ඔබලාට ඇත. ඔබලා උපත් 84ක් ගත් බව ඔබට වැටහේ. ඔබගේ උපත් 84දී ඔබලා තමෝප්‍රධාන් වී පාපකාරි ජීවයන් වී ඇත. උපත් 84ක් ගන්නේත් භාරතයේ ජනතාව වේ. නාට්‍යය දැන් අවසාන වී සියලුම දෙනාම දැන් ගෙදර යා යුතුය. පරමාත්ම පියා ඔබට රාජයෝගා උගන්වයි. මෙය සියලු දෙනාගේම පව් ගෙවන කාලය වේ. එනම්, මෙය මරණයේ කාලය වේ. ’සෙනෙහස නොමැති බුද්ධි ඇති අය සිටිති’ යැයි කියා ඇත්තේ එම යාදවයින් දෙවියන් හට සෙනෙහසක් නොමැති බැවිනි. ශාරීරික ජීවීන්ට සෙනෙහස නොදක්වන්න! ඒ අය නිර්මාණය වේ, ඔවුන්ගෙන් උරුමයක් ලබා ගත නොහැකිය. මෙය ඉතා පැහැදිලිව විස්තර කර ඇත. විනාශයේදි ඔවුනට සෙනෙහස නොමැති බුදධියක්ද, ඔබට සෙනෙහෙවන්ත බුද්ධියක්ද ඇති බව ඔබ දරුවන්ට දැන් වැටහේ. මෙහිදීද, බොහෝ සෙනෙහස ඇති අය පියා කෙරෙහි සම්පුර්ණ සෙනෙහසක් ඇත. අපි පියාගෙන් උපත් 21ක් සඳහා උරුමයක් ලබා ගන්නෙමු. සත්‍යය පවසන්නේ පියා පමණි. අපි අන් කිසිවෙකුට සෙනෙහස නොදැක්විය යුතුය. අලුත් ගොඩනැගිල්ලක් සාදන විට ඔවුන් අලුත් එකට ආශා කරති. පැරණි එක කඩා බිඳ දමන බව වටහා ගනිති. ඔබද නොකඩවා ඔබගේ හදවත්, පැරණි ලොවින් අයින් කළ යුතුය. දිනෙන් දින වාතාවරණය නරක් වේගෙන යනවා යැයි පියා විස්තර කරයි. කොපමණ කළබැගෑනි ඇති දැැයි ඔබට දැකිය හැකියි! එමනිසා, දැන් සියලු දේම විනාශ වන්නට යන බව ඔබට වටහා ගත හැකියි. අපි අලුත් ලොවට යා යුතු වේ. එමනිසා, අලුත් ලොව මතකයේ තබා ගත යුතු වේ. අන් අය මතක් කිරිමෙන් කිසිවක් නොලැබේ. භක්ති මාර්ගයේදි මිනිසුන් බොහෝ සෙයින් දෙවියන් මතක් කරයි! දෙමාපියන්, මිතුරන්, නෑදැයින්, මතක් කරන අතර ඔවුන් දේවතාවන්ද බොහෝ මතක් කරයි. ඔවුන් ගංඟා නම් ගඟේ වතුර ස්නානය කිරිමට ගොස් පාරිශුද්ධකරුට ආමන්ත්‍රණය කරයි. ඊතලයක් විද එය වැටුණු තැනින් ගංඟා නම් ගඟ පැන නැඟුනා යැයි පෙන්නුම් කර ඇත. ඔවුන් යම් කෙනෙකුගේ මරණ මොහොතේදි ගංඟා නම් ගඟේ වතුර මුඛයට දමයි. ගංඟා නම් ගඟේ වතුර බිංදු ස්වල්පයක් වත් ඔහුට ලැබුණේ නම් ඔහුට මුක්තිය ලැබෙනවා යැයි ඔවුන් විශ්වාස කරයි. මෙහි ඇත්තේ ඥානය බව පරමාත්ම පියා පවසයි. ඔබ ඥානයේ සුලු ප්‍රමාණයක් ඇසුවා වුණත් ඔබට එහි ඵලය ලැබෙනවා ඇත. මෙය මෙම ඥානයට සවන් දීම පිළිබඳ කරුණකි. අමෘතය වූ කලී පානය සඳහා වන්නක් නොවෙයි, එය ඥානය වේ. භෝග් දිනයේදි ඔබට අමෘතය ලැබෙනවා යැයි නොසිතන්න, නැත, එය සුමිහිරි ජලය පමණකි. කෙසේවෙතත්, මෙය ඥානයේ කරුණකි. ඥානය නම්, පරමාත්ම පියා ගැන, ලෝක චක්‍රය බ්‍රමණය වන්නේ කෙසේද, එහි මුල, මැද සහ අග ගැන හා උපත් 84ක් ලබා ගන්නේ කවුරුන්ද යන්න ගැන වටහා ගැනීම වේ. සෑම කෙනෙකුටම මෙම උපත් ගණන ලබා ගත නොහැක. පළමුවෙන්ම පැමිණෙන්නේ භාරතයේ මිනිසුන් වේ. සම්පූර්ණයෙන්ම උපත් 84 ලබා ගන්නේ ඔවුන්ය. දේවතාවරුන් ලෙස සිටි අය උපත් 84ක් ලබා, අපවිත්‍ර වේ. එවිට පරම පියා පැමිණ කටු මල් බවට පත් කරයි. මිනිසුන් ශරිර අවධානයට පත් වී පස්පව් වලට හසුවේ. දැන් රාවන්ගේ රාජධානිය වේ. ස්වර්ණම යුගය දේවතාවරුන්ගේ රාජධානිය විය. දෙව්ලොව නිර්මාණය කරනුයේ ශිව බාබා පමණි. එය සුර්ය වංශයේ ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. එය දැන් ස්ථාපණය වන බව ඔබලා දනී. විනාශය වන විට ඔබලාට සෙනෙහෙවන්ත බුද්ධියක් ඇති බැවින් ඔබලා ජය ලබයි. ඔබ මුලු ලොවම ජය ගනී. මෙය හොඳින් මතක තබා ගන්න! භාරතයේ ජනයා වන ඔබ දැන් යකඩ යුගයේ සිට වෙනස් වී දෙව්ලොවට යනවා ඇත. පරණ ලොව අත්හළ යුතුය. එම නපුරු නෑ සබඳ කම් වලට බන්දන යැයි කියති. ඔබලා නපුරු බන්දන අතහැර, නපුරු නැති නෑ සබඳකම් වලට ඇතුලු වී ඇත. ඉන් පසු ඔබගේ ඊලඟ උපතේදි ඔබලා නපුරු නෑ සබඳකම් වලට ඇතුලු නොවෙති. එහිදී ඇත්තේ නපුරු නැති නෑ සබඳකම් පමණි. එහෙත් මේ කාලයේදි ඇත්තේ නපුරු බන්ධන වේ. මට ශිව බාබාට සෙනෙහස ඇත යැයි ජීවය පවසයි. ඔබ බ්‍රහමිණ්වරුන්, ඔහුට සෙනෙහස ඇත්තේ ඔබලා ඔහුව නියම ලෙස දන්නා හෙයිනි. ඔබ පියාව සහ ලෝක චක්‍රය දනිති. එසේම අන් අයටද විස්තර කරති. ඔබ අන් අයට විස්තර කර දෙන තරමට ඔබ බොහෝ අයට යහපතක් කරති. බොහෝ දේ තේරුම් ගන්නා අය දක්ෂ වේ. උසස් තත්ත්වයක් ලබා ගන්නේ ඔවුන්ය. ඔබ අඩුවෙන් සේවය කරන්නේ නම් ඔබ පහත් තත්ත්වයක් ලබනවා ඇත. මුලු ලොවම අපවිත්‍රය. සියලුම දෙනාට අපවිත්‍ර තත්ත්වයෙන් පාරිශුද්ධ තත්ත්වයට පත්වීමේ මාර්ගය පෙන්වන්න. වෙනත් කිසිම මාර්ගයක් නොමැත. පව් නැති වී යන්නේ ස්මරණයෙන් පමණි. දේවතා සමූහයට අයිති අයට මෙම වචන දෝංකාර දෙනවා ඇත. ඔවුනට මෙය හරි යැයි හැඟෙයි. අපි සත්‍යයෙන්ම දේවතාවරුන් වනවා ඇත. අපගේ ආහාර පවිත්‍ර විය යුතුය. දිව්‍යමය ගුණධර්ම මෙහිදි උකහා ගත යුතුය. සියලුම ගුණධර්මයන්ගෙන් පිරි බවට පත්වන්න. ඔබලා දැන් එසේ වනවා ඇත. ලක්ෂ්මි සහ නාරායන දේවතාවරුන් වේ. ඔබලා ඔවුනට බෝග් පූජාකරන විට සිගරට් පූජා කරන්නේද? සිගරට් උරනා අයට උසස් තත්ත්වයක් ලබා ගත නොහැක. එය දිව්‍යමය දෙයක් නොවෙයි. ඔබ දුම්පානය කරමින්, ලූණු සහ සුදු ලූණු දිගටම කන්නේ නම් ඔබ තවත් පහළට වැටේ. ඔවුන් මේවා අත් හැරියේ නම් ඔවුන්ගේ සෞඛ්‍යය නරක් වේයැයි සමහරු කියති. ශිව බාබා ස්මරණය කරන්න! යැයි පරමාත්ම පියා පවසයි. මෙම සියලුම පුරුදු අත්හරින්න. එවිට, ඔබට මුක්තිය ලැබෙනවා ඇත. බොහෝ අයට දුම්පානය කිරිමේ පුරුද්ද ඇත. දේවතාවරුන්ට මේවා භෝග් වලට පූජා නොකරන්න යැයි විස්තරයක් සපයා ඇත. ඔබ ඔවුන් ලෙස විය යුත්තේ මෙහිදීය. ඔබ නොකඩවා අපිරිසිඳු දේවල් අනුභව කරන විට දුගඳක් හමයි. සිගරට් උරනා අයගේ හා මත්පැන් ගන්නා අයගේ දුර්ගන්ධය ඈතට ගමන් කරයි. ඔබ දරුවන් දිව්‍යමය ගුණධර්මයන් උකහාගෙන වෛෂ්නවයන් (සම්පූර්ණයෙන්ම නිර්මාංශක) විය යුතුය. විෂ්නුගේ දරුවන් සිටිනවා සේම ඔබලා දේවතා දරුවන් වේ. මෙහිදී ඔබලා පරමාත්ම දෙවියන්ගේ දරුවන් වේ. මෙය ඔබගේ බොහෝ උසස්ම වූ උපතයි. ඔබලා දේවතාවන්ටත් වඩා උසස් වේ. ඔබලා අන් අයව උසස් කරවන අය වේ. මෙය අසීමිත පියාගේ දූත මෙහෙය වේ. ක්‍රිස්තියානි ඔවුන් හටද දූත මෙහෙයන් ඇත. ඔවුන්, බොහෝ අය ක්‍රිස්තියානි ධර්මයට හරවා ගනිති. මෙය පරමාත්ම දෙවියන්ගේ දූත මෙහෙය වේ. ඔබලා ශුද්‍රයින්ගෙන් බ්‍රහ්මණයන් වී, ඉන් පසු දේවතා ධර්මයට අයිති වේ. ඔබලා දැන් ශුද්‍රයින්ගෙන් බ්‍රහ්මණයින් වී ඇති බව ඔබලා දනිති. ඔබ ජීව මරණයක් ලබා ඉන් පසු දේවතාවරුන් වනවා ඇත. ඔබලා ගර්භාෂයකින් උපත් ලබති. මෙහිදි පියා ඔබව පිළිගත්තේ ඔබලා උරුමැති ජීවාත්මයන් බවට පත් කිරිමට වේ. පරමාත්ම පියා ඔබව ඔහුට සතු කරගෙන ඇත. පියා ඔබ දරුවන්ට උගන්වයි. ඔබලා බ්‍රහ්මණයින් වී ඉන් පසුව දේවතාවරුන් වේ. එම මනුෂ්‍යයින් බොහෝ උසස් වේ. ඔවුනට සියලුම දිව්‍යමය ගුණධර්ම ඇත. ඔබ ජීවාත්මයන් පාරිශුද්ධ වූ විට ඔබලාට පාරිශුද්ධ ශරිර උවමනා වේ. පැරණි ශරීරය විනාශ වී ඉන්පසුව ඔබලා නව සතෝප්‍රධාන් ශරිරයක් ලබා ගනියි. ස්වර්ණම යුගයේදි පංච මහාභූතයන් පවා සතෝප්‍රධාන් වේ. ඔබලා ශුද්‍ර වංශයට අයිතිව සිට දැන් බ්‍රහ්මිණ් වංශයට අයිති වී ඉන් පසු දිව්‍යමය වංශයට යනවා ඇත. ඔබලා උපත් 84ක් ගන්නවා ඇත. ත්‍රිමූර්ති පිංතූරයෙන් බ්‍රහ්මිණ් වංශය අතුරුදහන් කර ඇත. පරම පියා දැන් ඔබව ශුද්‍රයින්ගෙන් බ්‍රහ්මණයන්ටත්, ඉන්පසු දේවතාවරුන් බවටත් පත්කරවයි. ඔබ බ්‍රහ්මණයින් කුඩුම්බිය වේ. කරණම් ගසන සෙල්ලමක් ඇත. ඔබ දැන් බ්‍රහ්මණයින් වී, ඉන්පසු දේවතාවරුන් වී, පසුව රණකාමීන් වේ... ඉන් පසු නැවත ඔබලා බ්‍රහ්මණයින් වෙනවා ඇත. මෙයට චක්‍රයක් යැයි කියති. ඔබලා දැන් බ්‍රහ්මණ වංශයේ වේ. මේ කාලයේදි ඔබට ඥානය ලැබේ. ඉන්පසු ඔබට තිළිණය ලැබේ. ඔබලා දැන් ගන්නා උත්සාහය අනුව එහිදී ඔබලා නොකඩවාම උපත් 21දි සතුටින් සිටිනවා ඇත. සමහරු රාජකීය වංශයට යති. අන් අය පුරවැසියන් වේ. රාජකීය වංශයේ බොහෝ සතුට ඇත. ඉන්පසු ඔබලාගේ අංශක අඩුවේ. උපත් 84ක ඥානය ඔබ ලබා ඇත. ඔබලා සෑම දෙයක්ම දැන් මතකයට නඟාගෙන ඇත. සුමිහිරි දරුවනි, ඔබලාගේ උපත් 84 දැන් අවසන් වී ඇත යැයි පරමාත්ම පියා පැමිණ විස්තර කරයි. සමහරු උපත් 84ක් ගෙන ඇති අතර අනෙක් අය උපත් 80ක්, 60ක් හෝ 50ක් ගෙන ඇත. භාරතයේ ජනයා වන ඔබලා බොහෝ සතුට දකිති. මෙම නාටකයේ ඔබලාගේ නම ප්‍රශංසාවට ලක් වේ. ඔබලා දේවතාවරුන්ට වඩා උසස්ය. ඔබලා වැඳීමට සුදුසු වන බව ඔබ දනි. ස්වර්ණම යුගයේදි අප කිසිවකුට වඳින්නේ නැත. එසේම, කිසිවකු අපට වඳින්නේ ද නැත. එහිදි අප වැඳීමට සුදුසු වේ. ඉන් පසු අපගේ අංශක නොකඩවා අඩු වීගෙන යයි. වැඳිමට සුදුසු අය වී සිටි අප වඳින්නන් වි අපගේ හිස් පාත් කරයි. තඹ යුගයේදි අප වඳින අය වීම ආරම්භ කළේය. අවසානයේදි සියලුම දෙනාම දුෂණය වී ඇත. මෙම ශරිරය පංච මහාභූතයන්ගෙන් සෑදී ඇත. යම් කෙනෙකු පංච මහාභූතයන්ට වන්දනා කරන්නේ නම් ඊට යක්ෂ භූත වැඳිමක් යැයි කියති. යක්ෂ භූතයින් පස් දෙනා සියලුම දෙනා තුළ ඇත. ශරීර අවධානයේ යක්ෂ භූතයාද, රාගය සහ ක්‍රෝධයේ යක්ෂ භූතයන්ද ඇත. යක්ෂ භූතයන්ගේ සමාජය කිවත්, යක්ෂ සමාජය කීවත් දෙකම එකය. පරම පියා පැමිණ නැවත වතාවක් දේවතා සමාජය නිර්මාණය කරයි. යක්ෂ භූතයන්ගෙන් ඔබව නිදහස් කිරීමට පියා පැමිණෙයි. ඔබලා දේවතාවන් බවට පත් කිරිමට, ඔබව ඔහු සමඟ යෝග කරවයි. මනුෂ්‍යයින් දේවතාවන් බවට පත් කළ උත්තරිතර පියා, උත්තරිතර ජීවයේ ප්‍රශංසාව ගුරු නානක් ද ගායනා කළේය. අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවන ඒකායන කෙනා ඔහු පමණි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බ්‍රහ්මණයන්ගෙන් දේවතාවරුන් බවට පත්වීමට, ඔබගේ සියලුම අපිරිසිඳු පුරුදු අත්හරින්න. ශුද්‍රයින් බ්‍රහ්මණ ධර්මයට හරවා, දේවතාවරුන් බවට පත් කිරිමට ඔවුන් දෙවියන්ගේ දූත මෙහෙයට සහයෝගය දිය යුතු වේ. දුම් පානය ආදී සියලු නරක පුරුදු අත්හරින්න.

2. ඔබ විනාශය වන කාලයේදි එකම පියාට සත්‍ය සෙනෙහස තබා ගන්න. පරණ ගෙදර කඩා බිද දමනවා ඇත. එමනිසා, ඔබගේ හදවත එයින් ඉවත් කර අලුත් එකට එය සම්බන්ධ කරන්න.

වරදානය:
ඔබ යෝග්‍යුක්ත් සහ යුක්තියුක්ත් වී ඔබගේ උසස් ක්‍රියාවන් නිසා සිහිපත් කිරීමට සුදුසු වේවා.

ඔබගේ සෑම ක්‍රියාවක්ම උසස් වන තරමට, ඒ අනුව, ඔබ උසස් ජීවාත්ම අතරෙහි සිහිපත් කරනු ලැබේ. භක්ති මාර්ගයේ, ඔවුන් නාමයන් ගායනා කරයි, නමුත් මෙහි දී, උසස් ආත්මයන් ඔවුන්ගේ ගුණධර්ම සහ ක්‍රියාවන්ගේ නාමයෙන් සිහිපත් කරනු ලබයි. ඔබගේ උසස් ක්‍රියා මත පදනම්ව, ඔබ දිගටම සිහිපත් කිරීමට සුදුසු වනු ඇත. මේ සඳහා, ඔබ යෝග්‍යුක්ත් විය යුතුය. ඔබ යෝග්‍යුක්ත් වීමෙන්, ඔබගේ සෑම සිතිවිල්ලක්ම, වචනයක්ම සහ ක්‍රියාවක්ම නියත වශයෙන්ම යුක්තියුක්ත් වනු ඇත. එවැනි ජීවාත්මයන්ට වැරදි සිතිවිලි හෝ ක්‍රියා තිබිය නොහැක. ඔවුන්ට මෙම සම්බන්ධතාවය ද ඇත.

පාඨය:
උපකරණයක් වීම සහ නිහතමානී වීම සැබෑ සේවාධාරියෙකුගේ ගුණාංග වේ.

අව්‍යක්ත සංඥාව: නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.

ඔබට පහසු ස්වභාවයක් ඇති විට, ඔබ ප්‍රබෝධමත්ව සිටිනවාට අමතරව, ඔබේ ඇස් වල, ඔබේ මුහුණේ සහ ඔබේ ක්‍රියාකාරකම් වල මිහිරි බව දිස්වනු ඇත. රළු හෝ කටුක වචන කිසි විටෙකත් ඔබේ තොල් හරහා මතු නොවනු ඇත. ඔබේ හදවත, හිස සහ වචන සියල්ල සමාන වනු ඇත. ඔබේ හදවතේ එක දෙයක් සහ වචන වල තවත් දෙයක් තිබීම පහසු බවේ ලකුණක් නොවේ. සැහැල්ලු ස්වභාවයක් ඇති අය නිරන්තරයෙන් නිහතමානී හදවත් ඇති, නිරහංකාර සහ පරාර්ථකාමී අයවේ.