11.07.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පළමුවෙන්ම පරමාත්ම පියාගේ සැබෑ හැඳින්වීම සැමටම ලබා දී ගීතාවේ දෙවියන් කවුද යන්න ඔප්පු කර පෙන්වන්න. එවිට ඔබගේ නාමය කීර්තිමත් වේවි.

ප්‍රශ්නය:
ඔය දරුවන් චක්‍රයේ යුග හතරම පසුකරලයි පැමිණ සිටින්නේ. භක්ති මාර්ගයේ දී දිගටම පැවතුණු සිරිත කුමක්ද?

පිළිතුර:
ඔබ චක්‍රය වටා යුග හතරම පසු කර පැමිණි නිසා භක්ති මාර්ගයේ දී ඔබ ආගමික ග්‍රන්ථ, පිළිම ආදියත් රථයක තබාගෙන සෑම තැනකම සංචාරය කිරීමේ පුරුද්ද තිබෙනවා. පසුව ඔවුන් ඒවා ගෙදර ගෙනිහින් නිදි කරවනවා. ඔබලා බ්‍රහමිණ්වරුන්, දේවතාවරුන් හා ක්ෂත්‍රියයින් වෙනවා. කල්පය පුරා යාමේ ඔබගේ මෙම මතකය නිසා ග්‍රන්ථ ආදිය සෑම තැනකම ගෙන යාමේ පුරුද්ද ඇති කරගෙන තිබෙනවා.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි සිට ඔය ආධ්‍යාත්මික දරුවන්ට කරුණු පහදා දෙනවා. ඕනෑම කෙනෙකුට පහදා දෙන විට, පළමුවෙන්ම, සිටින්නේ එකම එක පරමාත්මයක් බව පැහැදිලිව ඉදිරිපත් කරන්න. සිටින්නේ එකම එක පියෙක් ද නැතිනම් පියවරුන් කිහිප දෙනෙක් සිටිනවාදැයි කියා ඇසීමට දෙයක් නැහැ. ඇහුවොත් බොහෝ දෙනෙක් ගැන සඳහන් කරාවි. ඔබ කිව යුත්තේ: පරමාත්ම පියා, නිර්මාණකරු වන්නේ එකම එක කෙනෙක් බව පමණයි. ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියායි. ඔහු තිතක් බව ඔබ එකපාරටම සඳහන් කළ යුත්තේ නැහැ: ඔවුන් ඒ ගැන කලබලයට පත් වේවි. පළමුවෙන්ම, පියවරුන් දෙදෙනෙක් සිටිනා බව පැහැදිලිව කියා දෙන්න: ලෞකික පියා හා පාරලෞකික පියා සෑම කෙනෙකුටම භෞතික පියෙක් සිටිනවා. ඒ වගේම අනිත් පියාට සෑම කෙනෙක්ම කුදා හෝ දෙවියනේ කියා ආමන්ත්‍රණය කරනවා. ඇත්තෙන්ම කියනවා නම්, ඒ එක්කෙනෙක්මයි. සෑම කෙනෙක්ම සිහි කරන්නේ ඒ කෙනාවයි. පළමුවෙන්ම, දෙව්ලොව නිර්මාණය කරන්නේ පරමාත්ම පියායි යන විශ්වාසය ඔවුන් තුළ හොඳින් තහවුරු කරන්න. ඔහු මෙහි පැමිණෙන්නේ ඔබලාව ලෝක පාලකවරුන් කරවීමටයි. ශිව් ජයන්තිය කියන්නේ මෙයටයි. දේවතාවරුන්ගේ අධිරාජ්‍යය වන දෙව්ලොව නිර්මාණය වන්නේ භාරත දේශයේ පමණක් බවත් ඔබ දන්නවා එමනිසා පළමුවෙන්ම, පරමාත්ම පියාව හඳුන්වා දීමේ කාර්යය කළ යුතුයි. ඔහුගේ නම ශිවායි. ගීතාවේ කියන්නේ දෙවියන් කතා කරයි කියලයි. පළමුවෙන්ම, ඔවුන් තුල මෙය හොඳින් ස්ථාවර කරවා ඔවුන් ලවා මෙය ලියවා ගන්න. මම ඔබට රාජයෝගාව උගන්වනවා. සාමාන්‍ය මනුෂ්‍යකුගෙන් ඔබව නාරායන් බවට පත්කරවනවා කියා දෙවියන් කියනා බව ගීතාවේ සඳහන් වී තිබෙනවා. කාටද මෙය කළ හැක්කේ? මෙය අනිවාර්යෙන්ම පහදා දිය යුතුයි. දෙවියන් යනු කවුරුන්ද කියාත් ඔබ පහදා දිය යුතුයි. ස්වර්ණමය යුගයේදී අංක එකේ තත්ත්වයේ සිටි ලක්ෂ්මි හා නාරායන් අනිවාර්යෙන්ම උපත් 84 ක් ගන්නවා. අනිකුත් ආගම් වල අය පැමිණෙන්නේ පසුවයි. ඔවුන්ට වැඩිය උපත් ගැනීමට සිදු වන්නේ නැහැ. උපත් 84 ක් ගන්නේ පළමුවෙන්ම පැමිණෙන අයයි. ඔවුන් මේ කිසිවක් ස්වර්ණමය යුගයේදී හදාරන්නේ නැහැ. ඔවුන් ඒවා හදාරන්න ඇත්තේ අනිවාර්යෙන්ම සංගම් යුගයේදීයි. එමනිසා පළමුවෙන්ම පරමාත්ම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. ඇසට ගෝචර නොවන ජීවාත්මය අවබෝධ කර ගත යුත්තක් වන්නාක් සේ පරමාත්ම ජීවය ද දකින්න බැහැ. කෙසේවෙතත්, ජීවාත්මයන් වන අපගේ පරමාත්ම පියා ඔහු බව බුද්ධියෙන් වටහා ගත හැකියි. ඔහුව හඳුන්වන්නේ පරමාත්ම ජීවය කියලයි. ඔහු සදා පිරිශුද්ධයි. ඔහු පැමිණ අපිරිසිඳු ලෝකය පාරිශුද්ධ කළ යුතුයි. එමනිසා, සිටින්නේ එකම එක පරමාත්ම පියෙක් බව පහදා දී එය ඔප්පු කළ විට ගීතාවේ දෙවියන් වන්නේත් ක්‍රිෂ්ණා නොවන බව ඔප්පු කළ හැකි වේවි. සත්‍යය කියා කියන්නේ එකම එක පරමාත්ම පියාට පමණක් බව ඔය දරුවන් පැහැදිලි කර කියා දිය යුතුයි. අන් සෑම දෙයක්ම භෞතික සිරිත් විරිත් හා වන්දනා ගමන් ආදිය යාම භක්ති මාර්ගයේ ග්‍රන්ථ වල සඳහන් කර තිබෙනවා. ඥාන මාර්ගයේ ඒ දේවල් ගැන සඳහන් කර නැහැ මෙහි කිසිම ග්‍රන්ථයක් නැහැ. පරමාත්ම පියා පැමිණ මේ සෑම රහසක්ම පහදා දෙනවා. පළමුවෙන්ම දෙවියන් ශාරීරික කෙනෙක් නොව අශාරීරික කෙනෙක් යන කරුණ ඔප්පු කර පෙන්වා දී ඔය දරුවන් ජයග්‍රහණය ලබනවා. පරමාත්ම ජීවය වන පරමාත්ම පියා දෙවියන් කතා කරයි. පරමාත්ම දෙවියන් ඥාන සාගරයයි සැමගේම පරම පියායි. ශ්‍රී ක්‍රිෂ්ණා සෑම කෙනෙකුගේම පියා වන්නේ නැහැ. සෑම ශාරීරික ආගමක්ම අතහැර දමා මා පමණක්ම සිහි කරන්නැයි කියා ඔහුට කිව නොහැකියි. මෙය ඉතාමත් පහසු කරුණක් කෙසේවෙතත් ග්‍රන්ථ පොත්පත් රැසක් කියවා මිනිස්සු ඔවුන්ගේ භක්තියේ තදින්ම කා වැදී සිටිනවා. මේ දිනවල කරත්තයක ආගමික ග්‍රන්ථ තබා ගෙන නගර වටා සංචාරය කරනවා. පිළිමත් එසේ ගෙන යනවා. නැවත ආපසු ඒවා ගෙදර ගෙනැවිත් නිදිකරවනවා. තමන් චක්‍රය වටා ගොස් දේවතාවරුන් වී ක්ෂත්‍රියයන් වී පසුව ශුද්‍රයින් වන බව ඔබලා දන්නවා. ඔබගේ චක්‍රය වටා යාම සිහි කර ඔවුන් එසේ ග්‍රන්ථ පිළිම ආදිය ගම වටා ගෙන ගොස් නැවතත් ගෙදරින් ගිහින් තබනවා. ග්‍රන්ථ ගෙන යාම සඳහා ඔවුන් දින නියම කර ගෙන තිබෙනවා. එමනිසා ගීතාවේ සඳහන් දේත් කියා ඇත්තේ ශිව දෙවියන් මිස ශ්‍රී ක්‍රිෂ්ණා නොවන බව පළමුවෙන්ම ඔබ ඔප්පු කළ යුතුයි. නැවත උපත් නොගන්නා එකම එක කෙනා වන්නේ ශිවා පමණයි. ඔහු අනිවාර්යෙන්ම පැමිණෙනවා. නමුත් ඔහුගේ උපත දිව්‍යමයි. ඔහු මෙහි පැමිණ භාග්‍ය රථයට ඇතුළු වෙනවා. ඔහු පැමිණ අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවනවා. ඔහු මෙහි පැමිණෙන්නේ නිර්මාණකරුගේත් නිර්මාණයේත් මුල, මැද හා අග පිළිබඳ රහස් කියා දීමටයි. වෙන කිසිම කෙනෙක් ලඟ මෙම ඥානය නැහැ. පියා තම හැඳින්වීම දීම සඳහා තමාම පැමිණෙනවා. ප්‍රධානම දෙය පරමාත්ම පියාගේ හැඳින්වීමයි. ඔහු ගීතාවේ දෙවියන් බව ඔබ ඔප්පු කර පෙන්වුවහොත් ඔබගේ නම කීර්තියට ලක් වේවි. එම නිසා පිංතූරත් ඇතුල් කර අත් පත්‍රිකා සාදා ඒවා ගුවන් යානයකින් බෙදා හරින්න. පරමාත්ම පියා ප්‍රධානම දේවල් පහදා දෙනවා. මෙම ප්‍රධාන කරුණින් ඔබ ජය ලැබුවොත් අන් සියල්ලගෙන්ම ජය ලද හැකියි. ඔබගේ නම ඉමහත් කීර්තියට ලක් වේවි. කවුරුත් ඔබ සමග වාද කිරීමට පැමිණෙන එකක් නැහැ. මෙය ඉතාමත් පැහැදිලි කරුණක්. පරමාත්ම පියා කියනවා: මම කොහොමද සෑම තැනකම සිටිනා කෙනෙක් වන්නේ? මා පැමිණ ඔය දරුවන්ට ඥානය දෙනවා. මිනිස්සු: පැමිණ අපව පිරිසිඳු කරනු මැනව. අපට ඥානය දෙනු මැනව කියා කන්නලව් කරනවා. පරමාත්ම පියාගේ කීර්තිය ක්‍රිෂ්ණාගේ කීර්තියට වඩා වෙනස්. ශිව් බාබා පැමිණ ක්‍රිෂ්ණා හෝ නාරායන් වෙනවා කියා හෝ ඔහු උපත් 84 ක් ගන්නවා කියා හෝ දෙයක් සිදු වන්නේ නැහැ. මෙවන් කරුණු සෑම දෙයක්ම පැහැදිළි කළ හැක්කේ කෙසේදැයි කියා සිතා බලමින් ඔබගේ බුද්ධිය කාර්යබහුලව තබාගත යුතුයි. ප්‍රධානම දෙය ගීතාවයි. දෙවියන් කතා කරයි කියා කියනවා. එමනිසා, දෙවියන්ට අනිවාර්යෙන්ම කතා කිරීමට කටක් අවශ්‍යයි. කෙසේවෙතත්, පරමාත්ම දෙවියන් අශාරීරිකයි. නැතිනම් ජීවයක් කතා කරන්නේ කෙසේද? මෙන්න මේ නිසා තමයි ඔහු කියන්නේ: මම සාමාන්‍ය ශරීරයක ආධාරය ලබනවා. පළමුවෙන්ම ලක්ෂ්මි නාරායන් වන අය තමයි උපත් 84 ගන්නේ. චක්‍රයේ අවසානයට පැමිණි විට. මම ඔහුගේ ශරීරයට ඇතුළු වෙනවා. ක්‍රිෂ්ණගේ උපත් ගණනාවක අවසානයේදී මම පැමිණෙනවා. අන් අයට පැහැදිලි කර දිය හැක්කේ කෙසේද කියා කල්පනා කරමින් මෙම ඥාන සාගරය හොඳින් ආවර්ජනය කරන්න. මෙම එක් කරුණින් ඔබගේ නම කීර්තිමත් වේවි. පසුව සෑම කෙනෙක්ම නිර්මාණකරු ගැන පරමාත්ම පියා ගැන දැන ගනීවි. එවිට බෙහෝ දෙනෙක් පැමිණේවි. පැමිණ දේශන දෙන්න කියා ඔවුන් ඔබට ආරාධනා කරාවි. මෙන්න මේ නිසා තමයි ඇල්ෆා යනු කවුදැයි කියා පහදා දී ඔප්පු කළ යුතුයි. දෙව්ලොව උරුමය පරමාත්ම පියාගෙන් අප දිනා ගන්නවා කියා ඔය දරුවන් දන්නවා. සෑම වසර 5000 කට වතාවක්ම භාරතයට පැමිණ බාබා මෙම භාග්‍ය රථයට ඇතුලු වෙනවා. දෙවියන් පැමිණ ඇතුලු වන්නේ මොහු තුලටයි. ඔහු වාසනාවන්තම කෙනායි. මෙය පොඩි දෙයක් නොවෙයි. පරමාත්ම දෙවියන් මොහු තුළ අසුන්ගෙන මොහුගේ උපත් ගණනාවක අවසානයේ දී ඔහු තුළට ඇතුළු වන බව ඔය දරුවන්ට පහදා දෙනවා. මේ රථය ශ්‍රී ක්‍රිෂ්ණාගේ ජීවයයි. ඒ ක්‍රිෂ්ණාම නොවෙයි. ඔහුගේ උපත් ගණනාවක අවසන් ශරීරයයි. සෑම උපතකදීම හැඩරුව හා රැකියාව වෙනස් වෙනවා. තම අවසන් උපතේදී ඔහුගේ ශරීරයට මා ඇතුළු වන කෙනා පසුව ක්‍රිෂ්ණා වේ. මා පැමිණෙන්නේ සංගම් යුගයේදීයි. ඔබ පරම පියාට අයිති වී ඔහුගෙන් උරුමයත් උරුම කර ගනී. පරමාත්ම පියා ඔබට උගන්වා ඔබව තමා සමඟ ආපසු නිවහන බලා ගෙන යයි. මෙහි කිසිම අපහසුතාවයක් නොමැත. පරමාත්ම පියා නිකම්ම කියන්නේ: නිරතුරුව මා පමණක් සිහි කරන්න. එමනිසා, මේ ගැන ලියා දැක්වීම සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් සිතා බලන්න. මෙම ප්‍රධාන අත්වැරැද්ද නිසා. භාරතය අධර්මිෂ්ඨ අධාර්මික දුප්පත් දේශයක් බවට පත් වෙලා. රාජයෝගාව නැවතත් ඉගැන්වීම සඳහා පරමාත්ම පියා පැමිණෙනවා. ඔහු භාරතය ධර්මිෂ්ඨ හා සෞභාග්‍යමත් දේශයක් බවට පත් කරවනවා. ඔහු මුලු ලෝකයම ධර්මිෂ්ඨ කරවනවා. ඒ කාලයේදී ලෝක පාලකවරුන් වන්නේ ඔබලා පමණයි. ඔබට දීර්ඝායු හා යස ඉසුර ප්‍රාර්ථනා කරනවා කියා කියනවා. බාබා ඔබට ආයු බෝ වේවා කියා කියන්නේ නැහැ. ඔබ අමරණීය වේවා කියා කියන්නේ පූජකවරුන් පමණයි. අමරණීය අය සිටින්නේ අමරණීය දේශයේ පමණක් බව ඔය දරුවන්ට හොදින්ම තේරෙනවා. මරණීය දේශයක අමරණීය අය සිටින්නේ කෙසේද? ඔබලා රැස්වීම් පවත්වන විට පරමාත්ම පියාගේ උපදෙස් අසනවා. ඔබලා තම තමන්ගේ අදහස් ලිඛිතව ඉදිරිපත් කළ යුතුයි කියා බාබා ඔබලාට කලින්ම උපදෙස් දී තිබෙනවා. පසුව ඔබලාට එකට එකතු විය හැකියි. එම උපදේශය පසුව මුරලියට ඇතුල් කර සෑම කෙනෙකුටම යැවිය හැකියි. රුපියල් දෙදහසක් තුන් දහසක් ඉතිරි වේවි. ඒ මුදලින් මධ්‍යස්ථාන දෙක තුනක් විවෘත කළ හැකියි. සියලුම පින්තූර ආදිය අරගෙන ඔබලා ගමින් ගමට යා යුතුයි. සූක්ෂම ලෝකයේ දේවල් පිළිබඳව ඔබ තුළ එතරම් කැමැත්තක් නොතිබිය යුතුයි. බ්‍රහ්ම, විෂ්ණු හා ශංකර්ගේ පින්තූර තිබෙනා නිසා ඔවුන් පිළිබඳව සුළු හැදින්වීමක් කළ හැකියි. ඔවුන්ට සුළු කොටසක් තිබෙනවා. ඔබ ගිහින් ඔවුන්ව මුණ ගැසෙන්න. වෙන කිසිම දෙයක් කිරීමට නැහැ. මෙන්න මේ නිසා තමයි ඒ දේවල් පිළිබඳව වැඩිපුර කැමැත්තක් නොතිබිය යුත්තේ. ජීවයන්ට ආරාධනා කර ඔවුන්ට සියල්ල පෙන්වා දිය යුතුයි. මෙහි පැමිණ අඬනා අයත් සිටිනවා. ඇතැම් අය සෙනෙහසින් හමු වන අතර තවත් පිරිසක් දුකින් කඳුළු සලනවා. ඒ සියල්ල නාටකයේ ජවනිකායි. එය කතාබහක් පමණයි. කවුරු හෝ කෙනෙකුගේ ජීවයක් බ්‍රහමිණ් පූජකවරයාගේ ශරීරයට ගෙන්වා ඇතැම් අය ඔහුට විශේෂ ඇඳුම් පැළඳුම් ආදිය පවා අන්දවනවා. කෙසේවෙතත් ශරීරය විනාශ වී හමාරයි. ඉතින් ඇඳුම් අඳින්නේ කවුරුන්ද? ඔබට ඒ සිරිත නැහැ. ඇඬීම ආදී දෙයින් කිසිවක් සිදුවන්නේ නැහැ. නැතිනම් ඔබ කොහොමද ඉහළම ඉහළ කෙනෙක් වන්නේ? ඔබ පාරිශුද්ධ විය යුතු කාලයේදී අනිවාර්යෙන්ම මෙම අතරමැදි යුගය සංගම් යුගය පැමිණෙනවා. මෙම එක් කරුණ ඔප්පු කළ පසු. ඔබ කියනා දෙය හරියටම හරියි කියා ඔවුන් කියාවි. පරමාත්ම දෙවියන් කවදාවත් බොරු කියන්න දන්නේ නැහැ. බොහෝ අය බොහෝ සෙයින් ආදරය කරාවි බොහෝ පිරිස පැමිණේවි. ඔය දරුවන් නිවැරදි වෙලාවට සියලුම කරුණු කාරණා ලබා ගනීවි. අවසානයේ දී කුමක් සිදු වේදැයි කියා ඔබට පෙනේවි. යුද්ධ සිදු වේවි. බෝම්බ ගසාවි. පළමුවෙන්ම මරණ සිදු වේවි. ලේ ගංඟා ගලාවි. ඉන් අනතුරුව කිරි ගංඟා ගලන්න පටන් ගනීවි. පළමුවෙන්ම දුම හමන්නේ පිට රට වලිනුයි. එහි මහා බියක් තිබෙනවා. ලොකු බෝම්බ ගණනාවක් සාදා තිබෙනවා. ඒවාට දමනා ඒවා දෙස බලන්න. මුළු නගරයක්ම සේදී යනවා. දෙව්ලොව රාජ්‍ය යේ ස්ථාපනය කළේ කවුදැයි කියා ඔබ පහදා දිය යුතුයි. දෙව් ලොව දෙව් පියාණන් අනිවාර්යෙන්ම සංගම් යුගයේදී පැමිණෙනවා. දැන් මේ ඇත්තේ සංගම් යුගය බව ඔබලා දන්නවා. ඔබට පහදා දී ඇති ප්‍රධානම කරුණ පියාව සිහි කිරීම පිළිබඳ කරුණයි. ඔබගේ පාප දුරුවී යන්නේ මෙම සිහි කිරීමෙනුයි. දෙවියන් පැමිණි විට ඔහු කිව්වා: මා පමණක් සිහි කළ විට ඔබ සතෝ ප්‍රධාන් වී මුක්ති දේශයට යාවි. පසුව කල්පය නැවතත් මුල සිට ඇරඹේවි. දේවතා ධර්මය, ඉස්ලාම් ධර්මය හා බෞද්ධ ධර්මය මතු වේවි. මෙම සම්පූර්ණ ඥානයම ඔය දරුවන් සිහියේ තබාගත යුතුයි. තමන් එතරම් ඉහළ ආදායමක් උපයා ගන්නවා කියා ඔබ සතුටු විය යුතුයි. අමරණීය බාබා ඔබට අමරණීයත්වයේ කතාන්දරය කියා දෙනවා. ඔබට නම් රාශියක් දී තිබෙනවා. ප්‍රධානම ධර්මය වන දේවතා ධර්මය පළමුවෙන් පැමිණෙනවා. පසුව ගස වැඩෙනවාත් සමඟම ජනගහනය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙනවා. එවිට නොයෙකුත් ආකාරයේ ආගම් හා මත ගණනාවක් ඇරඹෙනව. මෙම එකම එක ධර්මය ස්ථාපනය වන්නේ ශ්‍රීමත් වලට අනුකූලවයි. ද්විත්වයක් ගැන ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ආධ්‍යාත්මික පියා මෙහි සිට මෙම ආධ්‍යාත්මික ඥාන කරුණු පහදා දෙනවා. ඔය දරුවන් සතුටින් සිටිය යුතුයි. පරමාත්ම පියා තමන්ට උගන්වනවා කියා ඔබලා දන්නවා. ඔබ කතා කරන්නේ අත්දැකීමෙනුයි. එමනිසා, පරමාත්ම දෙවියන්ම තමාට උගන්වනවාය යන්න දැන ගැනීමේ පිරිසිඳු ආඩම්බරකම ඔබ තුළ තිබිය යුතුයි. වෙන මොනවාද ඔබට අවශ්‍ය? ලෝක පාලකවරුන් බවට ඔබලා පත්වෙනවා නම් ඇයි ඒ සතුට ඔබ තුළ නොමැත්තේ? නැතිනම් ඔබගේම විශ්වාසය ඔබට සැකද? පරමාත්ම පියා පිළිබඳව කිසිම සැකයක් නොතිබිය යුතුයි. මායා ගැටළු ඇති කර ඔබට ඔහුව අමතක කරවනවා. මායා ඇස් වලින් ඔබව රවටනා බව බාබා පැහැදිලි කර පෙන්වා දී තිබෙනවා. රසවත් දෙයක් දුටු විට ඔබ එයට කෑදර වෙනවා. ඇස් වලින් කවුරුන්ව හෝ දුටු විට කේන්තිය ඇවිස්සී ඔබට ගහන්න හිතෙනවා. ඒ පුද්ගලයාව දැක්කේ නැති නම් ගහන්නේ නැහැනේ. ඇස් වලින් යමක් දුටු විට තමයි කෑදරකමක් හා බැඳීමක් ඇති වන්නේ ඔබව රවටනා ප්‍රධානම ඉන්ද්‍රිය වන්නේ ඇසුයි. ඒ මත ඔබ හොඳ අවධානයකින් සිටිය යුතුයි. ඔය ජීවයන්ට ඥානය ලැබුණු විට. ඔබගේ සියලුම අපරාධී ක්‍රියා නතර වෙනවා. ඔබගේ ඇස් ගැලවිය යුතුයි කියා නැහැ. අශිෂ්ඨ ඇස් ශිෂ්ඨ කර ගැනීම පමණයි කරන්න තිබෙන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්ම දෙවියන් තමාට උගන්වනවාය යන සතුට හා කුල්මත් බව නිරන්තරයෙන් රඳවා ගන්න. කිසිම දෙයක් සම්බන්ධයෙන් කිසිම ගැටළුවක් මතු වීමට ඉඩ හරින්න එපා. පිරිසිඳු අහංකාරය පවත්වා ගන්න.

2. සූක්ෂම කලාපයේ දේවල් පිළිබඳව වැඩිය ආසා වන්න එපා. ජීවාත්මය සතෝප්‍රධාන් කර ගැනීමට පූර්ණ උත්සාහය දරන්න. පරමාත්ම පියාගේ සැබෑ හැදින්වීම සැමට දීමේ ක්‍රම ගැන ඔබ එකිනෙකා සමග කතා බහ කරන්න.

වරදානය:
ඔබ නිවැරදි යෝගීවරයෙකු වී ඔබේ උත්සාහයේ වේගය දැඩිව තබාගෙන ඔබේ තිරිංග බලවත්ව තබාගෙන ගෞරව සහිතව සමත් වේවා.

වර්තමාන කාලයට අනුව, ඔබේ උත්සාහයේ වේගය දැඩි විය යුතු අතර ඔබේ තිරිංග බලවත් විය යුතුය. එවිට පමණක් ඔබට අවසානයේ ගෞරව සහිතව සමත් විය හැකි වන්නේ; එම අවස්ථාවේ තත්ත්වයන් ඔබේ බුද්ධියට බොහෝ සිතිවිලි දමන බැවිනි. එම අවස්ථාවේ දී, සියලු සිතිවිලි ඉක්මවා ගොස් එක් සිතිවිල්ලක ස්ථාවරව සිටීමේ පුහුණුව ඔබ සතුව තිබිය යුතුය. ඔබේ මනස ප්‍රසාරණයෙන් විසිරී ඇති විට, ඔබට නැවැත් වීමේ පුහුණුව තිබිය යුතු අතර ඔබ "නවත්වන්න" යැයි පැවසූ විට එය නතර වේ. ඔබට අවශ්‍ය විටෙක සහ ඔබට අවශ්‍ය පරිදි එක් සිතිවිල්ලකින් ඔබේ බුද්ධිය ස්ථාවර කර ගන්න - මෙය නිවැරදි යෝගාවයි.

පාඨය:
ඔබ කීකරු සේවකයින් වන අතර එබැවින් ඔබට නොසැලකිලිමත් විය නොහැක. සේවකයෙකු යනු සැමවිටම සේවයේ සිටින අයෙකි.

අව්‍යක්ත සංඥාව: සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.

ඔබට එන්නතක් ලබා දීමෙන්, ඔවුන්ට ඔබේ රුධිරයට ශක්තිය ලබා දිය හැකිය. එලෙසම, ඔබේ උසස් සිතිවිලි එන්නතක් මෙන් ක්‍රියා කරනු ඇත. ඔබේ සිතිවිලි හරහා ආත්මයන්ට තම සිතිවිලි වලින් බලය ලැබෙන ආකාරයේ සේවාවක් සඳහා දැන් අවශ්‍යතාවයක් පවතී. ඔබේම ආරක්ෂාව සහ නිර්භීතකම වර්ධනය කිරීම සඳහා පිරිසිදු හා උසස් සිතිවිලි වල බලය රැස් කරන්න. එවිට පමණක් අවසානය ලස්සන වනු ඇත. එවිට ඔබට අසීමිත කාර්යයේදී සහයෝගී වීමට සහ ලෝකයේ අසීමිත රාජධානියට අයිතියක් ලබා ගැනීමට හැකි වනු ඇත.