11.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, බාප්දාදාගේ සෙනෙහස සහ සිහිපත් කිරීම ලබා ගැනීම සඳහා, සේවයට ලැදි අය වන්න.
ඔබගේ බුද්ධි දැනුමින් පිරී තිබේ, එබැවින් ඔබ එය අන් අය මත වැස්සිය යුතුයි.
ප්‍රශ්නය:
පිරී තිබෙන සහ
වහින්නට සූදානම් වළාකුළු ඉවත් කර, ඒවාට වහින්නට ඉඩ නොදෙන්නේ, කුමන කුල්මත්භාවයද?
පිළිතුර:
ශරීර අවධානය පිළිබඳ අනවශ්‍ය කුල්මත් බව තිබේ නම්, පිරී, වහින්නට සූදානම් වළාකුළු,
ගසා ගෙන යයි. ඔවුන් වැස්සත්, සේවය වෙනුවට ඔවුන් අවැඩක් සිදු කරයි. බාබා කෙරෙහි
සෙනෙහසක් නොමැති නම් හෝ ඔහු සමඟ යෝගාවේ නොසිටින්නේ නම්, ඔවුන්ට දැනුම තිබුණත්,
ඔවුන් හිස් මෙන්ය. එවන් හිස් වළාකුළු, බොහෝ දෙනෙකුට යහපතක් සිදු කරන්නේ කෙසේද?
ඕම් ශාන්ති.
ඉතිරිව
තිබෙන්නේ වළාකුළු ටිකයි. වැස්ස අඩු වන විට, මහා සාගරයට ඉහලින් ඇති වළාකුළු විසීරී
යයි ඒවා හිස් වෙයි. ඒ අන්දමින් මෙහිද, වළාකුළු වන ඔබ සීතල වෙයි. වළාකුළු යනු, තමන්ව
ප්‍රාණවත් කර, ඉන්පසුව ගොස් අන් අය මත වසින අයයි. කෙනෙක් වසින්නේ නැත්නම්, ඇයට හෝ
ඔහුට වළාකුලක් යයි කිව නොහැක. මේවා දැනුමේ වළාකුළු වන අතර ඒවා ජල වළාකුළුයි. දැනුමේ
වළාකුළු පැමිණෙන්නේ එය ඔවුන්ගේ වාරය වන විටයි. ඔවුන් පැමිණ, තමන්ව ප්‍රාණවත් කරගෙන,
ඉන්පසුව ගොස් අන් අය ප්‍රාණවත් කරවයි. වළාකුළුද අංකානුරූපයි. සමහරු ඉතා තදින්
වසියි. වළාකුළුවල වගකීම වන්නේ වර්ෂාව ඇති කර, මලානික වී ඇති පැලෑටි නැවත ප්‍රාණවත්
කිරීමයි. සම්පූර්ණ දැනුම තිබෙන අය, සැඟවී සිටින්නේ නැත. ඔවුන්ට බාබාගේ උපදෙස්
අවශ්‍ය වන්නේවත් නැත. ඔවුන් වළාකුළුයි. ඔවුන් පැමිණෙන්නේ තමන්ව පුරවාගෙන ඉන්පසුව
අන් අය මත වැස්සීමටයි. ඕනෑම තැනක, භූමියක් බොහෝ තද සහ නිසරු බව ඔබ දුටු විට, ඔබ
ගොස් එය කොළ පැහැ ගැන්විය යුතුයි. මහාරතී දරුවන් සියලුම මධ්‍යස්ථාන ඉතා හොඳින්
දන්නවා තවමත් මන්දගාමී මධ්‍යස්ථාන මොනවාද, එමෙන්ම කුමන මධ්‍යස්ථාන වල දරුවන්ටද
කුණාටු තිබෙන්නේ කියා ඔවුන් දන්නවා. මහාරතී, සේවයට ලැදි දරුවන්, මෙය ඉතා හොඳින්
දන්නවා. බාබා සෑම විටෙකම පවසන්නේ සේවයට ලැදි දරුවන්ට මගේ සෙනෙහස සහ සිහිපත් කිරීම
ලබා දෙන්න. හොඳ වළාකුළු සේවයේ යයි. ප්‍රදර්ශන වලදී සෑම කෙනෙක්ම සමාන අන්දමින්
විස්තර කරන්නේ නැත. ප්‍රධානතම දේ වන්නේ, ගීතාවේ දෙවියන්, ශාරීරික ක්‍රිෂ්ණා නොවෙයි,
අශාරීරික පරම පියා, පරමාත්ම ජීවය බවයි. විස්තර කිරීමේ ඉතා හොඳ ක්‍රමවේදයක්
අවශ්‍යයි. මුඵ දවස පුරාම ඔබ සිතිය යුත්තේ, ගොස් අන් අයව අවදි කරන්නේ කෙසේද කියාය.
සෑම කෙනෙක්ම සිටින්නේ අන්ත අඳුරේය. පියවරුන් දෙදෙනා ගැන සෙනෙහසින් යුතුව නොකඩවා
විස්තර කරන්න. එක්කෙනෙක් සීමිත පියා වන අතර අනෙක් කෙනා අසීමිත පියාය. පාරිශුද්ධකරු
යයි කියන්නේ අසීමිත පියාට පමණයි. ඔය දරුවන්ට දැන් බුද්ධිය (නුවණ) ලැබී තිබේ. ලෝකයේ
මිනිසුන්ට බොහෝ ශෝභනය තිබුනට, ඔවුන්ගේ බුද්ධි, ගල් මෙනි. පියා පවසන්නේ තමන්ට තවුසන්
යයි කියාගන්නා අයව පවා, මා ඉහල නැංවිය යුතුයි. ඔවුන්ද නිර්මාණකරු හෝ නිර්මාණය
නොහඳුනයි. ස්වර්ණමය යුගයෙදී මෙම දැනුම අතුරුදහන් වෙයි. කෙසේවෙතත් කිසිවෙකු මෙය
නොදනී. ආගමික ග්‍රන්ථ වල මෙම දැනුම නොමැත. ඒවා තුලින් කිසිවෙකුට විමුක්තිය ලබාගත
නොහැක. ගීතාවට විශාල සැලකිල්ලක් තිබේ! කෙසේවෙතත් එය භක්ති මාර්ගයයි. පියා,
පාරිශුද්ධකරුයි ඔහු මෙහි අසුන් ගෙන, ඔබට රාජයෝගාව උගන්වයි. එබැවින් රාජධානිය
වෙනුවෙන් නිසැකයෙන්ම නව ලෝකයක් අවශ්‍යයි. පැමිණ, ඔබට රාජයෝගාව උගන්වන්නේ පියා
පමණයි. ඔබ දැන් මෙය දන්නවා. ඔහු පෙර චක්‍රයේදී විස්තර කර දුන් අයට නැවත වරක් දැන්
විස්තර කර දෙයි. ඔවුන්ට වැටහෙන්නේ එවිට පමණයි. සෑම විටෙකම සිදුවන්නේ එම එකම යුද්ධය
නොවෙයි. එය වසර 8ක් හෝ 10ක් පැවතී, ඉන්පසුව නතර වෙයි. නාටකයට අනුව, නිපදවා ඇති
බෝම්බ තිබෙන්නේ, පසෙකට දමා, නිකමට තබාගැනීමට නොවෙයි. අපවිත්‍ර මනුෂ්‍යයන්ගේ මරණය
සිදුනොවී, ස්වර්ණමය යුගය පැමිණෙන්නේ නැත. සාමය ස්ථාපනය වන්නේ කෙසේද කියාත් ඔබ
විස්තර කල යුතුයි. සාමය ස්ථාපිත කර, ලෝකය ශ්‍රේෂ්ඨ කිරීම, පියාගේම පමණක් කාර්යයයි.
පියා පවසන්නේ ඔබගේ බුද්ධියේ යෝගාව, අන් සෑම කෙනෙකුගෙන්ම බිඳ දමා, ඒකායන කෙනාට
සම්බන්ධ කරන්න. ඔබගේ සිරුර ඇතුළුව පෙනෙන සෑම දෙයකින්ම, ඔබගේ බුද්ධියේ යෝගාව බිඳ
දමන්න. අපි දැන් ආපසු නිවහනට යා යුතුයි. එබැවින් නිවහන සිහිපත් කරන්න! මෙය මරණයේ
දේශය බව ඔබට දැන් වැටහෙයි. අපි අමරණීය දේශයට යාම සඳහා, අමරණීයත්වයේ කතාපුවතට සවන්
දෙනවා. දේවතාවන්ට, දිව්‍යමය ගුණදම් ඇති මනුෂ්‍යයන් යයි කියයි. මෙහි එවන් එකදු
කෙනෙක්වත් සිටිය නොහැක. ඔවුන් ශ්‍රී ක්‍රිෂ්ණා පිළිබඳව බොහෝ අපහාසාත්මක දේ ලියා
තිබේ. ඔවුන්ගේ බුද්ධියට කිසිම දෙයක් ඇතුළු වන්නේ නැත. ඔය දරුවන් දැන් ඉතා හොඳින්
උත්සාහ දරා, දිව්‍යමය ගුණදම් ධාරණය කරගත යුතුයි. දිව්‍යමය ගුණදම් යනු මොනවාද
කියාත්, ඔබට පහදා දී තිබේ. ඔබ අනිවාර්යයෙන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර විය යුතුයි.
ප්‍රධානතම සහ පළමුවන ගුණධර්මය මෙයයි. සෑම තැනකම සිටින අපවිත්‍ර අය, පිවිතුරු අයට
හිස නමන ආකාරය ඔබ දකිනවා. ස්වර්ණමය යුගයේ සෑම කෙනෙක්ම පිවිතුරුය, එබැවින් එහි දේවාල
නොමැත. ඔවුන් දේවාල තනන්නේ ඔවුන් වන්දනාකරුවන් බවට පත් වූ විටයි. පිවිතුරුව සිටි අය
ඉන්පසුව අපවිත්‍ර වෙයි. මෙය බොහෝ උපත් ගණනාවක අවසන් උපතයි. පියා පවසන්නේ මෙම පැරණි
ලෝකය සහ මෙම පැරණි සිරුර අමතක කරන්න. මෙම පැරණි ලෝකය දැන් අවසන් වීමට යනවා. එය
විනාශ වීමට කලක් ගත වන්නේ නැහැ. මෙම පැරණි ලෝකය, ධනය, සමෘද්ධිය සහ සම්පත් ආදි
සියල්ල අවසන් වීමට ආසන්නයි. ඉතිරිව තිබෙන්නේ දින කිහිපයක් පමණයි. මෙම පැරණි ලෝකය
විනාශ වීමට තිබෙන බව, ලෝකයේ කිසිවෙක් නොදනී. ඔබ සෑම කෙනෙකුටම පවසන නමුත්, ඔවුන්ට එම
විශ්වාසයද තිබිය යුතුයි. මේ සියල්ල ඔවුන්ගේ බුද්ධියේ සනිටුහන් විය හැකි වන්නේ, මේවා
දෙවියන්ගේ වදන් බව ඔවුන් සැලකූ විට පමණයි. පියා ඔය දරුවන්ට පවසන්නේ තමන් ජීවාත්මයක්
බව සළකා, ඔබගේ පියා වන මා සිහි කරන්න. අසීමිත පියා ඔබට රාජ යෝගාව උගන්වන බව, ඔය
දරුවන් දන්නවා. ඔහු සියලුම ජීවයන්ගේ පියාය. සියලු දෙනාම සහෝදරයන්ය. දිව්‍ය ලෝකයේදී
සියලුම සහෝදරයන් සතුටින් සිටි අතර කලි යුගයේ සියලු සහෝදරයන් සිටින්නේ දුකින්ය.
සියලුම ජීවාත්ම දැන් අපායේ වැසියන්ය. ජීවාත්ම පමණක් නොතිබෙයි, ඔවුන්ට සිරුරුද
තිබෙයි. ඔය දරුවන් දැන් ජීව අවධානයට පත් විය යුතු අතර උත්සාහයක් අවශ්‍ය වන්නේ
මෙයටයි. මෙය ඔබගේ නැන්දම්මලෑ ගෙදර යනවා මෙන් නොවෙයි. මෙම ස්ථීතිය ස්ථීර විය හැකි
වන්නේ, පරම පියා, පරමාත්ම ජීවය ඔබට උගන්වනවා, යන විශ්වාසය ඔබට පළමුව තිබෙන විට
පමණයි. මෙම ශරීරය තුලින් ඔබට ඉගැන්වීමට, ශිව බාබා මෙහි පැමිණෙනවා. අපි මෙම සිරුරු
තුලින් එයට සවන් දී, ධාරණය කරගන්නවා. අපි සිරුරු හලා, අපගේ සංස්කාර වලට අනුව, වෙනත්
සිරුරු ගන්නවා. එය, හමුදාවක සිටින අයගේ නිදසුන, බාබා දෙන ආකාරයෙන්ය. ඔවුන්, සටන්
කිරීමේ සංස්කාර ඔවුන් සමඟ ගෙන යන බැවින්, ඔවුන්ගේ මතු භවයේද එයට ඇදී යයි. ඔබ දැන්
පියාගේ සංස්කාර දනී අශාරීරික, අසීමිත පියාට ඇති සංස්කාර මොනවාද කියා ඔබ දැන්
දන්නවා. ඔහු මනුෂ්‍ය ලෝක වෘක‍්ෂයේ බීජයයි. පාරිශුද්ධකරු සහ දැනුමේ මහා සාගරය,
ඔහුයි. පැමිණ, අපව පිවිතුරු කරන්නේ ඔහු පමණයි. පියා පවසන්නේ නිරන්තරයෙන් මා පමණක්
සිහි කරන්න, එවිට බොහෝ උපත් ගණනාවක ඔබගේ පාපයන් දුරු වී යයි. එසේ නැත්නම් දනිහඬුවම්
විඳීමට සිදුවන අතර, තත්ත්වයක් හිමි නොවනු ඇත. බාබා ඔබට ඉතා පහසු මාවතක් පෙන්වන බව,
ඔබ දැන් දන්නවා. ඔහු පවසන්නේ මන්මනභව! මෙම ව්‍යවහාරය, ගීතාවේද තිබෙන නමුත්, ඔවුන්ට
එහි අරුත නොවැටහෙයි. පියා පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න! ඔබගේ සිරුර සහ
සියලුම ශාරීරික නෑදෑයින් අතහැර, තමන් ජීවාත්මයක් බව සලකා, පරම පියා, පරමාත්ම ජීවය
වන මා සිහිපත් කරන්න. සිහිපත් කිරීමට, යෝගා ගින්න යයිද කියයි. යෝගා, සුලබ වචනයකි එය
ගීතාවේද සඳහන් කර ඇති නමුත්, ඔවුන් ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර ඇති නිසා, ඔවුන් අන්ත
අඳුර ඇති කර තිබේ. දැන් ඔබ ඔවුන්ට පහදා දෙන විට, එය ඔබගේ හිතලුවක් පමණක් බව ඔවුන්
පවසයි. ඔවුන්ට කිසිම දෙයක් නොවැටහෙයි. ඔවුන්ට උරුමයක් හිමි කරගැනීමට අවශ්‍ය නැත.
ප්‍රථමයෙන්ම ඔවුන් වටහා ගත යුත්තේ, අසීමිත පියා, පියා, ගුරුවරයා සහ සත්ගුරු වන
බවත්, ඔහු අපට උගන්වන බවත්ය. මෙම ස්ථීර විශ්වාසය තිබිය යුතුයි. අලුත් කෙනෙකුට
සැනෙකින් මෙම විශ්වාසය ඇතිවීම කිසිසේත් සිදුවිය නොහැක්කක්. ඇතැම් අලුත් අයට නුවණ
ඇති බැවින්, ඔවුන්ට වටහා ගැනීමට හැකිය. සමහරුන්ට මෙහි පැමිණීමටවත් අවශ්‍ය නැත
ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත! එය ඔවුන්ගේ බුද්ධිය තුලට ඇතුළු වන්නේම නැත. බොහෝ
බීකේවරුන් සිටියි. එබැවින් ඔවුන්ට පියාගෙන් නිශ්චිත වශයෙන්ම ඔවුන්ගේ උරුමය හිමි
වන්නට ඇති. මෙය පවුලක්. ලියා ඇති නම වන්නේ, ‘බ්‍රහ්ම කුමර කුමාරීන්’ එබැවින් මෙය
පවුලකි. ප්‍රජාපිතා බ්‍රහ්මගේ පවුල ඉතා විශාලයි, ඒ වුවද, මෙය කිසිවෙකුගේ බුද්ධියේ
සනිටුහන් වන්නේ නැත. යමෙක්, ඔබගේ අරමුණ සහ ඉලක්කය කුමක්ද කියා විමසූ විට, එය පිටත
තිබෙන පුවරුවේ ලියා ඇති බව ඔහුට කියන්න ප්‍රජාපිතා බ්‍රහ්ම කුමර කුමරියන්. එබැවින්
මෙය පවුලකි. අපට අපගේ සීයාගෙන් උරුමයක් ලැබෙනවා. ශිවබාබා, නිර්මාණය නිමකරන්නේ,
ප්‍රජාපිතා බ්‍රහ්මගේ මුඛයෙනි. එබැවින් නිර්මාණකරු ඔහුයි. ඔහු දිව්‍ය ලෝකය නිර්මාණය
කරන බැවින්, ඔහු නිසැකයෙන්ම ඔය දරුවන්ට දිව්‍ය ලෝකයේ උරුමය ලබා දෙයි. එබැවින් මෙය
පවුලකි. පියා, පුතුන් සහ දියණියන් මෙන්ම සීයාද සිටියි. බ්‍රහ්ම සහ ශිවාද සිටියි.
නිර්මාණකරු ඔහුයි. ඔහු අශාරීරිකයි. එබැවින් ඔහු ඔය දරුවන්ට ඔබගේ උරුමය ලබා දෙන්නේ
කෙසේද? ඔහු ඔබට ඔබගේ උරුමය ලබා දෙන්නේ බ්‍රහ්මගේ මාර්ගයෙනි. මෙය ඉතා පැහැදිලිව
විස්තර කර දෙන්න. ඔවුන්ට පවසන්න මෙය ඔබගේ පියාගේ නිවසයි. මෙයට රුද්‍රාගේ දැනුමේ යාග
ගින්න යයිද කියයි. අපි බ්‍රහ්මණයන්ය. පියා හැර වෙනත් කිසිම කෙනෙකුට රාජයෝගාව
ඉගැන්විය නොහැක. ගීතාවේ මෙසේ සඳහන් කර තිබේ මන්මනභව, එනම් නිරන්තරයෙන් මා පමණක්
සිහි කරන්න. එබැවින් අපි එම පියාව පමණයි සිහි කරන්නේ. භක්ති මාර්ගයේ ඔවුන් ගායනා
කරන්නේ,’බාබා ඔබ පැමිණි විට, මා මාව කැප කර, ඔබට අයත් වන්නෙමි. ජීවාත්මය වන මා, මෙම
සිරුර හලා දමා, ඔබත් සමඟ ආපසු යමි. මා ඔබට අයත් වන විට, මා අනිවාර්යයෙන්ම ඔබත් සමඟ
ආපසු යයි.’ ගැහැණු ළමයෙක් විවාහ වූ විට, ඇයගේ මනාලයා සමඟ ඇය යයි. මනාලයා වන ශිවා
පවසන්නේ මා මෙම දුකින් ඔබව මුදවා, සතුටු දේශයට ඔබව රැගෙන යමි. ඉන්පසුව ඔබ සෑම
කෙනෙක්ම ඔබගේම උත්සාහයන් වලට අනුව, රාජධානිය පාලනය කරනු ඇත. දැනුමේ ධනය ඔබ ධාරණය
කරගන්නා ප්‍රමාණයට අනුව, ඔබට උසස් තත්ත්වයක් හිමි වෙයි. තරුණ දියණියන් සේවය කරනවා.
ඔවුන් මහා පණ්ඩිතයන් සහ විද්වතුන්ට පහදා දිය යුතුයි. එබැවින් එම උද්යෝගය තිබිය
යුතුයි. මල්ලව පොරයෙදී, එකිනෙකා සමඟ පොර බැදීමට ඔවුන් අභියෝග නිකුත් කරයි. සේවයට
ලැදි දරුවන් සුවෙන් නිදා ගත යුතු නැත විවේක ගැනීම පාපයක්! තමන් මහාරතීන් බව සලකන
අය, සතුටින් සැපෙන් නිදා ගත යුතු නැහැ. නිරන්තරයෙන් සේවය සඳහා සංචාරය කරන්න. මේ
දිනවල බාබා ප්‍රදර්ශන කට්ටල රාශියක් සාදවනවා. ප්‍රභූවරුන්ට ආරාධනා කරන්න. දැන්
නොමැති නම්, ඔවුන් පසු කලකදී පැමිණෙයි. අඛණ්ඩව තාපසයන්, පූජකයන් සහ මහා ආත්මයන්
අවදි කරන්න. කෙසේවෙතත් ඔවුන්ට කතා කරන කෙනා, මහාරතී කෙනෙක් විය යුතුයි. පියා සමඟ
යෝගාවේ නොසිටින සහ ඔහු කෙරෙහි සෙනෙහසක් නොමැති අය, හිස් වළාකුළු මෙනි. ඔවුන්ට කල
හැක්කේ මොනවාද? නූගත් අය, උගත් අයට හිස නමන බව ඔබට වැටහෙයි. ඔය සෑම කෙනෙකුටම, ඔබ
කෙතරම් දුරට උගත්ද කියා, තමන්ටම වටහාගැනීමට හැක. එය, ඔබ කරන සේවයෙන් පෙන්නුම්
කෙරෙයි. වළාකුළු පිරී ඇති නමුත් වස්සන්නේ නැතිනම්, එම වළාකුළු වලින් ඇති ප්‍රයෝජනය
කුමක්ද? සෑම කෙනෙකුටම තමන්ගේම වැටහීම තිබේ. ශරීර අවධානය පිළිබඳව වැඩකට නැති
කුල්මත්භාවය තිබේ නම්, ඔබගේ උසස් තත්ත්වය සෑම කලකටම නැති වනවා ඇති. සේවය කිරීමට
බාබා තුල බොහෝ උනන්දුවක් තිබේ. මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පත් කරන, මෙම ආධ්‍යාත්මික
සේවය කල හැකි ශාලාවක්, රජයට විස්තර කර දී ඉල්ලා ගන්න. පියා පැමිණ සිටින්නේ ඔබට
රාජයෝගාව ඉගැන්වීමටයි. කෙසේවෙතත් ඔබ උපක්‍රමශීලීව විස්තර කල යුතුයි. දේශන පවත්වන
අන්දම නොදන්නා අයට විස්තර කිරීමට නොහැකි වෙයි ඔවුන්ට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට
නොහැකි වෙයි. සේවය කරන අයට තත්ත්වයක් හිමි කරගැනීමට හැකි වෙයි. මෙම දැනුම නොමැතිව,
භාරතයට හෝ ලෝකයට යහපතක් සිදු විය නොහැකි බව, ප්‍රභූවරුන්ට ලියා දන්වන්න. ප්‍රධානතම
දේ වන්නේ අධ්‍යාපනයයි. ලක්ෂ්මි සහ නාරායන්ද ඔවුන්ගේ උසස් තත්ත්වය හිමි කරගත්තේ
අධ්‍යාපනය තුලින්ය ඔවුන්ගේ පෙර භවයෙදී ඔවුන් රාජයෝගාව හැදෑරුවා. අපත් දැන් මෙහිදී
එය ඉගෙනගන්නවා. ඔවුන් යම් විශේෂිත වූ විභාගයක් ගෙන, ඉන්පසුව යමෙකු බවට පත්වන බව,
පාසැලක ශිෂ්‍යයින්ටද වැටහෙයි. ඔබට ලැබෙන දැනුම, මෙම ලෝකයට නොවෙයි. ඔබ ඉගෙනගන්නේ
ඔබගේ අනාගත උපත් 21කට ප්‍රතිලාභයක් නිර්මාණය කරගැනීම සඳහාය. එම මිනිසුන් ඉගෙනගන්නේ,
මෙම උපතෙදී සතුට ලබා ගැනීමටයි. එබැවින් එම ලෞකික ඉගෙනුමද හදාරන්න, නමුත් ඒ සමඟම මෙම
ඉගැන්වීම්ද ලබාගන්න. මෙහිදී කිසි දෙයකට බිය වීමට අවශ්‍යතාවයක් නැත. ඔබ ආධ්‍යාත්මික
දැනුම නොගන්නේ ඇයි? ඔබ පිංතූරු රැගෙන ගොස් අන් අයට විස්තර කල යුතුයි. ඔවුන්ට කියන්න
සෑම කෙනෙකුටම දැනුම අවශ්‍යයි. කෙසේවෙතත් සමහර දරුවන් තවමත් එතරම් යුහුසුළු හෝ
ක්‍රියාශිලී නැත. ඔවුන්ගේ රැකියා සහ වගකීම්වල ඔවුන් සිර වී සිටියි. කෙනෙක් බන්දන
වලින් නිදහස් නම්, ඔහු හෝ ඇය සේවයේ කාර්ය බහුල විය යුතුයි. සෑම කෙනෙක්ම ශ්‍රීමත්
පිළිපදින්නේ නැත. මායා ඒ අතරට මැදිවී, බොහෝ අවුල් ඇති කරයි. සමහර දරුවන්ට බොහෝ
උනන්දුවක් තිබෙන නමුත් ගොස්, බොහෝ දෙනෙකුට යහපත සිදු කිරීමට කුල්මත්බවක් ඔවුන්ට
නැත. බාබාද මවිත වන්නේ ඔබ දැන් වැඩිහිටියෙක් වී ඇති බැවින් ඔබගේ හුස්ම හිර කරගන්නේ
ඇයි? ඔබ භාරතය ඉහල නැංවිය යුතු බව ඔබට කිව හැක. අප සත්‍ය සේවය කර, මනුෂ්‍යයන්ව
දේවතාවන් බවට පරිවර්තනය කල යුතුයි. සමහරුන්ට එම කුල්මත්භාවය නොමැති වීම ගැන බාබා
බොහෝ සේ විශ්මයට පත් වෙයි. මේ නිසයි බාබා මෙසේ පවසන්නේ ඔබට තිබෙන්නේ රජෝ බුද්ධීන්ය.
ඔබට ඉතා හොඳ අවස්ථාවක් තිබේ. ඔවුන්ගේ දැනුම ගැන බොහෝ අහංකාරකමක් තිබෙන අයද සිටියි,
එමෙන්ම ඔවුන් දිගින් දිගටම බොහෝ අවැඩද සිදුකරයි. හකුරු සහ හකුරු මල්ල දන්නවා.
රාහුගේ ග්‍රහණයේ නිමිති තිබේ. ගුරුගේ නිමිති ඉවත් වී ඉන්පසුව රාහුගේ ග්‍රහණයේ
නිමිති තිබේ. එක් විනාඩියකදී ඔවුන් ඉතා හොඳින් ඉදිරියට ගමන් කරන අතර ඊලඟ විනාඩියේ
නරක නිමිති ඇති වී ඔවුන් ඇද වැටෙයි. ඔය දරුවන් බොහෝ නිර්භීත විය යුතුයි. ඔබ
මූලිකත්වය ගෙන වගකීම ඉටුකල යුතුයි. අපි නිශ්චිත වශයෙන්ම මෙම භාරතය, දිව්‍ය ලෝකය බවට
පත් කරන්නෙමු. ඔබගේ ධර්මය වන්නේ, අපායේ වැසියන්ව දෙව්ලොව වැසියන් බවට පත් කිරීමත්,
දූෂිත ජීව, උසස් කිරීමත්ය. බාබා ඔබව බොහෝ කුල්මත්භාවයට පත් කරන නමුත්, දරුවන් තුළ
කුල්මත්භාවය ඉහළ නඟින්නේ අංක පිළිවෙලටයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1.
බන්දනයන්ගෙන් මිදී, භාරතයේ සත්‍ය සේවය සිදු කරන්න. ආධ්‍යාත්මික සේවය කර,
මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පරිවර්තනය කරන්න. ඔබගේ දැනුම ගැන අහංකාරකමක් ඇති කර
නොගන්න. ආධ්‍යාත්මික කුල්මත්භාවය පවත්වාගන්න.
2. බුද්ධියේ විශ්වාසය
තබාගෙන, පළමුව ඔබගේ ස්ථීතිය ශක්තිමත් කරගන්න. ඔබගේ ශරීරය ඇතුළුව ඔබ දකිනා සෑම
දේකින්ම ඉවත් වී, ඒකායන පියාට පමණක් තමන්ව සම්බන්ධ කරගන්න.
වරදානය:
ඔබ ඔබේ
ක්‍රියාව සහ වචනය එක සමාන කර ගනිමින් උසස් තත්ත්වයේ සේවාවක් ඉටු කරන සැබෑ
සේවාධාරියෙකු වේවා.
ඔබ පවසන දේ පළමුව
ක්‍රියාවට නැංවීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන්න. යමක් පැවසීම පහසු වුවද, එය
ක්‍රියාවට නැංවීම වඩාත් අපහසුය. වෙහෙස වී කරන කාර්යයක ප්‍රතිඵලය යහපත් වුවත්, ඔබ
අන් අයට යමක් කිරීමට පවසා ඔබම එය නොකරන්නේ නම්, සේවාව සමඟම අහිතකර ප්‍රතිඵලයක් ද
දැකගත හැකි වේ. එය අමෘතයට (දිව්‍යමය පානයට) විෂ බිඳක් එක් කළ විට එය විෂ සහිත වීම
හා සමාන ය. මේ ආකාරයට, ඔබ කොතරම් සේවා කළත්, එක් කුඩා වැරැද්දක් එම සේවාව නිෂ්ඵල කර
දැමිය හැකිය. එබැවින්, පළමුවෙන්ම ඔබ ගැනම අවධානය යොමු කරන්න; එවිට ඔබ සැබෑ
සේවාධාරියෙකු ලෙස හැඳින්වෙනු ඇත.
පාඨය:
විවිධත්වය තුළ
එකමුතුකම ඇති කිරීම සහ විනාශ වී ඇති හෝ දෝෂ සහිත වී ඇති දේ නිවැරදි කිරීම, සියල්ලටම
වඩා විශාලතම විශේෂත්වයයි.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
සිහින තුළ හෝ
සිතිවිලි තුළ අපවිත්‍රත්වයේ දුර්ගුණ ඔබට බාධා නොකරන විට, ඔබට 'ද්විත්ව අහිංසක යැයි
කිව හැකිය. සහෝදරත්වයේ හැඟීම පහසුවෙන් සහ ස්වභාවිකව නිරන්තරයෙන් සිහි තබා ගන්න;
එනම්, ස්මරණයේ ප්‍රතිමූර්තියක් වන්න. ඔබේ සම්පූර්ණ සහ 'සතෝප්‍රධාන්’ ස්ථිතියෙන්
කිසිවිටෙකත් පහළට නොවැටෙන්න; එසේ පහළට වැටීම ආත්මිකව 'සියදිවි නසා ගැනීමක්' වැනිය.
ජීවාත්මයක් ලෙස පවතින ඔබේ මුල්, ගුණවත් සහ බලගතු ස්වභාවයෙන් පහළට වැටීම යනු අමතක
වීම වන අතර, එය පාපයේ ගිණුමට එකතු වන්නකි.