11.09.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ පරමාත්ම පියා ලඟට පැමිණ සිටින්නේ තම චරිතය අලුත් කරවා ගැනීමටයි. දැන්
ඔබ, ඔබගේ චරිතය දිව්‍යමය කර ගත යුතුයි.
ප්රශ්නය:
මෙහි අසුන්
ගැනීමේ දී දෑස් වසාගෙන සිටීම ඔය දරුවන්ට තහනම් කර ඇත්තේ ඇයි?
පිළිතුර:
මන්ද, එක් බැල්මකින් ඔබව එතෙරට ගෙන යන පරමාත්ම පියා ම තමයි ඔබ ඉදිරියේ මේ අසුන් ගෙන
සිටින්නේ. ඉතින් ඔබ ඇස් වසාගෙන සිටියහොත් එක් බැල්මකින් එතෙර යන්නේ කෙසේද? පාසල දී
ඔබ ඇස් වසාගෙන සිටින්නේ නැහැ. ඇස් වැසුවහොත් කම්මැලිකමක් දැනේවි. ඔය දරුවන් මේ
පාසලේ ඉගෙන ගන්නවා. මෙය ඔබගේ ආදායම් මාර්ගයයි. මිලියන සිය දහස් ගණනක ආදායමක් ඔබ
උපයයි. ආදායමක් ඉපැයීමේ දී කුසීතකම හෝ දුක පැමිණීය නොහැකියි.
ඕම් ශාන්ති.
පරමාත්ම පියා
ඔය ආදරණීය ආධ්‍යාත්මික දරුවන්ට කරුණු පහදා දේ. පරමාත්ම පියා පරම දනව්වේ සිට පැමිණ
අපට උගන්වන බව ඔය දරුවෝ දනී. ඔහු උගන්වන්නේ කුමක්ද? පරමාත්ම පියා සමඟ යෝග වන ආකාරය
ගැන ඔහු ජීවාත්මයන්ට කියා දෙයි. මෙයට සිහි කිරීමේ වන්දනා ගමන කියලත් කියනවා.
පරමාත්ම පියා සිහි කිරීමෙන් ඔය සුමිහිරි, ආධ්‍යාත්මික දරුවන් පාරිශුද්ධ වී තම සාමයේ
පිවිතුරු දේශය වෙතට යන බවත් ඔබලාට කියා දී තිබෙනවා. මෙම පැහැදිලි කිරීම ඉතාමත්
පහසුයි: තම තමන් ජීවාත්ම බව සලකා ඔබගේ ආදරණීය අසීමිත පරමාත්ම පියාව සිහි කරන්න.
එවිට උපතක් උපතක් පාසා ඔබ ගෙන ආ පාප බර ටිකින් ටික දැවී හළු වී යාවි. මෙය
හඳුන්වන්නේ යෝග අග්නිය කියලයි. සෑම වසර 5000කට වරක්ම මෙහි පැමිණී විට පරමාත්ම පියා
විසින් උගන්වන මෙය හඳුන්වන්නේ භාරතයේ පුරාතන රාජයෝගාව ලෙසිනුයි. අසීමිත පරමාත්ම
පියා පැමිණෙන්නේ භාරතයටයි. එසේ පැමිණ ඔහු මෙම සාමාන්‍ය ශරීරයට ඇතුලු වී ඔය දරුවන්ට
පහදා දේ. මෙම ස්මරණය තබා ගැනීමෙන් පමණයි ඔබගේ උපත් ගණනාවක පාප බර අහෝසි වී යන්නේ,
මන්ද පරමාත්ම පියා පාරිශුද්ධකරු මෙන්ම සියලු බල ඇත්තායි. ඔය ජීවාත්මයන්ගේ බැටරි
දැන් තමෝප්‍රධාන් වී ඇත. ඔවුන් සතෝප්‍රධාන්ව සිටියා. දැන් නැවතත් ඔවුන්ව
සතෝප්‍රධාන් කරවිය හැක්කේ කෙසේද, ශාන්ත දනව්ව වන ඔබගේ නිවහන වෙත ගොස් පසුව ඔබට
සස්තෝප්රධාන් ලෝකය වෙතට යා හැක්කේ එවිටයි. ඔය දරුවන් මෙය හොඳින්ම මතක තබා ගත
යුතුයි. පරමාත්ම පියා ඔය දරුවන්ට මෙම dose එක දෙනවා. ඔබ එහේ මෙහේ යන එන අතර වාඩි වී
සිටිනා අතරේදීත් මෙම සිහි කිරීමේ වන්දනා ගමනේ ඔබට සිටිය හැකියි. ඔබගේ පවුලේ අයත්
සමඟ නිවසේම සිටිමින් හැකි උපරිමයෙන් තෙළුම් මලක් සේ පාරිශුද්ධව වාසය කරන්න. පරමාත්ම
පියාව සිහි කරනා ගමන් ඔබ දිව්‍යමය ගුණදර්මත් උකහා ගත යුතුයි. මන්ද ලෝකයේ මිනිසුන්
තුළ ඇත්තේ යක්ෂ ගති ලක්ෂණයි. ඔය දරුවන් මෙහි පැමිණ සිටින්නේ ඔබගේ චරිත දිව්‍යමය කර
ගැනීමටයි. ලක්ෂ්මි හා තාරායනගේ චරිත ඉතාමත් මිහිරියි. භක්ති මාර්ගයේ දීත්
ප්‍රශංසාවට ලක් වූයේ ඔවුන්වයි. කෙසේවෙතත්, භක්ති මාර්ගය ඇරඹුණේ කවදාදැයි කියා කිසිම
කෙනෙක් දන්නේ නැහැ. ඔබ දැන් දැන ගෙනසිටිනවා. රාවණ රාජ්‍යය ඇරඹුණේ කවදාදැයි කියාත්
ඔබ දන්නවා. තමන් ඥාන සාගරයේ. පරමාත්ම පියාගේ දරුවන් කියා ඔබ දන්නා නිසා ඔය දරුවන්
මෙම සම්පූර්ණ ඥානයම ඔබගේ බුද්ධියේ රඳවා තබා ගත යුතුයි. පරමාත්ම පියා දැන්
පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. ඒ පරමාත්ම පියා සාමාන්‍ය කෙනෙක් නොවන බවත් ඔබ දන්නවා.
ඔහු ආධ්‍යාත්මික පියා වන අතර ඔහු පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. ඔහු සෑම විටම
සිටින්නේ බ්‍රහ්ම ලෝකයේයි. නමුත් සෑම කෙනෙකුගේම භෞතික පියා සිටින්නේ මෙහියි. අප
ජීවාත්මයන්ට උගන්වත්තේ අසීමිත පියාත් වන පරම පියා පරමාත්මය යි යන දැඩි පැහැදිලිතාවය
ඔය දරුවන් තුළ තිබීය යුතුයි. භක්ති මාර්ගයේ දී මිනිසුන්ට භෞතික පියෙක් සිටියත්
ඔවුන් කන්නලව් කරන්නේ පරම පියා පරමාත්මයටයි. ඔහුගේ එකම එක නිවැරදිම නම ශිවා යන්නයි.
පරමාත්ම පියාම පැහැදිලි කර කියන්නේ: සුමිහිරි දරුවති. මට ඇත්තේ ශිවා යන එකම එක නාමය
පමණයි. ඔහුගේ නමින් ඔවුන් දේවාල ගණනාවක් සාදා තිබුණත් ඒ සියල්ල භක්ති මාර්ගයේ ආටෝප
පමණයි. මගේ එකම එක නාමය ශිවාම පමණයි. ඔය දරුවන්ව ජීවාත්ම කියා හඳුන්වනවා.
සලිග්රාමයින් කියා ඔබව හැඳින්වීමේත් වරදක් නැහැ. සලිග්රාමයින් ගණනාවක් සිටිනවා:
සිටින්නේ එකම එක ශිවා පමණයි. ඔහු අසීමිත පියා වන අතර අන් සෑම කෙනෙක්ම දරුවනුයි. මීට
පෙර ඔබ සීමිත දරුවනුයි. සිටියේ සීමිත පියවරුන් සමඟයි. ඔබට ඥානය තිබුණේ නැහැ ඒ නිසා
නොයෙකුත් ආකාරයේ වන්දනාමාන කටයුතු කරමින් සිටියා. කල්ප බාගයක් පුරාවට ඔබ භක්ති
වන්දනාවන් කළා. භක්ති මාර්ගය ඇරඹුණේ තඹ යුගයේ පටන් වන අතර රාවන රාජ්‍යයත් එතැනින්
ඇරඹුණා. මෙය ඉතාමත් පහසු කරුණක් වුවත් එය තේරුම් ගැනීම මිනිසුන්ට අපහසු දෙයක් වී
තිබේ. රාවණ රාජ්‍යය ඇරඹුණේ කවදාදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඥාන සාගරය වන්නේ
පරමාත්ම පියාම පමණක් බව දන්නේ ඔය සුමිහිරි දරුවන් පමණයි. ඔහු පැමිණ තමා සතු දේ ඔය
දරුවන්ට දෙනවා. ග්රන්ථ අයිති වන්නේ භක්ති මාර්ගයටයි. ඥානය, භක්තිය හා නිරාශාව කියා
තිබෙනා බව ඔබ දැන් දැන ගත්තා: ප්‍රධානම කරුණු තුන මේවායි. සන්යාසීවරුනුත් ඥානය.
භක්තිය හා නිරාශාව ගැන දන්නවා නමුත් සන්යාසීන්ගේ නිරාශාව සීමිතයි. ඔවුන්ට අසීමිත
නිරාශාවක් ඉගැන්විය නොහැකියි. නිරාශාවේ වර්ග දෙකක් තිබෙනවා: එකක් සීමිත වන අතර අනෙක
අසීමිතයි. එකක් හඨ යෝග සන්යාසීවරුන්ගේ නිරාශාව වන අතර අනෙක අසීමිත නිරාශාවයි. ඔබගේ
වන්නේ රාජයෝගාවයි. ඔවුන්ව හඳුන්වන්නේ ගෙවල් දොරවල් ව්‍යාපාර අතහැර දමා වන ගතව වෙසෙන
සන්යාසීවරුන් වශයෙනුයි. ඒ හඨ යෝගීන් පාරිශුද්ධව සිටීමට තම ගේදොර ව්‍යාපාර අතහැර
දමනවා. ඒකත් හොඳයි. පරමාත්ම පියා කියන්නේ: භාරතය ඉතාමත් පාරිශුද්ධව තිබුණා. මෙය
තරම් පාරිශුද්ධව තිබුණු තවත් දේශයක් නැහැ. භාරතයේ ගුණ වර්ණතාව හරිම ඉහළයි.
භාරතවාසීන්වත් මේ ගැන හරිහැටි දන්නේ නැහැ. පරමාත්ම පියාව අමතක කිරීම නිසා ඔබ සියල්ල
අමතක කළා, ඔබ අදේවවාදීන් හා අනාථයින් වුණා. ස්වර්ණම යුගයේ ඉතාමත් ඉහළ සාමයක් හා
සතුටක් තිබුණා. දැන් ඇත්තේ මහා කලබලකාරී නොසන්සුන් දුකක්. අප ජීවාත්ම වාසය කරන පරම
දාමය කෙසේවෙතත් ශාන්ත දේශයයි. ජීවාත්ම තම තමන්ගේ අසීමිත චරිත කොටස් රඟදැක්වීමට තම
නිවසේ සිට මෙහි පැමිණෙනවා. දැන් මෙය සුබම සුබ වූ සංගම යුගයයි. ඔබව නව ලෝකය වෙත ගෙන
යාමට අසීමිත පියා මෙහි පැමිණෙන්නේ මෙකලදීයි. පරමාත්ම පියා පැමිණ ඔබව සියල්ලටම වඩා
උසස් අය බවට පත් කරවනවා. පරමාත්ම දෙවියන්ට අති උත්තම කියා කීවත් ඔහු කවුදැයි
කියාවත් පරමාත්ම දෙවියන් කියා කිව යුත්තේ කාටද කියාවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ.
විශාල ඕවලාකාර ශිව ප්‍රතිමාවක් ලඟ තබා ගෙන එය තමයි අශාරීරික පරමාත්මය කියා මිනිස්සු
හිතා ගෙන සිටිනවා. ඔහු අප ජීවාත්මයන්ගේ පරමාත්ම පියා කියා ඔවුනට තේරෙන්නේ නැහැ;
නිකම් වන්දනා කිරීම පමණයි ඔවුන් කරන්නේ. "ශිව බාබා"කියා ඔවුන් සෑම විටම කියනවා.
"රුද්‍ර බාබා" හෝ "බබුල්තාථ බාබා" කියන්නේ නැහැ. ඔබ ශිව බාබා සිහි කරනවා ද? කියා
ඔබත් ලියනවා. ඔබ ඔබගේ උරුමය සිහි කරනවා ද? මෙම පාඨය සෑම නිවසකම ලියා තැබීය යුතුයි:
ශිව බාබා සිහි කරන්න. ඔබගේ පාප පිළිස්සේවි. මන්ද එකම එක පරමාත්ම පියා පමණයි
පාරිශුද්ධකරු වන්නේ. මෙම අපිරිසිඳු ලෝකයේ සිටිනා එකම එක පුද්ගලයෙක්වත් පිවිතුරු
කෙනෙක් විය නොහැකියි. එමෙන්ම පිවිතුරු ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් අපිරිසිඳු වන්නේත්
නැහැ. ආගමික ග්රන්ථ සෑම එකකම පාහේ අපිරිසිඳු අය ගැන සඳහන් කර තිබෙනවා. රිදී යුගයේ
රාවන සිටි බවත් සීතාව පැහැර ගත් බවත් ඔවුන් කියනවා. ක්‍රිෂ්ණා සමඟ ඔවුන් කාන්ස්.
ජරසන්ද‚ හිණ්යකසිප් (යක්ෂයින්ගේ නම්) වැනි අයවත් සඳහන් කර තිබෙනවා. ක්‍රිෂ්ණා ගැන
ඔවුන් වැරදි අපහාසාත්මක දේ සඳහන් කර තිබෙනවා. දැන් එකක්වත් ස්වර්ණම යුගයේ තිබීය
නොහැකියි. ඔවුන් වැරදි ලෙස ඔහුව අපහාසයට ලක් කර තිබෙනවා. පරමාත්ම දෙවියන්වත් සියලුම
දේවිදේවතාවරුන්වන් ඔවුන් නින්දා අපහාස වලින් දුෂිත කරවා තිබෙනවා: මේ ආකාරයෙන් ඔවුන්
දිගටම සෑම කෙනෙක්වම අපහාසයට ලක් කරවනවා. එමනිසා, පරමාත්ම පියා දැන් කියන්නේ: මෙම
ස්මරණීය වන්දනා ගමන ඇත්තේ ජීවාත්ම පාරිශුද්ධ කරවීමටයි. ඔබ පිවිතුරු වී පාරිශුද්ධ
ලෝකයට යා යුතුයි. පරමාත්ම පියාත් උපත් 84 චක්‍රය ගැන කියා දෙනවා. දැන් මෙය ඔබගේ
අවසන් උපතයි. ඔබ නිවහන බලා යා යුතුයි. ඔබගේ ශරීර නිවසට යන්නේ නැහැ: ජීවාත්ම පමණයි
යන්නේ. එමනිසා, සුමිහිරි, ආධ්‍යාත්මික දරුවනි. මෙහි අසුන් ගෙන සිටිනා අතර තම තමන්
ශරීර නොව ජීවාත්ම බව සලකන්න. අනිකුත් සත්සන් වලදී ඔබ සිටින්නේ ශරීර අවධානයෙනුයි.
මෙහිදී පරමාත්ම පියා කියන්නේ: ජීවාත්ම අවධානයෙන් සිටින්න. ඥාන සාගරය වන මා තුළ මෙම
සංස්කාර තිබෙන්නාක් සේ ඔය දරුවනුත් එවැනිම විය යුතුයි. අසීමිත පියා හා සීමිත පියෙක්
අතර වෙනසත් ඔහු පහදා දෙනවා. අසීමිත පියා මෙහි සිට මුලු ඥානයම ඔබට පහදා දෙනවා. මීට
පෙර ඔබ මේ ගැන දැන සිටියේ නැහැ. දැන් ඔහු සියල්ල කියා දෙනවා; ලෝක චක්‍රය කැරකෙන්නේ
කෙසේද, එහි මුල. මැද හා අග කුමක්ද කියා ඔහු කියා දෙනවා. භක්ති මාර්ගයේදී, සෑම
කල්පයක්ම වසර සිය දහස් ගණනක් කියා සඳහන් කර ඔබව ඝණ අන්ධකාරයකට ඇද දමා තිබෙනවා.
එමඟින් ඔබ දිගින් දිගටම ප්‍රපාතයට ඇද වැටුණා. මිනිස්සු කියන්නේ: වැඩි වැඩියෙන්
භක්ති වන්දනාවන් කළ තරමට අපි පරමාත්ම පියාව මෙහි කැඳවනවා. පරමාත්ම පියා පැමිණ ඔබව
පිවිතුරු කරවාවි. ඔබ පියාව ඇද ගන්නේ අපිරිසිඳු වුණු විට ඔබ බොහෝම දුකට පත් වන
නිසයි. අපි පරමාත්ම පියාට කන්නලව් කළා කියා ඔබ කියනවා. වසර 5000කුත් ගත වී ගොස් ඇති
බව දකිතා පරමාත්ම පියා මෙහි පැමිණෙන්නේ මිනිසුන් මුලුමනින්ම දුකට හා තමෝප්‍රධාන්
බවට පත් වුණු විටයි. මෙම අධ්‍යයනය ඇත්තේ මේ ලෝකයට නොවෙයි. ඔය ජීවාත්ම මෙම ඥානය
ධාරණය කර ගෙන එය තමා සමඟ ගෙන යනවා. මා ඥාන සාගරය වුවාක් සේ ඔබත් ඥාන ගංඟාවන් වෙනවා.
මෙම ඥානය මේ ලෝකයට ඇත්තක් නොවෙයි. මෙය කිළිටි ලෝකයක් වන අතර ශරීරත් කිළිටියි. ඔබ එය
අතහැරිය යුතුයි. මෙහිදී ශරීර වලට පිරිසිඳු විය නොහැකියි. මා ජීවාත්මයන්ගේ පරමාත්ම
පියායි. මා පැමිණ සිටින්නේ ජීවාත්ම පිවිතුරු කරවීමටයි. මිනිසුන්ට මේ එකක්වත් තේරුම්
ගත නොහැකියි. ඔවුන්ට ඇත්තේ ගල්ම ගල් බුද්ධින් වන අතර ඔවුන් අපිරිසිඳුයි. ඒ නිසා
තමයි ඔවුන් "අහෝ පාරිශුද්ධකරුවාණනි" කියා කන්නලව් කරන්නේ. අපිරිසිඳු වී ඇත්තේ
ජීවාත්මයයි. සියල්ල කරන්නේත් ජීවාත්මයයි. භක්ති වන්දනාවන් කළේ ජීවාත්මයයි. ශරිරයක්
ගන්නේ ජීවාත්මයයි. පරමාත්ම පියා කියනවා: මා දැන් පැමිණ සිටින්නේ ඔය ජීවාත්ම ආපසු
ගෙන යාමටයි. අසීමිත පරමාත්ම පියා වන මා, පැමිණ සිටින්නේ ඔබගේ ආරාධනාව මතයි. ඔබ මහා
ඉහළින් මට කන්නලව් කර කර සිටියා. දැනටත්, මිනිස්සු තවමත් කන්නලව් කරනවා: අහෝ
පාරිශුද්ධකරුවාණනි. දෙවි පියාණනි, පැමිණ අපව දුක් ලෝකයේ දුකින් මුදවා ගන්න.
යක්ෂයින්ගෙන් මුදවා ගන්න. එවිට අපට නිවහන බලා යා හැකියි. අපගේ නිවහන ඇත්තේ කොහිද
එහි යා හැක්කේ කවදාද කියා වෙත කිසිම කෙනෙක් දන්නේ නැහැ. මෝක්ෂය වෙත යාමට මිනිස්සු
පුළුවන් තරම් ඔළුව වෙහෙස වනවා; නොයෙකුත් ගුරූ ලඟට යනවා. උපතක් උපතක් පාසා දිගටම
ඔළුව ගසා ගනිමින් පැමිණීයා. ජීවන මුක්තියේ සතුට ගැන ඔවුන් දන්නේවත් නැහැ: ඔවුන්
පතන්නේ මුක්තිය පමණයි. ලෝක සාමය ඇති කළ හැක්කේ කෙසේදැයි කියා අසනවා. සන්යාසීවරුන්
දන්නේ මෝක්ෂය ගැන පමණයි: ජීවන මුක්තිය ගැන ඔවුන් දන්නේ නැහැ. කෙසේවෙතත්, මුක්තිය හා
ජීවන මුක්තිය දෙකේම උරුමය ඔබට දෙන්නේ පරමාත්ම පියාම පමණයි. ජීවන මුක්ති දේශයේ ඔබ
සිටිනා විට, අන් සෑම කෙනෙක්ම සිටින්නේ මුක්තියේයි. ඒ අය බවට පත්වීමට ඔය දරුවන් දැන්
මෙම ඥානය ගන්නවා. ඉහළම සතුටක් විඳි අය ඔබයි. එමෙන්ම ඉහළම දුකක් විඳින්නේත් ඔබමයි.
ආදි සනාතන දේවතා ධර්මයට අයත්ව සිටි ඔබ දැන් කර්මයෙන් හා ධර්මයෙන් දුෂිත වූවත් බවට
පත් වෙලා. ඔබ අයිතිව සිටියේ පිවිතුරු ගෘහජීවිත මාවතටයි. ලක්ෂ්මි හා නාරායන අයිති
පිවිතුරු ගෘහ මාවතටයි. තම ගේදොර ව්‍යාපාර ආදිය අතහැර දැමීම සන්යාසීවරුන්ගේ ධර්මයයි.
මුලදී සන්යාසීවරුන් හරිම හොඳට සිටියා. ඔබත් මුලදී හරිම හොඳයි: දැන් ඔබ තමෝප්‍රධාත්
වෙලා. පරමාත්ම පියා කියන්නේ: මෙය නාටක ක්‍රියාවලියේ ඇති දෙයකි. පරමාත්ම පියා පහදා
දෙන්නේ: මෙම ඉගෙනුම නව ලොව සඳහායි. නාටකයට අනුව සෑම වසර 5000කින්ම මා මෙම අපිරිසිඳු
ලෝකයේ අපිරිසිඳු ශරීරයට ඇතුලු විය යුතුයි. කල්පය වසර සිය දහස් ගණනක් වන්නේත් නැහැ
මා සෑම තැනකම සිටින්නේත් නැහැ. මෙසේ කීමෙන්, ඔබ කර ඇත්තේ මා අපහාසයට ලක් කිරීම
පමණයි. කෙසේවෙතත්, ඒත් මා පැමිණ ඔබව මහා උසස් අය බවට පත් කරවනවා. ශිව බාබාව තරම්
වෙන කිසිම කෙනෙක් අපහාසයට ලක් වී නැහැ. පරමාත්ම පියා ඔබව ලෝක පාලකවරුන් කරවන නමුත්
ඔබ ඔහු සෑම තැනකම සිටින්නෙක් කියා කියනවා. අපහාස සියල්ල එහි ඉහළටම පැමිණී කළ මා
පැමිණ ඔබව ඉහළට ගෙන යනවා. මෙය සුබම සුබ වූ යහපත් සංගම යුගයයි. මා පැමිණ ඔබව
පිවිතුරු කරවන්නේ මෙහිදීයි. පාරිශුද්ධ වීමේ එතරම් පහසු මඟක් මා ඔබට පෙන්වනවා. භක්ති
මාර්ගයේ ඔබ නොසෑහෙන සේ රස්තියාදු වුණා. පොකුණකින් ස්නානය කළ විට තමන් පාරිශුද්ධ
වේවි කියා ඔබ විශ්වාස කළ නිසා ගිහින් එහි දිය ස්නානය කළා. ඒ වතුරත් පාරිශුද්ධකරු
පරමාත්ම පියාත් අතරත් ලොකු වෙනසක් තිබෙනවා. ඒ සියල්ල භක්ති මාර්ගයයි. නමුත් මෙය ඥාන
මාර්ගයයි. මිනිස්සු සිටින්නේ දැඩි අන්ධකාරයකයි. ඔවුන් කුම්භකරණ නිද්‍රාවේ නිදි.
විනාශය සිදු වන මොහොතේ දී සෙනෙහස නැති බුද්ධියක් ඇති අය විනාශ වන බව ඔබ දන්නවා. ඔබට
දැන් දැරූ උත්සාහයේ තරමට ලබැඳි බුද්ධියක් තිබෙනවා.මායා ඔබට නිතර නිතර අමතක කරවන
නිසා තවම ඒ බුද්ධිය සම්පූර්ණයෙන්ම ලබැඳි වෙලා නැහැ. රාවන කියා කියන්නේ පංච
පාපයන්ටයි. රාවනව පෙන්වන්නේ බූරු ඔළුවකින්. පාසලකදී ඇස් වසාගෙන සිටින්නේ නැහැයි
කියා පියා කියා තිබෙනවා. භක්ති මාර්ගයේ දී දෙවියන්ව සිහි කිරීමට කියා දී තිබෙනවා; ඒ
ඇස් වසාගෙන. මෙහි දී පරමාත්ම පියා කියන්නේ: මෙය පාසලක්. පරමාත්ම දෙවියන් එක්
බැල්මකින් ජීවාත්මයන්ව එතෙරට ගෙන යනවා කියා ඔබ අසා තිබෙනවා. මොහු විජ්ජාකරුවෙක්
කියා සඳහන්ව තිබෙනවා. අහා, එහෙමත් කියවෙනවා. දේවතාවරුන්වත් එක් බැල්මකින් ඇද ගත්තා.
එක් බැල්මකින් මිනිසුන්ව දේවතාවරුන් කරවන්නා කොහොමත් විජ්ජාකරුවෙක් තමයි. පරමාත්ම
පියා මෙහි සිට ඔබගේ බැටරි රිචාර්ජ් කරවනවා. ඉතින් ඔය දරවෝ ඇස් වසාගෙන සිටියහොත්
මොනවා කියන්න ද? පාසලක දී ඔබ ඇස් වසාගෙන ඉන්නේ නැහැ. එහෙම හිටිහොත් කම්මැලි හිතෙයි.
මෙම අධ්‍යයනය ඔබගේ ආදායම් මාර්ගයයි. සිය දහසින් මිලියනයෙන් උපයන ආදායමයි. ආදායමක්
උපයද්දී ඔබ ඈනුම් අරින්නේ නැහැ. මෙහි දී ඔය ජීවාත්ම අලුත් කරවිය යුතුයි. අරමුණ හා
ඉලක්කය පෙන්වන රූපය ඔබ ඉදිරියේ තිබෙනවා. ඔවුනගේ රාජ්‍යය තිබුණේ කොයි ආකාරයෙන් ද
කියා දැක ගැනීමට නම් දිල්වාලා දේවාලයට යන්න. ඒ දේවාලය අජීවී වන අතර මෙය සජීවී
දිල්වාලාවයි. එහි දේවතාවරුන් මෙන්ම දෙව්ලොව පෙන්වා තිබෙනවා. සැමට සෙත සලසන්නා අබූ
වෙත පැමිණෙනවා. මෙන්න මේ නිසා තමයි අබූ ඉහළම වන්දනා ස්ථානය වශයෙන් සැලකෙන්නේ. ලොකුම
වන්දනා ස්ථානය මෙයයි. ඒත් ඒ ගැන කවුරුත් දන්නේ නැහැ. කිසිම කෙනෙක් දන්නේ නැහැ.
අච්චා.
සුමිහිරි ආදරණීය බොහෝ
කලක් නැති වී සිට දැන්හමු වුණ දරුවන්ට ඔබගේ මව. පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත්
කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්ම
පියා ලඟ ඇති සංස්කාර ධාරණය කර ගන්න. පරමාත්ම පියා සේම ඥාන සාගරයක් වන්න. ජීවාත්ම
අවධානයේ සිටීම පුහුණු කරන්න.
2. ඔබගේ බැටරි
සතෝප්‍රධාන් කර ගැනීම සඳහා, යන එන අතරතුරේදීත් ස්මරණ වන්දනා ගමනේ නිරතව සිටින්න.
දිව්‍ය චරිතයක් ඇති කර ගන්න. ඉතාමත් මිහිරි ප්‍රසන්න අයෙක් වන්න.
වරදානය:
ඔබ සෑම
කාර්යයකදීම දිව්‍යමය බුද්ධියක් තිබීමේ ආශිර්වාදය භාවිතා කර ත්‍රිකාලදර්ශී (කාලයෙහි
අංශ තුන දන්නා) වීමෙන් සාර්ථකත්වයෙන් පිරී යත්වා.
බාප්දාදා සෑම
දරුවෙකුටම දිව්‍යමය බුද්ධියක් ලැබීමේ ආශිර්වාදය දී ඇත. ඔබට පරමාත්ම පියා, ඔබ සහ
කාලය යන අංශ තුන පිළිබඳව පැහැදිලිව දැන ගැනීමටත් සියලු බල අවශෝෂණය කර ගැනීමටත් හැකි
වන්නේ දිව්‍යමය බුද්ධියක් තිබීමෙන් පමණි. දිව්‍යමය බුද්ධියක් ඇති ජීවාත්මයක් සෑම
සිතිවිල්ලකම එය පැවසීමට හෝ එය ක්‍රියාවට නැංවීමට පෙර කාලය පිළිබඳ කරුණු තුන මුලින්ම
දැන ගනී. ඒ ජීවාත්මයට අතීතය සහ අනාගතය වර්තමානය තරමටම පැහැදිලිය. මෙබඳු දිව්‍යමය
බුද්ධියක් ඇති අය කාලය පිළිබඳ තුන්කල් දන්නා බැවින්, ඔවුන් නිරන්තරයෙන්
සාර්ථකත්වයෙන් පිරී ඇත.
පාඨය:
උත්තරීතර
ප්‍රීතිය අත්විඳිය හැක්කේ සම්පූර්ණ පාරිශුද්ධත්වය උකහා ගන්නා අයට පමණි.