11.09.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතරම, මෙම අවසන් උපතෙදී නෙළුම් මලක් මෙන්
පිවිතුරුව රැඳී සිටින්න. ඒකායන පියාව සිහි කරන්න. අදෘෂ්‍යමාන වීර්යය මෙයයි.
ප්‍රශ්නය:
ඥානයේ තෙවැනි
ඇස ඔබට ලැබුණු සැනින්, ඔබ ඉතා පැහැදිලිව අත්දකින වෙනස කුමක්ද?
පිළිතුර:
භක්ති මාර්ගයේ ඔබ දොරින් දොර සැරිසරමින්, දෙවියන් සොයමින් බොහෝ සේ වැටි වැටි
ඇවිද්දා. ඔබට දැන් ඔහුව හමු වී තිබේ. තවමත් මාර්ගය සොයමින් අවට සැරිසරන අසරණ
මිනිසුන් වෙනුවෙන් ඔබට අනුකම්පාවක්ද තිබේ. බාබා ඔබව සැරිසැරීමෙන් නිදහස් කර ඇත. ඔබ
බාබා සමඟ ආපසු යාමට සූදානම් වෙමින් සිටිනවා.
ගීතය:
අද මිනිසුන්
සිටින්නේ අන්ධකාරයේය...
ඕම් ශාන්ති.
එක් අතකින්
බැතිමතුන් දෙවියන් සිහි කරන අතර අනෙක් අතට ඔය ජීවාත්මයන්ට ඥානයේ තෙවැනි ඇස ලැබී
තිබේ, එනම් ඔය ජීවාත්මයන්ට පියාගේ හැඳින්වීම ලැබී තිබේ. ඔවුන් පවසන්නේ ඔවුන් තවමත්
අවට සැරිසරමින් සිටින බවයි. ඔබ තව දුරටත් සැරිසරන්නේ නැත. මෙය විශාල වෙනසකි! ඔහු
සමඟ ඔබව ආපසු නිවසට රැගෙන යාම සඳහා, පියා ඔය දරුවන්ව සූදානම් කරමින් සිටිනවා.
මිනිසුන් ඔවුන්ගේ ගුරූන් පසුපස සහ වන්දනා ස්ථාන සහ මේලාවන් ආදියේ බොහෝ සේ වැටි වැටි
සැරි සරයි. ඔබගේ සැරිසැරීම දැන් අවසන් වී ඇත. ඔබව එම සැරිසැරීමෙන් මුදවා ගැනීම
පිණිස, පියා පැමිණ ඇති බව, ඔය දරුවන් දන්නවා. පියා පෙර චක්‍රයේදී ඔබට රාජයෝගාව
ඉගැන්වූ අතර, දැන් ඒ අන්දමින්ම ඔබට නැවතත් උගන්වනවා. ඔබ පාපයන් පහ ජයගනිමින් සිටින
බව, ඔය දරුවන් දන්නවා. මෙවැනි කියමනකි මායා ජයගන්නා අය, ලෝකය ජයගනී. පාපයන් පහට
මායා, රාවණ යැයි කියයි. මායා, සතුරෙකි. මායා, ධනය හෝ සමෘද්ධිය නොවෙයි. ඔබ මෙසේ
ලිවිය යුතුයි පාපයන් පහ මායා, රාවණයි, එවිට මිනිසුන්ට එහි අරුත වටහාගැනීමට හැකි
වෙයි. එසේ නැත්නම් ඔවුන්ට එය වටහාගැනීමට නොහැක. මායා ජයගන්නා අය, ලෝකය ජයගනී. මෙහි,
යාදවයන් හෝ කෞරවයන්, දේවතාවන් හෝ රකුසන් පිළිබඳ ප්‍රශ්නයක් නැත. මෙය භෞතික යුද්ධයක්
නොවෙයි. යෝගා බලයෙන්, මායා, රාවණ පරාජය කිරීමෙන්, ඔබ ලෝක පාලකයන් වන බව, සිහි කර
තිබේ. ලෝකයට, ජගත් (ලෝකය) යැයි කියන බව ඔය දරුවන් දන්නවා. ඔබට ලෝකය ජයගැනීමට උපකාර
කිරීම සඳහා, ලෝකයේ අධිපති පැමිණෙයි. සර්ව බලධාරි, සියලුම බලයන් ඇති කෙනා ඔහු පමණයි.
ඔබගේ පාපයන් පිළිස්සී යන්නේ පියා සිහිපත් කිරීමෙන් පමණක් බව, ඔය දරුවන්ට විස්තර කර
දී තිබේ. ප්‍රධානතම දේ සිහි කිරීමය. සිහිපත් කිරීමේ සිටීමෙන්, ඔබ කිසිදු පාපකාරී
ක්‍රියාවන් සිදු නොකරන අතර, ඔබ බොහෝ සතුටින්ද සිටියි. පාරිශුද්ධකරු පියා පැමිණ
ඇත්තේ ඔබව පිවිතුරු කිරීමටයි. එබැවින් අප කිසිදු පාපයක් සිදු කරන්නේ ඇයි? ඔබ තමන්ව
රැක ගත යුතුයි. මනුෂ්‍යයන්ට බුද්ධියක් තිබේ, එහෙම නේද? මෙහි දී සටන් කිරීම ආදිය
පිළිබඳ ප්‍රශ්නයක් නැත පාපයන් පහ ජය ගැනීමට පියාව සිහිපත් කිරීම ඉතාම පහසුයි. ඔව්,
මෙයට උත්සාහය සහ කාලය අවශ්‍යයි. ඔබගේ දැල්ල, නිවා දැමීමට මායා නැවත නැවතත් කුණාටු
ගෙන එන නමුත්, මෙහි සටන් කිරීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැත. එය දේවතාවන්ගේ
රාජධානියයි එහි රකුසන් වෙසෙන්නේ නැත. අපි බ්‍රහ්මණයන්ය, බ්‍රහ්මගේ මුඛයෙන් උපන්
නිර්මාණයයි. තමන් බ්‍රහ්මණයන් බව සලකන්නේ, බ්‍රහ්මණ වංශයට අයත් අය පමණයි.
ආධ්‍යාත්මික පියා මෙහි අසුන්ගෙන, ජීවාත්ම වන අපට ඥානය ලබා දෙයි. ඥානයේ මහා සාගරය,
පාරිශුද්ධකරු සහ සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා, ඒකායන කෙනා පමණයි. දිව්‍ය ලෝකය
ස්ථාපිත කරන ඒකායන කෙනා ඔහුයි. ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි. මේ, ඔවුන්
ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් නියත වශයෙන්ම දිව්‍ය ලෝකය ස්ථාපිත කරන බව පවසන, සින්ද්හි
විසූ, එම බ්‍රහ්ම කුමර කුමරියන්ම බව, විදේශයන්හි අයටද දැන ගන්නට ලැබෙයි. සිරුර
තුළින් මෙය පවසන්නේ ජීවාත්මයයි. ජීවාත්මයට මෙය ඇසී, උපදෙස් අනුගමනය කරයි. පියා සෑම
චක්‍රයකදීම පැමිණ, ඔබට මෙම ක්‍රමය පෙන්වා දෙයි. පියා, අදෘෂ්‍යමානයි. කිසි කෙනෙක් මේ
ගැන නොදනී. මෙය බොහෝ මනුෂ්‍යයන්ට විස්තර කර දෙන නමුත් ඒ තිබියදී, එය වැටහෙන්නේ කෝටි
ගණනකින් අතලොස්සකට පමණයි. ඔබට චක්‍රය පුරාවටම චරිත කොටස් තිබෙන බව, ඔය දරුවන්ට දැන්
වැටහෙයි. රාජධානිය හිමි කරගන්නේ ඔබ පමණක් බව, පියා විස්තර කර දී ඇත දැන් තමන්ට
හින්දූන් යැයි කියාගන්නා, භාරතයේ ඔය ජනතාව හැර, වෙනත් කිසිවෙකුට එය හිමි කරගත
නොහැක. අපට කුමන නමක් අප දුන්නත්, ඔවුන් සංගණන වලදි අපව හින්දූන් යටතේ සටහන් කරයි.
ඇත්ත වශයෙන්ම අප මුලින් අයත් වූයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයටයි. ඔවුන්ගේ දිව්‍යමය
ධර්මයෙන් සහ ක්‍රියාවන්ගෙන් ඔවුන් පහතට පැමිණ, දූෂිත වූ කල්හි, ඔවුන් තමන්ට
හින්දූන් යැයි කියාගනී. ‘හින්දූන්‘ යන නම ඔවුන්ට ලබා දුන්නේ මන්ද? කිසිවෙකු මෙය පවා
නොදනී. ඔබ ඔවුන්ගෙන් මෙසේ විමසිය යුතුයි ඔබගේ හින්දු ආගම ස්ථාපිත කළේ කවුරුන්ද කියා
අපට කියන්න. හින්දුස්ථාන් යනු රටේ නමයි. කිසිවෙකුට, ඔබට කිසිම දෙයක් කීමට නොහැකි
වෙයි. දැන් බ්‍රහ්මිණ්, දේවතා සහ ක‍්ෂත්‍රීය ආගම් ස්ථාපිත කෙරෙන බව, ඔය දරුවන්
දන්නවා. ඔවුන් පවසන්නේ දේවතාවන් වීමට යන, බ්‍රහ්මණයන්ට නමස්කාර වේවා. වඩාත්ම උසස්
ප්‍රථම අංකය වන්නේ, බ්‍රහ්මණයන්ය. ඇත්ත වශයෙන් ස්වර්ණමය යුගයට කියන්නේ දිව්‍ය ලෝකය
කියාය. රාමචන්ද්‍රගේ රාජධානියටවත් දිව්‍ය ලෝකය යැයි කිව නොහැක. කල්පයෙන් අඩක් එය
රාම රාජධානිය වන අතර කල්පයෙන් අඩක් එය රකුසු රාජධානියයි. මේ සියලුම දේවල් ඔබගේ
හදවතින් ධාරණය කර ගත යුතුයි. දිව්‍ය ලෝකයට යාම සඳහා, ඔබ දැන් කළ යුත්තේ කුමක්ද? ඔබ
අනිවාර්යෙන්ම පිවිතුරුව සිටිය යුතුයි. පියා පවසන්නේ දරුවනි, විශාලතම සතුරා වන්නේ
රාගයයි. එය පරාජය කර පාරිශුද්ධව රැඳී සිටින්න. නෙළුම් මලේ සංකේතය පෙන්වා ඇත්තේ මේ
නිසාය. නිවසේ වාසය කරන අතර, නෙළුම් මලක් මෙන් පිවිතුරු වන්න. මෙම නිදසුන ඔබටයි. හත
යෝගීන්ට, නිවසේ වාසය කරන අතර නෙළුම් මලක් මෙන් පිවිතුරු විය නොහැක. ඔවුන්ගේ චරිත
කොටස් ඔවුන් රඟපාන්නේ, හුදකලා මාවතේය ඔවුන්ට ගෘහයක වාසය කළ නොහැක. එබැවින් ඔවුන්ගේ
නිවෙස් සහ පවුල් අතහැර දමා ඔවුන් පිටව යයි. ඔබට අත්හැරීම් වර්ග දෙක සංසන්දනය කළ
නොහැක. ගෘහයක වාසය කරන අයගේ සිහිවටනය ඇත. පියා පවසන්නේ ඔබගේ නිවෙස් වල වාසය කරන
අතර, එඩිතරකම ඇති කරගෙන, මෙම අවසන් උපතෙදී නෙළුම් මලක් සේ පිවිතුරුව ජීවත් වන්න. එම
සන්යාසීන් ඔවුන්ගේ නිවෙස් සහ පවුල් හැර ගියත්, ඔබට ඔබගේ නිවසේ වාසය කළ හැක. බොහෝ
සන්යාසීන් සිටියි ඔවුන්ට ආහාර පාන සැපයිය යුතුයි. මුලදි ඔවුන්ද සතෝප්‍රධාන් වූ
නමුත් දැන් ඔවුන් තමෝප්‍රධාන් වී ඇත. නාටකයේ ඔවුන්ගේ චරිත කොටස එයයි. එයම නැවතත්
සිදුවෙයි. පියා විස්තර කර දෙන්නේ අපවිත්‍ර ලෝකය නියත වශයෙන්ම විනාශ වීමට යනවා.
ඔවුන් දිගින් දිගටම සුළු කාරණා වලට එකිනෙකාට තර්ජනය කරගනී ’මෙය නොකරන්නේ නම්, මහා
යුද්ධයක් ආරම්භ වෙයි!‘ පෙර කල්පයේදීද මෙයම සිදු වූ බව ඔය දරුවන්ට වැටහෙයි. ඔවුන්ගේ
කුසින් මිසයිල මතු වූ බවත් අහවල් දේ සිදු වූ බවත් ග්‍රන්ථ වල ලියා ඇත. හෝලී කාලයේදී
ඔවුන් තවමත් වෛවාරණ වෙස් මුහුණු සාදයි. ඇත්ත වශයෙන්ම විනාශය ගෙන එන්නේ එම මිසයිලයි.
අතීතයේ සිදු වූ කුමක් වුවත් නැවත සිදුවිය යුතු බවත් ඔය දරුවන් දන්නවා. කල් තියාම
නියමිත වූ දේ නැවත සිදුවෙමින් පවතිනවා. මුළු අර්ථයම ඔබගේ බුද්ධිය තුළ තිබේ. එය යමක්
පැවසීම පිළිබඳ කරුණක් පමණක් නොවෙයි. ඔබට කිසිවෙකුට වරද පැටවිය නොහැක. නාටකයේ මෙම
කොටස, එබඳුය. ඔබට තිබෙන්නේ පියාගේ පණිවිඩය ලබා දීම පමණයි. මෙම නාටකය සදාතනික මෙන්ම
අවිනාශීය. ඉරණම කුමක්ද කියාත් ඔබට වැටහෙයි. කලි යුගයේ අවසානය සහ ස්වර්ණමය යුගයේ
ආරම්භය අතර සංගමය, ඉතා සුප්‍රසිද්ධයි. වඩාත්ම සුබදායක යුගය ලෙස හැඳින්වෙන්නේ මෙයයි.
මේ දිනවල බාබා ඔබට ඉතා පැහැදිලිව වඩාත් සුබදායක සංගම යුගය ගැන විස්තර කර දෙයි.
වඩාත්ම උසස් ජීව වීමට තිබෙන යුගය මෙයයි. ඔබ සියලු දෙනාම සතෝප්‍රධාන් සහ ශ්‍රේෂ්ඨ
වෙයි. ඔවුන් දැන් තමෝප්‍රධාන් මෙන්ම පහත්ය. ඔබට මෙම ව්‍යවහාර වැටහෙයි. කලි යුගය
අවසන් වී ස්වර්ණමය යුගය පැමිණ, එවිට ජයග්‍රහණයේ හඬ නැඟෙයි. එය පිළිබඳව කියන
කතාපුවතක් තිබේ. වඩාත්ම පහසු මෙයයි. බොහෝ ව්‍යාජ කතා තිබේ. ඔබ භක්ති මාර්ගයේදී
ඔහුගේ ප්‍රශංසා ගීත ගායනා කරමින් සිටි බව, පියාම මෙහි අසුන්ගෙන විස්තර කරයි. මා
දැන් ප්‍රායෝගික අන්දමකින් ඔබට සතුටු දේශයට සහ සාම දේශයට මාර්ගය පෙන්වනවා.
විමුක්තිය, සතුටේ ස්ථීතියක් වන අතර පහත්වීම දුකෙහි ස්ථීතියකි. කලි යුගයේ දුක තිබෙන
අතර ස්වර්ණමය යුගයේ සතුට තිබේ. ඔබ මෙය විස්තර කරන විට, ඔවුන්ට සියල්ල වැටහෙයි. ඔබ
තව තව දියුණුවත්ම, ඔවුන්ට මෙය අඛණ්ඩව වැටහීගෙන යයි. ඉතිරිව තිබෙන කාලය, ඉතාමත්ම
කෙටි වන අතර ගමනාන්තය ඉතා ඉහළයි. ඔබ කොලිජී වලට ගොස් මෙම ඥානය විස්තර කරන විට,
ඔවුන් එය ඉතා හොඳින් වටහාගනී. සැබවින්ම මෙම නාටක චක්‍රය අඛණ්ඩව බ්‍රමණය වෙයි වෙනත්
ලෝකයක් නොමැත. උඩ ඉහළ තවත් ලෝකයක් ඇති බව ඔවුන් සිතයි, ඔවුන් ඉහළ තාරකා ආදියට ගමන්
කරන්නේ මේ නිසාය. ඇත්ත වශයෙන්ම එහි උඩ කිසිවක් නැත. පරමාත්ම දෙවියන් ඒකායන කෙනා වන
අතර නිර්මාණය එකකි. එකම මනුෂ්‍ය ලෝකය මෙය පමණයි. මනුෂ්‍යයන් මනුෂ්‍යයන්ය, තිබෙන්නේ,
ශරීරයේ ආගම් බොහොමයක් පමණයි. බොහෝ විවිධත්වයක් තිබේ. ස්වර්ණමය යුගයේ එක් ධර්මයක්
පමණක් තිබුණු අතර, එයට සතුටේ දේශය යැයි කීහ. කලි යුගය, දුක් දේශයයි. මෙය සතුට සහ
දුක ගැන නාටකයකි. පියාට කිසිදාක ඔහුගේ දරුවන්ට දුක දිය හැකිද? ඔහු පැමිණ, ඔබව
දුකින් මුදවයි. දුක නැති කරන කෙනා, කිසිවෙකුට දුක ඇති කරන්නේ කෙසේද? එය දැන් රාවණගේ
රාජධානියයි. මනුෂ්‍යයන් තුළ පාපයන් පහ තිබේ, මෙයට රාවණගේ රාජධානිය යැයි කියන්නේ මේ
නිසාය. ලෝක ඉතිහාසය සහ භූගෝලය පිළිබඳ රහස් ඔය දරුවන්ගේ බුද්ධිය තුළ දැන් තිබේ. ඔබ
දිනපතාම මෙයට සවන් දෙයි. මෙය ඉතා වැදගත් ඉගෙනුමකි. එබැවින් පියා විස්තර කරන්නේ දැන්
ඉතිරිව ඇති කාලය ඉතා කෙටියි. ඔබ පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමයම එම කාලයේදී හිමි කර
ගත යුතුයි. දෙවියන් වෙතට මාර්ගය පෙන්වන අය ඔබ බව, මිනිසුන්ට ක්‍රම ක්‍රමයෙන්
වැටහෙයි. ලෝකයේ වෙනත් කිසිවෙකුට, ඔබට දෙවියන් ලබාගැනීමට මාර්ගය පෙන්විය නොහැක.
දෙවියන් වෙතට මාර්ගය, ඔබට පෙන්විය හැක්කේ, පරමාත්ම දෙවියන්ටම පමණයි. ඔබ, පණිවිඩය
ලබා දෙන, ඔහුගේ දරුවන්ය. පෙර කල්පයේදී උපකරණ වූ අය, නැවතත් එය බවට පත් වී, වෙනත්
අයවද දිගටම එයම බවට පත් කරවයි. ඔය දරුවන් ඥානයේ මහා සයුර කලතා, අවවාද ලබා දිය
යුතුයි බාබා, මෙම පිංතූර තිබිය යුතු බව මා සිතනවා. ඒවා මඟින් මිනිසුන්ට ඉතා
පැහැදිලිව වටහාගැනීමට හැකි වෙයි. සමහර මධ්‍යස්ථාන ඉතා කුඩා බැවින්, බාබා ඔබට
අඩුවෙන් පිංතූර සාදන්නට කියයි ඔවුන්ට පිංතූර පහක් හෝ හතක් පවා තබාගත හැක්කේ
අපහසුවෙනි. බාබා පවසන්නේ සෑම නිවසකම ගීතා පාඨශාලාවක් තිබිය යුතුයි. සෑම දෙයක්ම එක්
කාමරයක පමණක් පවත්වාගෙන යන බොහෝ දෙනෙක් සිටියි. ඔබ එහි, ප්‍රධාන පිංතූර තැබූ විට,
අවසානයේදී දෙවියන් කවරෙක්ද සහ ඔබට ඔහුගෙන් ලබාගත හැක්කේ කුමක්ද යන වැටහීම,
මිනිසුන්ට ලබා ගැනීමට හැකි වෙයි. පරමාත්ම දෙවියන්ට බාබා යැයි කියයි. ඔබ ’බබුල්නාථ
බාබා!‘ යැයි නොකියයි. ’රුද්‍රා බාබා‘ යැයි ද ඔබ නොකියයි. ’ශිව බාබා‘ යන ව්‍යවහාරය
ඉතා සුපතලයි. බාබා පවසන්නේ මෙය, පෙර කල්පයේ එම ඥානයේ යාගහෝමයමයි. අසීමිත ශිව
පියාණන් යාගහෝමය නිර්මාණය කර තිබේ. ඔහු බ්‍රහ්මගේ මාර්ගයෙන් බ්‍රහ්මණ නිර්මාණය,
නිමවා ඇත. ඔහු බ්‍රහ්ම තුළට ඇතුළු වී, ස්ථාපනය සිදු කළේය. මෙය, රාජයෝගාවේ ඥානයයි.
තවද එය මුළු පැරණි ලෝකයම බිලි වීමට යන, යාග ගින්නක්ද වෙයි. එම කෙනාම පියාණන්,
ගුරුවරයා, ගුරූ මෙන්ම ඥානයේ මහා සාගරයද වෙයි. ඔහු වන් වෙනත් කෙනෙක් සිටිය නොහැක.
මෙකල, ඔවුන් යාගහෝම නිර්මාණය කරන විට, පැති සතරක, ග්‍රන්ථ තබයි. යාග පූජා භාණ්ඩ දමන
භාජනයක් පවා ඔවුන්ට තිබේ. ඇත්ත වශයෙන්ම ඔවුන් කොපි කර තිබෙන්නේ මෙම ඥානයේ යාග
ගින්නයි. මෙහි ඔබට භෞතික කිසිවක් නැත. ඔය දරුවන්ට දැන් අසීමිත පියා හමු වී, අසීමිත
ඥානය ලැබී ඇත. වෙනත් කිසිවෙකු මෙය නොදනී. අසීමිත පූජාව, මෙම ගින්නේ සිදුකිරීමට යන
බව, දන්නේ ඔබ පමණයි. පැරණි ලෝකය විනාශ වෙයි. රාමාගේ රාජධානිය ස්ථාපිත වීමේ මෙන්ම,
එය ඉතා හොඳය බවත් යන සතුට, ඔබ අඛණ්ඩව අත්විඳියි. කෙසේවෙතත්, යමක් ස්ථාපිත කරන කෙනා,
එය තමා වෙනුවෙන් කරනු ඇත. ඔහු සියලු උත්සාහයන් තමන් වෙනුවෙන් සිදු කරයි. මෙම
මහාභාරත යුද්ධයද ආරම්භ වූයේ මෙම යාග ගින්නෙන් බව ඔබ දන්නවා. එම සීමිත කාරණා සහ මෙහි
මෙම අසීමිත කාරණා අතර විශාල වෙනසක් තිබේ. ඔබ උත්සාහ දරන්නේ තමන් වෙනුවෙන්ය. ඔබ
පියාව හඳුනන තුරු, ඔබට උරුමය ලබා ගත නොහැක. පැමිණ, ඔය ජීවාත්මයන්ට උගන්වන්නේ පියා
පමණයි. ඔබගේ සෑම දෙයක්ම අදෘෂ්‍යමානය. හිංසාකාරී වී ඇති ජීවාත්ම අවිහිංසක විය
යුතුයි. ඔබ කිසි කෙනෙක් සමඟ කෝප නොවිය යුතුයි. පාපයන් පහ දන් දුන් විට පමණයි අපල
ඉවත් විය හැකි වන්නේ. ඔබ අවලස්සන වූයේ ඒවා තුළින්ය. ඔබ දැන් සියලුම ගුණදම් වලින්
සපිරි, දිව්‍යමය කලාවන් 16කින් පිරෙන්නේ කෙසේද? පියා ඔබට මෙය පහදා දෙයි. ලක‍්ෂ්මි
සහ නාරායනව එය බවට පත් කළේ කවුද? ඔවුන් කිසියම් ගුරුන් හමුවූයේද? ඔවුන් ලෝකයේ
අධිපතියන් විය. ඔවුන් නියත වශයෙන්ම ඔවුන්ගේ පෙර භවයෙදී යහපත් ක්‍රියාවන් සිදුකරන්නට
ඇති, ඔවුන්ට හොඳ උපතක් ලැබුණේ එම නිසාය. යහපත් උපතක් ලැබෙන්නේ, යහපත් ක්‍රියා සිදු
කිරීමෙනි. බ්‍රහ්ම සහ විෂ්ණු අතර අනිවාර්යෙන්ම සම්බන්ධයක් තිබේ. බ්‍රහ්ම, තත්පරයකදී
විෂ්ණු වෙයි. මනුෂ්‍යයන්, දේවතාවන් බවට පරිවර්ථනය වන අතර, මෙයට තත්පරයකදී
ජීවන-මුක්තිය යැයි කියයි. ඔබ පියාට අයත් වූ සැනින්, ඔබ ජීවන-මුක්තියට උරුමය හිම
කරගනී. සියලුම රජවරුන් සහ පුරවැසියන් සිටින්නේ ජීවන-මුක්තියෙන්ය. එහි යාමට සිටින
ඕනෑම කෙනෙක් ජීවන-මුක්තිය ලැබිය යුතුයි. පියා සෑම කෙනෙකුටම විස්තර කර දෙන අතර,
ඉන්පසුව, එය උසස් තත්ත්වයක් ලබා ගැනීම පිණිස, උත්සාහ දැරීම පිළිබඳ කාරණාවකි. සෑම
දෙයක්ම රඳා පවතින්නේ ඔබගේ උත්සාහයන් මතයි. අපි අඛණ්ඩව උත්සාහ දරා, උසස් තත්ත්වයක්
හිමි කර නොගන්නේ මන්ද? බොහෝ සෙයින් පියාව සිහිපත් කිරීමෙන් ඔබට ඔහුගේ හදවතේ, එනම්
සිහසුනේ අසුන් ගැනීමට හැකි වෙයි. පියා ඔබට අපහසු කාර්යයන් බොහොමයක් නොදෙයි. වෙන
කුමන උත්සාහයන් ඔහු අහිංසක මව්වරුන් ලවා කරවයිද? පියාගේ සිහිපත් කිරීම
අදෘෂ්‍යමානයි. ඥානය දෘෂ්‍යමානයි. මෙසේ කියයි ’මෙම කෙනාගේ දේශනය ඉතා හොඳයි.‘
කෙසේවෙතත් ඔහු කෙතරම් දුරට යෝගාවේ සිටියිද? ඔහු පියාව සිහි කරනවාද? ඔහු කෙතරම්
වෙලාවක් පියාව සිහිපත් කරන්නේද? ඔබගේ බොහෝ උපත් ගණනාවක පාපයන් දුරුවන්නේ සිහිපත්
කිරීම තුළින් පමණයි. ආධ්‍යාත්මික පියා, ශිවා පමණක්ම, සෑම කල්පයකදී පැමිණ, ඔබට ලබා
දෙන ආධ්‍යාත්මික ඥානය මෙයයි. වෙනත් කිසිවෙකුට මෙම ඥානය ඔබට ලබා දිය නොහැක. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අවිනාශී
නාටකයේ රහස් ඔබගේ බුද්ධියේ තබාගෙන, කිසිවෙකු මත වරද පටවන්න එපා. වඩාත්ම උසස් ජීවයන්
වීමට උත්සාහ දරන්න. මෙම කෙටි කාලයේදී පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමයම හිමි කරගන්න.
2. ද්විත්ව
අවිහිංසාවාදී වීම සඳහා, කිසි කෙනෙක් සමඟ කෝප නොවන්න. දුර්ගුණ දන් දී, සියලු ගුණදම්
වලින් සපිරි වීමට උත්සාහ දරන්න.
වරදානය:
ඔබ
නිරන්තරයෙන් සෙනෙහෙවන්තයකු වී, සියලු දුර්වලතා වලින් ක්ෂණයකින් නිදහස්ව, උසස්ම
චර්යාධර්ම අනුගමනය කරන උසස්ම ජීවාත්මයක් වේවා.
යමෙකුට තවත් අයෙකු
කෙරෙහි සෙනහසක් ඇත්නම්, ඒ සෙනෙහස නිසාම ඔහු සියල්ල කැප කිරීමට සූදානම් වෙති. සෙනෙහස
ඇති අයෙකුට යමක් කැප කිරීම සඳහා වෙනත් කිසිවක් ගැන සිතීමට අවශ්‍ය නොවේ. එබැවින්,
ඔබට පවසා ඇති චර්යාධර්ම සහ විනය නීති ක්‍රියාවට නැංවීමටත්, සියලු දුර්වලතා වලින්
නිදහස් වීමටත් ඇති පහසුම ක්‍රමය වන්නේ එකම පියාණන් කෙරෙහි නිරන්තරයෙන් සෙනහසින්
බැඳී සිටීමයි. ඔබ සෙනහස දක්වන තැනැත්තාගේ ඇසුරේ නිරන්තරයෙන් රැඳී සිටින්න; එවිට ඔබ
අධ්‍යාත්මිකත්වයේ වර්ණයෙන් ඔපවත් වී, ක්ෂණයකින් උසස්ම චර්යාධර්ම අනුගමනය කරන උසස්ම
ජීවාත්මයක් වනු ඇත. මන්ද, සෙනෙහෙවන්තයකුට ඉබේම පරම පියාගේ සහාය ලැබෙන බැවිනි.
පාඨය:
ඔබේ විශ්වාසයේ
පදනම ශක්තිමත් නම්, ඔබ පරිපූර්ණත්වය කරා ළඟා වීම සහතිකයි.
අව්‍යක්ත සංඥාව: දැන්
ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.
වර්තමානයේ සියලුම
ජීවාත්ම යාචකයින් මෙන් දෙවියන්ගෙන් යමක් ඉල්ලා සිටිති. ඔවුන්ගේ සිත් තුළ හෝ මුවින්
නිරන්තරයෙන්ම "මට මෙය දෙන්න!" යනුවෙන් පැවසේ. සමහරු ධනය, සහාය, සබඳතා, සතුට හෝ
තාවකාලික සැප පහසුකම් සඳහා යාචකයින් වී සිටිති. තවත් සමහරු විවේකය හෝ හොඳ නින්දක්
සඳහාත්, තවත් සමහරු අනුගාමිකයින් ලබා ගැනීම සඳහාත් ආයාචනා කරති. 'දානපතියාගේ'
දරුවන් වන ඔබ, දානපතියන් බවට පත්වී, ඔබේ පිරිසිදු හැඟීම් වලින් යුත් ආකල්පය තුළින්
යාචක ජීවාත්මයන්ගේ එම කුසගින්න නිමා කළ යුතුය.