11.10.26    Avyakt Bapdada      Sinhala Murli     18.01.2012    Om Shanti    Madhuban


සියලු ආකාරයේ සේවා සිදු කරන අතර, එකිනෙකාට සහයෝගය ලබා දී,
තීව්‍ර උත්සාහයේ රළ වාතාවරණයේ විහිදුවා හරින්න.
ඔබගේ මනස ජයගන්නා කෙනෙක් වී, ඔබගේ මනසින් ජීවාත්මයන්ට සේවය කරන්න.


අද, සෙනෙහසේ විශේෂ දවසක්. සෑම තැනකම සිටින සියලුම දරුවන් ඔවුන්ගේ සෙනෙහස් ස්වරූපයෙන් හමුවක් සමරනවා. ඔය සියලු දෙනාම සෙනෙහස් ස්වරූපය තුළද ගිලී සිටියි. අද දින, අම්රිත් වේලාවටත් පෙර, සෑම තැනකින්ම සියලුම දරුවන්, ඔවුන්ගේ හදවත් තුළ සෙනෙහසේ මුතු වලින් සැදී මල්දම් දරාගෙන, ආදරණීය ස්වරූප වලින් මෙහි ළඟා විය. ඔවුන්ගේ සිතේ ඇති බොහෝ විවිධ හැඟීම් ගැන ඔවුන් පියාට විස්තර කරමින් සිටියා. දරුවන්ගේ සෙනෙහස කෙතරම් ආදරණීයද කියා ඔබ දන්නවා. ඔවුන්ගේ විවිධ භාෂා වලින් සහ විවිධ හැඟීම් වලින්, දරුවන් බාප්දාදාට ඔවුන්ගේ හදවතේ කරුණු ගැන පවසමින් සිටි අතර ඔවුන්ගේ දෑස් සහ මුවින් (වදන්) ඉතා පැහැදිලිව ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කරමින් සිටියා. සෑම තැනකම සිටින දරුවන්ගේ සෙනෙහස් හැඟීම් දැක, බාප්දාදා සියලු දෙනාගේ සෙනෙහස තුළ මුසු වූ අතර ඔහුගේ හදවතින් මතු වූ වදන් වූයේ: අපූරුයි දරුවනේ! අපූරුයි! දරුවන්ගේ මුවින් මතු වූ ගීතය වුනේ: ‘අපූරුයි බාබා! අපූරුයි!’ සෑම දරුවෙක්ම දැක, බාප්දාදා දරුවන්ගේ සෙනෙහස තුළ ගිලුණු අතර දරුවන් පියාගේ සෙනෙහස තුළ ගිලුණි.

අද දින, දරුවන්ව පාලකයන් බවට පත් කිරීමේ ද්‍රිෂ්ඨියෙන් පියා දරුවන් දෙස බලමින් සිටියා. අද දින, දරුවන් ආධිපත්‍යයේ තිලකය ලැබීමේ දවසයි. බාප්දාදාම සුරදූත ස්වරූපයෙන් හිඳ, දරුවන්ව ලෝක සේවය වෙනුවෙන් උපකරණ බවට පත් කළ දිනය අදයි. ඔහු කොඳු නාරටිය වී, දරුවන්ව ලෝක වේදිකාව මත හෙළිදරව් කළා. දැන්, දරුවන්ගේ සේවය දැක, දරුවන්ට බාප්දාදා ලබා දුන් වගකීමේ ප්‍රතිඵලය දැක, ඔහු දරුවන් ගැන බොහෝ, බොහෝ සතුටු වන අතර ඔහුගේ හදවතින් ඔවුන්ට සුබ පතනවා. සුබ පැතුම්! සුබ පැතුම්!

දැන් පවා, බාප්දාදා සෑම දරුවෙකුටම ලබා දුන්, ලෝක සේවාධාරියෙක් වීමේ ආශිර්වාදය, ඔවුන් හදවතේ බොහෝ සෙනෙහසින් ලබාගෙන ඇති අතර, එයද සිදු කරන බව බාප්දාදා දුටුවා. බාප්දාදා ප්‍රතිඵලයද දුටුවා. සෑම දරුවෙකුගේම හදවතේ ‘මගේ බාබා’ වෙනුවෙන් මෙම ගැඹුරු සෙනෙහස තිබෙන අතර පරම පියාගේ හදවත තුළ “අපූරුයි මගේ දරුවන්!’ යන සෙනෙහස තිබේ. වර්ථමානයේ, විශාල සහ කුඩා මධ්‍යස්ථාන වල සිටින දරුවන් බහුතරයකට සෑම තැනකම විගසින් පියාව හෙළිදරව් කිරීමේ උද්යෝගය තිබේ. වටේ සංචාරය කරන අතර, බාප්දාදා මෙම උනන්දුව සහ උද්යෝගය දුටුවා. කුඩා සහ විශාල මධ්‍යස්ථාන වල දරුවන්ට සේවය වෙනුවෙන් බොහෝ, බොහෝ උනන්දුවක් සහ උද්යෝගයක් තිබෙන අතර එය අනාගතයේද නොකඩවා තිබෙයි. අද, මෙම සෙනෙහස් දිනයේ, මේ දේශයේ සහ විදෙස් රටවල සියලුම දරුවන්ට බාප්දාදා, ඔවුන්ගේ සෙනෙහස සහ සේවයට ප්‍රතිලාභයක් ලෙස ඔහුගේ ද්‍රිෂ්ඨියෙන් සහ හදවතේ සෙනෙහසින් කෝටි ගුණයක සෙනෙහස සහ ස්මරණය ලබා දෙනවා.

කාලයට අනුව, පරම පියාව හෙළිදරව් කිරීමේ උද්යෝගය දැන්, ජීවාත්මයන්ගේ හදවත් වලටත් ක්‍රම-ක්‍රමයෙන් ඇතුළු වෙනවා. බ්‍රහ්ම කුමාරීන් යමක් අත්කරගෙන ඇති බවත් පරිවර්ථනය සිදුවෙමින් පවතින බවත් ඔවුන්ට වැටහෙනවා. පෙර ඔවුන් සිතුවේ: ‘ඔවුන් කුමක් කරනවාද කියා අපි දන්නේ නැහැ’. නමුත් දැන් ඔවුන් සිතන්නේ: ‘ඔබ හොඳ වැඩක් සිදු කරනවා. අපට කිරීමට නොහැකි වූ දේ, ඔබගේ සමූහය තුළ ඔබ සාර්ථකව සිදු කර තිබෙනවා.’ මේ නිසයි ඔහු ඉදිරියේ අසුන්ගෙන සිටින සියලුම දරුවන්ට සහ සෑම තැනකම සිට ඔහුට සවන් දෙන සහ නරඹන දරුවන්ට ඔහුගේ හදවතින් බාප්දාදා විශේෂ සෙනෙහස ලබා දෙන්නේ. අප දැන් කළ යුත්තේ කුමක්ද? ඔබගේ සේවය වෙනුවෙන් බාප්දාදා ඔබට දැනටමත් සුබ පතා තිබේ. බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ සෑම දරුවෙක් තුළම තීව්‍ර උත්සාහය වෙනුවෙන් මෙම උනන්දුව සහ උද්යෝගය සහ අධිෂ්ඨානගත විශ්වාසය තිබිය යුතු බවයි: මා අනිවාර්යෙන්ම පියා හා සමාන සුරදූතයෙක් විය යුතුයි, මන්ද, දැන් සියලු දෙනාම පියා සමග ආපසු ගමනේ යා යුතු නිසා. ඔබ අනිවාර්යෙන් ඔහු හා සමාන සුරදූතයෙක් විය යුතුයි, මන්ද, ඔබ සියලු දෙනාම පොරොන්දු වී ඇත්තේ: අප එකට ආපසු නිවසට ගොස් පාලනය කිරීමට එකට යනවා. බ්‍රහ්ම පියා දැනටමත් සුරදූතයෙක් වී සිටියි. එසේ නම් ඔබ ඔහු සමග ආපසු යන්නේ කෙසේද? බ්‍රහ්ම පියා ඔහුගේ ජීවිතයේදි ඔහුගේ සුරදූත ස්වරූපය පෙන්නුවා. ඔහුට බොහෝ වගකීම් තිබුණි. සෑම කෙනෙක්ව යෝගීවරයෙක් බවට පත් කළ යුතුයි. කෙසේවෙතත්, ඔහුට බොහෝ වගකීම් තිබුණත්, ඔහු ආදරණීයව සහ නොබැඳිව රැඳී සිටි බව ඔබ සියලු දෙනා දුටුවා. ඔහු සෑම විටම සැහැල්ලු අධිරාජයෙක් ලෙස රැඳී සිටියා: කණස්සලු නොමැත, නමුත් සැහැල්ලු අධිරාජයෙක්. ඒ අන්දමින්ම, ඔය දරුවන්ද පියා හා සමානව සැහැල්ලු අධිරාජවරුන්, සුරදූතයන් විය යුතුයි. ඔබට මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල තිබිය යුතුයි: මා නියත වශයෙන්ම මෙය විය යුතුයි. එසේ නැත්නම් ඔබ යම් කිසි අවස්ථාවක මෙය වෙයි කියා සිතනවාද?

කාලයට අනුව, සේවය කිරීමට ඔබ තුළ ප්‍රායෝගිකව උනන්දුව සහ උද්යෝගය තිබෙන ප්‍රමාණයට අනුව, තමන් වෙනුවෙන්ද තීව්‍ර උත්සාහ දරන්නෙක් වීමට සහ අන් අයවත් ඒ හා සමාන බවට පත් කිරීමටත් ඔබ තුළ දැන් උනන්දුව සහ උද්යෝගය තිබිය යුතු බව, බාප්දාදා දුටුවා. පරිසමාප්ත වී, අන් අයවද පරිසමාප්ත කර, තමන් තුළ උද්යෝගය ඇති කර, වාතාවරණයට එම උද්යෝගය විහිදුවා හරින්න. එකිනෙකා සමග සහයෝගශීලී වී, දැන් වාතාවරණයට තීව්‍ර උත්සාහයේ රැල්ලක් පතුරන්න. ඔබ එකිනෙකා අතරේ සහ වාතාවරණයට, සේවය කිරීමේ උද්යෝගය පතුරන අන්දමින්ම, ඔබ මෙම රැල්ල වාතාවරණයට විහිදුවා හරියි, යන පිවිතුරු බලාපොරොත්තුව බාප්දාදාට තිබේ. බාප්දාදා සතුටු වනවා, නමුත් දැන් පවා, ඔබ නිකම් උත්සාහයේ යෙදෙමින් සිටියි, නමුත් ඔබ දැන් සිදු කළ යුත්තේ තීව්‍ර උත්සාහයයි. සෑම දරුවෙක් වෙනුවෙන්ම බාප්දාදා තුළ මෙම බලාපොරොත්තුව තිබෙන අතර, එබැවින් ඔය සෑම දරුවෙක්ම පියාගේ බලාපොරොත්තුවේ තාරකාවක් නේද? ඔබ එයද? ඔබ පියාගේ බලාපොරොත්තුවේ තාරකා වී, වාතාවරණයට මෙම උනන්දුව සහ උද්යෝගය පතුරයි කියා සිතන අය අත් ඔසවන්න! අච්චා. ඔබ ඉතා හොඳින් ඔබගේ අත් ඔසවයි! ඔබගේ අත් දැක බාප්දාදා සතුටු වනවා. ඔබගෙන් බහුතරයක් අත් එසවූවා. පිටුපස අයගේ අත් බාප්දාදාට නොපෙනෙයි, නමුත් ඉදිරියේ සිටින අයගේ අත් ඔහුට පෙනෙනවා. පිටුපස සිටින අය දැන් අත් ඔසවනවා. සුබ පැතුම්! සුබ පැතුම්! අච්චා.

යමි විශේෂිත දෙයක් වෙනුවෙන් යම් කෙනෙකුගේ සිතේ උනන්දුව සහ උද්යෝගය තිබෙන විට, එවිට එම දේ ඉතා හොඳින් ප්‍රායෝගික ස්වරූපයකට දමන බව බාප්දාදා දැක තිබෙනවා, මේ නිසයි, මෙම සෙනෙහස් දින, දවසේ මේ වෙලාවේ, බාප්දාදා ඔබට මෙම ගෙදරවැඩ දෙන්නේ. කාලය සහ සිතිවිලි අපතේ යන්නේ මනස නිසා බව, සෑම දරුවෙක්ම දන්නවා. ඔබට කවදා හෝ නිෂ්ඵල සිතිවිලි තිබී ඇත්නම්, ඔබගේ කාලය සහ ශක්තිය එවිට කෙතරම් අපතේ යන්නේද කියා ඔබ අත්දැක ඇති. එබැවින් මෙම ගෙදරවැඩ ඔබට ලබා දීමට බාප්දාදාට අවශ්‍යයි: මාස දෙකක්, සෑම දරුවෙක්ම ඔබගේ මනසේ සිදුවන සිතිවිලි සහ කාලය අපතේ යාම නතර කිරීමට ක්‍රමවේදයක් නිර්මාණ කරගත යුතුයි. ලබන මාස දෙකේදී ඔය සෑම කෙනෙක්ම ඔබගේ වාර්ථාව ලිවිය යුතුයි: කාලය අපතේ හැරීමේ සහ නිෂ්ඵල සිතිවිලි ඇති වීමේදි, මට කෙතරම් පාලනයක් තිබුණාද? මෙයට හේතුව, දැන් කාලයට අනුව, ඔබගේ මනසේ බලයෙන් සියලු ජීවාත්මයන්ට සේවය කිරීමේ කාලය පැමිණෙයි. මේ සඳහා ඔබගේ මනසට නිරන්තර අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයි. මෙවන් කියමනකි: මනස ජයගන්නා අය, ලෝකය ජයගනී. එබැවින් මන්මනභාව් යන වාතාවරණයෙන් ඔබ සියලු අපතේ යෑම් අවසන් කළ යුතුයි. ඔබට මෙය කළ හැකිද? ඔබ මෙය කරනවාද? මෙය කළ හැකි අය අත් ඔසවන්න! බාප්දාදා ඔබට තෑග්ගක් ලබා දෙනවා. ඔබ තමන්ගේ ප්‍රතිඵලය දෙස බැලිය යුතුයි. ඔබගේ මනස සතුටින් නම්, ඔබගේ මනසේ සතුට ඔබ බෙදා ගනියි. මෙම උත්සාහය අතින්, ඉදිරි අංකයක් හිමි කරගැනීමට, ඔබ සියලු දෙනාම අවධානය යොමු කළ යුතුයි. එවිට සියලු නිෂ්ඵලත්වය අවසන් වෙයි. සිතිවිලි සහ කාලය යන දෙකම අපතේ යාම අවසන් වෙයි. ඉන්පසු, ඉදිරි කාලය තුළ, බලවත් සිතිවිලි සහ බලවත් කාලය වායුගෝලයට පැතිරෙනු ඇත.

දරුවන් දැකීමෙන්, බාප්දාදා එක් දෙයක් ගැන සතුටු වනවා. එය කුමක්ද? සෑම දරුවෙක්ම සේවය කර තිබෙනවා, නමුත් එය සමගම බාප්දාදාගේ සංඥාව වන්නේ: ද්විත්ව රජෙක් වන්න. ඔබ එය දන්නවා නේද? එකක් ස්ව-අධිරාජයෙක්, තමන්ගේ පාලකයෙක් වීම වන අතර දෙවැන්න, අනාගත රාජධානියට අයිතියක් තිබීම. තමන්ගේ පාලකයෙක් වන්න. ඔහුගේ සෑම දරුවෙක්ම තමන්ගේ පාලකයෙක් වන කිසිම පියෙක් නොමැත, යන කුල්මත් බව පියාට තිබේ. ඔබ සියලු දෙනාම තමන්ගේ පාලකයන් නේද? සෑම ජීවාත්මයක්ම තමන්ව පාලනය කරයි. ඔබ භෞතික අවයව සහ පංචේන්ද්‍රයන්ගේ බලපෑමට හසු නොවන අතර ඔබට රාජධානියට අයිතියක් තිබේ. පියාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම, විටෙක පමණක් නොව, නිරන්තරයෙන් තම පාලකයෙක් වීමයි. ඔබට මෙය විය හැකිද? ඔබට ලබා දී ඇති මාස දෙකේදී, ඔබ තමන්ගේ පාලකයෙක් ලෙස රැඳී සිටියාද, නැත්නම් ඔබගේ භෞතික ඉන්ද්‍රියන්ගේ බලපෑමට හසුවුණාද කියා සටහන් කරගන්න. දැන්, ඔබ කර්මතීට් විය යුතුයි. කාලය සමීපයට එනවා. එසේ නම් ඔබ කිරීමට යන්නේ කමක්ද? ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, ඔබ අනිවාර්යෙන්ම තමන්ගේ පාලකයෙක් විය යුතුයි. මෙම සංස්කාරය නියත වශයෙන්ම ඔය බ්‍රහ්මින් දරුවන්ගේ සංස්කාරයක්. ද්විත්ව රාජධානියක් යනු, දැන් ස්ව-ආධිපත්‍යය සහ ඉන්පසුව අනාගතයේ ලෝකයේ ආධිපත්‍යයයි. වටේ සංචාරය කරන අතර, බාප්දාදා දරුවන්ගේ ප්‍රතිඵල සටහන් කරගන්නවා. දැන්, නිරන්තරයෙන් තමන්ගේ පාලකයෙක් වීමට වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් තිබේ. බාප්දාදා ඔබට කාර්ය දෙකක් දී තිබෙනවා: 1) ලබන මාස දෙක තුළ ඔබ කෙතරම් දුරට තමන්ගේ පාලකයෙක් ලෙස සිටිනවාද. ඔබ තමන්ගේම ප්‍රතිඵලය දෙස බැලිය යුතුයි. 2) ඔබගේ මනස මත ඇති ඔබගේ පාලන බලය සහ හසුරුවා ගැනීමේ බලයෙන් ඔබ සියලු නිෂ්ඵලත්වය අවසන් කළ යුතුයි. මෙයින් අංකයක් හිමි කරගන්න අයට බාප්දාදා තෑග්ගක් දෙනවා. ඔබ මෙයට කැමතිද? ඔබ මෙය කිරීමට යනවා නේද? ඔබ මෙය කරනවාද? හිස වනන්න. අච්චා.

අද දින, බාප්දාදා සියලු දෙනාගේ සෙනෙහස පිළිගත්තා. අම්රිත් වේලාවේ සූක්ෂම දේශයේ දරුවන්ගේ අලංකාර ශෝභාව තිබුණි. අද, පෙර ගමන් ගිය කණ්ඩායම පවා ඔවුන්ගේ හදවතේ සෙනෙහස දීමට සහ සෙනෙහස ලබා ගැනීමට සූක්ෂම දේශයට පැමිණියා. ඔවුන් දැන් පියාගෙන් විමසනවා: අවසානයේ, අපට කවදා වෙන කල් මෙම චරිත කොටස තිබෙයිද? බාබා ලබා දිය යුතු ප්‍රතිචාරය කුමක්ද? පළමු පේළියේ අසුන්ගෙන සිටින අය, බාබා ලබා දිය යුත්තේ කුමන පිළිතුරක්ද? ඔබ කුමක්ද කියන්නේ? (දාදි ජන්කි පිළිතුරු දුන්නේ: මම සූදානම්.) ඔබ තනිවම ආපසු යනවද? (සියලු දෙනා එකට ආපසු යයි.) ඔබ තුළ සෙනෙහස තිබෙනවා නේද? ඔවුන්ව හැර දමා ඔබ ගොස් රාජධානිය පාලනය කරන්නේ කෙසේද? (පෙර ගමන් ගිය කණ්ඩායම මාව තනිව දමා පිටව ගියේ ඇයි?) එය ඔවුන්ගේ චරිත කොටසේ තිබුණා. ඔවුන්ට යෑමට සිදුවිය. දැන් ඔබ උත්සාහ දරා, විගසින් සමූහයක් සූදානම් කළ යුතුයි. මාස දෙකකට ඔබට ලබා දී ඇති කාර්යය ඔබ සියලු දෙනා ලවා සිදුකර, ප්‍රතිඵලය ලබා දෙන්නේ නම්, එය විගසින් සිදුවෙයි. (බාබා කෙරෙහි ඇති සෙනෙහසින් ඔවුන් එය සිදුකරයි.) සෙනෙහස තිබෙයි. සෙනෙහස යන විෂයෙන් ඔබ සියලු දෙනා සමත් වී ඇත. සියලු දෙනාටම සෙනෙහස තිබෙන බව බාප්දාදා දකිනවා, නමුත් එයත් සමගම, ඔබට බලයත් අවශ්‍යයි. මේ සඳහා, අම්රිත් වේලාව බලවත් කරගන්න. ඔබ ස්මරණයේ අසුන්ගන්න අතර බාප්දාදා ඔබට ඒ වෙනුවෙන් සුබ පතනවා, නමුත් අසුන් ගැනීමට බලවත් වාතාවරණයක් අවශ්‍යයි. සමහරු මේ ආකාරයට අසුන් ගනී, සමහරු තව ආකාරයකට අසුන් ගනී. ඔබ ඡායාරූපයක් ගන්නේ නම්, ඔබටම මෙසේ සිතෙයි: දැන් වෙනත් දෙයක් අවශ්‍යයි. බාප්දාදා ගිණි කන්දක් වැනි යෝගාව ගැන පවසා තිබෙන අතර ඔබ දැන් එයට මීට වඩා ගැඹුරින් අවධානය යොමු කළ යුතුයි. සියලු දෙනාම උත්සාහ දරයි, නමුත් දැන්, ‘උත්සාහය’ යන වචනයට ඉදිරියෙන් ‘තීව්‍ර’ යන වචනය එකතු කරන්න. බාප්දාදා දැන් සෑම දරුවෙකුටම මාස දෙකක් ලබා දී තිබේ. ඔබ වැඩියෙන් අවධානය යොමු කරන තරමට, ඔබගේ අවධානය වෙනුවෙන් බාප්දාදා ඔබට වැඩියෙන් උපකාර ලබා දෙයි. මනසේ පාලකවරුනි, ඔබගේ අත් පා ක්‍රියා කරවන ආකාරයෙන්ම ඔබගේ මනසත් ක්‍රියා කරවන්න. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකියි නේද? ඔබට යම් වස්තුවක් වෙනත් තැනක නොව, යම් විශේෂිත තැනක තැබීමට අවශ්‍ය නම්, ඔබට එය කළ හැකියි නේද? මනස මත එවන් පාලනයක් ඇති කරගන්න. ඔබගේ මනස ඇති කළ යුත්තේ, ඔබට එය ලවා ඇති කරවීමට අවශ්‍ය සිතිවිලි පමණයි. සෑම රාත්‍රියකම ඔබගේ ප්‍රතිඵල පරීක්ෂා කර බලන්න. මගේ මනස මත, මට කෙතරම් ප්‍රමාණයකට පාලන බලය සහ හසුරුවා ගැනීමේ බලය තිබුණාද, ඔබ දැන් ඉතා විගසින් නිෂ්ඵලත්වය අවසන් කළ යුතුයි. දැන් බලවත් වී, බලවත් වීමේ ශක්තිය වාතාවරණයට මුදා හරින්න. දරුවන්ගේ දුක් වේදනා දැකීමෙන් සහ ඇසීමෙන්, බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ පරිසමාප්තිය විගසින් සිදුවීමටයි. සියලු දෙනා උත්සාහ දරන බව ඔබට පවසන ලදී, නමුත් දැන් “තීව්‍රතාවය” යන වචනය එකතු කරන්න. “මා එය සිදුකළ යුතුමයි”. මා එය කරන්නම්, හෝ ඒ ගැන බලන්නම්, නොවෙයි. යම් දෙයක් අනාගතයට කල් තැබීමේ මෙම භාෂාව තව දුරටත් වැඩ කරන්නේ නැහැ.

අද ඔබ සියලු දෙනාම සෙනෙහසේ ජවනිකාව දුටුවා. ඔය සෑම කෙනෙකුගේම හදවත තුළ බොහෝ සෙනෙහස තිබේ, නමුත්, සෙනෙහස තිබෙන තරමටම, බලයද තිබිය යුතුයි. දැන් තමන්ව බලයෙන් පුරවන්න. ඔබ ශක්ති කෙනෙක් පමණක් බව, ඔය කිසිම සහෝදරියක් නොසිතිය යුතුයි, නමුත් ඔබ ශිව ශක්ති කෙනෙක් බව සලකන්න. ඔබ ශිව ශක්ති කෙනෙක්: පරම පියා සිටින්නේ ඔබ සමගයි. පාණ්ඩවයන්ගේ පියා සිටින්නේ පාණ්ඩවයන් සමගයි. එසේ නම් ඔබ දැන් කරන්නේ කුමක්ද? ‘උත්සාහය’ යන වචනය ඉදිරියේ ‘තීව්‍ර’ යන වචනය එකතු කිරීමට කියා බාප්දාදා ඔබට කියා තිබේ. එවන් වාතාවරණයක් නිර්මාණය කරන්න. එකිනෙකාට සහයෝගය ලබා දෙමින් තමන්ගේම ස්ථාන වල සිටින අතර, ඔබගේ ස්ථානය බලවත් කරගන්න. ඔබගේ සහකරුවන්ව බලවත් කරන්න. ඉතිං ඔබ දැන් කරන්නේ කුමක්ද? ඔබ යම් අළුත් දෙයක් කරනවා නේද? ඔබ ‘මගේ බාබා’ කියා පවසන බැවින්, ඔබ ‘මගේ’ වන ඒකායන කෙනා (බාබා) මෙන් විය යුතුයි, නොවේද? ඔය සෑම කෙනෙකුගේම හදවතේ මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල තිබිය යුතුයි. ඔබට ඉතා හොඳ සිතිවිලි තිබේ. අම්රිත් වේලාවේ, ඔබ ඉතා හොඳ සිතිවිලි ඇති කරන බව, ඔබ මේ දේ, අර දේ සිදු කරන බව, බාප්දාදා දකිනවා, නමුත් ඔබ කර්ම යෝගීවරයෙක් වන විට, ඔබ නෑ සම්බන්දතා තුළට යන විට, එවිට එය වෙනස් වෙයි. ඔබ දැන් කර්ම යෝගීවරයෙක් වීමේ ස්ථිතියට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අච්චා.

ඔබ සියලු දෙනාම සතුටින් නේද? ඔබ සතුටින්ද? අළුත් අය බොහෝ දෙනෙක්ද පැමිණෙයි. අළුත් සහ ප්‍රථම වතාවට පැමිණි අය අත් ඔසවන්න! බලන්න, බොහෝ දෙනෙක් සිටිනවා. පංතියෙක් භාගයක්ම අළුත් අයයි. පැමිණ ඇති අළුත් අය දැකීමට බාප්දාදා සතුටු වනවා, මන්ද, ඔබ අඩු තරමින් අවසන් පරිසමාප්තියට පෙර මෙහි පැමිණ තිබේ. කෙසේවෙතත්, ඔබ පමා වී පැමිණි ප්‍රමාණයට අනුව, ඔබට ඒ තරම්ම තීව්‍ර උත්සාහයක් දැරීමට සිදුවෙයි, මන්ද, මෙම කෙටි කාලය තුළදි ඔබගේ අනාගත සම්පූර්ණ උපත් 21කට ඔබ ඇති තරම් උපයා ගත යුතු නිසා. ඔබට මේ තරම් අවධානයක් යොමු කිරීමට සිදු වෙයි. ඔබගේ කාලය ඉතිරි කරන්න! තත්පරයක්වත් අපතේ නොහරින්න. තීව්‍ර උත්සාහ දරන්නෙක් ලෙස රැඳී සිටින්න. සාමාන්‍ය උත්සාහයක් දැරීමෙන්, ඔබගේ ගමනාන්තයට ළඟාවීම අපහසු වෙයි. කෙසේවෙතත්, පැමිණ ඇති ඔය දරුවන්ට බාප්දාදා ඔහුගේ හදවතින් සුබ පතනවා. සුබ පැතුම්! අච්චා.

බොහෝ ගුරුවරු ඇවිත්. ගුරුවරු දැක, බාප්දාදා බොහෝ සතුටු වනවා, මන්ද, උපකරණ ගුරුවරු, බාප්දාදා හෙළිදරව් කිරීමට උපකරණ වී ඇත. ඕනෑම ගුරුවරයෙක් දකින විට සියලු දෙනාම සතුටු වනවා, මන්ද ගුරුවරයෙක් යනු තම මුහුණුවරින් අනාගතය පෙන්නුම් කරන කෙනෙකි. ඔබගේ අනාගතය කුමක්ද? ඔබගේ අනාගතය වන්නේ නිරන්තරයෙන් හදවතින් සතුටින් රැඳී සිටීම, යැපීමක් නොමැතිවීම සහ සෑම විටම අයිතියක් තිබීමයි. ඉතිං ගුරුවරුන්ගේ මුහුණුවර, මෙහි දර්ශනයක් ලබා දෙයි. සෑම ගුරුවරයෙක්ම නිරන්තරයෙන් මෙසේ සිතිය යුතුයි: ඔබ යම් තැනක යමක් පැවසුවත් නැතත්, ඔබගේ මුහුණුවර සහ මුහුණ වර්ථමානයේ සහ අනාගතයේ ලැබීම් හෙළිදරව් කළ යුතුයි. නිරන්තරයෙන් මෙම අවධානය යොමු කරන්න: මගේ මුහුණ කෙබඳු වන්නේද යත්, එය සෑම විටම දර්ශනයක් පිරිනමනවාද? ගුරුවරයෙක් ඉදිරියට පැමිණෙන ඕනෑම කෙනෙක්, ගරුවරයාව දැක, පළමුව ඔවුන් සතුටට පත් වන අතර ඉන්පසුව ඔවුන්ගේ ජීවිත වල සතුට දිස්වෙයි. ඔබ බොහෝ සතුටින් සිටින අතර ඔබට සතුටේ භාග්‍යයද තිබේ. සෑම ගුරුවරයෙකුගේ අරමුණ හොඳ බව බාප්දාදා දුටුවා: ‘මා මේ දේ කළ යුතුයි. මා මෙය බවට පත් විය යුතුයි.’ එය මෙහෙමයි නේද? ඔබගේ අරමුණ කුමක්ද? ඔබගේ අරමුණ මෙය නේද? එබැවින්, ඔබගේ සුදුසුකම් තුළ මෙම අරමුණ පෙනෙයි, නමුත් එය මෙයටත් වඩා දිස් විය යුතුයි. පැමිණෙන සියලු දෙනා, ඔවුන් සමග එම සතුට අනිවාර්යෙන් රැගෙන යා යුතුය, මන්ද සෑම මනුෂ්‍යයෙකුටම සතුට අවශ්‍යයි. ඔවුන්ට එය අවශ්‍ය නමුත් ඔවුන්ට එය බවට පත් විය නොහැක. ඉතිං, ගුරුවරු යනු ඔවුන්ගේ මුහුණුවරින් සේවය කරන අයයි. ඔවුන් මෙය අත්විඳිය යුතුයි: ‘මේ කෙනා කවුරු බවට පත් වෙලාද?’ දැන්, ඔබ තව දියුණු වත්ම, ඔබගේ මුහුණ සහ ක්‍රියාකාරකම් තුළින් මෙම සේවය මීට වඩා බොහෝ සේ සිදු වෙයි, මන්ද, කාලය බොහෝ සංවේදී වන විට ඔබට ඇති කාලය අඩුවන නමුත් ඔවුන්ට එක් හෝ තව දෙයක් ලබා ගැනීමට ඇති ආශාව වැඩිවෙයි. මේ නිසයි ඔය ගුරුවරු සෑම විටම නිති සූදානමින් සිටිය යුත්තේ, එවිට පැමිණෙන සියලු දෙනාටම අනිවාර්යෙන් යමක් රැගෙන යා හැක. ඔබගේ මුහුණින් සහ ක්‍රියාකාරකම් වලින් ඔවුන් එක් හෝ තව දෙයක් රැගෙන යා යුතුයි. ඔබලා දානපතිගේ දරුවන් නොවේද? ඔය ගුරුවරු දැකීමෙන් බාප්දාදා බොහෝ සතුටු වනවා. ඔහුගේ හදවතින්, ඔහු ඔබගේ ප්‍රශංසා ගායනා කරයි: අපූරුයි ගුරුවරු! අපූරුයි! සෑම ගුරුවරයෙක්ම අනිවාර්යෙන් සේවය කරන අතර ඔබ සෑම දිනකම සිදු කරන්නේ කුමන සේවයක්ද කියා රාත්‍රියේ ඔබගේ වාර්ථාව ඔබ පරික්ෂා කරනවා ඇති. ඔබ තමන්ගේ වාර්ථාව දෙස බලයි: මට තිබුණු සේවයේ අරමුණ, මා ඉටු කළාද? එක හෝ වෙනත් හේතුවකට එය නොකළේ නම්, ඊළඟ දිනයේ දෙගුණයක සේවය කරන්න. එය නිකම්ම අත්නොහරින්න, මන්ද, ගුරුවරයෙක් යනු උපකරණ දානපතියෙකි, දානපතිගේ දරුවෙක්. එබැවින් බාප්දාදාට සතුටුයි - ඔබ කුඩා මධ්‍යස්ථානයකින් වුනත්, විශාල මධ්‍යස්ථානයකින් වුනත් කම් නැත - මන්ද, සෑම දෙයක්ම අතහැර දමා සේවා ස්ථානයකට පැමිණීමත් එඩිතරකමක් නේද? ඔබගේ එඩිතරකම ගැන බාප්දාදා සතුටු වනවා. දැන් වැඩියෙන් සහකරුවන් සාදා ගන්න. තව ගුරුවරු මතු කරවන්න, මන්ද සේවය වැඩි වීමටයි යන්නේ. දැන් සුළු කැලඹිමක් පැමිණෙන තුරු ඉන්න, එවිට සියලු දෙනාම යම් ආශාවකින් ඔබ වෙත පැමිණෙයි. සේවය වැඩි වීමට යනවා: එය අඩු වන්නේ නැහැ.

වරදානය:
ඔබගේ ස්ව-අභිමන් ආසනයේ ස්ථාවරව රැඳී සිටීමෙන්, ඔබට ශ්‍රේෂ්ඨ ස්ව-අභිමානයක් තිබී, මායාට යටත් වීමට සලස්වන්න.

සංගම යුගයේ වඩාත්ම ශ්‍රේෂ්ඨ ස්ව-අභිමානය වන්නේ මාස්ටර් සර්ව බලධාරියෙක් වීමේ අවධානය තුළ රැඳී සිටීමයි. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෝ රජෙක්, ඔහුගේ ස්ව-අභිමන් ආසනයේ අසුන්ගෙන සිටින විට, අන් අයත් ඔහුට ගෞරවය දක්වයි. ඔහුගේ අසුනේ ඔහු නොසිටින්නේ නම්, කිසිවෙක් එවිට ඔහුගේ නියෝග පිළිපදින්නේ නැත. ඒ ආකාරයෙන්ම, ඔබත් ස්ව-අභිමානය ඇති අයෙක් වී, ඔබගේ ස්ව-අභිමන් අසුනේ අසුන්ගෙන සිටින විට, මායා ඔබට යටත් වෙයි.

පාඨය:
නොබැඳි නරඹන්නෙකුගේ ස්ථිතියේ ස්ථාවරව රැඳී සිට, හදවත සනසන්නාගේ ඇසුර අත්විඳින අය, සෙනෙහසේ ගැලී සිටින ජීවාත්මයි.

අව්‍යක්ත සංඥාව: අන් අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.

දැනුමැති ජීවාත්මයකගේ යුතුකම වන්නේ ඔබට අපහාස කරන අයව ඉහළ නැංවීමයි. පියා අපහාසය දුටුවේද යහපත සලසන ද්‍රිෂ්ඨියකින්ය. දයානුකම්පාව ඇති අය කෙරෙහි ලෝකයේ මිනිසුන්ටත් දයානුකම්පාවක් තිබේ, බැතිමත් ජීවාත්මයන්ටද එය තිබේ. කෙසේවෙතත්, දැනුමැති ජීවාත්මයක් වීම යනු, සියලු දෙනාටම යහපත් හැඟීම් තිබීම සහ පාඩුවක් සිදු කිරීමේ කුඩාම සිතිවිල්ලක් වත් නොතිබීමයි. ඔබට අපහාස කරන අය කෙරෙහි ඔබට දයාවේ හැඟීම් සහ ඉහළ නැංවීමේ හැඟීම් ඇති විට පමණයි, ඔබ ලොවට සෙත සලසන්නෙක් ලෙස හඳුන්වන්නේ.