11.11.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ලෝකයේ කිසිම කෙනෙක්ට බය නැති වෙන්න පුළුවන්, නමුත් මෙම පියාට ඔබ අනිවාර්යෙන්ම බය විය යුතුයි. පියාට බය වෙනවා යනු පාපකාරි ක්‍රියාවන් කිරීමට බිය වීමයි.

ප්‍රශ්නය:
ඔබේ වාර්ථාව පරික්ෂා කිරිමට බාබා දරුවන් වන ඔබ සියලු දෙනාටම ශ්‍රීමත් දෙන්නේ ඇයි?

පිළිතුර:
මන්ද, දෙවියන්ගේ නීති ඉතාමත් තදයි. බ්‍රහමින් කෙනෙක් වීමෙන් පසුව ඔබ දිගින් දිගටම සුළු හෝ වැරැද්දක් කරනවා නම් දඬුවම් ඉතාමත් දරුණු වේවි. එමනිසා, බාබා කියනවා: තමන්ව පරික්ෂා කර බලන්න. කුමක් හෝ පැරණි කර්ම ගිණුමක් ඉතිරිව තිබුණහොත්, දඬුවම් විඳිමට සිදුවන අතර ඔබට ප්‍රතිලාභ වශයෙන් ලැබෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. ගිණුම් පියැවීමේ කාලය දැන් ඉතාමත් සමීපයි. එමනිසා, යෝගා බලයෙන් සියලුම කර්ම ගිණුම් පියවා දමන්න.

ඕම් ශාන්ති.
දරුවන් වන ඔබ පියා පිළිබඳ ස්මරණයෙහි යෙදි සිටිනවා. ඔබට මෙය කරන්න කියා නැවත නැවතත් කීමට අවශ්‍ය නැහැ. පියාගේ උපදේශය වන්නේ ඇවිදින විට, ඉඳගෙන සිටින විට සහ එහෙ මෙහෙ ගමන් කරන විට පියා පිළිබඳ ස්මරණයෙහි සිටින්න යන්නයි. ඉන් පසු ඔබ ඔබව අපිරිසිඳු තාවයට පත්කළ රාවණ්ව පරාජය කරනු ඇත. ඔබට ආයුධ ආදී කිසිවක් දෙන්නේ නැහැ. යෝගා බලයෙන් පමණක් ඔබ රාවණ්ව පරාජය කරනවා. ඔබ අනිවාර්යෙන්ම ජය ලැබිය යුතුයි. එම ජයග්‍රහණය ඔබට ලැබෙන්නේ රාවණ් රාජ්‍යය අවසන් වී රාම රාජ්‍යය ස්ථාපිත වීමෙන් පසුව පමණි. පියා ඔබට පාපකාරි දේවල් කිසි විටෙකත් උගන්වන්නේ නැත. දේවතාවන්ගේ උත්තරිතර දේශය පාපයෙන් තොරයි. එහි රාගය නැමැති කඩුව නම් වූ පාපය නොමැති බව ලෝකයා නොදනි. මීට පෙර චක්‍රයේද පාපයෙන් තොර වූ අය ඔබ කියන දෙය පිළිගනි. ඔබ දැන් ඉන්නේ යුධ පිටියකයි. ශිව ශක්ති හමුදාව කියා එකක් සිහිපත් කෙරෙනවා. ඔබලා අදෘෂ්‍යමාන රණශූරයින්ය, එමෙන්ම ඔබ සියලු දෙනාම හැමදේම කරන්නේ ඔබලා වෙනුවෙන්මයි. මායා ජයග්‍රණය කරන්නන් සහ ලෝකය ජයග්‍රහණය කරන්නන් බවට පත්වන්න! ඔබ හැමදේම කරන්නේ ඔබලා වෙනුවෙන්මයි, එනම්, ඔබ එය කරන්නේ ඔබේ භාරත දේශය වෙනුවෙනුයි. මේ සම්බන්ධව දැඩි උත්සාහයක් දරණ අය ජයග්‍රහණය ලබනවා. පාපයන් පහෙන් ජය ලබන අය ලෝකය ජයගත්තන් බවට පත්වෙනවා. ඔබට වෙනත් කිසිම දෙයක් ජය ගැනිමට නැහැ. ඔබට ජය ගැනිමට ඇත්තේ රාවණ් රාජ්‍යයයි, එනම්, ඔබ දිව්‍යමය ගුණධර්ම උකහා ගත යුතුයි. දිව්‍යමය ගුණධර්ම උකහා ගන්නා තෙක් ඔබට ස්වර්ණම යුගයට යාමට බැහැ. ඉතින් තමන්ගෙන්ම අහන්න තමන් කොතරම් ප්‍රමාණයකට දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කරගෙන සිටිනවාද කියා. දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කරගන්නවා යනු, රාවණ් පරාජය කිරිමයි. රාම රාජ්‍යයක් තිබූ බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් රාජ්‍ය පාලනය කරන එක් රාමා කෙනෙක් පමණක් සිටිය නොහැකියි. එහි යටත් වැසියන්ද සිටිය යුතුයි. මෙහි රජ, රැජිණ සහ යටත් වැසියන් සියලුම දෙනාම රාවණ් ජය ගත් අයයි. ඔවුන් දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කර ගන්නවා. ඔබ තුළ දිව්‍යමය ගුණධර්ම තිබෙන විට, ඔබේ ආහාර පාන, කතාබහ ආදී සියලු දේම පවිත්‍රයි. හැමදේ ගැනම සත්‍ය කතා කරන්න. සත්‍යය වන්නේ පරම පියාය. ඉතින් එවන් වූ පියෙක්ට, ඔබ අවංක හා සත්‍යවාදි විය යුතුයි. ඔබ සත්‍ය කතා කරන්නේ නැත්නම්, ඔබේ තත්ත්වය ඉතාමත් නරක අතට හැරෙනවා. ඔබ දිව්‍යමය තත්ත්වයක් වෙත ළඟා විය යුතුයි. සාමාන්‍ය පුරුෂ බවින් නාරායන බවටත්, සාමාන්‍ය කාන්තාවක බවින් ලක්ෂ්මි බවටත් පත් විය යුතුයි. මෙවන් කියමනක් තිබෙනවා ’ඔබේ ක්‍රම සහ විධි දන්නේ ඔබම පමණකි‘. පියා දෙන උපදෙස් අනුගමනය කිරිමෙන් ඔබ එවන් වූ උසස් තත්ත්වයක් ලබා ගන්නවා. උසස් තත්ත්වයක් දිනා ගැනිම සඳහා උසස්ම පියා ඔබට හැකියාව ලබා දෙනවා. එමනිසා, දැන් ශ්‍රීමත් අනුගමනය කර දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගන්න. යෝගා බලයෙන් තොරව උපත් ගණනාවක පාපයන් කපා දැමිය නොහැක. මේ සඳහා ඉතා හොඳ ස්මරණ වන්දනාවක් අවශ්‍ය වෙනවා. අම්රිත් වේලාවේදි ඔබට ඉතා හොඳ ස්මරණයක් තබා ගත හැකියි. දවස පුරා ඔබ කොතරම් ඉඳගෙන සිටියත්, අම්රිත් වේලාව තරම් වටිනා තවත් කාලයක් නැහැ. අපේ සෑම දෙයක්ම අදෘෂ්‍යමානයි. ඉංග්‍රීසියෙන් මෙසේ කියමනක් තිබෙනවා We are at war! අප ඉන්නේ යුද්ධයකයි යන්න, එහි අර්ථයයි. අපේ යුද්ධය පවතින්නේ රාවණ් සමඟයි. නොම්මර එකේ සතුරා ඔහුයි. ශ්‍රීමත් අනුගමනය කිරිමෙන් රාම සමාජය, රාවණ සමාජය පරදවනවා. පියා සර්ව බලධාරියායි. මේ කාලයේදි දුප්පත් ලෝකයම සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයකයි. තමන් පැරදෙමින් සිටින බව ඔවුන් දන්නේ නැහැ. මායා මඟින් ඔවුන්ව පරාජයට පත්වෙනවා. මායා කියන්නේ කවුද කියාවත් කිසිවෙකු දන්නේ නැහැ. මුළු ලංකාව පුරාම රාවණ් රාජ්‍යය පැතිරිලා. භක්ති මාර්ගයෙහි ආගමික ග්‍රන්ථයන්හි ඔවුන් බොරු කතා විශාල ප්‍රමාණයක් ලියා තිබෙනවා. උපතින් උපත ඔබ ඒවා හදාරණවා. දැන් පවා ඔවුන් කියන්නේ ඔබ අනිවාර්යෙන්ම ආගමික ග්‍රන්ථ හැදෑරිය යුතු බවයි. ඒවා ඉගෙන නොගන්නා අය ඔවුන් හඳුන්වන්නේ අදේවවාදින් ලෙසයි. පියා කියනවා ආගමික ග්‍රන්ථ හැදෑරිමෙන් ඔබ සියලු දෙනාම අදේවවාදීන් වෙලා. දරුවන් වන ඔබ මේවා ඉතා හොඳින් පැහැදිලි කළ යුතුයි භාරතය සතෝප්‍රධාන් වන විට, එය හඳුන්වන්නේ දිව්‍ය ලෝකය ලෙසයි. උපත් 84ක් ගැනීමෙන් භාරතයේ සිටි ඒ මිනිසුන් අපිරිසිඳු සහ තමෝප්‍රධාන් වෙලා. ඉතින් දැන් ඔවුන් පාරිශුද්ධත්වයට පත්වෙන්නේ කොහොමද? පියා කියනවා මා සිහි කරන්න. එවිට, ඔබ සතෝප්‍රධාන් සහ පාරිශුද්ධත්වයට පත් වනු ඇත. කිසිම ශාරිරික පුද්ගලයෙක් සිහිනොකරන්න. කිසිම කෙනෙක්ව ඔබේ ගුරූ කර නොගන්න. මෙසේ කියමනක් තිබෙනවා ගුරූ කෙනෙක් නැති විට එතැන පවතින්නේ ඝණ අන්ධකාරයකි. ගුරූන් විශාල සංඛ්‍යාවක් සිටිනවා! කෙසේවෙතත්, ඒ සියලු දෙනාම ඔබ යොමු කරන්නේ අඳුර වෙතටයි. පියා කියනවා ඥානය නැමැති සුර්යයා මුදුන් වන විට, ඝණ අන්ධකාරය නැත්තටම නැතිව යනවා. සන්යාසීන් පාරිශුද්ධත්වයට පත් වුවද, ඔවුන් තවමත් පාපය තුළින් නැවත උපත් ලබනවා. දේවතාවන් පාපය තුළින් උපදින්නේ නැහැ. මෙහි, හැම කෙනාගේම ශරිරය අපිරිසිඳු, කිලිටි ඇඳුම් වගේයි. පියා, අපවිත්‍ර හා කිලිටි ඇඳුම් සෝදනවා. ඔබ ජීවය පාරිශුද්ධත්වයට පත් කර ගැනිම සඳහා උත්සාහ දැරිය යුතුයි, එවිට ඔබට පිරිසිඳු ශරිරද ලැබෙනවා. ඔබ කිසිම නරක ක්‍රියාවක් නොකරන බව පරික්ෂා කර බලන්න. දේව නීති ඉතා තදයි. කවුරුහරි කෙනෙක් වැරදි දෙයක් කළොත්, ඊට ලැබෙන දඬුවම ඉතා දරුණුයි. ඒ ගිණුම් පියවීමේ කාලයයි. යෝගා බලයෙන් සියලු කර්ම ගිණුම් පියවිය යුතුයි. ඒවා පියවූවේ නැතිනම් දඬුවම් විඳිය යුතු වෙනවා. ඉන්පසු කියනවා සුළු ප්‍රතිලාභයකුත් සමඟ දඬුවම් ලැබෙනවා. හැම දෙනාම සුළු ප්‍රතිලාභ ලබනවා. හැම දෙනාටම මුක්තිය හා ජීවන මුක්තිය යන ප්‍රතිලාභ ලැබෙනවා. සමහරු ගෞරවයෙන් සමත් වන අතර, සමහරු දඬුවම් විඳ, ඉන්පසු කිසිම ගෞරවකින් තොරව, සුළු ප්‍රතිලාභයක් ලබනවා. ඔවුන්ට සිහසුනෙහි හිඳ ගත නොහැකියි. ඔබ වැරදි ක්‍රියාවක් කළොත් අගෞරවයට පාත්‍ර වනවා. එසේම එය පියා ඉදිරියට දර්ශනය වෙනවා! ශිව බාබා මෙහි හිඳගෙන සිටිනවා. ඔබට දර්ශන ලබා දෙනවා මා මොහු තුළ සිටි අතර, ඔබට බොහෝ දේ පැහැදිලි කර දුන්නා. දැන් මා ඉන්නේ පරිපූර්ණ බ්‍රහ්මා තුළයි. දරුවන් වන ඔබ පර්පූර්ණ බාබා වෙත යනවා. ශිව බාබා ඔබට ඔහු ලවා උපදෙස් දෙනවා. බාබා මොහු තුළ සිටින්නේ කෙසේද කියා ඔහු ඔබට දර්ශන ලබා දෙනවා, එමෙන්ම ඔබට උගන්වා පැහැදිලි කර දෙනවා දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කරගෙන සේවය කරන්න. කිසිම කෙනෙක්ව අගෞරවයට පාත්‍ර කරන්න එපා. තවමත් ඔබ එයම කරනවා, එමනිසා, ඊට දඬුවම එයයි. ඔබ කරන ලද පාපයන්ට දඬුවම් ලැබිය යුතුයි. සමහරු බොහෝ සෙයින් දඬුවම් විඳින අතර, අනෙක් අය එතරම් දඬුවම් නොලබයි. එයත් අනුපිළිවෙලටයි. හැකි උපරිම අයුරින් යෝගා බලයෙන් ඔබේ පාපයන් දිගින් දිගටම කපා හරින්න. දරුවන් වන ඔබට තිබිය යුතු විශේෂම සැලකිල්ල වන්නේ සම්පූර්ණ පිරිසිඳු රත්තරන් බවට පත්වන්නේ කෙසේද යන්නයි. ඇවිදින විට, එහෙ මෙහෙ ගමන් ගන්නා විට තමන් ස්මරණයෙහි යෙදි සිටින කාලය අනුව උසස් තත්ත්වයක් ලැබෙනවා යන්න ඔබේ බුද්ධියෙහි තිබිය යුතුයි. මායාගේ කුණාටු පිළිබඳව බියට පත් විය යුතු නැත. තමන්ට කාලය ඇති ඕනෑම විටෙක පියාව සිහිකරන්න. මා තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත්විය යුතුයි. පියා සිහි කරනවා නම් ඔබේ පාප කැපි යනු ඇත. ඔබ කිසිම පාපයක් නොකළ යුතුයි. එසේ නොවුනහොත්, ඒවා සිය ගුණයකින් එකතු වේවි. ඔබ සමාවක් ඉල්ලා නොසිටියහොත්, ඒවා තව තවත් වැඩි වී අවසානයේ සියල්ල විනාශ වී යාවි. මායා ඔබ ලවා එක් පාපයකට පසුව, තවත් පාපයක් කරවනු ඇත. ඉන්පසු එවිට අසීමිත පියාට අගෞරවයක් සිදු වෙනවා. බොහෝ දෙනා මේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බාබා නිතරම පැහැදිලි කරනවා නිතරම සිතන්න, ශිව බාබා මුරලි කියවන බවත්, උපදේශයන් දෙන්නේ ශිව බාබා බවත් ඉතින්, ඔබ ඔහුව සිහිකරන අතර ඔහුට බයක්ද තිබිය යුතු බව. බොහෝ දෙනා දිගින් දිගට පාපයන් කරනවා. ඔබ බාබාට පැහැදිලිවම කිව යුතුයි බාබා, මම මේ වැරැද්ද කළා. බාබා පැහැදිලි කරනවා ඔබේ හිස මත විශාල පාප බරක් තිබෙනවා. තමන් කළ හැම දෙයක් ගැනම බාබාට කියන්න. බාබාට සත්‍ය හෙළි කිරීමෙන් පව්වලින් බාගයක් අහෝසි වී යනවා. නොම්මර එකේ චරිතවත් ජීවය ඉන්පසු නොම්මර එකේ පාපකාරී ජීවය බවට පත්වන බව බාබා පැහැදිලි කර දී තිබෙනවා. බාබා කියනවා මෙය ඔබේ උපත් ගණනාවකින් අවසානම උපතයි. ඔබ චරිතවත් ජීව ලෙස සිටියා. දැන් ඔබ පාපකාරී ජීව බවට පත්ව සිටින අතර නැවත වතාවක් චරිතවත් ජීව බවට පත්විය යුතුයි. ඔබ තමන්ට යහපතක් කර ගත යුතුයි. මෙහි කාටවත් හිස නමන්න අවශ්‍ය නැහැ. පියාව සිහිකරන්න, එපමණයි. මොහු වයස වුවත් ඔහු තවමත් ’නමස්තේ‘ කියා කියනවා. නිවසේ සිටින විට දරුවන් නැවත නැවතත් ’නමස්තේ‘ කියන්නේ නැහැ. එක්කෙනෙක් ’නමස්තේ‘ කියූ විට අනෙක් කෙනා ක්ෂණිකව ඊට පිළිතුරු දෙනවා. බාබා කියනවා මා ජ්‍යෙෂ්ඨ කෙනෙක් යන අවධානයේ සිට ඔබ මට ’නමස්තේ‘ කියනවා. එවිට ඔබ ලෝක හිමිකරුවන් යැයි අවධාරණය කරගෙන මා ඔබට ’නමස්තේ‘ කියනවා. මෙය ඉතාමත් අර්ථවත්. මිනිස්සු ’රාමා රාමා!‘ යැයි කියනවා. නමුත් ඔවුන් එහි අර්ථය අවබෝධ කරගෙන නැහැ. ඒත් රාමා කියන්නේ ශිව බාබායි. රාමා, උසස්ම වංශය වන රඝු වංශයෙන් පැවත එන්නෙක් නොවෙයි, නමුත් අශාරීරික රාමායි, ඔහුගේ නම ශිව බාබායි. ශිවා ඉදිරිපිට කිසිම කෙනෙක් තමා, රාමා වන්දනා කරන බව කියන්නේ නැහැ. පියා දැන් කියනවා ඔහුත් මනුෂ්‍යයෙක් බව දේවාල වලට ගොස් පැහැදිලි කරන්න. ඔවුන් ඉදිරියට ගොස් ඔවුන්ගේ ගුණ ගායනා කරන්න ඔබලා පාපයෙන් තොරයි සහ ගුණධර්ම වලින් අනූනයි. එහෙත් මම පිරිහුණු පාපකාරයෙක්. මෙය මනුෂ්‍ය ශරීරයක් (දැන් ශරීරය), එමෙන්ම එයත් මනුෂ්‍ය ශරීරයක් (දේවතා ශරීරය), නමුත් එම ශරීරයට දිව්‍යමය ගුණධර්ම තිබෙනවා, ඉතින් එමනිසා, ඔවුන් දේවතාවන්ය. ඔබට යක්ෂ ගති තිබෙන අතර, එබැවින් ඔබ වඳුරන් වාගේ යැයි ඔබම කියනවා. දෙගොල්ලන්ගේම ලක්ෂණ සමාන වුවත් චරිතය විවිධයි. භාරත ජනයා, ඔටුනු පළන් අයව සිටියා. දැන් ඔවුන්ට ඔටුනු නැහැ, භාරතයේ මිනිසුන් දැන් දිළිඳුයි. පියා භාරතයට එනවා. දිව්‍ය ලෝකය නිර්මාණය විය යුතු එම ස්ථානයට පරම පියා එනවා. මෙසේ කියනවා ’කලන්ගි අවතාරය‘, බොහෝසෙයින් දෝෂාරෝපණයට ලක්ව තිබෙන අවතාරය. අනෙක් ආගම්වල අය යමක් කියනවානම්, ඔවුන් අනුගමනය කරන්නේ භාරතයේ මිනිසුන්ව පමණයි. ඔවුන්ගේ බුද්ධීන් ගල් බුද්ධීන් වන නිසා, ඔහු ගල් බොරළු කැටවල සිටිනවා යැයි ද ඔවුන් කියනවා. ඔවුන් පියා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. පියා මොහුට ඇතුළු වී භාරතය කිරුළු පළන් (උසස්ම) බවට පත්කරවන බව ඔවුන් දන්නේ නැහැ. ඔහු භාරතයට විශාල සේවයක් කරනවා! පියා කියනවා ඔබ මාව අපහාසයට ලක් කරනවා. නමුත් මම ඔබව ලෝකයේ පාලකයින් බවට පත්කරවනවා. ඔබ නොසෑහෙන සේ මා අපහාසයට ලක්කර තිබෙනවා. රාවණ් ඔබගේ නිරවුල් බුද්ධිය සම්පූර්ණයෙන් විනාශ කර දමලා. ඔබ දැන් පත්වී සිටින්නේ ඉතාමත් නරක තත්ත්වයකටයි, අන්න ඒ නිසා තමයි ඔබ පාරිශුද්ධකරු හට කතා කරන්නේ. ඔබට ලබා දී ඇති පැහැදිලි කිරීම ඉතාමත් පහසු එකක් වන නමුත්, දරුවන් වන ඔබ බොහෝ දෙනෙක් මෙය අමතක කරනවා. යෝගාව නොමැති නම් ඔබට මේ කිසිම දෙයක් වටහා ගන්න බැහැ. අන්න ඒනිසා තමයි බාබා කියන්නේ බැඳීම්වල ඉන්නා අය තමයි වැඩියෙන්ම බාබා සිහි කරන්නේ. ශිව බාබාව සිහිකිරීමේදී ඔවුන්ට නොයෙක් දේ ඉවසන්න සිදු වනවා. දේවතාවන් බවට පත්වීමට සිටිනා භාරතයේ මිනිස්සු පමණයි මෙහි පැමිණෙන්නේ. ආර්ය සමාජීන් දේවතා පිළිම ගැන මඳක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඉතාමත් අපහසුවෙන් උපත් දෙකක් තුනක් ගන්නා අයගේ අතු රිකිලි, ගසෙහි මුදුනින්ම දකින්න ලැබෙනවා. පාපයෙන් තොරව ලෝකය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන එක ගැන මිනිස්සු ඉතාමත් පුදුමයට පත්වනවා. අහා! නමුත් දේවතාවන්ව හඳුන්වන්නේ පාපයෙන් තොර අය ලෙසිනුයි. එහි පාපය නොමැති බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. මීට පෙර කල්පයේ සිටි අය මෙය ඉතාමත් ඉක්මණින් තේරුම් ගනීවි. දෙවියන් මෙසේ කියා තිබෙනා බව සිහි කෙරෙනවා ලොකුම සතුරා රාගයයි. නමුත්, පරමාත්ම දෙවියන් මෙහෙම කිව්වේ කවදාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. දරුවන් වන ඔබ දැන් ලෝකය ජය ගත්තන් බවට පත්වනවා. නමුත් උසස් තත්ත්වයක් ලබා ගන්න නම් උත්සාහයක් දැරිය යුතු වනවා. පියා කියනවා නිවසෙහි වාසය කරන අතරම, ඔබේ බුද්ධියේ යෝගාව මා සමඟ සම්බන්ධ කරගන්න. දැන් ඔබ පියාට අයිතියි, එහෙමනම් සෙනෙහස තිබිය යුත්තේ පියා වෙතයි. අන් අයට නමට පමණක් ආදරය කරන්න. දිළිඳු අයව දිව්‍ය ලෝක අධිරාජ්‍යයේ වැසියන් කරවන්නේ කෙසේද සහ ඔවුන්ට නියම වන්දනාවේ යාමට මාර්ගය පෙන්වන්නේ කෙසේද යන්න ගැන සොයා බැලීමට ඔබේ බුද්ධිය මෙහෙයවන්න. උපතින් උපත ඔබ යන්නේ භෞතික වන්දනාවකයි. මෙය තමයි එකම ස්මරණ වන්දනාව. අපේ උපත් 84 දැන් අවසානය කරා එළැඹෙන අතර නැවතත් ස්වර්ණමය යුගයේ ඉතිහාසය ක්‍රියාත්මක විය යුතුයි. අපිරිසිඳු අයට ආපසු නිවස කරා යා නොහැකියි. ඔබව පාරිශුද්ධත්වයට පත්කිරීමට, පාරිශුද්ධත්වයට පත්කරන පියා අවශ්‍යයි. සන්යාසීන් පාරිශුද්ධ වුවද, ඔවුන්ට ආපසු නිවහනට යා නොහැකියි. ආපසු නිවහන කරා හැමදෙනාවම ගෙන යන්නේ පරම පියා පමණයි. පියා පැමිණ ඔබ සියලු දෙනාවම රාවණ්ගෙන් ගලවාගෙන නිදහස් කරවනවා. ස්වර්ණමය යුගයේ දුක ඇති කරන කිසිම දෙයක් නැහැ. ඊට ගැලපෙනම නම සතුටේ දේශය යන්නයි. මෙය දුක් දේශයයි. එය කිරි සයුරයි, එහෙත් මෙය විෂ සාගරයයි. ඔවුන් දිව්‍ය ලෝකයේ බොහෝ සතුටින් සහ සැපෙන් සිටින්නේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. ඔබ කිරි සයුරින් පිටතට පැමිණ, විෂ සාගරයට යන්නේ කෙසේද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පියා පැහැදිලි කරනවා ශ්‍රීමත් අනුගමනය කරන්න, එවිට මම ඒ වගකීම භාරගන්නම්. ශ්‍රීමත්වල කියනවා ඔබ ගිහින් ඔබේ දරුවන් බලා හදා ගන්න. නොනවත්වාම මේ ඥානය ඔවුන්ට කතා කරන්න, ඉන් ඔවුන් තරමක් හෝ ප්‍රයෝජන ගෙන දිව්‍ය ලෝකයට යයි. පියා පැමිණ ඔබව අපායේ වැසියන් බවින්, උපත් 21ක් සඳහා දිව්‍ය ලෝක වැසියන් බවට වෙනස් කරනවා. මෙය තිබෙන්නේ ඔබේ බුද්ධියේ පමණයි. මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ. මොහු පවා මීට පෙර කිසිම දෙයක් දන්නේ නැහැ. මොහුට උපත් 84ක කතාවක් තිබෙන්නා සේ ඔබටත් එය අදාල වෙනවා. ඔහුත් රාජයෝගා හදාරණවා. ඔබ රාජරිශීන්, අනෙක් මිනිස්සු හතායෝගා රිශීන්. නිවසෙහි වාසය කරමින් ඔබ රාජ්‍යයක් දිනා ගන්නවා. ඔබ සියලුදෙනා සරණ පතා මෙහි පැමිණියා. ඒ මිනිස්සු විශ්වාස කරන්නේ තමන් දිව්‍ය ලෝකයේ සිටිනවාය කියායි. ලොවෙහි තිබෙන්නේ මායාගේ පම්පෝරියයි. අපාය විනාශ නොවී, දිව්‍ය ලෝකයක් පවතින්නේ කෙසේද? මෙය දිව්‍ය ලෝකය යැයි සිතාගෙන මිනිස්සු මායාට යටවෙනවා. නවලෝකය ස්ථාපිත කිරීමට බාබාට විශාල උත්සාහයක් දරන්න සිදු වෙනවා. සියලුම දෙනා මුළුමණින්ම අපායේ වැසියන්. ඔවුන් කොහෙත්ම දිව්‍යලෝකයේ වැසියන් වන්නේ නැහැ! පියා දැඩි සෙනෙහසකින් ඔබට පැහැදිලි කර දෙනවා. අච්චා.

සුමිහිරිතම දරුවනේ, රාවණ ජය ගැනීමෙන් ඔබ ලොව ජයගත්තන් වෙයි. ඒ සඳහා සම්පූර්ණ උත්සාහය දැරීම අවශ්‍යයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබව අගෞරවයට පාත්‍ර වන සහ දඬුවම් ලැබෙන ආකාරයේ කිසිම ක්‍රියාවක් නොකරන්න. මායාගේ කුණාටු ගැන සිත යොමු කරන්න එපා, නමුත් ඔබට වේලාව ඇති සෑම මොහොතකම පියාව සිහිකරන්න. එකම පියා වෙත නියම සෙනෙහස දක්වන්න.

2. දිව්‍යමය තත්ත්වයකට ළඟාවීම උදෙසා, සත්‍ය පියාට අවංක සහ සත්‍යවාදී වන්න. කිසිම දෙයක් සඟවන්න එපා.

වරදානය:
ඔබගේ සියලු වගකීම් වල බර පරමාත්ම පියා වෙත භාර දී, සැහැල්ලු යෝගීවරයෙකු ලෙස නිරන්තරයෙන් ඉදිරියට යන්න.

පරමාත්ම පියාගේ කාර්යය ඉටු කිරීමේ අදහස ඇති දරුවන්ට, පරම පියාගෙන් ඒ තරමටම සහයෝගය ලැබේ. අනවශ්‍ය දේ වල බර පරම පියා වෙත භාර දෙන්න. පරම පියාට අයත් වීමෙන් සහ වගකීම් වල බර ඔහු වෙත පැවරීමෙන්, ඔබට වඩාත් සාර්ථක විය හැකි අතර පහසුවෙන් ඉදිරියට යා හැකිය. "ඇයි?" සහ "මොකක්ද?" වැනි ප්‍රශ්න වලින් නිදහස්ව සිටින්න; විශේෂයෙන්ම, 'නැවතීමේ තිතක' ස්ථිතියේ රැඳී සිටින්න. එවිට ඔබ සැහැල්ලු යෝගීවරයෙකු වන අතර, අතීන්ද්‍රිය සුඛය අත්විඳීමට ඔබට හැකි වනු ඇත.

පාඨය:
ඔබේ හදවතේ සහ හිසෙහි අවංකභාවය තිබේ නම්, ඔබ පරම පියාට සහ පවුලට සුදුසුකම් ලත්, විශ්වාසවන්තයකු වනු ඇත.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

ඔබ ඔබේ පරිසමාප්ත ස්ථිතියට ළං වන තරමට, අන් අයගේ සිතිවිලි කියවීමට ඔබට වඩාත් හැකියාව ලැබෙනු ඇත. මේ සඳහා, ඔබේම සිතිවිලි මත 'සම්පූර්ණ තිරිංගයක්' යෙදීම අවශ්‍ය වේ. තම සිතිවිලි පාලනය කර එක්රැස් කර ගැනීමට හැකි අයට, අන් අයගේ සිතිවිලි තේරුම් ගැනීමට හැකියාව ලැබේ. එබැවින්, ඔබේම සිතිවිලි වල ගමන් මල්ල අසුරා තබා ගන්න.