12.04.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ මෙම බ්‍රාහ්මණ වංශය අසහාය වූවකි. දැනුමින් පිරි අය වන්නේ ඔය බ්‍රාහමිණ්වරුන් පමණයි. ඔබ දැන් ග්‍යාන් (ඥානය), විග්‍යාන් (යෝගාව - දැනුම ඉක්මවූ, නිහැඬියාව) සහ අග්‍යාන් (මෝහය) ගැන දන්නවා.

ප්‍රශ්නය:
අන් සියලුම දේ වලින් ඔබගේ හදවත ඉවතට හරවා ගැනීමට නම් ඔය දරුවන් විසින් දැරිය යුතු පහසු උත්සාහය කුමක්ද?

පිළිතුර:
අධ්‍යාත්මික ව්‍යාපාරයේ තමන්ව නිරත කරවාලන්න. වැඩි වැඩියෙන් අධ්‍යාත්මික සේවය කළ තරමට ඔබගේ හදවත අන් සියලුම දේ වලින් නිරායාසයෙන්ම ඉවත් වී අධිරාජ්‍ය දිනා ගැනීමේ උත්සාහයේ ඔබ යුහුසුළුව නිරත වනු ඇත. කෙසේවෙතත්, මෙම අධ්‍යාත්මික සේවය කරනා අතර තමන් විසින් නිර්මාණය කළ නිර්මාණයද ඔබ රැක බලාගත යුතුයි.

ගීතය:
ඥාන වැසි වසින්නේ ආදරවන්තයා සමග සිටින්නන්ටයි.

ඕම් ශාන්ති.
ආදරවන්තයා කියා හඳුන්වන්නේ පරමාත්ම පියාවයි. ඔය දරුවන් දැන් අසුන් ගෙන සිටින්නේ පරමාත්ම පියා ඉදිරියේයි. තමන් අසුන්ගෙන සිටින්නේ සන්යාසීවරයෙක් හෝ ශාන්තුවරයෙක් ඉදිරියේ නොවන බව ඔය දරුවන් දන්නවා. ඒ පරමාත්ම පියා ඥාන සාගරයයි. ගැලවීමක් ලැබෙන්නේ ඥානයෙනි. මිනිස්සු ග්‍යාන්, විග්‍යාන් හා අග්‍යාන් ගැන කතා කරනවා. විග්‍යාන් යනු ජීවාත්ම අවධානයට පත් වී ස්මරණ වන්දනාවේ නිරත වීමයි. ලෝක චක්‍රය භ්‍රමණය වන ආකාරය පිළිබඳ දැනුම ග්‍යාන් වේ. ග්‍යාන්, විග්‍යාන් හෝ අග්‍යාන් යන්නෙහි සැබෑ අර්ථය මිනිස්සු දන්නේ නැහැ. ඔබලා දැන් සංගම යුගයට අයත් බ්‍රහමීණ්වරුන් වේ. ඔබගේ මෙම බ්‍රහ්මණ වංශය ඉතාමත් අසහාය වූවක් වේ. කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. සංගම යුගයේ බ්‍රහමිණ්වරුන් සිටි බව ග්‍රන්ථ වල සඳහන් වී නැහැ. අතීතයේ ප්‍රජාපිතා බ්‍රහ්මා සිටි බව ඔවුන් දන්නා නිසා ආදි දේව් යන නමින් ඔහුව හැඳින්වූවා. එසේනම් ආදි දේවි කවුද? ලෝකයේ කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. ඇය අනිවාර්යෙන්ම බ්‍රහ්මාගේ කටින් උපන් කෙනෙක් විය හැකියි. ජගදම්බා බ්‍රහ්මාගේ බිරිඳ නොවෙයි; ඇය අයිති කරගත් කෙනෙක්. ඔය දරුවනුත් එසේ අයිතිකරගත් අයයි. බ්‍රහමිණ්වරුන් දේවතාවරුන් වෙන්න බැහැ. මෙහි බ්‍රහ්මාට දේවාලයක් සාදා තිබෙනවා. ඔහුත් මානව ජීවයක්. සරස්වතී සිටින්නේ බ්‍රහ්මා සමගයි. ඒ වගේම දේවතාවරියන්ටත් දේවාල සාදනාවා. ඒ සෑම කෙනෙක්ම මේ කාලයේ සිටිනා මිනිසුනුයි. ඔවුන් දේවාල සාදා ඇත්තේ එක් අයෙකුට පමණයි. ප්‍රජාපිතා බ්‍රහ්මා කියා කෙනෙක් සිටියා නම් ප්‍රජාවක් සිටිය යුතුයි. ඒ පිරිස දැන් නිර්මාණය වෙමින් පවතිනවා. ප්‍රජාපිතාගේ, බ්‍රහ්මාගේ වංශය දැන් වර්ධනය වෙමින් පවතිනවා. ඔය දරුවන් අයිති කරගත් අයයි; අසීමිත පියා ඔබව අයිති කරගෙන තිබෙනවා. බ්‍රහ්මාත් අසීමිත පියාගේ දරුවෙකුයි. ඔහුත් තම උරුමය ලබාගන්නේ ඒ ඒකායන කෙනාගෙනුයි. ඒකායන ඔහුගෙන් උරුමය ලබනා ඔබලා මුණුපුරන් හා මිණිපිරියන් වේ. ඥාන සාගරය වන්නේ එකම එක පරමාත්ම පියා වන නිසා වෙන කිසිම කෙනෙක් ළඟ මෙම දැනුම නැහැ. ඒ පරම පියා පැමිණෙන තෙක් කිසිම කෙනෙක්ට ගැලවීමක් ලබන්න බැහැ. ඔබ දැන් භක්තිය අතහැර දමා ගැලවීම ලැබීමට ඥානයට පැමිණ සිටිනවා. ස්වර්ණම යුගය ගැළවීම වන අතර කලියුගය පිරිහීම වේ. මන්ද, එය රාවන්ගේ රාජ්‍යයයි. ගැලවීම ලද හැක්කේ රාමා ගේ රාජ්‍යයේදීයි; එය සූර්ය වංශය කියාත් හඳුන්වනවා. නිවැරදිම නම් සූර්ය වංශය හා චන්ද්‍ර වංශයයි. තමන් පළමුවෙන්ම අයිතිව සිටියේ සූර්ය වංශයට බවත් පසුව උපත් 84 ක් ගත් බවත් ඔය දරුවන් දැන් දන්නවා. ආගමික ග්‍රන්ථ අදාල වන්නේ භක්ති මාර්ගයට වන නිසා මෙම ඥානය කිසිම ග්‍රන්ථයක තිබෙන්න බැහැ. ඒ සියල්ල විනාශ වීමටයි යන්නේ. තමා සතු සංස්කාර ආපසු ගෙන යමින් ඒ දේවල් නිර්මාණය කිරීමට පටන් ගන්නවා. ඔබ පිරී සිටින්නේ පාලන සංස්කාර වලිනුයි. ඔබ එහි පාලනය ගෙන යන අතර ඔවුන් (විද්‍යාඥයින්) තමා සතු කුසලතාවන් එම අධිරාජ්‍යයට එකතු කරාවි. ඔවුන් අනිවාර්යෙන්ම සූර්ය වංශයට හෝ චන්ද්‍ර වංශයට යාවි. විද්‍යා තාක්ෂණික ඥානය පමණක් තිබෙනා ඔවුන් එම සංස්කාර රැගෙන යනවා. ඒවාත් සංස්කාරයි. ඔවුනුත් උත්සාහ දරනවා; ඔවුන්ට එම ඥානය තිබෙනවා. ඔබට වෙන කිසිම දැනුමක් නැහැ. ඔබ පරමාත්ම පියාගෙන් රාජ්‍ය දිනා ගන්නවා. ව්‍යාපාරික කටයුතු කරනා අයටත් ඒ හා සම්බන්ධ සංස්කාර තිබෙනවා. ගැටුම් රාශියක් ඇතිවෙනවා. කෙසේවෙතත්, විශ්‍රාමික වයසට පැමිණෙන තෙක් ඔබ ඔබගේ ගෙදර දොර බලා කියා ගත යුතුයි. නැතිනම් ඔබගේ දරුවන්ව වෙන කවුරු බලාගන්නද? ඔවුන්ට මෙහි ඇවිත් නතර වෙන්න බැහැනේ. මෙම ව්‍යාපාරයේ තමන් කාර්ය බහුලව නිරතවී සිටිනවා නම් අන් සියල්ලෙන්ම නිදහස් වේවි කියා ඔබට කියා තිබෙනවා. කෙසේවෙතත්, මෙම ව්‍යාපාරයත් සමගින් ඔබ තමන් විසින් සාදාගත් අයවත් රැකගත යුතුයි. අධ්‍යාත්මික සේවයේ ඉහළින්ම නිරත වන අයගේ හදවත් පසුව අන් දේවල් වලින් ඉවත් වේවි. මෙම සේවයට වැඩිපුර කාලය යෙදවූ තරමට හොඳයි කියා ඔවුන් සිතාවි. අපිරිසිදු බවින් පාරිශුද්ධ විමේ මග කියාදීමට පරමාත්ම පියා පැමිණ සිටිනවා. සෑම කෙනෙකුගේම ගිණුම් වාර්තා සැලකිල්ලට ගැනෙනවා. අසීමිත පරමාත්ම පියා කරන්නේ අපිරිසිදු ඔබව පාරිශුද්ධ කරවීම සඳහා උපදෙස් දීම පමණයි. ඔහු පාරිශුද්ධ වීමේ මග පෙන්වා දිම පමණයි කරන්නේ. නමුත් මොහු අන් අය සියල්ල හොදින් පරීක්ෂා කර බලා උපදෙස් දිය යුතුයි. ශිව් බාබා කියනවා: ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදිය ගැන උපදෙස් මගෙන් අහන්න එපා. ඔබ මට ඇමතුවේ පැමිණ ඔබව පාරිශුද්ධ කරන්න කියලයි. ඉතින් මම මොහු හරහා එය ඉටුකරලනවා. ඔහුත් ඔබගේ පියායි. ඔබ ඔහුගේ උපදෙස් අනුගමනය කළ යුතුයි. ඒකායන කෙනාගේ උපදෙස් අධ්‍යාත්මික වන අතර මොහුගේ උපදෙස් භෞතික වෙනවා. මොහුටත් විශාල වගකීමක් තිබෙනවා. ඔහුත් නිතරම කියන්නේ: බාබා ගේ උපදේශය වන්නේ නිරන්තරයෙන් ඔහු සිහිපත් කරන්න යන්නයි. පරමාත්ම පියාගේ උපදෙස් පිළිපදින්න. කෙසේවෙතත්, තම රාජකාරි වැඩ කටයුතු ආදිය කරගෙන යා යුත්තේ කෙසේදැයි කියා අසා දැනගැනීමට උවමනා නම් ශාරීරික බාබාට පුළුවනි ඉතාමත් හොදින් ඔබට ඒ ගැන කියා දෙන්න. ඔහුට හොඳ අත්දැකීම් තිබෙනා නිසා ඔහු ඒ ඒ දේ කළේ කෙසේදැයි කියා සියල්ල ඔහුගෙන් දැනගත හැකියි. ඔබ ඔහුව නිරීක්ෂණය කර ඉගෙනගත යුතුයි. ඔහු සැමටම වඩා ඉදිරියෙන් සිටිනා නිසා දිගින් දිගටම ඔබට උගන්වාවි. සෑම කුණාටුවක්ම පළමුවෙන්ම පැමිණෙන්නේ ඔහුටයි. මෙන්න මේ නිසා තමයි ඔහු ඉතාමත් බලවත් කෙනා වන්නේත් ඉහළම ඉහළ තත්ත්වය දිනා ගන්නා කෙනා වන්නේත්. මායාත් බලවත් වී ඔබ සමග සටන් කරනවා. මොහු ඉක්මනින්ම සියල්ල අතහැර දැමුවා. ඒ ඔහුගේ ජවනිකාවයි. බාබා එය ඔහු ලවා කෙරෙව්වා. ඒකායන ඔහු කරන්කරවන්හාර්ය. ඔහු සතුටින්ම සියල්ල අතහැර දැමුවා. තමන් ලෝක පාලකවරයෙක් වීමට යනවාය යන දැක්ම ඔහුට තිබුණා. එමනිසා, පැන්ස කිහිපයක් වටිනා ඒ දේවල් සමඟ ඔහු මොනවා කරන්නද? විනාශය සිදු වන ආකාරය පිළිබඳවත් ඔහුට දර්ශනයක් පෙන්නූ නිසා මෙම පැරණි ලෝකය විනාශ වීමට යන බව ඔහු තේරුම් ගත්තා. තමන් දැන් නැවතත් වතාවක් රාජ්‍යය දිනා ගැනීමට යන බව අවබෝධ වුණු නිසා ඔහු එක සැනින්ම ඒ සෑම ව්‍යාපාරයක්ම අතහැර දැමුවා. මම දැන් පරමාත්ම පියාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. පරමාත්ම පියා කියන්නේ : මා සිහිකරන්න. නාටකයට අනුව මෙම භතිය නිර්මාණය කළ යුතුව තිබුණා. ඔබ සෑම කෙනෙක්ම දුවගෙන මෙහි පැමිණියේ ඇයි කියා මිනිසුන්ට තේරුණේ නැහැ. මොහු සාදු සන්යාසීවරයෙක් නොවෙයි. සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ඔහු කවුරුන්වවත් පැහැර ගත්තේ නැහැ. ක්‍රිෂ්ණාගේ දේව කාරියන් සිදු වුණේ නැහැ. ගුණ වර්ණනාව මානව ජීවයකට අදාල වූවක් නොවෙයි. එම වර්ණනාව අදාල වන්නේ එකම එක පරමාත්ම පියාට පමණයි; පරමාත්ම පියා පැමිණි විට පමණයි සෑම කෙනෙකුටම සතුට දානය කරන්නේ. ඔබ අමතන්නේ ඔහුයි. ඔබ පැමිණියේ කා ළඟටද? ඔබගේ බුද්ධිය ඉහළ එතැනටත් මේ වෙතටත් යොමු වෙනවා, මන්ද, ශිව් බාබා ඒ ස්ථානයේ වැසියෙක් බව ඔබ දන්නවා. ඔහු දැන් මොහුගේ ශරීරයට ඇතුළුවෙලා. සත් යුග උරුමය අප පරමාත්ම පියාගෙන් ලබනවා. කලියුගයට පසුව අනිවාර්යෙන්ම දිව්‍යලෝකය පැමිණේවි. ක්‍රිෂ්ණාත් පියාගෙන් තම උරුමය ලබාගොස් එම රාජ්‍යයේ පාලනය ආරම්භ කරනවා. එහි දිව්‍ය ක්‍රියා කියා දෙයක් නැහැ. එය රජ කෙනෙකුට රාජ කුමාරයෙක් ඉපදුනා වගෙයි. පාසලකට ගිහින් ඉගෙන ගන්නා ඔහු පසුව සිහසුනට උරුම කම් කියනවා. දිව්‍ය ක්‍රියා කියා දෙයක් ඇත්තේ නැහැ. ඉහළම ඉහළ කෙනා වන්නේ එකම එක පරමාත්ම පියායි. ගුණ වර්ණනාවත් අදාල වන්නේ ඔහුටම පමණයි. මොහු ඔහුගේ හැදින්වීම ඉදිරිපත් කරනවා. මම (බ්‍රහ්මා) මේ කථාකරනවා කියා කිව්වොත් ඒ කියන්නේ මා ගැනයි කියා මිනිස්සු සිතාවි. කිසිම මනුෂ්‍යයෙකුට දෙවියන් කියා කිව නොහැකි බව දන්නේ ඔය දරුවන් පමණයි. ආශාරීරික කෙනා පමණයි දෙවියන්. ඔහු සිටින්නේ පරම්දාමයේයි. ඔබගේ සිහිය ඉහළට ගිහින් පහළට පැමිණෙනවා. බාබා දුර ඈත දේශයේ සිට මෙම විදේශීය දේශයට පැමිණෙනවා. ඔහු අපට උගන්වා පසුව යන්න යනවා. ඔහුම කියනවා : මම එන්නේ එක් තත්පරයකින්. එයට එපමණ වේලාවක් යන්නේ නැහැ. ජීවාත්ම සත්ථාවනුත් එක් තත්පරයකින් තම ශරීර අතහැර දමා තවත් ශරීරයක් ගන්නවා. කිසිම කෙනෙකුට මෙය දකින්න බැහැ. ජීවාත්ම ඉතාමත් වේගවත්. එක් තත්පරයකින් ජීවන මුක්ති කියා කියනවා. බන්ධනවලින් පිරි බන්ධන දේශය රාවනගේ රාජ්‍යයයි. පිරිමි දරුවෙක් ඉපදුණු විට ඔහුට පියාගේ උරුමය හිමිවෙනවා. ඔබ පියා හඳුනාගෙන සිටිනා නිසා ලෝක අධිපතීන් බවට පත්වෙනවා. කෙසේවෙතත්, ඔබට තත්ත්වයක් හිමිවන්නේ ඔබ දරනා උත්සාහයේ තරමටයි. පරමාත්ම පියා ඉතාමත් පැහැදිලිව සියල්ල පහදා දෙනවා. පියවරුන් දෙදෙනෙක් සිටිනවා; මෙම ලෝකයේ කෙනාත් මෙම ලෝකයෙන් එපිට සිටිනා කෙනාත්. මිනිස්සු දුකින් සිටිනා විට සෑම කෙනෙක්ම දෙවියන් සිහි කළත් සතුටින් සිටිනා විට සිහිකරන්නේ නැහැයි කියා ගීත ගායනා කරනවා. තමන් සතුටින් සිටි කල ඔහුව සිහි කළේ නැති බව ඔය භාරතවාසීන් දන්නවා. උපත් 84 ගනිමින් යන අතර ඔබගේ ජීවාත්මයේ කහට බැඳෙන්න පටන් ගත් අතර කලාවන් බැස ගියා. සොළොස් කලාවන්ගෙන් පිරී සිටි ඔබලාට කලා දෙකක් අහිමි වුනා. රාමාට ලකුණු කිහිපයක් අඩුවුනු නිසා ඔහු දුන්නක් හා ඊතලයක් අතැතිව පෙන්වනවා. කෙසේවෙතත්, ඔහු දුන්නක් කැඩුවේ නැහැ. එය සංකේතයක් පමණයි. ඒ සෑම කරුණක්ම අදාල වන්නේ භක්ති මාර්ගයටයි. මිනිස්සු භක්තිමාර්ගයේදී එක් එක් තැන්වල සැරිසරනවා. ඔබට දැන් ඥානය හිමිවී තිබෙනවා. එමනිසා, අරමුණකින් තොරව කරනා ඔබගේ සැරිසැරීම අවසන්. ඔහෝ ශිව් බාබා කියා කීමත් කන්නලව් කිරීමක්. ඔබ එවැනි වචන නොකිව යුතුයි. ඔබ පරමාත්ම පියාව සිහි කළ යුතුයි. අඬා වැලපුනහොත් භක්තියේ සලකුණු තවමත් ඔබ ළඟ ඇති බවයි ඉන් අදහස් වන්නේ. අහෝ දෙවියනේ කියා කීමත් භක්ති පුරුද්දක්. අහෝ දෙවියනේ කියා කිය කියා තමන්ව සිහි කරන්නයි කියා බාබා කියා නැහැ. ඔහු කියන්නේ : අභ්‍යන්තරගත වී මා සිහිකරන්න. ඔබ මැතිරීමක් කළ යුත්තේ නැහැ. මැතිරීම යන වචනයත් අදාල භක්ති මාර්ගයටයි. ඔබට පියාගේ හැඳින්වීම ලැබී තිබෙනවා. දැන් පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන්න. ලෞකික දරුවෝ තම පියාව සිහිකරන ආකාරයෙන්ම පරමාත්ම පියාවත් සිහිකරන්න. ශාරීරික අවධානයේ සිටිනා ඔහු තම ශාරීරික පියාව සිහිකරනවා. එපිටින් සිටිනා පියා ජීවාත්ම අවධානයෙන් සිටිනවා. මොහු තුළට ඇතුළු වුණත් ශාරීරික අවධානයට ලක්වන්නේ නැහැ. ඔහු කියනවා : මම මෙම ශරීරය ණයට ගන්නවා. ඔබට දැනුම දීම සඳහා මම මෙම ශරීරය ණයට ගෙන සිටිනවා. ඥාන සාගරය මමයි. නමුත් මම ඔබට ඥානය දෙන්නේ කෙසේද? ඔබ දරු ගැබකට ඇතුළු වෙනවා. මම ඇතුළු වන්නේ නැහැ. මගේ ක්‍රම හා විධි අසහායයි. පරමාත්ම පියා මොහු තුළට ඇතුළු වෙනවාය යන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය කියා කිව්වත් එය සිදුවන්නේ කෙසේද? ඔහු දිව්‍ය ඥානයක් දෙන්නද? පරමාත්ම පියා කියනවා : මම සාමාන්‍ය ශරීරයකට ඇතුළු වුනු විට ඔහු තමා සතු සියල්ල අත්හල නිසා බ්‍රහ්මා කියන නමින් ඔහුව හඳුන්වනවා. මේ කාලයේදී බ්‍රහමීණ්වරුන්ගේ රෝසරිය නිර්මාණය කළ නොහැකි බව ඔය දරුවන් දන්නවා. මන්ද, ඔවුන් ස්ථාවර නැහැ. ඔය බ්‍රහමිණ්වරුන් හොදින්ම සූදානම් වුණු පසු රුද්‍රා මාලාව නිර්මාණය වේවි. පසුව ඔබ විෂ්ණු රෝසරියට ඇතුළු වෙනවා. එම රෝසරියට යාමට නම් ඔබට ස්මරණ වන්දනාව අවශ්‍ය වෙනවා. තමන් මුලින්ම සතෝප්‍රධාන්ව සිටි බවත් පසුව සතෝ, රජෝ හා තමෝ මට්ටම් පසුකර ගිය බවත් ඔබලා දන්නවා. හම්සෝ සෝහම් යන්නෙහි අර්ථය ඔබලා හොදින් දන්නවා. ඕම් යන්නෙහි අරුත ඊට වඩා වෙනස්. ඕම් යනු මම නම් වූ ජීවාත්ම සත්ථාව. ඒ ජීවාත්මය පසුව කියනවා: මම දේවතාවරයෙක්මි, පසුව ක්ෂත්‍රියවරයෙක් ආදී බවට පත්වෙමි. කෙසේවෙතත්, ඒ පූජක වරුන් කියන්නේ: ජීව සත්ථාව වන මම පරමාත්ම ජීවයයි. ඕම් යන්නෙහිත් හම් සෝ යන්නෙහිත් තේරුම සම්පූර්ණයෙන්ම වෙනස්. ජීව සත්ථාවක් වන මම විවිධ කුල වංශ පසුකර පැමිණෙමි. ජීවාත්මයක් වන මා දේවතාවරයෙක් බවට පත්වන අතර ඉන්පසුව ක්ෂත්‍රිය ආදී බවට පත්වෙයි. ජීවාත්මය පරමාත්ම ජීවය නොවෙයි. සම්පූර්ණ දැනුමක් නොමැතිකම නිසා ඔවුන් මේ අරුත් පටලවා ගෙන. මම බ්‍රහ්ම භූතයයි කියාත් ඔවුන් කියනවා. ඒකත් වැරදියි. පරමාත්ම පියා කියනවා : මම නිර්මාණයේ මූලිකයා වෙන්නේ නැහැ. ඔබලා තමයි මෙම නිර්මාණයේ මූලිකයින්. ඔබලා ලෝක පාලක වරුන් වෙනවා. බ්‍රහ්ම් යනු ආලෝක දනව්වක් පමණයි. ඔය ජීවාත්මයන් මෙම නිර්මාණයේ පාලකවරුන් වෙනවා. පරමාත්ම පියා දැන් මෙහි සිට වේද ග්‍රන්ථ සියල්ලේ අර්ථය නිවැරදිවම පෙන්වා දෙනවා. දැන් නොකඩවාම ඉගෙන ගන්න. පරමාත්ම පියා නිරතුරුවම ඔබට අළුත් දේවල් කියා දෙනවා. භක්තියෙන් කියන්නේ කුමක්ද? ඥානයෙන් කියන්නේ කුමක්ද? භක්ති මාර්ගයේ දී ඔබ දේවාල සෑදුවා. බණ භාවනා කර තපස් රැක්කා. මුදල් අපතේ හැරියා. බොහෝ අය ඔබගේ දේවාල පැහැර ගත්තා. එයත් නාටකයේ නියමිත දෙයක්; ඒ සියල්ල ඔබට ආපසු ඔවුන්ගෙන් ලැබේවි. බලන්න ඔවුන් දැනටමත් ඔබට කොපමණ නම් දෙනවාද කියලා. දවසින් දවස ඔවුන් ප්‍රමාණය වැඩි කරමින් යන අතර ඔබත් (භාරතය) එය භාර ගන්න. තමන් ගත් ප්‍රමාණයම ඔවුන් ආපසු දේවි. ඔබගෙන් ගත් ධනස්කන්ධය ඔවුනට දිරවා ගන්න බැහැ. භාරත දේශය අවිනාශීයි. එය පරමාත්ම පියාගේ ජන්ම භූමියයි. පරමාත්ම පියා පැමිණෙන්නේ මෙහි පමණයි. ඔවුන් ගත්තේ පියාගේ දේශයෙනුයි; එමනිසා, ආපසු දිය යුතුයි. අවශ්‍ය වෙලාවට ඔබට සියල්ල ආපසු ලැබෙන හැටි බලන්න. මේ දේවල් ගැන ඔබ දන්නවා. විනාශය සිදු වන්නේ කොයි වෙලාවේද කියා ඔවුන් දන්නේ නැහැ. ආණ්ඩුවවත් මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. මෙය නාටකයේ නියමිත දෙයක්. ඔවුන් දිගටම පාඩු විඳිනවා. සෑම දෙයක්ම දැන් ආපසු එමින් පවතිනවා. ඔබගේ රාජ්‍යයෙන් ඔවුන් මහා ධනස්කන්ධයක් ගෙන දැන් එය ආපසු දෙමින් පවතින බව ඔබ දන්නවා. ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුත්තේ නැහැ. එකම එක පරමාත්ම පියාව සිහි කිරීම ම පමණක් සිහියේ තබා ගන්න. ඔබගේ පාප දුරු වන්නේ මෙම ස්මරණයෙන් පමණයි. ඥානය ඉතාමත් පහසුයි. දැන් සියල්ල රඳා පවතින්නේ ඔබ එකිනෙකා දරණා උත්සාහය මතයි. ඔබට දිගටම ශ්‍රීමත් ලැබේවි. සෑම කරුණක් සම්බන්ධයෙන්ම ඔබ සදාතනික ශල්‍ය වෛද්‍යවරයා ගෙන් උපදෙස් ගත යුතුයි. අච්චා.

සුමිහිරි , ආදරණීය, බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ලැබෙන සෑම මොහොතක්ම අධ්‍යාත්මික ව්‍යාපාරය සඳහා යොදවන්න. අධ්‍යාත්මික සේවය කිරීමේ සංස්කාර උකහා ගන්න. අපිරිසිදු දේ පාරිශුද්ධ කරවීමේ සේවය කරන්න.

2. අභ්‍යන්තරගත වී පරමාත්ම පියාව සිහි කරන්න. අහෝ දෙවියනේ! යන යෙදුම භාවිතා නොකරන්න. පියා කිසිම අහංකාරයකින් තොර අයෙක් වන්නාක් සේ ඔබද නිරහංකාරී විය යුතුයි.

වරදානය:
ඔබට ඒකාබද්ධ ශිව ශක්ති ස්වරූපයක් ලැබී ඔබේ ආකල්පය සහ මනසෙහි සිතිවිලි සමඟ උසස් කම්පනවල සුවඳ පතුරුවා හරින්න.

වර්තමානයේ, භෞතික ආධාර ආධාරයෙන්, ඔවුන් රෝස සහ සඳුන් වැනි විවිධ සුවඳ වර්ග වායුගෝලයට පතුරුවා හරියි. එලෙසම, ඔබ සැමට ශිව සහ ශක්තිගේ ඒකාබද්ධ ස්වරූපය තිබිය යුතු අතර ඔබේ ආකල්පය සහ ඔබේ මනසෙහි සිතිවිලි මගින් සතුට, සාමය, සෙනෙහස සහ අතිශය ප්‍රීතියේ සුවඳ පතුරුවා හැරිය යුතුය. සෑම දිනකම අම්රිත් වේලාවේදී, ඔබ රෝස වතුර ඉසින යන්ත්‍රයක් භාවිතා කරන ආකාරයට, සියලු ජීවාත්මයන් මත විවිධ උසස් කම්පන උල්පතක් මෙන් ඉසිය යුතුය. ඔබේ සිතිවිලි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කර ලෝකයේ අපිරිසිදු ආකල්ප වල දුර්ගන්ධය අවසන් කරන්න.

පාඨය:
සතුට පිරිනමන්නාගෙන් සතුටේ නිධන් ගබඩාවක් ලැබීම ඔහුගේ සෙනෙහසේ සලකුණකි.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

ශක්තීන්ගේ බලය තිබෙන සේම, එම ප්‍රමාණයටම පාණඩවයන්ගේද අසීමිත බලය තිබේ, අත්-සතරේ ප්‍රතිමාව පෙන්වා ඇත්තේ මේ නිසයි. ලෝක සේවයේ කාර්යය සාර්ථක වන්නේ, ශක්තීන් සහ පාණ්ඩවයන්ගේ ඒකාබද්ධ ස්වරූපය තුළින් පමණයි. එබැවින් නිරන්තරයෙන් එකිනෙකාට සහයෝගය ලබා දී, නිරන්තරයෙන් ඔබගේ වගකීමේ කිරුළ පැලද සිටින්න.