12.04.25 Avyakt Bapdada
Sinhala
Murli 30.11.2009 Om Shanti Madhuban
පරම පියාගෙන් සහ
ලෝකයෙන් සෙනෙහස ලැබීමට නම් තෘප්තියේ මාණික්‍යයක් වී
සිදුවීම්වල බලපෑමට හසුවීමෙන් නිදහස් වන්න.
අද දින බාප්දාදා සෑම
තැනකම සිටින තෘප්තිමත් ජීවාත්ම දෙස බැලුවා. තෘප්තියේ මැණික් ඔවුන්ගේ මැණික් වල
දිස්නය සෑම තැනකම පතුරනවා. ශ්‍රේෂ්ඨතම මනෝ ස්ථිතිය වන්නේ තෘප්තිමත්බවයි.
නිරන්තරයෙන් තෘප්තිමත් අය සියළු දෙනාගේ සෙනෙහස ලබයි. ඔබට කොහොමත් පරම පියාගේ සෙනහස
තිබේ. සියළු ලැබීම් ඇති අය නිරතුරුව තෘප්තිමත්ව සිටියි. තෘප්තියේ පදනම, ලැබීම්
තිබීම වන අතර එවන් ජීවාත්ම සියළු බ්‍රහ්මින් ජීවාත්මයන්ගේ සෙනෙහස ලබන්නේ මේ නිසයි.
සියළු ලැබීම් තිබීම යනු නිරන්තරයෙන් තෘප්තිමත්ව සිටීමයි. තෘප්තිමත් ජීවාත්මයක්
වාතාවරණය මත බලපෑමක් ඇති කරන අතර සියළු ලැබීම්, පරමාත්ම දෙවියන්ගෙන් ලද තිලිණයකි.
පරමාත්ම දෙවියන්ගෙන් සියළු බල, සියළු ගුණධර්ම සහ සියළු සම්පත් ලැබී ඇති අය
නිරන්තරයෙන් තෘප්තිමත්ව රැදී සිටියි. තෘප්තිමත් ජීවාත්මයකගේ මනෝ ස්ථිතිය
නිරන්තරයෙන් ප්‍රගතිය ලබයි. සිදුවීම් වලට තෘප්තිමත් ජීවාත්මයක් මත බලපෑමක් ඇති කළ
නොහැක, මන්ද, තෘප්තිය ඇති තැන, ඉබේටම සියළු බල සහ සියළු ගුණදම් තිබෙයි. තෘප්තිය යන
එක ගුණධර්මයට තව බොහෝ ගුණධර්ම ආකර්ෂණය කළ හැක. එබැවින් ඔය සෑම කෙනෙක්ම තමන්ගෙන්
විමසිය යුතුයි: මා නිරන්තරයෙන් තෘප්තිමත්ව රැදී සිටින ජීවාත්මයක්ද? තෘප්තිමත්
ජීවාත්මයක් සෑම විටම සියළු දෙනාටම සමීප වන අතර පරම පියාට සමාන ස්ථිතියක් තිබේ.
කෙසේවෙතත් මෙම ස්ථිතියේ රැදී සිටීම සදහා ඔබට බොහෝ නොබැදි සහ ත්‍රිකාලදර්ශී
ස්ථිතියක් තිබීමට අවශ්‍යයි. එවන් ජීවාත්මයක් ඔහු කරන සෑම දේකදී ත්‍රිකාලදර්ශී වෙයි,
එනම්, සෑම අවස්ථාවකදීම ඔහු පලමුව එහි තුන් කාලය විනිශ්චය කර ඉන්පසුව ක්‍රියා කරයි.
මේ සදහා, කාරණා දෙකක් අවශ්‍යයි. එම කරුණු වන්නේ සම්බන්දතා සහ ධනයයි. සම්බන්දතා
අවිනාශීය, එමෙන්ම ධනයද අවිනාශී වන අතර ඒවා හිමි වන්නේ අවිනාශී පියාගෙනි. ඔය
ජීවාත්මයන්ට අවිනාශී සබදතා සහ ධනය ලැබී ඇති විට ඔබ නිරන්තරයෙන් තෘප්තිමත් වන අතර ඔබ
පරම පියා සහ සියළු ජීවාත්මයන්ගේ ගැඹුරු සෙනෙහස ලබයි. එවිට මායා ඔනෑම ස්වරූපයකින්
පැමිණි විට ඔබ බිය නොවෙයි. එවිට ඔබට දැනෙන්නේ අසීමිත තිරය මත මිකී මවුස්
චිත්‍රපටයක් පෙන්වනවා වැනිය. එවිට ඔබ කලබලයට පත් වන්නේ නැත. මිකී මවුස් චිත්‍රපටය
නැරඹීමෙන් ඔබ විනෝදයක් ලබයි. අසීමිත තිරය මත මිකි මවුස්ගේ ක්‍රීඩා ඔබ අත්දකින්නේ
මායාගේ විවිධ ස්වරූප ලෙසයි. ඔබ සියළු දෙනාම පියා මගින් එවන් මනෝ ස්ථිතියක් අත්විදිය
යුතු අතර ඔබ සියළු දෙනා එය සිදුකර තිබේ.
ඔබ නොබියව රැදී සිටින
බව සහ ඔබට ස්ථාවර සහ ඒකාග්‍ර වූ බුද්ධි ඇති බවත් කිසිදු අවස්ථාවක චංචල නොවන බවත්
බාප්දාදා දකිනවා. ඔබ නිරන්තරයෙන් එවන් ජයග්‍රාහී ජීවාත්මයි. පියා තුල ඔය සෑම
ජීවාත්මයක් වෙනුවෙන් පිවිතුරු ආශාවක් තිබෙනවා: සෑම දරුවෙක්ම නිරන්තරයෙන් ජයගෙන පරම
පියාට ඔබගේ ජයග්‍රාහී ස්වරූපය පෙන්වයි කියා. ඉතිං ඔය සෑම කෙනෙකුටම තමන්ගෙන් මෙසේ
විමසිය හැක: මා කවුද? බාප්දාදා ඔබට මින් පෙරත් පවසා තිබෙන්නේ, දැන් කාලයට අනුව, ඔබ
බ්‍රහ්මින් ශබ්ද කෝෂයෙන් ‘ඇතැම් විට’ යන වචනය ඉවත් කළ යුතු බවයි. ඔබ සෑම කලටම
පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගැනීමට යන බැවින්. ඔබට සියළුම ලැබීම් සෑම කලටම තිබිය
යුතුයි, මන්ද, පරම පියාගේ හදවතේ බලාපොරොත්තු ඉටු කරන බලාපොරොත්තුවේ පහන් ඔබයි.
‘ඇතැම් විට’ යන වචනය ඔබගේ සිතිවිලි වල වත් තිබිය නොහැක. ඇයි? මන්ද, ඔබ වර්ථමානයේ
පියා සමග සිටින අතර පරම පියාගේ සහකරුවන් ඔබලාය. පියා සමග රැදී සිටින අය ඔබලා වන අතර
ඔහුගේ සහකරුවන් ලෙස ඔබ ලෝක පරිවර්ථන කාර්යය සිදු කරයි.
එබැවින් කතා කරන්න!
ඔබට බාප්දාදාගෙන් ‘සදා’ (නිරන්තරයෙන්) යන ආශිර්වාදය ලැබී තිබෙනවා, නේද? ඇත්ත වශයෙන්
සෑම දරුවෙක්ම උපත ලද සැනින් බාප්දාදා සෑම විටම මෙම ආශිර්වාදය ලබා දෙනවා: ඔබ
නිරන්තරයෙන් යෝගී සහ පිවිතුරු වේවා. එම ආශිර්වාදය තුලින් ඔබට ලැබෙන සියළු ලැබීම්
සෑම කලටයි, ටික කාලයකට නොවෙයි. එබැවින් ඔය සියළුම දරුවන්ට සෑම කලටම අයිතියක් තිබේ,
මන්ද, එය අවසන් දරුවා වුනත්, පරම පියාගේ හදවතේ සියළුම දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ.
උසස් මෙන්ම තමන් ඥානවන්ත බව සලකන වැදගත් මිනිසුන්ට පවා පරම පියාව හදුනාගත නොහැකි
නමුත් බාප්දාදාගේ අවසන් දරුවා, පියාව හදුනාගෙන ඇත. ඔබ සියළු දෙනා ඔබගේ හදවතින්
පවසන්නේ: මගේ බාබා, එමෙන්ම පියා තුල සෑම දරුවෙක් කෙරෙහිම සෙනෙහස තිබෙන්නේ සහ සෑම
දරුවෙකුටම පියාගේ ආශිර්වාදය ලැබී තිබෙන්නේ මේ නිසයි. ඔබ අංකානුරූපී වුනත්, දිනපතාම
බාප්දාදා ඔය සියළුම දරුවන්ට එකවර එකම ආශිර්වාදය ලබා දෙයි. ඔය සියළුම දරුවන්
අංකානුරූපි වුනත්, දිනපතාම, දරුවෙක් මෙසේ පැවසූ සැනින්: මගේ බාබා, ඔහු ආශිර්වාදයට
අයිතියක් හිමිකරගනී. ඔය දරුවන් ඉන්දියවේ ජීවත් වුනත් විදෙස් රටක ජීවත් වුනත්,
බාප්දාදාගෙන් ඔය සෑම දරුවෙකුටම ලැබෙන්නේ එකම ආශිර්වාදයයි, එමෙන්ම ආශිර්වාදය
ලැබීමෙන් ඔබ සතුටු වනවා. කෙසේවෙතත් වර්ග දෙකක දරුවන් සිටිනවා. එක් වර්ගයක් වන්නේ
ආශිර්වාදයක් ලැබීම ගැන අනිවාර්යෙන් සතුටට පත් වන අයයි, නමුත් ඉදිරි අංකයක් හිමි
කරගන්නේ, මෙය ඔවුන්ගේ ආශිර්වාදය බව කියමින්, ආශිර්වාදය දැකීමෙන් සහ ඒ ගැන කතා
කිරීමෙන් සතුටු වන අය නොවෙයි, නමුත් ඔවුන්ගේ ආශිර්වාදය ඵලවත් කරගන්නා අයයි. ඔවුන්
ආශිර්වාදයෙන් ප්‍රයෝජනය ගෙන එම ආශිර්වාදයෙන් ඵල ලබා ගනී. ඔබට බීජය තිබෙන නමුත් ඔබ
බීජය ඵලවත් කර නොගන්නේ නම්, එනම්, ඔබ ඉන් ඵල ලබා නොගන්නේ නම් එවිට තිබෙන්නේ සතුට
පමණයි. ආශිර්වාදයෙන් ඵල ලබා ගැනීම සදහා, වෙනත් ඔනෑම බීජයක් මෙන් එයට ජලය සහ
සූර්යාලෝකය අවශ්‍යයි, මන්ද එය ඵල දරන්නේ එවිට පමණයි. එබැවින් ව්‍යාප්තිය සිදුවිය
හැකි සේ, ආශිර්වාදයේ ඵලයෙන් තමන්ගේම මනසේ වර්ධනය ඇති කිරීමට සහ ආශිර්වාදයෙන් ඵල ලබා
ගැනීම සදහා ඔය සෑම දරුවෙකුටම ආශිර්වාදයෙන් ඵල උකහා ගැනීමට අවශ්‍ය වන විට, එවිට
මෙහිදීද, පියා පවසන්නේ: ආශිර්වාදයෙන් ඵලය උකහා ගැනීමට, නැවත නැවතත් එම ආශිර්වාදය
ඔබගේ අවධානය තුලට ගෙන එන්න. අවධානයේ ප්‍රතිමූර්තියක ස්ථිතියේ ස්ථාවරව රැදී සිටින්න.
මින් අදහස් වන්නේ එය නැවත නැවතත් මෙනෙහි කරමින් (සිම්රන්) සිටීම නොවෙයි. එම අවධානය
(ස්මෘතිය) තිබීම යනු එයට ජලය ලබා දීමයි, එමෙන්ම එම ස්වරූපයේ ස්ථාවරව සිටීම යනු එයට
සූර්යාලෝකය ලබා දීමයි. ඉතිං එය ඵලවත් වීමෙන් ඔබ තමන්ව බොහෝ බලයෙන් පුරවයි, එමෙන්ම
එම ඵලය මගින් ඔබට අන් අයටත් බලයේ අත්දැකීම් ලබා දිය හැක.
ඉතිං බාප්දාදාට දැන්
අවශ්‍ය කුමක්ද? ටික කාලයක සිට බාප්දාදා ඔය සියළුම දරුවන්ට කාලය ගැන අනතුරු අගවමින්
හිද ඇත. එක් එක් දරුවාගේ ඉගෙනුමේ ප්‍රතිඵලයට කාලය, පැමිණීමට යන්නේ හදිසියේ. මේ
වෙනුවෙන් නිරතුරුව නිති සූදානමින් සිටින්න. ඒ සමගම, පියාසර ස්ථිතිය සදහා තීව්‍ර
උත්සාහ දැරීමට කාලය දැන් බව, බාප්දාදා ඔබට සංඥාවක්ද ලබා දෙනවා. ඔබ ගමන් කරමින්
සිටිනවා නොව නමුත් ඔබ පියාසර කළ යුතුයි. සාමාන්‍ය උත්සාහ දැරීමට කාලය - ඔබගේ දවස
සාමාන්‍ය අන්දමකට ගත කරමින් - දැන් ගෙවී ගොසින්, එමෙන්ම බාප්දාදා ඔබට මෙම සංඥාව ලබා
දෙන්නේ මේ නිසයි: සෑම තත්පරයක් සහ සෑම සිතිවිල්ලක්ම පරීක්ෂා කර බලන්න. නිදසුනක්
ලෙස, ඔබ තීව්‍ර උත්සාහයේ නොයෙදෙන්නේ නම්, ඔබ පැයක් සාමාන්‍ය උත්සාහයේ යෙදෙන්නේ නම්,
එමෙන්ම එම පැය තුලදි ඔබගේ අවසන් ප්‍රශ්න පත්‍රයට කාලය හදිසියේ පැමිණෙන්නේ නම්, එවිට
එම අවසන් මොහොත ඔබගේ ගමනාන්තය කරා ඔබව ලගා කරවයි, එවිට එම පැයේ සාමාන්‍ය උත්සාහය
බොහෝ හානියක් ගෙන දෙයි. මේ නිසයි, විටින් විට, බාප්දාදා ඔය සෑම දරුවෙකුටම, සෑම
සිතිවිල්ලක්, සෑම තත්පරයක් සහ සෑම මොහොතකම වැදගත්කම ගැන සංඥා කරන්නේ. කැලඹිලි
කාලයේදි නොසැලී සිටීමට උත්සාහ දැරීමට හැකි වන්නේ තීව්‍ර උත්සාහ දරන්නෙකුට පමණයි.
සාමාන්‍ය උත්සාහ දරන්නෙක් නිති-සූදානම් වීමට කලක් ගත කරයි, නමුත් බාප්දාදා පවසා
තිබෙන්නේ ඔබ තත්පරයකදි තිතක්, නැවතීමේ තිතක් තැබිය යුතු බවයි. ඔබ තීව්‍ර උත්සාහ
නොදරන්නේ නම් සිදු වන්නේ කුමක්ද? ඔබට මේ ගැන අත්දැකීම් තිබෙනවා. නැවතීමේ තිතක්
වෙනුවට එය ප්‍රශ්නාර්ථ ලකුණක් වෙන්නේ නැහැ නේද? නැවතීමේ තිතක් ඉතාම පහසුයි, නමුත්
ප්‍රශ්නාර්ථ ලකුණක් ඇදයි. ඔබ තිතක් කියූ සැනින්: තිතක්, දැමිය යුතුයි. කොමාවක් හෝ
විශ්මයේ ලකුණක් නොවෙයි. ඔබට මෙසේ සිතන්නට වත් කාලයක් නොලැබෙයි: මා කළ යුත්තේ
කුමක්ද? එවන් වේගවත් උත්සාහයක් දැරීම යනු, ප්‍රශ්න පත්‍රයෙන් සමත් වීම බව, කිසිම
දරුවෙකුට තවමත් වටහා ගත නොහැක.
දැන් පවා එක් හෝ
වෙනත් හේතුවක් නිසා: ඇයි? මොකක්ද? කොහොමද? ‘මෙහෙමයි’යන ප්‍රශ්න සමහර දරුවන්ගේ
දිනපතා වාර්ථාවේ දිස්වන බව බාප්දාදා දැක තිබෙනවා. බොහෝ දෙනෙකුගේ වාර්ථාවේ, නිෂ්පල
සිතිවිලි රැල්ලක් නිසා බොහෝ කාලය ගන්න බව බාප්දාදා දැක තිබෙනවා, එමෙන්ම නිෂ්ඵල
සිතිවිලි වල වේගය බොහෝ වේගවත්ය: එක පැයක සාමාන්‍ය සිතිවිලි, විනාඩියක වේගවත්
සිතිවිලි වලට සමානයි. එබැවින් අද බාප්දාදා බලමින් සිටියේ බාප්දාදාගේ සහ සියළු
දෙනාගේ සෙනෙහසට බදුන් වන තෘප්තිමත් ජීවාත්ම දෙසයි. ‘ඇයි?’ ‘මොකක්ද?’ ආදියේ භාෂාව,
තෘප්තිමත් ජීවාත්මයකගේ සිතිවිලි වලට හෝ සිහින වලට වත් ඇතුළු නොවෙයි, මන්ද, ඒ
ජීවාත්මයට නිවැරදි වෙලාවට විශේෂ කාරණා තුන, තිත් තුන භාවිතා කිරීමට හැකි වෙයි:
ජීවාත්මය, පරමාත්ම ජීවය සහ නාටකය. මෙයට හේතුව, එවන් වෙලාවකදි ඔබගේ බලයන්ගේ සම්පත්
ගබඩාව අත්‍යාවශ්‍යයි, එමෙන්ම මාස්ටර් සර්ව බලධාරියෙක් යනු ඔනෑම වෙලාවක, එම වෙලාවේ
එම බලය ඉදිරිපත් වන ආකාරයට, යම් විශේෂිත බලයකට අණ කිරීමට හැකි කෙනෙකි. ඔබට දරා
ගැනීමේ බලය අවශ්‍ය වෙයි, නමුත් ඒ වෙනුවට මුහුණ දීමේ බලය පැමිණියොත්, එය බලයක් වුණාට
ඒ වෙලාවේ එම බලයෙන් ඵලක් නැත. එබැවින් සියළු සම්පත් වලට යතුර වන්නේ තිත් තුනය;
තමන්, පරම පියා සහ නාටකය.
බාප්දාදාට එක්
සිතිවිල්ලක් තිබේ:
ඔහු ඔබට එය කියන්නද? ඔබට එය කිරීමට සිදුවෙයි. එය කිරීමට සූදානම් අය අත් ඔසවන්න. ඔබට
එය කිරීමට සිදුවෙයි. ඔබ අත් ඔසවන බැවින් ඔබට එය කිරීමට සිදුවෙයි. ඔබ ඔසවන්නේ, ඔබගේ
මනසේ අතද, නැත්නම් භෞතික සිරුරේ අතද? ඔබගේ මනසේ අත ශක්තිමත්ය. කාලයට අනුව, සෑම
දරුවෙක් වෙනුවෙන් බාප්දාදා තුල මෙම පිවිතුරු ආශාව තිබෙනවා: ඔබ නැවතත් දින 15කින්
පියාව මුණගැසීමට යනවා, එබැවින් ඉදිරි දින 15 දී, පෙරහුරුවක් ලෙස මෙම විශේෂ පුහුණුව
භාවිතා කරන්න. ඇත්ත වශයෙන්ම ඔබ සෑම කලටම මෙසේ රැදී සිටිය යුතුයි, නමුත් දින 15 ක
පෙරහුරුවක් සිදු කරන්න එමෙන්ම ඔබ සමග සම්බන්ද වී ඇති මධ්‍යස්ථාන ලවාද මෙය සිදු
කරන්න. එහි යන්න, නැත්නම් ඔවුන්ට දුරකථන ඇමතුමක් ලබා දී ඔවුන්ට මතක් කර දෙන්න: ඔබගේ
ගෙදරවැඩ ඔබ කරනවාද? ඔබගේ ගෙදරවැඩේ කුමක්ද? එය පහසුයි! ඔබ එක් එක් කෙනා විවිධ
සිදුවීම් සහ අවස්ථා හරහා යයි, නමුත් මෙම දින 15 දී ඔය සෑම කෙනෙක්ම ඔබගේ සිතිවිලි,
වදන් සහ ක්‍රියා තුලින් අඩුම තරමින් ලකුණු 80% ලබා ගත යුතුයි. කෙසේවෙතත් බාප්දාදා
ඔබට 20%ක අවකාශයක් ලබා දෙනවා. ඔබ එකගද? බාබා ඔබට මෙය ලබා දිය යුතුද? බාබා ඔබට මෙම
කාර්යය ලබා දිය යුතුද? හොදයි. දින 15ක්. මායාත් සවන් දෙමින් සිටිනවා. සිදුවීම්
පැමිණෙයි, නමුත් සිදුවීම් දෙස නොබලන්න. ඔබ සමත් විය යුතුයි; මෙය මතක තබා ගන්න. දින
පහලවක් ලොකු දෙයක් නොවෙයි, නමුත් ඔබගේ සිහින වල, සිතිවිලි, වදන් සහ ක්‍රියා තුලින්
සමත් වන බව, ඔය සෑම දරුවෙක්ම, අවංක සහ පිරිසිදු හදවතකින් බාප්දාදාට පෙන්විය යුතුයි.
මෙය කළ හැකිද? කළ හැකිද? ගුරුවරු, කතා කරන්න! එය කළ හැකිද? දින 15ක් කියන්නේ ලොකු
දෙයක් නොවෙයි, නමුත් බාප්දාදා ඔබගෙන් ඉල්ලා සිටින්නේ පෙරහුරුවක් ලෙස මෙය සිදු
කිරීමටයි. කිසිම සිතිවිල්ලක් අපතේ නොයා යුතුයි. සටන් කිරීම නොවෙයි, නමුත්
ජයග්‍රහණය: දින 15ක් සම්පූර්ණ ජයග්‍රහණය. එය අපහසුද, පහසුයිද? එය පහසු නම් ඔබගේ අත්
ඔසවන්න! එය පහසුද? එසේ නම් දින 15 කින් බාප්දාදා මෙම ප්‍රතිඵලය දෙස බලනවා. ඉන්පසුව
ඔහු එය තව වැඩි කරනු ඇත. ඔබගෙන් ඔනෑම කෙනෙකුට එය දින 15ක් කළ හැකියි නේද? ඔබට මෙය
කළ හැකියි, නේද? මධුබන් වල අය අත් ඔසවන්න! ඉදිරියේ අසුන්ගෙන සිටින අය, මධුබන් වලින්
නේද? ඔබ ඉතා හොදයි. ද්විත්ව විදේශිකයන් සහ ඉන්දියාවේ අය, සියළු දෙනා මෙය කළ යුතුයි.
ගම් වලින් පැමිණි මෙන්ම විශාල නගර වල අයත්, ඔබ සියළු දෙනාම ඔබගේ දින 15 වාර්ථාව
තැබිය යුතුයි. මෙසේ පවසමින් නිදහසට කරුණු නොකියන්න: ඇයි? මොකක්ද? අවස්ථාව එවන් එකකි
එබැවින් - ඔබ 80% හිමි කරගත යුතුයි. කෙසේවුවද බාප්දාදා එය සැහැල්ලු කරනවා. ඔහු ඔබට
20%ක අවකාශයක් ලබා දෙනවා, මන්ද, සමහර අවස්ථාවල ඔබ ගමන් කරන අතර මායා ඔබව
නොසැලකිලිමත් සහ කම්මැලි කරන බව බාප්දාදා දකිනවා. එය මෙහෙම වුනා, එය එහෙම වුනා, යනු
රාජකීය කම්මැලිකමේ ස්වරූපයකි. මෙම රාජකීය කම්මැලිකම සහ නොසැලකිල්ල ඔබගේ තීව්‍ර
උත්සාහය දුර්වල කරයි, මන්ද, බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ ඔය සියළුම ශිෂ්‍යයන් ලවා
දින 15ක පෙරහුරුවක් සිදු කර, මෙය යම් කාලයක් ඔබ පුහුණු කළ යුතු බවයි. මේ නිසයි ඔහු
ඔබ සියළු දෙනා ලවා අත් එසවූයේ. නිති-සූදානමින්. ඔය සෑම කෙනෙකුටම ඔබගේ අත් එසවීමට
හැකි විය යුතුයි. ඔබට මෙය යම් කාලයක් පුරා පුහුණු කිරීමට අවශ්‍යයි. මේ නිසයි
බාප්දාදා කෙටි කාලයකට ඔබ ලවා මෙය පුහුණු කරවන්නේ. අච්චා.
කී දෙනෙක් ප්‍රථම
වතාවට පැමිණ සිටිනවාද? සිටගන්න! එය හොදයි. ඔබ බාප්දාදා ඉදිරියට පැමිණි දිනය
වෙනුවෙන් ඔබට සුබ පැතුම්. සුබ පැතුම්. පරම පියාගේ ද්‍රිෂ්ඨිය ඔය දරුවන් මත පතිත වූ
අතර ඔය දරුවන්ගේ ද්‍රිෂ්ඨිය පියා මත පතිත විය. බොහෝ බොහෝ සුබ පැතුම්. අච්චා. වෙනත්
කේක් එකක් නොමැති නමුත් ඔබට සතුටේ කේක් කෑමට හැක. එය හොදයි. ඔබ පමා වී පැමිණ ඇති
නමුත් ඔබට වේගයෙන් ගොස් ඉදිරි අංකයක් හිමි කරගත හැක. මේ නිසයි බාප්දාදා සහ ඔබගේ
සියළුම සහකාර සහෝදර සහෝදරියන් විසින් ඔබට සුබ පැතුම් ලබා දෙන්නේ. සුබ පැතුම්. පමා
වී පැමිණි අයට පවා වේගයෙන් ගොස් ප්‍රථම පේළියට පැමිණිය හැකියි, යන එවන් නිදසුන් බවට
ඔබ පත් වෙයි. අච්චා.
බාප්දාදාගේ
බලාපොරොත්තු ඉටු කරන සෑම තැනකම සිටින ඔය බලාපොරොත්තුවේ පහන් වලට, ඇයි? මොකක්ද? යන
භාෂාව ඉක්මවා සිටින අයට සහ නිරතුරුව ස්ථාවරව රැදී සිටින අයට, නිරන්තරයෙන් ඒකායන
බාබාට හැර වෙනත් කිසිවෙකුට අයත් නැති අයට, ජීවිතයේ විශේෂ සම්බන්ධතා තුන අත්විදින
අයට: ඒකායන පියා තුළින්, පියා, ගුරුවරයා සහ සත්ගුරූ. පියාගෙන් ඔබගේ උරුමය,
ගුරුවරයාගෙන් මෙම ඉගෙනුමේ උරුමය සහ ආශිර්වාද වල උරුමය සත්ගුරූගෙන් හිමි කරගන්නා, ඔය
සියලුම කෝටි ගුණයක් වාසනාවන්ත දරුවන්ට, සෑම දරුවෙකුටම බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ
නමස්තේ.
දාදිලාට කතා කරමින්:
(මෙවර සෑම තැනකම ඉතා හොද සේවා වැඩසටහන් පැවැත්වුනා). ඔබ සියළු දෙනා ඉතා හොදින්
සියළු දෙනාට උපකාර කර තිබෙනවා. එය කළ යුත්තේ කෙසේද කියා කිසිවෙකුට සිතන්න අවශ්‍ය
වුනේ නැහැ; ඔබ සිතුවේ: අප එය කළ යුතුයි. එකිනෙකාගේ උදව්වෙන් සියළුම වැඩසටහන් ඉතා
හොද විය. හඩ පැතිරුණා. සියළු දෙනාට පණිවිඩය ලැබුණා. දැන් ඉදිරියට යන්න. (සියළු
දෙනාට යෝගාවේ හොද අත්දැකීම් ලැබුණා.) තේමාව වුනේ ආශිර්වාද ලබා දීමයි, එබැවින් යෝගා
වැඩසටහන් සමග ඔවුන් සියළු දෙනා එය අත්වින්දා.
පන්ජාබ් කලාපයේ
සේවාධාරීන්:
ඉතිං නාටකයට අනුව, මහා ආත්මයන්ට සහ සන්යාසීන්ට සේවය කිරීමට පන්ජාබයට හොද අවස්ථාවක්
උදා වූ අතර ඔබ එය සිදු කරමින්ද සිටිනවා. පන්ජාබයේ සේවය ස්ථාපිත කළ කාලයේ ඔබට හොද,
සහයෝගී සහ උරුමක්කාර ගුණය ඇති එමෙන්ම උපකරණ බවට පත් වූ ජීවාත්ම ඔබට හමු විය.
කැලඹීම් ඇති කළ අය සිටි ප්‍රමාණයටම, මතු වුනු සිංහ-ගුණය ඇති ජීවාත්මත් සිටියා.
පන්ජාබයට දැන් කිරීමට ඇත්තේ කුමක්ද? ඔබට මෙම විශේෂත්වය තිබෙනවා. දැන් පන්ජාබ් වල අය
කළ යුත්තේ, සභාවක මයික් එකක් වී, ඔහුගේ අත්දැකීම් බෙදා ගත හැකි සුප්‍රසිද්ධ
සිංහයෙක් සුදානම් කිරීමයි. ඔහු, කුඩා මයික් එකක් නොව විශාල මයික් එකක් විය හැකි
කෙනෙක් විය යුතුයි. රජයේ ප්‍රභූවරු වෙනම කාරණාවක් නමුත් ශ්‍රේෂ්ඨ ජීවාත්ම අතරත්
(මහාත්ම) ප්‍රභූන් සිටිනවා, එබැවින් ඔහුගේ අත්දැකීම් වලින් අන් අය තුල උද්යෝගයක්
ඇති කළ හැකි විශාල මයික් එකක් සූදානම් කරන්න. එවන් කෙනෙක්ව සූදානම් කරන්න; ඔහු හෝ
ඇයව සූදානම් කරන්න. එය කළ හැක, මන්ද පූජකයන් සහ සාන්තුවරයන් විසින් තඹ යුගයේ සේවය
ආරම්භ වූ බව මිනිසුන් විශ්වාස කරන නමුත්, අන් අයව හෝ තම අනුගාමිකයන්ව තමන් හා සමාන
බවට පත් කළ හැකි මහා ගුරූන්ගේ නිදසුන් නොමැත. කෙසේවෙතත් මහජනයා ඉදිරියට යන, ඔහුට
වඩා දක්ෂ සමහර දරුවන්ව බාප්දාදා සූදානම් කර තිබේ. එබැවින් පන්ජාබය දැන් යම්
නවතාවයක් පෙන්විය යුතුයි. ප්‍රභූවරු සෑම දිශාවකින්ම පැමිණෙන නමුත් ඔබ එවන් අයව මෙහි
ගෙන ආ යුතුයි, මන්ද, එවිට ඔවුන්ට සවන් දෙන සියළු දෙනා අවදි වන අතර ඔවුන්ට පණිවිඩය
ලැබෙයි. මෙය කළ හැකිද? අපි බලමු. එයට ටික කාලයක් ගත වෙයි, නමුත් ඔබට එවන් කෙනෙක්ව
සූදානම් කර සියළු දෙනාට පෙන්විය හැක. ඔව් ව්‍යාප්තිය සිදු වෙනවා.
වරදානය:
පරම පියාගේ
හස්තය සහ ඔහුගේ ඇසුර ඔබගේ අවධානයේ තබා ගැනීමෙන් ඔබ කණස්සලු වලින් සහ සැලකිල්ලෙන්
නිදහස් වී, අපහසු සියල්ල පහසු කරගනිත්වා.
ඔබගේ අත,
ජ්‍යෙෂ්ඨයෙකුගේ අතේ ඇති විට, ඔබගේ මනෝ ස්ථිතිය සැලකිල්ලෙන් සහ කණස්සලු වලින් නිදහස්
වෙයි. ඒ ආකාරයටම, සෑම දෙයක්ම සිදු කරන අතර බාප්දාදා ඔබ සමග සිටින බවත් මෙම අලෞකික
දිවියේ ඔබගේ අත ඔහුගේ අතේ ඇති බවත් නිරතුරුවම සලකන්න. මින් අදහස් වන්නේ ඔබගේ ජීවිතය
ඔහුගේ අතේ ඇති බවත් ඔහු එයට වගකියන බවයි. ඔබගේ සියලු බර, පියා මත තබා සැහැල්ලු
වන්න. බරක් ඉවත් කර, අපහසු ඕනෑම දෙයක් පහසු කරන ක්‍රමය වන්නේ, පරම පියාගේ හස්තය සහ
ඔහුගේ ඇසුර ගැනීමයි.
පාඨය:
ඔබගේ උත්සාහය
තුළ අවංකත්වය ඇති විට, බාප්දාදාගෙන් ඔබ අතිරික්ත උපකාර අත්දකියි.
අව්‍යක්ත සංඥාව:
ශ්‍රේෂ්ඨ වීම සදහා මිහිරි බව සහ නිහතමානිකමේ ගුණධර්ම ධාරණය කරගන්න.
යම් කෙනෙක් ඔබ සමග
ගැටුම් ඇති කරන්නේ නම්, එම පුද්ගලයාට ඔබගේ සෙනෙහසේ ජලය ලබා දෙන්න. ඔබගේ මිහිරි බවේ
සහ නිහතමානිකමේ ගුණධර්ම අත් නොහරින්න. නිරන්තරයෙන් ඔබගේ නිරහංකාරකමේ ඇදුම පැලද
සිටින්න. මෙම නිරහංකාරකම ඔබගේ පලිහයි, එනම් එය ඔබගේ ආරක්ෂාවේ මගයි. සංස්කාර සුසංයෝග
කරගැනීමේ පහසුම අන්දම වන්නේ, තමන්ව නිරහංකාරකමින් සහ මිහිරි බවින් පුරවා ගැනීමයි.
අන් අයට උස් ආසනය ලබා දෙන්න.