12.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ ව්‍යාපාර ආදිය, කරගෙන යන අතර, නිරතුරුවම ඔබගේ දේවමය ශිෂ්‍ය දිවිය
මෙන්ම මෙම ඉගෙනුම ද සිහිපත් කරන්න. දෙවියන්ම ඔබට උගන්වනවා, යන කුල්මත් බවේ සිටින්න.
ප්‍රශ්නය:
දැනුමේ අමෘතය,
ජීර්ණය කිරීමට දන්නා දරුවන්ගේ සලකුණු මොනවාද?
පිළිතුර:
ඔවුන්ට නිරතුරුවම ආධ්‍යාත්මික කුල්මත්භාවය තිබේ. එම කුල්මත් බවේ පදනම තුළින් ඔවුන්
අඛණ්ඩව සෑම කෙනෙකුටම සෙත සලසයි. සෑම කෙනෙකුටම සෙතක් සැලසීමට හැර වෙනත් දෙයක් කිරීමට
ඔවුන් අකමැතිය. කටු, මල් බවට පරිවර්ථනය කිරීමේ සේවයේ ඔවුන් කාර්ය බහුල වී සිටියි.
ඕම් ශාන්ති.
ඔය දරුවන් මෙතැන අසුන් ගෙන සිටින අතර, ඔබ නලුවන් බව ඔබ දන්නවා. ඔබ උපත් 84 හි
චක්‍රය සම්පූර්ණ කර ඇත. ඔය දරුවන්ට මෙම අවධානය තිබිය යුතුයි. ඔබට නැවත වතාවක්
රාජධානිය හිමි කරගැනීමට ඔබට මඟ පාදන්න සහ ඔබව තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් කිරීමට
බාබා පැමිණ ඇති බව ඔබ දන්නවා. පියා හැර වෙනත් කිසිවෙකුට මෙම දේවල් විස්තර කළ නොහැක.
ඔබ පාසැලක මෙන් මෙහි අසුන් ගෙන සිටිනවා. ඔබ පිටත සිටින විට ඔබ තව දුරටත් පාසැලක
නොමැත. මෙය උසස්ම-උසස් ආධ්‍යාත්මික පාසැල බව ඔබ දන්නවා. ආධ්‍යාත්මික පියා මෙතැන
අසුන් ගෙන ඔබට උගන්වනවා. ඔය දරුවන් ඔබගේ පාඩම් සිහි කළ යුතුයි, එසේ නේද? මේ කෙනාද
දරුවෙකි. ඔහුටත් ඔය සියලුම දරුවන්ටත් උගන්වන්නේ පියාය. ඔහු සියලුම මනුෂ්‍ය
ජීවාත්මයන්ගේ පියාය. ඔහු පැමිණ ඔබට විස්තර කර දීම උදෙසා ශරීරයක් ණයට ගනී. ඔහු
දිනපතාම ඔබට විස්තර කරයි. ඔබ මෙතැන අසුන් ගෙන සිටින අතර, ඔබ උපත් 84 ක් ගෙන ඇත යන
අවධානය, ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. ඔබ ලෝකයේ අධිපතියන් වියත ඔබ දේවතාවන් විය.
පුනරුත්පත්ති ගැනීමෙන් ඔබ බිමටම ඇද වැටී ඇත. භාරතය බොහෝ සමෘද්ධිමත්ව තිබුණි! මේ සෑම
දෙයක්ම දැන් ඔබගේ අවධානයේ තිබේ. මුලු කතා පුවතම භාරතය සහ ඔබ සැවොමද පිළිබඳවයි.
තමන්වම අමතක නොකරන්න! අපි දිව්‍යලෝකයේ පාලනය කළ අතර, අපට උපත් 84ක් ගැනීමට සිදු
විය. ඔබ මුලු දවස පුරාම මෙය ඔබගේ අවධානයේ තබා ගත යුතුයි. ඔබගේ ව්‍යාපාරය සිදුකරන
අතර, ඔබ ඉගෙනුම සිහියේ තබා ගත යුතුයි ඔබ ලෝක පාලකයන් වූ අන්දම සහ ඉන්පසුව ඔබ දිගටම
පහළට පැමිණි අන්දම ගැන. මෙය ඉතාම පහසු වන නමුත් කිසි කෙනෙකුට එය සිහියේ තබා ගත
නොහැක. ජීව, අපවිත්‍ර බැවින්, සිහිකිරීම ලිස්සා යයි. දෙවියන් ඔබට උගන්වනවාය යන
මතකය, ඉවතට ලිස්සී යයි. අප බාබාගේ ශිෂ්‍යයින්ය. බාබා දිගින් දිගටම පවසන්නේ සිහිපත්
කිරීමේ වන්දනාවේ සිටින්න. පියා අපට උගන්වා අපව ඔවුන් බවට පත් කරවනවා. දවස පුරාම මෙම
අවධානය තබා ගන්න. මෙම ස්ථානය භාරතය වූ බව ඔබට මතක් කර දෙන්නේ පියා පමණයි. අප
දේවතාවන්ව සිටි අතර දැන් රකුසන් බවට පත්වී ඇත. පෙර කල ඔබගේ බුද්ධියද රකුසු විය.
පියා ඔබට දැන් දේවමය බුද්ධි ලබා දී තිබේ. ඒ තිබියදී මෙය ඇතමෙකුගේ බුද්ධියේ රැඳී
තිබෙන්නේ නැතත ඔබට අමතක වෙයි. පියා ඔබට බොහෝ කුල්මත් බව ලබා දෙයි. ඔබ නැවත වතාවක්
එම දේවතාවන් බවට පත්වනවා. අප අපගේ රාජධානිය හිමි කරගන්නවා. අපි අපගේ රාජධානිය පාලනය
කරන්නෙමු. ඔබගේ රාජධානිය හිමි කරගැනීම ගැන ඔබගෙන් ඇතමෙකුට කුල්මත්භාවයක් ඇත්තේම
නැහැ. ඔබට දැනුමේ අමෘතය ජීර්ණය කරගැනීමට නොහැක. අන් අයට සෙතක් වෙන දෙයක් හැර, වෙනත්
කිසිම දෙයක් ගැන කතා කිරීම නිවැරදි නොවන බව, මෙම කුල්මත්භාවය තිබෙන අය සලකයි. වෙනත්
අයව මල් බවට පත් කිරීමේ සේවයේ ඔවුන් කාර්ය බහුල වී සිටියි. පෙර අප මල්ව සිටි අතර
ඉන්පසුව මායා අපව කටු බවට පත් කළේය. අප දැන් නැවත වතාවක් මල් බවට පත් වනවා. මේ
අන්දමින් තමන්ට කතා කරන්න. මෙම කුල්මත්භාවයෙන් යුතුව ඔබ අන් අයට විස්තර කර දෙන විට,
ඊතලය විගසින් ඉලක්කයේ වදිවි. භාරතය, අල්ලා ගේ උයන විය. එය දැන් අපවිත්‍ර වී තිබේ.
අප මුලු ලෝකයේම පාලකයන් විය. මෙය බොහෝ ශ්‍රේෂ්ඨ දෙයකි. කෙසේවෙතත්, අපට දැන් සිදුව
ඇති දේ බලන්න! අප බොහෝ සේ වැටී තිබේ! මෙම නාටකය, අපගේ නැග්ම සහ බැස්ම පිළිබඳවයි.
පියා මෙතැන අසුන් ගෙන අපට මෙම කතාපුවත කියයි. අනෙත් කතාව මුසාවක් වන අතර, සත්‍ය
කතාව මෙයයි. ඒ මිනිසුන් සත්‍ය නාරායනගේ කතාපුවත විස්තර කරන නමුත්, ඔවුන් නැග්ගේ
කෙසේද හෝ ඔවුන් බැස්සේ කෙසේද කියා ඔවුන්ට නොවැටහෙයි. ඔබ රාජධානිය අහිමි කරගත් අන්දම
ගැන, සත්‍ය නාරායනගේ කතාව, පියා ඔබට දැන් පවසා තිබේ. සෑම දෙයක්ම රඳා පැවතුනේ ඔබ
මතයි. ඔබ පියාගෙන් රාජධානිය හිමි කර ගන්නේ කෙසේද කියා ඔය ජීව දැන් දන්නවා. මෙහිදී
ඔබට මෙම කුල්මත්භාවය තිබේද කියා, පියා ඔබගෙන් විමසන විට, ඔබ ‘ඔව්‘ කියන නමුත්, ඔබ
පිටතට ගිය විගසම, කුල්මත්භාවයක් ඇත්තෙම නැත. ඔබ දෑත් ඔසවන නමුත්, ඔබගේ
ක්‍රියාකාරකම් කෙසේද යත්, මෙම කුල්මත්භාවය තිබිය නොහැකි බව, ඔය දරුවන්ටම වටහා ගත
හැක. ඔබටම මෙය හැඟී යනු ඇත. පියා ඔය දරුවන්ට මතක් කර දෙයි. ඔහු පවසන්නේ දරුවනි, මා
ඔබට රාජධානිය ලබා දුන්නා. ඔබ ඉන්පසුව එය අහිමි කර ගත්තා. ඔබ පහළට පැමිණෙමින්
සිටියා. මෙම නාටකය, ඔබගේ නැග්ම සහ බැස්ම ගැනයි. අද කෙනෙක් රජ කෙනෙක් වන අතර, හෙට
ඔහුව සිංහාසනයෙන් පහ කරනු ලබයි. එවන් බොහෝ කතා, පුවත්පත් වල තිබේ. ඔබ ඒවාට
ප්‍රතිචාර දැක්වූයේ නම්, මිනිසුන්ට යමක් වටහා ගැනීමට හැකි වෙයි. මෙය නාටකයක් බව ඔබ
සිහියේ තබා ගැනීමෙන් වුවත්, නිරන්තර සතුට තිබිය හැක. ශිව බාබා අදට වසර 5000 කට පෙර
පැමිණි බව ඔබගේ බුද්ධියේ තිබේ. ඔහු පැමිණ අපට රාජයෝගාව ඉගැන්වූ අතර, ඉන්පසුව
යුද්ධයක් තිබුණා. පියා ඔබට මේ සෑම නිවැරදි දෙයක්ම පවසයි. මෙය වඩාත්ම ශ්‍රේෂ්ඨ සංගම
යුගයයි. කලි යුගයට පසුව, මෙම වඩාත්ම ශ්‍රේෂ්ඨ යුගය තිබේ. කලි යුගයට වඩාත්ම ශ්‍රේෂ්ඨ
යුගය යැයි නොකියනු ඇත. ස්වර්ණමය යුගයට පවා එසේ නොකියයි. රකුසු සමාජය සහ දේවමය සමාජය
සඳහන් කර තිබේ. මෙම සංගම යුගය පැරණි ලෝකය, අලුත් බවට පත් කරවන, ඒ දෙකට අතර මැදි වූ
යුගයයි. අලුත් බවින් පැරණි බවට පරිවර්ථනය වීමට, මුලු චක්‍රයම ගත වෙයි. එය දැන් සංගම
යුගයයි. ස්වර්ණමය යුගයෙදීත එය දේවතාවන්ගේ රාජධානිය විය. ඔවුන් දැන් නොසිටියි, නමුත්
දැන් වෙනත් බොහෝ ආගම් පැමිණ ඇත. මෙය ඔබගේ බුද්ධියේ රැඳී තිබේ. මාස 6ක් හෝ අටක් හෝ
12ක් පවා ඉගෙන ගෙන, ඉන්පසුව වැටෙන බොහෝ දෙනෙක් සිටිතිත ඔවුන් අසමත් වෙයි. ඔවුන්
පිවිතුරු වන නමුත්, ඔවුන් ඉගෙන ගන්නේ නැති බැවින් ඔවුන් සිරගත වෙයි. පිවිතුරු බව
පමණක් තිබීමෙන් ප්‍රයෝජනයක් නැත. ඔවුන්ගේ සන්යාසි ආගම, (අත්හැරීමේ ආගම) අත්හල බොහෝ
සන්යාසීන්ද සිටියි. ඔවුන් විවාහ වී ගෘහවාසීන් වෙයි. එබැවින් පියා දැන් ඔය දරුවන්ට
විස්තර කර දෙයි ඔබ අසුන් ගෙන සිටින්නේ පාසැලකය. ඔබගේ රාජධානිය අහිමි වූ අන්දම සහ ඔබ
උපත් කීයක් ගත්තාද කියා ඔබගේ අවධානයේ තිබේ. පියා නැවත වරක් පවසන්නේ ලෝකයේ අධිපතියන්
වන්න. ඔබ අනිවාර්යෙන්ම පිවිතුරු විය යුතුයි. ඔබ බාබාව වැඩියෙන් සිහිපත් කරන තරමට,
ඔබ වැඩියෙන් පිවිතුරු වෙයි. රත්තරං සමඟ මිශ්‍ර වී ඇති වෙනත් ලෝහ, ඉවත් වන්නේ වෙන
කෙසේද? ඔය ජීවාත්ම සතෝප්‍රධාන් ව සිටි බව ඔය දරුවන්ගේ බුද්ධියේ තිබේ. ඔබ කැරට් 24හි
රත්තරං විය. ඉන්පසුව ඔබ අඛණ්ඩව පහළට පැමිණි අතර, ඔබගේ දැන් තත්ත්වය මෙබඳු වී තිබේ.
ඔබ කුමක් බවට පත්ව තිබේද? ඔබ පත්ව ඇත්තේ කුමක් බවටද කියා, පියා නොපවසන නමුත්, ඔය
මනුෂ්‍යයින් පවසන්නේ, ඔබ දේවතාවන්ව සිටි බවයි. භාරතයේ ප්‍රශංසාව තිබේ. භාරතයට ඇතුලු
වන කෙනා කවුරුන්ද, එමෙන්ම ඔහු පැමිණි විට, ලබා දෙන්නේ කුමන දැනුමද? කිසිවෙකු මෙය
නොදනී. අඩු තරමින්, විමුක්තිය ලබා දෙන්නා පැමිණෙන්නේ කවදාද කියා, කෙනෙක් දැන සිටිය
යුතුයි. පැරණිතම දේශය වන්නේ භාරතය බව කියැවෙන අතර, එසේ නම් ඔහුගේ පුනර්භවය
නිසැකයෙන්ම සිදු විය යුත්තේ භාරතයේදීය. එනම් ඔහුගේ උපන් දිනය සැමරෙන්නේද මෙහිය.
පියා අනිවාර්යෙන්ම පැමිණෙන්නේ මෙහිය. ‘භාග්‍ය රථය‘ ගැනද කියැවෙනවා. එබැවින් ඔහු
මනුෂ්‍ය සිරුරකට ඇතුලු වන්නට ඇති. ඔවුන් මේ සඳහා අශ්වයෙක් අදිනු ලබන රථයක් පෙන්වා
තිබේ. මෙහි විශාල වෙනසක් තිබේ! ඔවුන් රථය තුළ ක්‍රිෂ්ණාව පෙන්වා තිබේ. මා පිළිබඳව
කිසිවෙකු නොදනී. බාබා මෙම රථයට පැමිණි බව ඔබට දැන් වැටහෙනවා. මෙම කෙනාට ‘භාග්‍ය
රථය‘ යැයි කියයි. බ්‍රහ්ම, විෂ්ණු බවට පත් වෙයිත මෙය පැහැදිලිව මෙම පිංතූරයේ පෙන්වා
ඇත. ත්‍රිමූර්තියට ඉහළින් ශිවාව පෙන්වා තිබේ. ශිවාගේ හැඳින්වීම ලබා දුන්නේ කවුද?
බාබා මෙය නිර්මාණය කරවූවා. බාබා, බ්‍රහ්මාගේ රථයට ඇතුලු වුණු බව ඔබට දැන් වැටහෙනවා.
බ්‍රහ්ම, විෂ්ණු බවට පත් වන අතර, විෂ්ණු, බ්‍රහ්ම බවට පත් වෙයි. විෂ්ණු, උපත් 84කට
පසුව, බ්‍රහ්මා බවට පත් වන අන්දම සහ බ්‍රහ්මා, තත්පරයකදී විෂ්ණු බවට පත් වන අන්දම
ගැනද ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. මෙය, ඔබගේ බුද්ධියට ධාරණය කරගැනීමට ඇති
ආශ්චර්යමත් කරුණකි. ඔබ පළමුවෙන්ම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. භාරතය, දිව්‍ය
ලෝකය වශයෙන් තිබිණි. එබැවින් නිසැකයෙන්ම දිව්‍යමය දෙවි පියාණන් දෙව්ලොව නිර්මාණය
කරන්නට ඇති. මෙම පිංතූරය අංක එකේ එකකි. ඔබ අන් අයටද මෙය විස්තර කර දීමට ලැදිකමක්
දැක්විය යුතුයි. පියාට මෙම කැමැත්ත තිබේ. ඔබද මේ අන්දමින් මධ්‍යස්ථාන වලදී විස්තර
කරයි. මෙහිදී පියා දැන් ඍජුවම ඔබ ඉදිරියේ සිටියි. පියා මෙතැන අසුන් ගෙන ඔය ජීවයන්ට
විස්තර කර දෙයි. ඔය ජීවයන් ලබා දෙන විස්තර කිරීම් සහ පියා ලබා දෙන විස්තර කිරීම අතර
නිසැකයෙනේම වෙනසක් තිබේ. එබැවින් ඔබ බාබාට පෞද්ගලිකව සවන් දීමට මෙහි පැමිණෙයි. පියා
නැවත නැවතත් පවසන්නේ දරුවනේ, දරුවනේ, කියා. පියාගෙන් තරම් බලපෑමක් සහෝදරයන්ගෙන් ඇති
වන්නේ නැත. මෙහිදී ඔබ පියා ඉදිරියේ පෞද්ගලිකවම අසුන් ගෙන සිටියි. ඔය ජීවාත්ම,
පරමාත්මය මුණගැසෙයි, එබැවින් මෙයට මේලාවක් (හමුවීමක්) යැයි කියයි. පියා පෞද්ගලිකව
විස්තර කර දෙන විට, කුල්මත්භාවය බොහෝ ඉහළ නගියි. ඔබ මෙසේ සිතයි අසීමිත පියා විස්තර
කරන බැවින්, මා ඔහුට සවන් නොදෙන්නේ ඇයි? පියා පවසන්නේ මා ඔබව දිව්‍ය ලෝකයට යැවුවා.
ඉන්පසුව උපත් 84ක් ගැනීමේදී ඔබ අපවිත්‍ර වූවා. එබැවින් ඔබ නැවත වතාවක් පිවිතුරු
වන්නේ නැද්ද? බාබා මෙසේ පවසන්නේ ඔය ජීවයන්ටයි. ඔබගෙන් ඇතමෙකුට වැටහී මෙසේ කියනු ඇත
බාබා පවසන්නේ සත්‍යයයි. ඇතමෙක් සැනෙකින් කියන්නේ බාබා, මා පිවිතුරු නොවන්නේ ඇයි?
පියා පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් කැපී ගොස් ඔබ සැබෑ රත්තරං බවට පත්
වෙයි. මා සෑම කෙනෙකුගේම පාරිශුද්ධකරු පියාය. එබැවින් ජීව ලබා දෙන පැහැදිලි කිරීම සහ
පියා ලබා දෙන පැහැදිලි කිරීම් අතර විශාල වෙනසක් තිබේ. නිදසුනක් ලෙසින්, අලුතින්
කෙනෙක් පැමිණි විට, ඔහු මලක් නම්, එනම් මෙහි අයත් කෙනෙක් නම්, ඔහුගේ සිතට යමි
බලපෑමක් ඇති වී මෙසේ කියනු ඇත මෙය නිවැරදි. ඔහු මෙහි අයත් නොවන්නේ නම්, ඔහුට කිසිම
දෙයක් නොවැටහෙයි. එබැවින් අන් අයටද විස්තර කර දෙන්න පියා ජීවාත්ම වන අපට, පිවිතුරු
වන්නට කියා පවසනවා. මිනිසුන් පිවිතුරු වීම සඳහා ගංඟා නම් නදියේ ස්නානය කරීමට යයි.
ඔවුන් ගුරු කෙනෙක් වෙතටද යයි. කෙසේවෙතත්, පාරිශුද්ධකරු වන්නේ පියා පමණයි. පියා ඔය
ජීවාත්මයන්ට පවසන්නේ ඔබ බොහෝ අපවිත්‍ර වී තිබේ! මේ නිසයි ඔය ජීව, මා සිහිපත් කර, මට
පැමිණ, ඔබව පිවිතුරු කිරීමට කියා අයදින්නේ. පියා පවසන්නේ මම සෑම චක්‍රයකදීම
පැමිණෙන්නෙමි. මෙම අවසන් උපතෙදී පිවිතුරු වන්නට කියා මම ඔය ජීවයන්ට කියමි. මෙම
රාවණගේ රාජධානිය විනාශ විය යුතුයි. ප්‍රධානතම දේ වන්නේ පිවිතුරු වීමයි. දිව්‍යලෝකයේ
විෂ නොමැත. පැමිණෙන ඕනෑම කෙනෙකුට, පියා මෙසේ පවසන බව, කියන්න තමන් ජීවාත්මයක් බව
සලකා, පියා වන මා සිහිපත් කරන්න, එවිට ඔබ පිවිතුරු වෙයිත ඔබ තුළ ඇති මිශ්‍ර ලෝහ
ඉවත් වෙයි. ඔබට ‘මන්මනභව‘ යන වචනය මතකයි නේද? පියා අශාරීරික වන අතර ජීවාත්ම වන අපත්
අශාරීරිකයි. අපගේ සිරුරු මඟින් අප සවන් දෙන සේම, පියාද අපට විස්තර කර දෙන්නේ
සිරුරක් තුළට ඇතුලු වීමෙනි. ‘නිරතුරුවම මා පමණක් සිහිපත් කරන්න, සියලු ශාරීරික නෑ
සබඳකම් අත්හරින්න‘ කියා ඔහු වෙන කෙසේද පවසන්නේ? ඔහු නිසැකයෙන්ම මෙහි පැමිණ, බ්‍රහ්ම
තුළට ඇතුලු වෙයි. ප්‍රජාපිතා දැන් ප්‍රායෝගික ස්වරූපයකින් සිටින අතර, පියා අපට කතා
කරන්නේ ඔහු මගිනි. අප සවන් දෙන්නේ අසීමිත පියාට පමණයි. ඔහු පවසන්නේ පාරිශුද්ධ වන්න.
අපවිත්‍ර වීම අත්හරින්න. ඔය පැරණි සිරුරේ අහංකාරකම අත්හරින්න. මා සිහිපත් කරන්න,
එවිට ඔබගේ අවසාන සිතිවිලි ඔබව ඔබගේ ගමනාන්තය කරා මෙහෙයවා, ඔබ ලක‍්ෂ්මි හෝ නාරායන්
බවට පත් වෙයි. ඔබව පියාගෙන් ඉවතට යොමු කරවන ප්‍රධානතම දුර්වලතාවය වන්නේ, අන් අය ගැන
සිතීම මෙන්ම, නරක දේට සවන් දීම සහ කතා කිරීමය. පියාගේ උපදේශය වන්නේ නරක දේට
ඇහුම්කන් නොදෙන්න. එක් අයෙක් ගැන කතා, තවත් කෙනෙකුට කීම සහ ඉන්පසුව එම කෙනාගේ කතා,
පළමුවැන්නාට කීමේ ව්‍යාපාරයේ, ඔය දරුවන් සම්බන්ධ නොවිය යුතුයි. ඕපාදූප කතා කිරීම
අත්හරින්න. වර්තමාන ලෝකයේ සෑම කෙනෙකුගේම බුද්ධිය තුළ, පියා කෙරෙහි සෙනෙහසක් නොමැත.
රාමාගේ දේ හැර, වෙනත් දේ කතා කිරීම, ඕපාදුප පමණය. පියා දැන් පවසන්නේ සියලුම
ජීවාත්මයන්ට කියන්න ඕ සීතාවනි, ඔබ සැවොම දැන් ඒකායන රාමා සමඟ පමණක් යෝගාවේ සිටිය
යුතුයි. ඔබ දූතයන්ය. සියලුම දෙනාට පියාගේ පණිවිඩය ලබා දෙන්න, ඔහු එහිදි පවසන්නේ මා
සිහිපත් කරන්න, එපමණයි. මෙම එක් කාරණාව හැරුණු කොට අන් සියල්ල ඕපාදූප පමණයි. පියා
ඔය දරුවන්ට පවසන්නේ ඕපාදූප කතා කිරීම අත්හරින්න! සියලුම සීතාවන්ගේ බුද්ධි, එක් රාමා
සමඟ සම්බන්ධ කරවන්න. ඔබගේ එකම ව්‍යාපාරය මෙයයි. මෙම පණිඩිඩය පමණක් ලබා දෙන්න පියා
පැමිණ ඇති අතර, අප දැන් ස්වර්ණමය යුගයට යා යුතු බව ඔහු පවසනවා. අප දැන් මෙම කලි
යුගය දමා යා යුතුයි. ඔබව දැන් පිටුවහල් කර තිබෙනවා. ඔබ අසුන්ගෙන සිටින්නේ කැලෑවකයි.
වනාන්තරයකට, කැලයක් කියාද කියයි. කුමාරි කෙනෙක් විවාහ වීමට ආසන්න වන විට, ඇය
හුදකලාව අසුන්ගෙන සිට, ඉන්පසුව මන්දිරයකට යයි. ඔබත් අසුන් ගෙන සිටින්නේ කැලෑවකයි.
ඔබ දැන් ඔබගේ සැමියාගේ දෙමාපිය නිවසට යා යුතුයි. ඔබගේ පැරණි සිරුරු මෙහි දමා යා
යුතුයි. ඒකායන පියාව අඛණ්ඩව සිහිපත් කරන්න. විනාශ කාලයේදී සෙනෙහසින් පිරි බුද්ධි
ඇති අය, මන්දිරයකට යන අතර, සෙනෙහස නොමැති බුද්ධි ඇති අය, වනාන්තරයට යයි. ඔවුන්ගේ
වාසස්ථානය කැලයක් වෙයි. පියා ඔය දරුවන්ට බොහෝ විවිධ අන්දමින් පහදා දෙයි. ඔබගේ
අසීමිත රාජධානිය ඔබට ලබා දුන් පියාව ඔබට අමතක වී, ඔබ කැලයකට ගියේය. කැලයක සහ උයනක
වාසස්ථාන තිබේ. පියාට උයනේ අධිපති යැයිද කියයි. අඩුම තරමින් මෙයවත් යම් කෙනෙකුගේ
බුද්ධියට ඇතුලු විය යුතුයි! අපගේ රාජධානිය භාරතයේ පැවතුණු නමුත් එය දැන් නොමැත.
වර්තමානයේ අපගේ වාසස්ථානය වනාන්තරයකි. අප උයනට යාමටයි ඉන්නේ. ඔබ මෙතැන අසුන් ගෙන
සිටින විට, අසීමිත පියාගෙන් ඔබගේ රාජධානිය ඔබට හිමි වනවා, යන අවධානය ඔබගේ බුද්ධියේ
තිබේ. පියා පවසන්නේ ‘මා කෙරෙහි සෙනෙහසක් ඇති කරගන්න‘ නමුත්, ඔබට මා අමතක වෙයි. පියා
පැමිණිලි කරයි තව කොතරම් කාලයක් ඔබ මාව අමතක කරන්නේද? ඔබ ස්වර්ණමය යුගයට යන්නේ
කෙසේද? තමන්ගෙන් විමසන්න මා කොතෙක් වේලාවක් බාබාව සිහිපත් කරනවාද? එය තුළින් අපගේ
පාපයන් පිළිස්සී යන යෝගා ගින්නේ, අප අසුන් ගෙන සිටිනවා වැනිය. ඔබගේ බුද්ධිය තුළ
ඒකායන පියාට සෙනෙහස තිබිය යුතුයි. ඔහු ඔබගේ නොම්මර එකේ ආදරවන්තයා වන අතර, ඔහු ඔබවත්
නොම්මර එකේ කෙනෙක් බවට පත් කරවයි. එලුවන් මෙන් තුන්වැනි පංතියේ මැදිරියක ගමන් කිරීම
සහ වායු සමනය කළ මැදිරියක ගමන් කිරීම අතර විශාල වෙනසක් තිබේ. මේ සෑම දෙයක් ගැනම
දැනුමේ සාගරය මතගාන්න, එවිට ඔබ බොහෝ සේ විනෝදයක් ලබනු ඇත. මෙම බාබා පවසන්නේ බාබාව
සිහිපත් කිරීම සඳහා මාද බොහෝ සේ වෙහෙස විය යුතුයි. දවස පුරාම මෙම සිතිවිලි දිගටම
පැමිණෙනවා. ඔය දරුවන්ද සිදුකළ යුතු උත්සාහය මෙයයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අන් අය සමඟ
රාමාගේ (පියාගේ) දේවල් හැර, වෙනත් දෙයක් කතා නොකරන්න. ඕපදූප කතා කිරීම සහ කෙනෙකුගේ
කතාවක් එකිනෙකා සමඟ කීම, සහ අන් අය ගැන සිතීම අත්හරින්න.
2. ඒකායන පියාට පමණක්
ආදරය කරන්න. පැරණි ශරීරයේ උඩඟුකම අතහැර, පියාගේ සිහිපත් කිරීමෙන් තමන්ව පිවිතුරු
කරගන්න.
වරදානය:
ඔබ ලෝක
පරිවර්තකයෙකු වී ඕනෑම වැරැද්දක් නිවැරදි කිරීමට ඔබේ ඉඩදීමේ බලය භාවිත කරත්වා.
අන් අයගේ වැරදි දැක
ඔබත් වැරදි කිරීම නොකරන්න. වෙනත් කෙනෙකු වැරැද්දක් කර තිබුණත්, ඔබ නිවැරදිව සිටිය
යුතුය. ඔවුන්ගේ වැරදි ක්‍රියාවෙහි බලපෑමට ලක් නොවන්න. බලපෑමට ලක් වූ අය
නොසැලකිලිමත් වෙති. ඔබ සෑම කෙනෙකුම නිරන්තරයෙන් නිවැරදි මාර්ගයේ රැඳී සිටීමේ වගකීම
භාර ගත යුතුය. යමෙකු වරදක් කළත්, එම අවස්ථාවේදී ඔබේ බලය භාවිත කර එයට අනුගත වන්න.
අන් අයගේ වැරදි සටහන් කර ගැනීම වෙනුවට, ඔවුන්ට සහයෝගයේ සටහනක් දෙන්න, එනම්, ඔබේ
සහයෝගයෙන් ඔවුන් පුරවන්න, එවිට ලෝක පරිවර්තනයේ කාර්යය පහසුවෙන් ඉටු වේ.
පාඨය:
නිරන්තර
යෝගිවරයෙකු වීමට නම්, ඕනෑම සීමිත "මම" හෝ "මගේ" අසීමිත එකක් බවට පරිවර්තනය කරන්න.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
වත්මන් කාලයට අනුව,
ඔබ, ඔබගේ සුරදූත ස්ථිතියට සහ පියාට සමාන වීමේ ස්ථිතියට සමීප වනවා. එයට අනුව,
පාරිශුද්ධත්වයේ අර්ථ විග්‍රහය උපරිම ලෙස සූක්ෂම වෙමින් පවතිනවා. බ්‍රහ්මචර්යාව
පමණක් පාරිශුද්ධත්වය නොවෙයි. බ්‍රහ්මචර්යාව සමගම බ්‍රහ්මචාරිද (බ්‍රහ්මගේ
අනුගාමිකයන්) වී, ඔබගේ සෑම පියවරක්ම, සියලු ක්‍රියා ස්වරූපයෙන්, බ්‍රහ්ම පියාගේ පිය
සටහන් මත තබන්න.