12.06.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබට දැන් දැනුමේ දෙනෙත් ලැබිලයි තිබෙන්නේ. එමනිසා,අරමුණකින් තොරව එහාමෙහා
යාම් දැන් නැවතී ඇත. සාමයේ දේශයත් සතුටේ දේශයත් ඔබ සිහිපත් කරනවා.
ප්‍රශ්නය:
දේවතාවරුන්ට
ඇත්තේ කුමන බලයද?ඔවුන් තුළ ඒ බලය ඇත්තේ කුමන විශේෂත්වයක් මතද?
පිළිතුර:
මුළු ලෝකයම පාලනය කිරීමේ බලය දේවතාවරුන්ට ඇත. ඔවුන් තුළ මෙම බලය විශේෂයෙන්මඇත්තේ
එකම එක උපදේශයක් පමණක් අනුගමනය කිරීම යන විශේෂත්වය මතයි. එහි ඔවුන් සෑමකෙනෙක්ම
එකමුතුයි(එක මතයයි). එමනිසා, කිසිඳු උපදේශකවරයෙක් අවශ්‍ය වන්නේ නැහැ. දේවතාවරුන්
උපත්21ක් පුරා පාලනය ගෙන යා හැකි ආකාරයේ උපදෙස් සංගම් යුගයේදී පියාගෙන්ලබනවා. එහි
එක රජෙකුට එක දිව්‍යමය පවුලක් තිබෙනවා. එහි වෙන කිසිම උපදේශයක් නැහැ.
ගීතය:
අන්ධයින්ට මඟ
පෙන්වනු මැන ස්වාමීනි!
ඕම් ශාන්ති.
දරුවන් වන
ඔබලාගේ දැන් දෙනෙත් පෑදී ඇත. මීට පෙර ඔබට ඒ ඇස් තිබුණේ නැහැ. ඔබට නොතිබුනේ කුමන
ඇස්ද?දැනුමේ ඇස් ඔබට තිබුණේ නැහැ. ඔබට තිබුණේ අවිද්‍යාවේ ඇසුයි. දැනුමේ සාගරය වන්නේ
එකම එක පියා පමණක් බව දරුවන් වන ඔබලා දන්නවා. වෙන කිසිම කෙනෙක් ලඟ මේ ආධ්‍යාත්මික
දැනුම නැහැ. ඔබලාට ගැලවීම ලැබෙන්නේ මෙම දැනුම තුළිනුයි. එනම්,ඔබ සාමයේ දේශයටත්
සතුටේ දේශයටත් යනවා. සතුටේ දේශය වෙනස් වී මායාගේ රාජ්‍යය. දුකින් පිරි දේශයක් බවට
පත් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැන් ඔබගේ දෙනෙත් විවර වෙලයි තිබෙන්නේ. අන්ධයින්ටමඟ
පෙන්වන්න කිය කියා ඔබලා කන්නලව් කරමින් සිටියා. භක්ති මාර්ගයේදීත් ඔවුන් යාග
පැවැත්වූවා වුවත්,දාන මාන දෙමින් පින් දහම් කළා වුවත්,සාමයේ දේශය හෝ සතුටේ දේශය
වෙතට යාමේ මඟ කිසිම කෙනෙක්ට හොයා ගන්න බැහැ. ඔබ සෑම කෙනෙක්ම තමන්ටම අදාල වූ චරිත
කොටස රඟ දැක්විය යුතුයි. මටත් චරිත කොටසක් හිමි වී තිබෙනවා කියා පියාත් කියනවා.
භක්ති මාර්ගයේ දී මිනිසුන් අපට මුක්තියේ හා ජීවන මුක්තියේ මඟ පෙන්වන්න කිය කියා
කන්නලව් කළා. මේ සඳහා ඔවුන් යාග හෝම ගණනාවක් කළා. දාන මාන ගණනාවක් දුන්නා. පින්
දහම් කරමින් එහේ මෙහේ සෑම තැකටම ගියා. සාමයේ දේශයේවත් සතුටේ දේශයේවත් කිසිම ඉබාගාතේ
යාමක් සිදු වන්නේ නැහැ. මේ ගැන දන්නේ ඔබ පමණයි. ඒ මිනිස්සු ග්‍රන්ථ හැදෑරීම් හෝ
සාමාන්‍ය ලෞකික ඉගෙනීම ගැන හෝ පමණයි දන්නේ. මෙම ආධ්‍යාත්මික පියා ගැන ඔවුන් කිසිවක්
දන්නේ නැහැ. සෑම කෙනෙක්ටම ගැලවීම ලබා දී පැරණි ලෝකය වෙනස් කල යුතු විට ආධ්‍යාත්මික
පියා පැමිණ දැනුම ලබා දෙනවා. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් ඔබ දේවතා තත්ත්වයට පත්
වුණු කල,දේවතාවරුන් සිටිනා එකම එක අධිරාජ්‍යයක් බිහි වෙනවා එය හඳුන්වන්නේ දිව්‍ය
ලෝකය කියලයි. ආදි සනාතන දේවි දේවතා ධර්මය තිබුණේ භාරතයේ පමණක් බව භාරතයේ මිනිසුන්
දන්නවා. ඒකල වෙන කිසිම ආගමක් ඇත්තේ නැහැ. දරුවන් වන ඔබට දැන් ඇත්තේ සංගම යුගයයි.
අනිකුත් සියළුම මිනිසුන් සිටින්නේ කලියුගයේ යි. ඔබලා දැන් අසුන් ගෙන සිටින්නේ
ඉතාමත් සුබම සුබ වූ සංගමස යුගයේයි. පියාව සිහිපත් කර ශ්‍රීමත් අනුගමනය කරන්නන්
සිටින්නේ සංගම යුගයේයි. අන් සියල්ල සිටින්නේ කලි යුගයේයි. දැනට,කිසිම බලධරයෙක් හෝ
අධිරාජ්‍යයක් නැහැ. මත ගණනාවක් මත අධිරාජ්‍යය පාලනය වෙනවා. ස්වර්ණම යුගයේදී ඇත්තේ
එකම එක අධිරාජ්‍යවරයෙකුගේ මතයට අනුව අධිරාජ්‍ය පාලනය වෙනවා. එහි කිසිම උපදේශකවරයෙක්
නැහැ. ඔවුන්ට සෑහෙන බලයක් තිබෙනවා. ඔවුන් අපිරිසිදු වූවායින් පසුව තව දුරටත් ඒ බලය
ඔවුන් තුළ රඳා නොපවතින නිසා උපදේශකවරුන් ආදිය අවශ්‍ය වෙනවා. දැනට ඇත්තේ මිනිසුන්ගේ
පාලනයකි. ස්වර්ණමය යුගයේදී එකම එක කෙනාගේ උපදෙස් අනුගමනය කරනා නිසා ඒ බලය ඔවුනට
තිබෙනවා. ඔබලාට දැන් ඒ බලය ලැබෙනවා. එවිට ඔබට උපත්21ක් පුරා ස්වාධීනව පාලනය ගෙන යා
හැකියි. එය ඔබගේ දිව්‍යමය පවුලයි. මෙය දැන් ඔබගේ දේවමය පවුලයි. පියා කියනවා:තමා
ජීවයක් වශයෙන් සලකා පියාව සිහිපත් කල විට,ඔබ අයිති වන්නේ දේවමය පවුලටයි. ශාරීරික
අවධානයට ලක්ව පියාව අමතක කලහොත් ඔබ අයිති වන්නේ යක්ෂ පවුලටයි. තවත් එක් තත්පරයකින්
ඔබ දේවමය පවුලට අයිති කෙනෙක් බවට පත්වී තවත් එක් තත්පරයකින් යක්ෂ පවුලට අයිති
කෙනෙක් වෙනවා. තමා ජීවයක් වශයෙන් සලකා පියාව සිහිපත් කිරීම හරිම ලේසියෙන් කරන්න
පුළුවන් දෙයක්. නමුත් දරුවන් වන ඔබලාට එය හරිම අමාරු දෙයක් වෙලා. පියා කියනවා:ඔබ
තමන් ජීවයක් ලෙස සලකා පියාව සිහිපත් කලහොත්,ඔබගේ සියළුම පාපා දුරුවී යාවි. ශරීරය
තුළින් ඔබ ක්‍රියාවන් කළ යුතුයි. ශරීරයකින් තොරව ක්‍රියාවක් කරන්න බැහැ. සියල්ල
කරනා අතර පියාවත් ස්මරණය කිරීමට ඔබ උත්සාහ කල යුතුයි. කොහොමනමුත්,මෙහිදී වුණත් වෙන
කිසිම දෙයක් කිරීමට නැති විට වුවත් පියාව සිහිපත් කරන්න ඔබට බැරි වෙනවා. ඔබට එය
අමතක වෙනවා. මේක තමයි උත්සාහය. භක්ති මාර්ගයේ දී මුළු දවස පුරාමභක්තියකරන්න කියා
ඔබලාට කියන්නේ නැහැ. හිමිදිරි පාන්දර හෝ සවස් යාමයේ හෝ රාත්‍රියේ දී කියා කිසියම්
නිශ්චිත වේලාවක් දී තිබෙනවා. ඊට අමතරව තමන්ට ලැබෙනා මන්ත්‍ර ඔබ සිහියේ තබාගෙන
සිටිනවා. භක්ති මාර්ගයේදී ඔවුන් ග්‍රන්ථ ගණනාවක් හදාරනවා. ඔබ කිසිම දෙයක් පාඩම් කර
ගන්නවත් පොත් ලියන්නවත් ඕනේ නැහැ. මේ මුරලි ආදිය මුද්‍රණය කර ඇත්තේ ඔබලාව ප්‍රාණවත්
කරවීමටයි. නැතිනම්. කිසිම පොතක් ඉතිරි වෙන එකක් නැහැ:ඒ සියල්ල විනාශවි යාවි. මෙම
දැනුම ඇත්තේ එකම එක පියාට පමණයි. සම්පූර්ණ දැනුම හා යෝගාව කියා දෙනවා වගේ
ඔවුන්-ගියාන් විග්‍යාන් භවන්-කියා ගොඩනැගිල්ලක් නම් කර තිබෙනවා. කිසිදු අර්ථයකින්
තොරව ඒ වගේ නම් දෙනවා. ගියාන් යනු කුමක්ද විග්‍යාන් යනු කුමක්ද කියා ඔවුන් දන්නේ
නැහැ. ඔබ දැන්ගියානුත්/විග්‍යානුත් දන්නවා:විග්‍යාන් යනුවෙන් හැඳින්වෙන යෝගාව
තුලින් ඔබට නිරෝගී බව ලැබෙනා අතර ලෝකයේ ඉතිහාසය හා භූගෝලය ගැන ඔබට විස්තර පහදා දෙන
දැනුම හෙවත් ගියාන් වන්නේ මෙයයි. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවතත් පැමිණෙන්නේ කෙසේද
කියා ඔබ දැන ගත යුතුයි. කොහොමනමුත්,එය සීමිත අධ්‍යයනයක්. මෙහිදී,අප අධිරාජ්‍යය දිනා
ගත්තේ කෙසේද,අප අධිරාජ්‍යය පාලනය කළේ කෙසේද කෙතරම් කාලයක්ද,ඒ අධිරාජ්‍යය අපට ලැබුණේ
කෙසේද වැනි ආකාරයේ අසීමිත ඉතිහාසයක් හා භූගෝලයක් ඔබගේ සිහියේ දැන් තිබෙනවා. වෙන
කිසිම කෙනෙකුට මෙවන් දැනුමක් නැහැ. දැනුමින් පිරි කෙනා වන්නේ පියාම පමණයි. ලෝක
චක්‍රය කැරකෙන්නේ කෙසේද කියා පහදා දෙන්නේ පියාම පමණයි. කල්තබාම තීරනය වුණු නාටකය
ගැන නොදැනීම නිසා,අහවල් අහවල් කෙනා නිර්වාණයට ගියා අහවල් කෙනා මහා ආලෝකය හා එකතු
වුණා කියා මිනිස්සු කියනවා. සියළුම මිනිසුන් මෙම ලෝක චක්‍රයට පැමිණෙන බවත්,කිසිම
කෙනෙක්ට ඉන් ගැලවිය නොහැකි බවත් ඔබ දන්නවා. පියා පැහැදිලි කරනවා:මානව ජීවයක් එක්
ශරීරයක් අතහැර තවත් එකක් ගන්නවා. නාටකය හරි විශාලයි. සෑම කෙනෙක් තුළම ජීවයක් තිබෙනා
අතර ඒ ජීවය තුළ අවිනාශී චරිත කොටසක් පටිගත වී තිබෙනවා. කල්තබාම තීරණය වූ නාටකය කියා
හදුන්වන්නේ මෙයයි. එය නාටකයක් කියා හඳුන්වන නිසා අනිවාර්යෙන්ම එහි කාලපරාසයක් තිබිය
යුතුයි. පියා පැහැදිලි කරනවා:නාටකයේකාල පරාසය වසර5000කි. භක්ති මාර්ගයේ ග්‍රන්ථ වල
නාටකයේ කාල පරාසය වසර සිය දහස් ගණනක් කියා සඳහන් කර තිබෙනවා. පියා පැමින ඔබට
රාජයෝගාව ඉගැන් වූයේ මේ කාලයේ දීයි. කවුරවයින් දැඩි අන්ධකාරයේ සිටි අතර පාන්ඩවයින්
ආලෝකමත් වුනා කියා කියන්නේ මේ කාලය ගැනයි. කලි යුගය තවත් වසර40, 000ක් පුරා යා
යුතුයි කියා ඒ මිනිස්සු කියනවා. දෙවියන් පැමිණ සිටිනා බවත් මෙම පැරණි ලෝකයේ මරණය අත
ලඟමයි කියන එකවත් ඔවුන් දන්නේ නැහැ. සෑම කෙනෙක්ම අවිඳු නිද්‍රාවේ නිදි. යුද්ධයක්
දුටු විට එය මහා භාරතය යුද්ධයේ සලකුණක් කියාත් කියනවා. මේ පෙර පුහුණු දිගටම සිදු
වේවි. පසුව ක්‍රමක්‍ක්‍රමයෙන් සියල්ල අවසන් වේවි. ඔබගේ ස්ථාපනය සම්පූර්ණයෙන්ම සිදු
නොවී ඇති බව ඔබ දන්නවා. පියා පහසු රාජයෝගාව උගන්වා අධිරාජ්‍යයක් ස්ථාපනය කළා යන්න
ගීතාවේ සඳහන් වී නැහැ. ගීතාව තුළ සමූළඝාතනයක් ගැන සඳහන් කර තිබෙනවා. සෑම කෙනෙක්ම
මිය ගොස් පාන්ඩවයින් පස් දෙනා පමණක් ඉතිරි වුණු බව එහි පෙන්වා දී තිබෙනවා. ඔවුණුත්
පසුව කන්දට නොපෙනී ගියා. රාජයෝගාවෙන් සිදු වන්නේ කුමක් ද කියා ඔවුන් දන්නේ නැහැ.
පියා සියල්ල පැහැදිලි කර කියා දෙනවා. ඒවා සීමිත කරුණුයි. සීමිත බ්‍රහ්මා කෙනෙක්
(ලෞකික පියෙක්)නිර්මාණය කර පෝෂණය කරනවා නමුත් විනාශ කරන්නේ නැහැ. බිරඳක් ගන්නවා.
පියාත් පැමිණ ඔබලාව සොයා ගන්නවා. ඔහු කියනවා:මම මොහු තුළට ඇතුළු වී දරුවන් වන ඔබලාට
දැනුම දෙනවා. මම ඔබ දරුවන්ව නිර්මාණය කලේ මොහු හරහායි. පියෙකුත් පවුලකුත් තිබෙනවා.
මේවා ඉතාමත් ගැඹුරු කරුණුයි. මේවා ඉතාමත් කලාතුරකින් කෙනෙකුගේ සිහියේ රැදෙන ඉතාමත්
ගැඹුරු බරපතල කරුණුයි. පියා දැන් කියනවා:පළමුවෙන්ම තමා ජීවයක් වශයෙන් සළකන්න.
ජීවයක් එක ශරීරයක් අතහැර තවත් එකක් ගන්නවා. විවිධ නම් දෙන්නේශරීරවලටයි. ඔවුන්ගේ
නම්,ස්වරූප,හැඩරුව ආදී සියල්ල වෙනස් වෙනවා. එක්කෙනෙකුගේ හැඩරුව තවත් කෙනෙකුට
කිසිසේත්ම සම වෙන්නේ නැහැ. සෑම ජීවයකට සෑම උපතකටම අදාල වූ හැඩරුවක් තිබෙනවා. සෑම
කෙනෙකුගේම රඟදැක්වීම නාටකයේ තීරණය වී ඇත. මෙන්න මේ නිසා තමයි එය කල්තබාම තීරණය වූ
නාටකය ලෙස හඳුන්වන්නේ. අසීමිත පියා දැන් කියනවා:මා සිහිපත් කරන්න ඔබගේ පාප දුරු වී
යාවි. ඉතින් ඇයි එහෙනම් අපි පියාව සිහිපත් නොකරන්නේ?මේකට තමයි උත්සාහයක් අවශ්‍යය.
දරුවන් වන ඔබලා ස්මරණවන්දනාවේ නිරතව සිටිනා විට,මායාගේ කුණාටු රාශියක් එල්ල වී
සටනක් ඇති වෙනවා. නමුත් ඔබ බිය විය යුත්තේ නැහැ. මායා නැවත නැවතත් ඔබගේ ස්මරණය කඩා
දමාවි. තම හිස සම්පූර්ණයෙන්ම නරක් කර දමනා ආකාරයේ පාපකාරි සිතිවිලි ඔබගේ සිතට පහල
වේවි. ඒත් ඔබ උත්සාහ දැරිය යුතුයි. ලක්ෂ්මි හා නාරායන්ට තම ඉන්ද්‍රියන් දමනය කර ගත
හැකි වූයේ කෙසේද කියා බාබා ඔබට පෙන්වා දී තිබෙනවා. ඔවුන් සම්පූර්ණයෙන්ම පාපායෙන්
තොරයි. ඔවුන් මේ දේ ඉගෙන ගත්තේ කාගෙන්ද?දරුවන් වන ඔබත් දැන් ඉගෙන ගන්නේ ඔවුන් හා සම
අය බවට පත් වීමටයි. ඔවුන් තුළ කිසිම පාපයක් නැහැ. එහි රාවණ්ගේ රාජ්‍යයක් නැහැ.
රාවණ්ගේ රාජ්‍යය ඇරඹෙන්නේ පසුවයි. රාවණ් කවුද කියා කවුරුවත් දන්නේ නැහැ. මේකත්
නාටකයේම තීරණය වී ඇති දෙයක්. නාටකය මුල,මැද හෝ අග ගැන මිනිස්සු දන්නේ නැති නිසා
නෙතී නෙතී(ඒකත් නෙමෙයි,මෙකත් නෙමෙයි)කිය කියා ඉන්නවා. ඔබලා දැන් උත්සාහ දරන්නේ
සත්යුග වාසීන් වීමටයි. ලක්ෂ්මි හා නාරායන් දිව්‍ය ලෝකයේ පාලකවරුන්. නැද්ද?ඔවුන්ගේ
පිළිම ඉදිරියේ දණ වැටෙනා අය තමෝප්‍රධාන්. පිරිහුණු මිනිසුන්. පියා
කියනවා:පළමුවෙන්ම,එක දෙයක් හොඳින් ධාරණය කර ගන්න:තමා ජීවයක් වශයෙන් සළකා පියාව
සිහිපත් කරන්න. උත්සාහයක් අවශ්‍ය වන්නේ මෙයටයි. පැය අටක් පුරා කිරීමට ආණ්ඩුවේ
රැකියාවක් ඔබට තිබෙනවා වගේ,දැන් ඔබලා මෙම අසීමිත ආණ්ඩුවේ උදව්කරුවන් වෙනවා. අවම
වශයෙන් පැය අටක් පුරාවත් ස්මරණයේ යෙදීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. වෙන කිසිම කෙනෙක්ව
සිහි නොකෙරෙන තරමට එවිට මෙම ස්මරණ අවධිය ඔබ තුළ හොඳින් ස්ථාවර වේවි. එවිට ඔබට නියම
සත්‍යය(බාබා)ස්මරණයෙන් ශරීරය අතහැර දමා යා හැකි වේවි. පසුව ඔබ ජයග්‍රාහී මාලාවේ
කොටසක් වේවි. එක් රජෙකුට පුරවැසියන් ගණනාවක් සිටිනවා. පුරවැසියනුත් නිර්මාණය වන්නේ
මෙහිදීයි. වන්දනාවට සුදුසු ජයග්‍රාහී මාලාවේ කෙනෙක් බවට ඔබ පත් වේවි.
16,108මාලාවකුත් තිබෙනවා. එය ඇත්තේ ලොකු පෙට්ටියකයි. 8,108හා16,108මාලාවන් තිබෙනවා.
පියාගෙන් රාජයෝගාව ඉගෙන ගත් දරුවන් වන ඔබලා මුළු ලෝකයම දිව්‍ය ලෝකයක් බවට පත්
කෙරෙව්වා. අන්න ඒ නිසා තමයි ඔබලාව වන්දනාවට ලක් වන්නේ. ඔබලා වන්දනාවට සුදුසු අය ලෙස
සිට දැන් වන්දනා කරනා අය බවට පත් වෙලා. මේ දාදා කියනවා:මමත් ජප මාලා මතුර මතුරා
සිටියා. ලක්ෂ්මි හා නාරායන් දේවාල වල තිබිය යුත්තේ රුද්‍රා ගේ මාලාවයි. පළමුව ඔබ
රුද්‍රා මාලාවේ කොටසක් වී පසුව රුන්ඩා(විෂ්ණු)මාලාවේ කොටසක් වෙනවා. පළවෙනිම මාලාව
රුද්‍රාගේ මාලාවයි. එහි ශිවාත් අන්තර්ගතයි. රුන්ඩා මාලාවේ ශිවා ඉන්නේ කොහොමද?ඒ
විෂ්ණුගේ මාලාවයි. කිසිම කෙනෙක්ට මේ දේවල් තේරෙන්නේ නැහැ. තමන් දැන් ශිව බාබාගේ ගෙල
වටා රැදුණු මාලාවක් වීමට යනවා කියා ඔබ කියනවා. බ්‍රහමිණ්වරුන්ගේ මාලාවක් නිර්මාණය
කරන්න බැහැ. බ්‍රහමිණ්වරුන්ට මාලාවක් නැහැ. වැඩි වැඩියෙන් ස්මරනයේ නිරතව සිටි තරමට.
ඉක්මනින්ම අධිරාජ්‍යයට පැමිණ පාලනය කරනු ඇත. වෙන කිසිම තැනකින් ඔබට මේ දේ ඉගෙන
ගැනීමට ලැබෙන්නේ නැහැ. තමන් දැන් තමන්ගේ පැරණි ශරීර අතහැර දමා දිව්‍ය ලෝකයේ වැසියන්
බවට පත් වීමට යන බව ඔබලා දන්නවා. භාරතයේ සෑම කෙනෙක්ම ස්වර්ගවාසීන් වනු ඇත.
විශේෂයෙන්ම දිව්‍ය ලෝකය වූයේ භාරතයයි. එය වසර5000ක කතාවක්. එය වසර සිය දහස් ගණනක
දෙයක් වෙන්න බැහැ. දේවතාවරුන් පැමිණ දැන් වසර5000ක් වෙනවා. මිනිස්සු දිව්‍ය ලෝකය
අමතක කරලා. ඒ නිසා නිකම් ඒ ගැන කතා කර කර පමණක් සිටිනවා. කොහොමනමුත්. ඒක එහෙම
නොවෙයි. එතරම් පැරණි කාලයක් තියෙන්න බැහැ. සූර්ය වංශය,චන්ද්‍ර වංශය තිබුණු අතර පසුව
අනිකුත් ආගමුත් ස්ථාපනය වුණා. පැරණි දේවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?මිනිස්සු බොහෝ
පැරණි දේ මිලදී ගන්නවා. පැරණි දේ වලට සෑහෙන වටිනාකමක් දෙනවා. ඉතාමත්ම වටිනා දේ
වන්නේ ශිව බාබායි. මිනිස්සු ශිව ලිංගම් රාශියක් සාදනවා. ජීවය ඉතාමත් කුඩා තිතක්
යන්න කිසිම කෙනෙක්ට අවබෝධ වන්නේ නැහැ. එයට ඇත්තේ ඉතාමත් සුක්ෂම වූ ස්වරූපයක්.
එතරම්ම කුඩා තිතතක් තුළ විශාල චරිත කොටසක් පටිගත වී ඇති බව පැහැදිල කර කියා දෙන්නේ
පියා පමණයි. මෙම නාටකය නැවත නැවතත් බ්‍රමණය වෙනවා. මෙම දැනුම ඔබට එහිදී නැහැ:එය
අතුරුදහන් වී යනවා. එසේනම්,කොහොමද කවුරුවත් ඔබට පහසු රාජයෝගාව උගන්වන්නේ?ඔවුන්
භක්ති මාර්ගය වෙනුවෙන් ඒ කථාන්දර සාදා තිබෙනවා. බ්‍රාහ්මණ,දේවතා හා ක්ෂත්‍රිය යන
ආගම් තුන අනාගත නව ලෝකය සඳහා පියා විසින් ස්තාපනය කරමින් සිටිනා බව දරුවන් වන ඔබලා
දැන් දන්නවා. අනිකුත් අධ්‍යාපයන් ඇත්තේ මේ උපත සඳහායි. මෙම අධ්‍යාපනයේ ප්‍රතිඵලය
ඔබට නව ලෝකයේදී ලැබේවි. මෙම ඉගෙනුම සිදු වන්නේ සංගම යුගයේ දීයි. ඉතාමත් සුබම සුබ වූ
සංගම යුගය වන්නේ මෙයයි. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට ඔබලා දේවතාවරුන් බවට පත්
වෙන්න ඇත්තේ අනිවාර්යෙන්ම සංගම යුගයේ දියි. පියා දරුවන් වන ඔබලාට සෑම රහසක්ම පහදා
දෙනවා. ඔබට අඛණ්ඩ ස්මරණයක සිටිය නොහැකි බව බාබා දන්නවා:එය කල නොහැක්කක්. එමනිසා
තමන් කොපමණ දුරකට ඒ ස්මරණයේ සිටිනවාදැයි කියා බැලීමට වාර්තාවක් තබාගන්න. ශාරීරික
අවධානයක් තිබෙනවා නම්,ස්මරණයක් ඇති වන්නේ කෙසේද?ඔබගේ හිස මතවිශාලපාප බරක් තිබෙනවා.
මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ:බාබා ගැන සිහියෙන් ඉන්න. තම සාක්කුවේ ත්‍රිමූර්ති
පින්තූරයක් සෑම විටම තියා ගෙන ඉන්න. කොහොමනමුත්,ඔබට මෙය නැවත නැවතත් අමතක වෙනවා.
ඇල්ෆා සිහිපත් කිරීමෙන් ඔබට බීටාත් සිහිපත් වෙනවා. නිතරම තම බැජ් එක ලඟ තබාගෙන
සිටින්න. පොත් පත් කිහිපයකුත් ලඟ තිබිය යුතුයි. කැමති අයට ඒවා දිය හැකියි. හොඳ
මිනිස්සු කවදාවත් ඒවා නිකම් ගන්නේ නැහැ. මේවායේ මිල කොහොමද කියා අනිවාර්යෙන්ම ඔවුන්
අසාවි. ඔවුන්ට කියන්න:දුප්පත් අයට මේවා අපි නොමිලේ දෙනවා. නමුත් ඔබට හැකි නම් හැකි
ප්‍රමාණයකින් දායක විය හැකියි. ලොකු රාජකීයත්වයක් තිබිය යුතුයි. ඔබගේ සිරිත් විරිත්
ලෝකයේ සිරිත් විරිත් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙන් වුණු ඒවා විය යුතුයි. රාජකීය
පුද්ගලයින් සෑම විටම කුමන හෝ දෙයක් දානය කරනවා. ඔබ මේවා සැමට දෙන්නේ ඔවුන්ගේම
යහපතටයි. ඇතැම් අය මෙම ඉගෙනුම ඉගෙන ගෙන පසුව මුදල් එවාවි. වියදම් දරන්නේ ඔබයි.
ඔවුන්ට කියන්න:අපි භාරතයට සේවය කිරීම සඳහා අපගේ ගත,ධන,මන යොදවනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අසීමිත
ආණ්ඩුවට උදව් කිරීම සඳහා,අවම වශයෙන් පැය අටක්වත් ස්මරණයේ සිටීමට උත්සාහ දරන්න.
ඒස්මරණයේදී මායා විසින් ගේන බාධක වලට බය වෙන්න එපා.
2. මෙම ඉතාමත් මංගල
වූ සංගම යුගයේදී මෙම දේවමය වංශයට අයිති වී පරමාත්ම දෙවියන්ගේ උපදෙස් අනුගමනය කරන්න.
ක්‍රියා සිදු කරනා ගමන්,එකම පියාව සිහිපත් කිරීම පුහුණු කරන්න.
වරදානය:
ඔබ ස්වයං
විමර්ශන ගුහාවේ රැඳී සිටීමෙන් ජීවාත්ම සවිඥානිකත්වයට පත් වී ශරීරයෙන් වෙන් වේවා.
පෙන්වා ඇති
පාණ්ඩවයන්ගේ ගුහාව ස්වයං විමර්ශන ගුහාවයි. ඔබ ඔබේ ශරීරයෙන් වෙන්ව සිටින තාක් දුරට,
ඔබ එම ගුහාවේ රැඳී සිටින තාක් දුරට සහ ජීවාත්ම සවිඥානික ස්වරූපයෙන් ස්ථාවරව සිටින
තාක් දුරට, ඔබ මේ ලෝකයේ වාතාවරණයෙන් ඔබ්බට රැඳී සිටින අතර එහි බලපෑමට ලක් නොවනු ඇත.
ගුහාවක රැඳී සිටීමෙන්, ඔබ පිටත වාතාවරණයෙන් ඔබ්බට රැඳී සිටින අතර, ඒ හා සමානව, මෙම
ස්වයං විමර්ශන ගුහාව ඔබව සෑම කෙනෙකුගෙන්ම වෙන් වී පරමාත්ම පියාට ආදරය කරන අතර
පරමාත්ම පියා විසින් ආදරය කරනු ලබන අය ස්වයංක්‍රීයව සම්පූර්ණයෙන්ම අද්විතීය වේ.
පාඨය:
ආධ්‍යාත්මික
උත්සාහය බීජය වන අතර පහසුකම් එහි ප්‍රසාරණය වේ. ආධ්‍යාත්මික උත්සාහය ප්‍රසාරණය තුළ
සඟවන්න එපා.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
අභ්‍යන්තරික වීමේ
ලකුණ නම් සාගරයේ ගැඹුරේ නිරන්තරයෙන් ගිලී සිට අවංකභාවයේ සහ පරිණතභාවයේ ප්‍රතිරූපයක්
වීමයි. ජීවාත්ම අවධානයෙන් සිටින විට එය මුහුණෙන් පෙන්නුම් කරයි. එක් අතකින්, මතගාන
මුහුණක් ඇති අතර අනෙක් අතට, විනෝදජනක, එනම්, සිනාසෙන මුහුණක් ඇත. මෙම ලක්ෂණ දෙකම
මුහුණේ දිස්වනු ඇත. මායාගේ බලපෑම අවසන් වන බැවින් අභ්‍යන්තරික ජීවාත්මය නිරන්තරයෙන්
ප්‍රීතිමත් කෙනෙකු ලෙස පෙනෙනු ඇත.