12.08.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සේවය කිරීම සඳහා ඔබ තුළ මහා උද්යෝගයක් තිබිය යුතුයි. ඔබට දැනුම හා යෝගාව තිබෙනවා. ඉතින් එය අන් අයට උගන්වන්න සේවය වැඩි කරගන්න.

ප්‍රශ්නය:
සේවය කිරීමට උනන්දුවක් ඇති නොවීමට හේතුව කුමක්ද? උනන්දුවක් ඇති නොවන්නේ කුමන බාධකය නිසාද?

පිළිතුර:
ලොකුම බාධාව නම් සාපරාධි ඇසයි. මෙම රෝගය සේවය සඳහා උනන්දු වීමට ඔබට ඉඩ නොදෙයි. මෙය ඉතාමත් බරපතල රෝගයකි. එම සාපරාධි ඇස සිසිල් වූයේ නැතිනම් පවුලේ රෝද දෙකම එකට හොඳින් දිව්වේ නැති නම් ගෘහ ජීවිතය බරක් වේ. එවන් තත්ත්වයක දී සැහැල්ලුවෙන් සිටීමට නොහැකි වන අතර සේවය වෙනුවෙන් උනන්දුවක් ඇති වන්නේද නැත.

ගීතය:
අවදි වන්න! මනාලියනි, අවදි වන්න! නව යුගයේ අරුණළු පායා එනවා…

ඕම් ශාන්ති.
ඔය ආදරණීය ආධ්‍යාත්මික දරුවන්ට ගීතය ඇසුණා. මේ වගේ හොඳ ගීත කිහිපයක් තිබෙනවා. සෑම කෙනෙක් ලඟම ඒවා තිබිය යුතුයි. ඒවා තැටියකට පටිගත කර ගත යුතුයි. නාටකයට අනුව මෙසේ කළ යුතුයි කියා දැන්වුණු අය විසින් මෙම ගීත රචනා කර තිබෙනවා. මෙන්න මේ නිසා තමයි ඒවා ඔය දරුවන්ටත් ප්‍රයෝජනවත් වන්නේ. එවන් ගීත වලට ඇහුම් කන් දුන් විට ඔබගේ කුල්මත් බව වැඩි වෙනවා. තමන් දැන් නව රාජ්‍යයක් ස්ථාපනය කරනවාය යන්න දැන ගනිමින් ඔය දරුවනගේ කුල්මත් සතුට ඉහළින්ම තිබිය යුතුයි. ඔබ එය රාවණ්ගෙන් නැවත දිනා ගන්නවා. මිනිස්සු යුද්ධයකට ගිය විට තවත් කාගේ හෝ රාජ්‍යයක් දිනා ගැනීමට තමයි සිතන්නේ: තවත් කෙනෙකුගේ ගමක් අත්පත් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ සෑම කෙනෙක්ම සටන් කරන්නේ තාවකාලික දේ වලටයි. ඔය දරුවන්ගේ සටන ඇත්තේ මායා සමඟයි. ඔය බ්‍රහමිණ්වරුන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. ඉතාමත් අදෘශ්‍යමාන ලෙසින් මෙම ලෝකය පුරා තම රාජ්‍යය ස්ථාපනය කරගත යුතු බව ඔය දරුවන් දන්නවා. පරමාත්ම පියාගෙන් තම උරුමය දිනා ගත යුතුයි. ඇත්තෙන්ම කියනවා නම් එය සටනක් කියා කියන්නේත් නැහැ. නාටකයට අනුව ඔබට සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් වීමට සිදු වුණා දැන් නැවතත් සතෝප්‍රධාන් විය යුතුයි. ඔබ ඔබගේම උපත් ගැනවත් දැනගෙන සිටියේ නැහැ. පරමාත්ම පියා මෙය ඔබට පහදා දී තිබෙනවා. අන් ආගම් වල අයට මෙම ඥානය ලැබෙන්නේ නැහැ. පරමාත්ම පියා මෙහි අසුන් ගෙන පැහැදිලි කර කියා දෙන්නේ ඔය දරුවන්ටම පමණයි. ආගම බලයයි කියා කියනවා. භාරතවාසීන් තමන්ගේ ධර්මය කුමක්දැයි කියා දන්නේ නැහැ. ඔබගේ ආගම ආදි සනාතන දේවි දේවතා ධර්මයයි කියා ඔබ දැන් පියාගෙන් දැනගෙන තිබෙනවා. පරමාත්ම පියා පැමිණෙන්නේ ඔබව නැවතත් ඒ ධර්මයට ගෙන යාමටයි. ඔබගේ ධර්මය ඔබට කෙතරම් සතුටක් ගෙන දෙනවාදැයි කියා ඔබම දන්නවා. කිසිම කෙනෙක් සමග ඔබ සටන් කළ යුත්තේ නැහැ. තම ආදිතම ධර්මයේ ස්ථාවර වී පරමාත්ම පියාව සිහි කිරීම පමණයි ඔබ විසින් කළ යුත්තේ. මෙයටත් කාලයක් ගත වෙනවා. ඒ ගැන කතා කිරීමෙන් පමණක් ඔබට ඒ තුළ ස්ථාවර විය හැකි වන්නේ නැහැ. ජීවාත්ම සත්තාව වන මා සාමයේ ප්‍රතිමූර්තියක්ය යන්න අවධානය අභ්‍යන්තරයෙන් තිබිය යුතුයි. මා ජීවය දැන් තමෝප්‍රධාන් වෙලා. අපිරිසිදු වෙලා. ජීවය වන මා සාම දේශයේ සිටිනා විට මම පාරිශුද්ධව සිටියා. පසුව මගේ චරිත කොටස රඟදක්වමින් යන අතර මා තමෝප්‍රධාන් වුණා. මම දැන් පාරිශුද්ධ වී නිවහන බලා යායුතුයි. ඔබගේ පියාගේ උරුමය දිනා ගැනීමට නම් තමන් ජීවයක්ය යන විශ්වාසය ඇතිව පරමාත්ම පියාව සිහි කරන්න. තමන් දෙවියන්ගේ දරුවන්ය යන සතුට ඔබ තුළ තිබේවි. ඔබගේ පාප දුරු වී යන්නේ පරමාත්ම පියාව සිහි කිරීමෙන් පමණයි. එය ඉතාමත් පහසුයි. පාරිශුද්ධත්වයට පත්වී ඔබට සාමයේ දේශයට යාහැකි වන්නේ ස්මරණයෙන් පමණයි. ඒ සාම දේශය හා සතුටේ දේශය ගැන ලෝකය දන්නේවත් නැහැ. මේ දේවල් ග්‍රන්ථ වල සඳහන් වෙලත් නැහැ. මුළු ඥාන සාගරය ගැනම ඇත්තේ එකම එක ගීතාවක් පමණයි. ඔවුන් නම වෙනස් කර ඇත්තේත් එහි පමණයි. සැමට මුක්තිය ලබා දෙන්නා හා ඥාන සාගරය කියා හඳුන්වන්නේ මෙම එකම එක පරමාත්ම පියා. පරමාත්ම ජීවයම පමණයි. වෙන කිසිම කෙනෙකුට දැනුමින් පිරි කියා කියන්නේ නැහැ. ඔහු දැනුම දුන් විට පමණයි ඔබ දැනුමින් පිරි අයෙක් වන්නේ. දැන් සෑම කෙනෙක්ම භක්තියෙන් පිරිලයි සිටින්නේ. ඔබත් සිටියේ එසේයි. දැන් ඔබ දැනුමින් පිරි අයෙක් වෙනවා. ඔබ දරණා උත්සාහයේ තරමට ඔබලා සිටින්නේ එක් එක් මට්ටම් වලයි: ඔබෙන් ඇතැම් අයට දැනුම තිබෙනා අතර ඇතැම් අයට නැහැ. ඉතින් තවත් කුමක් කියන්නද? ඒ මත ඔබට ඉහළ තත්ත්වයක් දිනා ගත නොහැකියි. පරමාත්ම පියාට සේවය කිරීම සඳහා විශාල උනන්දුවක් තිබෙනවා. සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීමට ඔය දරුවන් උත්සාහ කළත් හොඳින් විස්තර කර කියා දීමේ හෝ එවන් ක්‍රම නිර්මාණය කිරීමේ හැකියාවක් තවම නම් ඔය දරුවන්ට නැහැ. සහෝදරවරුන්ට යම් බලයක් තිබෙනා නිසා ඔවුන් සේවය ව්‍යාප්ත කළ හැකි කණ්ඩායම් වැඩ සටහන් පැවැත්වීමේ මාර්ග ගැන සිතනවා. ඔවුන් ඒ ගැන සිතා බලා කටයුතු කරනවා. මෙය ශක්ති සේනාව යයි කීවත් ඇතැම් ශක්තීන් උගත්කමක් ලබලා නැහැ. ඇතැම් නූගත් අය උගත් අයට ඉතාමත් හොඳින් කරුණු පහදා දෙනවා. සාපරාධි ඇසක් ඇති විට එය විශාල හානියක් කරවනා බව බාබා පැහැදිලි කර කියා දී තිබෙනවා. මෙය ඉතාමත් බරපතල රෝගයක්: ඒ උද්යෝගය නැත්තේ ඒ නිසායි. එමනිසා, ගෘහ ජීවිතයේදී රෝද දෙකම හොඳින් දුවනවා දැයි කියා බාබා අසනවා. අනිත් පැත්තේ ඉතාමත් විශාල සේනාවක් සිටිනවා. හොඳ අධ්‍යාපනයක් ලද කාන්තා සමූහයකුත් සිටිනවා: ඔවුනට උදව් ලැබෙනවා. ඔබලා අදෘශ්‍යමානයි. ඔය බ්‍රහ්ම කුමාරයින් කුමාරීන් කරන්නේ කුමක්දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබලා සිටින්නේ එක් එක් මට්ටම් වලයි. ගෘහ ජීවිතයේ බර නිසා ඔබ දැන් දෙකට නැමිලයි සිටින්නේ. ඇතැම් අය තමන් බ්‍රහ්ම කුමර කුමාරියන් කියා හඳුන්වා ගත්තත් ඔවුන්ගේ සාපරාධී ඇස තවමත් නිමී නැහැ. රෝද දෙකටම එකම වෙලාවට වේගයෙන් දුවන්න අමාරුයි. බාබා නිරතුරුවම ඔය දරුවන්ට පහදා කියන්නේ සේවයේ වගකීම භාර ගන්නයි. ඇතැම් අය ධනවත් වුවත් සේවය සඳහා එතරම් උද්යෝගයක් නැහැ: ඔවුන් මුදලට කෑදරයි. තමන්ගේම කියා දරුවනුත් නොමැති නම් ඔවුන් දරුවෙක් හදා ගැනීමට ගන්නවා. බාබා මම මෙතන සිටිනවා මම ලොකු ගෙදරක් ගෙන සේවය සඳහා එය දෙන්නම් කියා කියන්න තරම් උද්යෝගයක් ඔවුන්ට නැහැ. බාබා විශේෂයෙන්ම බලාගෙන සිටින්නේ දිල්ලිය දෙසයි. එය අගනගරයයි. ප්‍රධාන කාර්යාලයයි. බාබා කියනවා: විශේෂයෙන්ම දිල්ලිය පුරා සේවය ව්‍යාප්ත විය යුතුයි. කෙසේ හෝ ඇතුලට රිංගා කාට හෝ දැනුම දිය යුතුයි. කවුරවයින් පාන්දවයින්ට වර්ග අඩි තුනක බිම් කඩක්වත් දුන්නේ නැහැයි කියා සඳහන් වී තිබෙනවා. කවුරව යන වචනය පැමිණෙන්නේ ගීතාවෙනුයි. දෙවියන් පැමිණ රාජයෝගාව ඉගැන්වූවා. එය ගීතාව කියා හඳුන්වනවා. කෙසේවෙතත් ඔවුන් ගීතාවේ දෙවියන් අමතක කර දමලා. මෙන්න මේ නිසා තමයි බාබා නිතර නිතරම ඔබට කියන්නේ: මේ ප්‍රධාන කරුණ පළමුවෙන්ම ගන්න. මීට පෙර බාබා කිව්වේ : බෙනාරාසියේ සිටිනා විද්වත් සමාජයේ අයට පළමුවෙන්ම පහදා දෙන්න. බාබා නිතරම ඔබට මාර්ග පෙන්වා දෙනවා. එමනිසා, ඉතාමත් හොඳින් ඔවුන්ට පැහැදිලි කර කියා දීමට ඔබ උත්සාහ ගත යුතුයි. පරමාත්ම පියා නැවත නැවතත් ඔබට සියළු කරුණු පහදා දෙනවා. අග නගරය වන දිල්ලියට සේවය කිරීමේ මාර්ග සොයා ගන්න. කණ්ඩායමක් එකට එකතු වී මේ කරුණු සම්බන්ධයෙන් සිතා බැලිය යුතුයි. සිතිය යුතු ප්‍රධානම දෙය නම් දිල්ලියේ ලොකු වැඩ සටහනක් පැවැත්විය හැක්කේ කෙසේද යන්න ගැනයි. දිල්ලියේ බොහෝ අය නොයෙකුත් උපවාස කරනවා. ඔබ එවන් දේවල් කරන්නේ නැහැ. ඔබ රණ්ඩු සරුවල් විය යුත්තේ නැහැ. ඔබ කරන්නේ නිද්‍රාවේ සිටින්නන් අවදි කරවීම පමණයි. දිල්ලි යේ සිටිනා අය මෙම රාජකාරිය කිරීමට උත්සාහ දැරිය යුතුයි. තමන් බ්‍රහ්මාණ්ඩයේ පාලකවරුන් ලෙස සිටි බව ඔබලා දන්නවා. ඒ වගේම ඔබලා මීට කල්පයකට පෙර සිටි ආකාරයෙන්ම ලෝක පාලකවරුනුත් වෙනවා. තමන් ලෝක පාලකවරුන් විය යුතුයි යන්න අනිවාර්යෙන්ම සහතික දෙයක්. ඔබට දැන් වර්ග අඩි තුනක බිම්කඩකුත් අවශ්‍ය වෙනවා. එවිට ඔබට එතන ඉඳන් ඥාන බෝම්බ හෙලිය හැකියි. එවන් කුල්මත් බවක් තිබිය යුතුයි. ප්‍රභූ පිරිසකගේ හඬත් අවශ්‍යයි. මේ කාලයේ මුළු භාරතය දිළිඳුයි. පරමාත්ම පියා පැමිණෙන්නේ දුප්පතුන්ට සේවය කිරීමටයි. දිල්ලියේ ඉතාමත් හොඳ සේවයක් සිදු විය යුතුය. බාබා දිගටම ඔබට අනතුරු අඟවනවා. බාබා තමුන්ගේ අවධානය ඇද ගන්නා බව දිල්ලියේ අයට තේරෙනවා. ඔබලා කිරියි පැණියි වගේ ජීවත් විය යුතුයි. ඔය පාන්දවයින්ගේ බලකොටුවක් නිර්මාණය විය යුතුයි. එය සෑදිය යුත්තේ දිල්ලියේයි. එයට ඉතාමත් හොඳ ප්‍රධානියෙක් අවශ්‍යයි. ඔබට විශාල සේවයක් කළ හැකියි. භාරතය අපේ දේශයයි. අපි එය කරන්නම් කියා ඒ අය ඉතාමත් ආඩම්බරයෙන් කියනවා. ඒ වුණත් ඔවුන්ට කිසිම ශක්තියක් නැහැ. විදේශීය ආධාර වලින් තොරව ඔවුන්ව ගොඩගත නොහැකියි. අසීමිත පියාගෙන් ඔබට විශාල දායකත්වයක් ලැබෙනවා. එතරම් විශාල දායකත්වයක් ඔබට ලබා දීමට වෙන කිසිම කෙනෙකුට බැහැ. දැන් ඉතාමත් ඉක්මනින් බලකොටුවක් සාදා ගන්න. පරමාත්ම පියා ඔබට ලෝක ආධිපත්‍යය ලබා දෙනවා. එමනිසා ඔබ තුළ විශාල උද්යෝගයක් තිබිය යුතුයි. බොහෝ දෙනෙකුගේ සිහිය ඕපාදූප ආදියෙහි හිර වෙනවා. බන්ධන නිසා කාන්තාවන් විශාල අපහසුතාවයන්ට ලක් වෙනවා. පිරිමි අයට එතරම් බන්ධන ඇත්තේ නැහැ. කාන්තාවන් දුප්පත් දුර්වල අය වශයෙන් හැඳින්වෙන අතර පිරිමින් ශක්තිමත් අය ලෙස හැඳින්වෙනවා. පිරිමියෙක් විවාහ වුණු විට ඔහු එම කාන්තාවගේ ගුරු හා දෙවියන් වෙනවා කියා තව තවත් වැඩි බලයක් එයින් ඔහුට ලැබෙනවා. කාන්තාව නිකම් වලිගයක් පමණයි වගේ. තම සැමියා පසුපසම එල්ලීගෙන සිටිනා කාන්තාවක් අනිවාර්යෙන්ම ඔහුගේ වලිගයක්ම වේවි. ඇය තම සැමියාත් දරුවනුත් කෙරෙහි මහත් බැඳීමකින් සිටීවි. නමුත් පිරිමින් තුළ එතරම් බැඳීමක් නැහැ. එක් සපත්තුවක් (බිරිඳ) නැති වුණු විට ඔවුන් දෙවෙනි එකත් තුන්වෙනි එකත් සොයා ගන්නවා. එක් එක් ආකරයෙන් ඔවුන් ඒ පුරුද්දට වැටී තිබෙනවා. බාබා නිතරම ඔබට පහදා දෙන්නේ: මේ මේ වගේ දේවල් පුවත් පත් වල පළ කරන්න. ඔය දරුවන් පරමාත්ම පියාව එලිදරව් කළ යුතුයි. මෙය පහදා දීම ඔබගේ වගකීමයි. බාබා සමඟ දාදාත් සිටිනවා: එමනිසා මොහුට කොහේවත් යන්න බැහැ. මිනිස්සු කියාවි: ශිව් බාබා මට මෙන්න මේ වගේ ප්‍රශ්නත් තියෙනවා. මට ඒ ගැන උපදෙස් දෙන්න. වගේ ප්‍රශ්න ඔවුන් අහනවා. පරමාත්ම පියා පැමිණ සිටින්නේ අපිරිසිදු අයව පාරිශුද්ධ කරවන්නයි. පරමාත්ම පියා කියනවා: ඔය දරුවන්ට මුළු ඥානයම ලැබෙනවා. උත්සාහ කර මෙම කරුණු ඔබ එකිනෙකා අතර සාකච්ඡා කර ගන්න. වේගවත් සේවයක අරුමය ඔය දරුවන් දැන් කර පෙන්විය යුතුයි. මෙතරම් කාලයක් සේවය ගමන් කළේ දණගාගෙනයි. බොහෝ දෙනෙකුට යහපත සිදුවිය හැකි ආකාරයේ අරුමයන් දැන් කර පෙන්වන්න. මීට පෙර කල්පයේ දීත් බාබා මෙය ඔබට පැහැදිලි කළා දැනුත් පැහැදිලි කර කියා දෙනවා. බොහෝ දෙනෙකුගේ සිහිය කොහේ හෝ තැනක පැටලී තිබෙනවා. ඔවුන් තුළ කිසිම උද්යෝගයක් නැහැ. සෑම සත්‍යයක්ම බිඳ දමා ඇත්තේ ශාරීරික අවධානයයි. ඒ සත්‍යය නැවත පණ ගැන්වීම සඳහා පරමාත්ම පියා දැන් ඔබට ඉතාමත් පහසු දේ කියා දෙනවා. පියාව සිහිකරන්න ඔබට බලය ලැබේවි. නැතිනම් බලයක් ලැබෙන එකක් නැහැ. ඇතැම් අය මධ්‍යස්ථාන බලාකියා ගත්තත් ශාරීරික අවධානය නිසා ඔවුන් තුළ කිසිම උද්යෝගයක් ඇත්තේ නැහැ. ජීව අවධානයට පත් වූවා නම් තමන් කාගේ දරුවන්දැයි කියා ඔවුන් ඉතාමත් ඉහළින් සතුටු වේවි. පරමාත්ම පියා කියනවා: වැඩි වැඩියෙන් ඔබ ජීව අවධානයට පත් වෙන තරමට වැඩි වැඩියෙන් ඔබට බලය ලැබේවි. කල්ප බාගයක ශාරීරික අවධානයක් තිබෙනවා. ඉතින් එමනිසා ජීව අවධානයට පත්වීමට දැඩි උත්සාහයක් දැරිය යුතුයි. බාබා ඥාන සාගරය වන නිසාත් තමනුත් එම ඥානය ලබා තිබෙනා නිසාත් ඒ ඕනෑම කරුණක් අන් අයට පැහැදිලි කර කියා දීමට තමන්ට හැකියි කියා දෙයක් නැහැ. සිහිකිරීමේ බලයත් තිබිය යුතුයි. ඥාන අසිපත හා ස්මරණ වන්දනාව තිබිය යුතුයි: මේ දෙක දෙකක්. ස්මරණ වන්දනාවේ බලය ඥාන මාර්ගයට අවශ්‍යයි. ඒ බලය නොමැති නම් එම අසිපත බම්බු අසිපතක් වෙනවා. සීක් ජාතිකයන් කඩුවකට මහත් ගෞරවයක් දක්වනවා. ඔවුන් සටන් කළේ ඒ ආයුධයෙන්. ඇත්තෙන්ම කියනවා නම් ගුරුන්ට කවදාවත් සටන් කරන්න බැහැ ගුරු කෙනෙක් අවිහිංසාවාදී විය යුතුයි. සටනකින් ගැලවීමක් ලබා ගන්න බැහැ. ඔබට ඇත්තේ යෝගාව හා සම්බන්ධ කරුණකුයි. ස්මරණ බලයෙන් තොරව ඥාන අසිපත ක්‍රියා කරන්නේ නැහැ. සාපරාධි ඇසක් දැඩි හානියක් ඇති කරවනවා. ජීව ඇහුම් කන් දෙන්නේ කන් හරහායි. පරමාත්ම පියා කියනවා: ස්මරණයෙන් සතුටට පත්ව සිටිනා විට නිරායාසයෙන්ම සේවය වර්ධනය වේවි. තම ඥාති හිතමිතුරන් තමන් කියනා දේට ඇහුම් කන් දෙන්නේ නැහැයි කියා ඇතැම් විට දරුවන් කියනවා. බාබා කියනවා: ඥාන අසිපත වැඩ කරන්නේ නැත්තේ ඔබගේ සිහි කිරීමේ වන්දනාවේ ඔබ දුබල නිසායි. ස්මරණය සඳහා උත්සාහ දරන්න. මෙම උත්සාහය අදෘශ්‍යමානයි. අන් අයට දැනුම දීම කාටත් පෙනෙනවා. ඔබට බලය ලැබෙනා සිහි කිරීමේ උත්සාහය නොපෙනෙන දෙයක්. දැනුමින් ඔබට බලයක් ලැබෙන්නේ නැහැ. අපිරිසිදු බවින් ඔබ පාරිශුද්ධ වන්නේ ස්මරණ බලයෙනුයි. ආදායමක් උපයා ගැනීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔය දරුවන්ගේ සිහි කිරීම හොඳ වී ඔබලා හොඳ තත්ත්වයක සිටිනා විට විශාල සතුටක් දැනේවි. නිවැරදි සිහි කිරීමකින් තොරව කුමන හෝ දෙයක් සම්බන්ධයෙන් හිර වී සිටිනා විට සතුට අතුරුදන් වෙනවා. ශිෂ්‍ය‍යෙක් තම ගුරුවරයාව සිහි කරන්නේ නැතිද? නිවසේ ජීවත් වී සියල්ල කරගෙන යන අතර ඔබ ගුරුවරයාවත් සිහි කළ යුතුයි. මෙම ගුරුවරයා මඟින් ඔබට ඉතාමත් ඉහළ තත්ත්වයක් දිනා ගත හැකියි. තම පවුලේ අයත් සමඟ ඔබ නිවසේ ජීවත් විය යුතුයි. ගුරුවරයාව සිහි කිරීමෙන් ඔබ අනිවාර්යෙන්ම පියාවත් ගුරුවත් සිහි කරාවි. ඔහු නිතරම නොයෙකුත් ක්‍රම වලින් ඔබට සියල්ල පහදා දෙනවා. කෙසේවෙතත්, තම ධන වස්තුව හා දරුමල්ලන් ආදිය දකිනා විට ඔබට සියල්ල අමතක වෙනවා. ඔබ ආධ්‍යාත්මික සේවය කළ යුතුයි කියා පියා ඔබට සෑම විටම කියනවා. පරමාත්ම පියාව සිහි කිරීම ඉහළම ඉහළ සේවයයි. ඔබගේ බුද්ධියේ, සිතිවිලි, වචන හා ක්‍රියා වල පියාගේ සිහිය තබා ගන්න. ඥාන කරුණු අන් අයට කියා දෙන්න. කිසිම කෙනෙකුට දුකක් දෙන්න එපා. කිසිම වැරදි ක්‍රියාවක් කරන්න එපා. ඇල්ෆා යන පළමු කරුණ ඔවුන් තේරුම් ගත්තේ නැතිනම් තවත් දෙයක් තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකියි. පළමුවෙන්ම ඇල්ෆාව හොඳින් ධාරණය කරවන්න. එතෙක් වෙනත් විෂයකට යන්න එපා. ශිව බාබා ඔබට රාජයෝගාව උගන්වා ඔබව ලෝක පාලකවරුන් බවට පත් කරවනවා. මෙම කිළිටි ලෝකයේ මායාගේ මහා ආටෝපයක් තිබෙනවා. නොයෙකුත් මාදිලියේ විලාසිතා ආදිය … මෙම කිළිටි ලෝකය කෙරෙහි නිරාශාවක් තිබිය යුතුයි. එකම එක පියාව සිහි කිරීමෙන් ඔබගේ පාප දුරු වී ඔබ පාරිශුද්ධ වේවි. කාලය අපතේ නොහරින්න. සෑම දෙයක්ම හොඳින් ධාරණය කර ගන්න. සතුරු මායා බොහෝ අයගේ මුළු ප්‍රඥාවම විනාශ කර දමනවා. අණ දෙන නිලධාරියෙක් වැරැද්දක් කළහොත් ඔහුව නිලයෙන් පහ කරනවා. එවිට ඔහු ලැජ්ජාවට පත් වී සේවයෙන් ඉල්ලා අස්වෙනවා. මෙහිදී සිදු වන්නේත් එයමයි. ඇතැම් විට ඉතාමත් හොඳ නිලධාරින් අසමත් වෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ස්මරණය සඳහා නොපෙනෙන උත්සාහයක් දරන්න. සිහි කිරීමේ කුල්මත් බව පවත්වා ගැනීම මඟින් නිරතුරුවම සේවය නිරායාසයෙන්ම වැඩි වර්ධනය වනු ඇත. ඔබගේ සිතිවිල්ලෙන් වචනයෙන් හා ක්‍රියාවෙන් ස්මරණයේ නිරත වීමට උත්සාහ දරන්න.

2. ඥානය සම්බන්ධ කරුණු ගැන පමණක්ම කථා කරන්න. කිසිම විටෙක කිසිම කෙනෙකුට කිසිම දුකක් දෙන්න එපා. කිසිම ආකාරයක අධර්මිෂ්ඨ ක්‍රියාවක් කරන්න එපා. ජීවාත්ම අවධානයට පත් වීමට උත්සාහ දරන්න.

වරදානය:
ඔබ මාස්ටර් පරස්නාථ (දිව්‍යත්වයේ අධිපති) වී යකඩ වැනි ජීවාත්මයන් දිව්‍යමය ජීවීන් බවට පත් කරත්වා.

ඔබ සියල්ලන්ම පරස්නාථ පරමාත්ම පියාගේ මාස්ටර් පරස්නාථ දරුවන් ය. එබැවින්, ජීවාත්මයන් කොතරම් යකඩ මෙන් වුවත්, යකඩ පවා ඔබේ ඇසුර තුළ දිව්‍යත්වයට පත් වේ. කිසි විටෙකත් නොසිතන්න: මෙය යකඩ හා සමානයි. දාර්ශනිකයෙකුගේ ගලෙහි විශේෂත්වය වන්නේ යකඩ රන් බවට පත් කිරීමයි. ඔබ සෑම සිතිවිල්ලක්ම නිර්මාණය කරන විට සහ සෑම ක්‍රියාවක්ම කරන විට මෙම ඉලක්කය සහ ඒ සඳහා සුදුසුකම් නිරන්තරයෙන් ඔබේ අවධානයෙහි තබා ගන්න. එවිට පමණක් ඔය ජීවාත්මයන්ගෙන් විහිදෙන ආලෝක කිරණ ඔබ අත්විඳිනු ඇත, එය සියලු ජීවාත්මයන්ට රන්වන් වීමට බලය ලබා දෙනු ඇත.

පාඨය:
සෑම කාර්යයක්ම ධෛර්යයෙන් කරන විට ඔබට සැමගේම ගෞරවය ලැබෙනු ඇත.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස මෙම උසස් බ්‍රහ්මණ උපතේ පදනමයි. “ස්නෙහය ඇති තැන, ලොවක් ඇත, ජීවිතයක් ඇත.” සෙනෙහස නොමැති තැන, හදවත අජීවී වන අතර තැනක් හෝ ලොවක් නොපවතී. සෙනෙහස සොයා ගැනීමෙන්, ඔබ ලෝකය සොයාගෙන ඇත. ලෝකය ස්නේහ බිඳුවක පිපාසයෙන් සිටින අතර, ඔය දරුවන්ට දෙවියන්ගේ සෙනෙහස ඔබේ දේපළයි. ඔබ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසින් පෝෂණය වෙමින් සිටී, එනම්, ඔබ ඔබේ බ්‍රහ්මණ ජීවිතයේ ප්‍රගතිය ලබමින් සිටී. ඉතින්, ස්නේහ සයුරේ නිරන්තරව මුසුව සිටින්න.