12.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ස්මරණයේ නිරතව සිටීමෙන් ඔබට හොඳ ග්‍රහ ඵල භුක්ති විඳිය හැකියි. ඔබ මත දැන්
බ්‍රහස්පති සුබ ඵල ලබා ඇති හෙයින් ඔබ සිටින්නේ වර්ධනීය අවදියේයි.
ප්‍රශ්නය:
යෝගාවට පූර්ණ
අවධානය යොමු නොකිරීමේ ප්‍රතිඵල මොනවා ද? නිරන්තර ස්මරණයේ නිරතව සිටිමට ඇති ක්‍රම
විධි මොනවාද?
පිළිතුර:
යෝගාවට පූර්ණ අවධානය යොමු නොකිරීමෙන්, ඔබ ඉදිරියට යන අතර මායාගේ බලපෑම මත ඔබ ඇද
වැටේවි: ශාරීරික අවධානයට හසු වන ඔබ ඉන් අනතුරුව බොහෝ වැරදි සිදුකරයි. මායා ඔබ ලවා
වැරදි ක්‍රියා කරවාලයි; ඇය ඔබව අපිරිසිඳු කරවනවා. නිරන්තර ස්මරණයේ සිටීමට නම්, ඔබගේ
කටේ ඇටයක් දමා ගන්න. කේන්ති ගන්න එපා. තමාගේම ශරීරය ඇතුලු සියල්ල අමතක කර දමා: මම
ජීවාත්මයක්මි, පරමාත්ම ජීවයේ දරුවායි යන්න පුහුණු කරන්න. යෝග බලයෙන් ලද හැකි ලැබීම්
පිළිබඳව දැනුවත්ව සිටින්න.
ගීතය:
ඕම් නමෝ
ශිවාය!
ඕම් ශාන්ති.
ඔය ආදරණීය
ආධ්‍යාත්මික දරුවන්ට දැන් තම ආධ්‍යාත්මික පියා, ශිව බාබාගේ ගුණ ගීතය ඇසුණා. පාප
සියල්ල වැඩි වී මිනිසුන් පව්කාර වුණු විට පාරිශුද්ධකාර පරමාත්ම පියා සියලු
අපිරිසිඳුතාවයන් පාරිශුද්ධ කිරීමට පැමිණෙනවා. මේ ඒ අසීමිත පරමාත්ම පියාගේ ගුණ
වර්ණනාවයි. ඔහුට රුක් අධිපති කියාත් කියනවා. මේ කාලයේ දී ඔබට අසීමිත ග්‍රහඵල,
බ්‍රහස්පති සුබ ඵල අසීමිත පියාගෙන් ලබා තිබෙනවා. "පොදුවේ ගත් කළ" කියා සහ
"විශේෂයෙන්ම" කියා පද දෙකක් තිබෙනවා. මේ දෙකෙහි අර්ථය මෙහිදී විඳ ගත හැකියි.
බ්‍රහස්පති සුබ ඵල මඟින් විශේෂයෙන්ම භාරතය ජීවන මුක්තිය ලබනා අතර ස්ව ආධිපත්‍යය
තත්ත්වය ද ලබනවා. සත්‍යය කියා හඳුන්වන සැබෑ පරමාත්ම පියා පැමිණ අපව සාමාන්‍ය
මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන් බවට පත් කරවනවා. අන් සෑම කෙනෙක්ම තම තමන්ගේ ආගම් ස්ථාන
වලට අනුපිළිවෙලින් ගොස් පසුව ක්‍රමානුකූලව පහළට පැමිණෙනවා. කලි යුගයේ අවසානය තෙක්
ඔවුන් පහළට පැමිණෙනවා. සෑම ජීවාත්මයක්ම තම තමන්ගේ ධර්මය තුළ තමාටම ආවේණික වු චරිත
කොටසක් ලබනවා. රජවරුන්ගේ සිට පුරවැසියන් දක්වා, ඔවුන් සෑම කෙනෙක්ම අධිරාජ්‍යයේ තම
තමන්ට ආවේණික චරිත කොටස් ලබා සිටිනවා. නාටකය රජවරුන්ගේ සිට පුරවැසියන් දක්වා වූ
කතාන්දරයයි. සෑම කෙනෙක්ම තම තමන්ට ආවේණික වරිත කොටස රඟදැක්විය යුතුයි. තමන් මත
බ්‍රහස්පති සුබ ඵල ලබා ඇති බව ඔය දරුවන් දැන් දන්නවා. මේ සුබ ඵල පවතින්නේ එක් දවසකට
නොවෙයි: දිගටම ඔබ මත ඇත්තේ බ්‍රහස්පති සුබ ඵලයි. දැන් ඔබට මේ ඇත්තේ වර්ධනීය කාලයයි.
වැඩි වැඩියෙන් ස්මරණයේ නිරතව සිටි තරමට ඔබගේ වර්ධනීය තත්ත්වයට වැඩි වනු ඇත. බාබාව
සිහි කිරීමට අමතක කිරිමෙන්. මායාගේ බාධා පැමිණෙයි. යහපත් සුබ ඵල ලැබෙන්නේ මරණයෙන්
පමණයි. ඔබ බාබාව හොඳින් සිහි කළේ නැතිනම් අනිවාර්යෙන්ම ඇද වැටේවි. එවිට ඔබ නිතර
නිතරම කුමන හෝ වැරැද්දක් කිරීමට පටන් ගනීවි. නාටකයට අනුව, සෑම ආගමකම අය පහළට පැමිණ
තම තමන්ගේ චරිත කොටස රඟපෑමට පටන් ගන්නා බව බාබා පැහැදිලි කර කියා දී තිබෙනවා. දැන්
දෙව්ලොව ග්‍රහඵල ඇති නිසා ඔබට ඇත්තේ ජීවන මුතියේ සුබ කාලයයි. නාටක චක්‍රය
කරකැවෙන්නේ කෙසේද යන්නත් ඔබ අවබෝධ කර ගත යුතුයි. ලෝක නාටක චක්‍රය විශේෂයෙන්ම
නිර්මාණය වී ඇත්තේ භාරතය සම්බන්ධයෙනුයි. පරමාත්ම පියා පැමිණෙන්නේ භාරතයටයි. මෙම
ඥානයට ඇහුම් කන් දුන් විට ඉතා පුදුමයට පත්වී අන් අයටත් ඒ ගැන කියා දී සිටි ඇතැම් අය
සියල්ල අතහැර පැන දුවන බවත් සඳහන්ව තිබෙනවා. මායාගේ බලපෑමට හසු වීම නිසා ඉදිරියට යන
අතර ඔවුන් ඇද වැටෙනවා. යෝගාවට පූර්ණ අවධානය යොමු නොකළ විට පරමාත්ම පියාට ඔබ සොයා
පැමිණ දිව්‍ය ඖෂධය දීමට සිදු වෙනවා. ඉන් අදහස් කරන්නේ නැවත ඔබට ජීවිතය දෙන ඖෂධය
දෙනවා. ඔබත් හනුමන් වේ. මේ කාලයේ රාවණව පළවා හැරීමට පරමාත්ම පියා ඔබට දිව්‍ය ඖෂධය
ආඝ්‍රහණය කිරීමට දෙන බව පරමාත්ම පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. පරමාත්ම පියා
ඔබට සෑම දෙයක් ගැනම සත්‍යය පවසයි. එකම එක පරමාත්ම පියා පමණයි සත්‍යය වන්නේ, ඔහු
පැමිණ ඔබට සත්‍යය නාරායනගේ කතාන්දරය කියා දී ස්වර්ණමය යුගය ස්ථාපනය කරමින් සිටිනවා.
ඔහුව හඳුන්වන්නේත් සත්‍යය, සත්‍යය පවසන්නා කියලයි. ඔබ ආගමික ග්‍රන්ථ විශ්වාස
කරනවාදැයි කියා ඇසු විට ඔවුන්ට කියන්න: ඔව් ඇයි නැත්තේ? ඒ සියලුම ග්‍රන්ථ පොත්පත්
භක්ති මාර්ගයට අයිති ඒවා බව අපි දන්නවා. කොටස් දෙකක් ඇති බව අප අවබෝධ කරගෙන
සිටිනවා: ඥානය හා භක්තිය. ඥානය ලද පසු භක්තියෙන් ඇති බලය කුමක්ද? සතිය පහළ බැසීමේ
අවදිය වන අතර ඥානය වර්ධනීය අවදියයි. මේ කාලයේ පවතින්නේ භක්තියයි. අප දැන් විමුක්තිය
ලද හැකි ඥානය ලබා සිටින්නෙමු. බැතිමතුන්ගේ ආරක්ෂකයා වන්නේ එකම එක පරමාත්ම දෙවියන්
පමණයි. සතුරන්ගෙන් ආරක්ෂා කර ඇත. පරමාත්ම පියා කියනවා: මා පැමිණ ඔබව රාවතගෙන්
ආරක්ෂා කරනවා. තමන් රාවණගෙත් ආරක්ෂා වන්නේ කෙසේදැයි කියා ඔබට දැක බලා ගත හැකියි.
රාවණව ඔබ දමනය කර ගත යුතුයි. පරමාත්ම පියා පහදා කියනවා: සුමිහිරි දරුවනි. ඒරාවණ ඔබව
තමෝප්‍රධාන් කර ඇත. ස්වර්ණමය යුගය සතෝප්‍රධාන් දෙලොව කියා හඳුන්වයි. පසුව ඔබගේ
කලාවත් ක්‍රමයෙන් පහළ බසිනවා. අවසානයේදී, ඔබ මුලුමනින්ම ශාරීරක අවධානයට වැටුණු විට
අපිරිසිඳු වෙනවා. ගොඩනැඟිල්ලක් සෑදූ සැනෙකින් එය අලුත්වට තිබෙනවා. පසුව මාසයකින්,
මාස හයකින් එහි සුළු හෝ වෙනසක් සිදු වෙනවා. සෑම වසරකදීම ගොඩනැඟිල්ලක් සුදු හුණු ගා
අලුත් කරවනවා. කලාවන් පහත බසිනවා. අලුත් සියල්ල පැරණි රැ නැවත අලුත් වෙනවා. ආරම්භයේ
පටන් මෙය සියල්ලටම සිදු වෙමින් පැවතුණා. යම් ගොඩනැඟිල්ලක් වසර 100ක් 150ක් පවතීවි
කියා සඳහන් කරතිල්ලෙනවා. පරමාත්ම පියා පහදා කියනවා: නව ලෝකය ස්වර්ණමය යුගය කියා
හඳුන්වයි. පසුව රිදී යුගය මදක් පැරණි වී ඇති නිසා 25%කින් එහි පහළ බැසීමක් ඇත. ඒ
චන්ද්‍ර වංශයයි. සටන් කරන සලකුණ ඔවුන්ට දී ඇත්තේ ඔවුන් නව ලෝකයට සුදුසු නොවූ
නිසාවෙනි. මෙන්න මේ නිසා තමයි ඔවුන්ගේ තත්ත්වය මදක් පහළින් තිබෙන්නේ. සෑම කෙනෙක්ම
ක්‍රිෂ්ණ දේශයට යාමට බලාගෙන සිටිනවා. රාම රාජ්‍යයට යා යුතුයි කියා ඔවුන් කියන්නේ
නැහැ. සෑම කෙනෙක්ම කියන්නේ ක්‍රිෂ්ණ දේශයට යන්න ඕනේ කියලයි. වින්දාවනයට ගොස් රාධේ
හා ගෝවින්දගේ ගුණ ගයමින් සිටිමුයි කියා සින්දුත් කියනවා. මෙය අදාල වන්නේ ව්‍රින්දා
වනයටයි. අයෝද්‍යාවට (රාමාගේ ජන්ම භූමිය) නොවෙයි. සෑම කෙනෙක්ම ශ්‍රී ක්‍රිෂ්ණාට හරිම
ආදරෙයි. ඒ සෑම කෙනෙක්ම මහත් සෙනෙහසකින් ක්‍රිෂ්ණාව සිහි කරනවා. ක්‍රිෂ්ණ රූපයක්
දුටු සැනකින්, ඔහු මෙන් වූ සැමියෙක්, පුත්‍රයෙක් ලද යුතුයි කියා ඔවුන් කියනවා.
ක්‍රිෂ්ණ මෙන් වූ දරුවෙක් ලැබිමට දැනුමැති දරුවන් ඔහුගේ රූපයක් තමා ඉදියේ තබා ගෙන
සිටිනවා. ඔවුන් ක්‍රිෂ්ණා කෙරෙහි වු ගෞරව සෙනෙහසින් වෙලී සිටිනවා. සෑම කෙතෙක්ම ආසා
කරන්නේ ක්‍රිෂ්ණ දේශයටයි. දැන් මේ ඇත්තේ කාන්සේ දේශයයි. රාවණ දේශයයි. ක්‍රිෂ්ණ
දේශයට ඉහළ වැදගත්කමක් දී තිබෙනවා. සෑම කෙනෙක්ම මහා ඉහළින් ක්‍රිෂ්ණාව සිහි කරනවා.
මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා කියන්නේ: ඔබ මෙතරම් කාලයක් ඔහුව සිහි කරමින්
සිටියා. දැන් ක්‍රිෂ්ණ දේශයට යාමට, ඔහුගේ කුලයට යාමට උත්සාහ දරන්න. සූර්ය වංශයේ කුල
අටක් තිබෙනවා. එමනිසා, රජ කුමරා සමඟ ඔන්චිලි පැදීමට අවස්ථාව ලද හැකි තරමට රාජ්‍යයේ
හිමිකරුවෙක් වීමට ඔබ උත්සාහ කළ යුතුයි. මෙය අවබෝධ කරගත යුතු කරුණක්. පරමාත්ම පියා
කියනවා: දරුවනි, හැකි උපරිමයෙන් මන්මනාභව වන්න. මරණයේ නිරත නොවූ විට ඔබ ඇද වැටෙයි.
ඥානය කිසි දිනෙක ඔබව ඇද වට්ටන්නේ නැත. ඔබ වැටෙන්නේ ස්මරණයේ නොසිටින විටයි. ඇලඩින්
හා පුදුම පහන, හතමතායි කතාන්දර පදනම් වී ඇත්තේ මේ මතයි. ස්මරණයේ සිටීමට ඇටයක් කටට
දමා ගන්නවා. කෙනෙකුට කේන්ති ගිය විට කෝප වී කෑ ගැසිය හැකියි. ඒ නිසා තමයි කටේ යමක්
දමා ගන්නැයි කියා කියන්නේ. කිසිවක් කීවේ නැතිනම් කෝපයක් නැත. පරමාත්ම පියා කියනවා:
කිසිම විටෙක කිසිම කෙනෙක් සමඟ කේන්ති ගන්න එපා. කෙසේවෙතත්, මේ දේවල් නිසි ලෙස අවබෝධ
කර නොගැනීම නිසා ඔවුන් වැරදි අදහස් ග්‍රන්ථ වලටත් යොදා තිබෙනවා. පරමාත්ම පියා මෙහි
සිට ඔබට නිවැරදිවම සියල්ල පහදා දෙනවා. ඔහු පැමිණි විට පමණයි ඔබට සියල්ල පහදා දිය
හැක්කේ. පැමිණ ගිහින් සිටිනා අයගේ ගුණ ගයනවා. තාගෝර් හා ජන්සි රැජිණ වැනි අය අතීතයේ
ඉඳ තිබෙනවා. ඒ අය සම්බන්ධයෙන් නාට්‍ය පවා නිර්මාණය වී තිබෙනවා. හරි, ශිව පරමාත්මයත්
ඇවිත් ගිහින් තිබෙන නිසා තමයි ඔහුගේ ජන්ම දිනයත් සමරන්නේ. කෙසේවෙතත්, ශිව පරමාත්මය
පැමිණියේ කවදාද පැමිණ කළේ මොනවාද කියා කිසිම දෙයක් ඔවුන් දන්නේ නැහැ. ඔහු මුලු
ලෝකයේම පරමාත්ම පියායි. ඔහු අනිවාර්යයෙන්ම පැමිණ සැමටම විමුක්තිය දෙන්න ඇති.
ඉස්ලාම් හා බුදු දහම ස්ථාපනය කළ අයගේ ජන්ම දින සමරණවා. ඒ සෑම කෙනෙකුගේම දිනය,
වේලාව, ස්ථානය ඔවුන් දන්නා නමුත් මෙම ධර්මයේ තොරතුරු කිසිම කෙනෙක් දන්නේ නැහැ.
ඔවුන් කියන්නේ ක්‍රිස්තුන් පැමිණීමට වසර ගණනාවකට පෙර භාරතය පාරාදීසයක්ව තිබුණු
බවයි. ස්වස්තිකයක් නිර්මාණය කරනා විටත් එක සමාන කොටස් හතරක් වන සේ එය නිර්මාණය
කරනවා. සෑම යුගයක්ම අඩු වෙන්නත් බැහැ වැඩි වෙන්නත් බැහැ. ජගත්තාථ දේවාලයේ එක සමාන
කොටස් හතරකට බෙදී යන ආකාරයෙන් බතක් පිසිනවා. පරමාත්ම පියා කියනවා: භක්ති මාර්ගයේ අය
සෑම දෙයක්ම පටලවා ගෙන තිබෙනවා. පරමාත්ම පියා කියනවා: දැන් ඔබගේ ශරීරයත් ඇතුලු සෑම
දෙයක්ම අමතක කර දමන්න. මම ජීවාත්මයක්මි, පරමාත්ම ජීවය, පරම පියාගේ දරුවෙක්මි. කිසිම
සැකයකින් තොරව මෙම අවධානය පුහුණු කරන්න. බාබා දෙව්ලොව නිර්මාණකරුයි. එමනිසා ඔහු
අනිවාර්යෙන්ම අපව දෙව්ලොවට යවන්න ඇති. ඔහු අපව අපායට යවන්නේ නැහැ. පරමාත්ම පියා
කිසිම කෙනෙක්ව අපායට යවන්නේ නැහැ. පළමුවෙන්ම, සෑම කෙනෙක්ම සතුට විඳිනවා. පළමුව සතුට
විඳ පසුව දුක් විඳිනවා. පරමාත්ම පියා දුක නැති කර සැමටම සතුට දානය කරයි. ජීවාත්මයන්
පළමුව සතුට විඳ පසුව දුක් විඳිනවා. පළමුව අප සතෝප්‍රධාන් වී පසුව සතෝ, රජෝ හා තමෝ
මට්ටම් පසු කර යන බව හෘද සාක්ෂියෙනුත් අපි දන්නවා. පිටරටවල අය ඥානාන්විතයි කියා
මිනිස්සු සිතනවා. එක් ක්ෂණයකින් සියල්ල වැනසී යන ආකාරයේ බෝම්බ ඔවුන් නිෂ්පාදනය
කරනවා. මේ දිනවල විදුලි බලයෙන් මෘත දේහ ආදාහනය කරන්නාක් සේ බෝම්බයක් පිපුරුණු විට
ඉන් ගින්දර මතු වී එක් ක්ෂණයකින් මිනිස්සු මිය යනවා. පිදුරු ගොඩ ගිණිගත යුතුයි.
මුලු ගම්මානයක්ම විනාශ වී යන පරිද්දෙන් කුණාටු ඇති වේවි. එවන් මොහොතකදී කිසිම දෙයක්
රැක ගැනීමට අවශ්‍ය කටයුතු යෙදිය නොහැකි වේවි. විනාශය සිදු විය යුතුයි. පැරණි ලෝකය
අවසන් විය යුතුයි. මෙය ගීතාවේත් සඳහන් වී තිබෙනවා. පරමාත්ම පියා පහදා තිබෙනවා:
යුරෝපීයන් කවුරුවත් නොදන්නා ආකාරයට පවා බෝම්බ හෙලාවි. මීට පෙර චක්‍රයේදීත් විනාශය
සිදු වුණා. දැන් නැවතත් සිදු වේවි. ඔබත් මීට පෙර චක්‍රයේ කළ ආකාරයෙන්ම ඉගෙන ගනීවි.
ගස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙනවා. වර්ධනය සිදු වන අතර ස්ථාපනයත් සිදු වෙනවා. මායාගේ
කුණාටු ඉතාමත් හොඳ මල් හලා දමනවා. ඔබ හොඳින් යෝගාවේ නොසිටින විට මායා බාධා එල්ල
කරනවා. පරමාත්ම පියාගේ දරුවෙක් වී පාරිශුද්ධව සිටීමට පොරොන්දු වීමෙන් අනතුරුව ඔබ
පාපයට ඇද වැටුණහොත් ඔබ පියාගේ නමට අගෞරවයක් වෙනවා. එවිට ඔබට තද පහරකෑමට සිදු වේවි.
පරමාත්ම පියා කියනවා: කිසිම විටෙක රාගයෙන් රිදවා ගන්න එපා. ලේ ගංඟාවන් ගලාවි.
ස්වර්ණමය යුගයේ දී, කිරි ගංඟා ගලාවි. එය නව ලෝකය වන අතර මෙය පැරණි ලෝකයයි. කලි
යුගයේ ඇත්තේ මොනවාද නව ලෝකයේ ඇති සැප පහසුකම් මොනවාදැයි කියා බලන්න. මෙහි ඇති දෙයක්
නැහැ. දියණියත් ධ්‍යාන වලට ගොස් සියල්ල දැක ආපසු මෙහි පැමිණෙනවා. සූක්ෂම කලාපයට
ගිහින් සුබ්රාස් පානය කර තවත් නොයෙකුත් දේ කළ අයුරු ඔවුන් දකිනවා. අශාරීරික ලෝකයට
තමන් ගිය පසු බාබා නැවතත් ඔවුන්ට දෙව්ලොවට යැවූ ආකාරය වැනි දේවල් ගැන ඔවුන් කතාන්දර
කියනවා. ඒ සෑම දර්ශනයම නාටකයේ නියමිතයි. දර්ශන දැකීමෙන් කිසිවක් ලඟා කර ගත
නොහැකියි. බොහෝ දියණියන් සුක්ෂම කලාපයට ගොස් සුබිරා පානය කරනවා. අද ඔවුන් මෙහි
නැහැ. ඉතාමත් හොඳ ඉහළ ගණයේ දරුවන් අතුරුදන් වෙලා. ධ්‍යානගතයි. නොයෙකුත් දේ දුටු අය
දැන් විවාහ වෙලා. මායා කොයි වගේ ද යන්න හරිම පුදුම සහගතයි. ඔවුන්ගේ වාසනාව
මුලුමනින්ම වෙනස් වෙලා. බොහෝ අය ඉතාමත් හොඳ චරිත කොටස් රඟදැක්වූවා. අවශ්‍යම අවස්ථා
වලදී ඔවුන් ඉතාමත් හොඳින් සහයෝගයත් දැක්වූවා, නමුත් අද මෙහි නැහැ. මෙන්න මේ නිසා
තමයි පරමාත්ම පියා කියන්නේ ‘මායා ඉතාමත් බලවත්‘. ඔබ මායා සමඟ සටන් කරනවා. මෙය
හඳුන්වන්නේ යෝග බලයෙන් කරනා සටන කියලයි. යෝග බලයෙන් ලබා ගත හැක්කේ මොනවාදැයි කියා
කිසිම කෙනෙක් දන්නේ නැහැ. එය භාරතයේ පෞරාණික යෝගාවයි කියා ඔවුන් සරලව කියනවා. ඔය
සුමිහිරි දරුවන්ට යෝගාව යන්න පහදා තිබෙනවා - භාරතයේ පෞරාණික රාජයෝගාව ගැන සඳහන් වී
තිබෙනවා. කිසිම දාර්ශනිකයෙකුට ආධ්‍යාත්මික ඥානය නැහැ. ආධ්‍යාත්මික පියා පමණයි ඥාන
සාගරය වන්නේ. ඕම් නමෝ ශිවාය කියා කියන්නේ ඔහුටයි. ඔහුගේ ගුණ ගයනවා. පරමාත්ම පියා
පැමිණ ඔබට විශාල ඥාන සම්භාරයක් පහදා දෙනවා. මෙයත් හඳුන්වන්නේ ඥාන ඇස කියලයි. වෙන
කිසිම කෙනෙකුට තමන්ව ත්‍රිකාල දර්ශි කියා හඳුන්වා ගැනීමට තරම් බලයක් නැහැ. යාග
ගින්න නිර්මාණය කරවන ඔය බ්‍රහමිණ්වරුන් පමණයි ත්‍රිකාලදර්ශි වන්නේ. මෙය රුද්‍රාගේ
ඥාන යාග ගින්නයි. ශිව පරමාත්මයටත් රුද්‍රා කියා කියනවා. ඔවුන් ඔහුට නම් රාශියක් දී
තිබෙනවා. සෑම රටකම ඔහුව හඳුන්වන විවිධ නම් තිබෙනවා. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම
කෙනෙකුට මෙතරම් නම් ප්‍රමාණයක් නැහැ. ඔහුට බබුල්නාථ. කටු මල් බවට පත් කරවන්න කියාත්
කියනවා. බබුල් යනු කටු තිබෙනා අයයි. බාබා කටු මල් බවට පත් කරවන්නායි, මෙන්න මේ නිසා
තමයි ඔහු බබුනාථ කියා හඳුන්වන්නේ. බොම්බේ නුවර බොහෝ පිරිස් බබුල්නාථ දේවාලයට
පැමිණියත් ඔවුන් ඒ කිසිවක අර්ථය දන්නේ නැහැ. තමාගේ නිවැරදිම නම ශිව බව පරමාත්ම පියා
පහදා තිබෙනවා. ව්‍යාපාරිකයින් බින්දුව ශිව කියා සලකනවා. ගණන් කරගෙන යන අතර දහය
පැමිණි විට ඔවුන් කියන්නේ "ශිව්" කියලයි. පරමාත්ම පියා කියනවා: මම නම් වූ කුඩා තිත
තාරුකාවවේ. බොහෝ අය මව හා පියා නිරූපණය කරමින් නළල මත තිලක දෙකක් තබනවා. එය ඈත
සූර්යයා හා ඥාන චන්ද්‍රයා යන්නත් අර්තවත් වෙනවා. ඔවුන් එහි අර්ථය දන්නේ නැහැ. බාබා
යෝගාව යන්න ගැන පැහැදිලි කරමින් සිටියා: යෝගාව ඉතාමත් ප්‍රසිද්ධයි. ඔය දරුවන් දැන්
‘යෝගා‘ යන වචනය අතහැර දමා සිහිකිරිමේ ම සිටිය යුතුයි. පරමාත්ම පියා කියනවා: "යෝග"
යන වචනයෙන් කිසිම කෙනෙක් කිසිම දෙයක් තේරුම් ගත්තේගැහැ. "සිහි කිරීම" යන වචනය
යෙදුවොත් ඔවුන් යමක් අවබෝධ කර ගනීවි. ඉතාමත් හොඳින් ඔබ පියාව සිහි කළ යුතුයි. ඔහුට
මනාලයා කියාත් කියනවා. ඔහු ඔබව රැජිණියන් බවට පත් කරවනවා. පරමාත්ම පියා ඔබට ලෝක
රාජ්‍යයේ උරුමය උරුම කර දෙනවා. ස්වර්ණමය යුගයේදී ඔබට සිටින්නේ එකම එක පියෙකි. එය
එතරම් පුදුමයකි. ඔබ ඒ සියල්ලේ අරුත දන්නවා. ස්වර්ණමය යුගයේ සිටින සෑම කෙනෙක්ම
සිටින්නේ සතුටිනුයි. මෙන්න මේ නිසා තමයි ඔවුන් මෙම ලෝකයෙන් එහා සිටිනා පියා ගැන
දන්නේ නැත්තේ. ඔබ දැන් පියවරුන් තිදෙනාව දන්නවා. මෙම කරුණු තේරුම් ගැනීමට ඉතාමත්
පහසුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ස්මරණයේ
සිටීමට නම් කතා නොකර සිටින්න: ඔබගේ කටේ ඇටයක් දමා ගන්න. කේන්තිය නවතීවි. කිසිම
කෙනෙක් සමඟ තරහ ගන්න එපා.
2. මෙම දුක් ලෝකය
දැන් ගිණිබත් විය යුතුයි. එමනිසා, එය අමතක කර නව ලෝකය සිහිපත් කරන්න. පරමාත්ම පියා
ඉදිරියේ වුණු පාරිශුද්ධව සිටීමේ පොරොන්දුව මත ස්ථාවරව සිටින්න.
වරදානය:
ඔබ අශාරීරික
ස්ථිතිය පුහුණු කිරීමෙන් "මම" යන අවධානය අවසන් කර, නිරහංකාර වේවා.
වර්තමානයේ දී, වඩාත්
සියුම් සහ අලංකාරම නූල වන්නේ "මම" යන අවධානයයි. මෙම "මම" යන වචනය ඔබව ශරීරය පිළිබඳ
අවධානයෙන් ඔබ්බට ගෙන යන අතරම, නැවත ශරීරය පිළිබඳ අවධානය තුළට ද ඇද දමයි. "මම" යන
හැඟීම වැරදි ස්වරූපයකින් මතු වූ විට, එය ඔබව පරම පියා කෙරෙහි සෙනෙහෙවන්තයකු බවට පත්
කරනවා වෙනුවට, වෙනත් පුද්ගලයෙකු කෙරෙහි හෝ නාමය, සැලකිල්ල හෝ ගෞරවය කෙරෙහි ඇල්මක්
ඇති කරන්නෙකු බවට පත් කරවයි. මෙම බැඳීමෙන් නිරන්තරයෙන් නිදහස් වීම සඳහා, පළමුව
අශාරීරික ස්ථිතියේ ස්ථාවරව සිට ඉන්පසු ඔබේ ශාරීරික ස්වරූපයට පැමිණෙන්න. මෙම පුහුණුව
ඔබේ ස්වභාවික ස්වභාවය කර ගන්න; එවිට ඔබ නිරහංකාර වනු ඇත.
පාඨය:
යමෙකුගේ හොඳ
හෝ නරක අවස්ථාවන් ගැන අසා අප්‍රසාදය ඇති කර ගැනීම යනු අන් අයගේ අණට අනුව ක්‍රියා
කිරීමයි.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
ඔබේ සිතිවිලි හෝ
සිහින තුළ අපවිත්‍රත්වයේ කිසිදු සලකුණක් නොමැති විට, ඔබ සැබෑ බ්‍රහ්මින්වරයෙකු ලෙස
හැඳින්වෙනු ඇත. මෙම ධාරණාව සම්බන්ධයෙන් මෙසේ කියැවේ: මිය යාමට සිදුවුව ද ඔබ ඔබේ
ධර්මය අත් නොහැරිය යුතුය. එවැනි ධෛර්යයක් සහ ස්ථිර විශ්වාසයක් ඇති අය කිසිදු
අවස්ථාවක පසුබසින්නේ නැත; ඒ වෙනුවට ඔවුහු සතුටින් කැප කිරීම හා ඉවසීම ප්‍රගුණ
කරමින්, ඕනෑම දෙයකට මුහුණ දීමටත් ධෛර්යවන්තව සිටීමටත් සමත් වෙති.