12.09.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, හිසෙන් සංකේතවත් වන්නේ බ්‍රහ්මිණ්වරු වන අතර දෙපතුලෙන් සංකේතවත් කෙරෙන්නේ
ශුද්‍රයින්. පළමුවෙන්ම ඔබ ශුද්‍ර තත්ත්වයේ සිට බ්‍රහ්මණ තත්ත්වයට වෙනස් වු පසු
පමණයි ඔබ දේවත්වයට පත් වනුයේ.
ප්රශ්නය:
මිනිසුන්ගේ
විරුද්ධත්වය එල්ලවන ඔබ තුළ ඇති පිරිසිඳු ආසාව කුමක්ද ?
පිළිතුර:
මේ ගෙවීයන ලෝකයේ විනාශය හා නව ලෝකයේ ගොඩනැංවීම උදෙසා ඔබ තුළ පවතින අසාවයි. මේ සඳහා
ඔබ කියනවා මේ ගෙවී යන ලෝකය දැන් අවසානය කරා ළඟා වන බව. මිනිස්සු මේ ගැන විරුද්ධවාදී
අදහස් ඔබ වෙත ඉදිරිපත් කරනවා.
ප්රශ්නය:
මේ ඉන්ද්‍ර
සමාජයේ ප්‍රධානතම නීතිය කුමක්ද ?
පිළිතුර:
කිසිම කෙනෙකුට මේ ඉන්ද්‍ර සමාජයට කිසිම අපිරිසිඳු ශුද්‍රයෙක් ගෙන ඒමට අවසර නොමැත.
එසේ ගෙන ආවොත් ඒ පාපය හර වන්නේ ඒ තැනැත්තා ගෙන ආ කෙනාගේ ගිණුමටයි.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කර දෙනවා. ආධ්‍යාත්මික දචරුවන් දන්නවා ඔබ ඔබ
වෙනුවෙන් දේව රාජ්‍යය ගොඩනංවන බව. ඔබ බ්‍රහ්ම කුමරුන් හා බ්‍රහ්ම කුමරියන් වන
බැවින් මේවා දන්නේ ඔබ පමණයි. කෙසේවෙතත්, මායා ඔබටත් මෙය අමතක කරවනවා. ඔබට දේවත්වයට
පත් වීමට අවශ්‍ය වුවත් මායා නැවතත් ඔබව බ්‍රහ්මණ තත්ත්වයේ සිට ශුද්‍ර තත්ත්වයට පත්
කරවනවා. දරුවනි, ඔබ දන්නවා ඔබ ඔබගේ රාජ්‍යය ගොඩනංවන බව. ඔබගේ රාජ්‍යය බිහි වු දාට
මේ පැරණි ලෝකය පවතින්නේ නැහැ. ඔබේ පිරිසිඳු ආසාව වන්නේ හැම දෙනාවම මේ ලෝකයෙන් නිහඬ
දේශය වෙත යැවීමයි. කෙසේවෙතත්, මේ ලෝකය දැන් විනාශය කරා යන බව ඔබ කියන විට මිනිස්සු
අනිවාර්යෙන්ම ඔබට විරුද්ධ වෙනවා. ඔවුන් කියනවා බ්‍රහ්ම කුමාරීන් මොනවද ඒ කියවන්නේ ?
ඔවුන් දිගින් දිගටම විනාශය ගැන කතා කරනවා. දරුවනි, ඔබ දන්නවා මේ විනාශයෙන් පමණයි
සාමාන්‍ය ලෝකයට සහ මුළු මහත් භාරතයටම යහපතක් උදාවනුයේ කියලා. ලෝකයේ මිනිස්සු මේවා
දන්නේ නැහැ. විනාශය සිද්ධ වන විට හැම දෙනාම නිහඬ දේශය වෙත යනවා. ඔබ දැන් දේව දරුවන්
වුණා. ඔබ මීට පෙර යක්ෂ සමාජයට අයත් වෙලා සිටියා. නමුත් ඔබ දැන් අයිති දේව සමාජයටයි.
පරමාත්ම දෙවියන්ම ඔබට කියනවා : නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න. බාබා දන්නවා
නිරන්තරයෙන්ම බාබා ගැන සිහියෙන් ඉන්න පුළුවන් කවුරුත් නැහැ කියලා. ඔබෙන් කාට හරි
නිරන්තරයෙන්ම බාබා සිහි කළ හැකි නම්, ඔබේ පාපයන් විනාශ වී ඔබ කර්මටීට් තත්ත්වයට ළඟා
වනවා. වර්තමානයේ හැම කෙනෙක්ම උත්සාහ දරමින් සිටින අයයි. බ්‍රහමින්වරු වු අය
දේවත්වයට පත් වනවා. බ්රහ්මිණ්වරුන්ට පස්සේ ඉන්නේ දේවතාවරුන්. ඉන් විස්තර කෙරෙන්නේ
බ්‍රහ්මිණ්වරු තමයි ටොප්නොට් (මුදුන් ගැටය). ළමයි පිණුම් ගසන ක්‍රීඩාව කරන කොට
ඉස්සෙල්ලාම තියන්නේ හිස, හෙවත් ටොප්නොට්. බ්රහ්මිණ්වරුනට නිතරම ටොප්නොට් එකක්
තියෙනවා. ඔබ බ්‍රහ්මිණ්වරුන්. මීට පෙර ඔබ ශුද්‍රයින් හෙවත් දෙපතුල් ලෙස සිටියේ.
දැන් ඔබ බ්‍රහ්මිණ්වරුන්, ටොප්නොට් සහ පසුව ඔබ දේවත්වයට පත් වෙනවා. දේවත්වය
සැලකෙන්නේ මුහුණ ලෙස. ක්ෂත්රියයෝ - දෙඅත්, වෛශ්‍යයෝ - බඩ සහ ශුද්‍රයින් - දෙපතුල්.
’ශුද්‍ර‘ කියන්නේ ශුද්‍ර බුද්ධියක්, විනාශයට පත් වු බුද්ධියක් ඇති අයයි. පියාව
නොදන්නා සහ නිරන්තරයෙන්ම ඔහුව නිග්‍රහයට පත් කරන අයට තමයි විනාශිත බුද්ධියක් සහිත
අය කියන්නේ. ඉතින්, බාබා කියනවා : මම එන්නේ භාරතයේ සම්පුර්ණයෙන්ම අධර්මවාදය
පැතිරුණු විටයි. බාබා කතාකරන්නේ භාරතීය ජනතාවටයි. සම්පුර්ණයෙන්ම අධර්මය ඇති තැන...,
පරම පියා පැමිණෙන්නේ භාරතයට පමණයි. වෙන කිසිම තැනකට ඔහු එන්නේ නැහැ. භාරතය කිසි
දිනක විනාශ නොවන චිරස්ථායී දිවයිනක්. ඒ වගේම බාබාත් චිරස්ථායි. ඔහු උපත සහ මරණය
නැමැති චක්‍රයට ඇතුළු වන්නේ නැහැ. ඔබට, චිරස්ථායී ජීවයන්ට බාබා කතා කරනවා. මේ ශරීරය
විනාශයට ලක්වෙන සුළුයි. දැන් ඔබ ශරීරය යන අවධානය අතහැර ඔබ ජීවාත්මයක් බව අවධාරණය කර
ගැනීමට පටන් ගන්නවා. බාබා ඔබට පැහැදිලි කර දෙනවා: හෝලි කාලය තුළ මිනිස්සු මිහිරි
චපාති හදන විට, චපාති පිච්චෙනවා නමුත් චපාතිය අල්ලන්න ඒ තුළට දමන නූල පිච්චෙන්නේ
නැහැ. මේ නිදසුන ඉදිරිපත් කරන්නේ ජීවාත්මයන් විනාශ කරන්න බැරි බව කියා පෑමටයි.
මිනිස්සු දන්නේ නැහැ ජීවාත්මයන් සදාකාලිකයි කියලා. සාමාන්‍යයෙන් ඔවුන් කියන්නේ
ජීවාත්ම ක්‍රියාවට යටත් වන බවයි. කෙසේවෙතත්, බාබා කියනවා : එහෙම වෙන්නේ නැහැ.
ජිවාත්මයන් හොඳ හෝ නරක ක්‍රියා කරන්නේ ඔවුන්ගේ භෞතික ශරීරය මාර්ගයෙන්. ජීවාත්මයන්ට
එක් ශරීරයක් අතහැර තවත් එකක් ගෙන එහි ක්‍රියාවන්ට මුහුණ පෑමට සිදු වෙනවා. එමනිසා,
ජීවාත්ම ඔවුන්ගේ කර්ම ගිණුම් ඒ සමගම අරගෙන යනවා. මේ නිසා තමයි යක්ෂ ලෝකයේ මිනිසුන්ට
අසීමිත දුකක් අත්විඳීමට සිදුවෙලා තියෙන්නේ. ඔවුන්ටත් තිබෙන්නේ කෙටි ආයු කාලයක්.
ඔවුන් මේ දුක සතුටක් ලෙස හිතනවා. පාපයෙන් තොර වීමට ඔබ ඔවුන්ට බොහෝ දේ කිව යුතු
වෙනවා. නමුත් ඔවුන් තවමත් කියා සිටින්නේ විෂ ගැනීම නවත්වන්න බැහැ කියලයි. මන්ද,
ඔවුන් අයත්වන්නේ ශුද්‍ර වංශයට බැවිනි. ඔවුන්ට ඇත්තේ ශුද්‍ර බුද්ධියක්. ඔබ
බ්‍රහ්මිණ්වරු ටොප් නොට් වුණා. ටොප් නොට්(මුදුන් ගැටය) තමයි සියල්ලන්ගෙන්ම උසස්
වන්නේ. එය දේවතාවන් නැමැති මුහුණටත් වඩා ඉහළින් තියෙන්නේ. මේ කාලයේ තමයි ඔබ
දේවතාවන්ටත් වඩා උසස් වන්නේ. මන්ද, දැන් ඔබ ඉන්නේ පියා සමඟයි. මේ කාලයේ තමයි පියා
ඔබට උගන්වන්නේ. ඔහු ඔබගේ කීකරු සේවකයෙක් වුණා. පියා දරුවන්ගේ කීකරු සේවකයා. ඔහු
දරුවන්ට උපත ලබා දෙනවා, දරුවන් බලාගෙන ඔවුන්ගේ අවශ්‍යතා සපුරනවා. පසුව දෙමව්පියන්
වයසට පත්වුණු විට ඔවුන් තමන් සතු සියලු දේපළ දරුවන්ට පවරනවා. ආගමික ගුරු කෙනෙක්
සොයා ගොස් හුදෙකලාව සිටිනවා. ඔවුන් විශ්‍රාමිකයි. මුක්ති දේශයට යාම උදෙසා ඔවුන්
ගුරු කෙනෙකු සොයා යනවා. නමුත් තාම කිසි කෙනෙකුට මුක්ති දේශයට යා නොහැකි වී තිබෙනවා.
අම්මයි තාත්තයි දෙන්නම දරුවන් ගැන සොයා බැලිය යුතුයි. යම් විදියකින් අම්මා රෝගාතුර
වුවහොත්, එවිට තාත්තා තමයි දරුවා පිරිසිඳු කළ යුතු වන්නේ. එමනිසා, දෙමව්පියෝ
දරුවන්ගේ සේවකයෝ. ඔවුන් තම සියලු දේපළ දරුවන්ට පවරනවා. අසීමිත පියා කියනවා : ඔබ
කුඩා කලදී මා එන්නේ නැහැ. බාබා උගන්වන්නේ වැඩිවියට පත් වු ඔබටයි. ඔබ ශිව බාබාගේ
දරුවන් බවට පත්වුවා. එමනිසා, ඔබට කියන්නේ බී.කේ. කියලයි. මීට පෙර ඔබ ශුද්‍ර කුමර සහ
කුමාරීන්. ඔබ ජීවත් වන්නේ ගණිකා මඩමක. තව දුරටත් ඔබ ඒ ගණිකා මඩමෙහි නොසිටිය යුතුයි.
මෙහි කිසිම පව්කාර ජීවයකට සිටීමට අවසර නොදිය යුතුයි. එය නීතියට පටහැනියි. ඔබ බී.කේ.
කෙනෙක්. මේ ස්ථානය තියෙන්නේ බී.කේ. අයටයි. සමහර දරුවන් හරිම මෝඩයි ඔවුන්ට තේරෙන්නේ
නැහැ ශුද්‍රයින් වන, පාපයෙහි ගැලෙන අපිරිසිඳු මිනිස්සුන්ට මෙහි සිටීමට අවසර නැති
බව. එවැනි අයට මෙහාට එන්න බැහැ. මේ තමයි ඉන්ද්‍ර සමාජයේ නියමය. මේ තමයි ඔබව
දැනුමෙන් නහවන ඉන්ද්‍ර සමාජය. බ්‍රහ්මිණ්වරු රහසින් කවුරු හෝ අපිරිසිඳු කෙනෙක් මේ
සමාජයට ගේනවා. එසේ වුවහොත්, ඒ දෙන්නම ඉන් විඳවමින් ගල් පර්වත බවට පත් වෙනවා. මේ
තමයි සත්‍ය ඉන්ද්‍ර සමාජය. මේ ශුද්‍ර කුමර කුමාරීන්ගේ ආධ්‍යාත්මික සමාජයක් නොවෙයි.
දේවතාවන් පිරිසිඳුයි, ශුද්‍රයින් අපිරිසිඳුයි. අපිරිසිඳු ජීවාත්ම දේවත්වයට පත්
කරවීමට බාබා ඇවිත් ඉන්නවා. ඔබ දැන් අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් වෙනවා. ඉතින්,
මේ තමයි ඉන්ද්‍ර සමාජයේ හමුව. ඔබෙන් කවුරුහෝ, දූෂිත කෙනෙක්ව අවසර නැතිව ගෙන ආවොත්
ඔබ බොහෝ දඬුවම් විඳින අතර ඔබගේ බුද්ධිය ගල් බවට පත් වේවි. ඔබ මෙහි පැමිණියේ
දිව්‍යමය බුද්ධියකින් යුතු කෙනෙකු වීමටයි. ඉතින්, අපිරිසිඳු මනුෂ්‍යයෙක්ව මෙහෙට ගෙන
ආ කෙනාත් අපහසුතා විදිනවා: ඇයි ඔබ අපිරිසිදු අයෙක්ව රහසින් මෙහෙ ගෙන ආවේ ? ඔබ
ඉන්ද්‍රගෙන්(පරමාත්ම පියාගෙන්)වත් ඇසුවේ නැත. එමනිසා, බොහෝ දඬුවම් ලැබෙනවා. මේවා
අදෘෂ්‍යමාන කරුණුයි. ඔබ දැන් දේවී දේවතාවන් බවට පත් වෙනවා. නීති ඉතා දැඩිය. ඔවුන්ගේ
තත්ත්වය පහළ බසින අතර ඔවුන් සම්පුර්ණයෙන් ගල් බවට පත් වෙනවා. ඔවුන්ට ගල් බුද්ධි ඇති
අතර ඔවුන් දිව්‍යමය බුද්ධි ඇති අය වීමට උත්සාහයක්වත් ගන්නේ නැත. මේ අදෘෂ්‍යමාන
දේවල් අවබෝධ කර ගත හැක්කේ ඔබට පමණයි. මෙහි ජීවත් වෙන්නේ බී.කේ.වරු වන අතර බාබා ඔබව
දේවී දේවතාවන් බවට පත්කරවනවා. ඔහු ගල් බුද්ධියක් ඇති අයව දිව්‍යමය බුද්ධියක් ඇති අය
බවට පත් කරවනවා. සුමිහිරි දරුවනි, බාබා කියනවා : ඔබෙන් කිසිකෙනෙකු කිසිම නීතියක් කඩ
නොකළ යුතුයි. එසේ වුවහොත් රාගය, දේවේශය, ලෝබකම, බැඳීම සහ උඩඟුකම යන පාපයන් පහ
ග්‍රහණය කර ගන්නවා. සෑම කල්ප භාගයකම තිබෙන විශාලම නපුරු භුතයන් පහ මේවායි. ඔබ මෙහි
පැමිණියේ මේ භූතාවේශයන් විනාශ කර දැමීමටයි. පිරිසිඳුව හා පවිත්‍රව සිටි ජීවාත්ම
අපිරිසිඳු, අපවිත්‍ර, නොසතුටු සහ රෝගාතුර තත්ත්වයට පත්වෙලා. මේ ලෝකයෙහි බහෝ සේ දුක
තිබෙනවා. බාබා පැමිණ ලෝකයට දැනුම වස්සවනවා. ඔහු මෙය කරන්නේ දරුවන් මාර්ගයෙන්. ඔහු
දරුවන් වෙනුවෙන් දිව්‍යලෝකය නිර්මාණය කරනවා. ඔබ යෝගා බලයෙන් දේවී දේවතාවන් බවට පත්
වෙනවා. පරමාත්ම පියා ඔහුවම ඒ බවට පත් වෙන්නේ නැහැ. ඔහු ඉන්නේ ඔබේ සේවකයා ලෙසයි.
ගුරුවරයාත් ඔහුගේ ශිෂ්‍යයින්ගේ සේවකයෙක්. ඔහු තම ශිෂ්‍යයින්ට ඉගැන්වීමෙන් ඔවුන්ට
සේවය කරනවා. ගුරුවරයා පවසනවා : මම ඔබේ උසස්ම කීකරු සේවකයා. ඔහු ඔවුන්ව ඉංජිනේරුවකු
හෝ නීතීඥයකු කරවනවා. එමනිසා, ඔහු ඔවුන්ගේ සේවකයා. ඒ වගේම ගුරු කෙනෙක් ඔබට මාර්ගය
පෙන්වනවා. ඔබට මුක්ති දේශයට යාමේ මාර්ගය පෙන්වීමේ සේවය කරමින් ඔහු ඔබගේ සේවකයා
වනවා. කෙසේවෙතත්, කිසිම ගුරු කෙනෙකුට අද කාලයේ ඔබව මුක්තියට ගෙන යා නොහැකියි. මන්ද,
ඔවුනුත් අපිරිසිඳුයි. සදා පවිත්‍ර එකම සත්ගුරු පමණයි. සියලු ගුරූන් ඔවුන්මත්
අපිරිසිඳුයි. මේ මුළු ලෝකයම අපිරිසිඳුයි. ස්වර්ණමය යුගය තමයි පිරිසිඳු ලෝකය, කලි
යුගය තමයි අපිරිසිඳු ලෝකය. ස්වර්ණමය යුගය තමයි සම්පුර්ණයෙන්ම දිව්‍යලෝකය. එහෙත්
රිදී යුගයේදී කලා දෙකක් බැහැලා. ඔබ දරුවන්ට පමණයි මේ දේවල් ග්‍රහණය කර ගත හැක්කේ.
ලෝකයේ මිනිසුන්ට කිසිවක් අවබෝධ කර ගත නොහැකියි. ඉන් කියැවෙන්නේ නැහැ මුළු ලෝකයම
දිව්‍යලෝකයට යනවා කියලා. පසුගිය කල්පයේ දිව්‍යලෝකයට ගිය අයම තමයි නැවත පැමිණ
ස්වර්ණමය සහ රිදී යුග දෙකෙහිදී දේවතාවන් බවට පත්වනුයේ. පසුව, තඹ යුගයේ සිටන්ම ඔවුන්
ඔවුන්වම හැඳින්වූයේ හින්දුවරුන් ලෙස. ඒත් එක්කම ඈත දනව්වෙහි සිට හින්දු ආගමට පැමිණි
අයත් හින්දුවරු ලෙස හඳුන්වනවා. ඔවුන් දේවත්වයට පත්වෙනවා තියා දිව්‍යලෝකයට එන්නෙත්
නැහැ. තඹ යුගය ආරම්භ වූ පසුව වෙලාවේ දී ඔවුන් පහළට පැමිණ හින්දුවරයකු ලෙස
හඳුන්වනවා. ආරම්භයේ සිටම අවසානය දක්වාම තම චරිත කොටස රඟපාන ඔබ පමණයි, දේවී දේවතාවන්
බවට පත් වන්නේ. මෙයත් නාටකයේ ක්‍රමයක්. මෙය ගොඩක් අයගේ බුද්ධියේ රඳන්නේ නැහැ. ඉතින්
ගොඩක් අයට උසස් තත්ත්වයක් ලබන්නත් බැහැ. මේක තමයි සත්‍ය නාරායනගේ කථාව. අනෙක්
මිනිස්සු කියන කථා බොරු. ඔවුන්ට සවන් දීමෙන් කිසිවකු ලක්ෂ්මී හෝ නාරායන බවට පත්
වෙන්නේ නැහැ. මෙහි ඔබ ක්‍රියාකාරී අයුරින්ම ඒ තත්ත්වයට පත් වෙනවා. කලි යුගයේ හැම
දේම අසත්‍යයෙන් පිරිලා. එසේ කියැවෙනවා: මායා බොරුවක්, ශරීරය බොරුවක්.... රාවන්
රාජ්‍යයේ හැමදේම මිත්‍යාවන්. පරමාත්ම පියා සත්‍ය දේශය නිර්මාණය කරනවා. ඔබ
බ්‍රහ්මින් දරුවන් පමණයි මෙය දන්නේ. කෙසේවෙතත්, එයත් ඔබ දරණ උත්සාහයට අනුව
අනුපිළිවෙලකින් යුක්තයි. මන්ද, මෙය ඉගෙනීමක්. කවුරු හෝ හොඳින් ඉගෙන නොගන්නා කෙනෙක්
අසමත් වෙනවා. සෑම චක්‍රයකදීම මේ ඉගෙනීම සිදු විය හැක්කේ එක් වතාවයි. නැවත එය ඉගෙනීම
අපහසුයි. ආරම්භයේදීම මෙය ඉගෙනගෙන පසුව ශරීරය අතහැර ගියහොත් මේ සංස්කාර ඔවුන් රැගෙන
යනවා. ඔවුන් අනිවාර්යෙන්ම වෙනස් ස්වරූපයෙන් හා නමින් නැවත පැමිණ මෙය ලබා ගන්නවා.
ඔබට විවිධ නම්, ස්වරූප, ස්ථාන සහ කාලයන් වලින් රඟපෑමට උපත් 84කින් යුතු චරිත කොටස්
ලැබී තිබෙනවා. එවන් වු කුඩා ජීවාත්මයන්ට තියෙන්නේ මෙවන් වු විශාල ශරීරයන්. ජීවාත්මය
තුළ සියල්ල අන්තර්ගත වෙනවා. කුඩා මදුරුවෙකුටත් ජීවයක් තිබෙනවා. මේ වගේ ඉතා සුක්ෂම
කරුණු අවබෝධ කර ගත යුතුයි. මේවා පැහැදිලිව අවබෝධ කර ගන්නා දරුවන් පමණක් මාලාවේ
පබුළු බවට පත් වෙනවා. අන් සියලු දෙනාම ලබන්නේ අඩු වටිනාකමකින් යුතු තත්ත්වයක්. ඔබගේ
මල්වත්ත දැන් නිර්මාණය වෙමින් පවතිනවා. පළමුවෙන්ම ඔබ කටු ලෙස සිටියා. බාබා කියනවා :
රාගය නැමැති කටුව ඉතා භයානකයි. එය ආරම්භයේ සිට මැද හරහා අවසානය දක්වාම ඔබව නොසතුටට
පත් කරවනවා. ඔබගේ දුකට ඇති ප්‍රධානම හේතුව නම් රාගයයි. රාගය ජය ගැනීමෙන් ඔබ ලොවම
ජයග්‍රහණය කරයි. මේ විෂය තමයි බොහෝ මිනිස්සුන්ට අපහසුයි කියා දැනෙන්නේ. රාගය ඉවත්
කිරීම ඔවුන්ට ඉතාමත් අපහසුයි. පෙර චක්‍රයේ එය අතහැරි අය නැවතත් අත්හරිනවා. ඉන්
අවබෝධ කර ගත හැකියි මොන අයද සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට ලක්ෂ්මී සහ නාරායන
තත්ත්වයට පත් වීමට වැඩියෙන්ම උත්සාහ දරන්නේ කියලා. නව ලෝකයේ සැමියා හා භාර්යාව
දෙදෙනාම පිරිසිඳුයි. ඔවුන් පවිත්‍රව සිටිනා විට ඔවුන් සතෝප්‍රධාන් ලෙස සිටියා. දැන්
ඔවුන් තමෝප්‍රධාන් බවට පත්ව සිටිනවා. දෙදෙනාම මෙහිදී උත්සාහ දැරිය යුතුයි.
සන්යාසින්ලාට ඔබට මෙම දැනුම දිය නොහැකියි. අපට වඩා ඔවුන්ගේ හුදෙකලා මාර්ගයේ ආගම
බොහෝ වෙනස්. මෙහි පරමාත්ම දෙවියන් පිරිමි හා ගැහැණු යන දෙගොල්ලටම උගන්වනවා. ඔහු
දෙදෙනාටම කියනවා : ඔබ ශුද්‍ර බවින් බ්‍රහ්මින් බවට වෙනස් වී පසුව ලක්ෂ්මී හා නාරායන
බවට පත් වන්න. හැමෝම එසේ වන්නේ නැහැ. එහි ලක්ෂ්මී හා නාරයනගේ පරම්පරා තියෙනවා.
ඔවුන් ඔවුන්ගේ රාජ්‍යය දිනා ගන්නේ කෙසේද ? කිසි කෙනෙකු මෙය දන්නේ නැහැ. ඔවුන්ගේ
රාජ්‍යය තිබුණේ ස්වර්ණමය යුගයේ. මිනිසුන් මෙය වටහා ගත්තත් ස්වර්ණමය යුගයේ කාලය
අවුරුදු සිය දහස් ගණනක් වෙන බව කියැවෙනවා; ඉතින්, එය අඥානයයි. බාබා කියනවා : මේ
ලෝකය කටු වනාන්තරයක්, ඒ ලෝකය මල් උයනක්. මෙහි පැමිණීමට පෙර ඔබත් යක්ෂයන් වගේයි;
දැන් ඔබ යක්ෂ බවින් දේවී දේවතාවන් බවට පත් වෙනවා. ඔබව මේ තත්ත්වයට පත් කරවන්නේ
කවුද? අසීමිත පියා. දේව රාජ්‍යය තිබෙන කල වෙන කිසිවෙකු එහි නැහැ. ඔබට පමණයි මෙය
අවබෝධ කර ගත හැක්කේ. මේ දේවල් තේරුම් කර ගත නොහැකි අය අපිරිසිඳු අය ලෙස හඳුන්වනවා.
යම් කෙනෙක් මේ බ්‍රහ්ම කුමර සහ කුමාරියන්ගේ සමූහයට පැමිණ යම් යක්ෂ ක්‍රියාවක් කළ
හොත් ඔහු ඔහුම විනාශය කරා ගෙන යනවා මෙන්ම ඔහුගේ බුද්ධිය ගල් බුද්ධියක් බවට පත්
වෙනවා. ඔවුන් සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් නාරයන බවට පත්වන රත්රන් බුද්ධියක් ඇති අය
නොවෙයි. ඔවුන්ට මේ පිළිබද සාක්ෂි ලැබෙනවා. ඔවුන් සේවකයන් ලෙස තුන්වන පන්තිය ලබනවා.
දැන් පවා රජවරුන්ට සේවක සේවිකාවන් සිටිනවා. එවිට සිහිපත් වන්නේ සමහරුන්ගේ ධනය පොළව
යට වැළලී ගියේය... ගිණි අවුළුවන බෝම්බ සහ විෂ වායු බෝම්බ ද ඇත. මරණය අනිවාර්යෙන්ම
පැමිණිය යුතුයි. විනාශය සඳහා අවශ්‍ය දේවල් සුදානම් වීමට මිනිසුන් හෝ ආයුධ අවශ්‍ය
වන්නේ නැහැ. එක් තැනකට වී ඔවුන් කෙලින්ම යැවිය හැකි බෝම්බ සෑදීමෙන් විෂ වායුත්
ඉක්මණින් මුදා හැර සියලු දේ කරනවා. බිලියන ගණන් මිනිස්සු විනාශ වෙලා යනවා. මේක සුළු
පටු දෙයක් නොවෙයි. සත් යුගයේ ඉන්නේ ඉතාම ටික දෙනයි. ජීවාත්මයන් වාසය කරන නිහඬ දේශයේ
ජීවාත්ම ගොස් නවාතැන් ගන්නවා. ස්වර්ණමය යුගයේ දිව්‍යලෝකයත් යකඩ යුගයේ අපායත්
තියෙනවා. මේ චක්‍රය නිරන්තරයෙන් කැරකෙනවා. මිනිසුන් අපිරිසිඳු වූ විට එය දුක් ලෝකය
වෙනවා. පසුව පරමාත්ම පියා පැමිණ ඔබව සතුටු දේශයට ගෙන යනවා. උත්තරීතර පියා, උත්තරීතර
ජීවාත්මය සැමටම ගැලවීම ලබා දෙනවා එමනිසා, එහිදී සතුට තිබිය යුතුයි. මිනිස්සු බයයි,
නමුත් ඔවුන් තේරුම් ගන්නේ නැහැ මරණය මඟින් ඔවුන් ගැලවීම ලබන බව. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මල් උයනට
යාම සඳහා රාගය හා තරහව නැමැති කටු ඔබ තුළින් ඉවත් කරන්න. ඔබටම විනාශකාරී වන එවන්
ක්‍රියා නොකරන්න.
2. සත්‍ය දේශයේ
පාලකයකු වීමට සත්‍ය නාරායනගේ කථාව අසා අන් අයටද කියන්න. මේ අසත්යවාදී දේශයෙන් ඉවත්
වන්න.
වරදානය:
ඔබ ආලෝකය
පදනම් කරගෙන මේ ඥානයේ සහ යෝගාවේ බලයන් අත්හදා බලමින් අත්හදා බලන ජීවාත්මයක් වේවා.
විද්‍යාවේ බොහෝ
ප්‍රායෝගික අත්හදා බැලීම් ස්වභාව ධර්මයේ ආලෝකයෙන් පෙන්වනවා සේම, ඔබට මෙම ඥානයේ සහ
යෝගාවේ බලයන්ගෙන් පරමාත්ම දෙවියන්ගේ අවිනාශී ආලෝකය, ජීවාත්ම අවධානයේ ආලෝකය සහ ඔබේ
ප්‍රායෝගික ස්ථිතියේ ආලෝකය සමඟ අත්හදා බැලිය හැකිය. ඔබේ ස්ථිතිය සහ ස්වරූපය ද්විත්ව
ආලෝකයෙන් යුතු නම්, එවිට ඔබේ අත්හදා බැලීම් ඉතා පහසුවෙන් සාර්ථක වනු ඇත. ඔබ සෑම
කෙනෙකුම ඔබම අත්හදා බැලීමට පටන් ගන්නා විට, අත්හදා බැලීම් කරන ජීවාත්මයන්ගේ බලවත්
සමූහයක් නිර්මාණය වනු ඇත.
පාඨය:
බාධකවල සියලු
අංශුමාත්රයම සහ පරම්පරාවම අවසන් කරන අය බාධක විනාශ කරන්නෝ වෙති.