12.09.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ ඉගෙනුමේ සෑම දෙයක්ම රඳා පවතින්නේ යෝගා මතයි. ඔය ජීවාත්මයන් පාරිශුද්ධ
වන්නේ සහ ඔබගේ පාපයන් දුරුවන්නේ යෝගා තුළින්ය.
ප්‍රශ්නය:
සමහර දරුවන්
පරම පියාට අයත් වී, ඉන්පසු ඔහුගේ සුරත අත්හරියි. මෙයට හේතුව කුමක්ද?
පිළිතුර:
සමහර දරුවන් වසර 8 ක්, 10 ක් පමණ පරම පියාට අයත් වීමෙන් පසුවත්, පියාව අත්හැර දමා
ගොස්, ඔහුගේ සුරත අත්හරී. මෙයට හේතුව ඔවුන් සම්පූර්ණ වශයෙන්ම පරම පියාව නොහඳුනන
බැවින් සහ විශ්වාසනීය බුද්ධියක් නොමැති කමින්ය. ඔවුන්ගේ තත්ත්වය විනාශ වෙයි.
දරුවන්ට සාපරාදී නෙතක් ඇතිවිට, මායාගෙන් ග්‍රහ දෝෂ ඇති වී, ඔවුන්ගේ තත්ත්වය චංචල
වී, ඉන්පසු ඔවුන් ඉගෙනගැනීම නවත්වයි.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. ඔබ සෑම කෙනෙක්ම අසීමිත පියාගේ ආධ්‍යාත්මික
දරුවන් බව ඔබට දැන් වැටහෙයි. ඔබ ඔවුන්ට බාප්දාදා යැයි කියයි. ඔබලා ආධ්‍යාත්මික
දරුවන් වන සේම, මොහුද (බ්‍රහ්මා) ශිව් බාබාගේ ආධ්‍යාත්මික දරුවෙකි. ශිව් බාබාට
අනිවාර්යෙන්ම රථයක් අවශ්‍යයි. එබැවින් ඔය ජීවාත්මයන්ට ක්‍රියාවන් කිරීම සඳහා
ඉන්ද්‍රියන් ලැබී ඇති සේම, ඒ හා සමානව ශිව් බාබා මෙම රථය ගෙන ඇත. මෙය, කර්මයන් සිදු
කළ යුතු කර්ම ක‍්ෂේත්‍රයයි. එය ජීවාත්ම වාසය කරන නිවහනයි. නාටකයක් රඟ නොදැක්වෙන,
ඔබගේ නිවහන, සාම දේශය බව ඔය ජීවාත්මයන් දනී. එහි ආලෝකය ආදිය නොමැත එහි ජීවාත්මයන්
පමණක් වාසය කරයි. ඔවුන්ගේ චරිත කොටස රඟපාන්නට ඔවුන් මෙහි පැමිණෙයි. මෙය අසීමිත
නාටකයක් බව ඔබගේ බුද්ධියේ ඇත. සියලුම නළුවන්, මුල සිට මැද හරහා අවසානය දක්වා, රඟපාන
සෑම ජවනිකාවක්ම, ඔය දරුවන්ගේ උත්සාහයන් වලට අනුරූපීව, අංක පිළිවෙලට ඔය දරුවන් දනී.
ඔබට මේ විස්තරය කරන්නේ පැවිද්දෙක් හෝ තාපසයෙක් නොවේ. ඔය දරුවන් මෙතැන අසුන් ගෙන
සිටින්නේ අසීමිත පියා සමඟයි. අප දැන් ආපසු නිවහනට යා යුතුයි. ජීවාත්මය අනිවාර්යෙන්ම
පාරිශුද්ධ විය යුතුයි. ශරීරයද මෙහි දී පාරිශුද්ධත්වයට පත් වනවා නොවෙයි. නැත.
ජීවාත්මය පාරිශුද්ධත්වයට පත්වෙයි. ශරීරය පිවිතුරු වන්නේ පංච මහා භූතයන් සතෝප්‍රධාන්
වූ පසුයි. ඔය ජීවාත්මයන් දැන් පාරිශුද්ධත්වයට පත්වීමට උත්සාහ ගනිමින් සිටියි.
එහිදී, ජීවාත්මය සහ ශරීරය යන දෙකම පිවිතුරුයි. මෙහි එසේ විය නොහැක. ඔය ජීවාත්මයන්
පාරිශුද්ධ වූ විට, ඔබ ඔබගේ පැරණි ශරීරය අත්හරීයි. ඉන්පසු නව පංචමහා භූතයන්ගෙන්
අළුත් ශරීරයක් නිර්මාණය කෙරෙයි. ජීවාත්මයක් වන ඔබ, අසීමිත පියාව සිහිපත් කරනවාද
නැද්ද කියා ඔබ දනී. ඔබ සෑම කෙනෙක්ම තමන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය මෙයයි. මෙම ඉගෙනුමේ
සෑම දෙයක්ම රඳා පවතින්නේ යෝගා මතය. ඉගෙනුම ඉතාමත් පහසුයි. චක්‍රය බ්‍රමණය වන අන්දම
ඔබට දැන් වැටහෙයි. ප්‍රධානතම දේ වන්නේ සිහිපත් කිරීමේ වන්දනා ගමනයි. මෙම සිහිපත්
කිරීම අභ්‍යන්තරයි, අදෘශ්‍යමානයි. එය දැක ගත නොහැක. කෙනෙක් අඩුවෙන් සිහිපත් කිරිමේ
සිටියිද, වැඩිපුර සිටියිද කියා බාබාට කිව නොහැක. ඔව්, ඥානය සඳහා, කෙනෙක් එම විෂයෙහි
බොහෝ දක‍්ෂ බව කිව හැක. සිහිපත් කිරීම පිළිබඳව කිසිවක් නොපෙනෙයි. ඥානය මුවින් කතා
කරයි. සිහිපත් කිරීම ජප කළ නොහැකි මන්ත්‍රයයි. ’ජප‘ යන වචනය භක්ති මාර්ගයට අයත්
එකකි. ජප, යනු යම් කෙනෙකුගේ නම ජප කිරීමයි. මෙහිදී, ඔය ජීවාත්මයන් ඔබගේ පරම පියාව
සිහිපත් කළ යුතුයි. ඔබ දිගින් දිගටම ඔබගේ පරම පියාව සිහිපත් කිරීමෙන් සහ දිගින්
දිගටම පාරිශුද්ධත්වයට පත්වීමෙන්, විමුක්තියේ සහ සාමයේ දේශයට ලඟා වන බව ඔබ දනී. ඔබ
නාටකයෙන් විමුක්තිය ලබනවා නොවේ. විමුක්තිය යනු දුකින් විමුක්තිය ලබා ගැනීමයි. ඔබ
සාමයේ දේශයට ගොස් ඉන්පසු සතුටේ දේශයට යයි. පාරිශුද්ධත්වයට පත්වන්නන් සතුට භුක්ති
විඳීයි. අපවිත්‍ර ජීවයන් ඔවුන්ට සේවය කරයි. පාරිශුද්ධත්වයට පත්වන්නන් ප්‍රශංසාවට
ලක් වෙයි. උත්සාහය අවශ්‍ය වන්නේ මෙයටයි. ඇස් ඔබව බොහෝ සේ මුලා කරනා අතර ඔබ වැටෙයි.
සෑම කෙනෙක්ම චංචල විය යුතුයි. සෑම කෙනෙක්ම ග්‍රහ දෝෂ අත්විඳීයි. දරුවන්ට විස්තර කළ
හැකි බව බාබා කීවත්, ඔහු මෙසේද කියයි මව් ගුරුන් අවශ්‍යයි. මන්ද, මෙකළ මව් ගුරුන්ගේ
ක්‍රමයක් තිබේ. පෙර කළ, එය පියවරුන් විය. දැන් පළමුව කළය දෙනු ලබන්නේ මව්වරුන්ටයි.
වැඩි දෙනෙක් මව්වරුන්ය. කුමාරිවරුන් පාරිශුද්ධත්වය සඳහා රාඛි බඳියි. පරමාත්ම
දෙවියන් පවසන්නේ විශාලතම සතුරා රාගයයි. එය පරාජය කරන්න! රක‍්ෂා බන්දන්
පාරිශුද්ධත්වය සඳහා උත්සවයයි. එම මිනිසුන් රාඛියක් බඳින නමුත් ඔවුන් පාරිශුද්ධ
වන්නේ නැත. එම රාඛීන් සියල්ලම කෘත්‍රිමයි. ඉන් එකක්වත් ඔබව පාරිශුද්ධත්වයට පත්
කරවන්නේ නැත. ඒ සඳහා ඔබට ඥානය අවශ්‍යයි. ඔබ දැන් රාඛියක් බඳියි. ඔබ එහි තේරුම
විස්තර කර දී, ඔවුන් ලවා පොරොන්දුවක් ගනී. සික්වරුන් ඔවුන්ගේ සළකුණ වශයෙන් වානේ
වළල්ලක් පළඳියි, නමුත් ඔවුන් ද පාරිශුද්ධ වන්නේ නැත. අපවිත්‍ර අය පාරිශුද්ධත්වයට
පමුණුවන්නා, සහ සැමටම විමුක්තිය ලබා දෙන්නා එක් කෙනාම පමණයි. ඔහු ශාරීරික අයෙකු
නොවෙයි. ගංඟා නදියේ ජලය මෙම දැස් වලින් දැක ගත හැක. විමුක්තිය ලබා දෙන්නා වන පරම
පියා, මෙම දැස් වලට නොපෙනෙයි. ජීවාත්මයක් කුමක්දැයි කිසිවෙකුට නොපෙනෙයි. සෑම
ශරීරයක් තුළම ජීවාත්මයක් තිබේ යැයි කියන මුත් කිසි කෙනෙක් එය දැක තිබේද? ඔවුන්
’නැත‘ කියයි. නමක් තිබෙන සෑම දෙයක්ම අනිවාර්යෙන්ම පෙනෙයි. ජීවාත්මයට ද නමක් තිබේ.
නළල මධ්‍යයේ විසිතුරු තාරකාවක් බැබලේ යැයි කියයි. කෙසේවෙතත්, එය නොපෙනේ. ඔවුන්
උත්තරීතර ජීවය සිහිපත් කරයි, එහෙත් ඔහු නොපෙනෙයි. ලක‍්ෂ්මි සහ නාරායන මෙම දැස්
වලින් දැකිය හැක. මිනිසුන් ලිංගමයකට වන්දනාමාන කළද, එය නිවැරදි නොවේ. ඔවුන්ට එය
පෙනෙන මුත්, ඔවුන් උත්තරීතර ජීවාත්මය යනු කවුරුන්ද කියා නොදනී. ජීවාත්මයන් ඉතා කුඩා
තිත්ය. ඒවා නොපෙනේ. ජීවාත්මයක් නොපෙනෙන අතර උත්තරීතර ජීවාත්මයද නොපෙනෙයි, නමුත්
ඔවුන්ව වටහා ගත හැක. ඔබගේ බාබා මෙම කෙනා තුළට ඇතුළු වී ඇති බව ඔබට දැන් වැටහෙයි.
මෙම ජීවාත්මයට තමන්ගේම ශරීරයක් ඇති අතර ඉන්පසු උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය
පවසන්නේ මම මෙම කෙනාගේ රථය තුළ සිටින්නෙමි. මේ නිසයි ඔබ අපට බාප්දාදා යැයි කියන්නේ.
ඔබගේ දැස් වලින් ඔබට දාදා පෙනෙන මුත්, ඔබට පරම පියා නොපෙනේ. බාබා ඥානයේ සාගරය වන
බවත්, මෙම ශරීරය තුළින් ඔබට ඥානය ලබා දෙන බවත් ඔබ දන්නවා. ඔහු ඥානයේ සාගරය සහ
පාරිශුද්ධත්වයට පමුණුවන්නායි. එසේ නැත්නම් අශාරීරික කෙනා ඔබට මාර්ගය පෙන්වන්නේ
කෙසේද? සිතිවිලි මාර්ගයෙන් කිසි දෙයක් සිදුවන්නේ නැත. පරමාත්ම දෙවියන් පැමිණෙන බව
කිසි කෙනෙක් නොදනී. මිනිසුන් ශිවාගේ උපන් දිනයද සමරයි. එබැවින් ඔහු අනිවාර්යෙන්ම
මෙහි පැමිණෙන්නට ඇති. ඔහු ඔබට දැන් උගන්වන බව ඔබ දන්නවා. බාබා මෙම කෙනා තුළට ඇතුළු
වී ඔබට උගන්වයි. පරම පියාව මුළුමනින්ම හඳුනා නොගන්න නිසා, සහ විශ්වාසනීය බුද්ධි
නොමැතිකම නිසා, සමහරුන් වසර අටකට හෝ දහයකට පසුවත් පියාව අතහැර යයි. මායා ඔවුන්ව
මුළුමනින්ම අන්ධ කරයි. ඔබ පරම පියාට අයත් වීමෙන් පසු, ඔහුව අත්හළ විට ඔබගේ තත්ත්වය
විනාශ වෙයි. ඔය දරුවන්ට දැන් පරම පියාගේ හැඳින්වීම ලැබී ඇත. එබැවින් ඔබ එය අන් අයට
දිය යුතුයි. සෘෂිවරු සහ මුනිවරු ’නැත, නැත‘ (මෙයත් නොවෙයි එයත් නොවෙයි) යැයි
කියමින් සිටියේය. පෙර කළ ඔබද දැන සිටියේ නැත. ඔබ දැන් ඔහු පිළිබඳ සෑම දෙයක්ම දන්නා
බවත්, ඔබ ඒ නිසා පරමාත්ම දෙවියන් හඳුනන කෙනෙක් බව කියයි. ඔබ ලෝක චක්‍රය බ්‍රමණය වන
ආකාරයද දනී. මුළු ලොව මෙන් ඔබත්, මෙය ඉගෙන ගැනීමට පෙර, පරමාත්ම දෙවියන් නොහඳුනන අය
වූහ. දැන් ඔබට පරම පියා විස්තර කර දි ඇති බැවින්, ඔබ පවසන්නේ උත්තරීතර පියා,
උත්තරීතර ජීවය, ඔබට විස්තර කර දී, ඔබව පරමාත්ම දෙවියන් හඳුනන අය බවට පත් කොට ඇති
බවයි. අප නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද හෝ අවසානය දැන සිටියේ නැත. පරම පියා
නිර්මාණකරුයි. ඔහු පැරණි ලොව විනාශ කර, නව ලොව ස්ථාපනය කිරීම සඳහා, සංගම් යුගයේ
පැමිණෙයි. පැරණි ලොව විනාශ කිරීම සඳහා මෙම මහාභාරත යුද්ධය තිබේ. මේ සඳහා එම කාලයේදී
ක්‍රිෂ්ණා විසූ බව ඔවුන් විශ්වාස කරති. පැමිණුනේ, අශාරීරික පියා බව ඔබට දැන්
වැටහෙයි. ඔහු නොපෙනෙයි. ක්‍රිෂ්ණාගේ පිංතූරය තිබේ ඔහු දැකිය හැක. ශිවා නොපෙනෙයි.
ක්‍රිෂ්ණා ස්වර්ණම යුගයේ කුමාරයෙක් විය. ඔහුට නැවතත් එම මුහුණුවරම තිබිය නොහැක.
ක්‍රිෂ්ණා පැමිණියේ කෙසේද, කවදාද කියා කිසි කෙනෙක් නොදනී. ඔවුන් කාන්ස් (රාක‍්ෂකයා)
ගේ සිර භාරයේ ක්‍රිෂ්ණාව පෙන්වයි. කාන්ස්, ස්වර්ණමය යුගයේ වාසය කළාද? එය හැකි වන්නේ
කෙසේද? කාන්ස් රාක‍්ෂකයෙක්ය. මෙකළ මුළු ලොවම රාක‍්ෂක ජන කොටිඨාශයයි ඔවුන් දිගින්
දිගටම එකිනෙකා මරා දමයි. දිව්‍යමය ලොව තිබූණු බව ඔවුන්ට අමතක වී ඇත. පරමාත්ම
දෙවියන්ගේ දිව්‍යමය ලොව, දෙවියන් ස්ථාපනය කළේය. ඔබ උත්සාහ කරන තරමට අනුරූපීව, අංක
පිළිවෙලට, මෙය ඔබගේ බුද්ධියෙහි ඇත. වර්තමානයේ ඔබ පරමාත්ම දෙවියන්ගේ පවුලට අයත් වන
අතර, ඉන්පසු එහිදී ඔබ දේවි දේවතා පවුලට යයි. මෙම කාලයේදී, පරමාත්ම දෙවියන්, ඔබව,
දිව්‍ය ලෝකයයේ දෙවි දේවතාවන් වීමට සුදුසු අය බවට, පත් කරවමින් සිටියි. පරම පියා ඔබට
උගන්වයි. මෙම සංගම් යුගය කිසිවෙකු නොදනී. මෙම වඩාත්ම උසස් වූ සංගම් යුගය, කිසිම
ආගමික ග්‍රන්ථයක සඳහන් වන්නේ නැත. වඩාත් උසස් සංගම් යුගය යනු, මනුෂ්‍යයින්,
ශ්‍රේෂ්ඨ ජීවීන් බවට පත්වන කාලයයි. ස්වර්ණමය යුගයට කියන්නේ, වඩාත්ම උසස් යුගය
කියායි. මෙකළ, මනුෂ්‍ය ජීවීන් උසස් නැත. මෙම ලෝකයට කියන්නේ පහත්ම, තමෝප්‍රධාන් ලෝකය
කියායි. ඔය බ්‍රහ්මිණ්වරුන් හැරුණු කොට, අන් කිසිවෙකුට මෙම දේවල් වටහා ගත නොහැක.
පරම පියා පවසන්නේ මෙය රාක‍්ෂකයන්ගේ දූෂිත ලෝකයයි. මෙවැනි වාතාවරණයක් ස්වර්ණමය යුගයේ
නොතිබෙයි. එය ශ්‍රේෂ්ඨ ලෝකය වූයේය. ඔවුන්ගේ පිංතූර පවතී. ඇත්ත වශයෙන්ම ඔවුන්,
ශ්‍රේෂ්ඨ ලොවට අධිපතියන් විය. භාරතයේ විසූ එම රජවරුන් වන්දනාමානයට පාත්‍ර වෙති.
ඔවුන් පාරිශුද්ධ, වන්දනාමානයට සුදුසු අය වූ නමුත්, දැන් වන්දනාකරුවන් බවට පත්වී ඇත.
වන්දනාකරුවන් භක්ති මාර්ගයේ සිටින අතර, වන්දනාමානයට සුදුසු අය ඥාන මාර්ගයේ ඇත.
වන්දනාමානයට සුදුසු අය, වන්දනාකරුවන් වන අන්දමත්, වන්දනාකරුවන්, වන්දනාමානයට සුදුසු
අය වන අන්දමත් ඔබට දැන් වැටහෙයි. මෙලොව වන්දනාමානයට සුදුසු එකදු කෙනෙක් වත් සිටිය
නොහැක. වන්දනාමානයට සුදුසු විය හැක්කේ, උත්තරීතර පියා, උත්තරීතර ජීවය සහ දෙවි
දෙවතාවරුන් පමණයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවය, සෑම කෙනෙක් විසින්ම වන්දනා කිරීමට
සුදුසුය. සෑම ආගමකම අය ඔහුට වන්දනා කරයි. එවැනි පියෙකු ගේ උපත මෙහි සිහිපත් කරයි.
ශිවාගේ උපන් දිනය ඇතත්, ඔහු භාරතයේ ඉපදෙන බව මිනිසුන් නොදනී. මේ දිනවල, ශිවාගේ උපන්
දිනයට නිවාඩුවක්වත් නැත. උපන්දිනය සැමරුවත් නැතත්, එය ඔබට අයත් දෙයක්, එහෙත් එය
අනුමත වු නිවාඩු දිනයක් නොවේ. ශිව් ජයන්තිය පිළිබඳ විශ්වාස නොකරන අය වැඩට යයි. බොහෝ
ආගම් තිබේ. එවැනි දේවල් ස්වර්ණමය යුගයේ නොමැත. එහෙ, මෙවැනි වාතාවරණයක් නොමැත.
ස්වර්ණමය යුගය එක් ආගමක් පමණක් ඇති නව ලෝකයයි. චන්ද්‍ර වංශික රාජධානිය ඉන්පසුව
පැමිණෙයි, යන අවධානය ඔවුන්ට නොමැත. මෙහි, මේ මේ කෙනා අතීතයේ විසූ බවත්, ඔබ ස්වර්ණමය
යුගයට යන බවත් ඔබ දන්නවා. එහිදී, ඔබ කුමන අතිතයක්ද සිහිපත් කරන්නේ? ස්වර්ණමය
යුගයේදී අතීතය වන්නේ කලි යුගයයි. එහි ඉතිහාසය සහ භූගෝලයට සවන් දීමේ ඇති ඵලය කුමක්ද?
ඔබ දන්නවා ඔබ මෙතැන අසුන්ගෙන සිටින්නේ බාබා සමඟ බව. බාබා ගුරුවරයා මෙන්ම, සත්ගුරුද
වෙයි. පරම පියා පැමිණ සිටින්නේ සැමටම විමුක්තිය ලබා දීමටය. ඔහු අනිවාර්යෙන්ම සියලුම
ජීවාත්මයන් ඔහුත් සමඟ ආපසු රැගෙන යයි. මිනිසුන්, සෑම දෙයක්ම අළු බවට පත් වීමට යන
බව, ශරීර අවධානයෙන් කියයි. ජීවාත්මයන් පිට වන අතර, මැටි වලින් සාදන ලද පැරණි සිරුරු
ඉන්පසු විනාශ වන බව ඔවුන්ට නොවැටහෙයි. ජීවාත්මයක් වන මම, ශරීරයක් අත්හැර තව එකක්
ගන්නෙමි. මෙය මෙම ලෝකයේ මාගේ අවසාන උත්පත්තියයි. සෑම කෙනෙක්ම අපවිත්‍රයි. කිසි
කෙනෙකුට සදාකාලිකවම පාරිශුද්ධව සිටිය නොහැක සතෝප්‍රධාන්, සතෝ, රජෝ සහ තමෝ යන අවස්ථා
අනිවාර්යෙන්ම තිබේ. ඒ මිනිසුන් කියන්නේ, සැවොම දෙවියන්ගේ ස්වරූප බවත්, දෙවියන්
ඔහුගේ ස්වරූප රාශියක් නිර්මාණය කළේ ඔහුගේ විනෝදයට බවත් ය. කිසි දෙයක ගිණුම ඔවුන්ට
නොවැටහෙන අතර, විනෝදමත් කරන්නාවද ඔවුන් නොදනී. පරම පියා මෙතැන අසුන්ගෙන ඔබට ලෝක
ඉතිහාසය සහ භූගෝලය විස්තර කර දෙයි. නාටකයක, සෑම කෙනෙකුගේම චරිත කොටස වෙනස්ය. සෑම
කෙනෙකුගේම තත්ත්වය වෙනස්ය. කෙනෙකුට කුමන තත්ත්වයක් තිබුණත්, එයට ප්‍රශංසා කරයි. පරම
පියා මේ සෑම දෙයක්ම සංගම් යුගයේදී විස්තර කර දෙයි. ස්වර්ණමය යුගයේදී, රඟ
දැක්වෙන්නේ, ස්වර්ණමය යුගයේ කොටසයි. මෙම දේවල් එහි නොපවතී. ලෝක චක්‍රය පිළිබඳ ඥානය
ඔබගේ බුද්ධිය තුළ බ්‍රමණය වන්නේ මෙහිදීය. ඔබගේ නම ස්වදර්ශන චක්‍රධාරීය. ලක‍්ෂ්මි සහ
නාරායනට ස්වදර්ශන චක්‍රය නොදෙයි. චක්‍රය අයත් වන්නේ මෙම කාලයටයි. අශාරීරික ලොවෙහි
වෙසෙන්නේ ජීවාත්මයන් පමණයි. සූක‍්ෂම දේශයේ කිසිම දෙයක් නොමැත. සත්වයින් සහ
මනුෂ්‍යයින් සැවොම වෙසෙන්නේ මෙහිය. ඔවුන් මොණරු ආදිය ස්වර්ණමය යුගයේ පෙන්වයි. එහි
මොණරෙකුගේ පිහාටු ගලවා, පළඳින්නේ නැත. මොණරුන්ට එහිදී කිසිම වේදනාවක් දෙන්නේ නැත.
මොණරෙකුගෙන් වැටුණු පිහාටු වත්, අහුලාගෙන ඔවුන් ගේ කිරුළෙහි පළඳින්නේ නැත. ඒවා
කිරුළේ පෙන්වා ඇත්තේ අසත්‍ය ලෙසටයි. එහි සෑම දෙයක්ම අලංකාරයි. අපවිත්‍ර කිසිම දෙයක
නාමයක් හෝ සළකුණක් වත් නොමැත. දුටු විට, අප්‍රියතාවයක් ඇතිවන කිසිම දෙයක් එහි
නොමැත. මෙහි, ඔබට අප්‍රියතාවයන් ඇති වෙයි, එසේ නොවේද? එහි, සතුන් වුවද වේදනාවන්
නොවිඳියි. ස්වර්ණමය යුගය පළමුවන පංතියයි එහි නාමය දිව්‍ය ලෝකයයි, අළුත් ලොවයි. මෙහේ
පැරණි ලොවේ, වැසි සමයේ ගොඩනැගිලි පවා කඩා වැටී මිනිසුන් මිය යති. භූමි කම්පා ඇති වන
විට, සෑම දෙනාම පොළව යට වැළලී මිය යයි. ස්වර්ණමය යුගයේ ඉතා සුළු ජනගහණයක් පමණක්
සිටියි, ඉන්පසු ඔවුන්ගේ සංඛ්‍යාව වැඩිවෙයි. පළමුව සූර්ය වංශික පෙළපත තිබෙයි. ලෝකය
25% ක් පැරණි වූ විට එයට චන්ද්‍ර වංශය යැයි කියයි. ස්වර්ණමය යුගය වසර 1250 ක් පවතී,
එය 100% ක් අළුත් ලොවකි. දෙවි දේවතාවන් එහි පාලනය කරයි. ඔබලාගෙන් බොහෝ දෙනෙකුට මේ
දේවල් අමතක වෙයි. රාජධානිය ස්ථාපනය කළ යුතුව ඇත. ඔබගේ හදවත දුර්වල නොවිය යුතුයි. එය
උත්සාහ දැරීමේ කාරණාවකි. පරම පියා සෑම දරුවෙකුටම එක හා සමානව, උත්සාහ දැරීමට
දිරිගන්වයි. ඔබ, මහ පොළව මත දිව්‍ය ලෝකය ස්ථාපනය කරන්නේ ඔබලාටමයි. ඔබ කවුරු වෙයිද
කියා බලාගැනීමට තමන්වම පරික‍්ෂා කරන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙම වඩාත්ම
ශ්‍රේෂ්ඨ සංගම් යුගයේදී, දෙව්ලොව දේවි දේවතාවන් වීමේ ඉගෙනුම ඉගෙනගෙන, තමන්ව
සුදුස්සෙකු බවට පත් කර ගන්න. තමන්ගේ උත්සාහයන්ගෙන් අධෛර්යමත් නොවන්න.
2. මෙම අසීමිත නාටකයේ
සෑම නළුවෙකුටම, තමන්ගේම තනි චරිත කොටසක් සහ තත්ත්වයක් තිබේ. සෑම කෙනෙක්ම තමන්ගේ
තත්ත්වය අනුව ගෞරව ලබයි. මේ සෑම රහසක්ම වටහා ගෙන, ලෝක ඉතිහාසය සහ භූගෝලය මතගා,
ස්වදර්ශන චක්‍රය බ්‍රමණය කරන්න.
වරදානය:
ඔබ පරමාත්ම
පියාගේ සෑම උසස් උපදෙසක්ම(ශ්‍රීමත්) හොදින් පිළිපදින, සැබවින්ම සෙනෙහෙබර, ආදරණීය
ජීවාත්මයක් වේවා.
එකම එක පරමාත්ම පියා
කෙරෙහි මෙම සෙනෙහසේ නිරන්තරයෙන් ගැලී සිටින දරුවන්, පරමාත්ම පියා විසින් පවසන සෑම
වචනයකටම ආදරය කරන අතර ඔවුන්ගේ ප්‍රශ්න අවසන් වේ. බ්‍රහ්මණ උපතේ පදනම සෙනෙහසයි.
සෙනෙහසින් යුත්, ආදරණීය ජීවාත්මයන් පරමාත්ම පියාගේ ශ්‍රීමත් පිළිපැදීමේ දී කිසිදු
දුෂ්කරතාවයක් අත්විඳිය යුතු නැත. ඔවුන්ගේ සෙනෙහස නිසා, බාබා පවසන ඕනෑම දෙයක් සඳහා
ඔවුන්ට නිරන්තරයෙන් උද්යෝගයක් ඇත. ඔවුන් සිතන්නේ එය ඔවුන්ට පෞද්ගලික බවත් ඔවුන් එය
කළ යුතු බවත්ය. ආදරණීය ජිවාත්මයන්ට විශාල හදවත් ඇති අතර, එබැවින්, ඔවුන්ට, සෑම
විශාල දෙයක්ම කුඩා බවට පත්වේ.
පාඨය:
ඕනෑම දෙයක්
කෙරෙහි සංවේදී හැඟීමක් තිබීම අසාර්ථකත්වයේ ලකුණකි.
අව්‍යක්ත සංඥාව: දැන්
සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.
ගිණිකඳු මනෝ ස්ථිතිය
අත්විඳීමට නම්, ඔබේ ස්මරණ ගින්න නිරන්තරයෙන් දල්වා තබා ගන්න. මෙය කිරීමට පහසු
ක්‍රමය නම් ඔබ රථය පදවන්නා සහ නොබැදි නිරීක්ෂකයෙකු ලෙස නිරන්තරයෙන් සැලකීමයි. ඔබ,
ජීවාත්මය, ඔබේ රථයේ, රථය පදවන්නා වේ. මෙම අවධානය ඔබව ඔබේ ශරීරයෙන් සහ ඕනෑම ආකාරයක
ශරීර අවධානයෙන් නොබැදි කරවනවා ඇත. ඔබ රථය පදවන්නා ලෙස සැලකීමෙන්, ඔබට ඔබේ සියලු
භෞතික අවයව පාලනය කළ හැකිය. ඔබේ මනස, බුද්ධිය සහ සංස්කාර යන සූක්ෂම බල පවා පිළිවෙලට
පවතී.