12.09.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙය දැන් රාවණගේ රාජධානියයි. පැරණි ලෝකය අවසන් වන අතර නව ලෝකය පැමිණෙනවා.
එබැවින්, ශ්‍රීමත් පිළිපැද, පිවිතුරු වන්න, එවිට ඔබ ශ්‍රේෂ්ඨ දේවතාවන් බවට පත්
වෙයි.
ප්‍රශ්නය:
පියා ඔහුගේ
දරුවන් වන ඔබට පවසන, සත්‍ය නාරායනගේ කතා පුවතේ වැදගත්කම කුමක්ද?
පිළිතුර:
එම කතා පුවතේ වැදගත්කම වන්නේ, රාජධානිය හිමි කරගැනීම සහ අහිමි කරගැනීමයි. ප්‍රථමයාට
අල්ලා හමු වූ අතර එබැවින් ඔහු ’බූරුකම‘ අතහැරියා. ලෝකයේ අධිපති වූ කෙනා, උපත් 84ක්
ගෙන, රාජධානිය අහිමි කරගත්තා. ඉන්පසුව පියා පැමිණ, ඔහුට නැවත වරක් එම රාජධානිය ලබා
දුන්නා. අපවිත්‍ර බවින් පිවිතුරු වී, ’බූරුකම‘ අත්හැර, රාජධානිය හිමි කරගැනීම, ඔබට
පියා පවසන, සත්‍ය නාරායනගේ සත්‍ය කතාපුවතයි.
ගීතය:
අප මග බලාසිටි
දිනය, අවසානයේ ඇවිත්.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා ‘ඕම් ශාන්ති’හි අරුත පහදා දී තිබේ. ඕම් යනු මම ජීවාත්මයක් වන අතර මෙය මගේ
සිරුරයි. ජීවාත්මය නොපෙනෙයි. ඔබ ජීවාත්මයක් බවත්, මෙය ඔබගේ සිරුර බවත් ඔබ වටහාගනී.
මනස සහ බුද්ධිය තිබෙන්නේ ජීවාත්මය තුළයි බුද්ධිය තිබෙන්නේ සිරුරේ නොවෙයි. හොඳ සහ
නරක සංස්කාර තිබෙන්නේ ජීවාත්මය තුළයි. ප්‍රධානතම දෙය, ජීවාත්මයයි. කිසිවෙකුට ජීවය
නොපෙනෙයි. ජීවාත්මයට සිරුර පෙනෙන නමුත් සිරුරට ජීවාත්මය දැකිය නොහැක. ජීවාත්මයක්
සිරුරක් හැර ගිය විට, සිරුර අප්‍රාණික වන බැවින්, එය දැන ගත හැක. ජීවාත්මයක් දැකිය
නොහැකි නමුත් සිරුරක් පෙනෙයි. ඒ ආකාරයෙන්ම ජීවාත්මයන්ගේ පියාව, මිනිසුන් ’අහෝ දෙවි
පියාණනි!‘ යැයි කියන කෙනාව, දැක ගත නොහැක. ඔහුව අවබෝධ කළ හැකි මෙන්ම වටහාගත හැක.
සියලුම ජීවාත්ම සහෝදරයන්ය. ඔවුන් සිරුරු තුළ සිටින විට, ඔවුන් සහෝදරයන් හෝ සහෝදර
සහෝදරියන් බව කියයි. ජීවයන්ගේ පියා, පරම පියා, පරමාත්ම ජීවයයි. භෞතික සහෝදර
සහෝදරියන්ට එකිනෙකාව පෙනෙයි. සියලුම ජීවයන්ගේ පියා එක්කෙනෙක් වන නමුත් ඔහුව
නොපෙනෙයි. පියා පැමිණ සිටින්නේ පැරණි ලෝකය අලුත් කිරීමටයි. නව ලෝකය, ස්වර්ණමය යුගය
වූ අතර පැරණි ලෝකය, කලි යුගයයි. එය දැන් වෙනස් විය යුතුයි. පැරණි නිවසක් කඩා දමා
අලුත් නිවසක් ගොඩ නඟන ආකාරයෙන්ම, මෙම පැරණි ලෝකය විනාශ වීමට ඇත. ස්වර්ණමය යුගයට
පසුව, රිදී, තඹ සහ කලි යුග තිබෙන අතර ඉන්පසුව නියත වශයෙන්ම නැවතත් ස්වර්ණමය යුගය
පැමිණෙයි. ලෝක ඉතිහාසය සහ භූගෝලය නැවතත් ඒ අයුරින්ම සිදු විය යුතුයි. ස්වර්ණමය
යුගයේ, දේවතාවන්ගේ රාජධානිය තිබේ. සූර්ය සහ චන්ද්‍ර වංශ, චක්‍රයෙන් භාගයක් පැවතෙයි.
ඒවාට ලක‍්ෂ්මි සහ නාරායනගේ සහ රාමා සහ සීතාගේ රජ පෙළපත් යැයි කියයි. එබැවින් මෙය
පහසුයි. ඉන්පසුව, තඹ සහ කලි යුගයන්හිදී අන් සියලුම ආගම් පැමිණෙයි. පාරිශුද්ධ
දේවතාවන් අපවිත්‍ර වෙයි. මෙයට රාවණගේ රාජධානිය යැයි කියයි. මිනිසුන් සෑම වසරකම
ඔහුගේ පඹයෙක් පුළුස්සන නමුත් ඔහු කිසිදා පිළිස්සෙන්නේ නැත. ඔහු සෑම කෙනෙකුගේම
විශාලතම සතුරාය, ඔහුගේ පඹයෙක් පිළිස්සීමේ චාරිත්‍රය තිබෙන්නේ මේ නිසාය. භාරතයේ අංක
එකේ සතුරා, රාවණ වන අතර භාරතයේ අංක එකේ මිතුරා වන්නේ, සෑම කෙනෙකුටම සතුට ලබා දෙන,
කුදාය. කුදා, මිත්‍රයා බව කියැවෙයි. කුදා මිතුරා වන සහ රාවණ සතුරා වන කතා පුවතක්
මෙය මත පදනම් වී තිබේ. ඔබ කිසිදා මිතුරා වන කුදාගේ පඹයෙක් පුළුස්සන්නේ නැත. රාවණ,
සතුරෙකි, මේ නිසයි ඔවුන් හිස් දහයක් ඇති රාවණගේ පඹයෙක් වසරක් පාසා සාදා, එය
පුළුස්සා දමන්නේ. රාම රාජ්‍යය ඔහුට අවශ්‍ය බව, ගාන්ධිජී ද පැවසූහ. රාමාගේ රාජධානියේ
සතුටද රාවණගේ රාජධානියේ දුකද තිබේ. මේ සියල්ල විස්තර කර දෙන්නේ කවුද? පාරිශුද්ධකරු
පියා වන ශිව බාබා සහ බ්‍රහ්ම දාදාය. බාබා සෑම විටෙකම අත්සන් කරන්නේ ’බාප්දාදා‘
ලෙසයි. ආදම් ලෙස හැඳින්වෙන ප්‍රජාපිතා බ්‍රහ්ම, සියල්ලන්ගේ පියාය. ඔහුට මීමුත්තා
යැයි කියයි. ඔහු සියලු මනුෂ්‍ය ප්‍රජාවගේම පියාය. බ්‍රහ්මණයන්, ප්‍රජාපිතා
බ්‍රහ්මගේ මාර්ගයෙන් නිර්මාණය වන අතර ඉන්පසුව ඔවුන් දේවතාවන් වෙයි. ඔවුන් දේවතාවන්,
ක‍්ෂත්‍රීයයන්, වෛශ්‍යයන් සහ පසුව ශුද්‍රයන් වෙයි. මෙම කෙනාට ප්‍රජාපිතා බ්‍රහ්ම
යැයි කියයි. මානව ලෝකයේ නායකයා, ප්‍රජාපිතා බ්‍රහ්මට බොහෝ දරුවන් සිටිනවා. ඔවුන්
දිගටම ඔහුට ’බාබා, බාබා!‘ කියා අමතයි. මෙම කෙනා ශාරීරික බාබාය. අශාරීරික බාබා, ශිව
බාබාය. නව ලෝකය, ප්‍රජාපිතා බ්‍රහ්මගේ මාර්ගයෙන් නිර්මාණය වන බව සිහිකර තිබේ. මෙය
අපවිත්‍ර ලෝකය, රාවණගේ රාජධානියයි. රාවණගේ රකුසු ලෝකය දැන් විනාශ වීමට යන අතර ඒ
සඳහා මහා භාරත යුද්ධය ඇතිවෙයි. ඉන්පසුව, ස්වර්ණමය යුගයේ කිසිම කෙනෙක් එම රාවණ
සතුරාගේ පඹයා පුළුස්සන්නේ නැත රාවණ, එහි පවතින්නේ නැත. මෙම දුක් ලෝකය නිර්මාණය කළේ
රාවණයි. බොහෝ ධනය තිබෙන, එමෙන්ම විශාල මාලිගා ආදිය තිබෙන අය, දිව්‍ය ලෝකයේ සිටිනවා
නොවෙයි. පියා විස්තර කරන්නේ කෙනෙකුට මිලියන ගණනක් තිබුණත්, ඔහුට සාමය නොමැත, එමෙන්ම
ඒ සියලු මුදල් ආදිය දුහුවිලි බවට පත් වීමට යනවා. නව ලෝකයේ නව ආකර මතු වන අතර නව
ලෝකයේ සියලුම මාලිගා ආදිය ඒවායෙන් ගොඩ නැඟෙයි. මෙම පැරණි ලෝකය දැන් විනාශ වීමටයි
යන්නේ. ස්වර්ණමය යුගයේදී ඔවුන් පාපයන්ගෙන් තොරයි, මුළුමනින්ම පාපයෙන් තොරයි. එහි
දරුවන් උපත ලබන්නේ යෝගා බලයෙනි. එහි පාපයන් නොපවති. ශරීර අවධානය මෙන්ම කෝපය හෝ රාගය
ද නොමැත. පාපයන් පහ එහි නොපවති. ඔවුන් එහිදී කසිදා රාවණ පුළුස්සන්නේ නැත්තේ මේ
නිසාය. මෙහි, එය රාවණගේ රාජධානියයි, සෑම කෙනෙක්ම කන්නලව් කරන්නේ ඒ නිසාය අහෝ
පාරිශුද්ධකරුවාණෙනි, වඩින්න! ඔහු සෑම කෙනෙකුටම විමුක්තිදායකයා සහ දුක නැති කරන්නාය.
දැන් සෑම කෙනෙක්ම සිටින්නේ රාවණගේ රාජධානියේය. පියා පැමිණ ඔබව මුදවාගත යුතුයි. පියා
පවසන්නේ පිවිතුරු වන්න! මෙම අපවිත්‍ර ලෝකය විනාශ වීමට යනවා. ශ්‍රීමත් අනුගමනය කරන
අය, උසස් දේවතාවන් වෙයි. විනාශය සිදු වී සෑම දෙයක්ම විනාශ වෙයි. බේරෙන්නේ කවුද?
ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පිවිතුරු වන අය. පියාගේ උපදෙස් පිළිපැදීමෙන්, ලෝකයේ
ආධිපත්‍යයේ උරුමය හිමි කරගන්නා අය වන්නේ ඔවුන්ය. ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය
පැවතුණි. එය දැන් රාවණගේ රාජධානිය වන අතර එය විනාශ විය යුතුයි. රාමාගේ ස්වර්ණමය
යුගී රාජධානිය ස්ථාපිත විය යුතුයි. ඒ, සීතාට අයත් රාමා නොවෙයි. ඔවුන් බොහෝ නිෂ්ඵල
දේවල් ග්‍රන්ථ වල ලියා ඇත. මුළු ලෝකයම ලංකාව වන අතර ඒ සියල්ලම රාවණගේ රාජධානියයි.
ස්වර්ණමය යුගයේ භාරතය රංකුරුල්ලා වූ අතර එහි වෙනත් රාජධානි නොවීය. පියා පැමිණ,
භාරතය, නැවත වරක් දිව්‍ය ලෝකය, රං කුරුල්ලා බවට පත් කරවයි. අන් සියලුම ආගම් විනාශ
වෙයි. සියලුම සාගර පිටාර ගලයි. බොම්බාය පෙර තිබුණේ කෙසේද? එය කුඩා ගමක් පමණක් විය.
ස්වර්ණමය යුගය දැන් ස්ථාපිත කෙරෙන අතර එවිට බොම්බාය ආදිය තව දුරටත් ඉතිරි නොවෙයි.
ස්වර්ණමය යුගයේ මනුෂ්‍යයන් ඉතා සුළු පිරිසක් සිටියි. දිල්ලිය අගනුවර වන අතර එහි
ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය ද තිබෙයි. දිල්ලිය, ස්වර්ණමය යුගයේ සුරඟන දේශය විය.
රාජධානිය පැවතියේ දිල්ලියේය. රාමාගේ රාජධානියේද අගනගරය වූයේ දිල්ලියයි. කෙසේවෙතත්,
රාමාගේ රාජධානියේදී දියමන්ති සහ මැණික් එබ්බවූ මාලිගා ඔවුන්ට තිබුණි. බොහෝ සතුට
තිබුණි. පියා පවසන්නේ ඔබ ලෝක රාජධානිය අහිමි කරගත් අතර මා එය නැවත වරක් ඔබට ලබා
දෙනවා. මගේ උපදෙස් පිළිපදින්න! ඔබට උසස් වීමට අවශ්‍ය නම්, මා පමණක් සිහිපත් කරන්න,
එපමණයි. කිසිම ශාරීරික ජීවයක් සිහි නොකරන්න. තමන් ජීවාත්මයන් බව සළකා, ඔබගේ පියා වන
මා සිහිපත් කරන්න, එවිට ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පරිවර්ථනය වෙයි. එවිට
ඔබ මා වෙතට පැමිණෙයි. ඔබ මාගේ ගෙල වටා මාලයක් වී ඉන්පසුව විෂ්ණුගේ ගෙල වටා මාලයක්
වෙයි. මාලාවේ ඉහළින්ම මා සිටින අතර ඉන්පසුව යුවළ, බ්‍රහ්ම සහ සරස්වති සිටියි. ඔවුන්
ස්වර්ණමය යුගයේ අධිරාජයා සහ අධිරාජිනිය වෙයි. මුළු මාලාවම අංක පිළිවෙලට සිහසුන මත
අසුන් ගනී. මම බ්‍රහ්ම, සරස්වතී සහ බ්‍රහ්මණයන්ගේ මාර්ගයෙන් භාරතය දිව්‍ය ලෝකය බවට
පත් කරවමි. සිහිවටන නිර්මාණය වන්නේ, උත්සාහ දරන අයගේය. ජීවයන්ගේ වාසස්ථානය,
උත්තරීතර දනව්වයි, එයට බ්‍රහ්මාන්ද් යැයිද කියයි. අප සියලුම ජීවාත්ම, එහි මිහිරි
නිවහනේ පියා සමඟ වාසය කරයි. එය සාම දේශයයි. මිනිසුන්ට විමුක්ති දේශයට යාමට අවශ්‍ය
නමුත් කිසි කෙනෙකුට ආපසු නිවසට යාමට නොහැක. සෑම කෙනෙක්ම ඔහුගේ චරිත කොටස රඟපෑමට
පැමිණිය යුතුයි. එතෙක් පියා අඛණ්ඩව ඔබව සූදානම් කරයි. ඔබ සූදානම් වූ විට, දැන් එහි
උඩ ඉහළ සිටින සියලුම ජීව මෙහි පහළට පැමිණ, එවිට සෑම දෙයක්ම අවසන් වෙයි. එවිට ඔබ
ගොස් නව ලෝකයේ පාලනය කරන අතර, ඔබ චක්‍රයේ අංක පිළිවෙලට පැමිණෙයි. ඔබ ගීතයේ ඇසුවේ අප
මඟ බලා සිටි දවස අවසානයේ ඇවිත්. භක්ති මාර්ගයේ ඔබද වැටි වැටි සැරි සැරුවා. පියා,
ඥාන සූර්යයාය. ඥාන සූර්යයා නඟින විට, අවිදු අන්ධකාරය දුරු වී යයි. දැන් ඔබගේ
බුද්ධිය තුළ ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය ඇත. දැන් අපායේ වැසියන් වී සිටින
භාරතයේ ජනයා, එවිට දිව්‍ය ලෝකයේ වැසියන් වී, ඉතිරි සියලුම ජීවාත්ම, සාම දේශයට යන
බව, ඔබ දන්නවා. ඔබ විස්තර කළ යුත්තේ සුළු වශයෙනි ඇල්ෆා, බාබා වන අතර බීටා,
රාජධානියයි. ඔබට ඇල්ෆාගෙන් රාජධානිය හිමි වන අතර ‘බූරුකම‘ අවසන් වෙයි. පියා මෙහි
අසුන්ගෙන ඔබට එම කතාපුවත කියයි. මෙය, සත්‍ය නාරායනගේ සත්‍ය කතාපුවතයි. අන් සියල්ල
බොරු කතාය. ඔබව සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන බවට පත් කිරීම උදෙසා, බාබා ඔබට මෙම
ඥානය ලබා දෙයි. ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය ආරම්භ වුයේ කවදාද, එය කෙතරම් කාලයක්
පැවතුණේද, යැයි පැවසෙන ඉතිහාසය සහ භූගෝලය තිබේ. එබැවින් මෙය කතාවක්, නොවේද? ලෝකය
පාලනය කළ අය, උපත් 84ක් ගෙන, මුළුමනින්ම තමෝප්‍රධාන් විය. පියා පවසන්නේ මා දැන් එම
රාජධානියම නැවතත් ස්ථාපනය කරන්නෙමි. ඔබ අපවිත්‍ර බවින් පිවිතුරු වන්නේ කෙසේද,
එමෙන්ම පිවිතුරු බවින් අපවිත්‍ර වන්නේ කෙසේද, යන මුළු ඉතිහාසය සහ භූගෝලයම ඔහු ඔබට
දැන් පහදා දෙයි. ප්‍රථමයෙන්ම සුර්ය රජ පෙළපතේ රාජධානිය ද ඉන්පසුව චන්ද්‍ර රාජ
පෙළපතද, ආදිය පැවතීය. ඔවුන්ට පසුව බෞද්ධයින්, ඉස්ලාමිකයන් සහ ක්‍රිස්තියානුවන්
සිටියි පැවතුණු දේවතා ධර්මය අතුරුදහන් විය. ඉන්පසුව ලෝක ඉතිහාසය සහ භූගෝලය නැවතත් ඒ
ආකාරයෙන්ම සිදුවෙයි. ග්‍රන්ථ වල ඔවුන් සඳහන් කර තිබෙන්නේ බ්‍රහ්ම වසර 100 වයසැති
කෙනෙක් ලෙසිනි. ඔහු තුළ අසුන්ගෙන, පියා ඔබට ඔබගේ උරුමය ලබා දෙන මෙම බ්‍රහ්මත්,
ඔහුගේ සිරුර හැර යනු ඇත. ජීවාත්මයන්ගේ පියා පමණයි ජීවාත්මයන්ට කතා කරන්නේ.
පාරිශුද්ධකරු වන්නේ ඔහු පමණයි. මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන්ව පාරිශුද්ධත්වයට පත් කළ
නොහැක. තමන්ට විමුක්තිය ලඟා කරගත නොහැකි අය, අන් අයව විමුක්තියට පමුණුවන්නේ කෙසේද?
ඒ අනේක ගුරූන් සියලු දෙනාම, භක්තිය උගන්වන අයයි. ඇතැමුන් පවසන්නේ අහවල් කෙනාට
භක්තිය සිදුකරන ලෙස වන අතර තවත් සමහරෙක් ඔබට පවසන්නේ ග්‍රන්ථ වලට සවන් දෙන ලෙසයි.
බොහෝ විවිධ අදහස් සහ මත තිබේ! සෑම කෙනෙක්ම පෙරටත් වඩා අනුවණ වී ඇත්තේ මේ නිසාය.
පියා දැන් පැමිණ ඔබව ඥානවන්තයින් බවට පත් කරවයි. මෙම ලක‍්ෂ්මි සහ නාරායන, ඥානවන්ත
ලෝකයේ අධිපතියන්ව සිටි නමුත් ඔවුන් දැන් බොහෝ දුප්පත් වී ඇත! ඔබව දැන් අපායේ
වැසියන්ගෙන් දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත් කිරීම සඳහා ශිව බාබා පැමිණ ඇත. පියා ඔබට
කෙතරම් හොඳින් පහදා දෙන්නේද යත් ඔබගේ භාග්‍යය අවදි වෙයි. පියා, සියලුම මනුෂ්‍යයන්ගේ
භාග්‍යය අවදි කිරීමට පැමිණෙයි. සෑම කෙනෙක්ම අපවිත්‍ර මෙන්ම දුකින් සිටියි. සෑම
කෙනෙක්ම අසරණකමින් හඬා විනාශ වී යයි. බාබා මෙසේ පවසන්නේ මේ නිසාය අසරණ බවේ හඬ
නැඟෙන්නට පෙර, පියාගෙන් යම් උරුමයක් හිමි කරගන්න. ඔබ මේ ලෝකයේ දකින සෑම දෙයක්ම
විනාශ වීමටයි යන්නේ. භාරතයේ බැස්ම සහ නැග්ම තිබේ. මෙම නාටකය පදනම් වී ඇත්තේ භාරතය
මතයි. නැග්ම ස්වර්ණමය යුගයේ තිබෙන අතර දැන් කලි යුගයේ බැස්ම තිබෙයි. මේ සියල්ල
රාවණගේ රාජධානියේ පම්පෝරියයි. විනාශය දැන් සිදු වීමටයි යන්නේ. ලෝකයේ වැටීම සහ ලෝකයේ
නැගීම ඇති වෙයි. පියා මෙහි අසුන් ගෙන, ස්වර්ණමය යුගයේ පාලනය කරන්නේ කවුරුන්ද කියා
විස්තර කරයි. භාරතයේ නැග්ම, දේවතාවන්ගේ රාජධානිය වන අතර, භාරතයේ වැටීම රාවණගේ
රාජධානියයි. නව ලෝකය දැන් නිර්මාණය වන අතර පැරණි ලෝකය විනාශ වීමට තිබේ. ඊට පෙර,
ඔබගේ උරුමය හිමි කරගැනීම සඳහා ඔබ පියා සමඟ ඉගෙන ගනිමින් සිටිනවා. එය ඉතාමත්ම
පහසුයි! මෙය මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වීමට ඇති ඉගෙනුමයි. සන්යාසීන්
අයත් වන්නේ හුදකලා මාවතට පමණයි. ඔවුන්ගේ ආගම මුළුමනින්ම වෙනස්ය ඔවුන් ගෘහස්ත මාවත
අතහැර පිටව යයි. ඔවුන්ගේ අතහැරීම සීමාසහිතයි. ඔබ මෙම පැරණි ලෝකය අත්හල පසු, ඔබ ආපසු
මෙහි පැමිණෙන්නේ නැත. කුමන ආගම, කුමන කාලයක පැමිණෙන්නේද කියා, ඉතා හොඳින් විස්තර කළ
යුතුයි. අන් සියලුම ආගම් පැමිණෙන්නේ තඹ යුගය ආරම්භ වූ පසුවයි. ඔබ ප්‍රථමයෙන් සතුටත්
පසුව දුකත් අත්විඳියි. මුළු චක්‍රයම ඔබගේ බුද්ධිය තුළ පතිත විය යුතුයි. ඔබ චක්‍රයට
පැමිණි කාලයේ සිට, ඔබ අධිරාජයන් සහ අධිරාජිනියන් බවට පත් වෙයි. ඔබට විස්තර කිරීමට
තිබෙන්නේ ඇල්ෆා සහ බීටා ගැන පමණයි. බාබා කිසිවෙකුට විදේශ ගත වීමට තහනම් නොකරයි. සෑම
කෙනෙකුටම අවශ්‍ය වන්නේ ඔහුගේ හෝ ඇගේම දේශයේ මියැදෙන්නටයි. විනාශය නියත වශයෙන්ම
සිදුවනවා. කෙතරම් කැලඹිලි තිබේද යත් ඔබට විදේශයේ සිට ආපසු පැමිණිමට නොහැකි වෙයි.
භාරත දේශය වඩාත්ම ශ්‍රේෂ්ඨ දේශය බව බාබා පහදා දෙන්නේ මේ නිසාය. එය පියා පැමිණ,
අවතරණය වන තැනයි. ශිවාගේ ජන්ම දිනය සමරන්නේද මෙහිදීය. ක්‍රිෂ්ණාගේ නම භාවිත කළ
නිසා, ශිවාගේ සියලු වර්ණනාව අවසන් විය. සියලුම ජීවාත්මයන්ගේ ගැලවුම්කරු, මෙහි පැමිණ
අවතරණය වෙයි. පැමිණ, සියලු දෙනාව මුදවාගන්නේ දෙවි පියාණන් පමණයි. ඔබ එවන් පියෙකුට
හිස නමා ආචාර කළ යුතුයි. ඔබ ඔහුගේ උපන් දිනයද සැමරිය යුතු නමුත්, ක්‍රිෂ්ණාගේ නම
භාවිත කළ නිසා ඔහුගේ මුළු අගයම නැතිව ගොසින්ය. ඇත්ත වශයෙන්ම, වඩාත්ම ශ්‍රේෂ්ඨ
සිද්ධස්ථානය වන්නේ භාරතයයි. එම පියාම මෙහි පැමිණ සියලු දෙනාව පිවිතුරු කරයි.
එබැවින් මෙය සැමට වඩා ශ්‍රේෂ්ඨතම සිද්ධස්ථානයයි. ඔහු සෑම කෙනෙක්ම පහත් බවින්
මුදවාගෙන, ඔවුන්ට විමුක්තිය පිරිනමයි. මෙම නාටකය කල් තියා තීරණය වුවකි. අපගේ බාබා,
දැන් මෙම රහස්, මොහුගේ සිරුර තුළින් අපට විස්තර කරන බව, ඔය ජීවාත්ම දන්නවා. ජීවාත්ම
වන අප සවන් දෙන්නේ අපගේ සිරුරු තුළිනි. ඔබ ජීව අවධානයට පත් විය යුතුයි. තමන්
ජීවාත්මයක් බව සළකා, පියා සිහි කරන්න, එවිට අඛණ්ඩව මළකඩ ඉවත් වී, ඔබ පිවිතුරු වී,
පියා වෙතට යනු ඇත. ඔබ ඔහුව වැඩියෙන් සිහි කරන තරමට, ඔබ වැඩියෙන් පිවිතුරු වෙයි. ඔබ
තව බොහෝ දෙනෙක්ව ඔබ හා සමාන බවට පත් කළ විට, ඔබට බොහෝ දෙනෙක්ගෙන් ආශිර්වාද ලැබී,
උසස් ස්ථානයක් හිමි වෙයි. ඔබට තත්පරයකදී ජීවන-මුක්තිය ලැබෙන බව සිහිකර ඇත්තේ මේ
නිසාය. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියාගේ ගෙල
වටා සහ ඉන්පසුව විෂ්ණුගේ ගෙල වටා මාලයක් වීම සඳහා, සම්පූර්ණයෙන් සතෝප්‍රධාන් වන්න.
ඒකායන පියාගේ උපදෙස් පිළිපදින්න.
2. ඔබට බොහෝ
ජීවයන්ගෙන් දිගටම ආශිර්වාද ලැබෙන ආකාරයේ එවන් සේවය සිදු කරන්න. අසරණ බවේ හඬ
නැගෙන්නට පෙර, පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමයම හිමි කරගන්න.
වරදානය:
ඔබ රාස්යුක්ත්
සහ යෝග්‍යුක්ත් වී ගැඹුරු සෙනෙහසේ වැදගත්කම තේරුම් ගැනීමෙන් සියල්ලන් සතුටු කරත්වා.
සර්වබලධාරී අධිකාරියට
සෙනෙහසින් සිටින දරුවන් ඉබේම සියලු ජීවාත්මයන්ට සෙනෙහස දක්වයි. මෙම ගැඹුරු සෙනහසේ
වැදගත්කම තේරුම් ගන්නා අය දිව්‍යමය ගුණධර්ම වලින් රාස්යුක්ත්, යෝග්‍යුක්ත් සහ
යුක්තියුක්ත බවට පත්වේ. එවැනි රාස්යුක්ත් ජීවාත්ම සියලු ජීවාත්ම පහසුවෙන් සතුටු
කරයි. මෙම රහස නොදන්නා අය සමහර විට අනෙක් ජීවාත්ම කලබලයට පත් කරන අතර සමහර විට
තමන්ම කලබලයට පත් වේ. එබැවින්, නිරන්තරයෙන් සෙනෙහෙවන්ත වීමේ මෙම රහස දැනගෙන
රාස්යුක්ත් වන්න.
පාඨය:
උපකරණ වන අය
තම වගකීම් ඉටු කරන අතරතුර නිරන්තරයෙන් සැහැල්ලු වෙති.
අව්‍යක්ත සංඥාව: දැන්
ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.
බාප්දාදාට සැමවිටම
විශාල සහ අසීමිත හදවතක් ඇති අතර ඔහු එබැවින් සෑම කෙනෙකුගේම හදවත් දිනා ගන්නා, හදවත්
සනසවන්නා වේ. එලෙසම, ඔය දරුවන්ට අසීමිත හදවත් ඇති අතර ත්‍යාගශීලී හදවත් ඇත. ඔබට
දානපතියාගේ හදවත් ඇත. ඔබේ ප්‍රීතිමත් හදවත් තුළින්, ඔබ ලෝකය සතුටු කරවන ප්‍රීතිමත්
ජීවාත්මයන් වේ. ඔබ උසස් ජීවාත්ම ලෝකයට ආධාරක වේ. ඔබ සියලු දෙනාම දැල්වී, ජීවමාන
පහන් බවට පත්වන අතර එමඟින් ලෝකය ආලෝකමත් වේ. ඔබ සියල්ලන්ට නැඟීමේ අවධිය ඇති විට,
සියලු ජීවාත්මයන්ට ප්‍රතිලාභය හිමි වේ.