12.10.25 Avyakt Bapdada
Sinhala
Murli 17.03.2007 Om Shanti Madhuban
ඔබගේ උසස් ආකල්පයෙන්
ඔබගේ චිත්ත තරංග සහ වාතාවරණය බලවත් කිරීමට
තීව්‍ර උත්සාහයේ යෙදෙන්න. ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගන්න.
අද දින සෙනෙහසේ සහ
බලයේ සාගරය වන බාප්දාදා ඔහුගේ බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ ආදරණීය දරුවන් මුණ
ගැසීමට ඇවිත්. ඔය සියලුම දරුවන් සෙනෙහසේ ආකර්ෂණයෙන් බොහෝ දුර සිට මෙහි ඇවිත්
සිටින්නේද හමුවක් සැමරීමටයි. ඔබ බාබා ඉදිරියේ පෞද්ගලිකව අසුන්ගෙන සිටියත්, මේ දේශයේ
හෝ විදේශයක අසුන්ගෙන සිටියත්, ඔබ ආදරණීය හමුවක් සමරනවා. ඔහුගේ ආදරණීය සහ
සම්පූර්ණයෙන් සහයෝගී සහකාර දරුවන් දැකීමට බාප්දාදා සතුටු වනවා. ඔය දරුවන්ගෙන් වැඩි
දෙනෙකුගේ හදවතේ එක සිතිවිල්ලක් තිබෙන බව බාප්දාදා දකිනවා: අප දැන් ඉතා විගසින් පරම
පියාව හෙළිදරව් කරනවා. පරම පියා පවසන්නේ : ඔය සියලු දරුවන්ගේ උද්යෝගය ඉතාම හොදයි.
කෙසේවෙතත්, ඔබට පරම පියාව හෙළිදරව් කිරීමට හැකි වන්නේ ප්‍රථමයෙන් ඔබ පරම පියා හා
සමානව පරිසමාප්ත සහ අංග සම්පූර්ණ බව හෙළිදරව් කළ විට පමණයි. ඉතිං, ඔය දරුවන්
පියාගෙන් විමසන්නේ: “ඔබ හෙළිදරව් වන්නේ කවදාද?” එවිට පියා ඔය දරුවන්ගෙන් විමසන්නේ:
ඔබ කියන්න, ඔබ පියාට සමාන බවට, තමන්ව හෙළිදරව් කරන්නේ කවදාද? ඔබ පිරිපුන් වීමට
දිනයක් නියම කරගෙන තිබෙනවාද? විදේශයන්හි අය පවසන්නේ, දිනයක් සාමාන්‍යයෙන් වසරකට පෙර
නියම කරන බවයි. ඉතිං ඔබ අතරේ රැස්වීමක් පවත්වා, පියාට සමාන වීමට දිනයක් නියම කර
ගත්තාද?
මේ දිනවල සෑම අංශයකම
බොහෝ රැස්වීම් පවත්වන බව බාප්දාදා දකිනවා. ද්විත්ව විදේශිකයන්ගේ රැස්වීම ගැන
බාප්දාදාට අසන්නට ලැබුණා; ඔහු එයට බොහෝ ප්‍රිය කළා. රැස්වීම් වල සියලුම පුවත්
බාප්දාදා වෙතට කොහොමත් සෑම විටම ළගා වනවා. එබැවින් බාප්දාදා විමසන්නේ : මේ සදහා ඔබ
දිනයක් නියම කරගත්තේ කවදාටද? නාටකය මෙම දිනය නියම කරයිද, නැත්නම් ඔබ එය නියම
කරගනීද? එය නියම කරගන්නේ කවුද? ඔව්, අනිවාර්යෙන් ඔබට අරමුණ තබා ගන්නට සිදු වෙයි. ඔබ
සියලු දෙනාටම ඉතා හොද, හොදම අරමුණක් තිබෙනවා, නමුත් දැන් ඔබ තබා ඇති අරමුණට අනුව,
එම උසස් අරමුණ වෙනුවෙන් ඔබ සුදුසුකම්ද වර්ධනය කරගත යුතුයි. වර්ථමානයේ, ඔබගේ අරමුණ
සහ එයට අවශ්‍ය සුදුසුකම් අතර වෙනසක් තිබේ. අරමුණ සහ එහි සුදුසුකම් සමාන වූ විට,
අරමුණ ප්‍රායෝගික වෙයි. සියලුම දරුවන් අම්රිත් වේලාවේ හමුවක් සමරා සිතිවිල්ලක් ඇති
කළ විට, ඔවුන් එය ඉතා හොදින් කරයි. සෑම තැනකම සිටින සියලුම දරුවන්ගේ හදවතට සමීප
කතාබස් බාප්දාදාට ඇසෙයි. ඔබ ඉතා සුන්දර කතාබස් පවත්වයි. තවද ඔබ ඉතා හොදින් උත්සාහ
දරයි, නමුත් ඔබගේ උත්සාහය තුළ, එක් දෙයක් ගැන ඔබ තීව්‍රතාවයක් ගෙන ආ යුතුයි. ඔබ
උත්සාහ දරයි, නමුත් තීව්‍ර උත්සාහය තිබිය යුතුයි. තීව්‍රතාවය වෙනුවෙන් අධිෂ්ඨානය
තිබිය යුතුයි; මෙම එකතුව තිබිය යුතුයි.
කාලයට අනුව, සියලුම
දරුවන් වෙනුවෙන් බාප්දාදා තුළ එක ආශාවක් තිබේ. ඔබ අංකානුරූප වන නමුත්, තවද බාප්දාදා
දන්නවා, ඔබ අංකානුරූප වුවද නිරන්තරයෙන් තීව්‍ර උත්සාහය තිබිය යුතුයි; මේ සදහා විශාල
අවශ්‍යතාවයක් තිබේ. කාලය, පරිසමාප්තියට වේගයෙන් ගමන් කරමින් තිබේ. කෙසේවෙතත්, ඔය
දරුවන් දැන් අනිවාර්යෙන් පියාට සමාන විය යුතුයි. මෙයත් නියම වී ඇත. ඔබ කළ යුත්තේ
එයට තීව්‍රත්වය දැමීම පමණයි. ඔය සෑම කෙනෙක්ම තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි: මා සෑම
විටම තීව්‍ර උත්සාහ දරන්නෙක්ද? මෙයට හේතුව ඔබගේ උත්සාහයේදි බොහෝ ප්‍රශ්න පත්‍ර
පැමිණෙන අතර ඒවා පැමිණෙයි. කෙසේවෙතත්, තීව්‍ර උත්සාහ දරන්නෙකුට එම ප්‍රශ්න පත්‍ර
සමත් විම, දැනටමත් තීව්‍ර උත්සාහ දරන්නෙක් එම ප්‍රශ්න පත්‍රය සමත් වී ඇති සේ, එය
නියමිත වී ඇත. එම කෙනා එය සමත් විය යුතුයි නොවේ, නමුත් ඔහු දැනටමත් එය සමත් වී
තිබේ. මෙය නියමිතයි. ඔබ සියලු දෙනා බොහෝ උනන්දුවෙන් සේවය කරයි. කෙසේවෙතත්, බාප්දාදා
මින් පෙරත් ඔබට කියා ඇත්තේ, වත්මන් කාලයට අනුව, ඔබ එකවර තුන් ආකාරයක සේවය කළ යුතු
බවයි, එනම්, ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියාවෙන්. අත්දැකීමක් ලබා දීමට ඔබගේ මනස
භාවිතා කරන්න. ඔබගේ වදන් වලින් දැනුමේ සම්පතට හැදින්වීම ලබා දෙන්න. සම්පූර්ණ යෝගී
දිවියක ප්‍රායෝගික ස්වරූපයේ අත්දැකීම ලබා දීමට ඔබගේ මුහුණ සහ ක්‍රියාකාරකම් භාවිතා
කරන්න. ඔබ වෙන් වශයෙන් නොව, තුන් ආකාරයේම සේවය එකවර කළ යුතුයි. සුළු කාලයක් තිබෙන
අතර දැන් පවා කිරීමට බොහෝ සේවය ඉතිරිව තිබේ. ඔබගේ ආකල්පයෙන් චිත්ත තරංග ඇති කර,
ඔබගේ චිත්ත තරංග වලින් වාතාවරණය නිර්මාණය කිරීම, සේවය කිරීමේ පහසුම ක්‍රමය බව
බාප්දාදා දැක තිබෙනවා, මන්ද, වඩාත්ම බලවත් ක්‍රමවේදය වන්නේ ඔබගේ ආකල්පය නිසා.
විද්‍යාවේ රොකට්ටු වලට ඉතා වේගයෙන් පියාසර කළ හැකි සේම, සුබ පැතුම් සහ පිවිතුරු
හැගීම් වල ඔබගේ ආධ්‍යාත්මික ආකල්පය, ඔබගේ ද්‍රිෂ්ඨිය සහ ඔබගේ ලෝකය පරිවර්ථනය කරයි.
එක ස්ථානයක අසුන්ගෙන සිටින අතර ඔබගේ ආකල්පයෙන් ඔබට සේවය කළ හැක. ඔබ අසා ඇති දේ අමතක
වීම සිදුවීය හැක, නමුත් වාතාවරණයකින් ඔබ ලද අත්දැකීම, ඔබට අමතක කළ නොහැක. බ්‍රහ්ම
පියා ක්‍රියා සිදු කළ භූමිය, ඔහු යෝගාවේ සිටි සහ දිව්‍යමය ක්‍රියාකාරකම් සිදුකළ
භූමිය වන මධුබන්හි වාතාවරණය ඔබ අත්විද තිබේ. දැන් පවා ඕනෑම කෙනෙක් අත්විදින
වාතාවරණය අමතක කළ නොහැක. වාතාවරණයේ අත්දැකීම ඔබගේ හදවතේ මුද්‍රිත වනවා. ඔව්
සැබවින්ම වචන වලින් සේවය කරන බොහෝ විශාල වැඩසටහන් ඔබ පවත්වනවා, නමුත් ඔය සෑම
කෙනෙක්ම ඔබගේ ආධ්‍යාත්මික ආකල්පයෙන් සහ චිත්ත තරංග වලින් වාතාවරණයක් නිර්මාණය කළ
යුතුයි. කෙසේවෙතත්, ඔබගේ ආකල්පය ආධ්‍යාත්මික සහ බලවත් වන්නේ, ඔබගේ හදවතේ හෝ මනසේ
කිසිදු වැරදි ආකල්පයක චිත්ත තරංග නොමැති විටයි. ඔබගේ මනසේ ආකල්පය නිරන්තරයෙන්
පිරිසිදු විය යුතුයි. ඕනෑම ජීවාත්මයක් ගැන ඔබ තුළ යම් නිෂ්ඵල ආකල්පයක් ඇත්නම්, හෝ,
දැනුම අතින්, ඔබට නිෂේදනීය ආකල්පයක් ඇත්නම්, එවිට නිෂේදනීයත්වය යනු කසලය. ඔබගේ මනසේ
කසල ඇත්නම් ඔබට පිවිතුරු ආකල්පයකින් සේවය කිරීමට නොහැකි වෙයි. එබැවින් පළමුව තමන්ව
පරීක්ෂා කර බලන්න: මගේ මනසේ ආකල්පය පිවිතුරු සහ ආධ්‍යාත්මිකයිද? ඔබගේ සුබ පැතුම් සහ
පිවිතුරු හැගීම් වලින් නිෂේදනීය ආකල්පයක්, ධනාත්මක ආකල්පයකට පරිවර්ථනය කරන්න. එය
ඍණාත්මක වන විට, තමන්ගේම මනස තුළ ඔබට අසහනයක් දැනෙනවා නේද? ඔබට නිෂ්ඵල සිතිවිලි ඇති
වනවා නේද? එබැවින් පළමුව තමන්ව පරීක්ෂා කර බලන්න: මගේම මනස තුළ කිසියම් ගැටුමක්
තිබෙනවාද? ඔව් සැබවින්ම එය අංකානුරූපයි. හොද අය සිටින අතර ඔවුන්ට ප්‍රශ්න ඇති කරන
අයත් සිටිනවා. කෙසේවෙතත්, “මේ කෙනා මෙහෙමයි” කියා පමණක් වටහාගැනීම හොදයි. වැරැද්ද,
වැරැද්දක් බවත්, නිවැරැද්ද, නිවැරදි බවත් සලකන්න, නමුත් එය ඔබගේ හදවතේ තබා නොගන්න.
මෙය වටහාගැනීම වෙනම කාරණාවක්. දැනුමින් පිරිපුන් වීම හොදයි. යම් දෙයක් වැරදි වන
විට, එය වැරදි බව ඔබ සැබවින්ම කියයි. සමහර දරුවන් පවසන්නේ: “ඒ අය කෙබදුද කියා ඔබ
දන්නේ නැහැ බාබා. ඔබ ඔවුන්ව දකින්නේ නම් ඔබ දැන ගනියි.” පරම පියා ඔබ පවසන දේ
විශ්වාස කරයි; ඒ කෙනා කෙබදුද කියා ඔබ පවසන්නට පෙරම ඔහු දන්නවා, නමුත් එවන් දේවල්
ඔබගේ හදවතේ සහ ඔබගේ ආකල්පයේ තබාගෙන සිටීමෙන්, ඔබ තමන්ව කැලඹිල්ලට පත් කරගනියි. ඔබගේ
හදවතේ සහ මනසේ යම් නරක දෙයක් තිබෙන විට, එවිට, යම් අයහපත් දෙයක් ඇති තැන, නිෂ්ඵල
සිතිවිලි ඇති තැන, එම කෙනා ලොවට යහපත සළසන්නෙක් වන්නේ කෙසේද? ඔය සියලු දෙනාගේ
රාජකාරිය කුමක්ද? ඔබ ලන්ඩන්, දිල්ලිය හෝ යූ.පී හි පමණක් යහපත සළසන්නන් බව ඔබගෙන්
කිසිවෙක් කියයිද? හෝ ඔබ සිටින ඕනෑම ස්ථානයක? හොදයි දේශය නොවෙයි, ඔබ සිටින
මධ්‍යස්ථානයේ පමණක්? ඔබ සියලු දෙනාම පවසන්නේ, ඔබගේ රාජකාරීය වන්නේ ලෝක යහපත
සළසන්නෙක් වීමයි. ඔබ සියලු දෙනාම කවුරුන්ද? ඔබ ලොවට සෙත සළසන්නන්ද? එසේ නම් අත්
ඔසවන්න! ලොවට සෙත සළසන්නන්! ඔබගේ මනසේ කිසිම අයහපත් දෙයක් නැහැ නේද? ඔබ එය
වටහාගැනීම වෙනම කාරණාවක්. නිවැරදි වන්නේ කුමක්ද, වැරදි කුමක්ද කියා වටහාගන්න, නමුත්
එය ඔබගේ මනසේ තබා නොගන්න. මෙම ආකල්පය ඔබගේ මනසේ තිබීමෙන් ඔබගේ ද්‍රිෂ්ඨිය සහ ලෝකයද
වෙනස් වෙයි.
බාප්දාදා ඔබට ගෙදරවැඩ
දී තිබෙනවා. එය කුමක්ද? සියලු දෙනාටම කළ හැකි පහසුම උත්සාහය එයයි - මව්වරු, තරුණ
අය, වැඩිමහළු අය - සියලුම දරුවන්ට එය කළ හැක. එයට ක්‍රමවේදය වන්නේ එක් දෙයක් පමණක්
කිරීමයි. ඔබ ඕනෑම කෙනෙක් සමග සම්බන්ධ වන විට, එවිට ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගන්න.
එම කෙනා ඔබට නරක පැතුම් ලබා දුන්නත්, ඔබ දෙන පාඨමාලාව කුමක්ද? ඍණාත්මක දේ ධනාත්මක
බවට වෙනස් කිරීම. ඒ වෙලාවට තමන්ට මෙම පාඨමාලාව ලබා දෙන්න. අභියෝගය කුමක්ද? තවද ඔබගේ
අභියෝගය වන්නේ, සොබාදහම තමෝගුණි බවින් සතෝගුණී කිරීමය. ඔබගේ අභියෝගය මෙය නේද? ඔබ
සොබාදහම සතෝප්‍රධාන් කළ යුතු බවට අභියෝගය ඔබ සියලු දෙනාම නිකුත් කර ඇත. ඔබ එය එවැනි
බවට පත් කළ යුතුද? එසේ නම් හිස වනන්න! ඔබගේ අත් වනන්න! අන් අයව දැක ඔබගේ අත් වනන්න
එපා, නමුත් ඔබගේ හදවතින් එය වනන්න. දැන් කාලයට අනුව, ඔබගේ තීව්‍ර උත්සාහය වන්නේ
ඔබගේ ආකල්පය තුළින් වාතාවරණය නිර්මාණය කිරීමයි. එබැවින් ඔබගේ ආකල්පයේ අපද්‍රව්‍ය
සුළු වශයෙන් හෝ ඇත්නම්, ඔබගේ ආකල්පයෙන් ඔබ වාතාවරණය නිර්මාණය කරන්නේ කෙසේද? ඔබගේ
චිත්ත තරංග ස්වභාව ධර්මය වෙතට ළගා වෙයි; වචන වලට එහි ළගා වීමට නොහැකි වෙයි. ඔබගේ
චිත්ත තරංග එහි ළගා වෙයි. ඔබගේ චිත්ත තරංග නිර්මාණය වන්නේ ඔබගේ ආකල්පයෙන් වන අතර
වාතාවරණය නිර්මාණය වන්නේ ඔබගේ චිත්ත තරංග වලිනි. මධුබන් වලත් සියලු දෙනාම එක හා
සමාන නැහැ. කෙසේවෙතත්, වාතාවරණය නිර්මාණය වුනේ බ්‍රහ්ම පියා සහ විශේෂ ආදරණීය අයගේ
තීව්‍ර උත්සාහය සහ ආකල්පය මගින්ය.
අද බාබා ඔබගේ දාදීව
සිහි කරනවා. දාදිජීගේ ඔබ දුටු විශේෂත්වය කුමක්ද? ඇය සෑම දෙයක්ම පාලනය කළේ කෙසේද?
අනෙක් පුද්ගලයා කුමන ආකල්පයකින් ඈ වෙතට පැමිණියත්, ඇය කිසිවෙකුගේ දුර්වලතා ඇගේ මනසේ
කිසි විටෙක තබා නොගත්තාය. ඈ සියලු දෙනාටම උද්යෝගය ලබා දුන්නා. ඔබගේ මව වන ජගදම්බා
එම වාතාවරණය නිර්මාණය කළා. ඈ සෑම දෙයක්ම දැනගෙන, සෑම විටම ඇගේ ආකල්පය පිවිතුරුව තබා
ගත් අතර ඔබ සියලු දෙනාම එමගින් නිර්මාණය වුණු වාතාවරණය අත්විඳිනවා. එය ‘පියාව
අනුගමනය කරන්න’ වුවද, බාප්දාදා සෑම විටම පවසන්නේ: සෑම කෙනෙකුගේම විශේෂත්වය දැනගෙන,
එම විශේෂත්වය තමන්ගේම කරගන්න. සෑම දරුවෙක් වෙනුවෙන් මෙය සටහන් කරගන්න: බාප්දාදාගේ
දරුවෙක් බවට පත් වී ඇති කෙනෙක්, සෑම සියලු දරුවෙක්ම, එම දරුවා තුන්වන අංකයේ වුවද,
නාටකයේ විශේෂත්වය සහ බාප්දාදාගේ ආශිර්වාදය වන්නේ, සියලුම දරුවන් අතරින්, කෙනෙක් තුළ
දුර්වලතා 99ක් තිබුණත්, ඔහුට අනිවාර්යෙන් එක විශේෂත්වයක් තිබෙනවා, එමෙන්ම එම
විශේෂත්වයෙන් ඔහුට “මගේ බාබා!” පැවසීමට අයිතියක් තිබෙනවා. ඔහු බලපෑමක් යටතේ ඇති,
නමුත් ඔහු තුළ පරම පියා කෙරෙහි නොබිඳි සෙනෙහස තිබේ. මේ නිසයි, දැන් කාලයේ
සමීපතාවයට අනුව, පියාගේ ස්ථාන කොහේ තිබුණත්, ඒවා ගම් වල, විශාල කලාප තුළ හෝ
මධ්‍යස්ථාන වුනත්, සෑම ස්ථානයකට සහ සෑම සහකරුවෙකුටම උසස් ආකල්පයක් තිබීම අවශ්‍යයි.
එක දෙයක් සරළව මතකයේ තබා ගන්න: යම් කෙනෙක් තුළ ඔබ වෙනුවෙන් අයහපත් පැතුම් තිබුණත්,
ඒවා ගන්න කෙනා කවුද? ඒවා දෙන කෙනා සහ ඒවා ගන්න කෙනා එකම පුද්ගලයාද, නැත්නම්
දෙදෙනෙක් සිටිනවාද? යම් කෙනෙක් ඔබට නරක දෙයක් දුන්නොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබ තමන්
සමග එය තබා ගන්නවාද? එසේ නැත්නම් ඔබ එය ආපසු දෙනවද, විසි කරනවාද, නැත්නම් ඔබගේ
අල්මාරියේ එය ආරක්ෂිතව තබා ගන්නවාද? ඉතිං ඔබ එය ඔබගේ හදවතේ සගවාගෙන තබාගෙන
සිටිනවාද? ඔබගේ හදවත, බාප්දාදාගේ සිංහාසනයයි. එබැවින් දැන් එක් දෙයක් ඔබගේ මනසින්
ස්ථිරව මතකයේ තබා ගන්න, වචන වලින් පමණක් නොවෙයි නමුත් ඔබගේ මනසින්: “මා ආශිර්වාද
දී, ආශිර්වාද ලබා ගත යුතුයි.” කිසිම ඍණාත්මක දෙයක් ඔබගේ මනසේ තබා නොගන්න. හොදයි ඔබට
එක කණකින් යම් දෙයක් ඇසුණා නම්, එය අනෙක් කණින් පිට කිරීම ඔබගේ යුතුකමයි. නැත්නම්
එම වගකීම වෙනත් කෙනෙකුගේද? එවිට පමණයි ඔබට සීඝ්‍ර වේගයකින් ලෝකයේ සහ ජීවාත්ම අතරේ
ඔබගේ ආකල්පයෙන් වාතාවරණයක් නිර්මාණය කිරීමේ සේවය කිරීමට හැකි වන්නේ. ඔබට ලෝක
පරිවර්ථනය ගෙන ඒමට අවශ්‍යයි නේද? එසේ නම් ඔබ මතකයේ තබා ගන්නේ කුමක්ද? ඔබගේ මනසින්
එය සිහියේ තබා ගන්න. “ආශිර්වාද” යන වචනය පමණක් මතකයේ තබා ගන්න; එපමණයි. මන්ද, ඔබගේ
අජීව ප්‍රතිමා ලබා දෙන්නේ මොනවාද? ඒවා ආශිර්වාද ලබා දෙනවා නේද? මිනිස්සු දේවාල වලට
ගිය විට, ඔවුන් ඉල්ලන්නේ මොනවාද? ඔවුන් ආශිර්වාද ඉල්ලයි. ඔවුන් ආශිර්වාද ඉල්ලන්නේ
ඔවුන්ට ඒවා ලැබෙන නිසයි. ඔබගේ අවසන් උපතේදි පවා, ඔබගේ අජීව ප්‍රතිමා ආශිර්වාද ලබා
දෙයි; එම ආකල්පයෙන් ඔවුන් සියලු දෙනාගේ ආශා ඉටු කරයි. ඉතිං, ඔබ මේ ආකාරයට නැවත
නැවතත් ආශිර්වාද ලබා දෙන අය බවට පත් වී ඇති නිසයි, ඔබගේ අජීවි ප්‍රතිමා අද පවා
ආශිර්වාද ලබා දෙන්නේ. හොදයි, ජීවාත්මයක් යම් දේක බලපෑමට ලක් වූ විට, සමාව දීමේ
සාගරයේ දරුවෙක් වන ඔබ, ඔහුට ටිකක් සමාව දෙන්නේ නම්, එය හොදයි නේද? ඉතිං, ඔබ සියලු
දෙනාම මාස්ටර් සමාව දීමේ සාගරද? ඔබ එසේද? නැද්ද? ඔබ එසේ නේද? “පළමුව මම” කියන්න.
මෙයින් “ඕ අර්ජුනා!” වන්න. ඔබ ඉදිරියට පැමිණෙන කාට වුනත්, සෙනෙහස සහ සහයෝගය ටිකක්
ලබාගෙන, සමාව, එඩිතරකම, සහයෝගය සහ උනන්දුව හා උද්යෝගය අත්විදීමට හැකි වන අන්දමේ
වාතාවරණයක් නිර්මාණය කරන්න. මෙය කළ හැකිද? හැකිද? පළමු පේළියේ අසුන් ගෙන සිටින අය,
මෙය කළ හැකිද? ඔබගේ අත් ඔසවන්න! ප්‍රථමයෙන් ඔබට එය කිරීමට සිදුවෙයි. පළමු පේළියේ
සිටින ගුරුවරු, ඔබ සියලු දෙනාටම මෙය කළ හැකිද? අච්චා.
බාබාට බොහෝ විවිධ
ස්ථාන වලින් දරුවන්ගේ ඊ-මේල්, සහ ලිපි ලැබෙනවා. ලිපි නොලියූ නමුත් සිතිවිල්ල ඇතිවූ
අය, එවිට සිතිවිල්ල පමණක් ඇති වූ සියලු දෙනාගේ සෙනෙහස සහ සිහි කිරීමත් බාප්දාදා
වෙතට ළගා විය. ඔවුන් ඉතා මධුර ලිපි ලියයි. ඔවුන් කෙතරම් මධුර ලිපි ලියන්නේද යත්, ඔබ
උනන්දුවෙන් සහ උදයෝගයෙන් පියාසර කරමින් සිටියි; කෙසේවෙතත්, එය හොදයි. ලිපි ලිවීමෙන්
එය කිරීමට ඔවුන් බැදී සිටියි, මන්ද, ඔවුන් එම පොරොන්දුව සිදු කරයි. එබැවින් ඔබ
සියලු දෙනාම කොහේ සිට බලමින්, සවන් දෙමින් සිටියත්, ඔබ සියලු දෙනාටත්, ඔහු ඉදිරියේ
පෞද්ගලිකව අසුන්ගෙන සිටින අයටත් පෙර, බාප්දාදා ඔබට සෙනෙහස සහ ස්මරණය ලබා දෙනවා.
විවිධ රටවල් වල වේලාව වෙනස් බව බාප්දාදා දන්නවා, නමුත් ඒ තිබියදි සියලු දෙනාම සිහි
කිරීමේ අසුන්ගෙන බොහෝ උද්යෝගයෙන් සවන් දෙමින් සිටිනවා. අච්චා.
තීව්‍ර උත්සාහ දරා
අංක එක වීමේ සිතිවිල්ල ඔබ සියලු දෙනාටම ඇති වුනාද? ඇති වුණාද? ඔබගේ අත් ඔසවන්න!
දැන් ගුරුවරු අත් ඔසවනවා. පළමු පේළිය කොහොමත් මේ අයයි. එය හොදයි. තවද බාප්දාදා ඔබට
මෙම උපදෙස ලබා දුන්නා, දවස පුරාම, විටින් විට, ඔබට විනාඩි පහක් ඇති ඕනෑම විටෙක,
ඔබගේ මනස අභ්‍යාසයේ යොදවන්න, මන්ද, මෙකල, ලෝකයාද ව්‍යායාම් ගැන උනන්දුවක් දක්වයි.
එබැවින් විනාඩි පහක් ඔබගේ මනස ව්‍යායාමයේ යොදවන්න. පරම දනව්වෙන් එය සූක්ෂම කලාපයට
රැගෙන එන්න. ඔබගේ සුරදූත ස්වරූපය සිහි කරගන්න, ඉන්පසුව ඔබගේ වන්දනීය ස්වරූපය සිහි
කරන්න, ඉන්පසුව ඔබගේ බ්‍රහ්මින් ස්වරූපය සහ පසුව දේවතා ස්වරූපය සිහි කරන්න. ඒවා
කීයක් තිබෙනවාද? පහක්. එබැවින් විනාඩි පහකදි මෙම ස්වරූප පහෙන් අභ්‍යාස කරන්න. ඔබට
ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට දවස පුරාම මෙය කළ හැක. මෙයට ඔබට කිසිම භූමියක් හෝ
පිට්ටනියක් අවශ්‍ය නැහැ; ඔබට දිවීමට අවශ්‍ය නැහැ. ඔබට පුටුවක් අවශ්‍ය නැහැ, ඔබට
ආසනයක් අවශ්‍ය නැහැ, ඔබට මැෂිමක් අවශ්‍ය නැහැ. ඔබගේ සිරුරු වලට භෞතික ව්‍යායාම්
අවශ්‍ය වන සේම, එමෙන්ම ඔබට එය කළ හැක, එය කිරීමට ඔබට තහනමක් නැහැ, නමුත් මෙම
අභ්‍යාසයත් සිදු කරන්න, ඔබගේ මනසට මෙම ව්‍යායාමය සිදු කරන්න. මෙය ඔබගේ මනස
නිරන්තරයෙන් සතුටින්, උනන්දුව සහ උද්යෝගයෙන් පිරිපුන්ව තබා ඔබට පියාසර ස්ථිතියේ
අත්දැකීමක් ලබා දෙයි. එබැවින් ඔබ සියලු දෙනාම මේ දැන්ම මෙම අභ්‍යාසය ආරම්භ කරන්න.
පරම දනව්වේ සිට දේවතාවක් වීම දක්වා. (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවූහ). අච්චා.
ඔබගේ ආකල්පයෙන්
ආධ්‍යාත්මික වාතාවරණයක් නිර්මාණය කරන, සියලුම තීව්‍ර උත්සාහයේ යෙදෙන සෑම තැනකම
සිටින දරුවන්ට, ඔවුන්ගේ ස්ථානයෙන් සහ ස්ථිතියෙන් සෑම විටම බලවත් චිත්ත තරංග වල
අත්දැකීමක් ලබා දෙන අයට, අධිෂ්ඨානගත සිතිවිලි ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, සෑම විටම
ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගන්න දයාවෙන් පිරිපුන් ජීවාත්මයන්ට, තමන් පියාසර
ස්ථිතියේ සිටින බව නිරන්තරයෙන් අත්දකින සැහැල්ලු සහ ආලෝකමත් ජීවාත්මයන්ට,
බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.
වරදානය:
ඔබගේ පුළුල්
සහ අසීමිත බුද්ධියෙන් ඔබ සමූහයේ ශක්තිය වැඩි කර, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.
මෙම බ්‍රහ්මින්
ජීවිතයේ ඔබගේ ප්‍රථම ශ්‍රේෂ්ඨ කාර්යය වන්නේ සමූහයේ බලය වැඩි කිරීමයි.මේ සදහා වැඩි
දෙනෙක් ඕනෑම තීරණයක් ගත් විට, ඔබ වැඩි දෙනා සමග සිටීම යනු සමූහයේ බලය වැඩි කිරීමයි.
මෙහිදි, “මගේ අදහස ඉතාම හොදයි” යන සිතිවිල්ල ඇති කර, තමන්ගේ ශ්‍රේෂ්ඨකම ගැන
නොසිතන්න. එය කෙතරම් හොද වුනත්, එය සමූහයේ එකමුතුකම බිද දමන්නේ නම්, එවිට එම “හොද”,
“සාමාන්‍ය” දෙයක් වෙයි. ඒ වෙලාවේ ඔබගේ අදහස ඔබට අත්හරින්නට සිදු වුනත්, එම අත්හැරීම
තුළ භාග්‍යය තිබේ. ඔබ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වී, අන් අය සමග සමීප සම්බන්ධතා
ගොඩ නගන්නේ මෙය සිදු කිරීමෙන්ය.
පාඨය:
පූර්ණ
සාර්ථකත්වය අත්කර ගැනීම සදහා, ඔබගේ මනසේ ඒකාග්‍රතාවය වැඩි කරගන්න.
අව්‍යක්ත සංඥාව: යෝගා
බලයෙන් ඔබගේ මනසින් තමන් මත සහ අන් අය මත පර්යේෂණ සිදු කරන්න.
කාලයට අනුව, දැන්,
ඔබගේ මනසින් සහ වදන් වලින් එකවර සේවය සිදු කරන්න. කෙසේවෙතත්, ඔබගේ වචන වලින් සේවය
කිරීම පහසු නමුත්, මනසින් සේවය කිරීම, අවධානය යොමු කිරීමේ කාරණාවකි. එබැවින්
නිරන්තරයෙන් ඔබගේ මනස තුළ සියලු දෙනා කෙරෙහි යහපත් පැතුම් සහ පිවිතුරු හැගීම්
පවත්වා ගන්න. ඔබගේ වදන් වල මධුර බවේ, තෘප්තියේ සහ පහසු බවේ නවතාවය තිබිය යුතුයි,
එවිට ඔබ සිදු කරන සේවයෙන් අඛණ්ඩව පහසු සාර්ථකත්වය ලැබෙයි.