13.04.25 Avyakt Bapdada
Sinhala
Murli 31.12.2004 Om Shanti Madhuban
මෙම වසරේ ආරම්භයේ
සිටම ඔබගේ අසීමිත නිරාශාවේ ආකල්පය ඉස්මතු කරගන්න. විමුක්ති දේශයේ දොරටුවට යතුර
මෙයයි.
අද දින නව යුගයේ
නිර්මාණකරු වන බාප්දාදා ඔහුගේ දරුවන් සමග නව වසර සැමරීමට ඇවිත්. ඔහුගේ දරුවන්
කෙරෙහි ඇති සෙනෙහසින් ඔවුන් සමග දේවමය හමුවක් සැමරීමට ඔහු දුර ඈත දේශයේ සිට භෞතික
ලෝකයට පැමිණ සිටියි. ලෝකයේ, නව වසර වෙනුවෙන් ඔවුන් එකිනෙකාට සුබ පැතුම් ලබා දෙන
නමුත් බාප්දාදා ඔය දරුවන්ට සුබ පැතුම් ලබා දෙන්නේ නව වසරට මෙන්ම නව යුගයටයි. නව වසර
සැමරීම එක දිනයක පමණක් සැමරීමක් වන අතර ඔබ සංගම යුගයේ නිරතුරුවම නව යුගය සමරයි.
පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසින් ආකර්ෂණය වී, ඔබ සියලු දෙනාම මෙහි පැමිණ ඇත. කෙසේවෙතත්,
ඈතම සිට පැමිණ ඇත්තේ කවුද? ද්විත්ව විදේශිකයන්ද? ඒ වුවද ඔවුන් පැමිණියේ මෙම භෞතික
ලෝකයෙන්, නමුත් දුර ඈත දේශයේ නිවැසියා වන බාප්දාදා පැමිණි දේශය තිබෙන්නේ කෙතරම්
ඈතින්ද? බාබා කෙතරම් සැතපුම් ගණනක් දුර පැමිණියාද කියා ඔබට ගණනය කළ හැකිද? එබැවින්
දුර ඈත නිවැසියා වන බාප්දාදා ඔබ සියලු දෙනාව - ඔබ දියමන්ති ශාලාවේ බාබා ඉදිරියේ
අසුන් ගෙන සිටියත් ඔබ මධුබන්, ග්‍යාන් සරෝවර් වල හෝ ගැලරියේ අසුන් ගෙන සිටියත්, මේ
දේශයේ සහ විදෙස් රටවල දුර ඈත අසුන්ගෙන සිටියත් - ඔබ දුර ඈත සිට දකිමින් සවන් දෙමින්
බාප්දාදා සමග හමුවක් සමරනවා. එබැවින් සෑම තැනකම සිටින සියලුම දරුවන්ට නව යුගයට සහ
නව වසරට කෝටි - ගුණයක සුබ පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්. නව යුගය ඔය දරුවන්ගේ
දෑස් ඉදිරියේ තිබෙනවා නේද? එපමණයි. අද ඔබ සංගම යුගයේ සිටින අතර හෙට ඔබ නව යුගයේ,
රාජධානියට අයිතියක් ඇති අය ලෙස ඔබගේ රාජධානිය පාලනය කරයි. එය එතරම් සමීප බව ඔබ
අත්දකිනවාද? එය අද සහ හෙට පිළිබද ප්‍රශ්නයක් පමණයි. ඊයේ (කල්) ඔබ එය වී සිටි අතර
හෙට (කල්) ඔබ නැවත වතාවක් එය වීමට යනවා. ඔබගේ නව යුගයේ, ස්වර්ණමය යුගයේ, ඔබගේ
රත්තරන් ඇඳුම ඔබට පෙනෙනවාද? එය ඉතාම ලස්සණයි. ඔබට එය පැහැදිලිව පෙනෙනවා නේද? අද ඔබ
සාමාන්‍ය ඇඳුමකින් සිටින අතර හෙට ඔබ නව යුගයේ ලස්සණ දිලිසෙන ඇඳුමක් පැලද සිටිවි. නව
වසරට, ඔවුන් මෙම එක දවසේදි එකිනෙකාට තෑගි ලබා දෙයි. කෙසේවෙතත්, නව යුගයේ නිර්මාණකරු
වන බාප්දාදා බොහෝ උපත් ගණනාවක් පවතින ස්වර්ණමය ලෝකයේ තෑග්ග ඔබට ලබා දී ඇත. එය විනාශ
වන තෑග්ගක් නොවෙයි. පරම පියා ඔය දරුවන්ට අවිනාශී තෑග්ගක් ලබා දී ඇත. ඔබට එය මතකද?
ඔබට එය අමතක වී නැහැ නේද? ඔබට තත්පරයකදි පැමිණ ආපසු යාමට හැක. එක මොහොතක ඔබ සංගම
යුගයේ සිටින අතර ඊලග මොහොතේ ඔබගේ ස්වර්ණමය ලෝකයට ඔබට ළගා විය හැක. එසේ නැත්නම් එයට
දිග කාලයක් ගත වනවාද? එවිට ඔබට ඔබගේ රාජධානිය සිහි වෙනවා නේද?
අද දවස, සමුදීමේ දිනය
ලෙස හදුන්වන අතර මධ්‍යම රාත්‍රියෙන් පසුව එය සැමරීමේ කාලය ලෙස හැදින්වෙයි. එබැවින්,
සමුදීමේ දිනයේ, වසරට සමු දීමත් සමගම ඔබ තව කුමටද සමුදුන්නේ? ඔබ සෑම කලටම සමු
දුන්නාද, නැත්නම් කෙටි කාලයකට පමණක් සමු දුන්නාද කියා ඔබ පරීක්ෂා කර බැලුවාද? කාලය
ඉතා සීග්‍රයෙන් ඉදිරියට ඇදෙන බව බාප්දාදා ඔබට දැනටමත් මින් පෙරද පවසා ඇත. එබැවින්
ඔබගේ උත්සාහයේ වේගය වේගවත්ද කියා, මුළු වසරේම ප්‍රතිඵලය ඔබ පරීක්ෂා කළාද? නැත්නම්
එය විටෙක එක් වේගයක සහ තවත් විටෙක වෙනත් වේගයක තිබුණාද? ලෝකයේ තත්ත්වය දැක ඔබ දැන්
විශේෂයෙන් ඔබගේ ස්වරූප දෙක ඉස්මතු කරගත යුතුයි. මෙම ස්වරූප දෙක වන්නේ: සියලුම දෙනා
කෙරෙහි සානුකම්පිත සහ පරහිතකාමී වීමයි. දෙවනුව, සෑම ජීවාත්මයක්ම වෙනුවෙන් මාස්ටර්
පිරිනමන්නෙක්, පිරිනමන්නාගේ දරුවෙක් වීමය. ලෝකයේ ජීවාත්ම සම්පූර්ණයෙන් බෙලහීනව,
දුකින්, අසාමයෙන් සහ කන්නලව් කරමින් සිටියි. ඔවුන් පරම පියාට සහ ඔය වන්දනීය
ජීවාත්මයන්ට කන්නලව් කරමින් සිටියි. “සුළු මොහොතකට වුනත් - අපට සතුට, සාමය,
ප්‍රීතිය සහ ධෛර්යය දෙන්න.” දරුවන්ගේ දුක සහ අසහනය දැකීමට සහ ඇසීමට, පියා කිසිසේත්
කැමති නැහැ. ඔය සියලු වන්දනීය ජීවාත්මයන්ට අනුකම්පාවක් දැනෙන්නේ නැද්ද? ඔවුන්
අයදිමින් සිටියි: “දෙන්න, දෙන්න, දෙන්න!” එබැවින් පිරිනමන්නාගේ දරුවනේ, අඩු තරමින්
ඔවුන්ට එක බිදක් දෙන්න! පරම පියා ඔය දරුවන්ව, ඔහුගේ සහකරුවන්, මාස්ටර් දානපතියන් සහ
ඔහුගේ දකුණත් බවටත් පත් කර ඔබට මෙම සංඥාව ලබා දෙනවා: ඔබ ලෝකයේ එම සියලුම
ජීවාත්මයන්ට විමුක්තිය ලබා දිය යුතුයි. සියලු දෙනාම විමුක්ති දේශයට යා යුතුයි. ඕ,
දානපතිගේ දරුවනේ, දැන් ඔබගේ උසස් සිතිවිලි වලින්, ඔබගේ මනසේ බලයෙන්, ඕනෑම
ක්‍රමවේදයකින් ඔවුන්ට මුක්තිය ලබා දෙන්න, එය වදන් වලින්, නෑ සම්බන්ධතා තුළින්, සුබ
පැතුම් සහ පිවිතුරු හැගීම් වලින්, චිත්ත තරංග හෝ වාතාවරණයෙන් විය හැක. ඔවුන් හඩමින්
කන්නලව් කරනවා: “අපට මුක්තිය ලබා දෙන්න!” බාප්දාදා ඔහුගේ දකුණත් වලට පවසන්නේ :
අනුකම්පා කරන්න.
මේ වනතුරු ඔබ භාරතයේ
පවත්වා ඇති සියලුම මෙගා වැඩසටහන් සහ සම්මන්ත්‍රණ වලින් සහ විදෙස් රටවල විවෘත කර ඇති
මධ්‍යස්ථාන තුළින්, ලෝකයේ සම්පූර්ණ ජීවාත්ම සංඛ්‍යාවෙන් ඔබ කොපමණ ප්‍රතිශතයකට
මුක්තියට මාර්ගය පෙන්වා තිබේද කියා ගණනය කරන්න. ඔබ භාරතයට හෝ විදෙස් රටවලට, මහද්වීප
පහට පමණක් සෙත සලසන්නන්ද? ඔබ මධ්‍යස්ථානයක් විවෘත කර ඇති ඕනෑම ස්ථානයක් ඇත්නම්, ඔබ
එම ස්ථානයට සෙත සලසන්නෙක්ද, නැත්නම් ලොවට සෙත සලසන්නන්ද? ලෝකයට යහපතක් සිදු කිරීම
සදහා, ඔය සෑම කෙනෙක්ම පරම පියාගේ දකුණතක් විය යුතුයි. ඔබ දකුණත් නේද? ඔබ කෙනෙකුට
යමක් දෙන විට ඔබ එය දෙන්නේ කෙසේද? ඔබ එය දෙන්නේ ඔබගේ අත් වලින් නේද? එබැවින් ඔබ
බාප්දාදාගේ අත් නේද? ඔබ ඔහුගේ අත්ය. එබැවින් බාප්දාදා ඔහුගේ දකුණත් වලින් විමසන්නේ,
ඔබ කොපමණ ප්‍රතිශතයකට යහපතක් සලසා තිබේද? බාබාට කියන්න. මෙය ගණනය කරන්න. ඔය
පාණ්ඩවයන් ගණනය කිරීමට දක්ෂයි නේද? මේ නිසයි බාප්දාදා මෙසේ කියන්නේ : දැන් තමන්ගේම
උත්සාහයන් මෙන්ම, සේවය කිරීමේ විවිධ ක්‍රමවේද වල උත්සාහය, තීව්‍ර කරන්න. තමන්ගේ මනෝ
ස්ථිතිය අතින්, විශේෂ කාරණා සතරක්ද පරීක්ෂා කර බලන්න. මෙය තීව්‍ර උත්සාහ දැරීම ලෙස
හැදින්වෙයි.
පළමුව, ඔබට උපකරණයක්
වීමේ හැගීම තිබේද කියා පරීක්ෂා කරන්න. “මම” යන රාජකීය ස්වරූපයේ කිසියම් අවධානයක්
තිබෙනවාද? “මගේ” යන කිසියම් හැගීමක් තිබෙනවාද? සාමාන්‍ය මිනිසුන්ට “මම” සහ “මගේ”
සාමාන්‍යයි, ඒවා දළ දේවල්. කෙසේවෙතත්, බ්‍රහ්මින් දිවියේ “මගේ” සහ “මම” සූක්ෂමයි,
එමෙන්ම රාජකීයයි. එහි භාෂාව කුමක්ද කියා ඔබ දන්නවාද? “මෙය සෑම විටම සිදු වෙනවා. මෙය
සෑම විටම පවතිනවා. මෙය සිදුවෙයි. අපි ගමන් කරනවා, අපි දකිනවා...” එබැවින් එකක්
වන්නේ උපකරණයක් (නිමිත්) වීමය. ඔබ සෑම අන්දමකින්ම උපකරණයකි, සේවයේදි, ඔබගේ මනෝ
ස්ථියෙන් සහ ඔබගේ නෑ සබැදියා වලදි. ඔබගේ මුහුණ සහ ක්‍රියාකාරකම් උපකරණයකගේ මෙන් විය
යුතුයි. එහි දෙවන විශේෂත්වය වන්නේ, උපකරණයක් වීමේ හැගීම සහ නිහතමානී (නිර්මාන)
වීමය. උපකරණයක් වීම සහ නිරහංකාරකම තිබීම. උපකරණයක් වී, නිරහංකාරීව පුනරුදය
(නිර්මාණ්) සිදු කිරීම. ඉතිං ඔබ කරුණු තුනකට සවන් දුන්නා - උපකරණයක්, නිරහංකාරකම,
පුනරුදය සහ සතරවන කාරණාව වන්නේ ශබ්දය ඉක්මවා (නිර්වාණ) සිටීම. ඔබට අවශ්‍ය ඕනෑම
විටෙක ශබ්දය ඉක්මවූ දේශයට ළගා වන්න. ශබ්දය ඉක්මවූ ස්ථිතියේ ස්ථාවර වන්න, මන්ද, ඔබම
ශබ්දය ඉක්මවූ ස්ථිතියේ සිටින විට පමණයි ඔබට වෙනත් ජීවාත්මයන්ට ශබ්දය ඉක්මවූ දේශයට
යාමට මග පෑදිය හැකි වන්නේ. දැන් සියලු දෙනාටම අවශ්‍ය වී ඇත්තේ, මුක්තියයි. ඔවුන්
කන්නලව් කරයි: “අපව මුදවා ගන්න! අපව මුදවන්න!” එබැවින් ඔබගේ ප්‍රායෝගික ජීවිතයේ මෙම
කාරණා සතරින් හොද ප්‍රතිශතයක් තිබීම යනු, තීව්‍ර උත්සාහ දරන්නෙක් වීමය. එවිට
බාප්දාදා මෙසේ කියයි : අපූරුයි! අපූරුයි දරුවනේ, අපූරුයි! ඔබත් මෙසේ කියයි:
“අපූරුයි, බාබා අපූරුයි! අපූරුයි, නාටකය අපූරුයි! අපූරුයි, උත්සාහය අපූරුයි!”
කෙසේවෙතත්, ඔබ පවසන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද? ඔබ දන්නවාද? විටෙක ඔබ කියන්නේ
“අපූරුයි” එමෙන්ම තවත් විටෙක ඔබ කියන්නේ “ඇයි?”. “ඇයි?” වෙනුවට එය “හායි” (අසහනය)
වෙයි. එබැවින් එය “ඇයි?” නොවෙයි, නමුත් “අපූරුයි!” විය යුතුයි. ඔබ ප්‍රිය කරන්නේ
කුමක්ද? අපූරුයිද නැත්නම් ඇයිද? ඔබ ප්‍රිය කරන්නේ කුමටද? (අපූරුයි) ඔබ “ඇයි” කියා
කිසි විටෙක කියන්නේ නැද්ද? එය වැරදීමකින් එනවද?
ඔය ද්විත්ව
විදේශිකයන් “ඇයි? ඇයි?” කියනවාද? ඔබ මෙය කියනවාද? ඔබ “ඇයි” කියනවාද? ඔබ ඇතැම් විට
එය කියනවාද? කිසිම විටෙක “ඇයි?” නොකියන අය අත් ඔසවන්න! ඉන්නේ ඔබගෙන් ටික දෙනෙක්
පමණයි. භාරත වැසියන්ගෙන් “අපූරුයි, අපූරුයි” කියනවා වෙනුවට “ඇයි? කුමක්ද?” කියන අය
අත් ඔසවන්න! ඔබ “ඇයි?” හෝ “කුමක්ද?” කියා කියනවද? ඔබට අවසර දුන්නේ කවුද? ඔබගේ
සංස්කාරද? ඔබගේ පැරණි සංස්කාර ඔබට “ඇයි? ඇයි?” කිමට අවසර දී ඇති අතර පියා පවසන්නේ,
මෙසේ කියන්න: “අපූරුයි, අපූරුයි!” “ඇයි? ඇයි?” නොකියන්න. එබැවින් ඔබ දැන් නව වසරේ
කුමක්ද කරන්නේ? ඔබ “අපූරුයි, අපූරුයි! කියනවාද? නැත්නම් ඔබට ඇතැම් විටෙක “ඇයි?”
කීමට අවසර දිය යුතුද? “ඇයි? ඇයි?” හොද නැත. ඔබට වාත අමාරුවක් (වායි-හින්දියෙන් වාත
අමාරුව) තිබෙන විට, ඔබගේ ආමාශයේ අපහසුවක් ඇති වනවා නේද? එබැවින් “ඇයි?” (why?) වාත
අමාරුවක් වැනිය. මෙය නොකරන්න. “අපූරුයි, අපූරුයි!” බොහෝ සේ හොද බව දැනෙයි. ඔබ සියලු
දෙනාමත් “අපූරුයි, අපූරුයි, අපූරුයි!” කියන්න.
අච්චා. භාරතයේ දුර
සිට සහ විදෙස් රටවල සිට සවන් දෙමින් සහ බලමින් සිටින අයට, බාබා ඔය දරුවන්ගෙන්ද
විමසන්නේ : ඔබ කියන්නේ “අපූරුයි, අපූරුයි” කියාද, නැත්නම් “ඇයි? ඇයි?” කියාද? අද එය
සමුදීමේ දිනයයි. අද එය සමුදීමේ දිනයයි, වසරේ අවසන් දිනයයි. එබැවින් ඔබ තව දුරටත්
“ඇයි? නොකියන බවට සිතිවිල්ල ඔබ සියලු දෙනාටම තිබේ. ඔබ ඒ ගැන සිතන්නේ වත් නැහැ.
ප්‍රශ්නාර්ථ ලකුණක් නොවෙයි, විශ්මයේ ලකුණක් නොවෙයි, නැවතීමේ තිතක් පමණයි. ඔබ
ප්‍රශ්නාර්ථ ලකුණක් ලියන විට එය බොහෝ ඇදයි, නමුත් නැවතීමේ තිතක් ලිවීම ඉතාම පහසුයි.
තිත වන පියාව ඔබගේ දෑස් තුළ සරළව මුසු කරගන්න. ඔබ බලන කළු ඉංගිරියාව තිබෙන්නේ ඔබගේ
දෑස් ඇතුලේ සේම, තිත වන පරම පියාව නිරන්තරයෙන් ඔබගේ දෑස් තුළ මුසු කර ගන්න. ඔහුව
මුසු කරගන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? නැත්නම් ඔහු එම ඉඩ ප්‍රමාණයට ඔබින්නේ නැද්ද?
ඔහු ඉහළට හෝ පහළට යනවද? එසේ නම් ඔබ කරන්නේ කුමක්ද? ඔබ සමු දෙන්නේ කුමටද? “ඇයි?” යන
දේට. විශ්මිත සලකුණක ලකුණක් වත් නොතිබිය යුතුයි: “මෙය වන්නේ කෙසේද?” “මෙයත් සිදු
වෙනවද?” “එය සිදු නොවිය යුතුයි, එසේ නම් එය සිදුවන්නේ ඇයි?” ප්‍රශ්නාර්ථ ලකුණක් හෝ
විශ්මයේ ලකුණක් වත් නොතිබිය යුතුයි. පියා සහ මා පමණයි. බොහෝ දරුවන් පවසන්නේ, “මෙය
සෑම විටම සිදුවනවා නේද?” ඔවුන්ගේ හදවතට සමීප කතාබස් වලදි ඔවුන් බාප්දාදාට බොහෝ
විනෝදාත්මක දේවල් කියයි. ඔවුන්ට පෞද්ගලිකව මුහුණට මුහුණලා සෑම දෙයක්ම බාබාට පැවසිය
නොහැකි බැවින්, ඔවුන්ගේ හදවතට සමීප කතාබස් වලදි සියල්ල කියයි. හොදයි, කුමක්
සිදුවුනත් එය හොදයි (චල්තා හේ - ගමනේ යනවා), නමුත් ඔබ ඇවිදිනවා වෙනුවට (චල්නා -
ඇවිදීම) ඔබ පියාසර කළ යුතුයි. එබැවින් නිකම්ම ගමනේ යන දේවල් දෙස ඔබ බලන්නේ ඇයි?
පියාසර කර අන් අයවත් පියාසර කරවන්න! සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් ඉතාම බලවත්ය,
නමුත් එහි මැද “ඇයි?” නොතිබිය යුතුයි. සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් හැර වෙනත්
කිසිවක් නොතිබිය යුතුයි. මේවා කෙතරම් බලවත්ද යත්, ඔබගේ පිවිතුරු හැගීම් වලින් ඔබට
අපවිත්‍ර හැගීම් ඇති කෙනෙක්ව පරිවර්ථනය කළ හැක. හොදයි, ඔබට ඔවුන්ව පරිවර්ථනය කළ
නොහැකි නම්, එවිට දෙවන විකල්පය වන්නේ: ඔබගේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් අවිනාශී
නම්, ටික වෙලාවකට පමණක් නොවෙයි, නමුත් අවිනාශී නම්, එවිට ඔවුන්ගේ අපවිත්‍ර හැගීම්
වල බලපෑමට ඔබ හසු වන්නේ නැහැ. ඔබ මෙසේ විමසන්නේ නම්, “මෙය සිදුවන්නේ ඇයි? මෙය තව
කෙතරම් කාලයක් පවතියිද? මෙය නොකඩවා සිදු වන්නේ කෙසේද?” එවිට ඔබගේ සුබ පැතුම් වල බලය
අඩු වෙයි. එසේ නැත්නම් ඔබගේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් වල සිතිවිලි වලට බොහෝ
බලය තිබේ. බලන්න, ඔබ සියලු දෙනාම බාප්දාදා වෙතට පැමිණියා. ඔබගේ පළමු දිනය සිහි
කරන්න. බාප්දාදා කළේ කුමක්ද? ඔවුන් අපවිත්‍ර අය වුනත්, පාපකාරී අය වුනත්, පැමිණියේ
සාමාන්‍ය අය හෝ විවිධ ආකල්ප ඇති අය වුනත්, බාප්දාදා කළේ කුමක්ද? ඔහු තුළ ඔබ
වෙනුවෙන් සුබ පැතුම් තිබුණා නේද? ඔබ මගෙයි. ඔබ මාස්ටර් සර්ව බලධාරීන්. ඔබ හදවත්
සිහසුන මත අසුන්ගෙන සිටිනවා. ඔබ වෙනුවෙන් ඔහුට එම සුබ පැතුම් සහ පිවිතුරු හැගීම්
තිබුණා නේද? ඔබ පියාට අයත් වීමට පැමිණියේ මේවා සමගයි. පියා කිසිදු දිනයක මෙසේ
පැවසුවාද, “ඔය පාපතරයන් පැමිණියේ ඇයි?” ඔහු තුළ නිරන්තරයෙන් තිබුණේ සුබ පැතුම්, “ඔබ
මගේ දරුවන්. ඔබ මාස්ටර් සර්ව බලධාරීන්.” පියා තුළ ඔබ වෙනුවෙන් සුබ පැතුම් සහ
පිවිතුරු හැගීම් තිබුණු විට, ඔබගේ හදවත පැවසුවේ කුමක්ද? “මගේ බාබා.” ඉන්පසුව පියා
පැවසුවේ කුමක්ද? “මගේ දරුවන්” ඒ අන්දමින්ම ඔබ තුළත් නොකඩවා සුබ පැතුම් සහ පිවිතුරු
හැගීම් තිබෙන්නේ නම්, ඔබට කුමක්ද දැක ගැනීමට හැකි වන්නේ? “පෙර චක්‍රයේ මගේ සුමිහිරි
සහෝදරයා, මගේ බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ සහෝදරිය”. පරිවර්ථනය සිදු වෙයි.
එබැවින් මේ වසරේ යමක්
සිදු කර පෙන්වන්න. නිකම්ම ඔබගේ අත් ඔසවන්න එපා. ඔබගේ අත් ඔසවන්න ඉතාම පහසුයි. ඔබගේ
මනසේ අත් ඔසවන්න. මන්ද? තවමත් කිරීමට බොහෝ දේ තිබෙනවාද? බාප්දාදා අවට බලා, ලෝකයේ
ජීවාත්ම දකින විට, ඔහුට බොහෝ අනුකම්පාවක් දැනෙයි. දැන් සොබා දහමේ පදාර්ථ වලට පවා
වෙහෙසකාරීයි. සොබාදහමටත් මහන්සියි, එබැවින් ඇයට කළ හැක්කේ කුමක්ද? ඇය ජීවාත්මයන්ට
කරදර ගෙන දෙයි. දරුවන්ව දැක, පියාට අනුකම්පාවක් දැනෙයි. ඔබ සියලු දෙනාට අනුකම්පාවක්
ඇති වන්නේ නැද්ද? ඔබ පුවත් වලට සවන් දී නිහඩ වෙයි. එපමණයි. බොහෝ ජීවාත්ම පිටව ගොස්
ඇත. එම ජීවාත්මයන්ට බාබාගේ පණිවිඩය ලැබීම අහිමි වී ඇත. අඩු තරමින් දැන්වත්
දානපතියන් වී, සානුකම්පිත වන්න! එය සිදුවෙයි. මේ වසරේ ආරම්භයේ සිටම ඔබගේ අසීමිත
නිරාශාවේ ආකල්පය ඔබ තුළ ඉස්මතු වූ විට පමණයි, ඔබට සානුකම්පාවක් ඇති වන්නේ. අසීමිත
නිරාශාවේ ආකල්පයක් - ශරීරය පිළිබද අවධානය හෝ ශරීර අවධානයත්, අසීමිත නිරාශාව යන
අවධානයේ අඩුවක්. සුළු දේවල්, නොවැදගත්, සීමිත දේවල් ඔබගේ මනෝ ස්ථිතිය චංචල කරයි.
එයට හේතුව කුමක්ද? අසීමිත නිරාශාවේ ආකල්පය නොමැතිකමය. බැදීම් තිබේ. නිරාශාව නොමැති
නමුත් බැදීම් තිබේ. ඔබට සම්පූර්ණ අසීමිත නිරාශාව තිබෙන විට - ඔබගේ ආකල්පයේ පවා
නිරාශාවක් ඇති විට, ඔබගේ දැක්මේ, ඔබගේ නෑ සම්බන්ධතාවල සහ සේවයේ අසීමිත නිරාශාවක්
තිබෙන විට - විමුක්ති දේශයට දොරටු විවර වන්නේ එවිට පමණයි. දැන් පිටව යන ජීවාත්ම,
නැවත උපත් ගෙන දුක අත්දකියි. කෙසේවෙතත්, මුක්ති දේශයට දොරටු විවර කිරීමට උපකරණ
වන්නේ ඔබ නේද? ඔබ බ්‍රහ්ම පියාගේ සහකරුවන් නේද? එබැවින් දොරටු විවර කිරීමේ යතුර
වන්නේ ඔබගේ අසීමිත නිරාශාවේ ආකල්පයයි. යතුර තවමත් භාවිතා කර නොමැත; යතුර තවමත්
නිපදවා ද නැත. බ්‍රහ්ම පියා පවා තවමත් බලා සිටිනවා. පෙර ගමන් ගිය අයත් (advance
party) බලා සිටිනවා. ස්වභාව ධර්මයේ පදාර්ථත් බලා සිටිනවා. ඔවුන් බොහෝ සේ වෙහෙසට
පත්ව සිටියි. මායා පවා ඇගේ දින ගණන් කරමින් සිටිනවා. ඕ මාස්ටර් සර්ව බලධාරින්, දැන්
කතා කරන්න, ඔබ කිරීමට යන්නේ කුමක්ද කියා මට කියන්න!
මේ වසරේ ඔබ යම්
නවතාවයක් ගෙන එනවා නේද? ඔබ එය හදුන්වන්නේ නව වසර ලෙසයි, එබැවින් ඔබ යම් අළුත් දෙයක්
කරනවා නේද? ඉතිං, දැන් අසීමිත නිරාශාවේ ආකල්පයක් ඇති වීමට සහ මුක්ති දේශයට යාමට
යතුර සූදානම් කරන්න. ඔබ සියලු දෙනාමත් ප්‍රථමයෙන් මුක්ති දේශයට යනවා නේද? ඔහුත් සමග
ඔබ ආපසු යන බව, ඔහු සමග පහළට පැමිණෙන බව, ඔහු සමග රාජධානිය පාලනය කරන බව සහ ඔහු සමග
භක්තිය සිදු කරන බව, ඔබ බ්‍රහ්ම පියාට පොරොන්දු විය. එබැවින් දැන් සූදානම් වන්න. ඔබ
එය මේ වසරේ සිදු කරනවාද, නැත්නම් ඔබට තව වසරක් අවශ්‍යද? තමන් නැවත නැවතත් “කරුණාකර
අවධානයෙන්!” සිටියි, කියා සිතන අය, අත් ඔසවන්න! ඔබ එය කරනවාද? එවිට පෙර ගමන් ගිය අය
ඔබට බොහෝ සුබ පැතුම් ලබා දෙයි. ඔවුන්ද වෙහෙසට පත්ව සිටියි. අච්චා, ගුරුවරු පවසන්නේ
කුමක්ද? පළමු පෙළේ අය පවසන්නේ මොනවද? ප්‍රථමයෙන් පළමු පෙළේ සිටින ඔය ශක්තීන් සහ
පාණ්ඩවයන්, මෙය කරන්නේ කවුද? ඔබගේ අත් ඔසවන්න! භාගෙට නොවෙයි; ඔබ භාගෙට අත් ඔසවන්නේ
නම්, එවිට ඔබ එය සිදු කරන්නේද අර්ධ වශයෙන් පමණක් බව කියයි. ඔබගේ අත් ඉහළට ඔසවන්න!
අච්චා. සුබ පැතුම්. සුබ පැතුම්. බාප්දාදා ඔය ද්විත්ව විදේශිකයන්ට ඔබගේ අත් ඔසවන්න
කියයි. ද්විත්ව විදේශිකයන් එකිනෙකා දෙස බලා, අත් ඔසවා නැති අය කවුද කියා බලන්න.
අච්චා. සින්දි කණ්ඩායමේ අයත් අත් ඔසවනවා; එය විශ්මයක්. ඔබත් මෙය කරනවද? සින්දි
කණ්ඩායම මෙය කරනවද? එසේ නම් දෙගුණයක සුබ පැතුම්. ඉතා හොදයි. එකිනෙකාට ඇසුර ලබා දෙන
අතර, සුබ පැතුම් සහ අත් එකතු කරමින් සංඥා කරන අතර ඔබ එය කළ යුතුයි. අච්චා. (සමූහයේ
කෙනෙක් කෑගැසීය). සියලු දෙනාම ඉදගන්න. එය අළුත් දෙයක් නොවෙයි.
දැන් තත්පරයකදි තිතක්
වී, තිතක් වන පියාව සිහි කරන්න, එමෙන්ම කුමන සිදුවීමක් තිබුණත් ඒවාට නැවතීමේ තිතක්
තබන්න. ඔබට එය කළ හැකිද? තත්පරයකදි “මා බාබාගේ වන අතර බාබා මගෙයි.” අච්චා.
නව යුගයේ පාලකයන් වන
සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට, උනන්දුවෙන් සහ උද්යෝගයෙන් නව වසර සමරන,
නිරන්තරයෙන් පියාසර කරමින් අන් අයවත් පියාසර කරවන සෑම තැනකම සිටින සියලුම දරුවන්ට,
පියාසර ස්ථිතියේ සිටින එවන් දරුවන්ට, තීව්‍ර උත්සාහයේ යෙදි, ජයග්‍රාහී මාලාවේ පබුළු
බවට පත්වන ජයග්‍රාහී මාණික්‍යයන්ට, නව වසරට සහ නව යුගයට බාප්දාදාගෙන් බදුන් පුරවා
ආශිර්වාද වලින් පිරි සුබ පැතුම්, කෝටි ගුණයක සුබ පැතුම්, සුබ පැතුම්. ඔබට එක්
අතකින් අත් පොළසන් ගැසිය හැක (ඔබගේ අත වනන්න). අච්චා.
වරදානය:
ඔබ,
ඒකාග්‍රතාවය සහ ස්ථාවරත්වය පුහුණු කිරීමෙන් ඔබගේ මනෝ ස්ථිතිය නිරන්තර සහ ස්ථාවර කර
ඒ අනුව පූර්ණ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වේවා.
ඔබට මනසේ ඒකාග්‍රතාවය
තිබෙන විට, ඉබේටම නිරන්තර සහ ස්ථාවර ස්ථිතියක් තිබෙයි. ඒකාග්‍රතාවය තුළින් සියලු
නිෂ්ඵල සිතිවිලි, වචන සහ ක්‍රියා අවසන් වී, සෑම දෙයක්ම බලයෙන් පිරෙයි. මනසේ
ඒකාග්‍රතාවය යනු, මුළු ගසේම ව්‍යාප්තිය මුසුවී ඇති එක උසස් සිතිවිල්ලක ස්ථාවරව රැදී
සිටීමයි. ඔබගේ ඒකාග්‍රතාවය වැඩි කරගන්න, එවිට සියලු ආකාරයේ කැලඹිලි අවසන් වෙයි.
ඔබගේ සියලුම සිතිවිලි, වදන් සහ ක්‍රියා පහසුවෙන් සාර්ථක වෙයි. මේ සදහා හුදකලාවේ
සිටින කෙනෙක් වන්න.
පාඨය:
ඔබ අතින් වරක්
වැරදීමක් සිදුවූ පසුව, ඒ ගැන නැවත නැවතත් සිතීම යනු, පැල්ලමක් මත නැවත නැවතත්
පැල්ලමක් තැවරීමයි. එබැවින් අතීතයට නැවතීමේ තිතක් තබන්න.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
වත්මන් කාලයේ,
ජීවාත්මය සහ සිරුර ඒකාබද්ධව ඇති සේම, ඔබ සහ පරම පියා ඒකාබද්ධ වී සිටින්න. සරළව මෙය
මතකයේ තබා ගන්න: “මගේ බාබා”. ඔබගේ නළල මත නිරන්තරයෙන් සහකාරිත්වයේ තිලකය පැලද
සිටින්න. ඔබට කිසි විටෙක ඔබගේ “සුහාග්” (සැමියා), ඔබගේ සහකරු අමතක විය නොහැක.
එබැවින් ඔබගේ සහකරුව සෑම විටම ඔබත් සමග තබා ගන්න. ඔබ ඔහු සමග සිටින්නේ නම්, ඔබ ඔහු
සමග ආපසු යයි. ඔබ ඔහුත් සමග හිද, ඔහු සමග ආපසු යා යුතුයි. සෑම තත්පරයක සහ සෑම
සිතිවිල්ලකම ඔහු සිටින්නේ ඔබ සමගයි.