13.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සියලුම ශාරිරික ජීවීන් කෙරෙහි ඇති සෙනෙහස ඉවත් කර ගෙන එකම එක අශාරිරික
පියාව පමණක් සිහිපත් කරන්න. එවිට ඔබගේ සියලුම ඉන්ද්‍රියන් සිසිල් වනු ඇත.
ප්‍රශ්නය:
දේවතා වංශයට
අයිති ජීවින්ගේ ගති ලක්ෂණ මොනවාද?
පිළිතුර:
1) දේවතා වංශයට අයිති අයට ඉතාමත් පහසුවෙන් පැරණි ලෝකය කෙරෙහි නිරාශාවක් ඇති කර ගත
හැක. 2) ඔවුන්ගේ සිහිය සෑම විටම ඇත්තේ අසීමිත තත්ත්වය තුළයි. ශිවාලය වෙත යාම සඳහා
ඔවුන් පාරිශුද්ධ මල් බවට පත් වීමට උත්සාහා දරමින් සිටිති. 3) ඔවුන් තුළ කිසිම
ආකාරයක යක්ෂ ක්‍රියාකලාපයන් නොමැත. 4) ඔවුන් වාර්තාවක් තබා ගනිමින් තමන් කිසිම යක්ෂ
ක්‍රියාවක් නොකරන බව පරික්ෂා කර බලයි. 5) ඔවුන් පියාට ඇත්තම පවසන අතර කිසිම දෙයක්
සඟවන්නේ නැත.
ගීතය:
අපි ඔහුගෙන්
වෙන් වන්නෙත් නැහැ. කිසිඳු දුකක් ඇති වන්නේත් නැහැ.
ඕම් ශාන්ති.
මේ සියල්ල අසීමිත කරුණුයි. සියලුම සීමිත දේ දැන් අවසන් වී ඇත. මෙම ලෝකයේ බොහෝදෙනා
සිහිපත් කරති; ශාරිරික ජීව ගණනාවක් වෙත සෙනෙහස ඇත. උත්තරීතර පියා, උත්තරීතර
ජීවාත්මය, ශිවා කියා හඳුන්වන එකම එක අශාරික කෙනෙක් පමණයි සිටින්නේ. ඔබගේ බුද්ධියේ
යෝගාව දැන් සම්බන්ධ වී තිබිය යුත්තේ ඔහු වෙතටම පමණි. කිසිම ශාරිරික කෙනෙක්ව සිහිපත්
කරන්න එපා. බ්‍රහමිණ් පූජකවරුන්ට දාන මාන දීම ආදිය කලි යුගයට අයිති සිරිත් විරිත්ය.
මෙහිත් එහිත් ඇති සිරිත් විරිත් සම්පූර්ණයෙන්ම වෙනස්ය. කිසිඳු ශාරිරික කෙනෙක්ව දැන්
සිහිපත් නොකළ යුතුයි. එම තත්ත්වයට පැමිණෙන තෙක් උත්සාහ දැරිය යුතුයි. පියා කියනවා :
කළ හැකි උපරිමයෙන් සිටි සෑම කෙනෙක්ම අමතක කර දමන්න. එමෙන්ම මෙම පැරණි ලෝකයේ සිටිනා
සෑම කෙනෙක්වමත් අමතක කර දමන්න. මුළු දවස පුරාම අන් අයට පහදා දිය යුත්තේ කුමන කරුණු
ද යන්න ගැන ආවර්ජනය කරන්න. ලෝකයේ අතීතය, වර්තමානය හා අනාගතය ගැන දැන ගැනීමට
පැමිණෙන්න කියා සෑම කෙනෙකුටම කියන්න. කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. අතීතය යනු එය
ඇරඹුණු කාලයයි. එය ඇරඹුණේ සත් යුගයෙනි. වර්තමානය යනු දැන් පවතින තත්ත්වයයි. එනම්,
සත් යුගයේ සිට මේ දක්වා වූ කාලයයි. අනාගතය සිදු වීමට යන දේයි. ලෝකයේ සිටිනා කිසිම
කෙනෙක් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. දරුවන් වන ඔබලා මෙය දන්නා නිසා තමයි මෙම පෝස්ටර්
ආදිය නිර්මාණය කරන්නේ. මෙය අති විශාල වූ අසීමිත නාටකයකි. මිනිසුන් නොයෙකුත් ආකාරයේ
මිත්‍යා නාටක පවා නිර්මාණය කරනවා. නාටකයක කර්තෘත් එහි ජවනිකා සාදන කෙනාත් එකිනෙකට
වෙනස්. මේ සියලුම රහස් දැන් ඔබගේ සිහියේ තිබෙනවා. දැන් ඔබට පේන්න ඇති කිසිම දෙයක්
ඉතිරි වන්නේ නැහැ; ඒ සියල්ල විනාශ වීමටයි යන්නේ. එමනිසා, සත් යුගය කුමන ආකාරයේ
දෙයක් දැයි කියා පෙන්විය හැකි ආකාරයේ ලස්සන සිතුවම් ඔබ නිර්මාණය කළ යුතුයි. අජ්මිර්
වල ද්වාරකා නගරයේ ආකෘතියක් සාදා තිබෙනවා. එයිනුත් යමක් ගෙන නව ලෝකය කොයි ආකාරයේ ද
කියා ඔබට දැන් පෙන්විය හැකියි. මෙම පැරණි ලෝකය ගිණි ඇවිලීමටයි යන්නේ. මෙම ලෝකයේත්,
අලුතින් බිහි වීමට යන ලෝකයේත් සිතියමක් ඔබ ළඟ තිබෙනවා. ඒ වගේ දේවල් ගැන සිතා බලා
හොඳ පින්තූර නිර්මාණය කළ යුතුයි. මේ කාලය වන විට මිනිසුන්ට ඇත්තේ සම්පුර්ණයන්ම ගල්
වුණු බුද්ධියක් බව ඔබලා දන්නවා. කොපමණ විස්තර කර කියා දුන්නත් කිසිම දෙයක් ඔවුන්ගේ
සිහියට යන්නේ නැහැ. කලාවට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේත් ආධාරය ඇතිව ඔබට සත්
යුගය කොයි වගේ ද යන්න පෙන්විය හැකි ආකාරයේ දර්ශන නිර්මාණය කළ හැකියි. ඒ අයට පුළුවන්
ඔබට හොඳ හොඳ අදහස් දෙන්න. එය කළ හැකි විධි කිහිපයක්ම ඔවුන්ට පෙන්විය හැකියි. ඔබ
ඔවුනට පැහැදිලි කර සත් යුගයේ ඇත්තේන්ම තිබුණේ එකම එක ධර්මයක්ම පමණක් යන්න මිනිසුන්ට
අවබෝධ වන ආකාරයේ දෙයක් නිර්මාණය කර දෙන්න කියා කිව හැකියි. තම තමන්ගේ උකහා ගැනීමේ
තරමට ඔබලා ඉන්නේ විවිධ මට්ටම් වල. ශාරිරික අවධානයේ සිටිනා බුද්ධියක් කිලිටි
බුද්ධියක් වෙනවා. ජීවාත්ම අවධානයේ ඇති බුද්ධියක් නම් හරියට මලක් වගෙයි. ඔබලා දැන්
මල් බවට පත් වෙමින් සිටිනවා. ශාරිරික අවධානයෙන් සිටිමෙන් ඔබලා කටු වෙනවා. මෙම පැරණි
ලෝකය කෙරෙහි දරුවන් වන ඔබලා තුළ නිරාශාවක් තිබිය යුතුයි. ඔබට අසීමිත බුද්ධියක් හා
අසිමිත නිරාශාවක් තිබෙනවා. මෙම ගණිකා මඩම කෙරෙහි අප තුළ ඇත්තේ ලොකු අපුලක්.
ශිවාලයාව වෙත යාම සඳහා අපි දැන් මල් බවට පත් වෙමින් සිටිමු. මෙම තත්ත්වයට පත්
වෙමින් සිටිය දී, කවුරු හෝ කෙනෙක් නරක ලෙස හැසිරුණහොත්, ඒ පුද්ගලයා තුළට කුමන හෝ
භූතයෙක් ආවේශ වී ඇති බව තමයි තේරුම් යන්නේ. නිවසක ස්වාමිපුරුෂයා හංසයෙක් වෙමින්
සිටියත් බිරිඳට ඒ කිසිවක් තේරෙන්නේ නැති නම් ලොකු අපහසුතාවයක් ඇති වෙනවා. ඔහුට
සියල්ල ඉවසීමට සිදු වේවි. එය ඇයගේ වාසනාවේ නැති බව එවිට තේරුම් යනවා. සෑම කෙනෙක්ම
දේවතා වංශයට අයිති වන්නේ නැහැ. මෙයට අයිති අය මෙහි පැමිණේවි. නරක හැසිරිම් පිළිබඳ
වාර්තා රැසක් බාබාට එනවා. “අහවල් අහවල් කෙනා ළඟ මේ මේ විදියේ යක්ෂ ගති තිබෙනවා”.
මෙන්න මේ නිසා තමයි බාබා හැමදාම කියන්නේ: තමන් කිසිඳු ආකාරයක යක්ෂ ක්‍රියාවක් කර
නොමැති බවට සෑම රාත්‍රියකදීම වාර්තාව පරික්ෂා කරන්න. බාබා කියනවා : තම ජිවිතයේදි කළ
සෑම වැරැද්දක් ගැනම බාබාට කියන්න. තමා අතින් ලොකු වැරැද්දක් සිදු වුණු විට තමාගේ
ගෞරවය නැති වී යාවී කියන බයෙන් ඔබෙන් ඇතැම් අය ඒ ගැන ශල්‍ය වෛද්‍යවරයාට කීමට ලැජ්ජා
වෙනවා. වැරැද්ද එළිදරව් නොකිරිමෙන් තව තවත් සිදු වන්නේ හානියක්. සම්පූර්ණ සත්‍යයම
නැති වී යන ආකාරයෙන් මායා ඔබට වේගයෙන් ප්‍රහාර එල්ල කරනවා. (ඇය ඔබව සම්පූර්ණයෙන්ම
විනාශ කර දමනවා). මායා හරිම බලවත්. පස් පව් නැති කර ගැනීමට ඔබට බැරි නම් බාබා මොනවා
කරන්න ද? පියා කියනවා : මම තමයි කරුණාවන්තම කෙනා හා මරණයේත් මරණය.
පාරිශුද්ධකරුවාණන් වන මට, පැමිණ ඔබව පාරිශුද්ධ කරන්න කියා, ඔබ මට කන්නලව් කළා. මේ
නම් දෙකම මගේ. දැන් මම කරුණාවන්ත කෙනාගේත් සියලුම මරණයන්ගේ මරණය කියන කෙනාගේත් චරිත
දෙකම රඟපානවා. මම කටු මල් බවට පත් කරවනවා; එමනිසා, ඔබලාගේ සිහියේ එම සතුට තිබෙනවා.
අමරණාථ පියා (අමරණීයත්වයේ ස්වාමි) කියනවා : ඔබ සෑම කෙනෙක්ම පාර්වතීන්ලා. අඛණ්ඩව මා
සිහිපත් කරන්න, එවිට ඔබට අමරණීය දේශය වෙත යා හැකි වේවි, එසේම ඔබගේ පාප සියල්ල
දුරුවේවි. වන්දනා ගමන් යාමෙන් ඔබගේ පව් දුරු වන්නේ නැහැ. ඒවා භක්ති මාරගයේ
වන්දනාවනුයි. මේ සියලුම වියදම් දරන්නේ කොහොමද කියා හුඟක් මිනිසුන් ඔබගෙන් අහනවා.
නමුත් තමන් දෙන ප්‍රතිචාරය කුමක්දැයි කියා කිසිම කෙනෙක් බාබාට කියන්නේ නැහැ.
බ්‍රහ්මීණ්වරුන්, බ්‍රහ්මාගේ දරුවන් වන අය රාශියක් සිටිනවා; එමනිසා, අපි ඒ වියදම්
දරා ගන්නවා. නැද්ද? ශ්‍රීමත් අනුගමනය කරමින් අපි අපගේ අධිරාජ්‍යයත් ස්ථාපනය කර
ගන්නවා. පසුව අපි එහි ගොස් එය පාලනය කරනවා. අපි රාජයෝගා හදාරන අතර අපේ වියදම් අපිම
දරා ගන්නවා. රජවරුන්ගෙත් රජවරු බවට අපව පත් කරවනා අවිනාශී දැනුමේ මිණිමුතු ශිව බාබා
අපට දානය කරනවා. ඉගෙන ගන්නා ඔබ දරුවන් සියලු වියදම් දරනවා. තම තමන්ගේ වියදම් තම
තමන් දරා ගන්නා බවත් කිසිම ආධාරයක් තමන් ඉල්ලන්නේ නැති බවත් පැහැදිලි කර දෙන්න.
කොහොමනමුත්, දරුවන් ලියන්නේ තමන්ගෙන් ඒ ප්‍රශ්නය ඇසු බව පමණයි. මෙන්න මේ නිසා තමයි
බාබා කියා තිබෙන්නේ : මුළු දවස පුරාම තමන් කොපමණ තරමක සේවයක් කර තිබෙනවාද කියා
පරීක්ෂා කර බලන්න. මේ සියල්ල ගැන සිතා බැලිය යුතුයි. මෙහි පැමිණෙන බොහෝ අය
පුරවැසියන් වේවි. උසස් තත්ත්වයක් දිනා ගන්නා අය සිටින්නේ ඉතාමත් ටික දෙනයි. රජවරුන්
හා ධනවත් අය ඉතාමත් ටික දෙනයි සිටින්නේ. දුප්පත් අය රාශියක් සිටිනවා. මෙහිත්
දේවතාවරුන්ගේ ලෝකයෙත් ඒ වගේමයි. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතිනවා, එයට සෑම
කෙනෙක්ම අවශ්‍යයි. පියා පැමිණ ඔබට රාජයෝගා උගන්වා ආදි සනාතන දේවී දේවතා ධර්මය
ස්ථාපනය කරනවා. දේවතා ධර්මයේ අධිරාජ්‍යය තිබුණා. නමුත් දැන් එය තව දුරටත් නැහැ.
පියා කියනවා : මම දැන් නැවතත් වතාවක් එය ස්ථාපනය කරනවා. එමනිසා, අන් අයට පැහැදිලි
කර දීම සඳහා එවන් පින්තූර ඔබ ළඟ තිබිය යුතුයි. බාබාගේ මුරලිය ඇසු විට ඔබ එය කරාවි.
දවසින් දවස ඔබට උපදෙස් ලැබෙනවා. ඒ වගේම තමාගේ මට්ටමත් නිතර නිතර පරික්ෂා කර බලමින්
එය කෙතරම් දුරට නිවැරදි කරවා ඇතිදැයි කියා පිරික්සන්න. පියා පැමිණ ඔබව කසල ගොඩින්
ඉවත් කරනවා. අන් අයවත් මෙම කසල ගොඩින් ඉවත් කර වීමේ සේවය ඔබ කළ තරමට උසස් තත්ත්වයක්
හිමි වේවි. දරුවන් වන ඔබලා කිරි පැණියි වගේ ජීවත් විය යුතුයි. බාබා ඔබව සත් යුගයේ
සිටිනවාටත් වඩා උසස් අය බවට පත් කරනවා. පියා වන පරමාත්ම දෙවියන් ඔබට උගන්වනවා.
එමනිසා, ඔහුගේ ඉගැන්වීම් වල අරුමය ඔබ පෙන්විය යුතුයි. එහෙම කළොත් පමණයි පියා තමාව
ඔබ වෙනුවෙන් කැප කරවන්නේ. තමන් දැන් කරන්නේ භාරතය දිව්‍යලෝකයක් බවට පත් කරවීමේ
සේවයම පමණක් බව ඔබගේ හදවතට ඇතුළු විය යුතුයි. තමාගේ රැකියාව ආදි දෙයත් ඔබ
අනිවාර්යෙන්ම කරගෙන යා යුතුයි තමයි. කොහොමනමුත්, තමාගේ වර්ධනය ගැන සිතා බලන්න. මෙය
ඉතාමත් පහසුයි. මිනිසුන්ට ඕනෑම දෙයක් කළ හැකියි. ඔබගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත්
වන ගමන් රාජකීය තත්ත්වයක් දිනා ගත යුතුයි. එමනිසා, දිනපතා තම වාර්තාව ලියන්න. මුළු
දවසටම තමාගේ ලාභ, අලාභ කෙසේදැයි කියා පරික්ෂා කරන්න. තම වාර්තාව ලිව්වේ නැත්තම්
තමාව වර්ධනය කර ගැනීම ඉතාමත් අපහසුයි. ඔබ පියාටවත් ඇහුම් කන් දෙන්නේ නැහැ. තමන් කාට
හෝ දුකක් දුන්නාදැයි කියා සෑම දිනකම පරීක්ෂා කර බලන්න. ඔබට හිමි වන තත්ත්වය ඉතාමත්
ඉහළ වන අතර ආදායමත් ලොකු ආදායමක්. නැතිනම් ඔබට ඇඬිමට සිදු වේවි. මෙය තරඟයක්. ඇතැම්
අය සිය දහස් ගණනින් ආදායම් උපයනා අතර අනිත් අය දරිද්‍රයන් බවට පත් වෙනවා. මෙය ඔබගේ
දිව්‍යමය තරඟයයි. භෞතිකව ඔබ දුවන්න ඕනේ නෑ. සරළව කරන්න තිබෙන්නේ තමාගේ බුද්ධියෙන්
ආදරණීය බාබාව සිහිපත් කරනා එක පමණයි. වැරැද්දක් කළොත් ඉක්මනින්ම ඒ ගැන බාබාට
කියන්න. බාබා මම මේ වැරැද්ද කළා. මම මගේ භෞතික ඉන්ද්‍රියන් හරහා මේ වැරැද්ද කළා.
පියා කියනවා: හරි වැරැද්ද කුමක්දැයි කියා තේරුම් බේරුම් කර ගත හැකි ආකාරයේ
බුද්ධියක් ඔබට දී තිබෙනවා. එමනිසා, කිසිම වැරදි දෙයක් කරන්න එපා. කුමන හෝ වැරැද්දක්
සිදු වුණ හොත් ඒ ගැන පසුතැවිලි වී බාබාගෙන් සමාව ඉල්ලිය යුතුයි. ඔහු මෙහි ඉදගෙන
ඉන්නේ ඔබට ඇහුම් කන් දීමටයි. තමා කරනා වැරදි ඉක්මනින්ම බාබාට කියන්න, නැතිනම් ඒ ගැන
බාබාට ලියන්න. “බාබා, මම මේ වැරදි ක්‍රියාව සිදු කළා”. එවිට වැරැද්දෙන් බාගයකට සමාව
ලැබේවි. මම(බාබා) ඔබට අනුකම්පා කරන්නේනැහැ. පැන්සයක තරම්වත් සමාවක් හෝ කරුණාවක්
පෙන්වන්නේ නැහැ. ඔබ සෑම කෙනෙක්ම තම තමන්ව නිවැරදි කර ගත යුතුයි. පියාව සිහිපත්
කිරිමෙන් ඔබගේ පාප දුරු වී යාවි. යෝගා බලයෙන් අතිතයේ සියල්ල කපා දැමිය යුතුයි.
පියාට අයිති වීමෙන් පසුව ඔහුව අපහාසයට ලක් කරන්න එපා. සත්ගුරුව අපහාසයට ලක් කරවනා
අයට උසස් තත්ත්වයක් දිනා ගත නොහැකියි. ඔබට ඉතාමත් ඉහළ තත්ත්වයක් හිමි වෙනවා.
අනිකුත් ගුරුන්ගෙන් කිසිම කෙනෙකුට රාජකීය තත්ත්වයක් දිනා ගත නොහැකියි. මෙහි ඔබට
අරමුණක් හා ඉලක්කයක් තිබෙනවා. භක්ති මාර්ගයේ කිසිම අරමුණක් හෝ ඉලක්කයක් නැහැ.
තිබුණත් ඒකත් ඇත්තේ තාවකාලික කාලයකටයි. උපත් 21ක සතුටත් පැන්ස කිහිපයක් වටිනා පොඩි
සතුටත් අතර ලොකු වෙනසක් තිබෙනවා. ධනයෙන් සතුටක් ලැබෙන්නේ නැහැ. ඉන් ලොකු දුකකුත්
ලැබෙනවා. හොඳයි, උදාහරණයක් ලෙස ගත්තොත් කෙනෙක් ආරෝග්‍ය ශාලාවක් සාදා දුන්නොත් ඔහුගේ
ඊළඟ උපතේදි ඔහුට එතරම් ලෙඩ රෝග සෑදෙන එකක් නැහැ. ඔහුට හොඳින් ඉගෙන ගත හැකි වේවි.
බොහෝ සෙයින් මුදල් හදල් ලැබේවි කියා දෙයක් ඉන් සිදු වන්නේ නැහැ. ඒ සඳහා ඔහුට සියලු
දේම නිසි ලෙස කිරිමට සිදු වේවි. කෙනෙක් ධර්ම ශාලාවක් සාදා දුන්නොත් ඊළඟ උපතේ දි
ඔහුට මාලිගාවක් හිමි වෙනවා. ඔහුත් නිරෝගි වේ යැයි කියා කියන්න බැහැ. පියා කරුණු
රාශියක් පැහැදිලි කර කියා දෙනවා. ඔබෙන් ඇතැම් අය සියල්ල හොඳින් තේරුම් ගෙන අන්
අයටත් හොඳින් පැහැදිලි කර දෙනවා. සමහර අයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එමනිසා, සෑම
දිනකම ඔබගේ වාර්තාව ලියා ගන්න. අද මම කළ පාපය කුමක්ද? අද මම මේ කරුණින් පැරදුණා.
එවන් ක්‍රියා නොකර සිටිය හැකි ආකාරය ගැන බාබා එවිට ඔබට උපදෙස් දේවි. තමන් දැන්
දිව්‍යලෝකය වෙත යන බව ඔබලා දන්නවා. දරුවන් වන ඔබලාගේ සතුටේ රසදිය කඳ එතරම් ඉහළ
නගින්නේ නැහැ. බාබාට ඇත්තේ ලොකු සතුටක්! මම මහළු කෙනෙක්. මෙම ශරීරය අතහැර මා
රාජකුමාරයෙක් වීමටයි යන්නේ. ඔබලාත් ඉගෙන ගන්නවා. එමනිසා, ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළ
යා යුතුයි. කොහොමනමුත්, ඔබ බාබාවත් මතක් කරන්නේ නැහැ. බාබා සෑම දෙයක්ම ඉතාමත්
පහසුවෙන් ඔබට කියා දෙනවා. ඉංග්‍රීසි ආදිය ඉගෙන ගැනීමට ඔබට සෑහෙන ලෙසට ඔළුව වෙහෙස
වීමට සිදු වෙනවා. මෙය ඉතාමත් පහසුයි. මෙම ආධ්‍යාත්මික හැදෑරුම තුළින් ඔබ හරිම
සිසිල්, තැන්පත් අය බවට පත් වෙනවා. ඉතාමත් සරළව, අඛණ්ඩව පියා සිහිපත් කරන්න. ඔබගේ
ඉන්ද්‍රියන් සියල්ල සිසිල් වනු ඇත. ඔබට ශරීරයක් තිබෙනවා නේද? ශිව බාබාට ශරීරයක්
නැහැ. භෞතික ඉන්ද්‍රියන් ඇත්තේ ශ්‍රී ක්‍රිෂ්ණාටයි. නමුත් ඔහුගේ ඉන්ද්‍රියන් හරිම
සිසිල්. ඒ නිසා තමයි ඔහුගේ නම සඳහන් කර තිබෙන්නේ. කොහොමද ඔබ ඔහුගේ ආශ්‍රය තබා
ගන්නේ? ඔහු ඉන්නේ සත් යුගයේ. ඔහුගේ ඉන්ද්‍රියන් සිසිල් කරවුයේ කවුද? ඔබට දැන් මෙය
තේරෙනවා. එමනිසා, දරුවනි, ඔබ මේ සියල්ල උකහා ගත යුතුයි. කිසිම විටෙක රණ්ඩු සරුවල්
වෙන්න එපා. ඇත්ත කතා කරන්න. බොරු කී විට සියල්ල නැති වී යනවා. පියා දරුවන් වන ඔබට
සියල්ල පැහැදිලි කර කියා දෙනවා. සෑම කෙනෙකුට යැවිය හැකි ආකාරයේ ඉතාමත් හොඳ පොස්ටර
සාදන්න. ඒවා එතරම් හොඳ බව දුටු විට තව තවත් වැඩියෙන් බලන්න ඒවී. පැහැදිලි කරනා අය
දක්ෂ විය යුතුයි. සේවය කරනා ආකාරය ඔබ ඉගෙන ගත යුතුයි. අන් අයවත් තමා හා සම අය බවට
පත් කර විය හැකි ආකාරයේ ගුරුවරුනුත් අවශ්‍යයි. අන් අයවත් තමා මෙන් කළමණාකරුවන් බවට
පත් කරවන්නන් හොඳ ගුරුවරුන් වෙනවා. ඔවුන් ඉහළ තත්ත්වයක් ලබා ගනීවි. ළදරු බුද්ධියක්
තියා ගන්න එපා. එසේ වුවහොත් අන් අය ඔබව නොමඟ යවාවි. මෙය රාවණ්ගේ රාජ්‍යයයි.
මධ්‍යස්ථානයක් බලා ගත හැකි ආකාරයේ ගුරුවරුන් සූදානම් කරන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. බාබාගේ
ඉගැන්වීම් වල අරුමය ඔහුට පෙන්වන්න. භාරතය දිව්‍යලෝකය බවට පත් කරවීමේ ව්‍යාපාරයේ
නිරත වන්න. පළමුවෙන් තමාගේ වර්ධනය ගැන සිතන්න. කිරියි පැණියි වගේ ජිවත් වෙන්න.
2. තමන් කුමන හෝ
වැරැද්දක් කළොත් බාබාගෙන් සමාව ඉල්ලා තමාව නිවැරදි කර ගන්න. මේ කාරණය සම්බන්ධයෙන්
පියා අනුකම්පා කරන්නේ නැහැ. පියාව සිහිපත් කරමින් තම පාප කපා හැර දමන්න. බාබාට
අගෞරව වන අකාරයේ කිසිම ක්‍රියාවක් කරන්න එපා.
වරදානය:
ඔබ නෙළුම්
මලක් මෙන් වෙන් වී, ඥානයෙන් පිරිපුන් වීමේ විශේෂත්වයෙන්, ඕනෑම සංස්කාර ගැටුමකින්
ඔබව ගලවා ගනීවා.
අවසානය දක්වා,
සමහරුන්ට සේවිකාවකගේ සංස්කාර තිබෙනු ඇති අතර අනෙක් අයට රජෙකුගේ සංස්කාර ලැබෙනු ඇත.
ඔවුන්ගේ සංස්කාර වෙනස් වන තෙක් බලා නොසිටින්න, නමුත් ඔවුන් ඔබට බලපෑම් නොකළ යුතුයි,
මන්ද, පළමුව, එක් එක් සංස්කාර වෙනස් වන අතර, දෙවනුව, ඒවා මායාගේ ස්වරූපයෙන් පැමිණේ.
එබැවින්, හැසිරීම්/ විනය සංග්‍රහ රේඛාව තුළ රැඳී සිටිමින් ඕනෑම තීරණයක් ගන්න. විවිධ
සංස්කාර ඇති අතර, කිසිදු ගැටුමක් ඇති නොවේවා. මේ සඳහා, ඥානයෙන් පිරිපුන් වී නෙළුම්
මලක් මෙන් වෙන් වන්න.
පාඨය:
මුරණ්ඩු වී
වෙහෙස මහන්සි වී වැඩ කරනවා වෙනුවට, විනෝදාස්වාදය සමඟ උත්සාහ කරන්න.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
පාරිශුද්ධත්වය, සාමයේ
සහ සතුටේ මවයි. පාරිශුද්ධත්වය ඇති තැන, දුක හෝ අසාමය තිබිය නොහැක. එබැවින් ඔබ
නිරන්තරයෙන් සතුටු සයනයක් මත සුවෙන් සැතපී සිටින්නේද කියා පරීක්ෂා කර බලන්න, එනම්,
ඔබ නිරතුරුවම සාමයේ ප්‍රතිමූර්තියක් ලෙස විවේක ගන්නවාද කියා. ‘ඇයි?’, ‘මොකක්ද?’ හෝ
‘කෙසේද?’ යන අභ්‍යන්තර අවුල් තිබෙනවාද, නැත්නම් ඔබ සතුටේ ප්‍රතිමූර්තියක් වීමේ
ස්ථිතියේ මෙම අවුල් ඉක්මවා සිටිනවාද?