13.06.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔය ජීවාත්ම, මෙම අසීමිත නාටකයේ නළුවන්ය. ඔබ දැන් ආපසු යා යුතු මිහිරි නිහඬ නිවහන, ඔබගේ වාසස්ථානයයි.

ප්‍රශ්නය:
නාටකය නිවැරදිව තේරුම් ගත් දරුවන්ගේ මුවින්, පිටවිය නොහැක්කේ, කුමන වදන්ද?

පිළිතුර:
‘එය ඒ අන්දමින් සිදුවුයේ නැත්නම් වඩාත් හොඳයි! මෙය සිදු නොවිය යුතුයි!’ නාටකය වටහා ගන්නා දරුවන්, එවන් වදන් පවසන්නේ නැත. නාටකය, උකුණෙක් මෙන් ගමන් කරන බව ඔය දරුවන් දන්නවා. කුමක් සිදුවුවත් එය නාටකයේ නියම වී තිබේ. කණස්සලු වීමට අවශ්‍යතාවයක් නැත.

ඕම් ශාන්ති.
පියා ඔහුගේම හැඳින්වීම ඔය දරුවන්ට ලබා දෙන විට, ඔය දරුවන්ටද ඔබගේ හැඳින්වීම ලැබෙනවා. සියලුම දරුවන් බොහෝ කාලයක් ශරීර අවධානයෙන් සිට ඇත. ඔබ ජීව අවධානයෙන් සිටියේ නම්, ඔබට පියාගේ නිවැරදි හැඳින්වීම ලැබෙන්නට තිබුණා. කෙසේවෙතත්, නාටකයේ එය ඒ අන්දමින් නැත. දෙවියන්, දෙවි පියාණන් බවත්, නිර්මාපකයා බවත්, ඔවුන් කියන නමුත්, ඔවුන් ඔහුව හඳුනන්නේ නැත. ශිවාගේ විශාල ඕවලාකාර පිළිමයක්ද තිබේ. කෙසේවෙතත්, ඔහු එතරම් විශාල නැත. පියාව නිවැරදිව නොදන්නා නිසා, ඔවුන්ට ඔහුව අමතක වෙයි. පියා, නිර්මාපකයා බැවින් ඔහු නිසැකයෙන්ම නව ලෝකය නිර්මාණය කරනු ඇත. එබැවින් දරුවන් වන අප, අපගේ උරුමය වන නව ලෝකයේ රාජධානිය, අනිවාර්යෙන්ම ලබාගත යුතුයි. භාරතයේ ’දිව්‍යලෝකය‘ යන නමද සුප්‍රසිද්ධ නමුත්, මිනිසුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. කෙනෙක් මිය ගිය විට ඔවුන් කියන්නේ ඔහු දිව්‍යලෝකයට ගිය බවයි. මෙය කිසිවිටෙක සිදුවනවාද? අප සියලුම දෙනාට පහත් බුද්ධි තිබුණු බව ඔබට දැන් වැටහෙනවා නමුත් මෙය අංකානුරූප බව කියැවෙයි. ඔහුගේ බොහෝ උපත් ගණනාවක අවසන් උපතේදී, දෙවියන් මෙම කෙනා තුළට ඇතුළු වන බව විස්තර කරන විට, මින් කියැවෙන්නේ, පළමුවන, ප්‍රධාන කෙනා ගැනයි. මෙම කෙනා පළමුවන අංකයයි. ඔබ දැන් බ්‍රහ්මණයින්, ඔහුගේ දරුවන් බවට පත් වී ඇති බව, ඔබට වැටහෙනවා. මේ සියලුම කරුණු වටහාගත යුතුයි. පියා බොහෝ කාලයක් තිස්සේ විස්තර කරනවා. ඇත්ත වශයෙන්ම පියාව හඳුනාගැනීමට, ගත වන්නේ තත්පරයක කාලයකි. පියා පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. ඔබ තුළ විශ්වාසය ඇති වූ පසු, කිසිම කරුණක් පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගිය යුතු නැත. ඔබ සාම දේශයේ සිටි විට, ඔබ පිවිතුරු බව පියා විස්තර කර තිබේ. ඔබ මෙම දේවල් වලට සවන් දෙන්නේ පියාගෙනි. වෙනත් කිසිවෙකුට ඔබට ඒවා කිව නොහැක. නාටකයක නළුවන්, ඔවුන් මේ මේ ස්ථානයේ පදිංචි වී සිටින බව කියන ආකාරයෙන්, ජීවාත්ම වන ඔබ වාසය කරන්නේ කොහිද කියා ඔබ දන්නවා. ඔවුන්ගේ වස්ත්‍ර මාරු කර, ඔවුන් වේදිකාවකට නගී. ඔබ මෙම ස්ථානයේ වැසියන් නොවන බව, ඔබට දැන් වැටහෙනවා. මෙය රඟහලක්. ඔබ, මිහිරි නිහඬ නිවහන වශයෙන් හැඳින්වෙන අශාරීරික ලෝකයේ වැසියන් බව, ඔබගේ බුද්ධියට දැන් ඇතුළු වී තිබේ. සියලුම ජීවාත්ම අසතුටින් සිටින නිසා, සෑම කෙනෙකුටම අවශ්‍ය වී ඇත්තේ, එහි යාමටයි. එබැවින් ඔවුන් විමසන්නේ අප නැවත ආපසු නිවහනට යන්නේ කෙසේද? ආපසු නිවසට යන පාර නොදන්නා නිසා, ඔවුන් එහෙ මෙහෙ සැරිසරනවා. ඔබ දැන් සැබවින්ම ආපසු නිවසට යා යුතු බව, ඔය දරුවන්ට වැටහෙනවා. ජීවාත්මය වන මා, ඉතාමත්ම කුඩා තිතකි. මෙයත් ස්වභාව ධර්මයාගේ ආශ්චර්යයක්. මෙතරම් කුඩා ලක‍ෂ්‍යයක් තුළ, මෙතරම් විශාල චරිත කොටස් පටිගත වී තිබේ. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, ඔහුගේ චරිත කොටස රඟ පාන්නේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. ප්‍රධාන නළුවා ඔහුයි ඔහු කරන්කරවන්හාර්ය. ඔබ පැමිණියේ සාම දේශයේ සිට බව, ඔය සුමිහිරි දරුවන්ට දැන් වැටහෙනවා. අළුත් ජීවාත්මයක් කොහේ හෝ සිට පැමිණ, ශරීරයකට ඇතුළු වන්නේ නැත එසේ නොවෙයි. සියලුම ජීවාත්ම වාසය කරන්නේ මිහිරි නිවසේය. ඔවුන්ගේ චරිත කොටස් රඟ පෑමට ඔවුන් පැමිණෙන්නේ එහි සිටයි. සෑම කෙනෙකුටම රඟ පෑමට චරිත කොටසක් තිබේ. මෙය නාටකයකි. ඉර, හඳ සහ තාරකා මොනවාද? ඒ සියල්ල, ඒවා යට, රාත්‍රියේ සහ දහවලෙහි නාටකය රඟදැක්වෙන, ආලෝකයයි. ඇතමෙක් කියන්නේ ඉරු දෙවියන්ට නමස්කාර වේවා. සඳ දෙවියන්ට නමස්කාර වේවා. කෙසේවෙතත්, ඉර සහ සඳ, දේවතාවන් නොවෙයි. කිසිවෙක් මෙම නාටකය ගැන දන්නේ නැත. ඔවුන් ඉරට සහ සඳට දේවතාවන් කියාද අමතන නමුත් ඇත්ත වශයෙන්ම ඒවා, මුළු ලෝක නාටකයේම ආලෝකයයි. අප මිහිරි නිහඬ නිවහනේ වැසියන්ය. අප අපගේ චරිත කොටස් මෙහි රඟ පානවා. මෙම චක්‍රය උකුණෙක් මෙන් දිගින් දිගටම ගමන් කරයි. කුමක් සිදුවුවත් එය නාටකයේ නියම වූ දෙයකි. එය මෙසේ සිදු නොවන්නට තිබුණා කියා ඔබ නොකිව යුතුයි. මෙය නාටකයක් නොවේද? නිදසුනක් ලෙස, ඔබගේ මව (මමා) ඔබව දමා යාවි කියා ඔබ සිතුවේවත් නැහැ. හොඳයි, ඇය ඇගේ සිරුර අතහැරියා. නාටකය! ඇය දැන් ඇගේ අළුත් චරිත කොටස රඟ පානවා. කණස්සලු වීමට අවශ්‍ය නැත. ඔබ සෑම කෙනෙක්ම මෙහි නළුවෙක් බව, ඔය දරුවන්ගේ බුද්ධියේ තිබේ. මෙය ජය සහ පරාජයේ නාටකයකි. මෙම ජය පරාජයේ නාට්‍යය, පදනම් වී ඇත්තේ මායා මතය මායා ඔබව පරාජය කළ විට, ඔබ සම්පූර්ණයෙන්ම පරාජය වන අතර, ඔබ මායා ජයගන්නා විට, ඔබ සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම ජයගනී. ඔවුන් සෑම කෙනෙක්ම මෙය ගායනා කරන නමුත්, ඔවුන් කිසිම කෙනෙකුගේ බුද්ධියේ කිසි දැනුමක් නැත. මායා යනු කුමක්ද කියා ඔබ දන්නවා. මායාට, රාවණ කියාද කියයි. ධනයට, සමෘද්ධිය යැයි කියයි එයට මායා කියා කිව නොහැක. මේ-මේ කෙනාට බොහෝ ධනය තිබෙන බව මිනිසුන් සිතන නිසා, ඔවුන් කියන්නේ ඔහුට මායාගේ කුල්මත්භාවය තිබේ, කියා. කෙසේවෙතත්, මායාගේ කුල්මත් බව තිබිය හැකිද? අප මායා පරාජය කිරීමට තැත් කරනවා. එබැවින් ඔබ මේ කිසිම කාරණාවක් ගැන, කිසිම සැකයක් ඇති කර නොගත යුතුයි. සැක උපදින්නේ ඔබගේ මනෝ ස්ථීතිය දුර්වල වූ විටයි. දෙවියන් දැන් කතා කරනවා. කාටද? ඔය ජීවාත්මයන්ට. දෙවියන් වන්නේ ශිවා පමණක්ම වන අතර, ජීවාත්මයන්ට කතා කළ හැක්කේ ඔහුට පමණි. ක්‍රිෂ්ණා, ශාරීරික ජීවියෙකි. ඔහු ජීවාත්මයන්ට කතා කරන්නේ කෙසේද? කිසිම ශාරීරික ජීවියෙක් ඔබට දැනුම ලබා දෙන්නේ නැත. අන් සෑම කෙනෙකුටම, වන්දනාවට ලක් වන, සිරුරක් තිබේ. ඔවුන්ව සිහිකිරීම පහසුයි. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ට දේවතාවන් යැයි කියයි. ශිවාට කියන්නේ දෙවියන් කියාය. උසස්ම-උසස් දෙවියන්ට සිරුරක් නැත. ඔබ අශාරීරික ලෝකයේ සිටි විට, ඔබට සිරුරු නොතිබුණු බව, ඔය ජීවාත්ම දන්නවා. එහි සිටින්නේ ජීවාත්ම පමණයි. එම බාබාද ජීවාත්මයකි. එකම වෙනස වන්නේ ඔහු උත්තරීතර වීමයි. ඔහුගේ චරිත කොටස වර්ණනා කර ඇත. ඔහු චරිත කොටසක් රඟ පා, පිටත්ව ගිය නිසයි, ඔහු වන්දනාවට ලක්වන්නේ. කෙසේවෙතත්, උත්තරීතර පියා, උත්තරීතර ජීවය, නිර්මාපකයා, වසර 5000 කට පෙර මෙහි පැමිණි බව දන්නා එකදු මනුෂ්‍යයෙක් වත් නැත. ඔහු දිව්‍යමය දෙවි පියාණන්ය. ඔහු චක්‍රවල සංගමයෙදී, සෑම වසර 5000 කටම වරක්, මෙහි පැමිණෙයි, නමුත් චක්‍රයේ කාල වකවානුව දිගු කොට ඇති නිසා, ඔවුන්ට සෑම දෙයක්ම අමතක වී ගොසින්ය. පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙයි. ඔබ කියන්නේ බාබා, අප සෑම චක්‍රයකදීම ඔබව මුණ ගැසී, අපගේ උරුමය ඔබගෙන් හිමිකරගන්නවා. ඉන්පසුව ඔබට එය අහිමි වන අන්දම ගැනද ඔබගේ බුද්ධිය තුළ තිබේ. බොහෝ විවිධ මාදිලියේ දැනුම තිබෙන නමුත්, දැනුමේ සාගරය ලෙස හැඳින්විය හැක්කේ දෙවියන්ට පමණි. විනාශය අනිවාර්යෙන්ම සිදුවන බව, සෑම කෙනෙක්ම දනී. පෙර ද විනාශය සිදු වූ නමුත් එය සිදුවුයේ කෙසේද කියා කිසිවෙකු නොදනී. ග්‍රන්ථ වල, විනාශය ගැන ලියැවී ඇති දේවල් දෙස බලන්න! පාණ්ඩවයන් සහ කෞරවයන් අතර යුද්ධයක් තිබෙන්නේ කෙසේද? ඔය බ්‍රහ්මණයින් දැන් සිටින්නේ සංගම යුගයේය. බ්‍රහ්මණයින් යුද්ධ කරන්නේ නැත. පියා පවසන්නේ ඔබ මගේ අවිහිංසක දරුවන් ඔබ දෙයාකාරයකින් අවිහිංසකයි. ඔබ දැන් අවගුණ වලින් තොර වනවා. සෑම චක්‍රයකදීම පියාගෙන් උරුමය හිමි කරගන්නේ ඔබයි. මෙහි කිසිම අපහසුතාවයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. දැනුම ඉතාමත්ම පහසුයි. උපත් 84 හි චක්‍රය ඔබගේ බුද්ධිය තුළ තිබේ. නාටකය දැන් අවසානය කරා පැමිණෙන අතර, ඉතිරිව ඇත්තේ, ඉතාම සුළු කාලයක් පමණයි. ධනවත් අයට පවා කෑම හෝ ජලය ලබා ගැනීමට නොහැකි වන කාලය, දැන් එලඹෙන බව ඔබ දන්නවා. මෙය දුක් කඳු ලෙස හැඳින්වෙයි. හේතුවක් නොමැති ලේ වැගිරීම්ද සිදුවෙයි බොහෝ දෙනෙක් මිය යයි. කෙනෙක් වරදක් සිදුකළ විට, දඬුවම් ලැබෙයි. ඔවුන් සිදු කළ වරද කුමක්ද? පියාව අමතක කිරීමේ එක් වරද පමණක් ඔවුන් සිදු කළා. ඔබ පියාගෙන් ඔබගේ රාජධානිය හිමි කරගන්නවා. කෙසේවෙතත්, අනෙත් සියලුම මනුෂ්‍යයන් විශ්වාස කරන්නේ, ඔවුන් මිය යාමට ආසන්න බවය, මහා භාරත යුද්ධය ආරම්භ වන විටම, ඔවුන් මිය යයි. ඔබ තවමත් ජීවත් වනවා එසේ නේද? ඔබ අමරණීය දේශයට මාරු කර හරින්නේ මෙම ඉගෙනුමෙහි ශක්තිය තුළින්ය. ඉගෙනුමට ආදායම් මාර්ගයක් යැයි කියයි. ආගමික ග්‍රන්ථ වල ඉගෙනුමද තිබේ එයින්ද ආදායමක් තිබේ. කෙසේවෙතත්, එය භක්තියේ ඉගෙනුමයි. පියා පවසන්නේ මා දැන් ඔබව ලක‍ෂ්මි සහ නාරායන් මෙන් කරවමි. ඔබ දැන් පිරිසිදු බුද්ධි ඇති අය බවට පත් වනවා. ඔබ දැන් උසස්ම උසස් අය වන බවත් ඉන්පසුව පුනරුත්පත්ති ගැනීමෙන් ඔබ ක්‍රම ක්‍රමයෙන් පහළට පැමිණෙන බවත් ඔබ දන්නවා ඔබ අළුත් බවින් පැරණි බවට පරිවර්ථනය වනවා. ඔබ අනිවාර්යෙන්ම ඉනිමග බැසිය යුතුයි. ලෝකයේ තත්ත්වයද දැන් පහළට බසිනවා. එහි තත්ත්වය ඉහළ නැග්ග විට, එය දේවතාවන්ගේ රාජධානිය විය එය දිව්‍යලෝකය විය. එය දැන් අපායයි. ඔබ දැන් දිව්‍යලෝකයේ වැසියන් වීමට නැවත වතාවක් උත්සාහ දරමින් සිටිනවා. ඔබ දිගටම ’බාබා!, බාබා!‘ කියන අතර, මිනිසුන් ඔහුට අඬ ගසන්නේ ’අහෝ දෙවි පියාණෙනි!‘ කියා, නමුත් ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියා බව, උසස්ම උසස් කෙනා බව, ඔවුන්ට නොවැටහෙයි. එබැවින් ඔහුගේ දරුවන් වන ඔවුන්, අසතුටින් සිටින්නේ ඇයි? සියලුම දෙනා, අසතුටට පත් විය යුතුව තිබූ බව, ඔබ දැන් දන්නවා. මෙම නාටකය, සතුට සහ දුක ගැනයි. ජයග්‍රහණයේ සතුට තිබෙන අතර, පරාජයේ දුක තිබේ. පියා ඔබට රාජධානිය දුන් අතර, රාවණ එය ඔබගෙන් උදුරා ගත්තේය. ඔබ අඛණ්ඩව දිව්‍යලෝකයේ උරුමය පියාගෙන් ලබාගන්නා බව, ඔය දරුවන්ගේ බුද්ධියේ දැන් තිබේ. පියා පැමිණ ඇත. දැන් පියාව සිහිපත් කරන්න, එපමණයි, එවිට ඔබගේ පාපයන් දුරු වී යනු ඇත. බොහෝ උපත් ගණනාවක පාප බරක් ඔබගේ හිස මත ඇත. ඔබ බොහෝ සේ දුක් අත් නොවිඳින බවද ඔබ දන්නවා සතුට ටිකක්ද තිබේ - පිටි ගෝනියක තිබෙන ලුණු ටිකක් මෙන් - එයට කපුටෙකුගේ අසූචි වැනි සතුටක් කියා කියයි. සැමට විමුක්තිය පිරිනමන්නා වන්නේ ඒකායන පියා පමණක් බව ඔබ දන්නවා. ලෝකයේ ගුරුද එම කෙනාය. ගුරු කෙනෙක් හදා ගන්නේ, කෙනෙකුගේ විශ්‍රාමික අවදියේය. දැන්, කුඩා දරුවන්ටද ගුරු කෙනෙක් හදා ගැනෙයි, මන්ද ඔවුන් තරුණ වියේ මිය යන්නේ නම්, ඔවුන්ට විමුක්තිය ලබා ගැනීම සඳහා. පියා පවසන්නේ ඇත්ත වශයෙන්ම කිසිම කෙනෙකුට ගුරු කියා නොකිව යුතුයි. ගුරු කෙනෙක් යනු, විමුක්තිය පිරිනමන කෙනෙකි. විමුක්තිය පිරිනමන්නා, එක් අයෙක් පමණයි. ක්‍රිස්තුස් වහන්සේ, බුදුරදුන් ආදීන් ගුරුන් නොවෙයි. ඔවුන් පැමිණි විට, සෑම කෙනෙකුටම විමුක්තිය ලැබෙනවාද? ක්‍රිස්තුස් වහන්සේ පැමිණි විට, ඔහුගේ ආගමේ අන් සියලුම දෙනා, ඔහු පසුපස පහළට පැමිණීම ආරම්භ කළා. එබැවින්, ඔහු, අන් අය පහළට ගෙන ඒමට උපකරණයක් වූ බැවින්, ඔහුට ගුරු කෙනෙක් කියා කියන්නේ කෙසේද? පාරිශුද්ධකරුවා යැයි කියන්නේ පියාට පමණයි. ඔහු සෑම කෙනෙක්වම ආපසු නිවසට රැගෙන යයි. ඔහු ස්ථාපනයද සිදුකරනවා. ඔහු සැවොම ආපසු නිවසට පමණක් රැගෙන ගියේ නම්, කිසිවෙකු ඉතිරි නොවනු ඇත. කෙසේවෙතත්, කිසිවෙකු ඉතිරි නොවී තිබීම සිදු වන්නේ නැත. ගීතාව, සියලුම ග්‍රන්ථයන්ගේ මව, සියලුම ග්‍රන්ථ වල මාණික්‍යය, දෙවියන්ගේ වදන්, වශයෙන් සිහි කර තිබේ. මෙසේ සිහි කර තිබේ ධර්මය අපහාසයට ලක් වන කලට, මා පැමිණෙන්නෙමි. පියා පැමිණෙන්නේ භාරතයේ පමණි. ඔබට දිව්‍යලෝකය ලබා දෙන පියාට, සර්ව ව්‍යාප්තික බව, මිනිසුන් කියයි. මුළු නව ලෝකයේම තිබෙන්නේ ඔබගේ රාජධානිය පමණක්ය, යන සතුට ඔය දරුවන්ට දැන් තිබේ. කිසිවෙකුට එම රාජධානිය ඔබගෙන් උදුරා ගත නොහැක. මෙහි මිනිසුන් කුඩා බිම් කැබැල්ලකට, එකිනෙකා සමග බොහෝ සේ රණ්ඩු කර ගනී. ඔබට බොහෝ සතුට තිබේ. ඔබ ප්‍රීතියෙන් පිණුම් ගසමින් සතුටින් නර්ථනය කළ යුතුයි. ඔබ සෑම චක්‍රයකදීම පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නා බැවින්, විශාල සතුටක් තිබිය යුතුයි. පියා පවසන්නේ ’මා සිහිපත් කරන්න!‘ කියා, ඒ තිබියදී ඔබට අමතක වෙනවා! ඔබ කියන්නේ බාබා, මගේ යෝගාව බිෙඳනවා. ’යෝගා‘ යන වචනය ඉවත් කරන්න, කියා බාබා ඔබට කියා තිබේ. එම වචනය අයත් වන්නේ ආගමික ග්‍රන්ථ වලටයි. පියා පවසන්නේ මා සිහි කරන්න! යෝගාව, භක්ති මාර්ගයේ වචනයක්. ඔබට ලෝකයේ ආධිපත්‍යය පියාගෙන් හිමි වනවා. ඔබ ඔහු සිහි නොකරන්නේ නම්, ඔබගේ පාපයන් දුරු වන්නේ කෙසේද? ඔබට ඔබගේ රාජධානිය ලැබෙන්නේ කෙසේද? සිහි කිරීම නොමැති නම්, තත්ත්වය පහත් වී, දඬුවම් විඳීමට සිදුවන බව අවබෝධ කරගැනීමට තරම්, නුවණක්වත් ඔබට නැත. ඔබ ඒ තරමට නුවණ නැති අය වෙලා! මා සෑම චක්‍රයකදීම ඔබට පවසන්නේ මා පමණක් සිහිපත් කරන්න. ජීවමාන මරණයක් ලබා, මෙම ලෝකයට මිය යන්න. පියාගේ සිහි කිරීම තිබීම තුළින්, ඔබගේ පාපයන් දුරු වී, ඔබ ජයග්‍රාහී මාලාවේ පබුළුවක් වෙයි. එය බොහෝ පහසුයි! උසස්ම උසස් අය වන්නේ ශිව බාබා සහ බ්‍රහ්මායි දෙදෙනාම උසස්ම අයයි. එම කෙනා පාරලෞකික වන අතර, මේ කෙනා, අලෞකිකයි. ඔහු ඉතාමත්ම චාම් ගුරුවරයෙක්. අර ගුරුවරුන් දරුවන්ට දඬුවම් කරන අතර, එම කෙනා ලබා දෙන්නේ සෙනෙහස පමණයි. ඔහු පවසන්නේ සුමිහිරි දරුවනි, පියා සිහිකර සතෝප්‍රධාන් වන්න. පාරිශුද්ධකරු වන්නේ ඒකායන පියා පමණයි. ගුරු වන්නේද ඔහුයි. වෙනත් කිසිවෙකුට ගුරු කෙනෙක් විය නොහැක. බුදුරදුන්, ශබ්දයෙන් එපිට ලෝකයට (නිර්වාණයට) ගිය බව කියැවේ. ඒ සෑම දෙයක්ම මුසාවකි. එකදු කෙනෙකුටවත් ආපසු නිවසට යා නොහැක. සෑම කෙනෙකුටම රඟපෑමට චරිත කොටසක්, නාටකයේ තිබේ. ඔබට බොහෝ පුළුල් බුද්ධි තිබිය යුතු අතර බොහෝ සතුටද තිබිය යුතුයි. ඉහළින්ම පටන්, සෑම දැනුමක්ම ඔබගේ බුද්ධියේ තිබෙයි. මෙම දැනුම ලැබෙන්නේ ඔය බ්‍රහ්මණයන්ට පමණයි. ශුද්‍රයන්ට හෝ දේවතාවන්ට මෙම දැනුම නොමැත. මෙය වටහා ගැනීමට අවශ්‍ය අය, එසේ කරාවි. වටහා නොගන්නා අයට, මරණය අත්වෙයි. ඔවුන්ගේ තත්ත්වයද පහත් වෙයි. පාසැලක, ශිෂ්‍යයින් ඉගෙන ගන්නේ නැත්නම්, ඔවුන්ගේ තත්ත්වය පහළ යයි. බාබා, ඇල්ෆා වන අතර, රාජධානිය වන්නේ බීටාය. අප නැවත වතාවක් අපගේම රාජධානියට යනවා. මෙම පැරණි ලෝකය විනාශ වීමටයි යන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිසිවෙකුටත් අපගෙන් උදුරා ගැනීමට නොහැකි අන්දමේ, එවන් නව ලෝක රාජධානියක් පියා අපට ලබා දෙනවා. මෙම සතුටින් ප්‍රීතියෙන් අඛණ්ඩව පිණුම් ගසමින් නර්ථනය කරන්න.

2. ජයග්‍රාහී මාලාවේ පබුළුවක් වීම සඳහා, ජීවමාන මරණයක් ලබා, මෙම පැරණි ලෝකයට මිය යන්න. පියාව සිහිපත් කිරීමෙන්, ඔබගේ පාපයන් දුරු කරගන්න.

වරදානය:
ඔබගේ බලවත් අවස්ථාවෙන් සෑම කෙනෙකුගේම පිරිසිදු ආශාවන් ඉටු කරන මහා දානපතියෙකු වේවා.

පසුව පැමිණෙන ජීවාත්ම, ස්වල්පයක් පමණක් ලබා ගැනීමෙන් සෑහීමකට පත්වනු ඇත, මන්ද, ඔවුන්ගේ කොටස ස්වල්පයක් පමණක් ගැනීමට ය. එවැනි ජීවාත්මයන්ට ඔවුන්ගේ “භාවනා” (භක්ති හැඟීම්) වල ඵලය ලැබීමට සහ ඔවුන්ගෙන් කිසිවෙකු එයින් අහිමි නොවීමට නම්, ඔබ දැන් සියලු බල රැස් කර ගත යුතුය. මහා දානපතියෙකුගේ ඔබේ පූර්ණ හා බලවත් අවධියේ ඔබ ස්ථාවරව සිටින විට, මහා දානය ලබා දීමේ ඔබේ යුතුකම මත පදනම්ව සහ ඔබේ සුබ පැතුම් ස්විචය ක්‍රියාත්මක කිරීමෙන්, ඔබේ දැක්මේ සහයෝගයෙන් ඕනෑම ජීවාත්මයක් ඔබ්බට ගෙන යාමට ඔබට හැකි වනු ඇත.

පාඨය:
නිරන්තරයෙන් දිව්‍යමය චර්යා ධර්ම සංග්‍රහයන් අනුගමනය කරන්න, එවිට ඔබ උසස්ම චර්යා ධර්ම සංග්‍රහයන් අනුගමනය කරන ඉතාමත් උසස් ජීවියෙකු වනු ඇත.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

ඔබ සේවය කිරීමට වේදිකාවට යන විට, සේවය කිරීම සඳහා බොහෝ කලකට පසු අභ්‍යන්තරිකත්වය සහ අධ්‍යාත්මිකත්වයේ ගුහාවෙන් පිටතට පැමිණි ජීවාත්මයක් ලෙස අන් අයට ඔබව අත්විඳීමට ඉඩ දෙන්න; ඔබේ තපස්වි ස්වරූපය දෘශ්‍යමාන වේවා. ඔබේ මුහුණේ අසීමිත අත්හැරීමේ රේඛාව දිස්වේවා. කරුණාවන්ත වීමත් සමඟම, ශක්ති ස්වරූපයේ අධ්‍යාත්මික කුල්මත්භාවය ද දෘශ්‍යමාන වේවා. දයාව ඇති තරම් ගැඹුරු අධ්‍යාත්මික කුල්මත්භාවය ඇති වේවා. එවැනි සේවයක් කිරීමට දැන් කාලයයි.