13.07.25    Avyakt Bapdada      Sinhala Murli     03.02.2006    Om Shanti    Madhuban


පරමාත්ම පියා කෙරෙහි ඇති ඔබේ සෙනහසින්, ඔබේ සම්පූර්ණ පාරිශුද්ධත්වයේ මනෝ ස්ථිතියේ සිට අපවිත්‍රතාවයේ නමක් හෝ අංශු මාත්‍රයක් පවා නොමැති තත්ත්වයට පත් වන්න.


අද, බාප්දාදා සෑම තැනකම සිටින පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසට පාත්‍ර වූ දරුවන්ව දකියි. දෙවියන්ගේ සෙනෙහසට අයිතියක් ඇති අය බවට පත්වන්නේ මුළු ලෝකයෙන්ම තෝරාගත් ස්වල්ප දෙනෙක් පමණි. දෙවියන්ගේ සෙනෙහස පමණයි ඔය දරුවන්ව මෙහි රැගෙන ඒමට හේතු වූයේ. මුළු චක්‍රයෙන්ම ඔබ, දෙවියන්ගේ සෙනෙහස අත්විඳින්නේ මේ කාල සීමාව තුළදී පමණි. අනෙක් සෑම කාලයකදීම ඔබ සෙනෙහස ලබන්නේ ජීවාත්මයන්ගෙන්, ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ගෙන්, ආගමික ජීවාත්මයන්ගෙන් වන නමුත් දැන් ඔබ දෙවියන්ගේ සෙනෙහස ලැබීමට සුදුසු වී ඇත. දෙවියන් කොහේදැයි යමෙකු ඔබෙන් ඇසූ විට ඔබ දෙන පිළිතුර කුමක්ද? පරමාත්ම දෙවියන් අප සමඟ සිටින බවත්, අපි ඔහු සමඟ ජීවත් වන බවත්. දෙවියන්ට අප නොමැතිව සිටිය නොහැකි අතර අපට දෙවියන් නොමැතිව සිටිය නොහැක. ඔබ බොහෝ සෙනහසක් අත්විඳිමින් සිටී. දෙවියන් ඔබේ හදවතේ ජීවත් වන බවත් ඔබ ඔහුගේ හදවතේ ජීවත් වන බවත් ඔබ කුල්මත්ව පවසනු ඇත. ඔබ මෙය අත්විඳ ඇත, නේද? ඔබ මෙය අත්විඳ තිබේද? ඔබේ හදවතේ ඇත්තේ කුමක්ද? අපි මෙය අත්විඳ නොමැති නම්, එය අත්විඳ ඇත්තේ වෙන කවුද? මෙවැනි සෙනහසකට අයිතියක් ඇති දරුවන් දැකීමෙන් පියාද සතුටු වේ.

දෙවියන් කෙරෙහි සෙනහස තිබීමේ ලක්ෂණය: ඔබ ආදරය කරන තැනැත්තා වෙනුවෙන් සියල්ල කැප කිරීමට ඔබ පහසුවෙන් සූදානම්. ඉතින්, ඔබ සියලු දෙනාම පියාට අවශ්‍ය ආකාරයට පත්වී තිබෙනවා නේද? ඒ නිසා සෑම දරුවෙකුම පියාට සමාන වී ඇති අතර පියා සෑම මුහුණකින්ම දෘශ්‍යමාන වේ. බාප්දාදා කැමති අවධිය කුමක්දැයි ඔබ දන්නවා නේද? පියා කැමති අවධිය සම්පූර්ණ පාරිශුද්ධත්වයේ අවධියයි. මෙම බ්‍රාහ්මණ උපතේ පදනම සම්පූර්ණ පාරිශුද්ධත්වයයි. සම්පූර්ණ පාරිශුද්ධත්වයේ ගැඹුර ඔබ දන්නවාද? ඔබේ සිතිවිලි හෝ සිහින තුළ වත් අපිරිසිදුකමේ සුළු නමක් හෝ අංශු මාත්‍රයක්වත් නොතිබිය යුතුයි. වර්තමානයේ කාලයේ සමීපතාවයට අනුව, බාප්දාදා නැවත නැවතත් ඔබේ අවධානය යොමු කරන්නේ, නිෂ්ඵල සිතිවිලි පූර්ණ පාරිශුද්ධත්වයට බලපෑමක් ඇති කරන බවයි. එබැවින් පරීක්ෂා කරන්න: ඔබට කිසියම් නිෂ්ඵල සිතිවිලි තිබේද? යම් ආකාරයක සිතිවිලි නිසා ඔබව පරිපූර්ණත්වයෙන් ඈත් නොකරන බව පරීක්ෂා කරන්න. ඔබ ඔබේ උත්සාහයන් තුළ ඉදිරියට යන තරමට, නිෂ්ඵල සිතිවිලි රාජකීය ආකාරයකින් ඔබේ කාලය නාස්ති නොකරන බවට ඔබ වැඩි වැඩියෙන් පරීක්ෂාකාරී විය යුතුයි. අහංකාරය සහ අපහාසාත්මක හැඟීම් යන නිෂ්ඵල සිතිවිලි රාජකීය ස්වරූපයෙන් ඔබට පහර දෙනවාද? යමෙකුට පරමාත්ම දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක් වන ඔහුගේ විශේෂත්වය, ඔහුගේම විශේෂත්වයක් බව සලකන්නේ නම්, එම විශේෂත්වයේ අහංකාරය, ඔහුව පහතට ඇද දමයි. එය බාධාවක් බවට පත්වන අතර ඔබ දන්නා සියුම් ස්වරූපයෙන් පැමිණෙන අහංකාරය වන්නේ, "මගේ" යන අවධානයයි: "මගේ නම, මගේ කීර්තිය තිබිය යුතුයි." මෙම "මගේ" යන අවධධානය අහංකාරයේ ස්වරූපය ගනී. මෙම නිෂ්ඵල සිතිවිලි ඔබව පරිපූර්ණත්වයෙන් ඈත් කරයි, මන්ද, බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබ ඔබේ ආත්ම ගෞරවයෙන් සිටීය යුතු බවයි, කිසිදු අහංකාරයක් හෝ නොසලකා හැරීමක් නොතිබිය යුතු බවය. මේවා නිෂ්ඵල සිතිවිලි පැමිණීමට හේතු වේ.

සෑම දරුවෙකුම විශ්වාසය සහ කුල්මත්භාවයෙන් ද්විත්ව මාස්ටර් වීම දැකීමට බාප්දාදා කැමතියි. ද්විත්ව මාස්ටර් වීම යනු කුමක්ද? පළමුව, ඔබ පියාගේ වස්තු වලට මාස්ටර් වන අතර දෙවනුව, ඔබ ස්ව-ආධිපත්‍යයේ මාස්ටර් වේ. ඔබ දෙයාකාරයේ මාස්ටර් වේ, මන්ද, ඔබ සියල්ලන්ම දරුවන් වන අතර මාස්ටර් ද වේ. කෙසේවෙතත්, ඔබ සියල්ලන්ම "මගේ බාබා" යැයි පවසන නිසා ඔබ සියල්ලන්ම දරුවන් වන බව බාප්දාදා දැක ඇත. එබැවින්, "මගේ බාබා" යැයි පැවසීමෙන් අදහස් වන්නේ ඔබ කොහොමත් දරුවන් බවයි. කෙසේවෙතත්, දරුවෙකු මෙන්ම, ද්විත්ව පාලකයන්ද වන්න. ඔබ පාලකයන් වීමේදී අංකානුරූප වෙයි. ඉතින්, "මම දරුවෙක් සහ පාලකයෙක් වෙමි." ඔබට උරුමයේ නිධන් ලැබී ඇති අතර මේ නිසා ඔබට දරුවෙකු වීමේ විශ්වාසය සහ කුල්මත්භාවය තිබේ, නමුත් ඔබ ප්‍රායෝගිකව පාලකයන් වීමේ විශ්වාසය සහ කුල්මත්භාවය තිබීමේදි, අංකානුරූප බවට පත්වේ. ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති අයෙකු වීමේ දී, ඔබට බාධක ඇති කරන්නේ විශේෂයෙන් ඔබේ මනසයි. ඔබේ මනසෙහි පාලකයෙක් වන්න; කිසිම විටෙක ඔබගේ මනසේ බලපෑමට හසු නොවන්න. ඔබ පවසන්නේ ඔබට ස්ව-ආධිපත්‍යය ඇති බවයි; එබැවින් ස්ව-ආධිපත්‍යය තිබීම යනු රජෙකු වීමයි. බ්‍රහ්ම පියා සෑම දිනකම තමාව පරීක්ෂා කර බැලුවේය; ඔහු තම මනසෙහි පාලකයා බවට පත් වූ අතර ලෝකයේ පාලකයා වීමට අයිතියත් ලබා ගත්තේය. ඒ හා සමානව, ඔබේ මනස සහ බුද්ධිය, ඔබ යන රජතුමාගේ සේවකයින්ය. එමනිසා, එම නිෂ්ඵල සිතිවිලි ඔබේ මනසෙහි ඇති වූ විට, නිෂ්ඵල සිතිවිලි වලින් ඔබට බලපෑම් කරන්නේ ඔබේ මනසයි. ඔබ ඔබේ මනස පාලනය නොකරන්නේ නම්, එය දගකාර බැවින්, ඔබේ මනස ඔබව පාලනය කරයි. එබැවින්, ඔබම පරීක්ෂා කර බලන්න. කෙසේවෙතත්, මනස අශ්වයෙකුට සමාන කර ඇත්තේ එය දගකාර බැවිනි, නමුත් ඔබට ශ්‍රීමත් වල තෝන් ලණුව ඇත. ශ්‍රීමත් වල තෝන් ලණුව තරමක් දුර්වල වුවහොත්, ඔබේ මනස දගකාර වනු ඇත. තෝන් ලණුව දුර්වල වන්නේ ඇයි? මන්ද, ඔබ "අතුරු දර්ශන" දෙස බැලීමට පටන් ගන්නා අතර, පාලනය දුර්වල වූ විට, මනස එහි අවස්ථාව ලබා ගනී. එබැවින්, නිරන්තරයෙන් මෙම දැනුවත්භාවය තබා ගන්න: මම පාලකයෙක් සහ දරුවෙක්මි. ඔබ නිධානයන්හි මාස්ටර් සහ ස්ව-ආධිපත්‍යයේ මාස්ටර් ද යන්න පරීක්ෂා කරන්න: මම ද්විත්ව පාලකයෙක් ද? ඔබ එතරම් පාලකයෙක් නොවේ නම්, දුර්වල සංස්කාර ඉස්මතු වෙයි. සංස්කාර ගැන ඔබ පවසන්නේ කුමක්ද? “මගේ සංස්කාර මේ වගේ, මගේ ස්වභාවය මේ වගේ.” කෙසේවෙතත්, ඒවා “මගේ” ද? ඔබගේ ඒවා “මගේ” ද? ඔබ ඒවා “මගේ සංස්කාර” ලෙස හඳුන්වයි. ඒවා “මගේ” ද? “මගේ සංස්කාර” යැයි පැවසීම නිවැරදිද? හරිද? ඒවා “මගේ” ද? නැත්නම් ඒවා රාවණගේ දේපළද? දුර්වල සංස්කාර රාවණගේ දේපළයි. ඒවා ඔබේ යැයි ඔබට කිව හැක්කේ කෙසේද? “මගේ” සංස්කාර මොනවාද? පියාගේ සංස්කාර “මගේ” සංස්කාර වේ. ඉතින්, පියාගේ සංස්කාර මොනවාද? ලෝක දානපතියෙක් වීම. සුබ පැතුම් සහ පිරිසිදු හැඟීම් තිබීම. එබැවින්, ඕනෑම දුර්වල සංස්කාරයක් ඔබේ සංස්කාරයක් ලෙස හැඳින්වීම වැරදියි. එබැවින්, ඔබ ඔබේ හදවතේ “මගේ සංස්කාර” තබාගෙන තිබේ නම්, ඔබ ඔබේ හදවතේ අපිරිසිදු දෙයක් තබා ඇත. ඔබට අයත් දෙයක් කෙරෙහි ඔබට ආදරයක් තිබෙනවා නේද? එබැවින්, එය ඔබේ යැයි සැලකීමෙන්, ඔබ එයට ඔබේ හදවතේ ස්ථානයක් ලබා දී ඇත. මේ නිසා, ඔය දරුවන්ට සමහර විට සටන් කිරීමට සිදුවේ, මන්ද, ඔබ ඔබේ හදවතේ පිරිසිදු මෙන්ම අපිරිසිදු දේවල් යන දෙකම තබා ඇති නිසා, දෙකම කුමක් කරනු ඇත්ද? ඔවුන් සටන් කරනු ඇත. ඔබේ සිතිවිලි හෝ වචනවල “මගේ සංස්කාර” ඇති විට, ඔබම පරීක්ෂා කර බලන්න: එම අපිරිසිදු සංස්කාර “මගේ” සංස්කාර නොවේ. එබැවින්, ඔබ එම සංස්කාර පරිවර්තනය කළ යුතුය.

බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔය සෑම දරුවෙකුම ඔබේ ක්‍රියාකාරකම් වලින් සහ ඔබේ මුහුණෙන් මිලියන ගුණයකින් වාසනාවන්තයින් ලෙස දැකීමටයි. සමහර දරුවන් පවසන්නේ ඔවුන් වාසනාවන්ත වී ඇති බවයි. කෙසේවෙතත්, ඉදිරියට යන අතරතුර, මතුවිය යුතුව තිබූ වාසනාව යටපත් වෙයි. සෑම දරුවෙකුගේම නළල මත දිලිසෙන වාසනාවේ තාරකාව දැකීමට බාප්දාදාට අවශ්‍යයි. ඔබව සහ ඔබේ ක්‍රියාකාරකම් දකින ඕනෑම කෙනෙකුට, ඔබව වාසනාවන්තයෙකු ලෙස දැකීමට ඔවුන්ට ඉඩ දෙන්න. එවිට පමණක් පියාණන්ගේ හෙළිදරව්ව ඔය දරුවන් හරහා සිදුවනු ඇත, මන්ද, වර්තමානයේ බොහෝ දෙනෙකුට අත්දැකීමක් ලබා ගැනීමට අවශ්‍ය වේ. අද විද්‍යාව ප්‍රායෝගික ආකාරයකින් දෘශ්‍යමාන වේ; එය ඔබට අත්දැකීම ලබා දෙයි, එසේ නොවේද? එය ඔබට උණුසුම මෙන්ම සිසිලස පිළිබඳ අත්දැකීමක් ලබා දෙයි. ඒ හා සමානව, ඔවුන් ද නිහඬතාවයේ බලය සමඟ අත්දැකීමක් ලබා ගැනීමට කැමතියි. ඔබ මෙම අත්දැකීමේ වැඩි වැඩියෙන් රැඳී සිටින තරමට, ඔබට මෙම අත්දැකීම අන් අයට ලබා දීමට හැකි වනු ඇත. බාප්දාදා ඔබට දැනටමත් සංඥාවක් ලබා දී තිබෙනවා, ඔබ දැන් වචන වලින් පමණක් නොව, අත්දැකීම්වල ප්‍රතිරූපයක් බවට පත් වී අන් අයට අත්දැකීමක් ලබා දීමේ සේවය කිරීමෙන් ඒකාබද්ධ සේවයක් කළ යුතු බව. ඔවුන්ට අත්දැකීමක් ලබා දෙන්න: සාමයේ අත්දැකීමක්, සතුටේ අත්දැකීමක්, ජීවාත්ම අවධාන සෙනෙහසෙ අත්දැකීමක්. අත්දැකීමක් යනු, ඔබ යමක් අත්විඳීමෙන් පසු, ඔබට එය හැර යා නොහැකි බවයි. ඔබ අසා ඇති දේ ඔබට අමතක විය හැකි නමුත්, ඔබ අත්විඳ ඇති දේ ඔබට අමතක කළ නොහැක. එය ඔවුන්ට එම අත්දැකීම ලබා දුන් අයට සමීප කරවයි.

ඔබ සැම අනාගතයේදී කුමන ආකාරයේ නවතාවයක් ගෙන ආ යුතුදැයි අසමින් සිටී. ඔබ සැම මහත් උනන්දුවෙන් හා උද්‍යෝගයෙන් සේවය කරන බව බාප්දාදා දැක ඇත; සෑම අංශයක්ම සේවය කරයි. අද දිනත්, බොහෝ අංශ එකට එකතු වී ඇත. ඔබට මෙගා වැඩසටහන් තිබුණා, ඔබ පණිවිඩය ලබා දී ඇති අතර එබැවින් ඔබට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ඔබ ඉවත් කර ඇත. එබැවින්, ඒ සඳහා සුබ පැතුම්. කෙසේවෙතත්, මේ දක්වා, මෙය දෙවියන්ගේ දැනුම යන ශබ්දය පැතිරී නැත. බ්‍රහ්ම කුමාරිවරු ඉතා හොඳ කාර්යයක් කරමින් සිටිති; බ්‍රහ්ම කුමාරිවරුන්ගේ දැනුම ඉතා හොඳයි. කෙසේවෙතත්, "මෙය පමණක් දෙවියන්ගේ දැනුමයි, දෙවියන්ගේ කාර්යය දැන් සිදුවෙමින් පවතී" යන ශබ්දය දැන් පැතිර යා යුතුය. ඔබ ඔවුන්ට භාවනා පාඨමාලාව ලබා දෙයි, ඔබ ජීවාත්මයන් සහ උත්තරීතර ජීවාත්මය අතර සම්බන්ධතාවය ඇති කර ඇත, නමුත්, තවමත්, පරමාත්ම දෙවියන් තම කාර්යය ඉටු කරන බවට අත්දැකීම් ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකුට පමණි. ජීවාත්මයන් සහ ඔවුන්ගේ ධාරණා (වටිනාකම්) හෙළිදරව් වෙමින් පවතී, ඔබ හොඳ කාර්යයක් කරනවා, ඔබ හොඳින් කතා කරනවා, ඔබ හොඳ දේවල් උගන්වනවා, ඒ තාක් දුරට හොඳයි. ඔබේ දැනුම හොඳයි කියලා පවා ඔවුන් කියනවා. කෙසේවෙතත්, මෙය දෙවියන්ගේ දැනුම යන ශබ්දය ඔවුන්ව දෙවියන්ට සමීප කරන අතර ඔබ ඔවුන්ව දෙවියන්ට සමීප කරන තරමට, ඔවුන් ඉබේටම මෙය අත්විඳිනු ඇත. ඉතින්, එවැනි සැලැස්මක් සකස් කර ඔබේ දේශන, ඔවුන්ව දෙවියන්ට සමීප වන තරමට බලයෙන් පුරවන්න. ඔවුන්ගේ අවධානය යොමු වී ඇත්තේ දිව්‍යමය ගුණධර්ම උකහා ගැනීම කෙරෙහි වන අතර, ඔවුන් පවසන්නේ ඔබ ඔවුන්ට ජීවාත්ම සහ උත්තරීතර ජීවාත්මය පිළිබඳ දැනුම ලබා දෙන බවයි. කෙසේවෙතත්, දෙවියන් පැමිණ ඇති බවත්, ඔහු විසින්ම ඔහුගේ කාර්යය ඉටු කර ඇති බවත් හෙළිදරව් කිරීම ඔවුන්ව චුම්බකයකට ඉඳිකටු මෙන් සමීප කරනු ඇත. ඔබ පරම පියා සොයාගෙන ඇති බවත්, ඔබ ඔහුව හමුවිය යුතු බවත් ඔබ තේරුම් ගත් විට, ඔබත් සමීප විය. ඉතින්, බහුතරයක් ආදරණීය වීමට හේතු වූයේ කුමන අවබෝධයද? කාර්යය ඉතා හොදයි. බ්‍රහ්ම කුමාරීන් කරන කාර්යය වෙනත් කිසිවෙකුට කළ නොහැකි බවත්, ඔවුන් පරිවර්තනය සිදු කිරීමට ඉඩ සලසයි . කෙසේවෙතත්, දෙවියන් කතා කරන බවත්, ඔවුන්ට දෙවියන්ගෙන් උරුමය ලබා ගත යුතු බවත් දැනෙන තරමට ඔවුන් තවමත් සමීප නැත. කලින් බ්‍රහ්ම කුමාරීන් කරන්නේ කුමක්ද සහ ඔවුන්ගේ දැනුම කුමක්ද යන්න තේරුම් නොගත් අය දැන් තේරුම් ගැනීමට පටන් ගෙන ඇත. කෙසේවෙතත්, ඔවුන් දෙවියන්ගේ එළිදරව්ව තේරුම් ගන්නේ නම්, මෙය දෙවියන්ගේ දැනුම බව ඔවුන්ට වැටහෙන්නේ නම්, ඔවුන්ට සමීප වීම වළක්වා ගත හැකිද? ඔබ සියලු දෙනාම මෙහි දුවගෙන ආවාක් මෙන්, ඔවුන් ද ඒ ආකාරයෙන්ම දුවගෙන එනු ඇත. ඉතින්, දැන් එවැනි සැලැස්මක් සාදන්න. එවැනි දේශන සූදානම් කරන්න. දෙවියන්ගේ මෙම අත්දැකීමේ ප්‍රායෝගික සාක්ෂිය වන්න. එවිට පමණයි පරමාත්ම පියාණන්ගේ එළිදරව්ව ප්‍රායෝගික ආකාරයකින් දෘශ්‍යමාන වන්නෙ. දැන්, ඔබ මෙතරම් දුරක් ළඟා වී තිබීම හොඳයි. සෑම කෙනෙකුම යහපත් විය යුතු බවට ඇති රැල්ල දෙවියන්ගේ සෙනෙහස අත්විඳීමෙන් පැතිරෙනු ඇත. එබැවින්, මෙම අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වී අන් අයට මෙම අත්දැකීම ලබා දෙන්න. අච්චා. දැන්, ද්විත්ව පාලකයෙකු වීමේ දැනුවත්භාවය ඇතිව, බලවත් වී අන් අයව බලවත් කරන්න. අච්චා,

සේවය කිරීමට පන්ජාබ් කලාපයේ වාරයයි: ඔබේ අත් වනන්න. කුමන කලාපයක් සේවය කළත්, ඔවුන් විවෘත හදවතකින් මෙහි පැමිණීම හොඳයි (පන්ජාබ් කලාපයෙන් 4000ක් පැමිණ ඇත). ඔබ හොඳ අවස්ථාවක් ගන්න. සෑම කලාපයක්ම සේවය කිරීමට හොඳ අවස්ථාවක් ලබා ගැනීම ගැන බාප්දාදා ද සතුටු වේ. පන්ජාබ් සිංහයන් බව සෑම කෙනෙකුටම පැවසීම සාමාන්‍ය දෙයකි; පන්ජාබ්හි සිංහයන්. කෙසේවෙතත්, සිංහයන් යනු ජයග්‍රාහී බව බාප්දාදා පවසයි. එබැවින්, පන්ජාබ්හි සිටින අය සැමවිටම තම නළලෙහි ජයග්‍රහණයේ තිලකය අත්විඳිය යුතුය. ඔබ සෑම කෙනෙකුටම ජයග්‍රහණයේ තිලකයක් ලැබී ඇත. නිරන්තරයෙන් මෙම දැනුම ඇත: අපි සෑම චක්‍රයකම ජයග්‍රාහී අය වෙමු. අපි සිටියා, අපි ඉන්නවා, අපි මේ සෑම චක්‍රයකම ජයග්‍රාහී බවට පත් වෙමු. එය හොඳයි. පන්ජාබ්හි සිටින ඔබත් උරුමක්කාර ගුණාත්මක ජීවාත්මයන් පියා වෙත ගෙන ඒමේ වැඩසටහනක් සකස් කරමින් සිටිනවා නේද? තවමත්, ඔබ බාප්දාදා ඉදිරියේ උරුමක්කාර ගුණාත්මක ජීවාත්මයන් ගෙනැවිත් නැහැ. ඔබ ආදරණීය ජීවාත්මයන් ගෙනාවා. සියලුම කලාප ආදරණීය සහ සහයෝගී ගුණාත්මක බවේ ජීවාත්ම ගෙනැවිත් ඇත, නමුත් ඔබ තවමත් උරුමක්කාර ගුණාත්මක බවින් යුතු ජීවාත්ම මෙහි ගෙනැවිත් නැත. ඔබ ඔවුන් සූදානම් කරනවා නේද? සියලු වර්ග අවශ්‍යයි. උරුමක්කාරයන් අවශ්‍යයි. ආදරණීය ජීවාත්මයන් අවශ්‍යයි. සහයෝගී ජීවාත්ම අවශ්‍යයි. මයික් අවශ්‍යයි. සේනාවක් අවශ්‍යයි. සියලු වර්ග අවශ්‍යයි. එය හොඳයි. මධ්‍යස්ථානවල වර්ධනයක් තිබේ. සෑම කෙනෙක්ම උනන්දුවෙන් හා උද්‍යෝගයෙන් සේවයේ ඉදිරියට යමින් සිටී. දැන්, දෙවියන් පැමිණ ඇති බව හෙළි කරන්නේ කුමන කලාපය දැයි අපි බලමු. පියා හෙළි කරන්නේ කුමන කලාපයද? බාප්දාදා මෙය නරඹමින් සිටී. විදේශ රටවල් මෙය කරයිද? ඔවුන්ටත් එය කළ හැකිය. පන්ජාබ්, මේ තුළ අංකයක් ලබා ගන්න. එය ගන්න. එය හොඳයි. සෑම කෙනෙකුම ඔබ සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත. ඔබ දිගු කලක් තිස්සේ "මේ ඒකායනයයි. මේ ඒකායනයයි. මේ ඒකායනයයි." යන ශබ්දය පතුරුවා හැරීමට උත්සාහ කර ඇත. මේ මොහොතේ, ශබ්දය "මේකත් තියෙනවා" යන්නයි. ඔවුන් "මේ එකම ඒකායනය පමණයි." යනුවෙන් නොකියයි. ඉතින්, පන්ජාබ් කුමක් කරයිද? " මේ එකම ඒකායනය පමණයි. මේ එකම ඒකායනය පමණයි." යන ශබ්දය තිබිය යුතුය. ඔබ එය කවදා කරයිද? මේ අවුරුද්දේ ඔබ එය කරයිද? අලුත් අවුරුද්ද දැන් ආරම්භ වී ඇත, නේද? ඉතින්, අලුත් අවුරුද්දේ යම් අලුත් බවක් තිබිය යුතුයි, එසේ නොවේද? ඔබ බොහෝ කාලයක් තිස්සේ අසා ඇති: "මේකත් තියෙනවා." ඔබේ මනසෙහි "බාබා, බාබා, බාබා" පමණක් ඉබේටම ඇති ආකාරයටම, ඔවුන්ගේ තොල් වලින් "අපේ බාබා පැමිණ ඇත" යන ශබ්දය මතු වේවා. "මගේ බාබා, මගේ බාබා" යන ශබ්දය හතර කොනෙන්ම මතු වේවා. කෙසේවෙතත්, එය එක් කොනකින් ආරම්භ වනු ඇත, නේද? ඉතින්, පන්ජාබ් මෙම පුදුමය ඉටු කරයිද? ඔබ එය නොකරන්නේ ඇයි? ඔබ එය කළ යුතුයි. ඉතා හොඳයි. කල්තියා ඔබට සුබ පැතුම්. අච්චා.

සෑම තැනකම සිටින ආධ්‍යාත්මික රෝස මල් වන ඔබ සැමට, පියාට අතිශයින් ආදරය කරන සහ ශරීර අවධානයෙන් අතිශයින් වෙන් වූ අයට, බාප්දාදාගේ හදවතේ විශේෂයෙන් ආදරණීය දරුවන්ට, එකම පියාට නිරන්තරයෙන් අයත් වන, සමාධිගත මනසක් සහ නිරන්තර හා ස්ථාවර අවධියක් ඇති, විවිධ ස්ථානවල ජීවත් වන සහ විද්‍යාවේ පහසුකම් හරහා මධුබන් වෙත පැමිණෙන සෑම තැනකම සිටින සියලුම දරුවන්ට, බාබාව පෞද්ගලිකව දකින අයට, විශේෂයෙන් ආදරණීය, බොහෝ කලකට පෙර අහිමි වූ සහ දැන් හමු වූ දරුවන්ට, දෙවියන්ගේ සෙනෙහසට අයිතියක් ඇති දරුවන්ට, බාප්දාදාගෙන් සෑම චක්‍රයකම සෙනෙහස සහ ස්මරණය ලබා ගත් දරුවන්ට, හදවතින් මිලියන ගුණයක ආශිර්වාද පිළිගන්න, එසේම ද්විත්ව පාලකයන් වන ඔබ සැමට බාප්දාදාගෙන් නමස්තේ පිළිගන්න.

දාදිජිට: ඔබ මධුබන් හි වීර නළුවා. ඔබට සැමවිටම බිංදුව මතකයි. ශරීරය එතරම් හොඳින් ක්‍රියා නොකරයි, එය ටිකක් සෙමින් ක්‍රියා කරයි, නමුත් සෑම කෙනෙකුගේම සෙනෙහස හා ආශිර්වාදය ඔබව චලනය කරවයි. ඔබට කෙසේ හෝ පියාගේ ආශිර්වාදය ඇත, ඔබට සෑම කෙනෙකුගේම ආශිර්වාදය ද ඇත. ඔබ සියලු දෙනාම දාදීට ආදරෙයි, නේද? සෑම කෙනෙකුම මෙසේ කියයි: “අපට දාදීන් අවශ්‍යයි, අපට දාදීන් අවශ්‍යයි.” ඉතින්, දාදීන්ගේ විශේෂත්වය කුමක්ද? දාදීන්ගේ විශේෂත්වය නම් ඔවුන් පියාගේ ශ්‍රීමත් අනුව සෑම පියවරක්ම ගැනීමයි. ඔවුන් තම මනස පියාගේ සිහි කිරීමට සහ සේවය කිරීමට කැප කර ඇත. ඔබ සැමද මෙය කරනවා නේද? ඔබේ මනස කැප කරන්න. ඔබේ මනස මහා ආශ්චර්යයන් පෙන්වන බව බාප්දාදා දැක ඇත. ඔවුන් කරන ආශ්චර්යයන් මොනවාද? ඔවුන් දඟකාර වේ. ඔබ කොඩියක් ඔසවන විට මෙන් ඔබේ මනසට ඒකාග්‍ර වී ස්ථාවර වීමට ඉඩ දෙන්න. ඒ ආකාරයෙන්ම, කෙනෙකුගේ මනසෙහි ධජය ශිව බාබා ය; ශිව බාබා කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ කාලයත් ළඟ ළඟම එනවා. සමහර වෙලාවට බාප්දාදාට ළමයින්ගේ හොඳ සිතිවිලි ඇහෙනවා. හැමෝගෙම අරමුණ හරිම හොඳයි. අච්චා. බලන්න ශාලාව කොච්චර ලස්සනද කියා. එය මාලාවක් වගේ දැනෙනවා නේද? මාලාවේ පබළු මැද ඉඳගෙන ඉන්නවා. අච්චා.

වරදානය:
ඔබ නිහඬතාවයේ බලයෙන් තත්පරයකදි, මුක්තිය සහ ජීවන-මුක්තිය ලබා දෙන විශේෂ ජීවාත්මයක් වේවා.

විශේෂ ජීවාත්මයන්ගේ අවසාන විශේෂත්වය වන්නේ අනෙක් ජීවාත්මයන්ට තත්පරයකින් මුක්තිය සහ ජීවන මුක්තිය අත්විඳීමට මග පෑදීමයි. ඔවුන් මාර්ගය පෙන්වීම පමණක් නොව, තත්පරයකින් සාමය සහ අතීන්ද්‍රිය ප්‍රීතිය පිළිබඳ අත්දැකීම ලබා දෙනු ඇත. ජීවන මුක්තියේ අත්දැකීම සතුට වන අතර මුක්තියේ අත්දැකීම සාමයයි. එබැවින්, ඔබගේ ඉදිරියට එන ඕනෑම අයෙකුට තත්පරයකින් මේවා අත්විඳීමට හැකියාව ලබා දෙන්න. ඔබට එවැනි වේගයක් ඇති විට, ඔවුන් සියල්ලන්ම විද්‍යාවට එරෙහිව නිශ්ශබ්දතාවයේ ජයග්‍රහණය දකිනු ඇති අතර “වා, වා!” යන ශබ්දය සෑම කෙනෙකුගේම තොල් වලින් මතු වන අතර හෙළිදරව්වේ දර්ශන ඔබ ඉදිරියේ දිස්වනු ඇත.

පාඨය:
පරමාත්ම පියාගේ සෑම නියෝගයකටම කීකරු වන සැබෑ සලබයන් වන්න.

අව්‍යක්ත සංඥාව: සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.

ඔබ දැන් වචන වලින් උපදෙස් ලබා දිය යුතු ආකාරයටම, සියලු ක්‍රියාකාරකම් උසස් සිතිවිලි වලින් සිදු කරන්න. විද්‍යාඥයින්ට අභ්‍යවකාශයේ සිටියදී පහළින් පෘථිවියේ සිට උපදෙස් ලබා ගත හැකිය. ඉතින්, උසස් සිතිවිලි වල බලයෙන් ඔබට සියලු ක්‍රියාකාරකම් සිදුකළ නොහැකිද? යමක් ගැන කතා කිරීමෙන් කරුණු පැහැදිලි කරන සේම, ඔබ ඉදිරියට යන විට, ඔබේ සියලු ක්‍රියාකාරකම් එකම ආකාරයකින් සිතිවිලි වලින් සිදුවෙයි. මේ ආකාරයෙන් උසස් සිතිවිලි තොගයක් රැස් කරගන්න.