13.08.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මේ බ්‍රහ්මා අමරණීය රූපය වන ඒකායන පියාගේ ඇවිදින කතා කරනා සිංහාසනයයි. ඔහු
බ්‍රහ්මා තුළට ඇතුළු වුණු පසු තමයි බ්‍රහ්මිණ්වරුන් වන ඔබලා නිර්මාණය වන්නේ.
ප්‍රශ්නය:
දක්ෂ දරුවන්ට
අවබෝධ කර ගත හැකි මෙන්ම ඉතාමත් පැහැදිලිව අන් අයට පැහැදිලි කර දිය හැකි රහස්
මෙනවාද?
පිළිතුර:
බ්‍රහ්මා කවුද ඒ බ්‍රහ්මා විෂ්ණු වන්නේ කෙසේද? මෙහි සිටින්නේ ප්‍රජාපිතා
බ්‍රහ්මායි. ඔහු දේවතාවරයෙක් නොවෙයි. බ්‍රහ්මා බ්‍රාහ්මිණ් වරුන් හරහා දැනුමේ යාගය
නිර්මාණය කර ඇත. මෙම රහස් සියල්ල අවබෝධකර ගත හැක්කේත් අන් අයට පැහැදිලිව පැහැදිලි
කර කියා දිය හැක්කේත් දක්ෂ දරුවන්ට පමණි. අශ්වාරෝහකයින් හා පයින් යන්නන් මෙය අසා
පටලැවිල්ලට පත් වෙනවා.
ගීතය:
ඕම් නමෝ ශිවාය
. . .
ඕම් ශාන්ති.
භක්ති
මාර්ගයේදී ප්‍රශංසාවට ලක් වන්නේ ඒකායන කෙනාව පමණයි. ඔවුන් ඔහුගේ ගුණ ගායනා කළා
වුණත් ඔහුව හරිහැටි හඳුනන්නේත් නැහැ. ඔහු පිළිබඳව වූ නිවැරදි හැඳින්වීමක් ඔවුනට
නැහැ. ඔහුගේ නිවැරදිම ගුණ වර්ණාව ඔවුන් දන්නවා නම් අනිවාර්යෙන්ම ඔවුන් එය පැහැදිලි
කරාවි. දෙවියන් තමයි ඉහලම ඉහල කෙනා කියා දරුවන් වන ඔබලා දන්නවා. ඔහුගේ පින්තූරය
තමයි ප්‍රධානම පිංතූරය. බ්‍රහ්මාගේ දරුවනුත් සිටිය යුතුයි. ඔබ සෑම කෙනෙක්ම
බ්‍රහ්මිණ්වරුන්ය. බ්‍රහමිණ්වරුන් වන ඔබලා පමණයි බ්‍රහ්මාව දන්නේ: වෙන කිසිම කෙනෙක්
ඔහුව දන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි ඔවුන් පටලැවිල්ලට පත් වන්නේ ඔවුන් කියනවා:
මොහු කොහොමද බ්‍රහ්මා වෙන්නේ? බ්‍රහ්මා සූක්ෂම කලාපයේ සිටිනා කෙනෙක් වශයෙන් පෙන්වා
තිබෙනා නමුත් ප්‍රජාවගේ පියාට නිර්මාණයක් නොමැති සූක්ෂම කලාපයේ ඉන්න බැහැ. මිනිස්සු
මේ ගැන ඔබත් සමග හරියට වාද කරනවා. බ්‍රහ්මා හා බ්‍රහමිණ්වරුන් සිටිනා බව ඔබ ඔවුනට
පැහැදිලි කර කියා දිය යුතුයි. ඉන්නවා නේද? ක්‍රිස්තු යන වචනයෙන්, ක්‍රිස්තියානුවන්
යන වචනයත් බුද්ධා යන වචනයෙන් බෞද්ධයින් යන වචනයත් ඒබ්‍රහම් යන වචනයෙන් ඉස්ලාම් යන
වචනයත් මතු වී තිබෙන්නාක් සේ ප්‍රජාපිතා බ්‍රහ්මා නිසා බ්‍රහමිණ්වරුන් ප්‍රසිද්ධියට
පත්ව සිටිනවා. ආදි දේව් බ්‍රහ්මා කෙනෙක් සිටිනවා. ඇත්තටම කියනවා නම් බ්‍රහ්මාට
දේවතාවරයෙක් කියා කියන්න බැහැ: ඒක වැරදියි. බ්‍රහ්මා පැමිණියේ කොහි සිටන්ද කියා
තමන් බ්‍රහමිණ්වරුන් කියා හඳුන්වා ගන්නා අයගෙන් ඔබ ඇසිය යුතුයි. ඔහු කාගේ
නිර්මාණයක්ද? බ්‍රහ්මාව නිර්මාණය කළේ කවුරුන්ද? ඒ කිසිවෙකුට එය ඔබට කියන්න බැහැ.
මන්ද ඔවුන් කිසිවක් දන්නේ නැහැ. ශිව බාබා ඇතුළු වන රථය මීට පෙර ක්‍රිෂ්ණා කුමරු බවට
පත් වන ජීවයට අයිති එක බව දන්නේ දරුවන් වන ඔබලා පමණයි. උපත් 84 ක් ගැනීමෙන් අනතුරුව
ඔහු බ්‍රහ්මා වුණා. ඔහු ඉපදුණේ ඒ නමින් නොවෙයි. මන්ද ඔහු මානව ජීවයක්. පසුව බාබා
මොහුට ඇතුළු වුණායින් අනතුරුව බ්‍රහ්මා කියා ඔහුව හැඳින්වූවා. මෙම බ්‍රහ්මා
විෂ්ණුගේ ස්වරූපය ගන්නා බවත් පසුව ඔහු නාරායන් වන බවත් දරුවන් වන ඔබලා දන්නවා.
ඔහුගේ උපත් 84 අවසානයේදී. ඔහු සාමාන්‍ය රථයක්. සෑම ජීවයකම ශරීරය ඒ ඒ අයගේ රථයයි.
අමරණිය රූපයට මෙම ඇවිදින කතා කරන සිහසුන හිමි වී තිබෙනවා. සීක් ජාතිකයින් අමරණීය
සිහසුන කියා හඳුන්වනා සිහසුනක් සාදා තිබෙනවා. මෙහි සෑම කෙනෙක්ම අමරණීය සිහසුන්ය:
සෑම ජීවයක්ම අමරණීය රූපය. ඉහළම ඉහළ කෙනා වන දෙවියන්ට රථයක් අවශ්‍යයි නේද? ඔහු මෙම
රථයට ඇතුළු වී ඥානය දීම සඳහා ඒ තුළ අසුන් ගෙන සිටිනවා. ඥානයෙන් පිරි කෙනා වශයෙන්
හැඳින්වෙන්නේ ඔහුම පමණයි. නිර්මාපකයා ගැනත් නිර්මාණයේ මුල, මැද හා අගත් පිළිබඳ වූ
ඥානය දෙන්නේ ඔහුය. ඥානයෙන් පිරි යන්නෙන් සෑම කෙනෙකුගේම රහස් දන්නා කෙනා හෝ සියල්ලම
දන්නා කෙනා කියා අදහස් වන්නේ නැහැ. සර්ව ව්‍යාප්ති යන්නෙහි අර්ථයත් ජනීජනන්හාර්
යන්නෙහි අර්ථයත් වෙනස්. මිනිස්සු සෑම දෙයක්ම පටලවා ගෙන තමන්ගේ මනසට ඇතුළු වන සෑම
දෙයක්ම කියනවා. බ්‍රහමිණ්වරුන් වන ඔබ සෑම කෙනෙක්ම බ්‍රහ්මාගේ දරුවන් බව දරුවන් වන
ඔබට දැන් තේරෙනවා. ඉහළම ඉහළ වංශය අපගේ වංශයයි. සත් යුගය මුලදීම දේවතාවරුන් සිටිනා
නිසා මිනිස්සු දේවතාවරුන් ඉහළම අය වශයෙන් සලකනවා. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්
බ්‍රහමිණ්වරුන්ය. දරුවන් වන ඔබලා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට මෙය තේරෙන්නේ නැහැ.
බ්‍රහ්මා සූක්ෂම කලාපයේ ඉන්නා කෙනෙක් කියා සලකනා නිසා කොහොමද කෙනෙක් මේක තේරුම්
ගන්නේ? වන්දනාමාන කරමින් විශේෂ උත්සව අවස්ථාවකදී කෑමට බීමට එක එක ගෙවල් වලට යන
ලෞකික බ්‍රහමිණ්වරුන්ට වඩා ඔබ බ්‍රහමිණ්වරුන් වෙනස්. විශේෂ උත්සවයකදී කෑම කන්න කියා
ඔබ කිසිම කෙනෙකුගේ ගෙදරකට යන්නේ නැහැ. බ්‍රහ්මාගේ රහස ඔබ දැන් ඉතාමත් පැහැදිලිව
පැහැදිලි කර දිය යුතුයි. ඔවුන්ට කියන්න: අන් සියල්ල පැත්තකින් තබා අපිරිසිදු බවින්
ඔබව පාරිශුද්ධත්වයට පත් කරවනා පියාව පළමුවෙන්ම සිහිපත් කරන්න. එවිට ඔබට සියළුම
කරුණු පැහැදිලි වේවි. පොඩි හෝ ගැටළුවක් පැන නැඟුණු විට පියාව අතහැර දමා යනවා.
පළවෙනිම කරුණ නම් ඇල්ෆා හා බීටායි. පියා කියනවා: නිරන්තරයෙන් මා පමණක් සිහිපත්
කරන්න. මම අනිවාර්යෙන්ම කාට හෝ ඇතුළු විය යුතුයි. ඔහුටත් නමක් තිබිය යුතුයි. මා
පැමිණ ඔහුව නිර්මාණය කරනවා. බ්‍රහ්මා ගැන පැහැදිලි කිරීමට ඔබට ලොකු ප්‍රඥාවක් තිබිය
යුතුයි. අශ්වාරෝහකයින් හා පාබලයින් මේ ගැන පැටලැවිල්ලට පත් වෙනවා. සෑම කෙනෙක්ම
පැහැදිලි කරන්නේ ඒ එකිනෙකාගේ මට්ටමටයි. ප්‍රජාපිතා බ්‍රහ්මා මෙහි සිටියි. ඔහු
බ්‍රහමිණ්වරුන් හරහා දැනුමේ යාගය පවත්වනවා. එමනිසා, බ්‍රහමිණ්වරුන් අනිවාර්යෙන්ම
අවශ්‍යයි. ප්‍රජාපිතා බ්‍රහ්මාත් අනිවාර්යෙන්ම මෙහි සිටිය යුතුයි. බ්‍රහමිණ්වරුන්
හැදෙන්නේ ඔහුගෙන් පමණයි. තමන් බ්‍රහ්මාගේ දරුවන් කියා බ්‍රහමිණ් පූජකවරුන් කියනවා.
තම වංශය අසංඛ කාලයක පුරා පැවත එන්නක් කියා ඔවුන් විශ්වාස කරනවා. නමුත් බ්‍රහ්මා
හිටියේ කවදාද කියා ඔවුන් දන්නේ නැහැ. ඔබලා දැන් බ්‍රහමිණ්වරුන්ය. බ්‍රහමිණ්වරුන්
වන්නේ බ්‍රහ්මාගේ දරුවනුයි. ඒ පුද්ගලයින් තම පියාගේ රැකියාව ගැන දන්නේ නැහැ. භාරතයේ
පළමුවෙන්ම සිටින්නේ බ්‍රහමිණ්වරුන්ය. ඉහළම ඉහල වංශය වන්නේ බ්‍රහ්මණ වංශයයි. තම වංශය
අනිවාර්යෙන්ම මතු වූයේ බ්‍රහ්මාගෙන් කියා ඒ බ්‍රහමිණ්වරුන් විශ්වාස කළත්, එය ඇති
වුණේ කවදාද කොහොමද කියා කියන්න ඔවුනට බැහැ. ප්‍රජාපිතා බ්‍රහ්මා බ්‍රහමිණ්වරුන්ව
නිර්මාණය කරනා බවත්: ඒ බ්‍රහමිණ්වරුන් පසුව දේවතාවරුන් බවට පත්විය යුතු බවත් ඔබලා
දැන් දන්නවා. පියා පැමිණ බ්‍රහමිණ්වරුන්ට උගන්වනවා. බ්‍රහමිණ්වරුන්ගේ වංශයක් නැහැ.
බ්‍රහමිණ්වරුන්ට ඇත්තේ කුළයකි. වංශයක් තිබිය හැක්කේ රජ කෙනෙක් හා රැජිණක් සිටිනා
විට පමණි. සූර්ය වංශයේදී වගේ බ්‍රහමිණ්වරුන් වන ඔබ කිසිම කෙනෙක් රජ කෙනෙක් වන්නේ
නැහැ. කවුරවයින් හා පාන්ඩවයින්ගේ අධිරාජ්‍ය දෙකක් තිබුණා කියා මිනිසුන් කීම
වැරදියි. ඒ එක් අයෙකුටවත් අධිරාජ්‍යයක් තිබුණේ නැහැ. දැන් මෙය මිනිසුන් විසින්
පාලනය කෙරෙනා මිනිසුන්ගේ ආණ්ඩුවයි. එය අධිරාජ්‍යයක් වශයෙන් හඳුන්වන්න බැහැ. ඔවුනට
ඔටුණු නැහැ. මුලදී භාරතයේ ද්විත්ව ඔටුණු පළන් රජවරුන් සිටි බවත් පසුව එක් ඔටුන්නක්
පමණක් පැළදි රජවරුන් සිටි බවත් බාබා ඔබට පැහැදිලි කර දී තිබෙනවා. මේ කාලයේ එක
කිරුළක්වත් නැහැ. මෙය පැහැදිලි කර ඉතාමත් හොඳින් ඔප්පු කළ යුතුයි. මෙම ඥානය හොඳින්
උකහා ගත් අයට මෙය හොඳින් පැහැදිලි කර කියා දිය හැකියි. බ්‍රහ්මා ගැන ඉතාමත් හොඳින්
පැහැදිලි කර කියා දිය යුතුයි. මිනිස්සු විෂ්ණු ගැනවත් දන්නේ නැහැ. ඔබත් මෙය
පැහැදිලි කර දිය යුතුයි. වයිකුන්ත් යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු ගේ දේශයයි. ඉන්
අදහස් වන්නේ එය ලක්ෂ්මි හා නාරායන්ගේ අධිරාජ්‍යය බවයි. ක්‍රිෂ්ණා කුමාරයෙක් වශයෙන්
සිටි කල ඔහුගේ පියා රජ කෙනෙක් කියා ඔහු කිව්වා. ක්‍රිෂ්ණාගේ පියා රජ කෙනෙක් නොවෙන්න
බැහැ. ක්‍රිෂ්ණාව හඳුන්වන්නේ කුමාරයෙක් කියා: එසේ නම් අනිවාර්යෙන්ම ඔහු රජ කෙනෙකුට
දාව උපත ලබන්න ඇති. හුදෙක් ධනවත් පවුලකට දාව ඉපදුණා නම් කුමාරයෙක් කියා ඔහුව
හැඳින්වෙන්නේ නැහැ. රජ කෙනෙකුගේත් ධනවත් පුද්ගලයෙකුගේත් තත්ත්වයන් අතර දිවා රෑ වගේ
වෙනසක් තිබෙනවා. ක්‍රිෂ්ණාගේ පියා කියා හැඳින්වෙන රජ කෙනෙක් ගැන කොහේවත් සඳහන් කර
නැහැ. ක්‍රිෂ්ණාගේ නම තමයි වැඩියෙන්ම ප්‍රශංසාවට ලක්ව තිබෙන්නේ. ඔහුගේ පියාගේ
තත්ත්වය ගැන එතරම් උසස්වට කතා කර නැහැ. ඔහුගේ තත්ත්වය දෙවන පන්තියේ එකක් මන්ද ඔහු
ක්‍රිෂ්ණාට උපත දීමට උපකරණයක් වීම පමණයි කරන්නේ. ඔහුගේ ජීවය ක්‍රිෂ්ණාගේ ජීවයට වඩා
ඉගෙන ගෙන නැහැ. පසුව නාරායන් බවට පත් වන්නේ ක්‍රිෂ්ණායි. ඔහුගේ පියාගේ නම ඉවත් වී
යනවා. ඔහු අනිවාර්යෙන්ම බ්‍රහමිණ් කෙනෙක් නමුත් ඔහුගේ ඉගෙනුම ක්‍රිෂ්ණාට වඩා අඩුයි.
ක්‍රිෂ්ණා ජීවය ඔහුගේ පියාගේ ජීවයට වඩා ඉගෙන ගෙන තිබෙනවා. මෙන්න මේ නිසා තමයි ඔහුගේ
නම ප්‍රශංසාවට ලක් වන්නේ. ක්‍රිෂ්ණාගේ පියා කවුද? කවුරුත් මේ ගැන දන්නේ නැහැ වගේ.
තවත් ඉදිරියට යන විට ඔබට මේ ගැන දැන ගත හැකි වේවි. ඔහු මෙහිදීම ඒ තත්ත්වයට පත් විය
යුතුයි. රාධේගේ දෙමාපියනුත් සිටිනවා. නමුත් ඇයගේ දෙමාපියන්ට වඩා ගුණ ගැයෙන්නේ රාධේ
ගැනයි. ඇයගේ දෙමාපියන් අඩුවෙන් ඉගෙන ගත් නිසා. ඔවුන්ට වඩා රාධේගේ නම ඉහළයි. මේවා
විස්තරාත්මක කරුණුයි. මේවාත් පැහැදිලි කර කියා දිය යුතුයි. සියල්ල රඳා පවතින්නේ
ඉගෙනීම මතයි. බ්‍රහ්මා ගැන පැහැදිලි කිරීමට ඔබට ප්‍රඥාව අවශ්‍යයි. පසුව ඔහු උපත් 84
ක් ගෙන ක්‍රිෂ්ණා බවට පත් වෙනවා. ඔබත් උපත් 84 ක් ගන්නවා. සෑම කෙනෙක්ම එකම වෙලාවට
පහළට පැමිණෙන්නේ නැහැ. මෙම ඉගෙනුමෙන් ඉදිරියෙන් සිටිනා අය පළමුවෙන්ම පහළට ඒවි. සෑම
කෙනෙක්ම පහළට එන්නේ අනුපිළිවෙලටයි. මේවා ඉතාමත් සියුම් කරුණුයි. අඩු ප්‍රඥාවක් ඇති
අයට මෙය අවබෝධ කර ගත නොහැකි වේවි. ඔවුන් ඒ පිළිවෙලටම ආපසු යනවා. ඔබලාව පිළිවෙලින්
මාරු කෙරෙනවා. අවසානයේදී එතරම්ම ලොකු පෝලිමක් සෑදේවි. ඔවුන් ගිහින් තම තමන්ගේ ස්ථාන
වල පිළිවෙලින් ඉඳ ගනීවි. සෑම කෙනෙකුගේම ස්ථානය ස්ථාවරයි. මෙම නාටකය හරිම
පුදුමාකාරයි. නමුත් කිසිම කෙනෙක්ට තේරෙන්නේ නැහැ. මෙය හඳුන්වන්නේ කටු කැළයක්
කියලයි. මෙහි සෑම කෙනෙක්ම දිගින් දිගටම එකිනෙකාට දුක් දෙනවා. එහිදී නම් සතුට
ස්වභාවිකයි. මෙහි සතුට නම් කෘතිමයි. සැබෑ සතුට දෙන්නේ එකම එක පියා පමණයි. මෙහි ඇති
සතුට කපුටෙකුගේ වර්චස් පිඩක් වැනියි. දවසින් දවස සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් වෙමින්
යනවා. එහි ඇත්තේ මහා දුකක්. මිනිස්සු කියනවා: බාබා, මායාගේ කුණාටු විසක් තිබෙනවා.
මායා අපව පටලවනවා. ඇත්තේ මහා දුක්ඛිත හැඟීමකි. සතුට දානය කරන්නාගේ දරුවෙක් බවට පත්
වුණු පසුත් එවන් දුක්ඛිත හැඟීම් තිබෙනවා නම් පියා කියනවා: දරුවනි, මෙය කර්ම
වේදනාවක්. පියාව මුණ ගැසී තිබෙනා එකේ කිසිම දුකක් ඇති වීමට හේතුවක් නැහැ. පරණ කර්ම
ගිණුම් යෝගා බලයෙන් අවසන් කර දමන්න. යෝගා බලය නැතිනම්, එම ගිණුම් ගෙවා දැමීමට සිදු
වන්නේ දඬුවම් විදීමෙනුයි. දඬුවම් විද තත්ත්වයක් ලබා ගැනීම එතරම් හොඳ දෙයක් නොවෙයි.
ඔබ උත්සාහ දැරිය යුතුයි. නැතිනම් උසාවි යාමට සිදු වේවි. විෂයන් ගණනාවක් තිබෙනවා.
නාටකයට අනුව සෑම කෙනෙක්ම ගර්භාෂය නම් වූ සිර කුටියේ සිට සෑහෙන දඬුවමකට මුහුණ දෙනවා.
ජීව මහත් සේ එහේ මෙහේ සැරිසරනවා. ඇතැම් ජීව හානිදායක දේත් හරියට කරනවා. අපිරිසිදු
ජීවයක් කාට හෝ ඇතුළු වුණොත්, ඒ පුද්ගලයාට ඒක ලොකු කරදරයක් වෙනවා. එවන් දේ නව
ලෝකයේදී සිදු වන්නේ නැහැ. ඔබ දැන් උත්සාහ දරන්නේ නව ලෝකය වෙත යාමටයි. ඔබ එහි ගොස්
අළුත් මාළිගා සාදාවි. ක්‍රිෂ්ණා උපත ලබනවා වගේ ඔබ රජ කෙනෙකුට දාව උපත ලබාවි. කොහොම
නමුත්, මුලදීම එතරම් මාළිගා ආදිය තිබෙන එකක් නැහැ: ඒවා සෑදිය යුතුයි. කවුද ඒවා
සාදන්නේ? ඔබ උපත ලබන්නේ කාටද ඔවුන් ඒවා සාදාවි. ඔබ රජ කෙනෙකුට දාව උපත ලබනවා කියා
සඳහන් කර තිබෙනවා. සිදු වීමට යන්නේ කුමක්දැයි කියා ඉදිරියේදී ඔබට දැක ගත හැකි වේවි.
බාබා දැන්ම ඔබට එය කියන්නේ නැහැ: එවිට එය කෘත්‍රිම සෙල්ලමක් වේවි. මෙන්න මේ නිසා
තමයි බාබා කිසි දෙයක් කියන්නේ නැත්තේ. ඔබට කීම නාටකයේ තීරණය වී නැහැ. බාබා කියනවා:
මමත් නළුවෙක්. අනාගතය ගැන කල්තබාම දැන ගත්තා නම්, තව බොහෝ දේ කියන්න තිබුණා. බාබා
අන්තරයාමි නම්, ඔහු ඔබට සියල්ල කල්තබාම කියාවි. පියා කියනවා: නැහැ. නාටකයේ සිදුවන
සෑම දෙයක්ම නොබැඳි නිරීක්ෂකයෙකු සේ දිගටම නරඹන්න. ඒ වගේම ස්මරණ වන්දනාවේ කුල්මත්ව
සිටින්න. ඇතැම් අය පරාජය වන්නේ මෙහිදියි. ඥානය මීට වඩා වැඩි වෙන්නවත් අඩු වෙන්නවත්
බැහැ. ස්මරණ වන්දනාවේ දී තමයි වැඩි මතකයක් හෝ අඩු මතකයක් කියා ඇති වන්නේ. ඔබ ලද
ඥානය සෑම විටම එහිම තිබෙනවා. ඇතැම් විට ස්මරණ වන්දනාව ගැන ලොකු උනන්දුවක් ඇති
වෙනවා. තවත් වෙලාවක නැහැ. වන්දනාවේ දී චංචලතාවන් ඇති වෙනවා. ඥානය තුළින් ඉණිමගේ
නගින්න බැහැ. ඥානය වන්දනාවක් වෙන්න බැහැ. වන්දනාව ස්මරණයයි. පියා කියනවා: ස්මරණයේ
සිටීමෙන් ඔබ ආරක්ෂිතයි. ශාරීරික අවධානයට ලක් වුණු විට ඔබ රැවටීම් වලට ලක්වන අතර
පාපකාරී ක්‍රියාවන් කෙරෙනවා. ලොකුම සතුරා රාගයයි. බොහෝ අය මෙයින් පරදිනවා. බාබා
කෝපය යන කරුණ එතරම්ම ගන්නේ නැහැ. දැනුම ගැන කියනා විට එක තත්පරයකින් ජීවන මුක්තිය
ලද හැකි බවත් මුළු සාගරයම තීන්ත ලෙස ගෙන ලියන්න පටන් ගත්තත් දැනුමේ අහවරයක් වෙන්නේ
නැහැයි කියා සඳහන් වී තිබෙනවා. ඇල්ෆා සිහිපත් කරන්න කියාත් කියනවා. සිහිපත් කරන්න
යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි කියා ඔවුන් දන්නේ නැහැ කියාත් කියනවා. කලියුගයෙන්
අපව සත් යුගය වෙතට ගෙන යන්න කියාත් කියනවා. පරණි ලෝකයේ ඇත්තේ දුකමයි. මහා වැසි
වලින් ලොකු ලොකු ගොඩනැගිලි කඩා වැටෙන්නේ කොහොමද මිනිස්සු යට වෙන්නේ කොහොමද කියා ඔබට
දැක බලා ගත හැකියි. මහා වැසි වලින් ස්වභාවික ව්‍යසන පවා ඇති විය හැකියි. ඒ සියල්ල
එක් ක්ෂණයකින් සිදු වේවි. මිනිස්සු කුම්භකරණ නිද්‍රාවේ නිදි. විනාශය සිදු වන
මොහොතේදී ඔවුන් අවදි වේවි. නමුත් එවිට කුමක් කරන්නද? හැම කෙනෙක්ම මිය යාවි. මහ
පොළොවත් සම්පූර්ණ බලයෙන් සෙලවේවි. කුණාටු හා වැසි ඇති වේවි. බෝම්බ කඩා හැලේවි.
නමුත් මෙහි සිවිල් යුද්ධත් අමතරව ඇති වේවි. මන්ද ලේ ගංඟා ගැන සඳහන් කර තිබෙනවා. ගහ
මරා ගැනීම් රාශියක් ඇතිවේවි. එකිනෙකාට විරුද්ධව නඩු පැවරේවි. ඒ නිසාම එකිනෙකා අතර
රණ්ඩු සරුවල් ඇති වේවි. ඒසෑම කෙනෙක්ම අනාථයින්. නමුත් ඔබලා ස්වාමියාට මාස්ටර්ට
අයිති අයයි. ඔබ රණ්ඩු විය යුතු නැහැ. බ්‍රහමිණ්වරුන් බවට පත්වීමෙන් ඔබලා
ස්වාමියාටත් මාස්ටර්ටත් අයිති අය බවට පත් වෙනවා. ස්වාමිපුරුෂයෙක් හා පියෙක්,
ස්වාමියෙක් හා මාස්ටර් කෙනෙක් වශයෙන් හඳුන්වනවා. ශිව බාබා තමයි සියළුම ස්වාමි
පුරුෂයන්ගේත් ස්වාමි පුරුෂයා. ගැහැණු දරුවෙක් විවාහ ගිවිසුන විට ඇය කියනවා: කවදාද
මට මගේ ස්වාමිපුරුෂයා මුණ ගැසෙන්නේ? කියලා. ජීව වන ඔබලා කියනවා: බාබා මම ඔබ හා
ගිවිස ගෙනයි සිටින්නේ දැන් කොහොමද මා ඔබව මුණ ගැසෙන්නේ? ඇතැම් අය ඇත්ත ලියනවා.
ඇතැම් අය බොහෝ කරුණු සඟවනවා. අවංකව ලියන්නේ නැහැ: බාබා, මම මේ වැරැද්ද කළා. මට සමා
වෙන්න. කවුරු හෝ කෙනෙක් පාපයට වැටුණොත්, ඔහුගේ බුද්ධියට කිසිවක් ග්‍රහණය කර ගැනීමට
හැකි වන්නේ නැහැ. බාබා කියනවා: එවන් බරපතල වැරැද්දක් කළහොත් ඔබගේ සියල්ල අවසන් වී
යාවි. මා පැමිණ සිටින්නේ ඔබව පිරිසිදු කරවීමටයි. එමනිසා, ඇයි ඔබ ඔබගේ මුහුණ අවලස්සන
කර ගන්නේ? දිව්‍ය ලෝකයට ගියත් ලබන්නේ පැන්ස කීපයක තත්ත්වයක් පමණයි. අධිරාජ්‍යයක්
ස්ථාපනය වෙනවා. ඇතැම් අය පැරදෙනවා. උපතක් උපතක් පාසා තම තත්ත්වය විනාශ කර ගන්නවා.
ඔවුන්ගෙන් අසාවි: ඔබ ආවේ පියාගෙන් මේ තත්ත්වය දිනා ගන්නද? පියා එතරම් උසස් වුණු
විට, ඇයි දරුවන් පුරවැසියන් වෙන්නේ? තාත්තා සිංහාසනයේ වාඩිවී සිටිනා විට දරුවන් දාස
දාසියන් වීම ලොකු ලැජ්ජාවක්. මේ සියල්ලේ දර්ශන ඔබට අවසානයේදී දැකීමට ලැබේවි. එවිට
ඔබ පසුතැවිලි වේවි: මම අපරාදේ නේ ඒක කළේ. සන්යාසීන් පවා බ්‍රහ්මචාරිව වාසය කරනවා.
පාපකාරී සෑම කෙනෙක්ම ඔවුන් ඉදිරියේ හිස නමනවා. පාරිශුද්ධත්වයට ගෞරවයක් තිබෙනවා.
කෙනෙකුගේ වාසනාවේ නැතිනම්. පියාම උගන්වන්න ආවා වුණත් ඔහු දිගටම කරන්නේ වැරදිමයි.
ඔහු බාබාව සිහිපත් කරන්නේවත් නැහැ. එමනිසා, ගොඩක් පව් කෙරෙනවා. දරුවන් වන ඔබලාට
දැන් ලබා තිබෙන්නේ බ්‍රහස්පති ග්‍රහයායි. මේවාට වඩා බලගතු ග්‍රහයෙක් තවත් නැහැ.
සියළුම ග්‍රහයින් දරුවන් වන ඔබලා වටේ දිගටම කැරකෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙම නාටකයේ
සෑම ජවනිකාවක්ම නොබැඳි නිරීක්ෂකයෙකු සේ නිරීක්ෂණය කරන්න. එකම එක පියාව සිහිපත්
කිරීමේ ස්මරණයේ කුල්මත් බවින් සිටින්න. ස්මරණ වන්දනාව සම්බන්ධයෙන් ඔබ තුළ ඇති
උද්යෝගය අඩු නොකර ගැනීමට වග බලාගන්න.
2. මෙම ඉගෙනීම
සම්බන්ධයෙන් කවදාවත් නොසැලකිලිමත් වන්න එපා. ඔබගේ වාසනාව උසස් කර ගැනීමට නම්
අනිවාර්යෙන්ම ඔබ පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. පරාජය වී කිසි විටෙකත් උපතක් උපතක්
පාසා තම තත්ත්වය විනාශ කර ගන්න එපා.
වරදානය:
ඔබ සත්‍ය සේවය
කිරීමෙන් සතුටේ භාග්‍යය ඇති අවිනාශී සහ අලෞකික සතුටේ සාගරයක රළවල ගමන් කරන
ජීවාත්මයක් වේවා.
බාප්දාදාගෙන් සහ
ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ උපකරණ වලින් ඔබ කරන සේවයට ආශිර්වාද ලබන දරුවන්, අලෞකිකව සහ
ජීවාත්ම අවධානයෙන් යුතුව අභ්‍යන්තර සතුට අත්විඳිති. ඔවුන් කරන සේවයෙන් අභ්‍යන්තර
සතුට, අධ්‍යාත්මික සතුට සහ අසීමිත ලැබීම් අත්විඳින අතරම, ඔවුන් සතුටේ සාගරයක රළ වල
ගමන් කරයි. සැබෑ සේවය, ඔබට සෑම කෙනෙකුගේම සෙනෙහස, සෑම කෙනෙකුගේම අවිනාශී ගෞරවය සහ
සතුටේ ආශිර්වාදය තුළින් වාසනාවන්ත වීමේ උසස් වාසනාව අත්විඳීමට හැකියාව ලබා දෙයි.
නිරන්තරයෙන් සතුටින් සිටින අයට සතුටේ භාග්‍යය ඇත.
පාඨය:
නිරන්තරයෙන්
ප්‍රීතිමත් වීමට සහ ආකර්ෂණය කරන ප්‍රතිරූපයක් වීමට, තෘප්ති මාණික්‍යයක් වන්න.
අව්‍යක්ත සංඥාව: සහජ
යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.
ඔබේ ක්‍රියා, වචන,
සම්බන්ධතා සහ නෑ සබැඳියාවන් වලදී, ඔබ ඔබේ අවධානයෙහි සහ මනෝ ස්ථිතියෙහි සෙනෙහසේ
මුසුව රැඳී සිටිය යුතුය. යමෙකු කෙතරම් ස්නේහවන්ත වන්නේ ද ඒ තරමටම ඔහුට සෙනෙහසේ මුසු
වී සිටීමට හැකි වනු ඇත. මිනිසුන්, සෙනෙහසේ මුසුව සිටීමේ මෙම අවධිය ඒකාබද්ධ වීමේ
අවධිය ලෙසට තේරුම් ගෙන ඇත. ඔවුන් පියා කෙරෙහි ඇති සෙනෙහස අවසන් කර ඇති අතර "ඒකාබද්ධ
වීම" යන වචන පමණක් අල්ලාගෙන ඇත. ඔබ දරුවන් පියා වෙනුවෙන් සෙනෙහසේ මුසු වී රැඳී
සිටින විට, ඔබට පහසුවෙන්ම අන් අයව ඔබට සමාන කර පියාට සමාන කිරීමට හැකි වනු ඇත.