13.09.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සියල්ලන්වම ඔවුන්ගේ කර්ම බන්ධන වලින් ගලවා ගන්නා ගැලවුම් හමුදාව ඔබ වේ.
කර්ම බන්ධන තුළ ඔබ කොටු විය නොයුතුයි.
ප්රශ්නය:
ඔබ ඉතා බල
සම්පන්න අය වන්නට නොකඩවා කළ යුතු පුහුණුව කුමක්ද?
පිළිතුර:
"ඔබේ ශරීරයෙන් නොබැඳිව සිටීමට ඉඩක් ලැබෙන ඕනෑම විටෙක පුහුණු වන්න. නොබැඳිව සිටීමේ
දී, ඔබ ජීවාත්මයන් බලගැන්වෙයි, ශක්තිමත් වෙයි. ඔබලා භූගත සේනාවයි. ඔබ ලද නියෝගය,
"Attention please!" එනම්, "ඒකායන පියාගේ ස්මරණයෙහි ඉඳිමින් අශාරීරික වන්න."
ඕම් ශාන්ති.
පරම පියා ඉතා
පැහැදිලිව "ඕම් ශාන්තී" යන්නෙහි අර්ථය විස්තර කර තිබෙනවා. හමුදා සන්නද්ධව සිටිද්දී
ඔවුන් "Attention" කියති එම "Attention" යනු නිහඬ වීමයි. මෙහිද පරම පියා ඔබට
"Attention" (අවදියෙන් සිටින්න) කියනවා. මෙහි අර්ථය: ඒකායන පියාගේ ස්මරණයෙහි
සිටින්න. ඔබ ඔබේ කටින් කතා කරනවා එහෙත් ඔබ සැබැවින්ම කතා කිරීම ඉක්මවා සිටිය
යුතුයි. "Attention" ඔබ පරම පියා ස්මරණය කරමින් සිටිනවා ද? ඔබට පරම පියාගේ අණ හෝ
ශ්‍රීමත් ලැබී ඇත. ඔබ ජීවාත්මය හඳුනාගෙන ඇත. එසේම පරම පියාවත් හඳුනාගෙන ඇත. පරම
පියා සිහිපත් කිරීමෙන් තොරව ඔබට පාපයන් ජයගත්තෙක් (විකර්මාජීත්) එනම්, පවිත්‍ර
සතෝප්‍රධාන් කෙනෙක් විය නොහැක. ප්‍රධානම කාරණාව මෙය වේ. පරම පියා කියයි: සුමිහිරිතම
ආදරණීය දරුවනී. තමන්ව ජීවාත්ම යැයි සලකා මේ පියාව සිහිපත් කරන්න. මේ සියලු දේවල් මේ
කාලයට අදාල ඒවායි. එහෙත් මිනිස්සු ඒවා යොදා ඇත්තේ වෙනත් කාලයකයි. ඔවුන් හමුදා
භටයින්, ඔබත් හමුදා භටයින්, රහස් හමුදා භටයින් ද සිටී: ඔවුන් සැඟවී සිටින්නේ.
ඔබලාත් ගුප්ත අයයි. ඔබලාත් සැඟවී සිටිනවා. ඒ කියන්නේ ඔබලා පරම පියාගේ ස්මරණයෙහි
අවශෝෂණය වී සිටින්නේ. එයටයි ගුප්ත අය යැයි කීවේ. ඔබ අදෘෂ්‍යමාන වූ හේතුවෙන් කිසිම
කෙනෙකුට හඳුනාගත නොහැකි වේ. ඔබේ ස්මරණ වන්දනාව අදෘෂ්‍යමානයි. පරම පියා සරලව
කියන්නේ: මා සිහිපත් කරන්න. මන්ද, ඔහු දන්නවා ඔබ දුප්පත් අසරණ දරුවන් ස්මරණය
කිරීමෙන් පමණයි යහපතක් ලබන්නේය කියා. දුප්පත් අසරණයින් කීවේ ඔබලාටයි. දිව්‍යලෝකය
තුළ දුප්පත් අසරණයින් නොසිටී. දුප්පත් අසරණයින් වන්නේ බන්ධනයෙහි කොටු වූවන්ය. මෙය
වටහා ගන්නේ ඔබ පමණයි. පරම පියා පැහැදිලි කරයි: ඔබටත් ප්‍රදීපාගාර කියා කියති. පරම
පියාටත් ප්‍රදීපාගාරය කියති. පරම පියා නැවත නැවත ඔබට පැහැදිලි කරයි: ඔබේ එක් ඇසෙහි
සාම දේශයත් අනෙක් ඇසෙහි සතුටු දේශයත් තබන්න. ඔබ ප්‍රදීපාගාරයන් වාගේය. ඇවිදිමින්
ඉඳිමින් සහ ගමන් කරමින් සිටිද්දී සැහැල්ලුවෙන් සිටින්න. නොකඩවා සැමටම සාම දේශයේත්
සතුටු දේශයේත් මාර්ගය පෙන්වන්න. සැමගේ ඔරුව මෙම දුක් දේශය තුළ සිරවී තිබෙන නිසායි
"අනේ තොටියෝ ඇවිත් මගේ ඔරුව එගොඩට ගන්න " කියා කියන්නේ. සැමගේම ඔරු සිර වී
තිබෙන්නේ, ඉතින් ඔවුන්ව ගලවා ගත්තේ කවුරුන් ද? එය ගැලවුම් හමුදාව නොවෙයි; ඔවුන්ට
එසේ නිකම් නම් තබා ඇත. ඇත්තෙන්ම, ඔබලා තමයි ගැලවුම් හමුදාව: සැම ගලවා ගත්තේ ඔබලායි.
සියල්ලන්ම පස්පව් වල දම්වැලෙන් සිරවී සිටින්නේ. එමනිසායි ඔවුන් කියන්නේ: අපව ගලවා
ගන්න! අපව බේරාගන්න! පරම පියා කියයි: මේ ස්මරණ වන්දනාවෙන් ඔබට එගොඩට තරණය කළ
හැකියි. මෙකල සියල්ලන්ම අසුවී සිටින්නේ. පරම පියාට උයනේ ස්වාමියා කියාත් කියති. මේ
සියලු දේවල් අදාල වන්නේ මේ කාලයටයි. ඔබලා මල් බවට පත්විය යුතුයි. මෙකල. ඔබ කටු වී
සිටින්නේ ඔවුන් දරුණු නිසායි. ඔබ අහිංසාවාදීත්; ඔබ පාරිශුද්ධ වෙන්න ඕන. ධර්මයක්
ස්ථාපනය කිරීමට පැමිණෙන්නේ පාරිශුද්ධ ජීවාත්මයත්; ඔවුන්ට අපිරිසිදු විය නොහැකියි.
ජීවාත්මයක් ප්‍රථමයෙන් එන විට ඔවුන් පාරිශුද්ධ නිසා එම ජීවාත්මයට හෝ ශරීරයට දුකක්
නොමැත්තේ ඔවුන් පාපයන් රෑස්නොකර ගෙන සිටින නිසාවෙනී. අප පාරිශුද්ධ වූ විට, පාප සිදු
නොකෙරෙයි. එවිට අන් අයත් පාප ක්‍රියා නොකරති. ඔබ සෑම දේම සිතන්න ඕන. ජීවාත්ම ඉහළ
සිට පහළට ධර්මයක් ස්ථාපනය කිරීමට පැමිණෙයි. එතැන් සිට ඔවුන්ගේ රාජ්‍යය දිගටම
පැවතෙයි. සික් ආගමේ රාජවංශත් ඇත. සන්යාසීන්ට වංශයක් නොමැත. ඔවුන් රජවරු නොවෙති.
සික් ආගමෙහි ඔවුන්ට අධිරාජ්‍යවරුන් සිටින නිසා, ධර්මයක් ස්ථාපනය කරද්දී එවිට
පැමිණෙන්නේ නව ජීවයකි. ක්‍රිස්තු පැමිණ ක්‍රිස්තියානි ධර්මය ස්ථාපනය කළා. බුදුන්
පැමිණ බුද්ධ ධර්මය ස්ථාපනය කළා. එසේම ඒබ්‍රහම් පැමිණ ඉස්ලාම් ධර්මය ස්ථාපනය කළා. එම
ප්රාරම්භක ගේ නාමය එක්කොට එම සියලු ධර්මයන් (ධර්මය සහ ධර්ම ස්ථාපකගේ නාමය එක සේ)
නම් කරන ලදී. දේවතා ධර්මය එසේ නොවෙයි. ආශාරීරික පියාම පැමිණ දේවතා ධර්මය ස්ථාපිත
කළා. ඔහු ශරීරධාරියකු නොවේ. අනෙකුත් සියලු ආගම් ස්ථාපකවරුන්ට ශාරීරික නාමයන් ඇත.
එහෙත් එම කෙනා ශරීරධාරියකු නොවේ. තව ලොවෙහි මෙම රාජ වංශය පැවතේ. ඉතින්, පරම පියා
කියයි: දරුවනී. අනිවාර්යෙන් තමන්ව ආධ්‍යාත්මික යුධ හමුදාවක් සේ සලකන්න. හමුදාවේ
අණදෙන නිළධාරීන් ඇවිත් "Attention" කී විට එසැනින් සියල්ලෝම සීරුවෙන් සිටගනී. ඒ
මිනිස්සු තම ගුරුන් සිහිපත් කිරීම හෝ නිහඬ වී සිටීම කරති. කෙසේවෙතත් එය ව්‍යාජ
නිහඬතාවයයි. ඔබ දන්නවා අප ජීවාත්මයන් එසේම අපගේ නියම ධර්මය සාමයයි. එවිට අප ස්මරණය
කළ යුත්තේ කවුරුන්වද? දැන් ඔබට මෙම දැනුම ලැබී තිබෙනවා. දැනුම සමඟ ස්මරණයෙහි සිටීම
මගින් ඔබේ පාපයන් කැපී යනවා. අන් කිසිවෙකුටත් මෙම දැනුම නොමැත. තමන් ජීවාත්මයන්,
සාමයේ ප්රතිරූප සහ තමන්ගේ ශරීර වලින් නොබැඳිව සිටින්න ඕන වගත් මිනිසුන්ට නොතේරෙයි.
මෙහිදී, ඔබ තමන්ව ජීවාත්මයන් ලෙස සලකා ගෙන පරම පියාගේ ස්මරණයෙහි ඉඳීමෙන් ඔබට ශක්තිය
ලැබේ. ඔබ තමන්ව ජීවාත්ම ලෙස සලකමින් නොබැඳිව සිටින්නේ කෙසේ ද කියා පරම පියා පහදා
දෙයි. ඔබ ජීවාත්ම දැන් නිවසට ආපසු යා යුතුව ඇති බව දනී. අප එම ස්ථානයේ පුරවැසියන්.
අප අපගේ නිවහන බොහෝ කාලයක් අමතක කළා. තමන් ආපසු නිවසට යා යුතු බව අන් කිසිවෙකුට
නොවැටහේ. ඔවුන්ට කිසිවෙකු හෝ අපවිත්‍ර ජීවාත්මයන්ට එහි ආපසු යාමට නොහැකි බවත් ඔවුන්
ස්මරණය කළ යුත්තේ කාවද යන්නත් පැහැදිලි කර දී නැත. පරම පියා පැහැදිලි කරයි: ඔබ
ස්මරණය කළ යුත්තේ එක්කෙතාවයි. වෙත අයව සිහිපත් කිරීමෙන් ඔබට තිබෙන යහපත කුමක් ද?
උදාහරණයක් වශයෙන්, භක්ති මාර්ගයේ මිනිස්සු නොකඩවා "ශිවා ශිවා" කියති. එහෙත්
කිසිවකුටත් එසේ කීමෙන් කුමක් සිදුවේද කියා නොදනී. ශිවා ස්මරණය කිරීම මගින් ඔවුන්ගේ
පාපයන් කැපී යන බව කිසිවකුත් දන්නේ නැත. සැබැවින්ම ඔබට එම හඬ ඇසෙනවා ඇති. එම හඬ
ඇසේවි එහෙත් ඒවායෙන් කිසිම යහපතක් නැත. ඒ සියලු ගුරුත් සමඟ සිටි අත්දැකීම් බාබාට
තිබුණා. පරම පියා කියයි: ඕ අර්ජුතා, ඒ සියලු දේ අත්හරින්න. ඔබට සත්ගුරු හමුවී ඇත.
ඒනිසා, වෙන කිසිම කෙනෙකු අවශ්‍ය නොවේ. ඔබව සත්ගුරු එගොඩ කරවයි. පරම පියා කියයි: මම
ඔබව මේ දරුණු ලෝකය අභිබවා ගෙන යමි. ඔබ මේ විෂ සාගරය තරණය කළ යුතුයි. ඒ සියලු දේවල්
පැහැදිලි කර දී ඒ තිබෙනවා. ඔරුවක් පදින්නේ ඔරුකාරයායි. මේ නම දී තිබෙන්නේ ඔබට
පැහැදිලි කිරීම පිණීසයි. ඔහුට ප්රාණේශ්වර් බාබා කියති. එනම් ජීවන සුසුම දානය කරනා
බාබා. ඔහු ඔබව අමරණීය කරවයි. සෑම ජීවයක්ම ප්‍රාණ ශක්තිය යැයි කියති. ජීවාත්මයක්
ශරීරය හැර ගිය විට, ඔවුන් එම ප්‍රාණය හැර ගිය බව කියා එම ශරීරය තබා ගැනීමට ඉඩ
දෙන්නේ නැත. ජීවාත්මයක් ශරීරය තුළ සිටින විට එම ශරීරය නිරෝගී වේ. ජීවාත්මය නොමැති
විට එම මෘත දේහය ගඳ ගහන්න පටන් ගනී. එමනිසා, එය තබාගෙන කුමක් කරන්න ද? සතුන් එසේ
නොකරයි. වඳුරන් පමණයි පැටවුන් මළත්, ඒ මළකුණ ගඳ ගසද්දීත් අත්නොහරින්නේ. එය තදින්
අල්ලාගෙන සිටිනවා. ඒ සතුන්. එහෙත් ඔබ මනුෂ්‍යයන්, ජීවාත්මයක් ශරිරය හැර ගිය වහා
ඔවුන් කියයි: ඉක්මණීත් එය ඉවත් කරන්න. මිනිස්සු එම ජීවාත්මය දිව්‍යලෝකෙට ගියා කියා
කියති. ඔවුන් මිනිය ගන්නා විට සුසාන භූමිය දෙසට මුලින්ම පාද හරවා තබති. ඉන්පසු එහි
ඇතුල්වීමට පෙර වැඳුම් පිදුම් කටයුතු කර එම මෘත දේහය වටයක් කරකවා මුහුණ සුසාන භූමිය
දෙසට හරවා තබති. එසේ කිරීමෙන් එම ජීවාත්මය දැන් දිව්‍යලෝකෙට යනවා යැයි ඔවුන් සිතනා
බැවිනී. ඔබ ක්‍රිෂ්ණාගේ පින්තූරය නිවැරැදිව පෙන්වා තිබෙනවා: ඔහු අපායට පයින්
ගසන්නාක් සේ. මෙය ක්‍රිෂ්ණාගේ ශරීරය නොවෙයි. ඔහුගේ නාමය සහ රූපය සියල්ලක්ම වෙනස් වී
ඇත. පරම පියා බොහෝ දේවල් පැහැදිලි කර දී කියනවා: මන්මනාභව්! ඔබ මෙහි පැමිණ ඉඳිනා
විට අවධානය යොමුකරන්න. ඔබේ බුද්ධිය පරම පියා හා සම්බන්ධ කරන්න. ඔබේ අවධානය සදාකල්
තිබේවා. ඔබ ජීවත්ව සිටින තාක් ඔබට පරම පියා ස්මරණය කරන්න වෙයි. ස්මරණයෙන් පමණයි ඔබේ
පාපයන් කැපී යන්නේ. ස්මරණය නොකළොත් ඔබේ පව් කැපී යන්නේ නැත. ඔබ පරම පියාව සිහිපත්
කරන්න ඕන. ස්මරණයෙහි ඉඳිනා විට ඔබේ දෑස් වසා නොසිටිය යුතුයි. සන්යාසීන් දෑස් වසා
සිටින්නේ. ඇතැම් අය ස්ත්‍රීන් ගේ මුහුණවත් බලන්නේ නැත. ඔවුන් වෙළුම් පටියකින් දෑස්
වසාගෙන සිටිති. ඔබ මෙහි සිටිද්දී, නිර්මාපක, නිර්මාණයේ මුල. මැද සහ අන්තයේ ස්වදර්ශන
චක්‍රය කරකවන්න ඕන. ඔබලා ප්‍රදීපාගාරයන් වේ. මෙය දුක් දේශයයි. ඔබේ එක් ඇසේ දුක්
දේශයත් අනෙක් ඇසේ සතුටු දේශයත් ඇත. ඔබ එහේ මෙහේ යද්දී එද්දී. සෑම කෙනෙක්ම තමන්
ප්‍රදීපාගාරයක් යැයි සිතාගත යුතුයි. බාබා ඔබට විවිධ උදාහරණ වලින් පැහැදිලි කරයි. ඔබ
තමන්වත් බලාගන්න ඕන. ප්‍රදීපාගාර වීම මගින්, ඔබ තමන්ටම යහපතක් කර ගනී. අනිවාර්යෙන්
පරම පියා ස්මරණය කරන්න ඕන. ඔබ මගතොට මිනිසුන් හමුවෙද්දී ඔවුන්ට පැහැදිලි කරන්න ඕන.
ඔබව හඳුනන බොහෝ අයවත් ඔබට හමුවෙයි. සරලව රාමා රාමා කියනා ඔවුන්ට කියන්න: ඔබ දන්නවාද
මේ දුක් දේශයයි. එවිට සාම දේශය සහ සතුටු දේශය එයයි කියා? ඔබට සංඥා දෙන පින්තූර කා
හටත් දෙයි. ප්‍රදීපාගාර පවා සංඥා දෙයි. රාවණගේ සිරකුටියේ සිරගත වූ ඔරුව මෙයයි.
මනුෂ්‍යයන් මනුෂ්‍යයන්ට විමුක්තිය දිය නොහැකියි. එම සියලු දේවල් කෘත්‍රිම සීමිත
කාරාණා එහෙත්, මෙය අසීමිත කාරණාවයි. එය සමාජය උදෙසා කරන සමාජ සේවා නොවෙයි. ඇත්ත
වශයෙන්ම, නියම සේවාව මෙයයි. සියල්ලන්ගේම ඔරු එගොඩට ගෙනයයි. ඔබේ බුද්ධිය අසයි: අප
සමාජයට සේවය කරන්නේ කොහොමද? සියල්ලට කලින් ඔවුන්ට කියන්න: මුක්ති දේශයට යාමටත් පරම
පියා අවබෝධ කර ගැනීමටත් ඔබ ගුරු කෙනෙක් තෝරා ගන්නවා. කෙසේ වුවත් ඔබට කවරෙක් වත්
අවබෝධ කර ගැනීම කළ නොහැකිය. පරම පියාව අවබෝධ කර ගැනීමට මාර්ගය පෙන්වන්නේ පරම පියාම
පමණයි. ඒ මිනිස්සු සිතනවා ග්රන්ථ ආදීන් කියවා දෙවියන් අවබෝධ කර ගැනීම කළ හැකියි
කියා. ඔවුන් එම අපේක්ෂාවෙන් ජීවත් වී අන්තිමට කුමක් හෝ ස්වරූපයකින් තමයි දෙවියන්ව
අවබෝධ කර ගන්නේ. ඔහුව ඔබට ලබාගත හැක්කේ කවදාද යන්න පරම පියා පැහැදිලි කර තිබෙනවා.
පින්තූර වල ඔබ මෙය පෙන්වා ඇත: මොහුවයි ඔබ ස්මරණය කරන්න ඕන. සියලුම ආගම් නායකවරුන් ද
ඒ දෙසට සංඥා කර ඇත. එසේ ඔබ ඉගැන්වීම් දී තිබෙනවා ඒ නිසා ඒ අයත් ඒ අයුරින් සංඥාවක්
දෙනවා: ස්වාමියාගේ නාමය මතුරන්න. සත්ගුරු එම පරම පියා තමයි. නැතිනම්. බොහෝ දෙනෙක්
නොයෙක් විදියේ ඉගැන්වීම් දෙයි. ඔවුන්ටයි ගුරුන් කියන්නේ. කිසිම කෙනෙක් අශාරීරික
වීමට උගන්වන්නේ නැත. ඔබ කියන්නේ: ශිව බාබා ස්මරණය කරන්න. එම මිනිස්සු ශිව දේවාලයකට
ගිය විට ශිවාට "බාබා" කියා කියන පුරුද්ද ඔවුන්ට ඇත. වෙන කාටවත් ඔවුන් "බාබා!" කියා
නොකියති. ඒ අය අශාරීරික නොවෙයි. ඒ අය ශරීරධාරීන්. ශිවා තමයි නිරාකාරී, සත්‍ය බාබා.
සියලු ජීවාත්මයන් ශරීරධාරීන්ය. ඔය දරුවන් මෙහි ඉඳිනා විට මෙම අවධානයෙන් පසුවන්න. ඔබ
දන්නවා ඔබ කොටු වුණේ කොහොමද කියා. බාබා දැන් ඇවිත් ඔබට මාර්ගය පෙන්වා ඇත. අනෙකුත්
සියලු අය නිදහස් නොවී තවමත් කොටු වී සිටින්නේ. සියල්ලන්ම දඬුවම් විඳීමෙන් පසු
නිදහස් වනවා ඇත. බාබා ඇතැම් දරුවන්ට නොකඩවා පැහැදිලි කරනවා: ඔබට ලැබෙයි පුංචි
තෑග්ගක් එයද දඬුවමින් පසුවයි ලැබෙන්නේ. ලොකු දඬුවමක් ලබනා අය ඔවුන්ගේ තත්ත්වයත්
නැති කර ගැනීමෙන් පසුව පුංචි තෑග්ගක් ලබයි. ඔබ පුංචි දඩුවමක් නම් ලබන්නේ එවිට හොඳ
තෑග්ගක් ලබා ගනීවි. මේ කටු කැලයයි. සෑම දෙනාම කටු මෙන් එකිනෙකාට ඇනගන්නවා.
දිව්‍යලෝකයට, අල්ලාහ් ගේ මල් උයන කියති. යම් කලෙක පාරාදීසය තිබුණා කියා
ක්‍රිස්තියානීන් ද කියති. එම දර්ශන ලැබී තිබෙයි. මෙම ධර්මයේ සිටි කෙතෙක් ආපසු සිය
ධර්මයට පැමිණීම සිදුවිය හැකි දෙයකි. කෙසේවෙතත්, කෙනෙක් යමක් දුටුවත් කුමක් වෙන්නද?
එසේ දුටුවා කියා එහි කිසිවෙකුටත් යා නොහැක; පරම පියා හඳුනා ගත්. මෙම දැනුම ලත්
කෙනෙකුට මිස අන් කිසිවකුට එහි යා නොහැක. සැමටම එහි යා නොහැක. එහි දේවතාවරු ඉතා
ස්වල්ප දෙනෙක් සිටී. දැන් හින්දූවරු බොහෝ සිටී නමුත් ඔවුන් තමයි මුලින් දේවතාවරු වී
සිටියේ. කෙසේවෙතත්, ඔවුන් පාරිශුද්ධව සිටියේ. මොවුන් අපවිත්‍රව සිටිනවා. අපවිත්‍ර
අයට දේවතාවන් යැයි කීම රිසි නොවනු ඇත. ධර්මය දූෂිතයි එසේම ඔවුන්ගේ කර්මයත් දූෂිතයි
කියා ඔබට කිව හැකි එකම ආගම මෙයයි. එයට ඔවුන් ආදී සනාථන හින්දු ධර්මය කියති. ඔවුන්ගේ
(ජනසංඛ්‍යා ලේඛනයේ). දේවතා ධර්මය පෙන්වන තීරුවක් පවා නැත. පරම පියාගේ අත්‍යන්ත
ප්‍රියතම දරුවන් වන අපව ඔහු නැති බැරි බවෙන් ඇති හැකි අය බවට පත්කරවයි. පරම පියා
පැමිණෙන්නේ කෙසේද කියා ඔබට පැහැදිලි කළ හැකියි. දේවතාවන් පවා පාද තබන්නේ නැති මේ
තමෝප්‍රධාන් ලොවෙහි පරම පියා පැමිණීය හැක්කේ කෙසේද? පරම පියා අශාරීරිකයි. ඔහුටම
කියා පා නොමැති නිසායි ඔහු මොහුගේ ශරීරයට ඇතුල් වන්නේ. ඔය දරුවන් දැන් දේවමය ලෝකයේ
සිටින අතර අනෙක් අය යක්ෂ ලෝකයේ සිටී. මෙම සංගම යුගය ඉතාමත් කෙටි එකකි. ඔබ සිටින්නේ
දේවතා ලොවෙහිවත් යක්ෂ ලොවෙහිවත් නොවන බව දැන් ඔබට වැටහෙනවා. අප දේවමය ලොවෙහියි
සිටින්නේ. පරම පියා පැමිණ සිටින්නේ අපව ආපසු නිවසට ගෙන යාමටයි. පරම පියා කියයි: එය
මාගේ නිවහනයි. මා මාගේ නිවහන අත්හැර මෙහි පැමිණීයේ ඔබ වෙනුවෙනී. භාරතය සතුටු දේශයක්
බවට පත්වූ විට මම එහි නොයමි. මම ලොවෙහි අධිපති බවට පත් නොවෙමි. එසේ වන්නේ ඔබයි. මම
බ්‍රහ්මාණ්ඩයේ අධිපති වෙමි. සියල්ලන්ම බ්රහ්මාණ්ඩයට ආපසු යනවා. දැනුදු ඔවුන් එහි
අධිපතීන් ලෙස සිටී. තවමත් පහළ බැසීමට සිටින අය බැස එන්නේ මෙහෙටයි. එහෙත් ඔවුන් ලොවේ
අධිපතීන් වන්නේ නැත. බාබා නොසෑහෙන්න පැහැදිලි කළා. ඇතැම් ශිෂ්‍යයන් ඉතා හොඳයි
එමනිසා, ඔවුන් ශිෂ්‍යත්වයක් ලබාගනී. පුදුමයක් නම් ඔවුන් මෙහි පැමිණ කියයි ඔවුන්
පාරිශුද්ධව සිටිනවා කියා. ඉන්පසු මෙහෙන් ගිය පසු ඔවුන් අපිරිසිදු වෙනවා. එවන්
දුර්වල අයව මෙහි නොගෙන එන්න! ඔවුන් ගැන සොයා බැලීම බ්‍රහමින් ගුරුවරුන්ගේ වගකීමයි.
ජීවාත්මයක් තමයි ශරීර ලබාගෙන ඔවුන්ගේ චරිත කොටස කරන්නේ යන්න ඔබ දන්නවා. ඔවුන්ට
අවිනාශී චරිත කොටස් ලැබී ඇත. අච්චා.
සුමිහිරි, ආදරණීය
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1.
ප්‍රදීපාගාරයක් වී සැමට සාම දේශයට සහ සතුටු දේශයට මඟ පෙන්වන්න. සැමගේ ඔරුව පාපකාරී
දේශයෙන් ඉවත් කරනා සේවය කරන්න. එසේම තමන්ටත් යහපත සලස්වා ගන්න.
2. ඔබේ සාමකාමී
ස්වරූපයෙහි ස්ථිරව ඉඳිමින් ඔබේ ශරීරයෙන් නොබැඳි වීමේ පුහුණුවෙහි යෙදෙන්න. දෑස්
විවෘතව තබාගෙන ස්මරණයෙහි ඉඳින්න. ඔබේ බුද්ධියෙන් නිර්මාපක සහ නිර්මාණය සිහිපත්
කරන්න.
වරදානය:
ඔබ සම්පූර්ණ
පාරිශුද්ධභාවයට පත් වීමෙන්, ඔබේ සිතිවිලි පාරිශුද්ධ ඥානයේ සහ බලයේ ප්‍රතිමූර්තියක්
බවට පත්වේවා.
පරමාත්ම පියාට සමාන
වීමට නම්, ඔබේ පාරිශුද්ධත්වයේ පදනම ශක්තිමත් කර ගන්න. අත්තිවාරමක් ලෙස
බ්‍රහ්මචර්යාව භාරවීම සාමාන්‍ය දෙයකි. ඒ නිසා එයින් පමණක් සතුටු නොවන්න. ඔබේ දැක්ම
සහ ආකල්පය තුළ එම පාරිශුද්ධභාවය තිබිය යුතු බව තවත් අවධාරණය කර ගන්න. ඒ සමඟම, ඔබේ
සිතිවිලි පාරිශුද්ධ ඥානයේ සහ බලයේ ප්‍රතිමූර්තියක් බවට පත්කරන්න. ඔබේ සිතිවිලි වල
තවමත් බොහෝ දුර්වලතා තිබේ. එම දුර්වලතා සියල්ල අවසන් කරන විට ඔබ සම්පූර්ණයෙන්ම
පිරිසිදු ජීවාත්මයක් යැයි කියනු ඇත.
පාඨය:
ඔබ දකින සෑම
කෙනෙකුටම දයාව හා සුබ පැතුම් ලබා දෙන විට ඔබට උඩඟුකමේ හෝ අපහාස කිරීමේ හැඟීමක් ඇති
නොවේ.