13.09.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පළමුවෙන්ම, මේ ගැන සැළකිලිමත් වන්න: මම, ජීවාත්මයක්, මලකඩ වලින් වැසී ඇති
අතර, එම මලකඩ ජීවාත්මයෙන් ඉවත් කරන්නේ කෙසේදැයි මම සිතිය යුතුය. ඉඳිකටුව මලකඩ සහිත
තාක් කල්, කාන්දමට එය ආකර්ෂණය කිරීමට නොහැකි වනු ඇත.
ප්‍රශ්නය:
වඩාත්
ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයන් වීමට, වඩාත් ශ්‍රේෂ්ඨතම සංගම යුගයෙදී, ඔය දරුවන් දැරිය යුතු
උත්සාහය කුමක්ද?
පිළිතුර:
කර්මතීට් වීමට ගන්නා උත්සාහය. ඔබගේ බුද්ධිය කිසිම කර්මික නෑ සබඳතාවයකට ඇදී නොයා
යුතුයි. එනම්, කිසිම කර්ම බන්දනයක් ඔබව ආකර්ෂණය නොකළ යුතුයි. ඔබගේ පූර්ණ සබඳතා
තිබිය යුත්තේ ඒකායන පියා සමඟයි. ඔබගේ හදවත් කිසිම කෙනෙකුට බැඳී නොතිබිය යුතුයි.
එවන් උත්සාහ දරන්න. ඕපාදූප කතා කිරීම ආදියට ඔබගේ කාලය අපතේ නොහරින්න. සිහිපත්
කිරීමේ සිටීම පුහුණු වන්න.
ගීතය:
අවදි වන්න
මනාලියනි! අවදිවන්න! නව යුගය අත ළඟය!
ඕම් ශාන්ති.
ඔය
ආධ්‍යාත්මික දරුවන්, ඔය ජීවාත්ම, ඔබගේ සිරුරු තුළින් ගීතය ඇසුවා. පරම පියා දැන් ඔය
දරුවන්ව ජීවාත්ම අවධානයට පත් කරවනවා. ඔබට ජීවාත්මය පිළිබඳ ඥානය ලැබෙනවා. ලෝකයේ එකදු
කෙනෙකුටවත් ජීවාත්ම පිළිබඳ සත්‍ය ඥානය නැත. එබැවින් පරමාත්මය පිළිබඳ ඥානය ඔවුන්ට
තිබෙන්නේ කෙසේද? අසුන් ගෙන, මෙය විස්තර කර දෙන්නේ පරම පියා පමණයි. ඔබට මෙය විස්තර
කර දිය යුතු වන්නේ සිරුරක් තුළිනි. සිරුරක් නොමැතිව ජීවාත්මයකට කිසිම දෙයක් කළ
නොහැක. ඔබ වාසය කරන්නේ කොහේද, එමෙන්ම ඔබ කාගේ දරුවන්ද කියා ඔය ජීවාත්ම දන්නවා. ඔබ
දැන් මෙය නිවැරදිව දන්නවා. සියලුම නළුවන්ට චරිත කොටසක් තිබේ. විවිධ ආගම් වල ජීවාත්ම
මෙහි පැමිණෙන්නේ කවදාද කියා ඔබගේ බුද්ධිය දන්නවා. පරම පියා ඔබට වැඩි විස්තර පහදා
දෙන්නේ නැත. ඔහු සෑම දෙයක්ම තොග පිටින් විස්තර කරයි. ’තොග පිටින්‘යනු, ඔහු
තත්පරයකදී පමණක් කෙබඳු විස්තරයක් ලබා දෙන්නේද යත්, ස්වර්ණමය යුගයේ ආරම්භයේ සිට
අවසානය තෙක් ඔබගේ චරිත කොටස් පටිගත වී ඇති අන්දම ගැන සෑම දෙයක්ම ඔබ දැනගන්නවා. පරම
පියා කවරෙක්ද එමෙන්ම මෙම නාටකයේ ඔහුගේ චරිත කොටස කුමක්ද කියා ඔබ දැන් දන්නවා. උසස්ම
උසස් කෙනා පරම පියා බවත් ඔබ දන්නවා. ඔහු සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා, දුක නැති
කරන්නා සහ සතුට පිරිනමන්නායි. ශිවාගේ උපන් දිනය සිහිපත් කෙරෙයි. උසස්ම වන්නේ ශිවාගේ
උපන් දිනය බව, නිසැකයෙන්ම කිව හැක. මිනිසුන් ඔහුගේ උපන් දිනය සමරන්නේ විශේෂයෙන්ම
භාරතයේය. තම රටේ හොඳ ඉතිහාසයක් ඇති උසස් ජීවයන්ගේ මුද්දර නිකුත් කෙරෙයි. දැන්,
ඔවුන් ශිවාගේ උපත සමරයි. වඩාත්ම උසස් වන්නේ කාගේ උපතද කියා විස්තර කළ යුතුයි. කාගේ
මුද්දරයද නිර්මාණය විය යුත්තේ? ඔවුන් රණ ප්‍රතාප් රජතුමාගේ මුද්දරයක් සෑදු
අන්දමින්ම, සාදූන්, පූජකයන් සහ සීක්, මුස්ලිම් සහ ඉංග්‍රීසි දාර්ශනිකයන්ගේද මුද්දර
නිර්මාණය කරයි. ඇත්ත වශයෙන්ම සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා වන පරම පියාගේ
මුද්දරයක් තිබිය යුතුයි. මෙකල පරම පියා නොපැමිණියේ නම්, විමුක්තිය තිබෙන්නේ කෙසේද?
සෑම කෙනෙක්ම අපායේ අන්ත අගාධයේ අපහසුතා විඳියි. උසස්ම උසස් වන්නේ පාරිශුද්ධකරු වන
ශිව බාබාය. ඔහු උසස්ම උසස් කෙනා බැවින්, උස් ස්ථානවල බොහෝ ශිව දේවාල තනා තිබේ. පරම
පියාම පැමිණ, භාරතයේ ජනතාව වන ඔබව දිව්‍ය ලෝකයයේ අධිපතියන් බවට පත් කරවයි. ඔහු
පැමිණි විට, විමුක්තිය පිරිනමයි. එබැවින් එම පියාගේ සිහිපත් කිරීම තිබිය යුතුයි.
ශිව බාබාගේ කුමන ආකාරයේ මුද්දරයක්ද නිර්මාණය කළ යුත්තේ කියා, ඔබ සිතිය යුතුයි.
භක්ති මාර්ගයේදී ඔහුගේ පිළිරුව ලෙසින් ඔවුන් ලිංගමයක් නිර්මාණය කරයි. උසස්ම-උසස්
ජීවාත්මය ඔහුයි. උසස්ම-උසස් දේවාලය, ශිවාගේ බව සලකයි. සෝම්නාථ (අමෘතයේ ස්වාමියා)
ශිවාගේ දේවාලයයි. භාරතයේ මිනිසුන් තමෝප්‍රධාන් බැවින්, ශිවා යනු කවුරුන්ද කියා
ඔවුන් නොදනී. ඔවුන් වන්දනා කරන කෙනාගේ රාජකාරිය ඔවුන් නොදන්නේය. රණ ප්‍රතාප් රජතුමා
සටන් කළා, නමුත් එය හිංසනයයි. මෙකල සියල්ලන්ම දෙයාකාරයකින් හිංසාකාරියි. පාපයේ
ගැලීම, රාගයේ අසිපත භාවිත කිරීමද හිංසනයකි. දෙයාකාරයකින් අවිහිංසාවාදි වන්නේ
ලක‍්ෂ්මි සහ නාරායන්ය. මිනිසුන්ට ඥානය තිබුණේ නම්, ඔවුන්ට අරුත්බර මුද්දර නිර්මාණය
කළ හැකිව තිබුණා. ස්වර්ණමය යුගයෙදී ඔවුන්ට තිබෙන්නේ ලක‍්ෂ්මි සහ නාරායන්ගේ මුද්දර
පමණයි. එහිදී ඔවුන්ට ශිව බාබා ගැන කිසිම දැනුමක් නැහැ. එබැවින් නිසැකයෙන්ම තිබෙන්නේ
වැඩියෙන්ම උසස් ලක‍්ෂ්මි සහ නාරායන්ගේ මුද්දරයි. දැන් වුවද තිබිය යුත්තේ, භාරතයේ එම
මුද්දරයමයි. උසස්ම- උසස් වන්නේ ත්‍රිමූර්ති ශිවාය. ඔහු අවිනාශී රාජධානියේ කිරුළ,
භාරතයට දෙන බැවින්, ඔහුගේ මුද්දරය සදාකල්හි තිබිය යුතුයි. පරම්පිතා, පරමාත්මා,
භාරතය, දෙව්ලොව බවට පත් කරවයි. ඔබ අතරින්ද, බාබා අපව දෙව්ලොව අධිපතියන් බවට පත්
කරවන බව අමතක වෙන බොහෝ දෙනෙක් සිටියි. මායා ඔබට මෙය අමතක කරවයි. පරම පියාව නොදත්
නිසා, භාරතයේ මිනිසුන් බොහෝ වැරදි සිදු කර තිබේ. ශිව බාබා කරන්නේ කුමක්ද කියා
කිසිවෙකු නොදනී. ඔවුන් ශිව ජයන්තියෙහි අරුතවත් නොදනී. මෙම ඥානය පරම පියාට හැර වෙනත්
කිසිවෙකුට නොමැත. පරම පියා දැන් ඔය දරුවන්ට පවසන්නේ තමන්ට මෙන්ම අන් අයටද අනුකම්පා
කරන්න. ගුරුවරයා ඔබට උගන්වනවා. ඔබ වෙනුවෙන් ඇති, ඔහුගේ අනුකම්පාව මෙයයි. එම කෙනා
පවසන්නේ මා ගුරුවරයා වන අතර, මා ඔබට උගන්වනවා. ඇත්ත වශයෙන්ම මෙම ස්ථානයට පාඨශාලාවක්
යැයි නොකිව යුතුයි, මන්ද මෙය බොහෝ විශාල විශ්ව විද්‍යාලයක් බැවින්. අන් සියල්ලටම
තිබෙන්නේ ව්‍යාජ නම්ය. එම කොලිජී එකක්වත් තිබෙන්නේ මුළු විශ්වයටම නොවෙයි. මුළු
ලොවටම විමුක්තිය පිරිනමන ඒකායන පියාගේ විශ්ව විද්‍යාලය වන්නේ මෙය පමණයි. ඇත්ත
වශයෙන්ම තිබෙන්නේ මෙම එක් විශ්ව විද්‍යාලය පමණක් වන අතර, සෑම කෙනෙක්ම විමුක්තිය සහ
ජීවන-මුක්තිය තුළට ඇතුළු වන්නේ මෙය තුළිනි. එනම්, ඔවුන් සාමය සහ සතුට ලබාගනී.
විශ්වය මෙයයි. මේ නිසයි බාබා පවසන්නේ බිය නොවන්න. මෙය විස්තර කළ යුතු දෙයකි. හදිසි
අවස්ථාවකදී සාමාන්‍යයෙන් සිදුවන්නේ කිසිම කෙනෙක් කිසි කෙනෙකුට ඇහුම් කන් නොදීමය එය
මිනිසුන්ව මිනිසුන් විසින් පාලනය කිරීමකි. වෙනත් කිසිම ආගමක, ආරම්භයේ සිටම
රාජධානියක් නොමැත. ඒ මිනිසුන් පැමිණෙන්නේ ඔවුන්ගේ ආගම් ස්ථාපිත කිරීම සඳහා පමණයි.
ඔවුන්ගේම ආගමේ සිය දහස් ගණනක් සිටින විටයි ඔවුන් රාජධානි පාලනය කරන්නේ. මෙහි, පරම
පියා මුළු විශ්වයටම රාජධානියක් ස්ථාපිත කරනවා. මෙය විස්තර කළ යුතු කරුණකි. ඔහු මෙම
වඩාත්ම උසස් සංගම යුගයෙදී, දේවතා රාජධානිය ස්ථාපිත කරනවා. ක්‍රිෂ්ණා, නාරායන් සහ
රාමාගේ තද නිල් පැහැති පිංතූර ඔබගේ දෑතේ රැගෙන ගොස්, ක්‍රිෂ්ණාට ශ්‍යාම් සහ සුන්දර්
යැයි කියන්නේ මන්ද කියා ඔබට විස්තර කළ හැකි බව, පරම පියා ඔබට පහදා දී තිබේ. ඔහු
අලංකාර විය, ඉතිං ඔහු අවලස්සන වූයේ කෙසේද? භාරතය දිව්‍ය ලෝකය වශයෙන් තිබුණු අතර එය
දැන් අපායයි. අපාය යනු අවලස්සන වන අතර දෙව්ලොව යනු ලස්සනය. රාමාගේ රාජධානියට දිවාකල
යැයිද රාවනගේ රාජධානියට රාත්‍රිය යැයිද කියයි. ඉතිං දේවතාවන්ව තද නිල් පැහැයෙන්
පෙන්වා දී තිබෙන්නේ මන්ද කියා ඔබට ඔවුන්ට පහදා දිය හැක. ඔබ දැන් වඩාත්ම ශුභදායක
සංගම යුගයේ සිටින අතර අන් අය එහි නොමැති බව, පරම පියා මෙතැන අසුන් ගෙන විස්තර කරයි.
ඔබ මෙහි අසුන් ගෙන සිටිනවා. ඔබ දැන් සංගම යුගයේ සිටින අතර වඩාත්ම ශ්‍රේෂ්ඨ වීමට
උත්සාහ දරමින් සිටිනවා. ඔබට දූෂිත අපවිත්‍ර මනුෂ්‍යයින් සමඟ කිසි සම්බන්ධයක් නැත.
ඔබ තවමත් ඔබගේ කර්මතීට් තත්ත්වයට පත් වී නැත, මේ නිසයි ඔබගේ හදවත්, කර්මික නෑ
සබඳකම් වල බැඳෙන්නේ. කර්මතීට් වීම සඳහා, ඔබට සිහිපත් කිරීමේ වන්දනාව අවශ්‍යයි. පරම
පියා පවසන්නේ ඔබ ජීවාත්ම වන අතර, පරම පියා වෙනුවෙන් ඔබ තුළ බොහෝ සෙනෙහස තිබිය
යුතුයි. අහා! බාබා අපට උගන්වනවා! කිසිම කෙනෙකුට එම උද්යෝගය නැත. මායා ඔබව නැවත
නැවතත් ශරීර අවධානයට පත් කරවයි. ඔය ජීවාත්ම වලට ශිව බාබා කතා කරන බව ඔබට වැටහෙන
බැවින්, එම ආකර්ෂණය සහ සතුට තිබිය යුතු නොවේද? මලකඩ සුළුවෙන් වත් නොමැති ඉඳිකටුවක්,
ඉතා ඉක්මනින් කාන්දමකට ආකර්ෂණය වෙයි. මලකඩ ටිකක් හෝ තිබෙන්නේ නම්, ඉඳිකටුව ඇදෙන්නේ
නැත එම ආකර්ෂණය නොතිබෙයි. කාන්දමක් ඉඳිකටුවක් ඇදගන්නේ, එහි මලකඩ නොමැති විටයි. ඔය
දරුවන්ට එම ආකර්ෂණය තිබිය හැක්කේ, ඔබ සිහිපත් කිරීමේ වන්දනාවේ සිටින විට පමණයි.
මලකඩ ටිකක් හෝ ඇත්නම්, ඉඳිකටුව ඇදෙන්නේ නැත. ඔබ සම්පූර්ණයෙන්ම පිවිතුරු වූ විට, ඔබ
ආකර්ෂණය වන බව, ඔය සෑම ඉඳිකටුවකටම වටහා ගැනීමට පුළුවන්. එම ආකර්ෂණය නොමැත්තේ
ජීවාත්මය මලකඩ වලින් වැසී ඇති බැවිනි. ඔබ විශාල වශයෙන් සිහිපත් කිරීමේ සිටින විට,
ඔබගේ පාපයන් දුරු කර ගත හැක. අච්චා, ජීවාත්මයක් දැන් පාපයන් සිදු කරන්නේ නම්, ඔහු
සිය ගුණයක දඬුවම් රැස් කරගන්නා අතර, එම ජීවාත්මයේ මලකඩ බැඳෙයි. එම ජීවාත්මයට එවිට
පරම පියාව සිහි කිරීමට නොහැකි වෙයි. තමන් ජීවාත්මයක් බව සළකා, පරම පියාව සිහිපත්
කරන්න. ජීවාත්මයන්ට සිහිපත් කිරීමේ සිටීමට අමතක වන විට, ඔවුන් මත මල බැඳෙන අතර,
එබැවින් එම ආකර්ෂණය හෝ සෙනෙහස නොමැත. මල ඉවත් කළ පසු, සෙනෙහස සහ සතුටද තිබෙයි ඔබගේ
මුහුණු බොහෝ ප්‍රබෝදමත්ව තිබෙයි. ඔබ අනාගතයේදී ඔවුන් මෙන් විය යුතුයි. ඔබ සේවය
නොකරන්නේ නම්, අතීතයේ පැරණි කුණු ගොඩවල් ගැන ඔබ දිගින් දිගටම කතා කරනු ඇත. මෙය ඔබගේ
බුද්ධියේ යෝගාව, පරම පියාගෙන් ඉවතට කඩා දමනු ඇත. තිබුණු යම් දීප්තියක් වුවද
අතුරුදහන් වනු ඇත. පරම පියා කෙරෙහි සුළු සෙනෙහසක්වත් නොමැත. පරම පියාව ඉතා හොඳින්
සිහිපත් කරන අයට පමණයි, ඔහු කෙරෙහි සෙනෙහසක් තිබෙන්නේ. එවන් දරුවෙකුට පරම පියාද
ආකර්ෂණය වෙයි මෙම දරුවා ඉතා හොඳින් සේවය කරන අතර, යෝගාවේද සිටියි. එබැවින් පරම
පියා, එම දරුවා මත සෙනෙහස වස්සවයි. එවන් දරුවෙක්, තමා අතින් කිසිම පාපයක් සිදු
නොවීම සහතික කිරීම සඳහා, තමන් කෙරෙහි අවධානය යොමු කරගනී. ඔබ පරම පියා සිහිපත්
නොකරන්නේ නම්, මලකඩ ඉවත් වන්නේ කෙසේද? පරම පියා පවසන්නේ මලකඩ ඉවත් කරගැනීම සඳහා
ඔබගේ දෛනික වාර්තාව ලියන්න. ඔබට තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීමට අවශ්‍ය නම්, ඔබ
මලකඩ ඉවත් කරගත යුතුයි. මලකඩ ටිකක් ඉවත් වන නමුත්, ජීවාත්මයේ නැවතත් මලකඩ බැඳෙන අතර
සිය ගුණයක දඬුවම් ඇතිවෙයි. ඔබ පරම පියා සිහි නොකරන විට, එක් හෝ තව පාපයක් සිදු
කරයි. පරම පියා පවසන්නේ මලකඩ ඉවත් නොවන්නේ නම්, ඔබට මා වෙතට පැමිණීමට නොහැකි වෙයි.
එවිට දඬුවම් විඳීමට සිදුවෙයි. ජීවාත්මය, සෙරෙප්පුව අත්විඳින අතර, තත්ත්වයද විනාශ
වෙයි. එවිට ඔබ පරම පියාගෙන් කුමන උරුමයක් ලබයිද? ජීවාත්මයේ තවත් මලකඩ බැඳෙන අන්දමේ
කිසිම ක්‍රියාවක් සිදු නොකරන්න. පළමුවෙන්ම තමාගෙන් මලකඩ ඉවත් කිරීමට සැළකිලිමත්
වන්න. ඔබ මේ ගැන නොසිතන්නේ නම්, එය ඔබගේ භාග්‍යයේ නොමැති බව, පරම පියා වටහාගන්නවා.
ඔබට එම සුදුසුකම තිබිය යුතුයි. කෙනෙකුට යහපත් චරිතයක් තිබිය යුතුයි. ලක‍්ෂ්මි සහ
නාරායන්ගේ චරිත, සිහි කෙරෙනවා. මිනිසුන් ලක‍්ෂ්මි සහ නාරායන්ගේ (පිළිරූ) ඉදිරියේ
අද, තමන්ගේ චරිත ගැන කතා කරති, ඔවුන් ශිව බාබාව කිසිසේත් නොහඳුනති. විමුක්තිය
පිරිනමන්නේ ඔහු පමණයි. ඔවුන් තාපසයන් වෙතට යන නමුත්, සියල්ලන්ටම විමුක්තිය
පිරිනමන්නේ ඒකායන ඔහු පමණයි. පරම පියා, දෙව්ලොව ස්ථාපනය කරන අතර, ඉන්පසුව ඔබ පහළට
පැමිණිය යුතුයි. පරම පියා හැර වෙනත් කිසිම කෙනෙකුට ඔබව පිවිතුරු කළ නොහැක. තාපසයින්
කුඩා අගලක් සාදා එහි අසුන් ගනී. ඒ වෙනුවට ඔවුන් ගංඟා නදියට ගියේ නම්, ඔවුන්
පිරිසිදු වෙයි, මන්ද ගංඟා නදිය පාරිශුද්ධකරු යැයි, ඔවුන් සලකන නිසා. මිනිසුන්ට සාමය
අවශ්‍ය නමුත් ඔවුන්ගේ චරිත කොටස් අවසන් වන්නේ අවසානයේදී, ඔවුන් නිවසට ගිය විට
පමණයි. ජීවාත්ම වන අපගේ නිවහන වන්නේ ශබ්දයෙන් එපිට දේශයයි (නිර්වාණදාම්). මෙහි සාමය
තිබෙන්නේ කෙසේද? මිනිසුන් තපස් ආදිය රකියි. ඔවුන් ක්‍රියාවන්ද සිදුකළ යුතු නොවේද?
ඔවුන් එය සිදුකර, නිහඬව අසුන් ගෙන සිටියි. ඔවුන් ශිව බාබා කිසිසේත් නොහඳුනති. ඒ
සියල්ලක්ම අයත් වන්නේ භක්ති මාර්ගයටයි. තිබෙන්නේ මෙම එක් වඩාත්ම ශ්‍රේෂ්ඨතම සංගම
යුගය පමණයි, පරම පියා මෙහි පැමිණෙන්නේ එවිටයි. ජීවාත්ම පිරිසිදු වී, ඉන්පසුව
මුක්තිය සහ ජීවන-මුක්තියට යයි. උත්සාහ දරන අය, ඉන්පසුව පාලනය කරයි. කෙසේවෙතත්,
කිසිම උත්සාහයක් නොදරන අය, දඬුවම් අත්විඳියි. ආරම්භයේදී දඬුවම් වල දර්ශන ඔබට ලබා
දුන්නේය. අවසානයේදීද ඔබට දර්ශන ලැබෙයි. ඔබ ශ්‍රීමත් අනුගමනය නොකළ අන්දම සහ ඔබගේ
තත්ත්වය කුමක් වී ඇත්ද, කියා ඔබට පෙනෙයි. ඔය දරුවන් සෙත සලසන්නන් විය යුතුයි. පරම
පියා සහ නිර්මාණයේ හැඳින්වීම ලබා දෙන්න. ඉඳිකටුවක් පැරෆින් වල ගිල්වා තැබූ විට,
මලකඩ ඉවත් වෙයි. එබැවින් පරම පියාගේ සිහිපත් කිරීමේ සිටින විටද, ජීවාත්මයෙන් මලකඩ
ඉවත් වෙයි. එසේ නොමැති නම් ඉන් කියැවෙන්නේ පරම පියා කෙරෙහි ආකර්ෂණයක් හෝ සෙනෙහසක්
නොමැති බවයි. මුළු සෙනෙහසම මිතුරන් සහ නෑදෑයින් වෙතට හැරී යයි. මිනිසුන් ගොස්
ඔවුන්ගේ නෑ මිතුරන් සමඟ සිටියි. ඔබට මෙහි තිබෙන ආශ්‍රය සහ මලකඩ බැඳී ඇති අයගේ
ආශ්‍රය අතර විශාල වෙනසක් තිබේ. මල බැඳී ඇති කෙනෙක්ව ආශ්‍රය කිරීමෙන්, ඔබ තුළද මල
බැඳෙයි. පරම පියා පැමිණෙන්නේ මලකඩ ඉවත් කිරීමට පමණයි. ඔහුව සිහිපත් කිරීමෙන් පමණයි
ඔබ පිවිතුරු වන්නේ. චක්‍රයෙන් භාගයක්ම ඔය ජීවාත්ම බොහෝ මලකඩ වලින් වැසී තිබුණා. පරම
පියා, කාන්දම පවසන්නේ දැන් මා සිහිපත් කරන්න. ඔබගේ බුද්ධියෙන් ඔබ මා සමඟ වැඩියෙන්
යෝගාවේ සිටින තරමට, ඒ අනුව ඔය ජීවාත්ම වල ඇති මලකඩ ඉවත් වෙයි. නව ලෝකය නිර්මාණය විය
යුතුයි. පළමුවෙන් ස්වර්ණමය යුගයේ දේවතාවන්ගේ ඉතාම කුඩා වෘක‍්ෂයක් තිබේ. ඉන්පසුව එය
විශාලව වැඩෙයි. ඔවුන් මෙහි ඔබ වෙතට පැමිණ, දිගටම උත්සාහ දරයි. ඔබගේ රාජධානියේ
කිසිවෙකු උඩ ඉහළ සිට පැමිණෙන්නේ නැත. වෙනත් ආගම් වල අය ඉහළ සිට පැමිණෙයි. ඔබගේ
රාජධානිය මෙහි සූදානම් වෙමින් පවතිනවා. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබ ඉගෙන ගන්නා
ආකාරය අනුවයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබ කෙතරම් දුරට පරම පියාගේ ශ්‍රීමත් අනුගමනය
කරනවාද මතයි. ඔබගේ බුද්ධියේ යෝගාව බාහිරට හැරුණු විට ජීවාත්මය මත මලකඩ බැඳෙයි.
ඔවුන් මෙහි පැමිණෙන විට, ඔවුන්ගේ සියලුම කර්ම ගිණුම් පියවා අවසන් කර, ජීවමානව
මියැදී, මෙහි පැමිණීමට පෙර සෑම දෙයක්ම ගෙවා අවසන් කර ඇත. සන්යාසීන් සෑම දෙයක්ම
අතහැර ඇති මුත්, ඉන්පසුව බොහෝ කාලයක් යන තුරු ඔවුන් සෑම දෙයක්ම සිහි කරයි. ඔබට දැන්
සත්‍යයේ සමාගම ලැබී ඇති බව ඔය දරුවන් දන්නවා. ඔවුන්ට කියන්න අප පරම පියාගේ සිහිපත්
කිරීමේ සිටිනවා. අපගේ මිතුරන් සහ නෑදෑයින්ව අප හඳුනනවා (සම්බන්ධතා පවත්වනවා). අප
අපගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරමින් ක්‍රියා සිදු කරන අතර පරම පියාවද සිහිපත්
කරනවා. ඔබ පිවිතුරු වී, අන් අයටද ඉගැන්විය යුතුයි. එවිට, එය ඔවුන්ගේ භාග්‍යයේ තිබේ
නම්, ඔවුන් මෙම මාවත දිගටම අනුගමනය කරයි. ඔවුන් බ්‍රහ්මණ වංශයට අයත් නොවන්නේ නම්,
ඔවුන් දේවතා වංශය තුළට යන්නේ කෙසේද? කෙනෙකුගේ බුද්ධියේ සැනෙකින් සනිටුහන් විය හැකි
ඉතා ලෙහෙසි කරුණු ඔබට ලබා දෙනවා. විනාශ කාලයේදී ඔවුන්ගේ බුද්ධිය තුළ සෙනෙහස නොමැති
අයගේ පිංතූරයද ඉතා පැහැදිලියි. ඔබට තව දුරටත් ආධිපත්‍යය නැත. දේවතා ආධිපත්‍යය
තිබුණු කල්හි, එයට දිව්‍ය ලෝකය යැයි කියන ලදි. කෙසේවෙතත්, දැන් මිනිසුන් විසින්
මිනිසුන්ව පාලනය කිරීමක් තිබේ. මෙම දේවල් විස්තර කර දීමේ කිසි වරදක් නැහැ.
කෙසේවෙතත්, ඔබගේ මලකඩ ඉවත් වූ පසු පමණයි, ඊතලය කාව හෝ පසාරු කරන්නේ. පළමුවෙන්ම මලකඩ
ඉවත් කිරීමට උත්සාහ දරන්න. ඔබ තම චරිතය පරීක‍්ෂා කර, ඔබ දිවා රැයේ කුමක් කරන්නේද
කියා බැලිය යුතුයි. උයන විට සහ මුළුතැන්ගෙයිහි චපාති සාදන විට, හැකි තාක් පමණින්
සිහිපත් කිරීමේ සිටින්න. ඔබ සංචාරය කරන විට, සිහිපත් කිරීමේ සිටින්න. පරම පියා සෑම
කෙනෙකුගේම මනෝ ස්ථීතිය දන්නවා. ඔය ජීවාත්ම, ඕපාදූප කතා කරන විට, ඔබ මත තව වැඩියෙන්
මලකඩ බැඳෙයි. ඕපාදූප වලට සවන් නොදෙන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ගුරුවරයාගේ
වේශයෙන් පරම පියා, ඔබට උගන්වා, සෑම කෙනෙකුටම දයාව පාන අන්දමින්ම, තමන් කෙරෙහි සහ
අන් අය කෙරෙහි දයාව ඇති කරගන්න. ඉගෙනුමට සහ ශ්‍රීමත් පිළිපැදීමට සම්පූර්ණ අවධානය
යොමු කරන්න. ඔබගේ චරිතය හැඩ ගස්වාගන්න.
2. අතීතයේ නිෂ්ඵල
කුණු ගොඩවල් ගැන එකිනෙකා සමඟ ඕපාදූප කතා කරමින්, ඔබගේ බුද්ධියේ යෝගාව, පරම පියාගෙන්
ඉවතට කඩා දමන්න එපා. කිසිම පාප ක්‍රියාවක් සිදු නොකරන්න. සිහිපත් කිරීමේ සිට, මලකඩ
ඉවත් කරගන්න.
වරදානය:
නිසරු භූමියක
ඵල වගා කර සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමට ඔබට අධිෂ්ඨානය ලැබේවා.
ඕනෑම අවස්ථාවක,
සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමට නම්, ඔබට අධිෂ්ඨානයේ සහ සෙනෙහසේ හමුවක් තිබීම
අවශ්‍යය. මෙම අධිෂ්ඨානය නිසරු භූමියක ඵල වගා කිරීමට හැකියාව ලබා දෙයි. විද්‍යාඥයන්
වැල්ලේ ඵල වගා කිරීමට උත්සාහ කරන ආකාරයටම, ඔබ ඔබේ නිහඬතාවයේ බලයෙන් සෙනෙහසේ ජලය ලබා
දී ඵල දරනු ඇත. අධිෂ්ඨානය තිබීමෙන්, ඔබට අධෛර්යයට පත් වූවන් තුළ බලාපොරොත්තුවේ පහන
දැල්විය හැකිය, මන්ද, ඔබට ධෛර්යය ඇති විට, පරමාත්ම පියාගේ උපකාරය ඔබට ලැබේ.
පාඨය:
ඔබව පරමාත්ම
දෙවියන්ගේ වටිනා දේපළක් ලෙස සලකමින් නිරන්තරයෙන් ඉදිරියට යනවිට ඔබේ ක්‍රියාවන්හි
ආධ්‍යාත්මිකත්වය පවතිනු ඇත.
අව්‍යක්ත සංඥාව: දැන්
සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.
රථය පදවන්නෙකු වීම
යනු ජීවාත්ම අවධානයේ සිටීමයි. මන්ද, සෑම ජීවාත්මයක්ම රථ ධාවකයෙකු වන බැවිනි.
බ්‍රහ්ම බාබා මෙය පුරුදු කිරීමෙන් සහ සාර්ථකත්වය අත්කර ගැනීමෙන් අංක එක බවට පත්
විය. එබැවින්, බ්‍රහ්ම පියා අනුගමනය කරන්න. පරමාත්ම පියා ශරීරයකට ඇතුළු වී එය පාලනය
කරයි, එනම්, ඔහු රථ ධාවක බවට පත්වේ. ඔහු ශරීරය මත රඳා නොපවතින අතර, මේ නිසා ඔහු
සෙනෙහසින් යුතුව හා නොබැඳිව සිටී. එලෙසම, ඔබ සියලු දෙනාම බ්‍රහ්මණ ජීවාත්ම පරම පියා
මෙන් රථ ධාවකයෙකුගේ අවධිය පවත්වා ගත යුතුය. ඔබ ඔබේ ශරීරයේ රථ ධාවක වන විට, ඔබ
ස්වභාවිකවම නොබැඳි නිරීක්ෂකයෙකු බවට පත්වන අතර ඔබ කරන, දකින හෝ අසන ඕනෑම දෙයකදී
මායාගේ ඕනෑම බලපෑමකින් ආරක්ෂා වේ.