13.09.26    Avyakt Bapdada      Sinhala Murli     15.11.2011    Om Shanti    Madhuban


බාධක වලින් නිදහස් වී, නිති-සූදානමින් සිට, 108 ටේ මාලාව පිළියෙල කරන්න.
බ්‍රහ්ම පියා මෙන් පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වන්න.


අද දින, සර්ව-බලධාරියා, සියලු බල ඇති ඒකායන කෙනා, ඔහුගේ මාස්ටර් සර්ව බලධාරි දරුවන්ට සියලු බලයන්ගේ සම්පත ලබා දීමට ඇවිත්. සියලු බලයන්ගේ සම්පත බොහෝ පහසුවෙන් අත්කර ගනී. තත්පරයකදි ඔබ ‘මේරා බාබා’ (මගේ බාබා) හඳුනාගත් අතර බාබා පැවසුවේ, ‘මගේ දරුවා’ කියා, එමෙන්ම එයින් පමණක්ම ඔබ සම්පත් වල පාලකයෙක් විය. එබැවින් ඔය සියලුම දරුවන්ට නිරන්තරයෙන් සියලු සම්පත් ඔබ සමග තිබෙනවා නේද? පරම පියාගේ සම්පත්, ඔබගේ සම්පත් යන කුල්මත් බව ඔබට තිබෙනවා. දැන් පරීක්ෂා කරන්න: පරම පියා ඔය සියලුම දරුවන්ට සියලු සම්පත් ලබා දී තිබෙනවා; එකදු සම්පතක්වත් අඩු නැහැ. කෙසේවෙතත්, ඔය සෑම කෙනෙකුටම මේ සියලු සම්පත් ඔබ සමග සෑම විටම තිබෙනවාද, නැත්නම් ඔබ සමග ඇතැම් සම්පත් තිබෙන අතර අනෙක්වා අඩුද? බාප්දාදා ඒවා ලබා දී ඇති නමුත් ඔබ සියලු දෙනාට සියලු සම්පත් සෑම විටම ඔබ ළඟ තිබෙනවාද, එමෙන්ම ඔබ මේ සියලුම සම්පත් සෑම විටම භාවිතා කරනවාද? ඒවායේ පාලකයා ලෙසින් ඔබ ඒවාට නියෝග කරන විට, ඒවා නිසි වෙලාවට පැමිණෙනවාද? සෑම තැනකම සිටින සියලුම දරුවන් තුළ සේවය වෙනුවෙන් ඇති උද්යෝගය ගැන බාප්දාදා දැක තිබෙනවා, අසා තිබෙනවා. සෑම තැනකම, ඔබ බොහෝ උනන්දුවෙන් සහ උද්යෝගයෙන් 75 වන (90 වන) සංවත්සරය සමරන අතර දැන් පරිවර්ථනය සිදුවීමට ඉතාම ආසන්න බවට අභියෝගය ඔබ නිකුත් කරයි. ඔබ ඉතා හොඳ අභියෝගයක් නිකුත් කරනවා. දරුවන්ගේ උනන්දුව සහ උද්යෝගය දැක බාප්දාදා බොහෝ සතුටු වන අතර ඔහු ගායනා කරන ගීතය කුමක්ද? අපූරුයි, දරුවනේ! අපූරුයි! උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඉතා හොඳ අභියෝගයක් නිකුත් කිරීම දකින අතර දරුවන්ගේ ධාරණාවේ ස්වරූපය සහ සාර්ථකත්වයේ ප්‍රතිඵලයත් බාප්දාදා දුටුවා. ඔබ සියලු දෙනාම ඔබගේ සාර්ථකත්වයේ පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්වරූපය ගැන දන්නවා. උපකරණ බවට පත් වී ඇති ඔය සියලුම දරුවන්, සෑම කලටම පරිසමාප්ත සහ සාර්ථකත්වයේ ප්‍රතිරූ බවට පත්ව සිටිනවාද, නැත්නම් ඔබට එය තවමත් වීමට තිබෙනවාද? මෙයට හේතුව, ඔය දරුවන් සතුටේ ලෝකයට ආධාරක මූර්ති නිසයි. ඉතිං බාප්දාදා සියලුම දරුවන්ගේ ප්‍රතිඵලය දුටුවා. ඔබ සියලු දෙනා ආධාරක මූර්තීන්ය. ඔබගෙන් දරුවන් ටික දෙනෙක් පමණක් නොවෙයි, සතුටේ ලෝකය ගෙන ඒමට උපකරණ ඔබ වන බව, ඔය සියලුම දරුවන්ගේ අභියෝගයයි.

ඉතිං, බාප්දාදා ඔය සියලුම දරුවන්ගෙන් විමසන්නේ: සතුටේ ලෝකය ගෙන ඒමට උපකරණ වී ඇති දරුවන්, ඔබ පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වී ඇති ආධාරක ප්‍රතිමූර්ති වෙලාද? ඔය සෑම කෙනෙක්ම සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වෙයි, යන බලාපොරොත්තුව බාප්දාදා තුළ සියලුම දරුවන් ගැන තිබෙනවා, මන්ද, ඔබ සියලු දෙනා පරම පියාගේ සහකරුවන් බැවින්. ඔබට සිතිවිල්ල ඇති වූ අතර පරිවර්ථනය දැනටමත් සිදුවීමට ඉතාම ආසන්නයි, යන අභියෝගය ඔබ ඉතා සතුටින් නිකුත් කළා. එබැවින් ලෝක පරිවර්ථනයට උපකරණ වන ඔය දරුවන්, තමන්ගෙන් විමසන්න: මම කෙතරම් දුරට පරිසමාප්ත සහ අංගසම්පූර්ණ වෙලාද? රාජධානියක් ස්ථාපිත කළ යුතු බැවින් රාජධානියට උපකරණ වීමට යන ජීවාත්ම, පළමුව උපකරණ විය යුතුයි, මන්ද, අන් අයට උපකරණ විය හැක්කේ එවිට පමණයි. ඔබ පරිසමාප්ත වීම අතින් තවමත් හිඩැසක් තිබෙන බව, බාප්දාදා දුටුවා. ඔබ සේවය කර තිබෙනවා, නමුත් ඔබ එම සේවය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කී දෙනෙක් ඔබගේ සහකරුවන් වෙලාද? ඔබට සවන් දෙමින් සිට ඇති අය, කී දෙනෙක් සමීපයට පැමිණ තිබේද කියා සොයා බලන්න. ඔය දරුවන්ගේ එඩිතරකම ගැන බාප්දාදා සතුටු වනවා, නමුත් ඔබ සිදු කරන සේවයේ ප්‍රතිඵලයේ මීට වැඩි තීව්‍රතාවයක් ඔබ ගෙන ආ යුතුයි. සෑම විටම ජීවාත්මයන්ව බොහෝ සමීප සම්බන්ධතාවයන්ට නොකඩවා ගෙන එන්න. බ්‍රහ්ම කුමාරීන්ගේ කාර්යය පිළිබඳව දැන ගැනීම අතින් ඔවුන් දැන් බොහෝ සමීපයට පැමිණීම ගැන ඔවුන්ද බොහෝ සතුටු වනවා. කෙසේවෙතත්, බාප්දාදා ඔබට මින් පෙරද පැවසුවේ, උරුමය ලැබීමට තිබෙන්නේ පරම පියාගෙනි, එබැවින් ඔවුන් පියාව දැන සිටිය යුතුයි; ඔවුන් කාලය ගැන දැන සිටිය යුතුයි, ඔවුන් තමන්ගේ ස්ව-අභිමානය දැන සිටිය යුතුයි, මන්ද ඔවුන්ට උරුමයට අයිතියක් හිමි කරගැනීමට හැකි වන්නේ එවිට පමණයි. පරම පියා දැන් පැමිණ ඇති අතර ඔහු ඔබට උරුමය ලබා දෙනවා. ඔවුන් උරුමය හිමි කරගන්නේ සහ රාජධානියට අයිතියක් හිමි කරගන්නේ, මෙය ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වූ විට පමණයි.

ඔබ ගායනා කරන ගීතයේ හඬ සෑම තැනකම පැතිරී යා යුතුයි: ‘අපගේ බාබා ඇවිත්!’ බාප්දාදාට දැන් මෙම ප්‍රතිඵලය දැක ගැනීමට අවශ්‍යයි. පරිවර්ථනය සිදු වී තිබේ, සේවයෙන් යහපතක් සිදු වී තිබේ, ඔබගේ වෙහෙසකාරී කාර්යයන්ගේ ඵලය ඔබට ලැබී ඇත, නමුත් ඔවුන් තවම පරම පියා වෙතට පැමිණ නැහැ. ඉතිං දැන් ඒ සඳහා යම් සැලසුම් සාදන්න. පරම පියාගේ හෙළිදරව්ව සිදු වන්නේ කෙසේද? රාජධානියේ පාලනය කිරීමට යන අය, බාධක වලින් නිදහස් වෙලාද? නාටකය, දැන් පරිවර්ථනය සඳහා බොත්තම එබිය යුතුද? ඔබ නිති-සූදානම්ද? ඔබ නිති සූදානම්ද? බොත්තම එබිය යුතුද? ඔබ සිතන්නේ කුමක්ද? ඔබ නිති-සූදානම්ද? සෑම කෙනෙක්ම සූදානමින් සිටිය යුතුයි - රාජධානියට අයිතියක් ඇති අය, රාජකීය පවුල, රාජකීය පුරවැසියන් සහ සාමාන්‍ය පුරවැසියන් - එවිට එය මහ ලොකු දෙයක් නොවෙයි. බාප්දාදා ඔය දරුවන්ගෙන් ඔබගේ ප්‍රතිඵල ඉල්ලා සිටිනවා. ඔබ සිතන්නේ කුමක්ද? බොත්තම ඔබන්න බාප්දාදාට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. පළමු පේළියේ අසුන්ගෙන සිටින ඔබ සියලු දෙනා සිතන්නේ කුමක්ද? ශක්තීන් කුමක්ද සිතන්නේ? පාණ්ඩවයන් සිතන්නේ කුමක්ද? පිළිතුරු දෙන්න! පාණ්ඩවයන්, පිළිතුරු දෙන්න! බොත්තම එබිය යුතුද? ඔබ නිති-සූදානම්ද? (බාබා, අධිපති ඔබයි, බොත්තම ඔබන්න ඔබට සිතිවිල්ලක් ඇත්නම්, එය ඔබන්න). නමුත් බාප්දාදා විමසන්නේ ඔය දරුවන්ගෙන්. ඇයි? මන්ද, පියා රාජධානියට යන්නේ නැහැ. බ්‍රහ්ම පියා රාජධානියට යා යුතුයි. (අපට ඕනෑ, තව කාලයක් නොකඩවා බාප්දාදාව මුණ ගැසීමේ විනෝදය ලැබීමටයි.) එය හොඳයි, නමුත් ඔබ පියාට සමාන වී, පියා සමග ජීවිතය අත්විඳීමත් අවශ්‍යයි, නේද? ඔබට එය තිබෙනවාද? ඔබ සූදානම්ද? ඔබ පමණක් නොවෙයි, එය රාජධානියක්. ඔබ පාලනය කරන්නේ කාවද? රාජධානියක් අවශ්‍යයි, එහෙම නේද? (අප සියලු දෙනා සහකරුවන්). සෑම කෙනෙක්ම සූදානම්ද? (ඔවුන් මුළුමනින්ම සූදානම්). ඔබ පරිසමාප්ත වීමට සූදානම්ද? අච්චා, ඔබ සියලු දෙනාම ඒ ගැන සිතනවා, නමුත් එය මහ ලොකු දෙයක් නොවෙයි.

ඔබ සියලු දෙනා සූදානම් බව බාප්දාදා දන්නවා, නමුත් ඔබ තව වඩාත් නිති-සූදානම් විය යුතුයි. බාප්දාදා ඔබගෙන් කරුණු දෙකක් ගැන විමසුවා: තත්පරයකදි නැවතීමේ තිතක් තැබිය හැකි දරුවන් අවශ්‍යයි. නිෂ්ඵල සිතිවිලි වල නමක් හෝ සලකුණක් වත් නොතිබිය යුතුයි. ඔබ පණිවිඩය ලබා දෙන සියලු දෙනා තුළ තමන්ව පරිවර්ථනය කරගැනීමට උනන්දුව සහ උද්යෝගය තිබිය යුතුයි. බාප්දාදාට දැන් අවශ්‍ය ප්‍රතිඵලය මෙයයි. බාප්දාදා ඔය දරුවන්ට මේ ගැන අවවාද කරන අතර තවද ඔබගෙන් මෙම ඉල්ලීම සිදු කරනවා: ඔබ සේවය කරන නමුත්, ඔබ කාට සේවය කළත්, ඔවුන්ට එකවර ස්වරූප තුනකින් සහ ක්‍රම තුනකින් සේවය කරන්න. ස්වරූප තුන වන්නේ, දැනුමින් පිරිපුන් වී, බලයෙන් පිරිපුන් වී සහ සෙනෙහසින් පිරිපුන්ව. මෙම ස්වරූප තුනෙන් සහ ආකාර තුනකින් සේවය කරන්න; මෙම තුන් ආකාර වන්නේ ඔබගේ සිතිවිලි වලින්, වචන වලින් සහ ක්‍රියා වලින් එකවර සේවය කිරීමයි. වචන වලින් පමණක් සේවය නොකරන්න, නමුත් වචන සමගම ඔබගේ සිතිවිලි වලින්ද සේවය කරන්න, ඔබගේ මනස බලවත් විය යුතුයි. එබැවින් දැන් අවශ්‍යතාවය වන්නේ ඔබගේ මනස ඒ වෙලාවේම බලවත් විය යුතු බවයි, එහි ප්‍රතිඵලය වන්නේ අන් ජීවාත්මයන්ගේ මනස පරිවර්ථනය කිරීමට හැකි වීමය. ඔබගේ වචන වලින්, ඔබගේ සියලු දැනුම පැහැදිලි විය යුතු අතර ඔබගේ ක්‍රියා තුළින් සේවය කිරීමෙන්, තම පවුල වෙතට ඔවුන් ළඟා වී ඇති බව, ඒ ජීවාත්මයන්ට හැඟී යා යුතුයි. පවුලක හැඟීම් අත්විඳීමෙන්, ඔවුන් සමීප සහකරුවන් වෙයි. ඉතිං දැන් බාප්දාදාට අවශ්‍ය වන්නේ ආකාර තුනේම සේවය එකවර සිදුවීමයි. මෙය කළ හැකිද? කළ හැකිද? එය කළ හැකි නම් අත් ඔසවන්න! ඔබගේ වදන් වලින් ඔබ දැනුමින් පිරිපුන් වන බව බාප්දාදා ප්‍රතිඵල වලින් දුටුවා, නමුත් ඔවුන්ට පවුලේ සහකරුවන් වීමට තවමත් කාලයක් ගත වනවා. කාලයේ අභියෝගය සමගම, ඔවුන්ට ලැබීම් අත්විඳීම සඳහා, ඔබ තුන් ආකාරයටම එකවර සේවය කළ යුතු බව බාප්දාදා දුටුවා. සියලු දෙනාම බොහෝ උනන්දුවෙන් සහ උදයෝගයෙන් බාප්දාදාව මුණගැසීමට මෙහි ඇවිත්, එබැවින් දරුවන්ගේ උනන්දුව සහ උදයෝගය දැක, බාප්දාදා සතුටු වනවා. ඔබ දැන් පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වීමට අවධානය යොමු කළ යුතුයි, මන්ද, ඔබට අඩු තරමින් 108 ටේ මාලාව සූදානම් කිරීමට හැකි විය යුතුයි. ඔබට මෙය කළ හැකිද? 108 ටේ මාලාව, සූදානම්ද? එය සූදානම්ද? මන්ද, රාජධානියේ සිටින ඔවුන්, රාජධානියට අයිතියක් තිබීමට යන අයයි. ඔබට මැණික් 108 ටේ ලැයිස්තුවක් සෑදිය හැකිද? ඔබ “හා ජී” නොකියයි. රාජධානියට අයිතියක් ඇති 108 ක් සිටින අතර ඉන්පසුව රාජධානියට අයිතියක් ඇති අයගේ සහකරුවන් වන16,108 ක් සිටියි. ඉන්පසුව, එය අංකානුරූපී වෙයි. ඉතිං දැන් කාලයට අනුව, 108 ටේ මාලාව නිති-සූදානම් වන පරිදි, කාලය සමීපයට ගෙන එන සහ පියාට සමාන වන දරුවන් කවුරුන්ද කියා, බාප්දාදාට දැක ගැනීමට අවශ්‍යයි. පළමු පේළියේ අයට 108ක ලැයිස්තුවක් සෑදිය හැකිද? ‘ඔව්’ හෝ ‘බැහැ’ කියා කියන්න! බ්‍රහ්ම පියා සකාර් ස්වරූපයේ සිටි විට, මාලාව සෑදීමට ඔහු බොහෝ වාර ගණනක් උත්සාහ කළා, නමුත් එය අවසන් කිරීමට නොහැකි විය. කෙසේවෙතත්, ඔබ දැන් වසර 75ක් (90) සම්පූර්ණ කරනවා, එබැවින් ඔබ 75 වන සංවත්සරයේදි යම් අළුත් දෙයක් කරනවා නේද? එබැවින් ඔය සෑම කෙනෙක්ම තමන්ව 108 ටේ මාලාවේ පබුළුවක් බවට පත් කරගන්නා නවතාවය ගෙන එන්න. එවිට එය ගණන් කර ඇති විට, 108 ටේ මාලාව සූදානම් බව ඔබට කිව හැකි වෙයි, මන්ද, රාජධානියට අයිතියක් ඇති අය ප්‍රථමයෙන් සූදානම් වූ විට, රාජධානිය සමග සම්බන්ධ වීමට යන අය සූදානම් වෙයි. ඔවුන්ටත් ඔවුන්ගේ ස්ථාන අවශ්‍යයි නේද? ඉතිං, බාප්දාදා පවසන දේහි සාරය වන්නේ ඔය සෑම කෙනෙක්ම තීව්‍ර උත්සාහ දරා මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කර ගත යුතු බවයි: මා අනිවාර්යෙන්ම පියාට සමාන විය යුතුයි, මන්ද, පරිවර්ථනය සිදුවන්නේ හදිසියේ බව, බාප්දාදා දැනටමත් අපට පවසා තිබේ. කෙසේවෙතත් එයට පෙර, අඩු තරමින් සේවයට උපකරණ වන අය, කලාප නායකයන් සහ මධ්‍යස්ථාන භාරව සිටින අය සහ ඔවුන් සමගම, මධ්‍යස්ථාන වල නායකයන් නොවන නමුත් එක් හෝ වෙනත් විශේෂ කාර්යයකට උපකරණ වී ඇති සහ විශේෂ ජීවාත්ම ලෙස පෙනෙන සහකාර පාණ්ඩවයන්, එම පාණ්ඩවයන්ද දැන් තීව්‍ර උත්සාහ දරා, බාහිර වේදිකාව මතට ඔවුන්ගේ ස්ව-පරිවර්ථනයේ දීප්තිය ගෙන ආ යුතුයි. ඔබ එයට නිති-සූදානම්ද? ඔබ මෙම කාර්යය සිදු කළ යුතු බව, ඔබ තමන්ව පියාට සමාන කරගත යුතුයි සහ බ්‍රහ්ම පියා මෙන් ඔබ අනිවාර්යෙන්ම පියාව අනුගමනය කළ යුතුයි, ඔබ එය අනිවාර්යෙන් කළ යුතුයි, කියා සිතන අය අත් ඔසවන්න! ඔබ සියලු දෙනාම බොහෝ ඉහළට අත් ඔසවන බැවින් ඔබ පියාව සතුටු කරනවා. ඔබ එය හොඳින් කරනවා! කෙසේවෙතත්, අත් ඔසවන සේම අධිෂ්ඨානයද ඇති කරගන්න. අධිෂ්ඨාන බලය ඔබට බොහෝ උපකාර කරයි.

බාප්දාදාට සතුටුයි. ඔබ සියලු දෙනා අත් එසවිමේ දක්ෂයි, නමුත් ඔබ දැන් අධිෂ්ඨානය ප්‍රායෝගික ස්වරූපයකට දමයි. ඔය දරුවන් දක්ෂයි. ඔබට අධිෂ්ඨානය තිබෙන නමුත් ඉන්පසුව එම අධිෂ්ඨානය. විවිධ ස්වරූප බවට වෙනස් වෙයි. ‘මෙය සිදුවුනා, ඒ නිසා එය සිදුවිය. මෙය සිදුවුනේ නැත්නම් එවිට ඒ දේ සිදු නොවනු ඇත.’ නිදහසට කාරණා දීමට ඔබ බොහෝ දක්ෂයි. බාප්දාදාට දැන් අවශ්‍ය කුමක්ද? දැන් ඔය සෑම කෙනෙක්ම, සිතිවිලි, වචන, ක්‍රියා, සහ නෑදෑ සම්බන්ධතා අතින් පියාට සමාන විය යුතුයි. ඔබ දකින කවුරු වුනත්, ඔබව මුණගැසෙන කවුරු වුනත්, මෙසේ කිව යුතුයි: ‘අපූරුයි පරිවර්ථනය! අපූරුයි!’ බාප්දාදා ද එයට කැමතියි. උපකරණ වී ඇති දරුවන් දැකීමෙන් බාප්දාදා සතුටු වන අතර ඔවුන්ව මුණගැසීමේදීද විශාල සතුටක් තිබේ. ඉතිං ඔබට අද තිබුණේ කුමන සිතිවිල්ලද? මා අනිවාර්යෙන් මෙය විය යුතු බව. මා බ්‍රහ්ම පියාට සමාන විය යුතුයි. මා මෙය විය යුතුයි නොවෙයි, මා නියත වශයෙන්ම මෙය විය යුතුයි. ඔබ ඉදිරියට කුමන සිදුවීම් පැමිණියත්, සිදුවීම වෙනුවට, පරම පියාව ඔබ ඉදිරියේ තබා ගන්න. දුර ඈත අසුන්ගෙන සිටින දරුවන් මෙන්ම ඔහු ඉදිරියේ සමීපව සිටින දරුවන් දැකීමෙන්ද බාප්දාදා සතුටු වෙයි. ඔය සියලුම දරුවන් ඉතා හොඳ සැලසුම් සාදයි. ඔබ සියලු දෙනා අම්රිත් වේලාවේ ඉතා, ඉතා මිහිරි කතාබස් පවත්වනවා. ඔබගෙන් බහුතරයක් කෙතරම් මිහිරි දේ පවසන්නේද යත්, මේවා ඇසෙන පරම පියා පවා තමාව කැප කරයි. කෙසේවෙතත්, ඉන්පසුව සිදුවන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද? ඔබ කර්ම කේෂත්‍රයට ගිය විට, ඔබ සම්බන්ධතාවයකට ඇතුළු වූ විට, ඔබ සේවය කිරීමට ගිය විට, එවිට එම අවස්ථාවලදි ඔබ ටිකක් වෙනස් වෙයි. ඔබ සබැඳියාවන් පැවැත්වීම ආරම්භ කරන විට, අම්රිත් වේලාවේ ඔබට තිබෙන උනන්දුව සහ උද්යෝගය, ටිකක් වෙනස් වෙයි.

බාප්දාදා ඔබට දැන් කාර්යයක් ලබා දෙනවා. ඔබ එය කිරීමට සූදානම් නේද? හිස වනන්න! අත් ඔසවන්න! බාප්දාදාට සිතිවිල්ලක් ඇති වනවා, අධිෂ්ඨානය පදනම් කරගෙන, එක මාසයක් ඔබට පියාට සමාන වීමේ ස්ථිතියේ ස්ථාවර වීමට හැකිද? ඔබට එය එක මාසයක් කළ හැකිද? නැත්නම් ඊට වඩා දිගු කලක්? අධිෂ්ඨානයෙන් - එක මාසයක් එය කළ හැකි බව විශ්වාස කරන අය - අධිෂ්ඨානය ඔබගේ සහකරු කරගෙන නිරන්තරයෙන් පියාව ඔබ ඉදිරියේ තබා ගන්න. ඔබගේ දෑස් තුළ බ්‍රහ්ම පියාව මුසු කරගෙන, බ්‍රහ්ම පියා සිදු කළ සෑම දෙයක්ම පමණක්, ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළින් සිදු කරන්න. ඔබ එය ප්‍රායෝගික අන්දමකින් දුටුවත්, නැතත්, ඔබට මෙම දැනුම තිබෙනවා නේද? ඔබ ඕනෑම දෙයක් කිරීමට පෙර, පළමුව පරීක්ෂා කරන්න: මෙය බ්‍රහ්ම පියාගේ සිතිවිල්ලද? මේවා ඔහුගේ වදන්ද? මෙය ඔහුගේ ක්‍රියාද? මෙය ඔහුගේ නෑ සම්බන්ධතාද? පළමුව ඒ ගැන සිතා බලා ඉන්පසුව එය ක්‍රියාවට නඟන්න. මෙය කළ හැකිද? මෙයට ඔබගේ අත් ඔසවන්න! මෙය කළ හැකිද? ඔබගේ අත් ඉහළට ඔසවන්න. මව්වරු, ඔබගේ අත් ඉහළට ඔසවන්න! ඔබ ව්‍යායාම් කරනවා, එබැවින් ඔබගේ අත් ඉහළට ඔසවන්න! ඉදිරියේ අසුන්ගෙන සිටින අයත් අත් ඔසවයි නේද? මධුබන් වල සියලු දෙනා මෙයින් අංක එක හිමි කරගත යුතුයි. මධුබන් වල අය, ඉදිරියේ අසුන්ගෙන සිටිනවා නේද? මධුබන් කියන්නේ ශාන්තිවාන් පමණක් නොවෙයි. එක මාසයක් බාධක වලින් නිදහස්ව සිටිය හැකි අය - සෑම මධ්‍යස්ථානයක්ම බාධක වලින් නිදහස් විය යුතුයි. ගුජරාත් වල ගුරුවරු අත් ඔසවන්න! මෙය කළ හැකි බව විශ්වාස කරන ගුජරාත්වල ගුරුවරු මේ සඳහා ඉහළට අත් ඔසවන්න! අච්චා. ශාන්තිවාන් නිවාසීන් අත් ඔසවන්න! ටික දෙනෙක් සිටිනවා. මෙහි අසුන්ගෙන සිටින කවුරු වුනත්, පිටුපසද සමහරු සිටිනවා. මධුබන් වල ස්ථාන හතර, පහ මෙය කරනවාද? මෙය කරන අය අත් ඔසවන්න! මධුබන් වල අය ඔබගේ අත් දෙකම ඔසවන්න! ගුජරාත් වල ඔය ශිෂ්‍යයන්, උපකරණ ගුරුවරු, උපකරණ සහෝදරයන්, ඔබ එය කරන බවට, ඔය සියලු දෙනා අත් ඔසවන්න! ඔබගේ අත් ඉහළට ඔසවන්න! පිටුපස අසුන්ගෙන සිටින අයගේ අත් පෙනෙන්නේ නැහැ. අච්චා, ගුජරාත් වල අය සිටගන්න! ගුජරාත් වල සිට පැමිණි මිනිසුන් බොහෝ දෙනෙක් සිටිනවා. ශාලාවෙන් භාගයක් ගුජරාත් වලින්. (ගුජරාත් වලින් 15000 සහ වෙනත් ස්ථාන වලින් 3000 සිටිනවා). බාප්දාදා සහ පවුලේ අයගෙන් ගුජරාත් වල අයට බොහෝ, බොහෝ, සුබ පැතුම්. ඔය සියලු දෙනා අත්පොළසන් ගැසූ ආකාරයෙන්, ඒ අන්දමින්ම මසකට පසුව, ගුජරාත්, ප්‍රතිඵලයේ අංක එක හිමි කරගනියි. එය හොඳයි. මෙය ඉතා හොඳ සංඛ්‍යාවක්. දරුවන්ගේ හදවත් තුළ පියාට සහ මධුබන් කෙරෙහි සෙනෙහස තිබීම ගැන බාප්දාදා සතුටු වනවා. ඔබ ඉතා හොඳයි. දැන් ගුජරාත් වල අය විශ්මයන් සිදු කරයි. අංක එක වීමෙන්, මාසයක ප්‍රතිඵලයෙන් මෙය පෙන්වන්න. ඇත්ත වශයෙන් සෑම කෙනෙක්ම අංක එක හිමි කරගත යුතුයි. මධුබන් වල අය, ඔබ අංක එක හිමි කරගන්නවා නේද? අත් ඔසවන්න! කුමක් සිදු වුනත්, කුමන අවස්ථා පැන නැඟුනත් - එමෙන්ම මායා දැන් සවන් දෙමින් සිටින නිසා සිදුවීම් පැන නඟියි, එබැවින් මායා ඇගේ ස්වරූපය පෙන්වයි, නමුත් මායාගේ වගකීම වන්නේ පැමිණීම වන අතර ඔබගේ වගකීම වන්නේ ජය ගැනීමය. එසේ වුනොත්, මෙසේ නොකියන්න: මේක වුණා, අරක වුණා. මෙය නොකරන්න. ඒවා පැමිණෙයි, එමෙන්ම නොයෙක් දේ සිදුවෙයි. බාප්දාදා ඔබට මේ ගැන කල් තියා පවසන්නේ, මන්ද, මායා සවන් දෙන අතර ඇය ඉතා දක්ෂයි, නමුත් මායා කෙතරම් දක්ෂ වුනත්, ඔබ සර්ව බලධාරියාගේ සහකරුවන්ය, එබැවින් මායාට කළ හැක්කේ කුමක්ද? බාප්දාදාට සෑම දෙයක්ම පෙනෙනවා, බාප්දාදාට සෑම දෙයක්ම රූපවාහිනියේ පෙනෙනවා, එබැවින් ඔය සියලු දෙනාම අංක එක හිමි කරගත යුතුයි. කිසිවෙක් අංක දෙක නොවිය යුතුයි, අංක එක පමණයි. අච්චා.

බාප්දාදාට දැන් සියලුම දරුවන්ට එක ශ්‍රේෂ්ඨ සිතිවිල්ලක් පැවසීමට අවශ්‍යයි: දැන් ඔබම බාධක වලින් නිදහස්ව රැඳී සිට, ඔබගේ සියලුම සහකරුවන් සහ ඔබ සමග සබැඳියාවක් ඇති සියලු දෙනාවත් බාධක වලින් නිදහස් කළ යුතුයි. කාලය සමීපයට ගෙන එන්න. දරුවන් දුකින් සහ අසාමයෙන් සිටිනවා දැකීම බාප්දාදාට දරාගත නොහැක. දැන් හැකි පමණ විගසින් ඔබගේ රාජධානිය මෙම පෘථිවිය මත ගෙන එන්න. බාප්දාදා තුළ සෑම දරුවෙකුටම සෙනෙහස තිබේ; අවසන් අංකයේ දරුවාට පවා, ඔහු දුර්වල නිසා, බාප්දාදා තුළ ඔහු කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ. එබැවින් දුර්වල අය කෙරෙහි වැඩි අනුකම්පාවක් තිබේ. ඔබගේ මනෝ ස්ථිතිය හෝ ස්වභාවය කෙබඳු වුනත් කම් නැහැ, ඔබ ඒ වුනත් මගෙයි. පරම පියා ඔබගේ වන සේම පවුලේ අයත් ඔබගේය. එබැවින් එම කෙනාගේ ස්වභාවය සහ සංස්කාර දෙස නොබලන්න, ඒ වෙනුවට වැඩිපුර සහයෝගය ලබා දෙන්න. සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ඇති කරගන්න. අච්චා, ඉදිරියේ සිටින දරුවන් මෙන්ම ඈත අසුන්ගෙන බාබාව නරඹන දරුවන්ට, බාප්දාදා සෑම දරුවෙක්ව ඔහුගේ ඉදිරියේ දකිමින්, ද්‍රිෂ්ඨි මෙන්ම සුබ පැතුම් ලබා දෙනවා. අච්චා.

වරදානය:
ඔබ මාස්ටර් දැනුමින් පිරිපුන් වී, ඔබගේ වදන් වලින් මෙම දැනුමේ මැණික් දන් දෙත්වා.

වදන් තුළින් මෙම දැනුමේ මැණික් දන් දෙන අයට, මාස්ටර් දැනුමින් පිරිපුන් වීමේ ආශිර්වාදය ලැබෙයි. ඔවුන්ගේ සෑම සියලු වචනයක්ම බොහෝ වටින්නේය. බොහෝ ජීවාත්ම ඔවුන්ගේ සෑම වචනයකටම සවන් දීමට පිපාසාවෙන් සිටියි. ඔවුන්ගේ සෑම වදනක්ම බොහෝ නුවණින් පිරී ඇති අතර ඔවුන්ට විශේෂ සතුටක් තිබේ.
ඔවුන්ගේ සම්පත් ගබඩා පිටාර ගලන අතර ඔවුන් සෑම විටම තෘප්තිමත් සහ ප්‍රබෝදමත්ව සිටින්නේ මේ නිසයි. ඔවුන්ගේ වදන් අන් අය මත මුද්‍රාවක් තබයි. වචන දන් දීමෙන්, ඔබගේ කතාව තුළ ඔබ බොහෝ ගුණධර්ම වර්ධනය කරගනී.

පාඨය:
ස්ව-අධිරාජයේ පාලකයෙක් වන්න, එවිට ඔබ සම්පූර්ණ උරුමයට අයිතියක් හිමි කර ගනියි.

අව්‍යක්ත සංඥාව: දැන් ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.

සියලු ලැබීම් වල ප්‍රතිමූර්ති වන ඔය මාස්ටර් දානපති දරුවන් තුළ, ලෝකයේ ජීවාත්ම කෙරෙහි දයාව සහ කරුණාව තිබිය යුතුයි: අපගේ සහෝදරයන් ඔවුන්ගේ තාවකාලික ආශාවන් සමග බොහෝ සේ වටේ සැරිසරනවා. දානපතිගේ දරුවනේ, ඔබගේ සහෝදරයන් දෙස දයාවෙන් සහ කරුණාවෙන් බලන්න! මහා දානපතියන් සහ ආශිර්වාද පිරිනමන්නන් වන්න. තෘප්තියේ දිලිසෙන මැණික් වී, සියලු දෙනාට තෘප්තිය ලබා දෙන්න.