14.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සතුට හා දුක ගැන වූ මෙම සෙල්ලම දන්නේ ඔබලා පමණයි. කල්ප බාගයක් පුරාවට සතුට
තිබුණු අතර ඉතිරි කල්ප බාගය පුරා තිබුනේ දුකයි. ඔබගේ දුක නැති කර සතුට දානය කිරීමට
පියා පැමිණේ.
ප්රශ්නය:
ඇතැම් දරුවන්
තම තමන්ගේ සිත සනසවා ගැනීම සඳහා හොරණෑ ගසා ගන්නේ කුමක් සම්බන්ධයෙන්ද?
පිළිතුර:
තමන් දැන් ඉතාමත් පරිපූර්ණ සම්පූර්ණයෙන්ම සූදානම් කෙනෙක් යැයි කියා ඇතැම් අය
සිතනවා. මෙසේ සිතමින් ඔවුන් තම හදවත සනසා ගන්නවා. තමාගේ හොරණෑව තමා විසින්ම පිඹ
ගන්නවා කියන්නේ මෙන්න මේකටයි. බාබා කියනවා : සුමිහිරි දරුවනි, තවත් ලොකු උත්සාහයක්
දැරීමට තිබෙනවා. ඔබ පාරිශුද්ධත්වයට පත් වුණු විට, පාරිශුද්ධ ලෝකයකුත් අවශ්‍යයි
වේවි. අධිරාජ්‍යයක් ස්ථාපනය විය යුතුයි. කිසිම කෙනෙකුට තනිවම ගෙදර යා නොහැකියි.
ගීතය:
ඔබ තමයි මව හා
පියා ...
ඕම් ශාන්ති.
දරුවන් වන ඔබට
ඔබගේ හැඳින්වීම ලැබී තිබෙනවා. පියා කියනවා : අපි සැම ජීවාත්මයන්. සෑම කෙනෙක්ම මානව
ජීවයන්. කෙනෙක් ලොකු වුණත්, පොඩි වුණත්, ජනාධිපති කෙනෙක් වුණත්, රජ කෙනෙක්, රැජිනක්
වුණත්, සෑම කෙනෙක්ම මානව ජීවයන්. පියා කියනවා : සෑම කෙනෙක්ම ජීවාත්මයක් මම සෑම
ජීවාත්මයකගේම පියායි. මෙන්න මේ නිසා තමයි මම උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය
එනම්, උත්තරීතර වන්නේ. ඔහු ජීවාත්ම වන ඔබගේ පියා බවත්, ඔබ සෑම කෙනෙක්ම සහෝදරයින්
බවත්, පසුව බ්රහ්මා මගින්, සහෝදර සහෝදරියන් වන ඔබලා තුළින් ඉහළ හා පහළ වංශ බිහි
වෙන බවත් දැන් දරුවන් වන ඔබලා දන්නවා. සියලු ජීවාත්මයන් ආත්මයන්ය. මෙය තේරෙන්නේ ඔබට
පමණයි. මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. පියා මෙහි අසුන් ගෙන ඔබ සෑම කෙනෙක්ටම
පැහැදිලි කර දෙනවා. වෙන කිසිම කෙනෙක් පියා ගැන දන්නේ නැහැ. මිනිස්සු, අහෝ දෙවියනි!,
අහෝ මව්නි, පියාණනි!, කියා කන්නලව් කරනවා. මන්ද, ඉහළම ඉහළ කෙනෙක් කවුරු හෝ සිටිය
යුතුයි. ඔහු සැමගේ පියායි, සෑම කෙනෙක්ටම සතුට දානය කරන ඒකායන කෙනායි. සතුට හා දුක
ගැන වූ මෙම සෙල්ලම ගැන ඔබ දන්නවා. එක් මොහොතක සතුට තිබෙනා අතර අනිත් මොහොතේදී ඇත්තේ
දුක බව මිනිස්සු විශ්වාස කරනවා. කල්ප බාගයක් පුරා සතුට පැවති බවත් ඉතිරි කල්ප බාගය
පුරා තිබුණේ දුක බවත් ඔවුනට තේරෙන්නේ නැහැ. සතෝප්‍රධාන්, සතෝ, රජෝ හා තමෝ කියා
මට්ටම් තිබෙනවා. ජීවාත්ම වන අප අපගේ නිහඬ දේශයේ වාසය කරමු. එහි සෑම ජීවාත්මයක්ම
සැබෑ රත්තරන්; එහි කිසිම කෙනෙක් තුළ කිසිම කහටක් තිබෙන්න බැහැ. සෑම ජීවාත්මයක් තුළම
තමාටම ආවේණික වූ චරිතය පටිගත වී තිබුණත්, සෑම ජීවාත්මයක්ම සිටින්නේ පිරිසිඳුවයි.
එහි කිසිම අපිරිසිඳු ජීවාත්මයකට ඉන්න බැහැ. වර්තමානයේ, මෙහි කිසිම පිරිසිඳු
ජීවාත්මයකට සිටිය නොහැක. බ්‍රහමිණ් වංශයේ සැරසිල්ල වන ඔබලා පාරිශුද්ධත්වයට පත්
වෙමින් සිටියි. දැන්ම තමාට දේවතාවරුන් යැයි හඳුන්වා ගැනීමට ඔබට බැහැ. ඔවුන්
සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරයි. සම්පූර්ණයෙන් පාපයෙන් තොර කියා ඔබට කියන්න බැහැ.
ශංකරාචාර්ය හෝ වෙන කුමනාකාරයක කෙනෙක් වුණත්, දේවතාවරුන් හැර වෙන කිසිම කෙනෙක්ව ඒ
ලෙස හැඳින්විය නොහැකියි. දැනුමේ සාගරයේ මුඛයෙන් එන මේ දේවලට ඇහුම් කන් දෙන්නේ ඔබලා
පමණයි. දැනුමේ සාගරය එන්නේ එකම එක් වතාවකදී පමණක් බව ඔබත් දන්නවා. නැවත උපත් ලැබීම
තුළින් මානව ජීවයන් නැවතත් පැමිණෙනවා. මෙම දැනුමට ඇහුම් කන් දීමෙන් අනතුරුව ඇතැම්
අය, ආපසු පිටව යන විටත් එම සංස්කාර අරගෙන යනවා. එතනින් ආපසු මෙහි පැමිණ නැවතත් මෙයට
ඇහුම් කන් දෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා තමයි වයස අවුරුදු හයක් අටක් වුණත්
ඔවුන් තුළ හොඳ අවබෝධයක් ඇති වන්නේ, මන්ද, ජීවාත්මය ඒ එකම ජීවාත්මයයි. මෙම දැනුමට
ඇහුම් කන් දෙමින් ඔවුන් ලොකු වින්දනයක් ලබනවා. තමන් දැන් නැවතත් වතාවක් පියාගේ
දැනුම ලබනවා කියා එම ජීවාත්මය දන්නවා. එම සතුට ඔවුන් තුළ තිබෙනවා. ඔවුන් දක්ෂ වී
අන් අයට ඉගැන්වීමට පටන් ගන්නවා, ඒක හරියට තම සංස්කාර දිගටම තමා සමඟ ගෙන යන
සොල්දාදුවන් ළමා කල පටන්ම තම සේවයේ සතුටින් නිරත වෙනවා වගෙයි. ඔබ දැන් නව ලෝකයේ
පාලකවරුන් බවට පත් වීමට උත්සාහ දැරිය යුතුයි. සෑම කෙනෙක්ටම පැහැදිලි කරන්න: ඔබට
එක්කෝ නව ලෝකයේ පාලකවරුන් බවට පත්විය හැකියි, නැතිනම් නිහඬ දේශයේ පාලකවරුන් බවට
පත්විය හැකියි. නිහඬ දේශය ඔබගේ නිවහනයි, තම චරිතය රඟ දැක්වීමට ඔබ පැමිණියේ එහි
සිටයි. කිසිම කෙනෙක් ජීවාත්ම ගැනවත් නොදන්නා නිසා කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ.
තමන් අශාරීරික ලෝකයේ සිට පැමිණි බවත් තමන් ආලෝක ජීවයන් බවත් ඔබවත් දැනගෙන සිටියේ
නැහැ. අරුම පුදුම දීප්තිමත් තාරුකාවක් නළල මධ්‍යයේ බැබලෙමින් තිබෙනවා කියා
සන්යාසීන් පවා සඳහන් කළත් ඔවුන්ගේ බුද්ධිය ඔවුනට කියන්නේ ජීවය විශාල රූපයක් ඇති
දෙයක් බවයි. සලිග්රාමයින් ගැන කතා කරනා ඔවුන් ජීවාත්මය ගැන සලකන්නේ ද ලොකු
ස්වරූපයක් ඇති දෙයක් වශයෙනුයි. ජීවාත්මයක් සලිග්රාමයකි. යාගයක් නිර්මාණය කළ විට
ලොකු සලිග්රාමත් නිර්මාණය කරනවා. වන්දනාමාන කරනා විටත් ලොකු සලිග්රාමයක් තම
සිහියේ තබාගෙන සිටිනවා. පියා කියනවා : ඒ සියල්ල අවිද්‍යාවයි. ඔබට දැනුම ලබා දෙන්නේ
මා පමණයි. ලෝකයේ වෙන කිසිම කෙනෙකුට ඔබට මෙම දැනුම දෙන්න බැහැ. ජීවාත්මය තිතක් බවත්
උත්තරීතර ජීවාත්මය ද තිතක් බවත් වෙන කිසිම කෙනෙක් පැහැදිලි කර කියා දෙන්නේ නැහැ.
දෙවියන් සදකාලික වූ ආලෝකයක් බවත්, බ්‍රහ්ම ලෝකය බවත් ඔවුන් සඳහන් කරනවා. ඔවුන්
දෙවියන් කියා සලකන්නේ බ්‍රහ්ම ලෝකයයි, නමුත්, ඔවුන් තමන්වත් දෙවිවරුන් වශයෙන්
හඳුන්වා ගන්නවා. චරිතයක් රඟදැක්වීම සඳහා තමන් කුඩා ජීවයක ස්වරූපය ගන්නා බවත්, පසුව
නැවතත් ලොකු ආලෝකයට එකතු වන බවත් තමයි ඔවුන් කියන්නේ. එයට එකතු වූ අනතුරුව සිදු
වන්නේ කුමක්ද? ඔවුන්ගේ චරිතයත් ඒකටම එකතු වෙනවා, එහෙනම් එය සම්පූර්ණයෙන්ම වැරදි
දෙයක්. පියා දැන් පැමිණ සිටින්නේ ඔබට ජීවන මුක්තිය ලබා දීමටයි. පසුව කල්ප බාගයක්
පුරා ඉණිමගෙහි පහළට ඔබ බන්ධන වලින් පිරි ජීවිතයකට ඇතුළු වෙනවා. පසුව පියා පැමිණ ඔබට
ජීවිතයේ නිදහස ලබා දෙනවා. මෙන්න මේ නිසා තමයි ඔහු සියලු දෙනාට මුක්තිය දානය කරන්නා
කියා කියන්නේ. එමනිසා, පාරිශුද්ධකරු වන පියාව සිහිපත් කරන්න. ඔහු සිහිපත් කිරීම
තුළින් පමණයි ඔබ පාරිශුද්ධත්වයට පත්වන්නේ; නැතිනම්, ඔබට පිරිසිඳු වෙන්න බැහැ. ඉහළම
ඉහළ කෙනා වන්නේ එකම එක පියා පමණයි. තමන් පරිපූර්ණ වෙලා, දැන් සම්පූර්ණයෙන්ම තමන්
සූදානම් කියා බොහෝ දරුවන් සිතනවා. එසේ සිතමින් ඔවුන් තම තමන්ගේ සිත් සනසා ගන්නවා.
ඒක හරියට තමාගේ හොරණෑව තමා විසින්ම පිඹ ගැනීමක් වගෙයි. බාබා කියනවා : සුමිහිරි
දරුවනි, ඔබට තවත් ලොකු උත්සාහයක් දැරීමට තිබෙනවා. ඔබ පාරිශුද්ධත්වයට පත්වුණු විට,
ඔබ සඳහා පාරිශුද්ධ ලෝකය අවශ්‍ය වේවි. කිසිම කෙනෙකුට තනිවම ආපසු යන්න බැහැ. කෙනෙක්
කෙතරම් ඉක්මනින් කර්මාතීත් වීමට උත්සාහ කළත්, ඒක කළ හැකි දෙයක් නොවෙයි.
අධිරාජ්‍යයක් කොහොමත් ස්ථාපනය විය යුතුයි. ශිෂ්‍යයෙක් ඉගෙනීමට කෙතරම් දක්ෂ වුණත්,
විභාගය පැවැත්වෙන්නේ එය පැවැත් විය යුතු නියම දවසේ දී පමණයි. කලින් විභාගය ගන්න
බැහැ. මෙහිදීත් එසේමයි. වෙලාව පැමිණි විට ඔබගේ ඉගෙනීමේ ප්‍රතිඵල නිකුත් වේවි.
කෙනෙකුගේ උත්සාහය කෙතරම් හොඳ වුණත්, තමන් සම්පූර්ණයෙන්ම සූදානම් කියා ඔහුට කිසිදු
විටෙක කියන්න බැහැ. නැහැ, කිසිම ජීවාත්මයක් තවම කලා දහසයෙන්ම පිරි කෙනෙක් බවට පත්
වී නැහැ. තවත් ලොකු උත්සාහයක් දැරීමට තිබෙනවා. තමන් සම්පූර්ණ වෙලා කියා සිතමින්
නිකම් හිත සනසවා ගන්න එපා. නැහැ, අවසානය වන විට, ඔබ සම්පූර්ණයෙන්ම පරිපූර්ණත්වයට
පත්විය යුතුයි. තමාගේම හොරණෑව ගහ ගන්න එපා. මුළු අධිරාජ්‍යයම ස්ථාපනය විය යුතුයි.
ඔව්, තව ඉතිරි වී තිබෙන්නේ ඉතාමත් කෙටි කාලයක් කියන එක හරිම පැහැදිලියි. මිසයිල
සියල්ල නිෂ්පාදනය කරලයි තිබෙන්නේ. මුලදී ඒවා සෑදීමට සෑහෙන කාලයක් ගත වුණත්, දැන්
හොඳ පුරුද්දක් තිබෙනා නිසා ඉක්මනින්ම සාදා නිම කළ හැකියි. ඒ සියල්ල නාටකයේ නියමිතම
ඒවායි. විනාශය සඳහා බෝම්බ නිශ්පාදනය වෙමින් පවතිනවා. මිසයිල කියන වචන ගීතාවේත්
සඳහන් වී තිබෙනවා. කෙනෙකුගේ උදරයෙන් යකඩ මතු වුණු බවත් එයින් යම් යම් දේ සිදු වුණු
බවත් ඒ ග්රන්ථ වල සඳහන් කර තිබෙනවා. ඒ සියලුම කතාන්දර මිත්‍යා කතාන්දරයි. පියා
පැමිණ පැහැදිලි කරනවා : ඒවා හඳුන්වන්නේ මිසයිල කියලයි. විනාශයට පෙර අප දැන්
තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් විය යුතුයි. තමන් ආදි සනාතන දේවි දේවතා ධර්මයට
අයිතිව සැබෑ රත්තරන් ලෙස සිටි බව දරුවන් වන ඔබලා දන්නවා. භාරතයත් හඳුන්වන්නේ
සත්‍යයේ දේශය කියලයි. කොහොමනමුත්, දැන් එය මිත්‍යාවේ ලෝකය බවට පත් වෙලා. රත්තරනුත්
ඇත්තම ඒවා වගේම කෘත්‍රීම ඒවාත් තිබෙනවා. පියාගේ ගතිගුණ මොනවාද කියා දරුවන් වන ඔබලා
දැන් දන්නවා. ඔහු මානව වෘක්ෂයේ බීජයයි. සත්‍යය සේම සජීවී ජීවයයි. මීට පෙර ඔබ මෙවන්
ගීත ගායනා කරමින් සිටියා. පියා දැන් තමන්ව සියලුම ගුණධර්ම වලින් පුරවනවා කියා ඔබලාට
තේරෙනවා. පියා කියනවා : පළමුවෙන්ම ස්මරණ වන්දනාවේ නිරත වන්න. මා සිහිපත් කරන්න.
එවිට ඔබලාගේ පාප දුරු වී යනු ඇත. මාගේ නම පාරිශුද්ධකරු යන්නයි. අහෝ පාරිශුද්ධ
කරුවාණෙනි පැමිණෙන්න! කියා ඔවුන් ගායනා කරනවා. කොහොමනමුත්, ඔහු පැමිණි විට කරන්නේ
මොනවාද? කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. එක සීතාවක් පමණක් සිටින්න බැහැ. ඔබ සෑම
කෙනෙක්ම සීතාවරුන්. ඔබව අසීමිතත්වය කරා ගෙන යාමට පියා ඔබට අසීමිත දේ කියනවා. තමන්
ගැහැණු කෙනෙක් වුනත් පිරිමි කෙනෙක් වුනත් සෑම කෙනෙක්ම සීතාවක් කියා ඔබට දැන් ඔබගේ
අසීමිත බුද්ධියෙන් තේරෙනවා. ඔබ සෑම කෙනෙක්ම සිටින්නේ රාවණ්ගේ සිර කුටියේයි. රාමා
පැමිණ ඔබ සෑම කෙනෙක්වම රාවණ්ගේ සිර කුටියෙන් නිදහස් කරවනවා. රාවණ් කියන්නේ
මනුෂ්‍යයෙක් නොවේ. සෑම කෙනෙක් තුළම පස්පව් තිබෙනා බව පෙන්වා දී තිබෙනවා. මෙන්න මේ
නිසා තමයි මේ ලෝකය රාවණ්ගේ රාජ්‍ය කියා හඳුන්වන්නේ. එහි නම ම පාපයෙන් තොර ලෝකයයි.
නමුත් මේ පාපකාරී ලෝකයක්. සෑම එකකටම වෙන වෙනම නමක් තිබෙනවා. මෙය ගණිකා මඩමක් වන අතර
එය ශිවාලයයි. ලක්ෂ්මී හා නාරායන පාපයෙන් තොර ලෝකයේ පාලකවරුනුයි. පාපකාරී පුද්ගලයින්
එම පිළිම ඉදිරිපිටට ගොස් වන්දනා කරනවා. පාපකාරි රජවරුන් පාපයෙන් තොර රජවරුන්ගේ
පිළිම ඉදිරියේ හිස නමනවා. මේ ගැන දන්නේ ඔබ පමණයි. චක්‍රයේ කාල පරාසය ගැනවත්
මිනිස්සු දන්නේ නැහැ. එමනිසා, රාවණ්ගේ රාජ්‍ය ඇරඹුණේ කවදාදැයි කියා ඔවුන් දන්නේ
කොහොමද? ඒ දෙක සම සම විය යුතුයි. රාමාගේ රාජ්‍ය ඇරඹුණා. රාවණ්ගේ රාජ්‍ය ඇරඹුණා කියා
කියන්නේ කවදාටද? මේ කාරණය සම්බන්ධයෙන් ඔවුන් සම්පුර්ණයෙන්ම පැටලිලයි ඉන්නේ. පියා
දැන් පැහැදිලි කරනවා : වසර 5000ක මෙම චක්‍රය අඛණ්ඩවම ක්‍රියාත්මක වෙනවා. ඔබ තමන්ගේ
උපත් 84 චරිතය රඟ දක්වා නැවත නිවස බලා පිටත් වෙනවා කියා දැන් ඔබ දන්නවා. එය රාමාගේ
රාජ්‍යයේයි. පසුව ඔබ රාවණ්ගේ රාජ්‍යයට යනවා. මෙම නාටකය ජය හා පරාජය පිළිබඳ වූවකි.
ඔබ ජයග්‍රහණ ලබා දිව්‍යලෝකයේ පාලකවරුන් බවට පත්වෙනවා. පසුව පරාජයට පත්වන ඔබලා අපායේ
පාලකවරුන් බවට පත්වෙනවා. දිව්‍යලෝකය හා අපාය එකිනෙකට වෙනස්. කෙනෙක් මිය ගිය විට ඔහු
දිව්‍යලෝකයට ගියා කියා කියනවා. ඔබ දැන් තවදුරටත් එසේ කියන්නේ නැහැ. මන්ද,
දිව්‍යලෝකය ඇති වන්නේ කවදාදැයි කියා ඔබ දැන් දන්නවා. අහවල් අහවල් කෙනා ආලෝකය හා
මුසු වුනා, නිර්වාණයට ගියා කියා මිනිස්සු කියනවා. කිසිම කෙනෙක්ට අලෝකය හා එකතු
වෙන්න බැහැ කියා ඔබ කියනවා. සෑම කෙනෙක්ටම ගැලවීම ලබා දෙන්නා වශයෙන් හැඳින්වෙන්නේ
ඒකායන කෙනාවයි. ස්වර්ණමය යුගය තමයි දිව්‍යලෝකය කියා හැඳින්වෙන්නේ. දැන් මෙය අපායයි.
මෙය භාරතය පිළිබඳ වූ කථාවක් පමණයි. ඉහළ අහස උඩ දිව්‍යලෝකය කියා කිසි දෙයක් නැහැ.
දිල්වාලා දේවාලයේ සීලිම මත දිව්‍යලෝකය පෙන්වා තිබෙනවා. දිව්‍යලෝකය ඇත්තේ ඉහළයි කියා
මිනිස්සු සිතන්නේ මෙන්න මේ නිසයි. මිනිස්සු කොහොමද සීලිමක ජීවත් වනනේ? ඔවුන් හරි
මෝඩයි. ඔබ දැන් සියල්ල ඉතාමත් පැහැදිලිව ඔවුනට කියා දෙනවා. තමන් දිව්‍යලෝකයේ
වැසියන් වශයෙන් සිට දැන් මෙහි අපායේ වැසියන් බවට පත් වෙලා කියා ඔබ දන්නවා. දැන්
නැවතත් වතාවක් ඔබ දිව්‍යලෝකයේ වැසියන් බවට පත්විය යුතුයි. මෙම දැනුම මනුෂ්‍යයෙක්
නාරායන කෙනෙක් බවට පත්වීම පිළිබඳවයි. සත්‍ය නාරායන බවට පත්වීමේ කථාව මිනිස්සු
කියවනවා. රාමා හා සීතා බවට පත්වීමේ කථාව කියවන්නේ නැහැ; සාමාන්‍ය මනුෂ්‍යයෙක්
නාරායන බවට පත්වීමේ කථාව තමයි කියන්නේ. ඉහළම තත්ත්වය ලක්ෂ්මී හා නාරායනගේ
තත්ත්වයයි. අනික අංශක දෙකකින් අඩුයි. උසස් තත්ත්වයක් දිනා ගැනීමට නම් උත්සාහයක්
දැරිය යුතුයි. එමනිසා, ඔබ උත්සාහ දැරුවේ නැතිනම් චන්ද්‍ර වංශයේ කෙනෙක් බවටයි ඔබ
පත්වන්නේ. භාරතයේ මිනිසුන් අපිරිසිඳු වූ විට තමන්ගේ ධර්මය අමතක කර දමනවා.
ක්‍රිස්තියානුවන් පවා සතෝ තත්වයෙන් තමෝප්‍රධාන් තත්ත්වයට පත්වුනත් අඩුම තරමින්
තවමත් ඔවුන් ක්‍රිස්තියානි සමාජයට අයිති අය වෙනවා. ආදි සනාතන දේවී දේවතා ධර්මයේ අය
තමාව හඳුන්වා ගන්නේ හින්දුවරුන් වශයෙනුයි. තමන් මුලදී අයිතිව සිටියේ දේවතා ධර්මයටයි
යන්න ඔවුනට තේරෙන්නේ නැහැ. ඒක හරි පුදුමයක්. හින්දු ධර්මය ස්ථාපනය කළේ කවුදැයි කියා
ඔවුන්ගෙන් ඇසුවොත්, ඔවුන් පටලැවිල්ලට පත් වෙනවා. ඔවුන් වන්දනා කරන්නේ දේවතාවරුන්
එමනිසා, ඔවුන් අයිති වන්නේ දේවතා ධර්මයට විය යුතුයි. කොහොමනමුත්, ඔවුනට කිසිම දෙයක්
තේරෙන්නේ නැහැ. මේකත් නාටකයේම තීරණය වී ඇති දෙයක්. මේ සම්පූර්ණ දැනුම ඔබගේ සිහියේ
තිබෙනවා. පළමුවෙන්ම ඔබලා සිටියේ සූර්ය වංශයේ. පසුව අනෙකුත් ආගම් පැමිණියා. ඔබ දිගටම
නැවත උපත් ගන්නවා. ඔබෙත් ඇතැම් අය මෙය හරියටම දන්නවා. පාසැල් වල පවා, ඇතැම්
ශිෂ්‍යයින්ගේ බුද්ධියට ඉතාමත් හොඳින් දැනුම ඇතුළු වෙනවා. නමුත් අනිත් අයට එතරම්
නැහැ. මෙහිදීත්, පරාජය වන අය හඳුන්වන්නේ සටන් කරන්නන් වශයෙනුයි. එමනිසා, ඔවුන්
චන්ද්‍ර වංශයේ කොටසක් බවට පත්වෙනවා. එනම්, අංශක දෙකක් අඩු තත්ත්වයක්; ඔවුනට
පරිපූර්ණ වෙන්න බැහැ. අසීමිත ඉතිහාසයක් හා භූගෝලයක් ඔබගේ සිහියේ තිබෙනවා. ශිෂ්‍යයන්
පාසැල් වලදී සීමිත ඉතිහාසයක් හා භූගෝලයක් ඉගෙන ගන්නවා. නමුත් ඔවුන් අශාරීරික
ලෝකයවත් සූක්ෂම කලාපය ගැනවත් කිසිවක් දන්නේ නැහැ. මෙය පූජකවරුන්ගේ, සාධු
සන්යාසීන්ගේ සිහියේ නැති දෙයක්. ජීවාත්ම වන අප අශාරීරික ලෝකයේ ජීවත් වන බව ඔබගේ
බුද්ධියට අවබෝධ වෙනවා. මෙය භෞතික ලෝකයයි. මුළු දැනුම ම ඔබගේ සිහියේ තිබෙනවා. මෙම
හමුදාව ස්වදර්ශන චක්‍රය කරකවන්නන් ගෙන් සෑදුනු එකක්. මෙම හමුදාව පියාවත් චක්‍රයක්
සිහිපත් කරනවා. ඔබගේ බුද්ධියේ මෙම දැනුම තිබෙනවා. නමුත් ඔබ ළඟ කිසිම ආයුධයක් නැහැ.
මෙම දැනුම හරහා ඔබ ඔබ ගැනම දර්ශන ලබා ගත්තා. නිර්මාපකයාත්, නිර්මාණයේ මුල, මැද හා
අග පිළිබඳවත් වූ දැනුම පියා ඔබට ලබා දෙනවා. පියාගේ උපදේශය තමයි : දැන් නිර්මාණකරු
සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප දුරු වී යනු ඇත. තමන් ස්වදර්ශන චක්‍රධාරීන් බවට
පත්වුණු තරමට හා අන් අයවත් ඒ තත්ත්වයට පත්කරවීමට උනන්දු වූ තරමට, වැඩි වැඩියෙන්
සේවය කළ තරමට ඔබට උසස් තත්ත්වයක් හිමිවනු ඇත. මෙය පොදු කාරණයක්. ගීතාවට ක්‍රිෂ්ණාගේ
නම දමා තිබෙනා නිසා ඔබ පියාව අමතක කළා. ක්‍රිෂ්ණා, දෙවියන් වෙන්න බැහැ. ඔහු පියා
වෙන්නත් බැහැ. පියාගෙන් ඔබ උරුමයක් ලබනවා. පියාව හඳුන්වන්නේ පාරිශුද්ධකරු කියලයි.
අපට අපගේ නිහඬ දනව්ව වෙත යා හැකි වන්නේ ඔහු මෙහි පැමිණි විට පමණයි. මෝක්ෂය ලබා
ගැනීම සඳහා මිනිස්සු හරියට වෙහෙසෙනවා. ඔබ ඉතාමත් පහසුවෙන් ඒ ගැන පැහැදිලි කරනවා.
ඔවුනට කියන්න: පාරිශුද්ධකරු වන්නේ උත්තරීතර ජීවාත්මයයි. ඉතින් ඇයි එහෙනම් ගංගා වල
ස්නානයට යන්නේ? මිනිස්සු ගං ඉවුර මත අසුන්ගෙන සිටින්නේ මැරෙන්න ඕන නිසා. බෙංගාලයේ
කෙනෙක් මියයාමට ආසන්න වූ විට එහි සිටිනා මිනිස්සු ඔහුව ගංගානම් නදිය අසබඩට ගෙන ගොස්
දෙවියන්ගේ නම මතුරනවා. එවිට ඒ ජීවාත්මය නිදහස් වෙනවා කියා ඔවුන් විශ්වාස කරනවා. ඒ
ජීවාත්මය ශරීරය අතහැර ගියා, නමුත් ඔහු පාරිශුද්ධත්වයට පත්වුනේ නැහැ. ජීවාත්මයන්ව
පිරිසිඳු කළ හැක්කේ පරමාත්ම පියාට පමණයි. මෙන්න මේ නිසා තමයි මිනිස්සු දෙවියන්ට
පමණක් කන්නලව් කරන්නේ. පියා කියනවා : දැන් මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාප දුරුවී
යාවි. පියා පැමිණ පැරණි ලෝකය අළුත් කරවනවා; ඔහු අළුත්ම අළුත් ලෝකයක් නිර්මාණය
කරන්නේ නැහැ. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියාගේ ගුණ
ධර්ම වලින් තමාව පුරවා ගන්න. විභාගයට පෙර තමාව සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ කරගැනීමට
උත්සාහ දරන්න. තමන්ගේ හොරණෑව තමන්ම ගහගන්න එපා.
2. ස්වදර්ශන
චක්‍රධාරීන් වී අන් අයටත් ඒ තත්ත්වයට පත්වීමට උනන්දු කරවන්න. පියාවත් චක්රයත්
සිහිපත් කරන්න. අසීමිත පියා කියනා අසීමිත දේට ඇහුම්කන් දී ඔබගේ සිහිය අසීමිතව
තබාගන්න. එය සීමිතව තබාගන්න එපා.
වරදානය:
ඔබගේ මුල්
අවධියෙන්, අහිතකර තත්ත්වයන් ජයගෙන සංගම යුගයේ ජයග්‍රාහී මැණිකක් බවට ඔබ පත් වේවා.
අහිතකර තත්ත්වයන් ජය
ගැනීමට මාර්ගය වන්නේ ඔබේ මුල් අවධිය අනුගමනය කිරීමයි. එම ශරීරය පවා ඔබේ නොවේ, එය ඔබ
නොවේ. ඔබගේ මුල් අවධිය සහ ඔබේ මුල් ධර්මය, ඔබට සතුට අත්විඳීමට හැකියාව ලබා දෙයි.
පදාර්ථයේ කිසියම් ධර්මතාවයක් එනම්, ඕනෑම බාහිර ආගමක් හෝ ශරීර පිළිබඳ දැනුවත්භාවයක්
ඔබට කුමන හෝ ආකාරයක දුකක් අත්විඳීමට සලස්වයි. තමාගේ මුල් අවධිය නිරන්තරයෙන් පවත්වා
ගන්නා අයට නිරන්තරයෙන් සතුට අත්විඳිය හැකිය; කිසිදු දුක් රළකට ඔවුන් වෙත පැමිණිය
නොහැක. ඔවුන් සංගම යුගයේ ජයග්‍රාහී මැණික් වේ.
පාඨය:
ඕනෑම
නාස්තිකාර සිතිවිලි ප්‍රවාහයක් පරිවර්තනයේ බලයෙන් අවසන් කරන්න.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
මිනිසුන් පවසන්නේ:
අපි කොහේ බැලුවත් අපට පෙනෙන්නෙ ඔබව පමණයි, එමෙන්ම අප පවසන්නේ, “අප කුමක් කළත් කොහේ
ගියත්, පරම පියා සෑම විටම සිටින්නේ අප සමගයි”, එනම්, ඔබ සිටින්නේ අප සමගයි. ඔබගේ
වගකීම් ඔබ සමග ඇති සේම, ඔබට එම වගකීම ඉටු කිරීමට දිරිමත් කරවන කෙනා නිරන්තරයෙන් ඔබ
සමග සිටියි. කරන්හාර් (කරන කෙනා) සහ කරවන්හාර් (කිරීමට දිරි ගන්වන කෙනා) යන දෙදෙනාම
ඒකාබද්ධව සිටියි.