14.05.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් සංගම් යුගයේ සිටින අතර පැරණි ලොවත් සමඟ ඇති සම්බන්ධය බිඳිය යුතුයි මන්ද එය දැන් විනාශ වීමට යන බැවින්.

ප්‍රශ්නය:
මුළු චක්‍රයෙන්ම සංගම් යුගයට පමණක් සීමා වුණු විශේෂත‍වය කුමක්ද ?

පිළිතුර:
සංගම් යුගයේ විශේෂත‍වය වන්නේ ඔබ මෙහිදී ඉගෙනගෙන එහි ප්‍රතිඵලය අනාගතයේදි ලබාගනී. මුළු චක්‍රයේම, ප්‍රතිඵලය ඊළඟ උපතේදී ලැබෙන කිසිම ඉගෙනුමක් නොමැත. ඔය දරුවන් දැන් අමරණීය ලොව සඳහා මරණීය ලොවෙහිදී ඉගෙනුම් ලබයි. අන් කිසිවෙකු තම ඊළග උත්පත්තිය වෙනුවෙන් ඉගෙන ගන්නේ නැත.

ගීතය:
දුර ඈත දේශයේ වාසය කරන්නා විදේශයට පැමිණ ඇත.

ඕම් ශාන්ති.
දුර ඈත දේශයේ වාසය කරන්නා කවුරුන්ද? මෙය කිසි කෙනෙක් නොදනී. විදේශයකට පැමිණෙන්නේ තමන්ටම කියා දේශයක් ඔහුට නොමැතිද? ඔහුගේ දේශයට ඔහු නොපැමිණෙයි නමුත් රාවණ් ගේ මෙම රාජධානිය විදේශයකි. ශිව් බාබා තමන්ගේම දේශයට නොපැමිණෙයිද ? හොඳයි කුමන දේශයද රාවණ් හට විදේශයක් වන්නේ? තවද කුමන දේශයද තමන්ගේම දේශය වන්නේ ? ශිව් බාබාගේම දේශය කුමක්ද කුමන දේශයද ඔහුට විදේශයක් වන්නේ ? පියා විදේශයට පැමිණෙන බැවින් තමන්ගේම දේශය කුමක්ද? ඔහු පැමිණ ඇත්තේ ඔහුගේ දේශය ස්ථාපනය කිරීමටයි. ඔහුම ඔහුගේ දේශයට පැමිණ සිටියි (එක්කෙනෙක් දෙන්නෙක් ඔවුන්ගේ මත ඉදිරිපත් කළෝය) අච්චා. ඔබ සෑම කෙනෙක්ම මෙම කරුණ කැලතිය යුතුයි. මෙය ඉතා හොඳින් වටහා ගත යුතු කරුණකි. කුමන දේශයද රාවණ් හට විදේශයක් වන්නේ කියා කීම ඉතා පහසුයි. රාවණ් රාමා ගේ රාජධානියට ඇතුළු වන්නේම නැත. එහෙත් පියා රාවණ්ගේ රාජධානියට ඇතුළු විය යුතු වන්නේ ඔහු එය පරිවර්ථනය කළ යුතු නිසයි. මෙය සංගම් යුගයයි. ඔහු ස්වර්ණමය යුගයට මෙන්ම කලියුගයට ද පැමිණෙන්නේ නැත. ඔහු පැමිණෙන්නේ සංගම් යුගයටයි. ඉතිං මෙය රාමාගේ දේශය මෙන්ම රාවණ්ගේ ද දේශයයි. මෙම ඉවුර රාමාට අයත් වන අතර අනෙක් ඉවුර අයත්වන්නේ රාවණ්ටයි. මෙය සංගමයයි. ඔය දරුවන් සිටින්නේ සංගමයේය. මේ පැත්තෙත් නොවේ අර පැත්තෙත් නොවේ. ඔබ සැළකිය යුත්තේ ඔබ සංගම් යුගයේ සිටිනවා කියාය. අපට අර පැත්තත් සමඟ සම්බන්ධකමක් නොමැත. පැරණි ලොවත් සමඟ ඇති සම්බන්ධකම් වලින් ඔබේ බුද්ධිය ඉවත් කර ගත යුතුයි. ඔබ මෙම පැරණි ලොවෙහි සිටිය යුතු නමුත් මෙම පැරණි ලොව විනාශ වීමට ඇති බව ඔබගේ බුද්ධියට වැටහෙයි. ජීවය පවසන්නේ මම දැන් සිටින්නේ සංගම් යුගයේය. පියා දැන් පැමිණ ඇත. ඔහුට බෝට්ටුකරුවා යැයිද කියයි. අපි දැන් එගොඩ යමින් සිටියි. කෙසේද ? යෝගාව තුළින්. යෝගාව සඳහා දැනුම මෙන්ම වටහා ගැනීම සඳහා දැනුම ද ඇත. යෝගාව සඳහා විස්තර කර තිබෙන්නේ තමන් ජීවයක් යැයි සළකා පියාව ස්මරණය කරන්න. මෙයත් දැනුමයි. දැනුම යනු විස්තර කර දීමක්ය. පියා පැමිණ සිටින්නේ ඔබට උපදෙස් දීමටයි. ඔහු කියන්නේ තමන් ජීවයක් යැයි සලකන්න. උපත් 84 ක් ගන්නේ ජීවයයි. පියා මෙතැන අසුන් ගෙන විස්තර ඇතුව ඔබට වටහා දෙයි. රාවණ් ගේ මෙම රාජ්‍යය දැන් විනාශ වීමට ඇත. මෙහි කර්මයන්ගේ බන්ධනයන් ඇති අතර එහි ඇත්තේ කර්මයන්ගේ සම්බන්ධකම්ය. බන්ධන යනු දුක්ය. සම්බන්ධකම් යනු සතුටය. ඔබගේ කර්ම බන්ධන දැන් බිඳ දැමිය යුතුයි. ඔබට දැන් ඇත්තේ බ්‍රහ්මිණ් සම්බන්ධකම් බව ඔබගේ බුද්ධියෙහි ඇත. පසුව ඔබගේ සම්බන්ධකම් ඇතිවන්නේ දේවී දේවතාවරුන් සමඟය. බ්‍රහ්මිණ් සම්බන්ධකම් ඇත්තේ මෙම එක් උපතේදි පමණයි. ඉන්පසුව දේවී දේවතාවරුන් සමඟ උපත් 8 ක් සහ 12 ක් සම්බන්ධකම් තිබෙයි. මෙම දැනුම ඔබගේ බුද්ධියේ ඇති බැවින් කලියුගයේ අපවිත්‍ර කර්ම බන්ධනයන් පිළිබඳව ඔබට අප්‍රියතාවයක් ඇත. මෙම ලොවෙහි කර්ම බන්ධන වල තවදුරටත් සිටීමට අපට උවමනාවක් නැත. ඒවා රාක‍්ෂික කර්ම බන්ධන බව අපට වැටහේ. අප යන්නේ නොපෙනෙන වන්දනාවකය. පියා අපට මෙම වන්දනාව උගන්වා දී තිබේ. එවිට අප මෙම කර්ම බන්ධන අත්හැර කර්මතීට් තත්ත්වයට පත්වෙයි. මෙම කර්ම බන්ධන දැන් බිඳිය යුතුව ඇත. අප පියාව ස්මරණය කරන්නේ පාරිශුද්ධ වී, චක්‍රය වටහාගෙන ඉන්පසුව ලෝක පාලකයන් බවට පත් වීමටයි. දැන් අප ඉගෙනගනිමින් සිටින්නෙමු. එබැවින් අපගේ ඉගෙනුමේ අරමුණක් සහ ඉලක්කයක් මෙන්ම ඵලයක්ද තිබිය යුතුයි. ඔබගේ ගුරුවරයා අසීමිත පියා බව ඔබ දන්නවා. වසර 5000 කට පෙරද අසීමිත පියා අපට ඉගැන් වූ බව ඔබ දන්නවා. මෙය නාටකයයි. ඔහු චක්‍රයකට පෙර ඉගැන්වූ අයට පමණයි උගන්වන්නේ. තව බොහෝ දෙනෙක් දිගින් දිගටම පැමිණෙන අතර ව්‍යාප්තිය දිගටම සිදුවේවි. සෑම කෙනෙක්ම ස්වර්ණමය යුගයට යන්නේ නැත. අනිත් සියලු දෙනාම ආපසු නිවහනට යයි. මේ පැත්තේ අපාය ඇති අතර එහා පැත්තේ ඇත්තේ දෙව්ලොවයි. ලෞකික ඉගෙනුමකදී මෙහි ඉගෙනගන්නා බවත් එහි ඵලය මෙහිදීම ලැබෙන බවත් ඔවුන්ට වැටහෙයි. කෙසේ වුවද අප ඉගෙනුම ලබන්නේ සංගම් යුගයේය එහි ඵලය ලැබෙන්නේ නව ලොවෙහිය. මෙය අළුත් දෙයකි. ලොවෙහි කිසිවෙකු ඔබගේ ඵලය ඊළඟ උපතේදි ලැබෙයි කියා නොකියයි. මතු උපතේදී එහි ඵලය ලබා ගැනීම සඳහා මෙම උපතේදී ඉගෙන ගත හැකි වන්නේ මෙම සංගම් යුගයේදී පමණයි. පියා පැමිණෙන්නේද මෙම සංගම් යුගයේදී පමණයි. ඔබ ඉගෙනගන්නේ වඩාත්ම ශේෂ්ඨ මනුෂ්‍යයින් වීමටයි. දැනුමේ සාගරය වන දෙවියන් ඔබව නවලොවට එනම්, අමරණීය ලෝකයට යැවීම සඳහා පැමිණෙන්නේ එක් වරක් පමණයි. මෙය කලියුගයයි මරණයේ දේශයයි. අප ඉගෙනගන්නේ ස්වර්ණමය යුගයටයි. අප ඉගෙනගන්නේ අපායෙහි වැසියන්ව සිට දෙව්ලොව වැසියන් බවට පරිවර්ථනය වීමටයි. මෙය විදේශය වන අතර එම දේශය අපගේ දේශයයි. අපගේ එම දේශයට ඇතුළු වීමට පියාට අවශ්‍යතාවයක් නැත. එම දේශය ඇත්තේ දරුවන්ට පමණයි. රාවණ් ස්වර්ණමය යුගයට ඇතුළු වන්නේ නැත. රාවණ් නොපෙනී යයි. ඉන්පසු ඔහු නැවතත් තඹ යුගයෙදී මතුවෙයි. එබැවින් පියාද නොපෙනී යයි. ස්වර්ණමය යුගයේ කිසිවෙකු ඔහුව දන්නේ නැත. එබැවින් එහිදී ඔවුන් කුමට ඔහු මෙනෙහි කරන්නද? සතුටෙහි ඵලය අවසන් වූ විට රාවණ් ගේ රාජ්‍යය ඇරඹෙයි. එයට විදේශය යැයි කියයි. අප දැන් සිටින්නේ සංගම් යුගයේ බව අපට වැටහෙයි. අපට මාර්ගය පෙන්වා දිය හැකි පියාව දැන් අපට හමු වී ඇත. අන් සෑම කෙනෙක්ම දිගින් දිගටම රස්තියාදු වෙමින් සිටියි. බොහෝ වෙහෙසට පත් වී පසු ගිය චක්‍රයේ මෙම මාර්ගයෙහි ගමන් ගත් අයද දිගටම මෙහි පැමිණෙයි. ඔය මඟ පෙන්වන්නන් සෑම කෙනෙකුටම මෙම මාර්ගය පෙන්වා දිය යුතුයි. මෙම මාර්ගය අධ්‍යාත්මික වන්දනාවයි. එය කෙලින්ම ඔබව සතුටු දේශයට රැගෙන යයි. ඔය මඟ පෙන්වන්නන් අයත් වන්නේ පාණ්ඩව ජන කොට්ඨාශයටයි. පාණ්ඩවයන්ට හෝ කෞරවයන්ට රාජධානියක් නොමැත. දෙකොටසටම කිරුළක් නොමැත. භක්ති මාර්ගයේ දෙකොටසටම කිරුළක් ලබා දුන්නත් ආලෝකමත් කිරුළ කෞරවයන්ට දිය නොහැක. පාණ්ඩවයන්ට වුවද ආලෝකමත් කිරුළ ලබා දිය නොහැක්කේ ඔවුන් තවමත් උත්සාහ කරමින් සිටින්නන් නිසා ඔවුන් ගමන් කරන අතරමඟ ඇද වැටෙයි. එබැවින් එය දිය හැක්කේ කාටද? මෙම සංකේතය පෙන්වන්නේ විෂ්ණු සමඟයි. මන්ද ඔහු පාරිශුද්ධ නිසා. ස්වර්ණමය යුගයේ සෑම කෙනෙක්ම සම්පූර්ණයෙන්ම පාරිශුද්ධයි දුර්ගුණ වලින් තොරයි. ඔවුන්ට පාරිශුද්ධත්වයේ ආලෝකමත් කිරුළක් ඇත. මෙකල්හී කිසිවෙකු පාරිශුද්ධ නැත. සන්යාසීන් ඔවුන් පාරිශුද්ධ බව පැවසුවත් මෙම ලොව පාරිශුද්ධ නැත. එබැවින් ඔවුන් මෙම දූෂිත ලොවෙහිම උපතක් ගත යුතුව ඇත. මෙය රාවණ් ගේ අපවිත්‍ර දේශයයි. නව ලොවට පාරිශුද්ධ රාජධානිය ස්වර්ණමය යුගය යැයි කියයි. පියා, උද්‍යානයට අධිපති, කටු වන් දරුවන්ව දැන් මල් බවට පරිවර්ථනය කරමින් සිටියි. ඔහු පාරිශුද්ධත්වයට පත්කරවන්නා බෝට්ටුකරුවා මෙන්ම උද්‍යාන අධිපතියා ද වෙයි. උද්‍යානයට අධිපති කටු වලින් ගහණ මෙම කැලයට පැමිණ සිටියි. ඔබට ඇත්තේ එක් අණ දෙන්නෙක් පමණයි. (Commander). ශංකර්ට යාදවයන්ගේ ප්‍රධාන අණ දෙන්නා (chief-in-commander) යැයි කිව හැකිද? ඇත්ත වශයෙන්ම ශංකර් විනාශය දිරිගන්වන්නේ නැත. යුද්ධය ආරම්භ වන්නේ නිසි කාලය පැමිණි විටයි. මිසයිල ආදිය ශංකර් ගේ දිරි ගැන්වීම මත නිපද වූ බව කියා තිබේ. ඔවුන් ඉඳගෙන එවන් කතා ගෙතුවේය. පැරණි ලොව අනිවාර්යෙන්ම විනාශ විය යුතුයි. ගොඩනැගිල්ලක් පරණ වූ විට එය කඩා වැටී මිනිසුන් මිය යති. මෙම පැරණි ලොව ද විනාශ විය යුතුයි. සෑම කෙනෙක්ම යට වී මිය යති. සමහරු ජලයේ ගිලී මිය යයි. සමහරු කම්පනයෙන් මිය යයි. විෂ දුම් සහිත බෝම්බද බොහෝ මිනිසුන් මරා දමයි. විනාශය සිදු විය යුතු බව ඔය දරුවන් ගේ බුද්ධියේ ඇත. අපි දැන් එගොඩට යමින් සිටින්නෙමු. කලියුගය අවසන් වී ස්වර්ණමය යුගයේ ස්ථාපනය ආරම්භ විය යුතුයි. ඉන්පසු චක්‍ර භාගයක්ම යුද්ධ නොතිබෙයි. පියා දැන් පැමිණ සිටින්නේ ඔබගේ උත්සාහය දිරිගැන්වීමටයි. මෙය ඔබගේ අන්තිම අවස්ථාවයි (last chance) ඔබ තව දුරටත් කල් දැමුවහොත් හදිසි මරණය සිදුවීමට ඉඩ තිබේ. මරණය ඉතා ආසන්නව ඔබ ඉදිරියේ ඇත. මිනිසුන් කොහේ හෝ ඉඳගෙන සිටියදී නිකම්ම මිය යති. ඔබ මිය යාමට පෙර ස්මරණ වන්දනාවේ රැඳී සිටින්න. ඔය දරුවන් දැන් ආපසු නිවෙස් බලා යා යුතුව ඇත. එබැවින් පියා පවසන්නේ දරුවනි, ඔබගේ නිවහන මෙනෙහි කරන්න. ඔබගේ අවසන් සිතිවිලි ගමනාන්තයට ඔබව රැගෙන යයි. මෙය මඟින් ඔබ ආපසු නිවහනට යයි. කෙසේවෙතත්, ඔබ නිකම්ම නිවහන පමණක් මෙනෙහි කළොත් ඔබගේ පාපයන් දුරු කළ නොහැක. ඔබගේ පාපයන් දුරු වී ඔබ ආපසු නිවහනට යන්නේ පියාව ස්මරණය කිරීමෙන්ය. එබැවින් පියාව ස්මරණය කිරීම දිගටම සිදු කරන්න. මුළු දවස පුරාම ඔබ කළ දේවල් දැන ගැනීමට දින සටහන ලියන්න. සාමාන්‍යයෙන් වයස අවුරුදු 5 හො 6 සිට තම ජීවිතයේ කළ කී දේවල් සියල්ලම කෙනෙකුට මතක් කළ හැක. මෙය සෑම විටම ලිවිය යුතු නැත. ඔබ උද්‍යානයේ වාඩි වී සිටි විට පියාගේ ස්මරණයේ සිටි බව ඔබ දන්නවා. ඔබගේ ඇතුළාන්තයෙහි මෙය සටහන් කිරීමට ඔබට හැකි විය යුතුයි. ඒ සෑම අවස්ථාවක්ම ලියා තබාගැනීමට අවශ්‍ය නම් දින පොතක් තබා ගත යුතුයි. ප්‍රධානතම දේ වන්නේ තමෝප්‍රධාන් සිට අප කෙසේද සතෝප්‍රධාන් වන්නේ කියායි. අප පාරිශුද්ධ ලොවෙහි අධිපතියන් වන්නේ කෙසේද? අපවිත්‍රව සිට පාරිශුද්ධ වන්නේ කෙසේද? පියා පැමිණ මෙම දැනුම ලබා දෙයි. දැනුමේ සාගරය වන්නේ පියා පමණයි. ඔබ දැන් ’බාබා මා දැන් ඔබහට අයත්ය‘ යැයි කියයි. මම සැමදාමත් ඔබහට අයත් වී සිටියෙමි. එහෙත් මා ඔබව අමතක කර ශරීර අවධානයට පත් වුවෙමි. දැන් සෑම දෙයක්ම ඔබ අපට කියා ඇති බැවින් මා නැවත වරක් ජීව අවධානයට පත් වන්නෙමි. ස්වර්ණමය යුගයේදි අප ජීව අවධානයෙන් සිටියෙමු. අප සෑම කෙනෙක්ම අපගේ ශරීර අත්හැර ඊළග ශරිරය ගන්නේ මහත් සතුටෙන්ය. අන් අයට විස්තර කර දීමට හැකි වන වටිනා අය බවට පත් වීමට නම් ඔය දරුවන් මේ සෑම දෙයක්ම ධාරණය කරගත යුතුයි. එවිට බොහෝ දෙනෙකුට යහපතක් සිදුවෙයි. ඔබ සේවය කළ හැකි අය බවට පත්වන්නේ නාටකයට අනුව සහ ඔබ දරණ උත්සාහයට අනුකූලව අංක පිළිවෙලට බව බාබා දන්නවා. අච්චා. ඔබට අන් අයට කල්ප වෘක‍්ෂය විස්තර කර දීමට නොහැකි වුවද ඕනෑම කෙනෙකුට තමන් ජීවයක් යැයි සළකා පියාව ස්මරණය කරන්න යැයි කීම පහසුයි. මෙය ඉතාමත්ම පහසුයි. ’මා ස්මරණය කරන්න එවිට ඔබගේ පාපයන් දුරු වේවි‘ යැයි පවසන්නේ පියා පමණයි. බ්‍රහ්මිණ්වරු වන ඔබ හැරුණු කොට වෙන කිසිම මනුෂ්‍යයෙකුට මෙසේ කිව නොහැක. ජීවීන් හෝ උත්තරීතර ජීවය යනු කුමක්ද කියා වෙන කිසිම කෙනෙක් දන්නේ නැත. ඔබ නිකම්ම අන් අයට එය කිවාට ඊතලයට ඉලක්කයට විදීමට නොහැක. ඔවුන් දෙවියන් ගේ ස්වරූපය දැන සිටිය යුතුයි. මේ සෑම ජීවියෙකුම නාටකයේ නළුවන්ය. සියලුම ජීවීන් රඟපාන්නේ ඔවුන්ගේ ශරීර තුළිනි. ජීවීන් තම ශරීර අත්හැර ඊළඟ ශරීරය ගෙන දිගටම තම කොටස රඟපායි. අර නළුවන් තම ඇදුම් මාරුකර ඔවුන්ගේ විවිධ චරිත රඟපායි. ඔබ ශරීර මාරු කරයි. එහිදී ඔවුන් තාවකාලික කාලයකට පිරිමි හෝ ගැහැණු ඇදුම් ඇඳ ගනී. මෙහි ජීවියෙක් පිරිමි ඇඳුමක් ගත් විට එම පිරිමි ශරීරය එම ජීවිත කාලයම ඇඳ සිටියි. එම නාටක සීමිත වන අතර මෙම නාටකය අසීමිතයි. පියා පවසන පළමුවන සහ ප්‍රධානතම දේ වන්නේ මා ස්මරණය කරන්න! ‘යෝගා‘ යන වචනය වත් භාවිත නොකරන්න මන්ද මිනිසුන් විවිධ අන්දමේ යෝගාවන් ඉගෙනගන්නා බැවින්. ඒ සෑම දෙයක්ම අයත් වන්නේ භක්ති මාර්ගයටයි. පියා පවසන්නේ දැන් මා ස්මරණය කරන්න ඒ සමඟම ඔබගේ නිවහනද ස්මරණය කරන්න. එවිට ඔබ ආපසු නිවහනට යයි. ශිව් බාබා මොහු තුළට ඇතුළු වන්නේ ඔබහට ඉගැන්වීම් ලබා දීමටයි. පියාව මෙනෙහි කිරීමෙන් ජීවීන් වන ඔබ පාරිශුද්ධ වෙයි. එවිට පාරිශුද්ධ වු ජීවීන් නිවහනට ඉගිලී යති. ස්මරණය වැඩියෙන් සිදුකරන තරමට ඔබ හිමි කරගන්නා තත්ත්වයද උසස් වෙයි. බොහෝ බාධක පැමිණෙන්නේ ස්මරණයේය. ඔබ පාරිශුද්ධ නොවුණේ නම් ධර්මරාජ් ගේ දේශයේ දඬුවම් අත්විඳිය යුතුයි. ඔබගේ නම්බුව නැති වී තත්ත්වය විනාශ වෙයි. අවසානයේදී සෑම දේකම දර්ශන ඇතිවේවි. කෙසේ වුවද එවිට ඔබට කිසි දෙයක් කළ නොහැක. ඔබට ඒතරම් විස්තර කර දී තිබියදීත් ඔබ ස්මරණයේ නොයෙදුණු නිසා ඔබගේ පාපයන් ඉතිරි වී ඇති අන්දම ගැන ඔබට දර්ශනයක් ලැබෙයි. එබැවින් ඒවාට දඬුවම් විඳිය යුතුයි. එය ඉගෙනගන්නා කාලය නොවෙයි. ඔබ කළ දේට පසුතැවිලි වීමට සිදුවෙයි. ඔබ නිරපරාදේ කාලය අපතේ හැරියේය! දඬුවම් අත් විඳිය යුතුයි! එවිට කිසි දෙයක් කළ නොහැක. ඔබ අසමත් වුවොත් ඔබ අසමත්ය! එකල්හි නැවත ඉනෙගැනීමේ ප්‍රශ්නයක් නැත. වෙනත් ඉගෙනුම් වලදී නෙනෙක් අසමත් වුවහොත් නැවත ඉගෙනගැනීමට අවස්ථාවක් ඇත එහෙත් මෙහිදී ඔබගේ ඉගෙනීම අවසන් වී ඇත. අවසානයේදී පසුතැවිලි නොවන්නට නම් පියා අවවාද කරන්නේ දරුවනි, හොඳින් ඉගෙනගන්න. ඕපාදූප කතාකරමින් ඔබගේ කාලය අපතේ නොහරින්න නැතිනම් බොහෝ සේ පසුතැවිලි වන්නට සිදුවෙයි. බොහෝ වැරදි ක්‍රියා කිරීමට මායා ඔබව පොළඹවයි. ඔබ කිසි දෙයක් සොරකම් කර නැතත් එය කිරීමට මායා ඔබව පොළඹවයි. මායා ඔබව රැවටූ බව එවිට ඔබගේ අවධානයට එයි. පළමුවෙන්ම දෙයක් අහුලා ගැනීමට හදවතට සිතිවිල්ලක් ඇතුළු වෙයි. හරි වැරදි පිළිබඳව වැටහීමක් ඔබට ලබා දී ඇත. ඔබ දෙයක් අහුලා ගතහොත් එය වැරදිය. ඔබ අහුලා නොගත්තොත් එය හරිය. ඉතිං ඔබ කරන්නට යන්නේ කුමක්ද? පාරිශුද්ධව සිටීම හොඳය. නරක ආශ්‍රයේ බලපෑමෙන් තම උත්සාහයන් මන්දගාමී නොකරන්න. අප සහෝදර සහෝදරියන්ය. එබැවින් අප කෙනෙකුගේ නමෙහි සහ ස්වරූපයේ සිරවන්නේ ඇයි? ශරීර අවධානයට පත් නොවන්න. කෙසේ වුවත්, මායා ඉතාමත් බලසම්පන්නයි. මායා ඔබට වැරදි ක්‍රියා කිරීමේ සිතිවිලි ගෙන එයි. පියා පවසන්නේ ඔබ කිසිම වැරදි ක්‍රියාවක් නො කළ යුතුයි. සටනකින් පසු ඔබ ඇද වැටී ඉන්පසු කිසිම නිවැරදි වැටහීමක් ඔබට ඉතිරි වන්නේ නැත! අප සෑම දෙයක්ම නිවැරදිව කළ යුතුයි. අන්ධයින්ට ආධාරකයක් වන්න. සැමට වඩා යහපත්ම යුතුකම මෙයයි. ඔබගේ ජීවිකාව වෙනුවෙන් සෑම දෙයක්ම කිරීමට ඔබට කාලය ඇත. තවද ඔබ රාත්‍රියේදී නිදා ගත යුතුයි. ජීවීන් වෙහෙසට පත් වූ විට ඔවුන් නින්දට යයි. ශරීරයද නින්දට යයි. ඉතිං ඔබගේ ජීවිකාවට සහ විවේකයට කාලය ඇත. එබැවින් ඉතිරි කාලයේදී මගේ සේවයේ නිරත වන්න. ස්මරණයේ සටහනක් තබාගන්න. (chart) ඔබ එය ලියන මුත් එහෙ මෙහේ යන අතර අසමත් වෙයි. ඔබ පියාව ස්මරණය නොකරන විට සහ සේවය නොකරන විටයි ඔබ කරන සෑම දෙයක්ම වැරදි වන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඕපාදූප කතා කරමින් ඔබගේ කාලය අපතේ නොහරින්න. මායාගේ පෙළඹවීම නිසා වැරදි ක්‍රියාවන් නොකිරීමට ප්‍රවේසම් වන්න. වැරදි ආශ්‍රයේ බලපෑමෙන් තම උත්සාහයන් මන්දගාමී නොකර ගන්න. ශරීර අවධානයට පත් වී කෙනෙකුගේ නමෙහි හා ස්වරූපයේ සිර නොවන්න.

2. නිවහන මෙන්ම පියාවත් ස්මරණය කරන්න. ඔබගේ ස්මරණ සටහන් සඳහා දින පොතක් තබා ගන්න. ඔබ දවස පුරාම කළ දේ සහ කොතෙක් වේලා පියාව ස්මරණය කළාදැයි සටහන් කරගන්න.

වරදානය:
ඔබ සැබවින්ම ආදරණීය සහ සහයෝගයෙන් කටයුතු කර, නිෂ්ඵල රාවණා පුළුස්සා දැමීමට ඔබේ නිහතමානී සන්නාහය නිරන්තරයෙන් පැළඳ ගන්න.

ඔබේ සමූහය තුළ දුර්වලතාවයක් සෙවීමට යමෙකු කොතරම් උත්සාහ කළත්, සංස්කාර හෝ ගතිස්වභාවයන්ගේ සුළු ගැටුමක්වත් පෙනෙන්නට ඉඩ නොදෙන්න. යමෙකු ඔබට දෙස්දෙවොල් නැගුවත්, ඔබට අපහාස කළත්, සාන්තුවරයෙකු මෙන් වන්න. යමෙකු යම් වැරැද්දක් කළත්, ඔබ නිවැරදියි. යමෙකු ගැටුමක් ඇති කරන විට, ඔහුට සෙනෙහසේ පැන් ටිකක් ඉසින්න. "ඇයි මේ? ඇයි එහෙම?" වැනි ප්‍රශ්නවලින් ඒ ගින්නට තෙල් වත් නොකරන්න. නිරන්තරයෙන් නිහතමානීකමේ සන්නාහය පැළඳ ගන්න. නිහතමානීකම ඇති තැන, නිසැකවම ආදරය සහ සහයෝගය ඇති වේ.

පාඨය:
"මගේ" යන සවිඥානකත්වයේ සියලු සීමිත හැඟීම්, "මගේ බාබා" යන එකට ඒකාබද්ධ කරන්න.

අව්‍යක්ත සංඥාව: ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.

ආධ්‍යාත්මික රාජකීයත්වයේ අත්තිවාරම සම්පූර්ණ පාරිශුද්ධත්වයයි. එබැවින් ඔබගේ ස්වරූපයෙන් සහ හැසිරීම තුළින් සියලු දෙනා, ආධ්‍යාත්මික රාජකීයත්වයේ කුල්මත් බව සහ දීප්තිය අත්දකින්නේද කියා, තමන්ගෙන් විමසන්න. මෙම දැනුමේ කැඩපතින් තමන් දෙස බලා, ඔබගේ මුහුණේ සහ හැසිරීම තුළ ආධ්‍යාත්මික රාජකීයත්වය දිස්වන්නේද, නැත්නම් ඔබගේ ක්‍රියාකාරකම් සහ මුහුණ දිස් වන්නේ සාමාන්‍ය ලෙසද කියා බලන්න.