14.06.25 Avyakt Bapdada
Sinhala
Murli 24.10.2010 Om Shanti Madhuban
කාලයේ වේගයට අනුව,
දැන් ඔබගේ ස්වභාවය සහ සංස්කාර පරිවර්ථනයට තීව්‍රතාවය යොදන්න. ජීවාත්මයන්ට විවිධ
කිරණ ලබා දීමට ඔබගේ මනස භාවිතා කරන්න.
අද දින පරමාත්ම
දෙවියන්ගේ හදවත් සිහසුනේ, නළල් සිහසුනේ සහ අනාගත ලෝක සිහසුනේ අසුන්ගෙන සිටින, සෑම
තැනකම සිටින ඔය දරුවන් දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. පරමාත්ම දෙවියන්ගේ හදවත්
සිහසුන තිබෙන්නේ ඔය බ්‍රහ්මින්වරුන්ට පමණයි. සියළු දෙනාටම නළලේ සිහසුනක් තිබෙන
නමුත් පරමාත්ම දෙවියන්ගේ හදවත් සිහසුනේ භාග්‍යය තිබෙන්නේ බ්‍රහ්මින් ජීවාත්මයන්ට
පමණයි. දෙවියන්ගේ මෙම හදවත් සිහසුන, ඔබට ලෝක සිහසුන ලබා ගැනීමට මග පාදයි. එබැවින්
සිංහාසන තුනටම අයිතියක් තිබෙන්නේ ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ට පමණයි. පරමාත්ම
දෙවියන්ගේ මෙම හදවත් සිහසුන බොහෝ ශ්‍රේෂ්ඨයි. එය වෙනත් කිසිදු යුගයක ලබා ගත නොහැක.
දෙවියන්ගේ සිංහාසනයත් සිහිකර තිබෙනවා. භක්ති මාර්ගයේ, දෙවියන්ගේ හදවත් සිහසුනට
අයිතියක් ඇති අයව, මාලාවේ පබුළු ලෙස සිහිකර වන්දනා කරයි. කෝටි ගණනකින් අතලොස්සක්
ලෙස ඔවුන්ව සිහි කරයි. ශ්‍රේෂ්ඨ හැඟීම් ඇති මිනිසුන්, සෑම පබුළුවක් දෙසම බලන්නේ
බොහෝ උසස් බැල්මකින්. එබැවින් ඔබ සියලු දෙනාටම මෙම ආධ්‍යාත්මික කුල්මත් බව තිබෙනවා
නේද? ඔබ හැර වෙනත් කිසිවෙකුට මෙම සිහසුන අත්විඳිය නොහැකි බවට ආධ්‍යාත්මික කුල්මත්
බව ඔබට තිබෙනවාද? කෙසේවෙතත්, ඔය බ්‍රහ්මණයන්ට එය ඔබගේ ජන්ම උරුමයයි. ඔබට මෙම
සිංහාසනය ඔබගේ ගෙල වටා ඇති මල්දමයි. පරමාත්ම දෙවියන්ගේ හදවත් සිහසුනට අයිතියක්
තිබීමේ එතරම්ම කුල්මත් බවක් ඔබට තිබෙනවාද? ඔබ සියලු දෙනාගේ අවධානයේ මෙම කුල්මත් බව
සහ සතුට නිරන්තරයෙන් තිබෙනවාද? මම කවුද? ඔබට මෙම විශ්වාසය සහ කුල්මත් බව තිබෙනවාද?
සිංහාසන තුනට
අයිතියක් ඇති දරුවන් දැකීමට බාප්දාදා සතුටු වනවා: අපූරුයි, සියලු අයිතීන් ඇති මගේ
ශ්‍රේෂ්ඨ දරුවන් අපූරුයි! දරුවන් පවසන්නේ: අපූරුයි බාබා! අපූරුයි! එබැවින් පියා
පවසන්නේ : අපූරුයි දරුවනේ, අපූරුයි! පියාම එවන් දරුවන් ගැන ප්‍රශංසා ගයයි. එබැවින්
ඔබ කවුරුන්ද යන කුල්මත් බව ඔබට තිබෙනවාද? ඔබට කුල්මත් බවක් තිබෙන්නේ ඔබට විශ්වාසය
තිබෙන ප්‍රමාණයට අනුවයි, එමෙන්ම එම විශ්වාසය ගැන ඔබගේ කුල්මත් බව, ඔබගේ මුහුණේ සහ
ක්‍රියාකාරකම් වල දිස්වෙයි. විශ්වාසය ඇති අයට එම කුල්මත් බවත් නියත වශයෙන්ම තිබෙයි.
බාප්දාදාට දැන් ඔය සෑම දරුවෙකුගේ මුහුණින් සහ ක්‍රියාකාරකම් තුළින් අන් අයටත් මෙම
අත්දැකීම ලබා දීමට අවශ්‍යයි. ඔබගේ වචන වලින් මිනිසුන් දැන් මෙය අත්විඳීම ආරම්භ වී
ඇත. ඔවුන් මෙය අත්විඳීමේ කාර්යය, දැන් ඉටුවීම ඇරඹී තිබේ. පෙර කල, මිනිසුන් ඔබට සවන්
දී, ඒ ගැන සිතුවා, එමෙන්ම ඔවුන් දැන් ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ගේ මනෝ ස්ථිතියේ
බලපෑම අත්විඳීමට පටන් ගෙන ඇත. එබැවින් ඔය සෑම කෙනෙක්ම තමන්ව පරීක්ෂා කර බලන්න: දවස
පුරාම, මම කෙතරම් වේලාවක් පරමාත්ම දෙවියන්ගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටිනවාද? ලෝක
රාජධානිය හිමි කරගැනීමේ පදනම වන්නේ මෙම හදවත් සිංහාසනයයි. මෙම හදවත් සිහසුනේ පදනමට
අනුව, ඔබට කෙතරම් කාලයක් හදවත් සිහසුනට අයිතියක් තිබෙන්නේද, එම කාලයට, ඔබ අනාගත
රාජකීය පවුලේ සිටීමට අයිතියක් ලබා ගනියි. එබැවින් පරීක්ෂා කර බලන්න: ඔබ බ්‍රහ්මින්
කෙනෙක් වූ කාලයේ සිට, ඔබ කෙතරම් කාලයක් හදවත් සිහසුනේ අසුන්ගෙන සිටියාද? එම පදනමට
අනුව, ඔබ අංක පිළිවෙලට සිහසුනේ අසුන් ගනීවි, නමුත් රාජකීය පවුලක සිටීමට ඔබට නිරන්තර
අයිතියක් ලැබෙයි. ඔබ කිසිදාක මෙය පරීක්ෂා කර තිබෙනවාද? ඔබ හදවත් සිහසුනෙන් බසින්නේ
නැහැ නේද? තමන්ගේම ගිණුම පරීක්ෂා කර බලන්න, මන්ද ඔබ නිරන්තරයෙන් රාජකීය පවුලක් තුළට
යන්නේ මෙම පදනමට අනුවයි. ඔබ විටෙක සිහසුනෙන් බැස, ඔබගේ දෙපා මඩේ තබන්නේද කියා
පරීක්ෂා කර බලන්න. උපත් 63ක්ම ඔබ ශරීර අවධාන මඩේ, ඔබගේ දෙපය තැබීමේ සංස්කාර ඔබට
තිබෙනවා. එකක් ශරීර අවධානය වන අතර අනෙක ශරීරය පිළිබඳ අහංකාරකමයි. ශරීර අහංකාරකමේ මඩ
වඩාත් ගැඹුරු වන නමුත් ශරීර අවධානයත් මෙම මඩයි. පුද්ගලයෙක් මිය ගොස් සිරුර පුළුස්සා
දැමූ විට, මිනිසුන් කියන්නේ, “අළු වලට අළු, දුහුවිලි වලට දුහුවිලි...” කියා.
එබැවින් ඔබගේ දෙපා මඩ තුළට නොයාමට පරීක්ෂා කර බලන්න. ශරීර අවධානයට පත්වීම යනු ඔබගේ
දෙපය මඩේ තැබීමයි.
ඔබ විශේෂ ආදරණීය අය
නිසා, බාප්දාදා ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට සිංහාසන තුනක් ලබා දී ඇත. බොහෝ කලක් නැතිව
සිට දැන් හමු වූ අය ඔබලාය. විශේෂ ආදරණීය දරුවන් සෑම විටම අසුන් ගන්නේ ඔංචිල්ලාවක හෝ
උකුලකයි. ඔවුන්ගේ දෙපා මඩේ තබන්නට ඔවුන්ට අවසර නොදෙයි. ඉතිං සිංහාසන තුනටම අයිතියක්
ඇති අයට බාප්දාදා විවිධ ආකාරයේ ඔංචිල්ලා බොහොමයක් ලබා දී තිබේ. විටෙක ශාන්තියේ
ඔංචිල්ලාවේ පැද්දෙන්න, විටෙක සතුටු ඔංචිල්ලාවේ පැද්දෙන්න, විටෙක සෙනෙහස් ඔංචිල්ලාවේ
නැළැවෙන්න. ඔබගේ බුද්ධියේ දෙපා, සිහසුන මත සහ ඔංචිල්ලා මත තබන්න, එපමණයි. සමහර
දරුවන් විමසන්නේ: අපි අනාගතයේ යන්නේ කොහාටද? අපි කවුරු වෙයිද? පියා පවසන්නේ : ඔබ
පැමිණි කාලයේ සිට ඔබගේ දෙපය, ඔංචිල්ලාවල හෝ සිහසුන් මත එම කාල වකවානුව පුරාවටම
තිබුණාද කියා පරීක්ෂා කර බලන්න. එම ප්‍රමාණයට ඔබ අනාගතයේ රාජකීය පවුලක සිටිවි. ඔබ
රාජකීය පුරවැසියන්ගෙන් කොටසක් නොවෙයි; ඔබ රාජකීය පවුලක කොටසක් වෙයි. ඉතිං ඔය එක්
එක් කෙනාට තමන් වෙනුවෙන් මෙය ගණනය කළ හැක. අන් අය දෙස නොබලන්න, තමන්ගේ ගිණුම ගණනය
කරන්න. ඔය සෑම කෙනෙකුටම අවශ්‍ය කුමක්ද? රාජකීය පවුලක හෝ රජ පෙළපතක සිටීම. එබැවින්
ඔබට දැන් කෙතරම් කාලයක් තිබෙන්නේද - මන්ද, සමාප්තිය සිදුවීමට යන්නේ හදිසියේ -
පරිසමාප්තිය සිදුවන තෙක්, ඔබ දැන් සිට පරීක්ෂා කරන්නේ නම්. ඔබ පරම පියාගේ ඇකයේ,
සිහසුනේ සහ ඔංචිල්ලාවල දීර්ඝ කාලයක් රැඳී සිටින තරමට, එම කාල වකවානුවක් ඔබ රාජකීය
පවුලක් තුළ සිටීමේ භාග්‍යය හිමි කර ගනිවි.
බාප්දාදා සෑම
දරුවෙකුටම රාජකීය පවුලක, යුග දෙකේදීම රාජකීය පවුලක සිටීමේ අයිතිය ලබා දෙනවා, එය
සූර්ය වංශයේ හෝ චන්ද්‍ර වංශයේ වුවද සම්පූර්ණ උපත් 21ක්. කෙසේවෙතත්, තමන්ගේ අයිතිය
හිමි කරගැනීම සෑම දරුවෙකුටම අයත් දෙයක්. ඔබ තුළ බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබෙන
අතර බ්‍රහ්ම පියා තුළත් ඔය දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ. බ්‍රහ්ම පියාට දැකීමට අවශ්‍ය
වන්නේ, ඔය දරුවන් ඔහු සමග රාජකීය පවුලක සිටිමයි. ඔබ සිතන්නේ කුමක්ද? ඔබ බ්‍රහ්ම
පියා සමග රාජකීය පවුලක වාසය කරන අයද, නැත්නම් ඔබ කෙටි කාලයකට පමණක් එහි සිටියිද? ඔබ
දුර ඈතට යාමට පතන්නේ නැහැ නේද? මෙහි පදනම වන්නේ සංගම යුගය බව ඔබට පවසන ලදි.
බාප්දාදා තුළ ඔය දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස තිබෙනවා. ඔබ වත්මන් කාලයේ පවසන
අන්දමින්ම, එනම් ඔබ ඔහු සමග රැඳී සිට, ඔහු සමග ආපසු යන බව. වත්මන් මොහොතේ, බ්‍රහ්ම
පියා සහ බ්‍රහ්මින්වරු සිටින්නේ එකටයි, ඔහු අව්‍යක්ත ස්වරූපයකින් සිටියත් ඔහු
සිටින්නේ ඔබ සමගයි.
මායා තුළ ඔය දරුවන්
කෙරෙහි බොහෝ සෙනෙහස ඇති නිසා ඇය දැන් පවා ඔය දරුවන්ව තනි නොකරන බව බාප්දාදා දකිනවා.
මෙකල මායා විශේෂිත ආකාර දෙකකින් ඇගේ අවස්ථාව ගනී. ඈ ස්වරූප දෙකකින් පැමිණෙයි: එකක්
නිෂ්ඵල සිතිවිලි වන අතර අනෙක, ඇතැම් අවස්ථාවන්හි, ඇතැම් විට, මෙම රැල්ල තිබේ: ‘මා
කුමක් කළත්, කුමක් සිතුවත් එය නිවැරදියි. මම දෙවෙනි නැහැ.” මෙම රැල්ල පැතිරෙයි. ඔබ
මෙසේ සිතයි: “මා පමණයි නිවැරදි.” කෙසේවෙතත්, ඔබ සමග සම්බන්ධ වී ඇති අය සහ උපකරණ වන
අය, ඔබගේ සිතිවිලි වලට එකඟද? ඔබ අන් අයගෙන්ද අසා පැහැදිලි කරගත යුතුයි. මෙම නිෂ්ඵල
සිතිවිලි ඔබගේ කාලය අපතේ යවයි. මේ නිසයි දිනපතා මුරලියේ බාබා ඔබට මතගෑමේ සහ සේවය
කිරීමේ දෛනික ගෙදරවැඩ ලබා දෙන්නේ. ඔබ එය මත ගාන්නේ නම්, එමෙන්ම එය මත ගෑමෙන් ඔබ එය
තුළ ගිලී සිටියි නම්, එවිට මෙම දෛනික ගෙදරවැඩ, ඔබගේ මනස කාර්යබහුලව තබා ගැනීමේ
ක්‍රමවේදයයි. පාසැල් දරුවන්ට බොහෝ ගෙදර වැඩ ලබා දෙන්නේ ඔවුන්ගේ බුද්ධිය එහි
කාර්යබහුලව තබා ගැනීමට සේම, බාප්දාදා ඔබට දිනපතාම එයට සවන් දී, එය ආවර්ජනය කර, එහි
ගිලී සිටීමේ ගෙදරවැඩ ලබා දෙන්නේ මේ නිසයි. දිනපතා මුරලියේ විෂයයන් සතරක ගෙදරවැඩ
තිබේ. ඔබගේ මනසට, ඔබගේ වචන වලට, ඔබගේ ක්‍රියා කෙරෙහි අවධානය තබා ගැනීමට මෙන්ම
දිව්‍යත්වය වෙනුවෙන් සංඥාවක්ද ගෙදර වැඩ ලෙස දී තිබේ. ඔබගේ ගෙදරවැඩ වල ඔබ නියැලී
සිටින්නේ නම්, නිෂ්ඵල සිතිවිලි පැමිණීමට ඉඩක් නොමැති වෙයි. ඔබ නොකඩවා මෙම ක්‍රමවේදය
භාවිතා කරන්නේ නම්, නිෂ්ඵල සිතිවිලි ඉබේටම ඔබගෙන් සමුගනී, මන්ද ඔබ සියලු දෙනාම
සිහිපත් කිරීමේ වන්දනා ගමනට අවධානය යොමු කරන්නේ අංක පිළිවෙලට බවත් ඔබ වචන වලින්
සිදු කරන සේවයටද අවධානය යොමු කරන බව බාප්දාදා දැක තිබෙන නිසා. කෙසේවෙතත්, ඔබ දැන්
තමන්ගේ සංස්කාර මෙන්ම අන් අයගේ සංස්කාරත් පරිවර්ථනය කළ යුතුයි. එය ඔබගේ චේතනාව නොවූ
නමුත් ඔබගේ ස්වභාවය එලෙසයි, එය ඔබගේ ස්වභාවයයි, කියා ඔබ රාජකීය අන්දමකින් හඳුන්වන
මෙම ස්වභාවය සහ සංස්කාර, ධාරණාව යන මෙම විෂය, දැන් තවමත් රාජකීය ස්වරූපයකින් පැන
නගියි. එබැවින් බාප්දාදා ඔබට දැන් මෙම සංඥාව ලබා දෙනවා: ඔබගේ ධාරණාවේ අඩුව කුමක්ද,
දැන් එයට විශේෂ අවධානයක් යොමු කරන්න.
ධාරණාවේදි ඔබ මෙම
ප්‍රධාන ධාරණාවට අවධානය යොමු කළ යුතු බව බාප්දාදා ඔබට මින් පෙරත් පවසා තිබෙනවා:
ඕනෑම දෙයක් සිදු වූ විට, ඔබට තත්පරයකදී නැවතීමේ තිතක් තැබිය හැකිද කියා පරීක්ෂා කර
බලන්න. එසේ නැත්නම් ඔබට නැවතීමේ තිතක් තැබීමට අවශ්‍ය නමුත් ඒ වෙනුවට ප්‍රශ්නාර්ථ
ලකුණක් තබනවාද? එය නැවතීමේ තිතක් නොවෙයි, ඔබ තබන්නේ නැවතීමේ තිතකින් භාගයක් පමණක්
වන අතර ඉන්පසුව එය වෙනත් විරාම ලකුණක් බවට පත් වෙයි. ඔබ තව ප්‍රගතිය ලබත්ම, ඔබට
තත්පරයකදී නැවතීමේ තිතක් තැබීමට සිදුවන එවන් සිදුවීම් ඇති වෙයි. එවන් වෙලාවක ඔබට
ප්‍රශ්නාර්ථ ලකුණ හෝ විශ්මයේ ලකුණ නිවැරදි කරගැනීමට වැඩි වෙලාවක් නොමැති වෙයි. එක
තත්පරයකදී නැවතීමේ තිතක් තැබීමට අවශ්‍යතාවයක් ඇති වෙයි. එම කාලයට පෙර, දීර්ඝ කාලයක්
පුරාවට මෙම පුහුණුව අවශ්‍යයි, මන්ද, ඔබට ඒ වෙලාවේ ජය ගැනීමට හැකි වන්නේ එවිට පමණයි.
කැලඹිලි වෙලාවේ ඔබට සංස්කාර සහ ස්වභාවයේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට සිදුවන අතර
දැන් සිට ඒ වෙනුවෙන් මෙය පුහුණු කරන්න, මන්ද, ඔබ තව ප්‍රගතිය ලබත්ම, දීර්ඝ කාලයක
පුහුණුව ඔබට බොහෝ සේ උපකාරී වන්නේ එවිට පමණයි.
බාප්දාදා අම්රිත්
වේලාවේ වටේ සංචාරය කරන විට, එක් එක් දරුවා දරන උත්සාහය ඔහු පරීක්ෂා කර බලයි.
විෂයයන් සතරින්ම ඔබගේ උත්සාහය තීව්‍රද, සාමාන්‍යද? ඉතිං බාබා දකින්නේ කුමක්ද? මෙම
කාලයේ වේගයට අනුව, සෑම විටම ඔබගේ උත්සාහය තීව්‍ර කිරීමේ අවශ්‍යතාවයක් දැන් තිබේ.
කාලය, සීඝ්‍ර වේගයකින් සමීපයට පැමිණෙන බවට සංඥාවක් බාප්දාදා ඔබට ලබා දෙනවා. එයට
අනුව, දැන් සීඝ්‍ර වේගයකින් ඔබගේ විශේෂිත වූ ස්වභාවයට සහ සංස්කාරයට පරිවර්ථනයක් ගෙන
එන්න.
ඔය සියලුම දරුවන්
සමාන වනවා දැකීමට බාප්දාදාට දැන් අවශ්‍යයි. ඔබගේ අරමුණ වන්නේද නියත වශයෙන්ම පියාට
සමාන වීමයි. මේ සඳහා පහසුම ක්‍රමය වන්නේ බ්‍රහ්ම පියාව අනුගමනය කිරීමයි. ඔහු සමග
ගලපගන්න. ඔබ කුමක් කළත්, පළමුව, ඔහු සමග ගලපන්න, තමාව ඔහු සමග සංසන්දනය කරන්න.
බ්‍රහ්ම පියාගේ ක්‍රියා, වචන සහ සිතිවිලි මේවාද? මෙවන් කියමනකි: “ප්‍රථමයෙන් සිතා
ඉන්පසුව ක්‍රියා කරන්න”. ප්‍රථමයෙන්, ඔබගේ මනසින් එය කිරා බලා, ඉන්පසුව කතා කරන්න.
ඉතිං බාප්දාදාට දැන් අවශ්‍ය කුමක්ද කියා ඔබට ඇසුණාද? ඔබටත් අවශ්‍ය මෙයයි. ඔබගේ
හදවතට සමීප කතාබස් වල ඔබ යෙදෙන විට, බාප්දාදාට ඉතා මිහිරි බොහෝ දේ ඇසෙනවා. ඔබ බොහෝ
උද්යෝගයකින් ඉතා හොඳ දේවල් කියයි: “අප මෙය සිදුකර පෙන්වන්නම්, අප මෙය කරන්නම්, මෙය
සිදුවිය යුතුයි!” ඔබට උද්යෝගයෙන් පිරි බොහෝ සිතිවිලි තිබේ, නමුත් ඒවා ක්‍රියාවට නගන
වෙලාවේ, සමහර ඒවා පමණක් ප්‍රායෝගික ස්වරූපයකට දමයි! එසේ නැත්නම්, සේවය වෙනුවෙන් ඔබ
සාදා ඇති සියලුම විවිධ සැලසුම් වලට බාප්දාදා කැමතියි. සෑම තැනකම ඉතා හොඳ වැඩසටහන්
සිදු වනවා. ඔබ වචන වලින් සහ සියලුම විවිධ ක්‍රම වලින් සිදු කරන සෑම දේකින්ම ඔබ
සාර්ථකයි, එමෙන්ම බාප්දාදාද සතුටු වනවා. දැන් ඔබ එකතු කළ යුතු එකම දේ වන්නේ, සතුටේ
කිරණ, සාමයේ කිරණ, ප්‍රීතියේ කිරණ සහ සෙනෙහසේ කිරණ ඔබගේ මනසින් බොහෝ ජීවාත්මයන්ට
ලබා දීමයි. මෙම සේවය එකවර සිදු කරන්න. ඔබගෙන් බොහෝ දෙනෙක්, තමන්ගේ සංස්කාර
පරිවර්ථනය කිරීමට සහ අන් අයගේ සංස්කාර පරිවර්ථනයට උදව් කිරීමට බොහෝ කාලය ලබා දෙයි.
දැන් ඔබගේ මනසින් සේවය කිරීමෙන් ජීවාත්මයන්ට විවිධ කිරණ ලබා දීමට ඔබගේ අවධානය යොමු
කරන්න. ඔබ තව දියුණු වත්ම, මෙයට විශාල අවශ්‍යතාවයක් ඇති වෙයි. නොකඩවා මෙයට අවධානය
යොමු කරන්න. මෙම සේවය කරන බව සිතන දරුවන්, අත් ඔසවන්න! අච්චා. මෙය දැනටමත් කරන අයට
සුබ පැතුම්. මෙය නොකරන අය, මෙය කළ යුතුයි, මන්ද, ඔබ තව ප්‍රගතිය ලබත්ම, සිදුවීම්
කෙබදු වෙයිද යත්, කතා කරන අයට සහ සවන් දෙන අයට එකට රැස් වීමට නොහැකි වෙයි. එබැවින්
දැන් සිටම හැකි තරම්, දෙයාකාරයේම සේවය කිරීමේ පුරුද්ද ඇති කරගන්න. ඔබගේ මනස
කාර්යබහුලව රැඳී තිබෙන්නේ නම්, එයට මන්මනභාව් වීම පහසු වෙයි. ඔබගේ මනස කාර්යබහුලව
තිබෙන විට, ඔබගේ ස්වභාවය සහ සංස්කාර පහසුවෙන් පරිවර්ථනය කිරීමට ඔබට උපකාර ලැබෙයි.
අද විශේෂයෙන් ද්විත්ව
විදේශිකයන් හමුවන දිනයයි. බාප්දාදාට සතුටුයි: “අපූරුයි ද්විත්ව විදේශිකයන්!
අපූරුයි!” ලෝකයේ විවිධ කොන් වල සැඟවී සිටින, පෙර කල්පයේ දරුවන් වෙනුවෙන් සහ ලෝක
සේවය වෙනුවෙන් උපකරණ වන ඔය ද්විත්ව විදේශික දරුවන් ගැන බාප්දාදා සතුටු වනවා. තවමත්
ළගා වී නැති ප්‍රදේශ, ගම් සහ නගර වෙතට ළඟා වීමට ඔබ සියලු දෙනා සැලසුම් සාදන බව
බාප්දාදාට අසන්නට ලැබුණා. එයට සුබ පැතුම්! සුබ පැතුම්! එසේ නැත්නම් සමාප්තිය
සිදුවී, සිදුවීම් වෙනස් වන විට, භාරතයේ සිටියත් විදේශයක සිටියත් ඔබ සියලු දෙනාට
මෙවන් බොහෝ පැමිණිලි ලැබෙයි: “අපේ පියා පැමිණියා, නමුත් ඔබ අපට ඒ ගැන පැවසුවේවත්
නැහැ! ඔබට අඩු තරමින් අපට පණිවිඩය ලබා දෙන්න තිබුණා!” ඔබට බොහෝ පැමිණිලි ලැබෙයි. ඔබ
දැන් එය සිදු කරන්නේ ඒ නිසයි. කිසිම කොනක් අත් නොහැරීමට ඔබ දැන් වැඩියෙන් උත්සාහ
දැරිය යුතුයි. ඔය ද්විත්ව විදේශිකයන් සහ මේ දේශයේ දරුවන් සිදුකරන උත්සාහය දැකීමෙන්
බාප්දාදා සතුටු වනවා. ඔහු බොහෝ සේ සතුටු වනවා. ඇයි? ඔහු සතුටු වන්නේ ඇයි? ඔබ දැන්
මේ දේශයේ සහ විදෙස් රටවල සැලසුම් සාදනවා, ඒ නිසා බාප්දාදා සතුටු වනවා; කුමන
ආකාරයකින් හෝ මෙම පණිවිඩය සියලු දෙනාටම ළඟා විය යුතුයි. ඇත්ත වශයෙන්ම මෙම විද්‍යාව
ඔබ සියලු දෙනාට මේ කාලයේ බොහෝ උපකාරී වනවා. දිනෙන් දින අඛණ්ඩව තව අළුත් පහසුකම්
වැඩියෙන් මතු වනවා. එබැවින් බාධක වලින් නිදහස් වී, ඒවා නොකඩවා භාවිතා කරන්න. සේවය
වැඩි කිරීමට ඔබ ඕනෑම තැනක රැස්වීම් පවත්වන විට, බාප්දාදාට ඒවා ඇසෙන අතර දරුවන්ගේ
බුද්ධිය, සේවය කිරීමේ ක්‍රමවේද භාවිතා කිරීමට, සෑම ආකාරයකින්ම ක්‍රියාත්මක වීම ගැන
සතුටු වනවා. ඔබ කුමන සැලසුමක් සෑදුවත්, බාප්දාදාට ඒ ගැන අසන්නට ලැබෙනවා, මන්ද, ඔහු
වටේ සංචාරය කරන නිසා. ඔබ කොහේ රැස්වීමක් පැවැත්වුවත්, මේ දේශයේ දිල්ලියේ හෝ විදෙස්
රටක වුවද, බාප්දාදාට ඒ සියල්ල ඇසෙනවා. බාප්දාදාට තවමත් ඔහුගේ සියලුම පහසුකම්
තිබෙනවා. මේ සඳහා බොහෝ විවිධ රටවල් වලින් පැමිණි ඔබ සියළු දෙනාට බාප්දාදා ලබා
දෙන්නේ කුමක්ද? ඔහු බොහෝ සේ සෙනෙහස ලබා දෙනවා. දැන් ඔබ කළ යුත්තේ එයට තව ටිකක්
තීව්‍රතාවය දැමීම පමණයි. අළුත් දේ සමග නොකඩවා සැලසුම් ක්‍රියාවට නගන්න. ඔබගේ යග්යාව
ස්ථාපිත කිරීමට වසර කිහිපයකට පෙර, සියලුම නව නිෂ්පාදන මතුවූ අන්දම බලන්න.
විද්‍යාවත් ඔබගේ සේවයට ඔබට උපකාර කරනවා. බොහෝ ප්‍රයෝජන ගන්න; එය මතු වී තිබෙන්නේ ඔබ
වෙනුවෙන්. බලන්න, දිනෙන් දින නව නිපැයුම් මතු වන ආකාරය දෙස. මෙම නාටකය ඔබට උදව්
කරනවා. පහසුකම් ඒවායේ සහයෝගය ඔබට ලබා දෙනවා. අච්චා.
ඔබ සියලු දෙනාම
නිරතුරුවම සතුටින් සිටියි. ඔබ නිරතුරුව සතුටින්ද? නිරන්තරයෙන් සතුටින් සිටින අය අත්
ඔසවන්න! නිරතුරුව සතුටින්? යම් සිදුවීමක් සිදු වුනත් ඔබ සතුටින් සිටිනවාද? සිදුවීම්
පැමිණෙනවා; ඉතිං ඔබ එවිටත් සතුටින් සිටිනවාද? සිටිනවාද? එසේ නම් ඉහළට අත් ඔසවන්න!
ඔබ මේවා සාදරයෙන් පිළිගන්නවා නේද? ඔබ බිය වන්නේ නැහැ, ඔබ ඒවා පිළිගන්නවා. ඒවා ඔබට
අත්දැකීම් ලබා දෙයි. මෙම බාධක ඔබගේ අත්දැකීම් වල අධිකාරිත්වය වැඩි කරයි. “මායා
ඇවිත්! මායා ඇවිත්!” කියා නොකියන්න. මෙය ප්‍රශ්න පත්‍රයක් පමණයි. එය මායා බව
කීමෙන්, මායාට ඉදිරියට පැමිණීමට ඔබ ඉඩ දෙයි. එය ප්‍රශ්න පත්‍රයක් පමණි. ඔබ දැන්
මායා හඳුනනවා; ඔබ දැන් බොහෝ වසර ගණනාවක් ඇය හඳුනනවා. මායා යනු කුමක්ද? එබැවින්
මායාට බිය නොවන්න. එය ප්‍රශ්න පත්‍රයක් බව සලකා, එම ප්‍රශ්න පත්‍රයට සතුටින් මුහුණ
දී, ඔබගේ අත්දැකීම් පංතියේ ඉදිරියට යන්න. ඔබ මෙම පංතියේ ඉදිරියට යා යුතු අතර
ව්‍යාකූලත්වයට පත් නොවිය යුතුයි: “මා කළ යුත්තේ කුමක්ද? මා මෙය කළ යුත්තේ කෙසේද?
මොකක්ද? ඇයි?” මෙවන් ප්‍රශ්න ගැන සිතීම බ්‍රහ්මින්වරුන්ගේ යුතුකම නොවෙයි. ඔබ
ත්‍රිකාලදර්ශීය, එබැවින් ඔබට “කුමක්ද? ඇයි? කොහොමද?” ආදී ප්‍රශ්න තිබිය නොහැක.
ප්‍රශ්න පත්‍රය පැමිණි අතර ඔබගේ අත්දැකීම් පංතියේ ඔබ ඉදිරියට ගමන් කළා. ඔබ
සතුටින්ය. ඔබට අත්දැකීම් තිබෙන අතර නොකඩවා එසේ වෙයි. අච්චා.
බාප්දාදාට එවා ඇති
සියලුම ලිපි, දුරකථන ඇමතුම්, සෙනෙහස සහ ස්මරණයේ පණිවිඩ - කුමන හෝ සෙනෙහස, ස්මරණය,
සේවා පුවත් හෝ ඔබගේ මනසින් සිදු කරමින් සිටි උත්සාහයන් පිළිබඳ පුවත් - බාප්දාදා ඔය
සියලුම දරුවන්ව ඔහුගේ දෑස් තුළට සහ ඔහුගේ මනසට ගෙන, ඔබට සතුට, සාමය සහ ප්‍රීතියේ
කිරණ ලබා දෙනවා. ඔබගෙන් සමහරු මේවා බාබාට මෙහි එවා නැති වුවද, ඔබගේ හදවත තුළ
සිතිවිලි ඇති වූයේ නම්, එම සිතිවිල්ලත් පියා වෙතට ළඟා වී තිබේ.
එඩිතරකම පවත්වාගෙන
පියාගේ උපකාර ලැබෙන සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට, බාප්දාදා ඔය මිහිරිතම
දරුවන්ට සෙනෙහස සහ සිහි කිරීම ලබා දෙනවා. සියලුම ජීවාත්මයන්ට සේවයේ බලය සහ ඵලය
ලැබෙන අන්දමට, මේ වසරේ තමන්ට, මධ්‍යස්ථානයට සහ ලෝකයේ ජීවාත්මයන්ට එක් හෝ වෙනත්
සැලසුමක් සාදන්න. සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන් බාප්දාදාගේ හදවතින් සෙනෙහස සහ
ස්මරණය විශේෂයෙන් පිළිගන්න. ඕම් ශාන්ති.
වරදානය:
ඔබ සරළ සහ
ආදර්ශමත් වී, ඔබගේ සරළ බවින් ඔබගේ ශ්‍රේෂ්ඨත්වය හෙළිදරව් කරත්වා.
යම් දෙයක් චාම් සහ
පිරිසිදු වන විට එය නියත වශයෙන්ම ඔබව ආකර්ෂණය කරයි. ඒ අන්දමින්ම, ඔබගේ මනසේ
සිතිවිලි අතින්, ඔබගේ නෑ සබැඳියා අතින්, ඔබගේ අන්තර් සම්බන්ධතා තුළ සහ ඔබගේ ජීවන
රටාව තුළින් ඔබ සරළ සහ පිරිසිදු වන විට, ඔබ ආදර්ශයක් වී, ඉබේටම අන් අයව ඔබ දෙසට
ආකර්ෂණය කරයි. සරළ යනු, සාමාන්‍ය බවයි. ශ්‍රේෂ්ඨත්වය හෙළිදරව් වන්නේ සාමාන්‍ය
බවින්ය. සාමාන්‍ය නැති අය, එනම්, සරළ නැති අය ගැටළුවක් වෙයි.
පාඨය:
ඔබගේ හදවතින්
“මගේ බාබා” කියන විට, මායා ඔබව සිහිසුන් කර, වසා දැමූ ඔබගේ දෙනෙත් එවිට විවර වෙයි.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
එක විනාඩියකදි ශබ්දයට
පැමිණ ඊළග විනාඩියේ ශබ්දය ඉක්මවා යන්න. මෙම අභ්‍යාසය වඩාත් සරළ සහ පහසු වන තරමට, ඔබ
අංගසම්පූර්ණත්වයට වඩාත් සමීප බව දිස්වෙයි. අංගසම්පූර්ණ ස්ථිතියේ ලක්ෂණය වන්නේ ඔබගේ
උත්සාහයන් පහසු සහ සරළ වීමයි. ස්මරණ වන්දනා ගමන සහ සේවය යන දෙකම පහසු උත්සාහයට
ඇතුලත්ය. දෙකම සරළ සහ පහසු බව ඔබ අත්දකින විට, ඔබගේ අංගසම්පූර්ණ ස්ථිතිය අත්කර
ගැනීමට ඔබ ඉතා ආසන්න බව එවිට ඔබට වටහාගත හැක.