14.08.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා සමඟ අවංක වන්න. ඔබගේ වාර්තාව අවංකව තබාගන්න. කිසිම කෙනෙකුට දුකක් නොදෙන්න. ඒකායන පියාගේ උසස් උපදෙස් අඛණ්ඩව පිළිපදින්න.

ප්‍රශ්නය:
සම්පූර්ණ උපත් 84 ම ගන්නා අය දරණ උත්සාහය කුමක්ද?

පිළිතුර:
ඔවුන් සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් නාරායන බවට පත් වීමේ විශේෂ උත්සාහයේ යෙදෙනවා, එනම්, ඔවුන්ගේ භෞතික ඉන්ද්‍රියන් මත පූර්ණ පාලනයක් ඇති කිරීමට; ඔවුන්ගේ දෙනෙත් කිසිම විටෙක සාපරාධී වන්නේ නැත. දැන් පවා කෙනෙක් දුටු විට, දූෂිත සිතිවිලි තිබේ නම්, එම ජීවාත්මය, සම්පූර්ණ උපත් 84 ගන්නා ජීවාත්මයක් නොවන බව, ඔබට වටහා ගත හැක.

ගීතය:
මෙම පාපකාරී ලොවෙන් ඉවතට, සුව සහනය ඇති තැනකට අපව රැගෙන යනු මැනවි.

ඕම් ශාන්ති.
මෙය පාපකාරී ලොව බව, ඔය මිහිරිතම ආධ්‍යාත්මික දරුවන් දන්නවා. පුණ්‍යවන්ත ලොව ගැනත් මනුෂ්‍යයින් දන්නවා. පිවිතුරු, පුණ්‍යවන්ත ලෝකයට, මුක්තිය සහ ජීවන-මුක්තිය යැයිද කියයි. එහි පාපයන් නැත. පාපය පවතින්නේ දුක් දේශයේ, රාවණගේ රාජධානියේ පමණයි. දුක් දෙන කෙනාගේ, රාවණගේ පිංතූරය ඔබ දැක තිබේ. රාවණ පුද්ගලයෙක් නොවන නමුත් ඔවුන් ඔහුගේ පඹයෙක් පුළුස්සා දමයි. මෙකල, ඔය දරුවන් රාවණගේ රාජධානියේ සිටින බව, එනමුත් ඔබ ඉන් පිටතට පියවර තබා ඇති බව ඔය දරුවන් දන්නවා. අප දැන් සිටින්නේ වඩාත්ම ශුභදායක සංගම යුගයේය. ඔය දරුවන් මෙහි පැමිණෙන විට, ඔබව මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය කරන පියා වෙතට ඔබ යන බව, ඔබගේ බුද්ධියේ ඇත. ඔහු ඔබව සතුටු දේශයේ අධිපතියන් බවට පත් කරවයි. ඔබව සතුටු දේශයේ අධිපතියන් බවට පත් කරවන්නේ බ්‍රහ්මා හෝ කිසියම් ශාරීරික ජීවියෙක් නොවෙයි. මෙය සිදුකරන්නේ තමන්ගේම සිරුරක් නොමැති ශිව බාබාය. ඔබටත් සිරුරු නොතිබුණු නමුත්, ඉන්පසුව ඔබ සිරුරු ගෙන, උපත් සහ මරණය යන චක්‍රය තුළට ඇතුළු වුණා. ඔබගේ අසීමිත පියා වෙතට ඔබ යන බව ඔබට වැටහෙනවා. ඔහු අපට උසස් උපදෙස් ලබා දෙනවා. එවන් උත්සාහයන් දැරීමෙන් ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. සෑම කෙනෙක්ම දිව්‍ය ලෝකය සිහි කරයි. නව ලෝකයක් අනිවාර්යෙන්ම ඇති බව ඔවුන්ට වැටහෙනවා. එය ස්ථාපිත කරන කෙනෙක් නිසැකයෙන්ම සිටිනවා. අපාය වුවද කවුරු හෝ කෙනෙක් විසින් ස්ථාපිත කළ යුතු වනවා. සතුටු දේශයේ ඔබ රඟපාන චරිත කොටස් අවසන් වන්නේ කවදාද කියා ඔබ දන්නවා ඔබ දුක් අත්විඳින්නට පටන් ගන්නවා මන්ද, රාවණගේ රාජධානිය ආරම්භ වන නිසා. වර්තමානයේ මෙය දුක් දේශයයි. මිලියනපතියන් සහ බිලියනපතියන් කොපමණ සිටියත්, ලෝකය අනිවාර්යෙන්ම අපවිත්‍ර බව කියැවෙයි. මෙය දුගීකමින් යුතු දුක් ලෝකයයි. කෙනෙකුට කෙතරම් විශාල ගොඩනැගිලි සහ සතුට වෙනුවෙන් පහසුකම් තිබුණද, මෙම ලෝකයට පැරණි සහ අපවිත්‍ර එකක් යැයි කියනු ලබයි. ඔවුන් අඛණ්ඩව විෂ ගංඟාවේ ගිලෙමින් සිටියි. කාමයේ ගැලීම, පාපයක් බව කියාවත් ඔවුන්ට වැටහෙන්නේ නැත. ඔවුන් පවසන්නේ මෙය නොමැතිව ලෝකය පැවතෙන්නේ කෙසේද? ඔවුන් කන්නලව් කරන්නේ පාරිශුද්ධකරුවා වන දෙවියනේ, පැමිණ මෙම අපවිත්‍ර ලෝකය පිවිතුරු කරන්න! ඔවුන්ගේ සිරුරු තුළින් මෙසේ කියන්නේ ජීවාත්මයි. අපවිත්‍ර වී ඇත්තේ ජීවාත්මයනුයි, මේ නිසයි ඔවුන් කන්නලව් කරන්නේ. දිව්‍ය ලෝකයේ එකදු කෙනෙක්වත් අපවිත්‍ර නැත. සංගම යුගයේ හොඳින් උත්සාහ දරන අයයි, ඔවුන් සම්පූර්ණ උපත් 84 ම ගෙන ඇති බව වටහාගන්නේ කියා, ඔය දරුවන් දන්නවා. ඉන්පසුව ඔවුන් ලක‍්ෂ්මි සහ නාරායන් සමඟ ස්වර්ණමය යුගයේ පාලනය කරයි. උපත් 84 ක් ගෙන ඇත්තේ එක්කෙනෙක් පමණක් නොවෙයි. රජු සමඟ පුරවැසියන්ද සිටිය යුතුයි. ඔය බ්‍රහ්මණයන් අතරද එය අංක පිළිවෙලයි. ඇතැම් අය රජවරුන් සහ රැජිණියන් වන අතර වෙනත් අය පුරවැසියන් වෙයි. පියා පවසන්නේ දරුවනි, ඔබ දිව්‍යමය ගුණදම් ධාරණය කරගත යුත්තේ දැන්ය. මෙම දෑස් සාපරාධීය. තව කෙනෙක් දැක්මෙන් කෙනෙකුගේ ද්‍රිෂ්ඨිය අපවිත්‍ර වන්නේ නම්, ඔහු උපත් 84 ක් නොගන්නා බව කිව හැකිය. එවන් අයට මනුෂ්‍යයින්ගෙන් නාරායන් බවට පරිවර්ථනය විය නොහැක. ඔබ ඔබගේ දෑස් ජයගන්නා විට, ඔබගේ කර්මතීට් තත්ත්වයට පත්වනු ඇත. සෑම දෙයක්ම රඳා පවතින්නේ දෑස් මතයි. ඔබව මුලා කරන්නේ ඇස්ය. ජීවාත්මය දකින්නේ මෙම ජනෙල් තුළිනි. මෙම කෙනා තුළ ජීවාත්ම දෙකක් සිටියි. පියා ද දකින්නේ මෙම ජනෙල් (ඇස්) තුළින්ය. මගේ ද්‍රිෂ්ඨිය යන්නේද ජීවාත්මය වෙතටයි. පියා විස්තර කරන්නේ ජීවාත්මයන්ටයි. ඔහු පවසන්නේ මාද සිරුරක් ගෙන ඇත, මේ නිසයි මට කතා කිරීමට හැකි වන්නේ. බාබා ඔබව සතුටේ ලෝකයට රැගෙන යන බව ඔබ දන්නවා. මෙය රාවණගේ රාජධානියයි. ඔබ මෙම අපවිත්‍ර ලෝකයෙන් ඉවතට පියවර තබා තිබේ. ඇතැම් අය බොහෝ ඉදිරියට ගොස් ඇති අතර ඇතැම් අය පසුපසට පියවර තබා ඇත. සෑම කෙනෙක්ම පවසන්නේ මා එතෙර කරන්න. ඔබ එතෙරට, ස්වර්ණමය යුගයට යයි, නමුත් ඔබට එහිදී උසස් තත්ත්වයක් හිමි කරගැනීමට අවශ්‍ය නම්, ඔබ පිවිතුරු විය යුතුයි ඔබ උත්සාහ දැරිය යුතුයි. මෙහි ප්‍රධානතම දෙය වන්නේ ඔබගේ පාපයන් දුරු කරගැනීම පිණිස, පියාව සිහිපත් කිරීමය. ප්‍රථම විෂය වන්නේ මෙයයි. ඔය ජීවාත්ම නළුවන් බව ඔබ දන්නවා. අප පළමුවෙන්ම සතුටේ දේශයට ගිය අතර, අප දැන් සිටින්නේ දුක් දේශයේය. පියා දැන් පැමිණ ඇත්තේ අපව සතුටේ දේශයට රැගෙන යාමටය. ඔහු පවසන්නේ මා සිහිපත් කර පිවිතුරු වන්න. කිසිම කෙනෙකුට දුක් නොදෙන්න. මිනිසුන් දිගින් දිගටම එකිනෙකාට බොහෝ දුක් දෙයි. සමහරෙකුට රාගයේ නරක භූතයා සිටින අතර වෙනත් අයට කෝපයද, සමහරෙක් ඔවුන්ගේ අත් දෙක පවා භාවිත කරයි. පියා පවසන්නේ ඒ අන් අයට දුක් දෙන පාපකාරී ජීවයකි. ඔබ තවමත් පාපයන් සිදු කරන්නේ නම්, ඔබ පුණ්‍යවන්ත ජීවයක් වන්නේ කෙසේද? එම කෙනා වංශයේ නමට අපහාස ගෙන එයි. සැවොම කුමක් කියයිද? ඔබ පවසන්නේ දෙවියන් ඔබට උගන්වන බව, ඔබ මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වන බව සහ ලෝකයේ පාලකයන් වන බව, එහෙත් ඔබ මෙවන් වැඩ කරයි! මේ නිසයි බාබා පවසන්නේ සෑම රාත්‍රියකම තමන් දෙස බලන්න. ඔබ කීකරු දරුවෙක් නම්, ඔබගේ වාර්තාව බාබාට එවන්න. ඇතමෙක් ඔවුන්ගේ වාර්තාව ලියන නමුත්, ඔවුන් කාට හෝ දුකක් දුන්නාද හෝ වරදක් සිදු කළාද කියා නොලියයි. ඔබ දිගින් දිගටම පියාව සිහිපත් කරන නමුත් දිගින් දිගටම වැරදි ක්‍රියාවන්ද සිදු කරන්නේ නම්, එය හරි නැහැ. වැරදි ක්‍රියා සිදුවන්නේ ඔබ ශරීර අවධානයට පැමිණි විටයි. බලන්න චක්‍රය බ්‍රමණය වන ආකාරය දෙස. එය ඉතාම පහසුයි. ඇතැම් අයට එක දවසකින් ගුරුවරයෙක් වීමට පුළුවනි. පියා ඔබට උපත් 84 හි රහස් විස්තර කර දෙනවා ඔහු ඔබට උගන්වනවා. ඉන්පසුව ඔබ ගොස් එය ආවර්ජනය කළ යුතුයි. අප උපත් 84 ක් ගත්තේ කෙසේද? ඇතැම් අය ඔවුන්ට උගන්වන ගුරුවරයාට වඩා වැඩියෙන් දිව්‍යමය ගුණදම් ධාරණය කරගනී. බාබාට මෙය ඔබට ඔප්පු කළ හැක. ඇතැම් අය ඔවුන්ගේ වාර්තාව, බාබා වෙතට ගෙනවිත් මෙසේ කියයි බාබා, මගේ වාර්තාව දෙස බලන්න. මා කිසිම කෙනෙකුට සුළු හෝ දුකක් සිදුකර නැත. බාබා පවසන්නේ මෙම දරුවා ඉතාමත්ම මිහිරියි ඔහු ඉතා හොඳ සුගන්ධයක් විහිදුවයි. ගුරුවරයෙක් වීම තත්පරයක කාරණාවකි. ඇතැම් ශිෂ්‍යයන් සිහිපත් කිරීමේ වන්දනාවේ, ඔවුන්ගේ ගුරුවාරයාට වඩා ඉදිරියෙන් යයි. එබැවින් ඔවුන්, ගුරුවරයාට වඩා ඉහළ තත්ත්වයක් හිමි කරගනී. බාබා විමසන්නේ ඔබ උගන්වන්නේ කාටද? දිනපතාම ශිව දේවාලවලට ගොස්, ශිව බාබා පැමිණ, දිව්‍ය ලෝකයේ ස්ථාපනය සිදුකරන අන්දම ගැන සහ ඔහු අපව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවන ආකාරය ගැන, ඔවුන්ට එහිදි කියා දෙන්න. මෙය විස්තර කිරීම ඉතාම පහසුයි. සමහර අය ඔවුන්ගේ වාර්තා ලියා, බාබා වෙතට එවයි බාබා, මගේ මනෝ ස්ථීතිය මේ වගෙයි. බාබා විමසන්නේ දරුවනි, ඔබ කිසිම පාපකාරී ක්‍රියාවක් සිදුකර නැහැ නේද? සාපරාධී ඇස් ඔබ ලවා වැරදි ක්‍රියා කරවන්නේ නැහැ නේද? ඔබ තමන්ගේම ආචාරශීලිත්වය සහ චරිතය පිරික්සිය යුතුයි. ඔබගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් සෑම දෙයක්ම රඳා පවතින්නේ ඇස් දෙක මතයි. ඇස් ඔබව බොහෝ අන්දමින් මුලා කරයි. ඔබ අනවසරයෙන් යමක් ගෙන කන්නේ නම්, එය පාපයකි, මන්ද ඔබ කිසිවෙකුගේ අවසරයක් නොමැතිව එය ගත් නිසා. මෙහි බොහෝ නීති තිබේ. මෙය ශිව බාබාගේ යාග ගින්නයි. භාරව සිටින කෙනාගෙන් අවසර නොගෙන කිසිම කෙනෙක් කිසි දෙයක් නොකෑ යුතුයි. එක්කෙනෙක් මෙය කිරීම ආරම්භ කරන්නේ නම් අන් අයද එය කරන්නට පටන් ගනීවි. ඇත්ත වශයෙන්ම මෙහි කිසිම දෙයක් යතුරුලා තැබීමට අවශ්‍යතාවයක් නොතිබිය යුතුයි. මෙම ගොඩනැගිල්ලේ මුළුතැන්ගෙය තුළට කිසිම අපවිත්‍ර කෙනෙක් නොපැමිණිය යුතු බව, නීතිය පවසයි. පිටතදී, කෙනෙක් පිවිතුරුද අපවිත්‍රද කියා ප්‍රශ්නයක් නැත. කෙසේවෙතත්, ඔවුන් තමන් අපවිත්‍ර බව කියාගනී සැවොම අපවිත්‍රයි. වල්ලභචාරීන්ව හෝ ශංකරාචාරීන්ව, කිසිම කෙනෙකුට ස්පර්ෂ කිරීමට අවසර නොදෙයි, මන්ද ඔවුන් පිවිතුරු බවත්, අන් සැවොම අපවිත්‍ර බවත් ඔවුන් සලකති. මෙහි සෑම කෙනෙකුගේම සිරුරු අපවිත්‍ර නමුදු ඔබ සෑම කෙනෙක්ම ඔබ දරන උත්සාහයට අනුව, අවගුණ අත්හරියි. අවගුණ ඇති අය, අවගුණ වලින් තොර වූ අයගේ පිළිරූ ඉදිරියේ හිස නමති. මෙසේ කියැවෙයි ’මේ කෙනා ඉතාම පිවිතුරු, ආගමානුකූල සහ ධාර්මිෂ්ඨ ජීවයකි.‘ ස්වර්ණමය යුගයේ අපවිත්‍ර ජීවාත්ම නැත එය පිවිතුරු ලෝකයයි. එහි සිටින්නේ එක් වර්ගයක අය පමණයි. ඔබ මේ සියලුම රහස් දන්නවා. ලෝකයේ ආරම්භයේ සිට මැද හරහා අවසානය තෙක් සියලුම රහස් ඔබගේ බුද්ධිය තුළ රැඳී තිබිය යුතුයි. අප දැන් සියලු දේ දන්නවා. දැනගැනීමට ඉතිරි වූ කිසිවක් නැත. අප නිර්මාණකරු වන පියාව දන්නවා අප සූක‍්ෂම දේශය ගැන දන්නවා අප උත්සාහ දරමින් සිටින අපගේ අනාගත තත්ත්වය ගැන අප දන්නවා. කෙසේවෙතත්, ඔබගේ හැසිරීම නරක් වුවහොත් ඔබට උසස් තත්ත්වයක් හිමි කරගත නොහැක. කෙනෙකුට දුක් දීම, පාපයේ ගැලීම, අපවිත්‍ර ද්‍රිෂ්ඨියක් තිබීම යන සියල්ල පාපයන්ය. ඔබගේ ද්‍රිෂ්ඨිය පරිවර්ථනය කිරීමට විශාල උත්සාහයක් අවශ්‍යයි. ඔබගේ ද්‍රිෂ්ඨිය ඉතාමත්ම යහපත් විය යුතුයි. කෙනෙක් කෝප වන බව දුටු විට, ඔබද රණ්ඩු කිරීම ආරම්භ කරයි. ශිව බාබා කෙරෙහි සුළු හෝ සෙනෙහසක් නොමැති අතර, ඔබ කිසිසේත් ශිව බාබාව සිහිපත් නොකරයි. ඔබට ගෝවින්දා, ශ්‍රී ක්‍රිෂ්ණාගේ දර්ශනයක් ලැබීමට සැලැස්වූයේ, එය ශිව බාබාගේ මහිමයෙනුයි, එය ගුරුගේ මහිමයයි එමෙන්ම එය සත්ගුරුගේ මහිමයයි. ඔබව ගෝවින්දා හා සමාන කරවන්නේ ගුරුය. දර්ශනයක් දැකීමෙන් පමණක් ඔබගේ මුව මිහිරි වන්නේ නැත. මීරාට දර්ශනයක් ලැබුණා, නමුත් ඇගේ මුව මිහිරි වූවාද? ඇය සැබවින් දිව්‍ය ලෝකයට ගියේ නැත. එය භක්ති මාර්ගයයි එයට දිව්‍ය ලෝකයේ ප්‍රීතිය යැයි කිව නොහැක. එය ගෝවින්දාව දැකීමේ පමණක් ප්‍රශ්නයක් නොවෙයි, නමුත් ඔහු මෙන් වීම පිළිබඳවයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ ඒ වාගේම වීමටයි. ඔබ ඔහු වෙතට පැමිණ ඇති බවත් ඔහු ඔබව ඒ හා සමාන (ක්‍රිෂ්ණා මෙන්) කරවන බවත් යන, කුල්මත්භාවය ඔබට තිබිය යුතුයි. එබැවින් බාබා සෑම කෙනෙකුටම අවවාද කරයි මෙය ඔබගේ වාර්තාවේ ලියන්න මාගේ ඇස් මාව මුලා කළාද? මම පාපයක් සිදු කළාද? ඇස් දෙක අනිවාර්යෙන්ම එක් හෝ තව අන්දමකින් මුලා කරයි. ඇස් දෙක සම්පූර්ණයෙන්ම සිසිල් විය යුතුයි. තමන් අශාරීරික බව සලකන්න. කර්මතීට් තත්ත්වය අවසානයේදී ලඟා වනු ඇත, නමුත් එය වන්නේද ඔබගේ වාර්තාව ඔබ බාබාට එවූ විට පමණයි. සෑම දෙයක්ම ඉබේටම ධර්මරාජ්ගේ ගිණුමේ රැස් වන නමුත්, ශාරීරික ස්වරූපයද සෑම දෙයක්ම දැන ගත යුතුයි මන්ද, එවිට ඔබට අනතුරු ඇඟවීමට ඔහුට හැකි වනු ඇත, මන්ද පියා මෙහිදී ශාරීරික ස්වරූපය තුළට පැමිණ ඇති බැවින්. සාපරාධී ඇස් ඇති කෙනෙක් හෝ ශරීර අවධානය ඇති කෙනෙක් වාතාවරණය අපවිත්‍ර කරනු ඇත. මෙහි අසුන් ගෙන සිටන විට පවා ඔබගේ බුද්ධියේ යෝගාව පිටතට යයි. මායා ඔබව විශාල ලෙස මුලා කරවයි. මනස ඉතාමත්ම දඟකාරයි. මෙය වීම සඳහා ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. ඔය ජීවාත්ම බාබා වෙතට පැමිණෙන විට, ඔහු ඔබව දැනුමින් සරසයි. ඔබ දැනුමින් පිවිතුරු වන බව ඔය ජීවාත්ම දන්නවා. එවිට ඔබට පිවිතුරු සිරුරුද ලැබෙයි. ස්වර්ණමය යුගයෙදී ජීව සහ සිරුරු යන දෙකම පිවිතුරු වෙයි. ඉන්පසුව චක්‍ර භාගයකට පසුව, එය රාවණගේ රාජධානිය වෙයි. මිනිසුන් විමසන්නේ දෙවියන් මෙය කළේ ඇයි? කෙසේවෙතත්, මෙය සදාතනිකවම නාටකයේ පෙර නියම වී තිබේ. දෙවියන් කිසිවක් කළේ නැත. ස්වර්ණමය යුගයේ තිබෙන්නේ එක් දේවතා ධර්මය පමණයි. ඇතැම් අය පවසන්නේ මා එවන් දෙවියෙක්ව සිහි කරන්නේ කුමකටද? කෙසේවෙතත්, ඔබට වෙනත් කිසිම ආගමක් සමඟ කිසිම සම්බන්ධකමක් නැත. කටු වී ඇති අය පැමිණ, මල් බවට පත් වෙයි. ඇතැම් මිනිසුන් විමසන්නේ දෙවියන් දිව්‍ය ලෝකයට ගෙන යන්නේ භාරතයේ ජනයාව පමණක්ද? අප එය පිළිගන්නේ නැහැ. දෙවියන් මේ අන්දමින් වෙනස්කම් කරනවාද? කෙසේවෙතත්, මෙය නාටකයේ පෙර නියම වූවකි. සෑම කෙනෙක්ම දිව්‍ය ලෝකයට යන්නේ නම්, අසංඛේය ආගම් වල කොටස දිගටම පැවතෙන්නේ කෙසේද? දිව්‍ය ලෝකයේ එම බිලියන ගණනක ජීවාත්ම නැත. පළමුවෙන්ම ප්‍රධානතම දේ වටහාගන්න, එය වන්නේ දෙවියන් යනු කවුරුන්ද? ඔවුන් එය වටහාගෙන නැත්නම්, ඔවුන් දිගින් දිගටම බොහෝ ප්‍රශ්න අසනු ඇත. ඔවුන් තමන් ජීවාත්ම බව සලකන්නේ නම්, ඔබ පවසන්නේ සැබෑවක් බව ඔවුන් කියයි. අපට අනිවාර්යෙන්ම අපවිත්‍ර බවින් පිවිතුරු වීමට අවශ්‍යයි. ඔබ එම කෙනාව සිහි කළ යුතුයි. සියලුම ආගම් වල මිනිසුන් දෙවියන්ව සිහි කරනවා. ඔය දරුවන්ට දැන් මෙම දැනුම ලැබෙනවා. ලෝක චක්‍රය බ්‍රමණය වන ආකාරය ඔබට වැටහෙනවා. ඔබ ප්‍රදර්ශනවල පවා බොහෝ විස්තර කරන නමුත් මතු වන්නේ ඉතාමත්ම ටික දෙනෙක් පමණයි. නමුත් ඉන් කියැවෙන්නේ ඔබ තව දුරටත් ප්‍රදර්ශන නොපැවැත්විය යුතු බව නොවෙයි. එය නාටකයේ තිබුණු අතර, ඔබ එය සිදුකළා. විටෙක ප්‍රදර්ශන වලින් ජීව මතු වන අතර විටෙක මතු නොවෙයි. ඔබ දියුණුවත්ම බොහෝ දෙනෙක් පැමිණ, උසස් තත්ත්වයක් හිමි කරගැනීමට උත්සාහ දැරීම ආරම්භ කරයි. අඩු තත්ත්වයක් හිමි කරගැනීමට යන කෙනෙක් එතරම් උත්සාහයක් නොදරනු ඇත. පියා ඒ වුවද දරුවන්ට විස්තර කරන්නේ කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු කරන්න එපා. ඔබ කාට හෝ දුකක් දුන්නාද කියා සටහන් කරගන්න. මා කවුරුන් සමඟ හෝ සණ්ඩු සරුවල් කළාද? මා කාට හෝ වැරදි යමක් කීවාද? නිවැරදි නොවන යමක් මා සිදුකළාද? බාබා පවසන්නේ ඔබ සිදු කළ පාප ක්‍රියාව සටහන් කරගන්න. ඔබ තඹ යුගයේ සිට පාපකාරී ක්‍රියා සිදුකරමින් සිටි අතර එබැවින් පාපකාරී ජීවයන් බවට පත් වී ඇති බව ඔබ දන්නවා. ඔබ ලිඛිතව එය බාබාට දුන් විට, බර සැහැල්ලු වෙයි. ඇතමුන් ලියන්නේ මා කිසිම කෙනෙකුට දුකක් සිදු කරන්නේ නැත. බාබා පවසන්නේ අච්චා, මට බලන්න ඔබගේ වාර්තාව රැගෙන එන්න. ඔහුට එවන් යහපත් දරුවන් දැකීමට අවශ්‍ය නිසා, බාබා ඔබට අඬගසනු ඇත. බාබා, වටිනා, කීකරු දරුවන්ට බොහෝ සෙනෙහස ලබා දෙයි. කිසිවෙක් තවමත් අංගසම්පූර්ණ වී නැති බව බාබා දන්නවා. ඔබ සෑම කෙනාම දරන උත්සාහය බාබා දකී. දරුවන් ඔවුන්ගේ වාර්තාව නොලියන විට, ඔවුන් බාබාගෙන් සඟවන යම් දුර්වලතාවයක් අනිවාර්යෙන්ම ඇති. කෙනෙක් සැබවින්ම අවංක දරුවෙක් කියා බාබා සලකන්නේ, ඔහුගේ වාර්තාව ලියන්නේ නම් පමණයි. කෙසේවෙතත්, වාර්තාව සමඟම ආචාරශිලී බවද අවශ්‍යයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ බර සැහැල්ලු කරගැනීම සඳහා, ඔබ සිදු කර ඇති පාපයන් ගැන ලිඛිතව බාබාට කියන්න. දැන් කිසිම කෙනෙකුට දුක් නොදෙන්න. කීකරු දරුවෙක්ව සිටින්න.

2. ඔබගේ ද්‍රෂ්ඨිය බොහෝ සේ යහපත් කරගන්න. ඔබගේ දෑස් ඔබව මුලා නොකරන බවට බොහෝ ප්‍රවේසම් වන්න. ඔබගේ ආචාරධර්ම යහපත්ව පවත්වාගන්න. රාගය හෝ කෝපයේ බලපෑම තුළින්, කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකරන්න.

වරදානය:
ඔබ නිරන්තරයෙන් ශුද්ධව හා සතුටින් සිටින අතර ඔබේ අරමුණ සහ ගමනාන්තය ඔබේ අවධානයේ තබා ගනිමින් දැඩි උත්සාහයක් දරනු ලබත්වා.

බ්‍රහ්මින් ජීවිතයේ අරමුණ වන්නේ කිසිදු සීමිත ආධාරකයකින් තොරව නිරන්තර අභ්‍යන්තර සතුට තබා ගැනීමයි. මෙම අරමුණ වෙනස් වී ඔබ සීමිත ලැබීම්වල කුඩා මංතීරු වල සිරවී සිටින විට, ගමනාන්තය බොහෝ දුරස් වේ. එමනිසා, කුමක් සිදු වුවද, ඔබට සීමිත ලැබීම් කිහිපයක් අත්හැරීමට සිදු වුවද, එසේ කරන්න, නමුත් ඔබේ අවිනාශී සතුට කිසි විටෙකත් අත් නොහරින්න. ඔබේ අවධානයේ ශුද්ධවන්තව හා සතුටින් සිටීමේ ආශිර්වාදය තබාගෙන තීව්‍ර උත්සාහයක් දැරීමෙන් අවිනාශී ලැබීම් හිමිකර ගන්න.

පාඨය:
ගුණධර්ම වල ප්‍රතිරූපයක් වී ගුණධර්ම දානය කිරීම දිගටම කරගෙන යන්න. මෙය ඉතා ශ්‍රේෂ්ඨ සේවයකි.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

මාස්ටර් දැනුමෙන් පිරුණු ජීවාත්මයක් සහ මාස්ටර් සර්වබලධාරී අවධියේ ස්ථාවරව රැඳී සිට බොහෝ ආකාරයේ පෝලිම් වලින් ඉවතට යන්න. සෑම විටම ඔබේ කාලය පරමාත්ම පියා සමග හමුවක් සැමරීමට භාවිත කරන්න. සෙනෙහසේ අතරමංව සෙනෙහස අවශෝෂණය කරන මනෝ ස්ථිතියෙහි රැඳී සිටින විට අන් සියලු දේවල් පහසුවෙන් අවසන් වනු ඇත. ඉනික්බිතිව, ඔබ ඉදිරිපිට ඔබේ යටත්වැසියන් සහ බැතිමතුන්ගේ පෝළිමක් පෙළ ගැසෙනු ඇත.