14.09.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියාගේ ශ්‍රීමත් අනුගමනය කර තමන්ව සරසාගන්න. අන් අය ගැන සිතා, ඔබගේ
සැරසිල්ල නරක් කර නොගන්න. ඔබගේ කාලය අපතේ නොහරින්න.
ප්රශ්නය:
ඔය දරුවන්,
පියාට වඩා දක්ෂ විජ්ජාකරුවන් වන්නේ කෙසේද?
පිළිතුර:
මෙහි අසුන්ගෙන සිටින අතර, ඔබ ලක්ෂ්මි සහ නාරායන මෙන් වීමට, තමන්ව සරසා ගන්නවා. මෙහි
අසුන්ගෙන සිටින අතර ඔබ තමන්ව වෙනස් කරගන්නවා මෙයත් විජ්ජාවක්. ඇල්ෆා පමණක් සිහි
කිරීමෙන්, ඔබට සැරසිල්ලක් ලැබෙනවා. ඔබගේ අත් පා භාවිත කිරීමට අවශ්‍ය නැහැ, මන්ද එය,
ඒ ගැන සිතීම පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. යෝගාවේ සිටීමෙන් ඔබ පිරිසිදු, පිවිතුරු සහ
ලස්සන වනවා. ජීවාත්ම වන ඔබ සහ ඔබගේ සිරුරු යන දෙකම, පිවිතුරු වන අතර මෙයත්
විජ්ජාවකි.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
විජ්ජාකරු මෙහි අසුන්ගෙන, පියාටත් වඩා දක්ෂ විජ්ජාකරුවන් වන ඔය ආධ්‍යාත්මික
දරුවන්ට, ඔබ මෙහි කරන්නේ කුමක්ද කියා, විස්තර කරයි. ඔබ මෙහි අසුන්ගෙන සිටින විට,
හඬක් හෝ චලනයක් නැත. පියා, එනම් මනාලයා, මනාලියන්ට මෙම ක්‍රමය පෙන්වා දෙනවා. ඔබ
මෙහි අසුන්ගෙන සිටින අතර ඔබ කරන්නේ කුමක්ද කියා, ආදරවන්තයා ඔබට පවසයි. ඔබ ලක්ෂ්මි
සහ නාරායන් මෙන් වීමට තමන්ව සරසා ගන්නවා. කිසිවෙක් මෙය විශ්වාස කරයිද? ඔබ සියලු
දෙනාම මෙහි අසුන්ගෙන සිටින නමුත් ඔබගේ උත්සාහයන් වලට අනුව ඔබ අංකානුරූපයි. පියා
පවසන්නේ ඔබ ඒ ආකාරයෙන් සැරසිය යුතුයි. එය අනාගත අමරණීය දේශය වෙනුවෙන් ඔබගේ අරමුණ සහ
ඉලක්කයයි. ඔබ මෙහි අසුන්ගෙන සිටින අතර කරන්නේ කුමක්ද? ඔබ පාරාදීසියේ සැරසිල්ල
වෙනුවෙන් උත්සාහ දරනවා. ඔබ මෙය හඳුන්වන්නේ කුමක් කියාද? මෙතැන අසුන්ගෙන සිටින අතර
ඔබ තම තමන්ව පරිවර්ථනය කර ගන්නවා. ඔබ මෙහි අසුන්ගෙන සිටින විට සහ එහෙ මෙහෙ ගමන් කරන
විට, පියා ඔබට ’මන්මනාභව‘ යන එක් යතුර ලබා දී තිබේ. මෙය හැර, නිෂ්ඵල දේවල් වලට සවන්
දී හෝ කතා කර, ඔබගේ කාලය අපතේ නොහරින්න. තමන්ව සරසා ගැනීමේ පමණක් නිරත වී සිටින්න.
තව කෙනෙක් යමක් කළත් නැතත් ඔබට මොකද? ඔබගේ උත්සාහයන්වල පමණක් ගැලී සිටින්න. මෙය
වටහා ගැනීම පිළිබඳ ප්රශ්නයකි. අළුතින් පැමිණි කෙනෙක් මෙය ඇසූ විට ඔහු නියත වශයෙන්ම
පුදුමයට පත් වනු ඇත. ඔබගෙන් සමහරු තමන්ව සරසාගන්නා අතර තවත් අය තමන්ගේ සැරසිල්ල
නරක් කරගන්නවා ඔවුන් අන් අය ගැන සිතමින් නොකඩවා තම කාලය අපතේ හරියි. පියා ඔබට
පවසන්නේ, තමන් දෙස පමණක් බලා, ඔබ කරන්නේ කුමක්ද කියා බලන ලෙසයි. ඔහු ඔබට බොහෝ කෙටි
ක්‍රමයක් ලබා දී තිබේ. ’මන්මනාභව!‘ යන එක් වචනය පමණක් තිබේ. ඔබ මෙහි අසුන්ගෙන සිටින
නමුත් මුළු ලෝකයම භ්‍රමණය වන්නේ කෙසේද ගැන, ඔබගේ බුද්ධියේ අවධානය තුළ තිබේ. අප දැන්
නැවත වරක් ලෝකය සරසනවා. ඔබ කෝටි ගුණයක් භාග්‍යවන්තයි. මෙහි අසුන්ගෙන සිටින අතර ඔබ
බොහෝ කාර්යයන් කරනවා. මෙය ඔබගේ අත් පා භාවිත කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. එය
ඔබගේ සිතිවිලි පිළිබඳ කාරණයක් පමණයි. ඔබ මෙසේ කියනු ඇත මෙහි අසුන්ගෙන සිටින අතර, අප
උසස්ම-උසස් ලෝකය වෙනුවෙන් අපව සරසා ගන්නවා. ’මන්මනාභව‘ යන මන්ත්‍රය බොහෝ
ශ්‍රේෂ්ඨයි. ඔබගේ පාපයන් නොකඩවා පිළිස්සී යන්නේ මෙම යෝගාවේ සිටීමෙන් වන අතර ඔබ
පිරිසිදු සහ ඉතා ලස්සන වෙයි. ජීවාත්ම දැන් අපවිත්‍රයි, එබැවින් සිරුරු පත්ව ඇති
තත්ත්වය දෙස බලන්න. ඔය ජීවාත්ම සහ ඔබගේ සිරුරු දැන් පිවිතුරු වෙයි. මෙය විශ්මයක් !
එබැවින් මේ ආකාරයට ඔබ තමන්ව සරසාගෙන දිව්‍යමය ගුණදම් ද ධාරණය කර ගත යුතුයි. පියා ඔය
සෑම කෙනෙකුටම එකම මාවත පෙන්වයි ඇල්ෆා සහ බීටා. එය ඇල්ෆා පමණක් පිළිබඳ කරුණකි.
නොකඩවා පියා සිහි කරන්න, එවිට ඔබගේ සැරසිල්ල මුළුමනින්ම වෙනස් වෙයි. ඔබ පියාටත් වඩා
ශ්‍රේෂ්ඨ විජ්ජාකරුවන්ය. සරසා ගැනීමේ ක්‍රමවේද, ඔබට පෙන්වා දෙනවා. තමන්ව සරසා
නොගැනීමෙන් ඔබ අනවශ්‍ය ලෙස තමන්ට පාඩුවක් කර ගන්නවා. අඩු තරමින් භක්ති මාර්ගයේ ඔබ
කළේ කුමක්ද කියා, ඔබට වැටහෙනවා. ඔබගේ සැරසිල්ල සම්පූර්ණයෙන් නරක් කර ගැනීමෙන් ඔබ
පත්ව ඇත්තේ කුමකටද කියා බලන්න! ඔබව දැන් එක් වචනයකින් පමණක්, පියාගේ සිහිපත්
කිරීමෙන්, ඔබව දැන් සරසනවා. බාබා ඔය දරුවන්ට ඉතා හොඳින් විස්තර කර දී ඔබව නැවුම්
කරනවා. මෙහි අසුන්ගෙන සිටින අතර ඔබ කරන්නේ කුමක්ද? ඔබ අසුන්ගෙන සිටින අතර, ඔබ
සිටින්නේ සිහිපත් කිරීමේ වන්දනා ගමනේය. ඔබගේ සිතිවිලි වෙනත් දිසාවන්හි යන්නේ නම්,
ඔබගේ සැරසිල්ල නොතිබෙයි. ඔබව සරසන බැවින් ඔබ අන් අයටද මාර්ගය පෙන්විය යුතුයි. මේ
ආකාරයෙන් අපව සැරසීමට පියා පැමිණෙයි. ශිව බාබා, ඔබ අපව බොහෝ සේ සැරසීම, ඔබගේ
ආශ්චර්යයයි! ඇවිදින විට, අසුන්ගෙන සිටින විට සහ එහෙ මෙහෙ යන එන අතර, අප අපව සරසාගත
යුතුයි. සමහරු තමන්ව සරසවාගෙන ඉන්පසුව අන් අයවත් සරසයි. සමහරු තමන්ව සරසා නොගන්නා
අතර ඉන්පසුව අන් අයගේ සැරසිල්ලද නොකඩවා නරක් කරවයි. ඔවුන් නිෂ්ඵල දේවල් පවසා අනිත්
කෙනාගේ මනෝ ස්ථීතියද පහත් කරවයි. එවිට එම කෙනා තමන්ගේ සැරසිල්ල අහිමි කරගන්නා අතර
අන් අයටද සැරසිල්ල අහිමි කරවයි. එබැවින් බාබා අපට ලබාදෙන ක්‍රමවේද ගැන ඉතා
ප්‍රවේසමින් සිතා බලන්න. භක්ති මාර්ගයේ ග්රන්ථ කියවීමෙන් ඔබ මෙම ක්‍රමවේද ඉගෙන
ගන්නේ නැහැ. ආගමික ග්රන්ථ අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ’ආගමික ග්රන්ථ ගැන ඔබ
විශ්වාස නොකරන්නේ ඇයි?‘ කියා ඔබගෙන් විමසූ විට, ඔවුන්ට පවසන්න අප සෑම දෙයක්ම
විශ්වාස කරනවා. අප කල්ප භාගයක් භක්තියේ යෙදී සිටියා. අප ආගමික ග්රන්ථ කියවා තිබේ,
එබැවින් අප ඒවා විශ්වාස නොකරන්නේ මන්ද? දහවල සහ රාත්‍රිය යන දෙකම තිබේ, එබැවින් අප
අනිවාර්යෙන් දෙකම පිළිගන්නවා. මෙය අසීමිත දහවල සහ රාත්‍රියයි. පියා පවසන්නේ
මිහිරිතම දරුවනේ, තමන්ව සරසාගන්න. ඔබගේ කාලය අපතේ නොහරින්න. ඉතිරිව ඇති කාලය ඉතා
කෙටියි. ඔබගේ බුද්ධි බොහෝ පුළුල් සහ අසීමිත විය යුතුයි. ඔබ එකිනෙකා අතරේ බොහෝ
සෙනෙහස පවත්වා ගන්න. ඔබගේ කාලය අපතේ නොහැරිය යුතුයි, මන්ද ඔබගේ කාලය බොහෝ වටින්නේය.
ඔබ සිප්පි කටු වලින් දියමන්ති මෙන් වනවා. ඔබ අනවශ්‍ය ලෙස මේ සියලු දේට සවන් දෙනවා
නොවෙයි. මෙය ආගමික කතා පුවතක්ද? පියා ඔබට පවසන්නේ එක වචනයක් පමණයි. වැදගත් මිනිසුන්
වැඩිපුර කතා නොකළ යුතුයි. පියා ඔබට තත්පරයකදි ජීවන-මුක්තියට පාර පෙන්වයි. ඔවුන්
(ලක්ෂ්මි සහ නාරායන්) බොහෝ අලංකාරව සරසා තිබේ, බොහෝ මිනිසුන් ඔවුන්ගේ පිළිම වන්දනා
කරන්නේ මේ නිසයි. පුද්ගලයා ශ්‍රේෂ්ඨ වන තරමට, ඔහු වෙනුවෙන් ගොඩනඟන දේවාලය විශාල වන
අතර ඔවුන් මත දමන සැරසිලි වැඩි වෙයි. පෙර කල ඔවුන් දේවතා ප්‍රතිමා සැරසුවේ දියමන්ති
මාලා වලින්ය. බාබා මෙය අත්දැක තිබේ. බාබා පවා ලක්ෂ්මි සහ නාරායන්ට දියමන්ති මාලා
සැදූවේය. ඇත්ත වශයෙන්ම මෙහි කිසිවෙකුට, ඔවුන්ට තිබුණු ඇඳුම් පැලඳුම් වැනි ඒවා
නිර්මාණය කළ නොහැක. ඔබ දැන් ඔබගේ උත්සාහයට අනුව අංක පිළිවෙලට ඒවා සාදනවා. පියා
විස්තර කරන්නේ දරුවනි, තමන්ගේ කාලය හෝ අන් අයගේ කාලය අපතේ නොහරින්න. පියා ඔබට ඉතා
පහසු ක්‍රමවේදයක් පෙන්වා දෙනවා. මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් මැකී යයි. ඔබට
සිහිපත් කිරීම නොමැතිව, බොහෝ සැරසිලි තිබිය නොහැක. ඔබ එය බවට පත් වීමට යනවා. ඔබ
දිව්‍යමය ස්වභාවයක් හදාගත යුතුයි. මේ වෙනුවෙන් කිසිවක් පැවසීමට අවශ්‍ය නැති වුවත්,
මිනිසුන්ට ගල් වැනි බුද්ධි ඇති නිසා, සෑම දෙයක්ම විස්තර කළ යුතුයි. එය තත්පරයක
කාරණාවක්. පියා පවසන්නේ මිහිරිතම දරුවනේ, ඔබගේ පියාව අමතක කිරීමෙන් ඔබගේ සැරසිල්ල
ඔබ බොහෝ සේ නරක් කරගෙන තිබේ. පියා පවසන්නේ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන අතරේ
අඛණ්ඩව තමන්ව සරසාගන්න. කෙසේවෙතත්, මායා අඩු නැත. සමහර දරුවන් ලියන්නේ බාබා, ඔබගේ
මායා මට බොහෝ කරදර කරනවා. අහා! නමුත් ඈ මගේ මායා නොවෙයි. මෙය නාටකයක් පමණයි. මා
පැමිණ සිටින්නේ ඔබව මායාගෙන් නිදහස් කර ගැනීමටයි. එබැවින් ඇය මගේ මායා වන්නේ කෙසේද?
මෙකල එය සම්පූර්ණයෙන්ම ඇගේ රාජධානියයි. දහවල සහ රාත්‍රිය වෙනස් විය නොහැකි සේම, මෙම
අසීමිත දහවල සහ රාත්රියද තත්පරයකින්වත් වෙනස් විය නොහැක. ඔය දරුවන් දැන් ඔබගේ
උත්සාහයට අනුව අංක පිළිවෙලට මේ ආකාරයට තමන්ව සරසා ගන්නවා. පියා පවසන්නේ ඔබට ලෝක
පාලකයන් වීමට අවශ්‍ය නම්, නොකඩවා ස්ව-දර්ශන චක්‍රය භ්‍රමණය කරන්න. ඔබගේ පුවලේ අය
සමග ඔබට නිවසේ ජීවත් විය හැක. මෙහි ඔබ සෑම දෙයක්ම කළ යුත්තේ ඔබගේ බුද්ධියෙනි. මනස
සහ බුද්ධිය තිබෙන්නේ ජීවාත්මය තුළයි. මෙහි ඔබට කිසිම බාහිර ලෞකික ව්‍යාපාරයක් නැහැ.
ඔබ මෙහි එන්නේ තමන්ව නැවුම් කර සරසා ගැනීමටයි. පියා සෑම දෙනෙකුටම උගන්වන්නේ එකම
දේවල්ය. ඔබ මෙහි පැමිණෙන්නේ පෞද්ගලිකවම නව කරුණු වලට සවන් දීමටයි, පසුව ඔබ ආපසු
නිවසට ගිය විට, ඔබ මෙහිදි ඇසූ සෑම දෙයක්ම අමතක වෙයි. ඔබ මෙහි සිට පිටව ගිය සැනින්
ඔබගේ ඒප්‍රන ගසා දමනවා ඔබ ඇසූ දේවල් ආවර්ජනය නොකරයි. මෙහි ඔබට හුදකලාවේ සිටීමට බොහෝ
තැන් තිබේ. පිටත, ඇඳ මකුණන් නොකඩවා සැරිසරයි. ඔවුන් එකිනෙකා මරා දමා ලේ බොයි. පියා
ඔය දරුවන්ට විස්තර කරන්නේ ඔබගේ මෙම කාලය ඉතා අගනේය. එය අපතේ නොහරින්න. තමන්ව සරසා
ගත හැකි බොහෝ ක්‍රමවේද ඔබට ලබා දී තිබේ. මා පැමිණ ඇත්තේ සියලු දෙනාව ඉහළ නැංවීමටයි.
මා පැමිණ සිටින්නේ ඔබට ලෝක ආධිපත්‍යය ලබා දීමටයි. එබැවින් දැන් මා සිහි කරන්න. ඔබගේ
කාලය අපතේ නොහරින්න. ඔබගේ කාර්ය කරන අතරේ නොකඩවා පියාව සිහි කරන්න. බොහෝ ජීවාත්ම වන
ඔබ සියලු දෙනාම, ඒකායන ආදරවන්තයාට, පරම පියා, පරමාත්ම ජීවයට, ආදරය කරන අයයි. ඔබ
ලෝකයේ බොහෝ ආගමික කතාපුවත් අසා තිබේ. පියා පවසන්නේ දැන් ඒ සියල්ල අමතක කරන්න. භක්ති
මාර්ගයේ ඔබ මාව සිහි කළ අතර, ඔබ පොරොන්දුවක්ද වුනා මා ඔබට පමණක් අයත් වන්නම්. බොහෝ
ආදරවන්තයින්ගේ එක් ආදරවන්තයා සිටියි. භක්ති මාර්ගයේ ඔවුන් පවසන්නේ මා බ්‍රහම්
පදාර්ථය තුළට මුසු වනවා. ඒ සියලු කාරණා නිෂ්ඵලයි එකදු මනුෂ්‍යයෙකුටවත් සදාකාලික
විමුක්තිය ලබා ගත නොහැක. මෙය සදාතනික නාටකයයි. ඔවුන් සියලු දෙනාම නළුවන් වන අතර
කිසිදු වෙනසක් සිදුවිය නොහැක. පියා පවසන්නේ ඒකායන ඇල්ෆා සිහිකරන්න, එපමණයි එවිට ඔබ
සැරසෙයි. ඔබ දැන් එය වනවා. ඔබ බොහෝ වාර ගණනාවක් තමන්ව සරසා ගෙන ඇති බව ඔබට දැන්
සිහි වෙයි. බාබා, ඔබ සෑම චක්‍රයකම පැමිණෙන අතර අප ඔබට පමණක් සවන් දෙන්නම්. මෙම
කරුණු බොහෝ ගැඹුරුයි. බාබා ඔබට ඉතා හොඳ ක්‍රමයක් පෙන්වා ඇත. මා එවන් පියෙකුට කැප
විය යුතුයි. ආදරවන්තයින් සහ ආදරය කරන්නන් සියලු දෙනාම එක වගේ නැත. මෙහි සියලුම
ජීවාත්මයන්ගේ එක් ආදරවන්තයා සිටියි. මෙහි කායික කිසිවක් නැත. කෙසේවෙතත්, පියා
විසින් ඔබට මෙම ක්‍රමවේදය පෙන්වා දෙන්නේ සංගම යුගයෙදි පමණයි. ඔබ කොහේ ගියත්, කුමක්
කෑවත් බීවත්, ඔබ අවට සංචාරය කළත්, ඔබගේ රැකියාව කළත්, නොකඩවා තමන්ව සරසා ගන්න.
සියලුම ජීවාත්ම, ඒකායන ආදරවන්තයාගේ පෙම්වතුන්ය එපමණයි! සරලව අඛණ්ඩව ඔහුව සිහි
කරන්න. සමහර දරුවන් පවසන්නේ මා දිනකට පැය 24ක් නොකඩවා පියා සිහි කරනවා. කෙසේවෙතත්,
කිසිවෙකුට සෑම විටම සිහිපත් කිරීමේ සිටිය නොහැක. වැඩිම වුනොත් පැය දෙකක් හෝ දෙක
හමාරක සිහිපත් කිරීම ඔවුන්ට තිබෙයි. ඔවුන්ට ඊට වැඩිය සිහිපත් කිරීම තිබෙන බව ලියන
විට, බාබා එය විශ්වාස නොකරයි. ඔබ අන් අයට සිහිකර නොදෙන්නේ නම්, ඔබ සිහි කිරීමේ
සිටින බව බාබා වටහාගන්නේ කෙසේද? මෙය යම් අපහසු දෙයක්ද? මෙයට යම් වියදමක් තිබෙනවාද?
කිසිවක් නැත! සරලව නොකඩවා පියා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් කැපී යයි. ඔබ දිව්‍යමය
ගුණදම් ද ධාරණය කළ යුතුයි. අපවිත්‍ර අයට සාම දේශයට හෝ සතුටු දේශයට යාමට නොහැක. පියා
දරුවන්ට පවසන්නේ තමන් ජීවාත්ම බව සලකන්න, තමන් සහෝදරයන් බව සලකන්න. ඔබගේ උපත් 84හි
චරිත කොටස් දැන් අවසන් වනවා. ඔබ දැන් එම පරණ ඇඳුම් හලා දැමිය යුතුයි. බලන්න, නාටකය
නිර්මාණය වී ඇති අන්දම. ඔබ දරණ උත්සාහයට අනුව අංක පිළිවෙලට ඔබ එය දනී. ලෝකයේ
කිසිවෙකුට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. ඔබ පියාගේ උපදෙස් අනුගමනය කරන්නේද කියා, ඔබ
සෑම කෙනෙකුටම තමන්ගෙන් විමසිය හැක. ඔබ ඒවා අනුගමනය කරන්නේ නම්, ඔබ ඉතා හොඳින්
සැරසුනු කෙනෙක් වෙයි. එකිනෙකාට වැරදි දේවල් පවසමින්, ඒවාට සවන් දීමෙන්, සමහරු තම
සැරසිල්ල නරක් කර ගනී. ඔවුන් අන් අයගේ සැරසිල්ලද නරක් කරයි. සැරසී සිටින්නේ කෙසේද
පිළිබඳව, ඔය දරුවන් නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතුයි. වෙන කුමක් තිබුණත් එය හොඳය.
ඔබට අවශ්‍ය වන්නේ, කරදර නොවී කුසට චපාති දෙකක් ලබා ගැනීමට හැකි වීම පමණයි. ඇත්ත
වශයෙන් කුසට එතරම්ම අවශ්‍ය නැහැ. ඔබ සන්යාසීන් වන නමුත් ඔබ රාජ යෝගීන්ය බොහෝ උසස්
නොවන අතර පහත්ද නැත. ඔබ ආහාර ගත්තාට කමක් නැහැ, නමුත් ඔබට බොහෝ පුරුදු නොතිබිය
යුතුයි. සරලව එකිනෙකාට මතක් කරවන්න ඔබ ශිව බාබා සිහි කරනවාද? ඔබ, ඔබගේ උරුමය සිහි
කරනවාද? ලෝක අධිරාජ්‍යයේ සැරසිල්ල ඔබ සිහි කරනවාද? මෙහි අසුන්ගෙන සිටීමෙන් පමණක්,
ඔබගේ ආදායම කුමක් වෙයිද කියා ටිකක් සිතා බලන්න. සිහිපත් කිරීමේ වන්දනා ගමන තුළින්
පමණක්, ඔබට මෙම ආදායමෙන් බොහෝ සතුට ලැබෙයි වෙනත් අපහසුතාවයක් නැහැ. භක්ති මාර්ගයේ
මිනිසුන් බොහෝ වැටි වැටී ගමන් කරයි. පියා දැන් පැමිණ සිටින්නේ ඔබව සැරසීමටයි.
එබැවින් තමන්ව ඉතා හොඳින් බලාගන්න. අමතක නොකරන්න. මායා ඔබට අමතක කරවන අතර එවිට ඔබ
බොහෝ සේ කාලය අපතේ හරියි. මෙම කාලය ඔබට බොහෝ වටින්නේය. ඉගෙන ගැනීමට උත්සාහ
දැරීමෙන්, මිනිසුන්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් විය හැක. බාබා ඔබට වෙනත් කිසිදු
අපහසුතාවයක් නොදෙයි. ඔහු පවසන්නේ මෙපමණයි මා සිහි කරන්න. කිසිදු පොතක් ආදිය ගැනීමට
අවශ්‍යතාවයක් නැත. බාබා කිසියම් පොතක් ගන්නවාද? පියා පවසන්නේ මා පැමිණ, මෙම
ප්‍රජාපිතා මාර්ගයෙන් ඔබව දරුකමට හදාගන්නවා. ඔහු මානවයාගේ පියාය. එබැවින් මෙතරම්
විශාල භෞතික නිර්මාණයක් නිමවන්නේ කෙසේද? දරුවන් දරුකමට හදාගනී. ඔබට පියාගෙන්
උරුමයක් ලැබීමට තිබේ. පියා ඔබව බ්‍රහ්මාගේ මාර්ගයෙන් දරුකමට හදාගනී. ඔහු මව සහ පියා
ලෙස හැඳින්වෙන්නේ මේ නිසයි. පියාගේ පැමිණීම ඉතාම නිවැරදි බවද ඔබ දන්නවා. ඔහු
නිවැරදි වෙලාවට පැමිණෙන අතර ඔහු නිවැරදි වෙලාවට ආපසු යයි. ලෝකය නියත වශයෙන්ම වෙනස්
විය යුතුයි. පියා දැන් ඔය දරුවන්ට බොහෝ නුවණ ලබා දෙනවා. ඔබ පියාගේ උපදෙස් පිළිපැදිය
යුතුයි. තමන් ඉගෙනගන්නා දේ ආවර්ජනය කිරීමට, ශිෂ්‍යයන් තම බුද්ධිය භාවිත කළ යුතුයි.
ඔබ මෙම සංස්කාර ඔබත් සමග රැගෙන යයි. පියා තුළ මෙම සංස්කාර තිබෙන සේම ඔය ජීවාත්මද
ඔබව මෙම සංස්කාර වලින් පුරවාගන්නවා. පසුව ඔබ මෙහි පැමිණි විට ඔබ නැවතත් එම චරිත
කොටස් ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නඟයි. ඔබගේ උත්සාහයට අනුව අංක පිළිවෙලට ඔබ මෙහි
පැමිණෙයි. ඔබගේ හදවතින් විමසන්න මාව සරසා ගැනීමට මා කෙතරම් උත්සාහයක් දරා තිබෙනවාද?
මා කොහේ හෝ මගේ කාලය අපතේ යවා තිබෙනවාද? පියා ඔබට අනතුරු අඟවයි නිෂ්ඵල කාරණාවල ඔබගේ
කාලය අපතේ නොහරින්න. පියාගේ ශ්‍රීමත් සිහි කරන්න. මනුෂ්‍යයන්ගේ උපදෙස් අනුගමනය
නොකරන්න. ඔබ සිටියේ පැරණි ලෝකයේ බව ඔබ දැන සිටියේ නැහැ. ඔබ කවුරුන් වී සිටියාද කියා
පියා ඔබට පවසා ඇත. මෙම පැරණි ලෝකයේ බොහෝ දුක තිබේ. මෙම කොටසද නාටකයට අනුව ලැබී
තිබේ. නාටකයට අනුව බොහෝ බාධකද තිබේ. පියා විස්තර කරන්නේ දරුවනේ, මෙය දැනුම සහ
භක්තිය පිළිබඳ නාටකයක්. එය ආශ්චර්යමත් නාටකයකි. මෙතරම් කුඩා ජීවාත්මයක් සම්පූර්ණ
අවිනාශී චරිත කොටසකින් පිරී ඇති අතර, ඔහු නොකඩවා එය රඟපායි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සෑම දෙයක්ම
අතහැර, ලක්ෂ්මි සහ නාරායන මෙන් සැරසී සිටින්නේ කෙසේද යන්න ගැන පමණක් සැලකිලිමත්
වන්න.
තමන්ගෙන් විමසන්න 1) ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් සහ ’මන්මනාභව‘ යතුර භාවිත කිරීමෙන්,
මා මාව ඉතා හොඳින් සරසා ගන්නවාද? 2) වැරදි දේවල් පැවසීමෙන් සහ ඒවාට සවන් දීමෙන් මා
මගේ සැරසිල්ල නරක් කරගන්නවාද? 3) මා සියලු දෙනා සමග බොහෝ සෙනෙහසින් සම්බන්ධ වනවාද?
මගේ වටිනා කාලය මා අපතේ හරිනවාද? 4) මා දිව්‍යමය ස්වභාවයක් හදාගෙන තිබෙනවාද?
වරදානය:
ඔබ සියලු
නාස්තිකාර සිතිවිලි ඇතිවීමට හේතුව සොයා අවසන් කර විසඳුම්වල ප්‍රතිමූර්තියක් බවට පත්
වේවා.
නාස්තිකාර සිතිවිලි
ඇතිවීමට ප්‍රධාන හේතු දෙකක් තිබේ: 1) උඩඟුකම (අභිමාන්) සහ 2) අපහාසය කිරීමේ හැගීම
(අප්මාන්). “ඇයි මට අඩුවෙන් දෙන්නේ? මටත් මේ තත්ත්වය ලැබිය යුතුයි. මාවත් ඉදිරියෙන්
තැබිය යුතුව තිබුණා.” මෙහිදී ඔබ එක්කෝ ඔබට අපහාසයක් ලෙස සලකයි, නැතහොත් උඩඟුකම
වර්ධනය කරයි. ඉදිරියට යන අතරතුර හෝ සේවාව කරන අතරතුර ඔබේ නම, ගෞරවයට අදාලව උඩඟුකම
හෝ අපහාසයට ලක්වීම අත්විදින විට, එයට හේතුව නාස්තිකාර සිතිවිලි වේ. ඒවාට හේතුව සොයා
ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම යනු විසඳුම්වල ප්‍රතිමූර්තියක් වීමයි.
පාඨය:
නිශ්ශබ්දතාවයේ
බලයෙන් සුමිහිරි නිවහනට ගමන් කිරීම ඉතා පහසු වේ.