14.09.25    Avyakt Bapdada      Sinhala Murli     18.01.2007    Om Shanti    Madhuban


දැන් තමන්ට විමුක්තිය ලබා දී, මාස්ටර් විමුක්තිදායකයෙක් වී,
සියලු දෙනාට විමුක්තිය ලබා දීමට උපකරණයක් වන්න.


අද දින සෙනෙහස් සාගරය වන බාප්දාදා, සෑම තැනකම සිටින සියලුම ආදරණීය දරුවන් දෙස බලයි. වර්ග දෙකක දරුවන් දැකීමෙන් ඔහු සතුටු වනවා. එකක් වන්නේ සෙනෙහසේ ගැලී සිටින “ලව්ලීන්” දරුවන් වන අතර අනෙක, ආදරණීය දරුවන් වන අයයි. අම්රිත් වේලාවට පෙරම, දෙයාකාරයේම දරුවන්ගේ සෙනෙහස බාප්දාදා වෙතට ළගා වෙමින් තිබුණි. සෑම දරුවෙකුගේම හදවතේ, “මගේ බාබා” යන ගීතය ඉබේටම වාදනය වෙමින් තිබුණි. බාප්දාදාගේ හදවතේ එම ගීතයම වාදනය වෙමින් තිබුණි: “මගේ දරුවන්, මගේ ආදරණීය දරුවන්, බාප්දාදාගේ හිසේ කිරුළ වන දරුවන්.”

අද එය ස්මරණ දිනය වන බැවින්, සියලු දෙනාගේම මනසේ වැඩිපුර සෙනෙහස් රළ තිබුණි. බොහෝ දරුවන්ගේ සෙනෙහස් මුතුකැට වල මාලා, බාප්දාදාගේ ගෙල වටා මල්දමක් සේ පැළදුණි. පරම පියාද ඔහුගේ ආදරණීය බාහු වල මාලාව, දරුවන් වටා දැමුවා. ඔබ සියලු දෙනාම අසීමිත බාප්දාදාගේ අසීමිත බාහු තුළ මුසු වී සිටියි. අද සියලු දෙනාම විශේෂයෙන් සෙනෙහස් ගුවන්යානයෙන් මෙහි පැමිණ සිටිනවා, එමෙන්ම බොහෝ දුර ඈත සිටින දරුවන්ද ඔවුන්ගේ මනසේ ගුවන්යානාවෙන්, ඔවුන්ගේ අව්‍යක්ත (සූක්ෂම) ස්වරූප වලින්, ඔවුන්ගේ සුරදූත ස්වරූප වලින් මෙහි පැමිණ ඇත. අද සිහි කිරීමේ දිනය සහ එබැවින් බලයේ දිනය වෙනුවෙන් බාප්දාදා සියලුම දරුවන්ට කෝටි-ගුණයක මතක් කිරීම ලබා දෙනවා. මේ දවස බොහෝ විවිධ අවධාන (මතකයන්) ගැන ඔබට සිහි කරවනවා, එමෙන්ම සෑම අවධානයේ ආකාරයක්ම, තත්පරයකදි ඔබව බලවත් කරවයි. මතකයන්ගේ ලැයිස්තුව තත්පරයකදි ඔබගේ අවධානයට පැමිණෙයි, එහෙම නේද? එම අවධානය ඔබ ඉදිරියට පැමිණි සැනින්, ඔබ බලවත් බවට කුල්මත් බව ඔබට ඇතිවෙයි. පළමු අවධාන ස්වරූපය ඔබට මතකද? පරම පියාට අයත් වීමට ඔබ පැමිණි විට, ඔහු ඔබට මතක් කර දුන්නේ කුමන අවධානයද? ඔබ පෙර කල්පයේ වාසනාවන්ත ජීවාත්මයක් බව. මෙම ප්‍රථම අවධාන ස්වරූපය නිසා සිදුවුනු පරිවර්ථනය ඔබට මතකද? ජීවාත්ම අවධානයට පත් වීමෙන්, ඔබ පියා වන පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසින් කුල්මත් විය. ඔබ කුල්මත් වුනේ ඇයි? ඔබගේ හදවතින් මතුවුනු ප්‍රථම සෙනෙහස් වදන් මොනවාද? “මගේ මිහිරි බාබා”. පසුව, මෙම ස්වර්ණමය වදන් මතු වූ විට ඔබට තිබුණු කුල්මත් බව කුමක්ද? “මගේ බාබා” පැවසීමෙන්, දැන සිටීමෙන් සහ පිළිගැනීමෙන්, සියලුම දේවමය ලැබීම්, ඔබගේ ලැබීම් බවට පත් විය. ඔබට මෙම අත්දැකීම තිබෙනවා නේද? “මගේ බාබා” පැවසීමෙන්, බොහෝ ලැබීම් ඔබගේ බවට පත් විය. ලැබීම් ඇති තැන සිහිපත් කිරීමේ සිටීමට ඔබට උත්සාහ දැරීමට සිදු නොවෙයි, මන්ද, එම ලැබීම ඔබගේ බැවින්, ඒ වෙනුවට නිරායාස සහ පහසු සිහි කිරීම තිබෙයි. පරම පියාගේ සම්පත්, ඔබගේ සම්පත් බවට පත් වෙයි. “මගේ” යන අවධානය තිබෙන තැන, සිහි කිරීමට ඔබට උත්සාහ දැරීමට සිදු නොවෙයි; ස්වාභාවික සිහි කිරීම තිබෙයි. “මගේ” වන දෙයක් සිහි කිරීම නොව, අමතක කිරීම අපහසුයි. ඔබගේ සිරුර තමන්ට අයත් බව ඔබ අත්දකියි, එබැවින් ඔබට එය අමතක කළ හැකිද? එය අමතක කිරීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ඇයි? “එය මගෙයි”. එබැවින් “මගේ” යන අවධානය ඇති තැන, සිහි කිරීම පහසුයි. ඉතිං ඔබගේ අවධානය ඔබව බලවත් ජීවාත්මයක් බවට පත් කළා. “මගේ බාබා” යන එක වැකිය මෙය සිදු කළා. ඔබ භාග්‍යය පිරිනමන්නා, අසීමිත සම්පත් වල දානපතිව, තමන් සතු කරගත්තා. ඔබ එවන් විශ්මයන් සිදු කරන දරුවන් නොවේද? ඔබ පරමාත්ම දෙවියන්ගේ පෝෂණයට අයිතියක් හිමි කරගෙන තිබේ. පරමාත්ම දෙවියන්ගෙන් ලැබෙන මෙම ඍජු පෝෂණය, මුළු කල්පයටම ලැබෙන්නේ එක් වරක් පමණයි. ඔබට සෑම විටම ජීවාත්ම සහ දේවතා ජීවාත්මයන්ගෙන් පෝෂණය ලැබෙයි, නමුත් පරමාත්ම දෙවියන්ගේ පෝෂණය ලැබෙන්නේ මෙම එක උපතෙදි පමණයි.

එබැවින් මෙම සිහි කිරීමේ දිනයේ සහ එබැවින් ශක්තියේ දිනයේ, ඔබ පරමාත්ම දෙවියන්ගේ පෝෂණයේ කුල්මත් බව සහ සතුට පහසුවෙන් සිහි කළා නේද? මෙයට හේතුව අද දවසේ වාතාවරණය, පහසු සිහි කිරීමේ එකක් වූ නිසයි. එබැවින් මෙම දිනයේ, ඔබ සහජ යෝගීවරයෙක් ලෙස රැදී සිටියාද, නැත්නම් මෙදින පවා සිහි කිරීමේ සිටීමට ඔබට සටන් කිරීමට සිදු වුණාද? අද දවස සෙනෙහසේ දිනය බව කියනවා නේද? එබැවින් සෙනෙහස, ඔබට උත්සාහ දැරීමට සිදු වීම අවසන් කරවයි. සෙනෙහස, සෑම දෙයක්ම පහසු කරයි. එබැවින් මෙදින, ඔබ විශේෂයෙන් සහජ යෝගීවරයෙක් ලෙස රැදී සිටියාද, නැත්නම් අපහසුතා තිබුණාද? මෙදින අපහසුතා වලට මුහුණ දුන් අය අත් ඔසවන්න! කිසිවෙකුට කිසිම අපහසුතාවයක් තිබුණේ නැහැ? ඔබ සියලු දෙනා සහජ යෝගීවරු ලෙස රැදී සිටියා? අච්චා, සහජ යෝගීවරු ලෙස රැදී සිටි අය, අත් ඔසවන්න! (සියලු දෙනා අත් එසවීය). අච්චා, ඔබ සියලු දෙනාම සහජ යෝගීවරු ලෙස රැදී සිටියා. අද ඔබ මායාට සමු දුන්නා. මායා අද පැමිණියේ නැද්ද? ඔබ අද මායාට සමු දුන්නාද? හොදයි, ඔබ අදට සමු දුන්නා. එයට සුබ පැතුම්. ඒ අන්දමින්ම ඔබ සිහි කිරීමේ මුසු වී සිටියා නම්, එවිට ඔබ සෑම කලටම මායාට සමු දී තිබෙයි, මන්ද, වසර 70 සම්පූර්ණ වී ඇත. එබැවින් මේ වසර අසහාය වසරක් ලෙස, සියලු දෙනාටම ආදරණීයව සිටින වසරක්, උත්සාහ යෙදීමෙන් නිදහස් වසරක් සහ ප්‍රශ්න වලින් නිදහස් වසරක් බාප්දාදාට සැමරීමට අවශ්‍යයි. ඔබ සියලු දෙනා මෙයට කැමතිද? ඔබ කැමතිද? මෙය විමුක්තියේ වසර ලෙස ඔබ සමරනවාද? ඔබට විමුක්ති දේශයට යාමට අවශ්‍යයි, එබැවින් විමුක්තිය පිරිනමන්නා වන පරම පියාගේ සහකරුවන් වීමෙන්, අසාමයෙන් සිටින බොහෝ දුක් විදින ජීවාත්මයන්ට විමුක්තිය ලැබීමට ඔබ මගපෑදිය යුතුයි. මාස්ටර් විමුක්ති පිරිනමන්නන් වන ඔබ, තමන්වම නිදහස් කරගත් විට පමණයි, ඔබට විමුක්තියේ වසර සැමරීමට හැකි වන්නේ. ඔය බ්‍රහ්මින් ජීවාත්මයන් බොහෝ දෙනෙකුට විමුක්තිය ලබා දීම සදහා, නිදහස් වී එමෙන්ම උපකරණ වෙයි. ඔබව නිදහස් කරනවා වෙනුවට ඔබව බැද තබන, ඔබව ගැටළු මත යැපීමට සලසන, එක් ආකාරයක භාෂාවක් වන්නේ: “එය මෙහෙම නොවෙයි, එය එහෙමයි. එය එහෙම නොවෙයි, එය මෙහෙමයි.” ගැටළු ඇවිත් ඔබ මෙසේ කියන විට, “බාබා, එය මෙහෙම නොවෙයි, එය එහෙමයි වුනේ. එහෙම නැත්නම් එය මෙසේ සිදු නොවනු ඇත.” ඒවා නිදහසට කාරණා වල ක්‍රීඩාය.

බාප්දාදා සියලු දෙනාගේ ලිපි ගොනු දැක තිබේ. ඉතිං ඔහු ලිපි ගොනු වල දුටුවේ කුමක්ද? වැඩි දෙනෙකුගේ ලිපි ගොනුව පිරි තිබුනේ පොරොන්දු ලියන ලද කඩදාසි වලින්ය. පොරොන්දුවක් සිදු කරන වෙලාවේ ඔබ එය හදවතින් සිදු කරයි, තවද ඔබ ඒ ගැන සිතයි, නමුත් මෙතෙක්, ලිපි ගොනුව වඩාත් විශාල වන බව පෙනෙන්නට තිබෙන අතර එය අවසන් වී නැත. ස්ථිර පොරොන්දුවක් වෙනුවෙන් මෙසේ කියා තිබේ: ඔබට මියැදෙන්නට සිදු වුනත්, ඔබගේ පොරොන්දුව කඩ නොකළ යුතුයි. ඉතිං අද බාප්දාදා සියලු දෙනාගේ ලිපි ගොනු දුටුවා. ඔබ සියලු දෙනාම ඉතා හොද පොරොන්දු බොහොමයක් සිදු කර තිබෙනවා. ඔබ ඒවා ඔබගේ මනසින් සිදු කර ඇති අතර ඒවා ලියාගෙනත් තිබේ. එසේ නම් ඔබ මේ වසරේ කරන්නේ කුමක්ද? ඔබගේ ලිපි ගොනුව ඔබ වැඩි කරනවාද, නැත්නම් ඔබගේ පොරොන්දුව ස්ථිර කරනවාද? ඔබ කරන්නේ කුමක්ද? ඉදිරි පේළියේ අසුන්ගෙන සිටින අය, පාණ්ඩවයන්, කතා කරන්න! ගුරුවරු කතා කරන්න! මේ වසරේ බාප්දාදා සමග තිබෙන, එමෙන්ම වඩාත් විශාල වන ලිපි ගොනුව ඔබ අවසන් කරනවාද? එසේ නැත්නම් ඔබ මේ වසරේද තව කඩදාසියක් එයට එකතු කරනවාද? ඔබ කුමක්ද කරන්නේ? පාණ්ඩවයන් කතා කරන්න! ඔබ එය අවසානයකට පත් කරනවාද? ඔබට හිස නමන්නට සිදු වුනත්, ඔබට වෙනස් වීමට සිදු වුනත්, ඔබට දරාගෙන වෙනත් දේවලට සවන් දීමට සිදු වුනත්, ඔබ වෙනස් විය යුතු බව හැගෙන අය, අත් ඔසවන්න! බලන්න, සෑම කෙනෙකුගේම ඡායාරූපය රූපවාහිනියේ පටිගත කරන්න! සෑම කෙනෙකුගේම ඡායාරූපය ගන්න. ටීවී 2, 3, 4 ක් තිබෙනවා (කැමරා). සෑම පැත්තකින්ම ඡායාරූප ගන්න! මෙම පටිගත කළ තැටිය තබා ගන්න! මෙම ඡායාරූප ගෙන ඒවා පියාට දෙන්න. ටීවී පුද්ගලයා කෝ? බාප්දාදාටත් ලිපි ගොනුවෙන් ඵලක් සිදු විය යුතුයි. සුබ පැතුම්! සුබ පැතුම්! ඔබට තමන්ටම අත්පොළසන් ගැසිය හැක.

බලන්න එක් පසෙකින් විද්‍යාව තිබේ, වෙනත් පසෙක දූෂණය තිබේ, තවත් පසෙක පාපය තිබේ, එමෙන්ම මේ සෑම දෙයක්ම එයටම අයත් ආකාර වලින් නොකඩවා වර්ධනය වනවා. බොහෝ අළුත් සැලසුම් නොකඩවා සෑදෙනවා, නමුත් ලෝක නිර්මාපකයාගේ දරුවන් ඔබයි. එබැවින් මේ වසරේ ඔබගේ පොරොන්දු ස්ථිර වන අන්දමට එවන් නවතාවයක් ඇති කරගන්න, මන්ද, සියලු දෙනාටම අවශ්‍ය වී ඇත්තේ හෙළිදරව්ව සිදු වීමටයි. බොහෝ වියදම් දැරීමට සිදුවනවා. බොහෝ ස්ථාන වල ඉතා විශාල වැඩසටහන් පැවැත්වෙනවා. සෑම වෘත්තීය අංශයක්ම ඉතා හොදින් ක්‍රියාත්මක වනවා, නමුත් දැන්, මේ වසරේ, මෙම එකතුව සිදු කරන්න: ඔබ කුමන සේවයක් සිදු කළත්, නිදසුනක් ලෙස, ඔබ වචන වලින් සේවය කරනවා ඇති, එබැවින් එය වචන වලින් පමණක් සිදු කරන සේවයක් බවට පත් කර නොගන්න, නමුත් සෙනෙහසින් සහ සහයෝගයෙන් පිරි සිතිවිලි, වචන සහ ක්‍රියාවෙන් සේවයක් සිදු කරන්න. තුන් ආකාරයේම සේවය එකවර සිදු කරන්න. ඒවා වෙන්ව සිදු නොවිය යුතුයි. එක අන්දමක සේවයේදි, බාප්දාදාට දැකීමට අවශ්‍ය ප්‍රතිඵලය නොමැති බව පෙනෙයි. හෙළිදරව්ව සිදුවීම ඔබටත් අවශ්‍ය වී ඇත, එමෙන්ම මේ දක්වා මෙම ප්‍රතිඵලය හොද වී ඇත. කලින් සමග සංසන්දනය කරන විට, එය ඉතා හොද ප්‍රතිඵලයක්. පැමිණෙන සියලු දෙනාම ආපසු යන්නේ මෙසේ කියමින් “මෙය හොදයි, මෙය හොදයි, එය ඉතා හොදයි.” කෙසේවෙතත්, හොද වීම යනු හෙළිදරව්ව සිදු වීමය. එබැවින් දැන් මෙම එකතුව සිදු කරන්න: එකම වෙලාවේ ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියාවෙන් ඔබ ආදරණීය සහ සහයෝගී විය යුතුයි. මෙය සෑම සහකරුවෙකුටම ලබා දෙන්න, සේවාවට උපකරණයක් වන්නේ, බ්‍රහ්මින් සහකරුවෙක් හෝ පිටස්තර කෙනෙක් වුනත්. සෙනෙහස සහ සහයෝගය ලබා දීම යනු, ක්‍රියා තුළින් සිදු කළ සේවයට අංක එක හිමි කරගැනීමයි. මෙම භාෂාව නොකියන්න, “මේ දේ මේ අන්දමට සිදුවුණා, මට එය එසේ කිරීමට සිදු වුනේ ඒ නිසයි.” සෙනෙහස ලබා දෙනවා වෙනුවට ඔබට විටෙක පැවසීමට වෙනත් දේ තිබෙයි, එමෙන්ම බාබා එම වදන් භාවිතා කරන්නේ නැහැ. “මා මෙය කළ යුතුයි, මා මෙය කිව යුතුයි, මා මේ සියලු දේවල් ගැන සලකා බැලිය යුතුයි.” එය එසේ නොවිය යුතුයි. බොහෝ වසර ගණනාවක් එසේ සිදුවීමට බාප්දාදා ඉඩ දී ඇති බව පෙනෙයි. තව කෙතරම් කාලයක් එය නොකඩවා මෙසේ වෙයිද, “මෙහෙම නොවෙයි, නමුත් එහෙමයි”? බාප්දාදා සමග පවත්වන හදවතට සමීප කතාබස් වලදි, වැඩි දෙනෙක් පවසන්නේ, “බාබා ඔබ අවසානයේ තිරය විවර කරන්නේ කවදාද? තව කොපමණ කාලයක් මෙය නොකඩවා තිබෙයිද?” බාප්දාදා ඔබගෙන් විමසනවා: මෙම පැරණි භාෂාව, මෙම පැරණි නොසැලකිලිමත්කමේ සහ කුහකකමේ ආකාර තව කෙතරම් කාලයක් පවතියිද? බාප්දාදාටත් ප්‍රශ්නයක් තිබෙනවා: තව කොපමණ කාලයක්ද? ඔබ පිළිතුරු දෙන්නේ නම්, එවිට බාප්දාදාද විනාශය සිදුවන්නේ කවදාද කියා පිළිතුරු දෙනවා. බාප්දාදාට දැන් වුනත්, මේ තත්පරය තුළදි, විනාශයේ තිරය විවර කළ හැක, නමුත් ප්‍රථමයෙන් එහි පාලනය කිරීමට යන අය සූදානම්ව සිටිය යුතුයි. එබැවින් ඔබ දැන් සූදානම් වන විට පමණයි, ඔබ පරිසමාප්තිය සමීපයට ගෙන එන්නේ. දුර්වලතා පිළිබදව, නිදහසට කාරණා හෝ හේතු ලබා නොදෙන්න, විසදුම් සොයා ගන්න. ඔබ පවසන්නේ, “මේ හේතුව නිසා...” බාප්දාදා දවස පුරාම දරුවන්ගේ ක්‍රීඩා නරඹනවා. ඔහු තුළ ඔය දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ, එබැවින් ඔහු නොකඩවා නැවත නැවතත් ක්‍රීඩා නරඹනවා. බාප්දාදාගේ රූපවාහිනිය විශාලයි. එකම මොහොතේ ඉන් ලෝකය දැක ගත හැක. සෑම තැනකම සිටින දරුවන්ව දැකිය හැක. එය අමරිකාව හෝ ගුරගාඔන් වුනත්, සෑම දෙයක්ම පෙනෙයි. එබැවින් බාප්දාදා බොහෝ ක්‍රීඩා දකිනවා. ‘කල් දැමීම’ යන භාෂාව ඉතා හොදයි, “බාබා, මෙම හේතුව තිබුණා; එය මගේ වරද නොවෙයි, එය කළේ ඒ කෙනයි...” හොදයි, ඒ කෙනා එය කළා, නමුත් ඔබ එයට විසදුමක් සොයා ගත්තාද? ඔබ නිදහසට කාරණාව, නිදහසට කරුණක් ලෙසම තබා ගත්තාද, නැත්නම් ඔබ නිදහසට කාරණාව, විසදුමක් බවට වෙනස් කළාද? සියලු දෙනාම විමසන්නේ: “බාබා, ඔබගේ බලාපොරොත්තු මොනවාද?” එබැවින් බාබා ඔහුගේ බලාපොරොත්තු ඔබට කියනවා: බාප්දාදාට තිබෙන්නේ එක බලාපොරොත්තුවක් පමණයි: විසදුම් දිස්විය යුතු බව සහ හේතු සහ නිදහසට කාරණා අවසන් විය යුතු බවයි. ගැටළු අවසන් වි කාරණා නොකඩවා විසදිය යුතුයි. මෙය කළ හැකිද? පළමු පේළියේ සිටින අය, මෙය කළ හැකිද? අඩු තරමින් හිස වනන්න. පිටුපස අසුන්ගෙන සිටින අය, මෙය කළ හැකිද? (සියලු දෙනාම අත් එසවූවා.) අච්චා. එසේ නම් බාප්දාදා හෙට ඔහුගේ රූපවාහිනිය ක්‍රියාත්මක කරන්නේ නම්... ඔහු අනිවාර්යෙන්ම රූපවාහිනිය නරඹයි නේද? එසේ නම් බාප්දාදා හෙට රූපවාහිනිය නරඹන්නේ නම්, එවිට එය විදෙස් රටක වුවත් ඉන්දියාවේ වුනත්, එය කුඩා ගමක් වුනත්, විශාල ප්‍රාන්තයක් වුනත් කිසිම තැනක කිසිදු හේතුවක් හෝ නිදහසට කාරණාවක් පෙනෙන්නට නොතිබෙයි, එහෙම නේද? ඔබට විශ්වාසද? ඔබ මෙයට “ඔව්” කියන්නේ නැහැ. හේතු හෝ නිදහසට කාරණා තිබෙයිද? අත් ඔසවන්න! ඔබ ඉතා හොදින් ඔබගේ අත් එසවූවා. බාප්දාදාට සතුටුයි. ඔබ ලවා අත් එසවීමට සැලැස්වීම විශ්මයකි. බාබාව සතුටු කරන්නේ කෙසේද කියා ඔය දරුවන් දන්නවා. කෝටි ගණනකින් අතලොස්සක් සහ එම අතලොස්සෙන් ටික දෙනෙක්, උපකරණ බවට පත් වී ඇති බව බාප්දාදා දකිනවා, එබැවින් ඔය දරුවන් හැර යම් දෙයක් සිදු කරන්නේ වෙන කවුරුන්ද? එය කළ යුත්තේ ඔබයි. බාප්දාදා තුළ ඔය දරුවන් කෙරෙහි බලාපොරොත්තු තිබේ. පැමිණීමට සිටින අන් සියලු දෙනා ඔබගේ මනෝ ස්ථිතිය දැක හොද වෙයි. ඔවුන්ට උත්සාහ දැරීමට සිදු නොවෙයි. උපත ලද මොහොතේම ඔබ සියලු දෙනා පරම පියාට මෙය පොරොන්දු වූ නිසා ඔබ මෙය බවට පත්වෙයි: ඔබ එකට සිටින බව, ඔබ සහකරුවන් වී, එකට ආපසු නිවහනට ගොස් බ්‍රහ්ම පියා සමග රාජධානියට යන බවට. ඔබ මෙය පොරොන්දු වුනා නේද? ඔබ එකට හිද, ආපසු එකට යන බැවින්, ඔබ එකට සිටින සේවා සහකරුවන් නේද?

එසේ නම් ඔබ දැන් කරන්නේ කුමක්ද? ඔබ ඉතා හොදින් ඔබගේ අත් එසවූවා. බාප්දාදා සතුටු විය, නමුත් සිදුවීමක් පැමිණෙන ඕනෑම විටෙක, මෙම දවස, මෙම දිනය සහ වෙලාව, ඔබ අත එසවූයේ කුමටද කියා මතකයට නගා ගන්න: ඔබට උපකාර ලැබෙයි. ඔබ මෙය බවට පත් විය යුතුයි. දැන් මෙය විගසින් වන්න, එපමණයි. ඔබ පෙර කල්පයේ සිටි එම අයම බව, ඔබ මේ කල්පයේදිත් ඒ අයම බව, සෑම කල්පයකදීම ඔබ මෙය විය යුතු බව ඔබ සිතයි. මෙය ස්ථිරයි නේද? එසේ නැත්නම් ඔබ වසර දෙකක් මෙය වී, තුන්වන වසරේ ඔබ පිටව යනවාද? එය එසේ නොවෙයි. උපකරණ ඔබ බවත්, කෝටි ගණනකින් ඔබ අතලොස්සක් සහ එම අතලොස්සෙන් ටික දෙනෙක් බව නිරන්තරයෙන් මතකයේ තබා ගන්න. කෝටි ගණනකින් ටික දෙනෙක් පැමිණෙයි, නමුත් එම ටික දෙනාගෙන් අතලොස්ස ඔබයි.

එබැවින් අද, සෙනෙහසේ දිනයකි! සෙනෙහසින් කිසි දෙයක් කිරීම අපහසු නැත. මේ නිසයි බාප්දාදා මේ සියල්ල ඔබට මතක් කර දෙන්නේ. බ්‍රහ්ම බාබා කෙරෙහි ඔය දරුවන් තුළ බොහෝ සෙනෙහස තිබීම දැකීමෙන් ශිව බාබා බොහෝ සතුටු වනවා. සෑම තැනකම, කෙනෙක් දින හතක ශිෂ්‍යයෙක් වුනත්, වසර 70 ක ශිෂ්‍යයෙක් වුනත්, මෙදින, මෙහි වසර 70 ක් හිද ඇති අය මෙන්ම දින හතක් හිද ඇති අයත්, සෙනෙහසේ මුසු වි සිටිම බාබා දුටුවා. බ්‍රහ්ම පියා කෙරෙහි දරුවන් තුළ ඇති සෙනෙහස දැකීමට ශිව පියා බොහෝ සේ සතුටු වනවා.

අද දවස ගැන බාබා ඔබට තව පුවත් ලබා දිය යුතුද? මෙම දිනයේ බාප්දාදා ඉදිරියේ පෙර ගමන් ගිය අයත් (advance party) මතු විය. පෙර ගමන් ගිය අය, ඔබ සියලු දෙනාව සිහි කරනවා: පියා සමග ඔබ විමුක්තියට දොරටුව විවර කරන්නේ කවදාද? අද මුළු පෙර ගමන් ගිය සමූහයම බාප්දාදාට කියමින් සිටියේ: අපට දිනයක් දෙන්න! බාබා ලබා දිය යුතු පිළිතුර කුමක්ද? කතා කරන්න! බාබා ලබා දිය යුතු පිළිතුර කුමක්ද? පිළිතුරක් ලබා දීමේ දක්ෂ කවුද? එය විගසින් සිදුවන බව බාප්දාදා පිළිතුරු දෙන නමුත්, මේ සදහා පියාට ඔය දරුවන්ගේ සහයෝගය අවශ්‍යයි. ඔබ සියලු දෙනාම පියා සමග ආපසු යනවා නේද? ඔබ පරම පියා සමග ආපසු යන අයද, නැත්නම් යන අතර මග විටින් විට නවතින අයද? ඔබ පියා සමග ආපසු යන අය නේද? එකට ආපසු නිවහනට යාමට ඔබ කැමතියි නේද? එසේ නම්, ඔබට සමාන වීමට සිදුවෙයි, එහෙම නේද? කියමන කුමක්ද? “අතිනත ගෙන, සහකරුවන් ලෙස දෙදෙනා එකට.” එබැවින් ‘අතිනත’ යනු, සමාන වීමයි. එබැවින් දාදීන් කතා කරන්න. සූදානම් පිළියෙල කරනවාද? දාදීන්, කතා කරන්න. දාදීන් අත් ඔසවන්න. දාදාවරු අත් ඔසවන්න. ඔබ හැදින්වෙන්නේ ජ්‍යෙෂ්ඨ දාදාවරු ලෙස නේද? එබැවින් දාදීන්, දාදාවරු කතා කරන්න. ඔබට දිනයක් තිබෙනවාද? (දැන් නොවෙයි නම්, කිසිදා නැත.) මින් අදහස් වන්නේ කුමක්ද: “දැන් නොවෙයි නම්, කිසිදා නැත?” ඔබ දැන් සූදානම්, එහෙම නේද? ඔබ හොද පිළිතුරක් ලබා දුන්නා. මෙය අවසන් කළ යුතුයි. ඔය තරුණ හෝ මහළු සෑම කෙනෙක්ම, මෙය තමන්ගේ වගකීම බව සැලකිය යුතුයි. මෙයින් තරුණ නොවන්න. මෙය දින හතක දරුවෙකුගේ පවා වගකීමයි. ඔබ ආපසු නිවහනට යන්නේ එකට නේද? පියාට තනිව යෑමට අවශ්‍ය නම් ඔහුට එසේ කළ හැක, නමුත් ඔහු තනිවම යන්නේ නැහැ; ඔබ ඔහු සමග යා යුතුයි. එය පියා සහ ඔය දරුවන් අතර ඇති පොරොන්දුවක්. ඔබගේ පොරොන්දුව ඔබ ඉටු කරනවා නේද?

බාබාට සෑම තැනකින්ම බොහෝ සිහි කිරීමේ ලිපි, ඊමේල් සහ දුරකථන ඇමතුම් ලැබී ඇත. ඒවා මෙහි මධුබන් වලට මෙන්ම සූක්ෂම කලාපයටත් ළගා වී තිබේ. බන්දන වල සිර වී සිටින මව්වරුන්ගේ මනසින් බොහෝ ආදරණීය සිහි කිරීමද බාප්දාදා වෙත‌ට ළගා වී ඇත. බාප්දාදා එවන් ආදරණීය දරුවන්ව බොහෝ සේ සිහි කරන අතර ඔවුන්ට ආශිර්වාදත් ලබා දෙනවා.

එබැවින් සෑම තැකනම සිටින ඔය ආදරණීය දරුවන්ට, ආදරණීය සහ ‘ආදරයෙන් වෙලි සිටින” යන දරුවන් දෙපිරිසටම, පියාගේ ශ්‍රීමත් වලට අනුව, සෑම පියවරකදී කෝටි ගුණයක් රැස් කරගන්නා දැනුමින් සහ බලයෙන් පිරිපුන් දරුවන්ට, නිරතුරුව ආදරණීය සහ සෑම විටම තම ආත්ම ගෞරවය රකින සහ අන් අයට ගෞරවය ලබා දෙන දරුවන්ට, පරම පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන එවන් ජයග්‍රාහී දරුවන්ට, බාප්දාදාගේ පියසටහන් මත සෑම විටම සෑම පියවරක්ම තබන සහජ යෝගී දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

වරදානය:
ඔබ නිති සූදානමින් සිට පැහැදිලි රැහැනක් තිබීමේ පදනමින් අංක එකට සමත් වේවා.

නිරන්තරයෙන් නිති සූදානමින් සිටීම බ්‍රහ්මින් දිවියේ විශේෂත්වයකි. ඔබගේ බුද්ධියේ රැහැන කෙතරම් පැහැදිලිව තිබිය යුතුද යත්, ඔබට පියාගෙන් සංඥාවක් ලැබුණු ඕනෑම විටෙක ඔබ නිති සූදානම් විය යුතුයි. එම වෙලාවේ කිසි දෙයක් ගැන සිතීමට අවශ්‍යතාවයක් නොවිය යුතුයි. හදිසියේම ඔබගෙන් ප්‍රශ්නයක් විමසනු ඇත, ඔබට මෙහි අසුන් ගැනීමට නියෝගයක් ලැබෙයි; ඔබට යම් තැනකට යාමට කියයි. ඒ වෙලාවේ ඔබ කිසිම සිදුවීමක් හෝ නෑදෑයෙක් සිහි නොකළ යුතුයි, මන්ද, එවිට පමණයි ඔබ අංක එකට සමත් වන්නේ. කෙසේවෙතත්, ඔබ නිති සූදානමින් සිටිය යුතුයි, මන්ද, එය හිදිසියේ එන ප්‍රශ්න පත්‍රයක් බැවින්.

පාඨය:
ඔබගේ මනස බලවත් කිරීම සදහා, ජීවාත්මය වන තමන්ට, පරමාත්ම දෙවියන්ගේ අවධානය සහ බලයේ පෝෂණය ලබා දෙන්න.

අව්‍යක්ත සංඥාව: දැන් සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.

බොහෝ දරුවන් පවසන්නේ ඔවුන් සිහි කිරීමේ අසුන් ගන්න විට, ජීව අවධානයට පත් වනවා වෙනුවට ඔවුන් සේවය ගැන සිතන බවයි. මෙය වැරදියි, මන්ද, අවසන් නිමේශයන්හි, අශාරීරික වනවා වෙනුවට ඔබ සේවය ගැන සිතන්නේ නම්, ඔබ එම තත්පරයක ප්‍රශ්න පත්‍රයෙන් අසමත් වෙයි. ඒ වෙලාවේ ඔබ සිහි කළ යුත්තේ, වෙනත් කිසිවක් නොව, පරම පියාව සහ ඔබගේ අශාරීරික, පාපයෙන් තොර ස්ථිතිය ගැන පමණයි. සේවය ගැන සිතීමෙන්, ඔබගේ භෞතික ස්වරූපයට ඔබ පැමිණෙයි. ඔබට අවශ්‍ය ඕනෑම විටෙක, තිබිය යුතු මනෝ ස්ථිතිය ඔබට තිබිය නොහැකි නම්, ඔබ මුලා වෙයි.