15.03.25 Avyakt Bapdada
Sinhala
Murli 24.03.2009 Om Shanti Madhuban
බාප්දාදාගෙන් ඔබට
ලැබී ඇති සම්පත්, තමන් තුලට මුසු කරගන්න, ඒවා භාවිතා කර අත්දැකීම් වල අධිකාරියෙක්
වන්න.
අද බාප්දාදා සෑම
තැනකම සිටින සියළු සම්පත් රැස් කරගෙන පිරිපුන් වී ඇති සියළුම දරුවන් දකිනවා. මේ
සමගම එක් එක් දරුවා කුමන ප්‍රමාණයකට සියළු සම්පත් රැස් කරගෙන තිබේද, යන ප්‍රතිඵලය
දෙසත් බාබා බලනවා. බාප්දාදාගෙන් ඔබට බොහෝ අවිනාශී සම්පත් ලැබී තිබේ. ප්‍රථම සහ
ප්‍රමුඛතම, ශ්‍රේෂ්ඨතම සම්පත වන්නේ මෙම දැනුමේ ධන සම්පතයි, එය මගින් ඔබට මුක්තිය සහ
ජීවන-මුක්තිය ලැබී තිබේ. ඔය සියළුම දරුවන්ට ඔබගේ පැරණි සිරුරු වලින් සහ මෙම පැරණි
ලෝකයෙන් මුක්තිය ලැබී තිබෙන අතර ඔබට ජීවන-මුක්ති ස්ථිතිය ලැබී ඇති අතර මුක්ති දේශයට
යන මාර්ගය ඔබ දන්නවා.
මෙම දැනුමේ ධනය පමණක්
නොව, නමුත් එය සමග ඔබට සියළු බල හිමිවන යෝගාවේ සම්පතද තිබේ. ඒ සමගම ඔබට සියළු
ගුණධම් ලැබෙන, ධාරණයේ සම්පතත් තිබේ. ඉන්පසුව, ඔබට ආශිර්වාද සම්පත සහ සතුටේ සම්පත
ලැබෙන සේවයේ සම්පතද තිබේ. මේ සියල්ල සමගින් වඩාත්ම ශ්‍රේෂ්ඨතම සම්පත වන්නේ: සංගම
යුග කාලයයි, මන්ද, මුළු කල්පයෙන්ම වැඩියෙන්ම වටින කාල වකවානුව වන්නේ සංගම යුග
කාලයයි. සංගම යුග කාල වකවානුවේ සෑම සිතිවිල්ලක් සහ සෑම මොහොතක්ම මිල කළ නොහැකි තරම්
බොහෝ සේ වටින්නේ, බාප්දාදා සහ ඔය දරුවන්ගේ මිහිරි මුණගැසීම සිදු වන්නේ සංගම යුගයෙදි
පමණක් නිසයි. වෙනත් කිසිම යුගයක, පියාණන්, පරමාත්ම දෙවියන් සහ දේවමය දරුවන් අතර
හමුවක් සිදුවන්නේ නැත. මෙයට අමතරව ඔබට බාප්දාදාගෙන් සියළුම සම්පත් ලැබෙන්නේ සංගම
යුග කාලයේ පමණයි. ඔබට සම්පත් රැස් කිරීමට හැකි වන්නේ සංගම යුගයෙදි පමණයි; ඒවා රැස්
කිරීමට ඔබට ගිනුමක් හෝ ඒවා තැන්පත් කිරීමට බැංකුවක් ඔබට වෙනත් කිසිම යුගයකදි නොමැත.
ඔබට අවශ්‍ය තරම් රැස් කරගැනීමට තිබෙන්නේ එක් සංගම යුගය පමණක් වන අතර මෙම සංගම යුග
කාල වකවානුවේ වැදගත්කම වන්නේ, මෙම එක උපතෙදි පමණක් ඔබට බොහෝ උපත් ගණනාවකට රැස්
කිරීමට හැකි වීමයි. මේ නිසයි මෙම කුඩා යුගයට මෙතරම් වැදගත්කමක් තිබෙන්නේ - ඔය
සියළුම දරුවන් බාප්දාදාගෙන් එම සම්පත් හිමි කරගන්න කාලයයි.
ලබා දෙන පියා එ්කායන
කෙනා වන අතර ඔහු ඔබ සියළු දෙනාට සමානව ලබා දෙයි, නමුත් මෙම සම්පත් රැස් කර
ගැනීමේදි, ඔය එක් එක් දරුවා තමන්ගේ වීර්යයට අනුව ඒවා රැස් කරගනී. පියාණන්, දානපති,
එක්කෙනෙක් වන අතර ඔහු සියළු දෙනාටම එකවර සමානව ලබා දෙයි, නමුත් ඔය දරුවන් ඒවා ධාරණය
කරගැනීමේදි ඔහු දුටුවේ කුමක්ද. පරම පියා සියළු දෙනාටම සමානව ලබා දුන් නමුත්, ඒවා
ධාරණය කරගැනීමේදි, ඔය එක් එක් කෙනා තම තමන්ගේ ස්වාධීන වීර්යය සිදුකල බවයි, මන්ද,
සම්පත් ධාරණය කරගැනීම සදහා, ප්‍රථමයෙන් තමන්ගේම වීර්යයෙන් ඔබගේ ප්‍රතිලාභය නිර්මාණය
කරගත හැක, දෙවනුව, ඔබ නිරන්තරයෙන් තෘප්තිමත්ව රැදී සිට සියළු දෙනාව තෘප්තිමත් කළ
යුතුයි. තෘප්තිමත්බවේ විශේෂත්වයෙන් ඔබට සම්පත් රැස් කරගත හැක, එමෙන්ම තුන්වනුව,
සේවය කිරීමෙන්, මන්ද, සේවය කිරීමෙන් ඔය සියළුම ජීවාත්ම සතුට අත්කරගන්නා අතර එබැවින්
ඔබට සතුටේ සම්පත එක්රැස් කරගත හැක. තමන්ගේම වීර්යය, සියළු දෙනාව තෘප්තිමත් කිරීමට
දරන වීර්යය සහ තුන්වැන්න, සේවය කිරීමට දරන වීර්යය: මේ ආකාර තුනෙන් ඔබට සම්පත් රැස්
කරගත හැක. සම්පත් එක්රැස් කරගැනීම සදහා, විශේෂයෙන් අන් අය සමග නෑ සබදතා
පැවැත්වීමේදී, උපකරණයක් වීමේ අවධානය සහ පරාර්ථකාමී චේතනා ඇතිව නිරහංකාරකම තිබිය
යුතුයි; සියළුම ජීවාත්ම වෙනුවෙන් සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් තිබීමට අවශ්‍යයි.
ඔබ සිදු කරන සේවයේ සහ ඔබගේ නෑ සම්බන්දතා තුල මේ සියළු දේවල් ඇත්නම්, ඔබට ඉතා
පහසුවෙන් ඔබගේ පුණ්‍යකර්ම ගිනුමේ සහ ඔබගේ ආශිර්වාද ගිනුමේ රැස් කරගත හැක.
බාප්දාදා සියළු
දෙනාගේ වාර්ථාව දෙස බලමින් සිටියා; ඔහු දුටුවේ කුමක්ද? සෑම තැනකම සිටින ඔය සියළුම
දරුවන් අංකානුරූපී බව ඔහු දුටුවා. පරම පියා එක්කෙනෙකි, ඔහු ඔබ සියළු දෙනාටම ලබා
දෙන්නේ එකවරයි, නමුත් මේවා රැස් කරගැනීමේදි, ඔහු වර්ග දෙකක දරුවන්ව දුටුවා. එක
වර්ගයක් වන්නේ සම්පත් රැස් කරගෙන එසැනින්ම ඒවා භාවිතා කර අවසන් කරන අයයි. ඔවුන් ඒවා
රැස්කර ගන්නා නමුත් ඉන්පසුව ඒවා භාවිතා කර අවසන් කරගනී. දෙවන වර්ගය වන්නේ, ඒවා
භාවිතා කරන අතර ඔවුන් රැස් කිරීමට අවධානය යොමු කිරීම මගින් ඒවා වැඩිකර ගන්නා අයයි.
සම්පත් වැඩි කරගන්නා අන්දම කුමක්ද? සම්පත් වැඩි කරගන්න අන්දම වන්නේ, පැන නගින ඔනෑම
අහිතකර අවස්ථාවකදි, කාලයට අනුව සම්පත් භාවිතා කිරීමය. මෙම සම්පත් භාවිතා කර,
ඔවුන්ගේ මනෝ ස්ථිතිය තුලින් තමන්ගේ සිදුවීම වෙනස් කරගන්නා අයට ඒවා රැස් කරගැනීමට
හැකි වෙයි. මෙම සම්පත් භාවිතා නොකරන අය ඒවා රැස්කර ගන්නේ නැත. එබැවින් ඔය සෑම
කෙනෙක්ම තමන්ගෙන් විමසිය යුතුයි: මම නිසි වෙලාවට මා වෙනුවෙන් සහ අන් අය වෙනුවෙන්
සම්පත් භාවිතා කරනවාද? ඔබ ඒවා වැඩියෙන් භාවිත කරන තරමට, ඒවා වඩාත් වැඩිවෙයි, මන්ද,
ඒවා භාවිත කිරීමෙන් ඔබට අඛන්ඩව අත්දැකීම් ලැබෙයි. එබැවින් ඔබගේ අත්දැකීම්
අධිකාරිත්වයට ඔබ නොකඩවා තව එකතු කරගනී. එබැවින් පරීක්ෂා කර තමන්ගෙන් විමසන්න: මා මේ
සියළු සම්පත් රැස් කරගෙන තිබෙනවාද? මා මෙම සම්පත් වැඩි කරගැනීමට නිසි වෙලාවට
ක්‍රමවේදය භාවිතා කරනවාද? මගේ අත්දැකීම් වල අධිකාරිත්වය වැඩි වෙනවාද? සියළුම
අධිකාරිත්ව අතරින්, වැඩියෙන්ම සිහි කර ඇත්තේ අත්දැකීම් වල අධිකාරිත්වයයි. ඉතිං ඔය
සෑම කෙනෙක්ම ඔබගේ ගිනුම වැඩි කරගත යුතුයි. ඔබ තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි, මන්ද,
පරීක්ෂා කරන කාලය දැන්ය, මන්ද ඔබට තවමත් සම්පත් වැඩි කරගත හැකි නිසා. ඔබට තවමත්
අවස්ථාවක් තිබෙන අතර ඉන්පසුව මෙම අවස්ථාව අවසන් වෙයි. ඉන්පසුව ඔබට අවශ්‍ය වුනත් ඒවා
වැඩි කරගැනීමට නොහැකි වෙයි.
ඔබ සම්පත් ලබා ගන්නා
විට ඔබ සතුටින් ඒවා තමන් තුලට මුසුකර ගැනීමට පවා තැත් කරන බව බාප්දාදා දැක තිබෙනවා.
කෙසේවෙතත්, ඔබට සම්පත් ලබා ගැනීම සදහා, ඔබට සම්පත් ලබා ගත හැක්කේ මුරලිය මගින්
පමණයි. දරුවන් වර්ග දෙකක් සිටියි. එක වර්ගයක් වන්නේ නිකම්ම සවන් දීම පමණක් සිදු කරන
අය වන අතර අනෙක් වර්ගය, තමන් තුලට එය මුසුකර ගන්නා අයයි. සමහර දරුවන් එයට සවන්
දීමෙන් බොහෝ සතුටට පත් වෙයි, නමුත් සවන් දීම පමණක් සහ එය තමා තුලට මුසු කරගැනීම අතර
බොහෝ වෙනසක් තිබේ. තමන් තුලට එය මුසු කරගන්නා අය, නොකඩවා අත්දැකීම් ලබා ගනී, මන්ද,
එය තමන් තුලට මුසු කරගත් විට, ඔවුන් නිසි වෙලාවට මුසුකර ගත් දේ භාවිතා කිරීම නිසා
ඔවුන් නොකඩවා සම්පත් වැඩි කරගනියි. නිකම්ම එයට සවන් දී, ඒ ගැන කතා කරන සහ බාබා
පැවසූ දේ ඉතා හොද බව කියමින් එය ඉතා හොදින් අන් අයටත් පවසන අය සිටියි. කෙසේවෙතත්,
තමන් තුලට එය මුසු කර නොගෙන, ඔවුන්ට නිසි වෙලාවට එය භාවිතා කිරීමට නොහැකි වෙයි.
එබැවින් ඔබ සියළු දෙනා පරීක්ෂා කර බැලිය යුතුයි: මම, එය මා තුලට මුසුකරගත් කෙනෙක්ද?
සුළු වශයෙන් හෝ අඩුවෙන් ඇත්නම්, ඔබ ඒවාගෙන් පිරිපුන් නැත්නම්, චංචලත්වය ඇති වෙයි,
නමුත් එය තමන් තුලට මුසු කරගත් කෙනෙක් පිරිපුන්ව සිටියි, එබැවින් කිසිම චංචලත්වයක්
ඇති නොවෙයි. මේ නිසයි බාප්දාදා අද දින සෑම කෙනෙකුගේම වාර්ථාව පරීක්ෂා කර බැලුවේ.
වර්ග දෙකක දරුවන් සිටින බව ඔබට පවසන ලදි. දැන් මෙය බැලීමට තමන්ව පරීක්ෂා කරන්න: මා
කවුද? සම්පත් වැඩි කරගැනීම යනු, ඒවා නිසි වෙලාවට භාවිතා කිරීමයි. ඔබ සම්පත්
වැඩියෙන් භාවිතා කරන තරමට, ඒවා තවත් වැඩිවෙයි, මන්ද, කුමන සම්පතක් තිබුනත්, සම්පත්
භාවිතා කරන්නේ සම්පත් වල පාලකයාය. සම්පත්ම තමන්ව භාවිතා කරන්නේ නැත. පරම පියා ඔබ
සියළු දෙනාටම දායාදයක් ලෙස සියළු සම්පත් ලබා දී ඇත. පියාගේ සම්පත් තමන්ගේම කරගැනීමට
ඔබ එක් එක් කෙනා අවධානය යොමු කළ යුතුයි, මන්ද, ඒවා පිටාර ගලමින් ඔබ ඒවාගෙන් පිරෙන
තරමට, ඔබ වඩාත් නොසැලී අචලව රැදී සිටියි.
බාප්දාදාට අවශ්‍ය
වන්නේ සෑම දරුවෙක්ම අඩුවක් නොමැතිව, පිරිපුන් විය යුතු බවයි, මන්ද, පියාගේ
මාර්ගයෙන් ඔබගේ අවිනාශී ගිනුම වැඩි කර ගැනීමට ඔබට අවස්ථාවක් තිබෙන්නේ දැන් පමණයි.
මේ නිසයි මෙවන් කියමනක් තිබෙන්නේ: ‘දැන් නැත්නම් කිසිදා නැත!’ මෙය, සංගම යුග කාලයේ
ප්‍රශංසාවයි. අනාගතයෙදි ඔබ රැස් කරගෙන ඇති කුමන හෝ දේක ඵලය ඔබට ලැබෙයි, නමුත් එය
ලබා ගැනීමේ කාලය මේ දැන්ය. එබැවින් ඔය සෑම කෙනෙක්ම තමන්ගේ ගිනුම පරීක්ෂා කර බැලිය
යුතුයි. එක් එක් කෙනාගේ සම්පත් ගබඩාව කෙතරම් ප්‍රමාණයකට පිරී තිබෙන්නේද, එය ඔබගේ
දෑසින්, ඔබගේ ක්‍රියාකාරකම් සහ ඔබගේ මුහුණින් දිස් වෙයි. ඔබගේ මුහුණ සහ
ක්‍රියාකාරකම් පිපුණු රෝස මලක් මෙන් විය යුතුයි. ඔබ කොපමණ ප්‍රබෝදමත්ව සහ සතුටින්
රැදී සිටින්නේද කියා, ඔබගේ ක්‍රියාකාරකම් සහ ඔබගේ මුහුණින් බාප්දාදා නොකඩවා දකිනවා.
ඔබගේ ඇස් වල ආධ්‍යාත්මිකත්වය, මුහුණේ මද සිනහවක් සහ ඔබගේ ක්‍රියාකාරකම් තුලින්
සියළු දෙනා සියළුම ගුණධර්ම අත්විදියි. එබැවින් ඔය සෑම කෙනෙක්ම තමන්ව පරීක්ෂා කර
බැලිය යුතුයි.
සෑම දරුවෙක්ම අන්
සියළු ජීවාත්මයන්ව එවන් සම්පත් වලින් පිරිපුන් කරයි, යන පිවිතුරු බලාපොරොත්තුව
බාප්දාදා තුල ඔය සියළු දරුවන් පිලිබදව තිබේ. අද, ලෝකයේ ජීවාත්මයන්ට යම් ආධ්‍යාත්මික
බලයක් ලබා ගැනීමට අවශ්‍යයි, එමෙන්ම ආධ්‍යාත්මික බලය පිරිනමන්නන් වන්නේ ඔය
බ්‍රහ්මින් ජීවාත්ම පමණයි, මන්ද, පූජනීයම, ශ්‍රේෂ්ඨතම සහ ධනවත්ම ජීවාත්ම ඔබයි.
සියළුම ජීවාත්ම අතරින්, පූජනීයම අය ඔබයි. ඔය ජීවාත්ම වන්දනා කරන තරම් විනයකින්
වෙනත් කිසිම ජීවාත්මයක් වන්දනාවට ලක් වන්නේ නැත. දැන් මෙම අවසන් උපතෙදි පවා, ඔය
ජීවාත්මයන්ව වන්දනා කෙරෙනවා; ඔබ මෙන්, වෙනත් කිසිම ආගම් නිර්මාතෘ පියෙක් හෝ
උපකරණයක් වන මහාත්මයක් වන්දනාවට ලක් වන්නේ නැහැ. ඔවුන්ගේ ස්මාරක සාදන නමුත් ඔබට
මෙන් විනයකින් ඔවුන්ව වන්දනා කෙරෙන්නේ නැහැ, එමෙන්ම ඔබගේ සම්පත් වන්නේ - ලෝකයේ
ධනවත්ම අය ඔබයි. ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ගේ මෙම එක් උපතක සම්පත්, උපත් 21කට දිගටම
පවතින බවට සහතිකයක් තිබේ, මන්ද, ඔබට පරම පියාගෙන් බාබාගේ උරුමය ලැබී තිබේ. එබැවින්
පියා අවිනාශී වන ආකාරයෙන්ම, පරම පියාගෙන් ඔබට ලැබෙන සම්පත්ද අවිනාශී වෙයි. ඔබ
ලෝකයෙන්ම ධනවත්ම සහ ලෝකයෙන්ම පූජනීයම වන්නේ මේ අන්දමටයි. ඔබ සියළු දෙනා තමන් එවන්
විශේෂ සේවාධාරීන් බව සලකනවා නේද? වත්මන් කාලයට අනුව, ලෝකයේ ජීවාත්මයන්ට වර්ථමානයේ
අවශ්‍ය කුමක්ද කියා ඔබ දන්නවාද? අද ලෝකයට අවශ්‍ය වන්නේ සතුට, බලය සහ සෙනෙහසයි.
ඔවුන්ට ආධ්‍යාත්මික සෙනෙහස අවශ්‍යයි, එබැවින් කාලයට අනුව, ඔය බ්‍රහ්මින් ජීවාත්ම
දානපතියන් විය යුතුයි. ඔවුන්ට බලය ලබා දීමට ඔබගේ මනස භාවිතා කරන්න, මෙම දැනුම
ඔවුන්ට ලබා දීමට ඔබගේ වචන භාවිතා කරන්න, එමෙන්ම ඔබගේ ක්‍රියා තුලින් ඔවුන්ට ගුණදම්
වල දානය ලබා දෙන්න. අවසානයේ, බ්‍රහ්ම පියා ඔය සියළුම දරුවන්ට තෑග්ගක් ලෙස වදන්
තුනක් ලබා දුන්නා. ඔබට මෙම වචන තුන මතකයි නේද? සේවය වෙනුවෙන් ඔබ මෙම වදන් තුන
භාවිතා කරන්නේ නම්, ඔබට බොහෝ ජීවාත්ම තෘප්තිමත් කළ හැක. මෙම වදන් තුන වන්නේ:
අශාරීරික, නිරහංකාරී සහ දුර්ගුණ වලින් තොර. ඔබගේ මනසින් අශාරීරික වන්න, ඔබගේ වදන්
වලින් නිරහංකාර වන්න සහ ඔබගේ ක්‍රියා තුලින් දුර්ගුණ වලින් තොර වන්න. ඔබ සිදු කරන
සේවයේදි මෙම වදන් තුන භාවිතා කරන්න. ඔය ජීවාත්මයන්ගේ බලයෙන් ලෝකයට දැන් සතුට ටිකක්
සහ ආනන්දය ටිකක් ලැබිය යුතුයි. සියළු දෙනාම සිටින්නේ අධෛර්යමත් වී, නමුත් ඔබ ලෝකයට
බලාපොරොත්තුවේ පහන්ය, එමෙන්ම බාප්දාදා ඔය සියළු දරුවන්ව දකින්නේ, පියාගේ
බලාපොරොත්තුවේ පහන් ලෙසයි. ඔබ බලාපොරොත්තු තබා ඇති තාරකා පමණක් නොවෙයි, නමුත් ඔබ
සියළු බලාපොරොත්තු ඉටු කරන බලාපොරොත්තුවේ තාරකාය.
දරුවන්ගේ සෙනෙහස
නිරන්තරයෙන් බාප්දාදා වෙතට ලගා වෙනවා. වඩාත්ම පහසුතම වීර්යය කුමක්ද? විවිධ වීර්ය
තිබෙන නමුත් පහසුම වීර්යය වන්නේ සෙනෙහසය. සෙනෙහස ඇති තැන, වෙහෙසකාරී ක්‍රියා පවා
සෙනෙහස් ස්වරූපයකට වෙනස් වෙයි. ඉතිං, පියාට ආදරණීය වීම යනු, පහසු වීර්ය දැරීමයි.
සෙනෙහස අතින්, ඔබ නිරන්තරයෙන් ආදරණීය බව, ඔබ සියළු දෙනා සලකනවාද? ඇතැම් විට පමණක්
ආදරණීය නොවෙයි, නමුත් නිරන්තරයෙන් ආදරණීය. එක වරක් පමණක් ගිලෙන අය නොව නමුත් ගිලී
රැදී සිටින අයයි. තමන් නිරන්තරයෙන් සෙනෙහස් සාගරයේ ගිලී සිටින බව සිතන අය, තමන්
නිරන්තරයෙන් මෙසේ සිටින බව සලකන අය, අත් ඔසවන්න! ‘නිරන්තරයෙන්’ යන වචනයට යටින් ඉරක්
අදින්න! අත් ඔසවන්න! නිරන්තරයෙන්? නිරන්තරයෙන්? ඔබ ඉතා හොදින් ඔබගේ අත් ඔසවා තිබේ.
අත් දැකීමෙන් බාප්දාදා සතුටු වනවා, මන්ද ඔබ එඩිතරකම පවත්වා ගන්නවා. සුළු වශයෙන් හෝ
අඩු නම් ඔබ අත් එසවූ බව ඔබට මතක් වෙයි, මන්ද, බාප්දාදා තුල සෑම සියළු දරුවෙක්
වෙනුවෙන්ම ගැඹුරින් සෙනෙහස තිබේ. ඇයි? සෑම සියළු ජීවාත්මයක්ම බොහෝ වාර ගණනාවක්
ආදරණීය වී ඇති බව බාප්දාදා දන්නා නිසා, ඔබ දැන් ආදරණීයයි, එමෙන්ම සෑම කල්පයකදීම
ආදරණීය වන්නේද ඔය ජීවාත්මම බව. සෑම කල්පයකදීම මෙම අයිතිය හිමි කරගන්නා ජීවාත්ම ඔබ
බවට කුල්මත්බව සහ සතුට ඔබට තිබෙනවාද?
එවන් අයිතියක් හිමි
කරගෙන ඇති ඔය ජීවාත්ම දැක, බාප්දාදා ඔහුගේ හදවතින් ඔබට ආශිර්වාද ලබා දෙනවා:
නිරන්තරයෙන් වෙහෙස නොදැනී නොකඩවා පියාසර කරන්න! යම් අහිතකර සිදුවීමක් පැන නගින්නේ
නම්, ඔබගේ ආදිතම මනෝ ස්ථිතියට චංචල වීමට ඉඩ නොදෙන්න. ඔබගේ ආදිතම ස්ථිතිය ඉදිරියේ
අහිතකර සිදුවීමට කිසිවක් කළ නොහැක. අච්චා.
ප්‍රථම වතාවට පැමිණි
අය අත් ඔසවන්න! බොහෝ දෙනෙක් ඇවිත්. සෑම දරුවෙක්ව දැක බාප්දාදාට ඔබ ගැන ආඩම්බරයි:
අපූරුයි මගේ දරුවන්! අපූරුයි! ඔබගේ හදවතින් ඔබ ඉබේටම මෙම ගීතය ගායනා කරයි: අපූරුයි
බාබා! අපූරුයි! මගේ බාබා, අපූරුයි! ඒ අන්දමින්ම පරම පියා ඔය දරුවන් වෙනුවෙන් එම
ගීතයම ගයයි: අපූරුයි, මගේ සෑම දරුවෙක්ම! අපූරුයි! කල්පයකට පසුවයි පියා ඔය දරුවන්ව
සොයා ගන්නේ, එමෙන්ම ඔය සෑම දරුවෙක්ම ලෝකය ඉදිරියේ ශ්‍රේෂ්ඨයි. එබැවින් පියාද ගීත
ගායනා කරයි: ‘අපූරුයි දරුවන්! අපූරුයි!’ ඔබ ‘අපූරු, අපූරු අපූරු’ දරුවන් නේද? අපූරු
අපූරු දරුවන්, අත් ඔසවන්න!
ඉතිං ඔබ ‘අපූරු,
අපූරු’ දරුවන් බව මතකයේ තබාගන්න. ඔබ උත්සාහ දරන අය වුවද ඔබ ‘අපූරු, අපූරු’ දරුවන්ය.
ඔබ පරම පියා සමග ආපසු නිවහනට යන බාබාගේ ‘අපූරු, අපූරු’ දරුවන්ය. ඔබව දමා යන්නේ නැහැ
නේද? සෑම සියළු දරුවෙක්වම සෙනෙහස් ඇකයේ තබා, ඔහු සමග ආපසු රැගෙන යන බව පියා පවසයි.
ඉතිං ඔබ සූදානම්ද? ඔබ සූදානම්ද? ඔබ අතර මග කොතැනක වත් නතර වෙන්නේ නැහැ නේද? ඔබ මෙය
පොරොන්දු වී ඇති බැවින් ඔබ පියා සමග ආපසු යයි. ලබා දුන් පොරොන්දුව ඉටු කරන අය ඔබලා
නේද?
ඉතිං දැන් බාප්දාදාට
අවශ්‍ය වන්නේ ඔබ තම සුරදූත ස්වරූපය මතු කරගත යුතු බවයි. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන
එන අතර ඔබගේ සුරදූත ඇදුමේ අත්දැකීම ලබා දෙන්න. අභ්‍යාසය ගැන බාප්දාදා ඔබට කියා
තිබෙනවා නේද? ඔබගේ ඇදුම් මාරු කිරීමේ පුරුද්ද ඔබට තිබෙනවා නේද? ඔබගේ සිරුරට පලදින
ඇදුම් මාරු කරන සේම, ජීවාත්මයේ ස්වරූපය සුරදූතයෙකුගේය. මෙය නැවත නැවතත් අත්විදින්න.
ඔබ සුරදූත ඇදුමට ප්‍රිය කරනවා නේද? බ්‍රහ්ම පියා සුරදූත ස්වරූපයෙන් සූක්ෂ්ම දේශයේ
අසුන්ගෙන සිටින සේම, ඇවිදින විට සහ ගමන් කරන විට ඔබ සියළු දෙනාද සුරදූත ස්වරූපය
අත්විදිය යුතුයි, මන්ද, ඔබ දේවතාවක් බවට පත් වන්නේ ඔබට සුරදූත ස්වරූපය තිබෙන විට
පමණයි. පරම පියාගේ ස්වරූප තුන ඔබට මතකයි නේද? පියා, ගුරුවරයා සහ සත්ගුරු. ඒ
අන්දමින්ම ඔබගේ මෙම ස්වරූප තුන සිහි කරන්න: බ්‍රහ්මනයින්ගෙන් සුරදූතයන්,
සුරදූතයන්ගෙන් දේවතාවන්. මෙම ස්වරූප තුන ස්ථිරයි නේද? විටෙක ඔබගේ බ්‍රහ්මින් ඇදුම
අදින්න, විටෙක ඔබගේ සුරදූත ඇදුම සහ තවත් විටෙක ඔබගේ දේවතා ඇදුම. මෙම ස්වරූප තුනෙන්
ඔබට ඉබේටම ත්‍රිකාලදර්ශි ආසනයේ අසුන්ගෙන සෑම කාර්යයක්ම අඛණ්ඩව නොබැදි නරඹන්නෙක් ලෙස
සිදු කළ හැක. ඉතිං බාප්දාදාට අවශ්‍ය වන්නේ සියළු දෙනාම නිරන්තරයෙන් පරම පියා සමග
රැදි සිටිය යුතු බවත් තනි නොවිය යුතු බවයි. ඔබ පියා සමග රැදී සිටින විට පමණයි, ඔබ
ඔහු සමග ආපසු යන්නේ. ඔබ පියා සමග එකට සිටින්නේ ඇතැම් විට පමණක් නම්, ඔබ ඔහු සමග
ආපසු යන්නේ කෙසේද? ඔබ කෙනෙකුට ආදරය කරන විට, ඔබ ආදරය කරන කෙනාව ඔබට අමතක කළ නොහැක.
දවස පුරාම මෙය නොකඩවා පුහුණු කරන්න: එක මොහොතක බ්‍රහ්මින් කෙනෙක්, එක මොහොතක
සුරදූතයෙක් සහ එක මොහොතක දේවතාවක්. අච්චා.
නිරන්තරයෙන් සියළු
සම්පත් වලින් පිරිපුන් සෑම තැනකම සිටින ඔය සියළුම දරුවන්ට, තම ක්‍රියාකාරකම් සහ
මුහුණින් නිරන්තර සේවාධාරීන් වන අයට - මන්ද ඔබ විශ්ව පරිවර්ථකයන් වී, විශ්වය
පරිවර්ථනය කරන බව පොරොන්දු වී ඇති නිසා, එබැවින් ඔබ ඇවිදින විට සහ ගමන් කරන විට,
සේවයේ නියැලී සිටින සේවාධාරීන්ය, පරම පියාගේ සම්පත් වලින් සියළු දෙනාව පුරවන එවන්
විශ්ව සේවාධාරීන් සහ විශ්ව පරිවර්ථකයන්ට, සෑම තැනකම සිටින බාප්දාදාගේ සියළුම
දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය, හදවතින් ආශිර්වාද සහ නමස්තේ. අච්චා.
වරදානය:
ඔබ සෑම
ක්‍රියාවක්ම මාස්ටර් ත්‍රිකාලදර්ශි ලෙස සිදුකර සියළු කර්මික බන්දන වලින් නිදහස්
වේවා.
ඔබ කුමන සිතිවිල්ලක්
ඇති කලත්, කුමන වචන කතා කළත්, කුමන ක්‍රියා සිදුකළත්, මාස්ටර් ත්‍රිකාලදර්ශි ලෙස
ඒවා සිදු කරන්නේ නම්, කිසිම ක්‍රියාවක් අපතේ යන්නේ හෝ අරුත් විරහිත වන්නේ නැත.
ත්‍රිකාලදර්ශී යනු, නොබැදි නරඹන්නෙකුගේ මනෝ ස්ථිතියේ ස්ථාවරව රැදී සිටීම, කර්මයේ
ගැඹුරු න්‍යාය ගැන දැන, ඉන්පසුව ඔබගේ භෞතික ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක කරවීමයි. එවිට
ඔබ කිසි විටෙක කර්ම බන්දනයක බැදෙන්නේ නැත. සෑම ක්‍රියාවක්ම සිදු කරන අතර ඔබ සියළු
කර්ම බන්දන වලින් නිදහස්ව සිටින අතර අඛණ්ඩව කර්මතීට් මනෝ ස්ථිතිය අත්විදිනු ඇත.
පාඨය:
ධනවත්ම අය
වන්නේ සීමිත ආශා පිලිබද නොදැනුවත් අයයි.
අව්‍යක්ත සංඥාව: ඔබගේ
විශ්වාසයේ අත්තිවාරම ශක්තිමත් කර නිරතුරුවම නොබියව සහ සැහැල්ලුවෙන් සිටින්න.
ඔහුගේ ආයුධ වලින්
ඔනෑම සතුරෙක් පලවා හැරීමට හෝ පරාජය කිරීමට හැක, යන විශ්වාසයෙන්, මුර සේවයේ යෙදෙන
මුරකරුවෙක්, ඔහුගේ ආයුධ අත දරා සිටින විට, එම එඩිතරකමින් නොකඩවා ගමන් කරයි. ඔබටද
සියළු බලයන්ගේ ආයුධ නිරන්තරයෙන් ඔබ ලග තිබේ. ඔබ කළ යුත්තේ එය කැදවීමයි, එනම්, එහි
පාලකයා වී, එයට අණ කිරීමයි, එවිට නිරතුරුවම සාර්ථකත්වය සහතික වෙයි.