15.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා, ඔය ජීවාත්ම සමග, හදවතට සමීප සංවාදයක යෙදෙයි. ඔබ පියා වෙතට පැමිණ
ඇත්තේ ඔබගේ ජීවිත, උපත් 21 කට රක‍්ෂණය කර ගැනීමටයි. ඔබ අමරණීය වන සේ, එවන් ආකාරයකට,
ඔබගේ ජීවිත රක‍්ෂණය කරගනී.
ප්‍රශ්නය:
මනුෂ්‍යයින්ට
ජීවිත රක‍්ෂණ තිබෙන අතර, ඔය බ්‍රහ්මණයින්ද ඔබගේ ජීවිත රක‍්ෂණය කරයි. එහි වෙනස
කුමක්ද?
පිළිතුර:
මනුෂ්‍යයින් ජීවිත රක‍්ෂණ ලබා ගන්නේ, ඔවුන් මිය ගිය විට, ඔවුන්ගේ පවුලේ අයට මුදල්
ලැබෙන ලෙසටයි. ඔය දරුවන්ට දැන් උපත් 21 කට, මිය නොයාම සඳහා ජීවිත රක‍්ෂණ තිබේ. ඔබ
අමරණීය වෙයි. ස්වර්ණමය යුගයේ රක‍්ෂණ සමාගම් නොමැත. ඔබගේ ජීවිත රක‍්ෂණය කිරීම ගැන
මෙන්ම, ඔබ කිසිදාක මිය නොයෑම ගැන, ඔබට දැන් සතුට තිබිය යුතුයි.
ගීතය:
අරුණලු පැයේ
මාගේ දොරට වැඩියේ කවුද?
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන් සමග, ආධ්‍යාත්මික සංවාදයක යෙදෙයි. පියා ඔබව රක‍්ෂණය
කරන්නේ උපත් 21 කට පමණක් නොව, උපත් 40 කට, 50 කට පමණ බව ඔය දරුවන් දන්නවා. වෙනත්
අයට ජීවිත රක‍්ෂණ තිබෙන්නේ ඔවුන් මිය ගිය හොත් ඔවුන්ගේ පවුලේ අයට මුදල් ලබා
ගැනීමටයි. ඔබ දැන් උපත් 21 ක් නොමැරී සිටීමට තමන්ව රක‍්ෂණය කරගනී. බාබා ඔබව අමරණීය
කරවයි. අශාරීරික ලෝකය, අමරණීය දේශයද වෙයි. එහි ජීවත් වීම හෝ මිය යාම පිළිබඳ
ප්‍රශ්නයක් නොමැත; එය ජීවාත්ම වාසය කරන ස්ථානයයි. මෙම හදවතට සමීප සංවාදය, පියා
පවත්වන්නේ ඔහුගේ දරුවන් සමඟ හැර, වෙනත් කිසිවෙකු සමඟ නොවෙයි. පියා කතා කරන්නේ තමන්
ජීවාත්ම බව දන්නා අය සමඟ පමණයි. වෙනත් කිසිවෙකුට පියාගේ භාෂාව නොතේරෙනු ඇත.
ප්‍රදර්ශන වලට බොහෝ දෙනෙක් පැමිණෙයි. ඔවුන්ට ඔබගේ භාෂාව වැටහෙනවාද? සමහරුන්ට
වැටහෙන්නේ ඉතාමත්ම අල්පයකි! ඔබට පහදා දීමට බොහෝ වසර ගණනාවක් ගත වී ඇති නමුත්,
දැනුදු වැටහෙන්නේ ඔබගෙන් ස්වල්ප දෙනෙකුට පමණයි. එය තත්පරයකදී වටහා ගත යුතු දෙයකි.
ජීවාත්ම වන අප, පිවිතුරු වූ අතර, දැන් අපවිත්‍ර වී සිටියි. අප දැන් නැවත වතාවක්
පිවිතුරු විය යුතුයි. ඒ සඳහා අපි මිහිරි පියාව සිහි කළ යුතුයි. ඔහු තරම් මිහිරි
කෙනෙක් තවත් නොමැත. මායාගේ බාධක පැමිණෙන්නේ මෙම සිහිපත් කිරීමේදී පමණයි. තවද, බාබා
පැමිණ ඇත්තේ ඔබව අමරණීය කරවීමට බවත් ඔබ දන්නවා. අමරණීය වී, අමරණීය දේශයේ පාලකයන්
වීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ සියලුම දෙනා අමරණීය වෙයි. ස්වර්ණමය යුගයට, අමරණීය
දේශය යැයි කියයි. මෙය මරණීය දේශයයි. මෙය අමරණීයත්වයේ කතා පුවතයි. ශංකර්, පාර්වතීට
පමණක් අමරණීයත්වයේ කතා පුවත කියා දුන්නේ නැත. ඒ සියලුම කතා අයත් වන්නේ භක්ති
මාර්ගයටයි. ඔය දරුවන් සවන් දිය යුත්තේ මාහට පමණයි. නිරන්තරයෙන් මා පමණක් සිහිපත්
කරන්න. ඔබට දැනුම ලබා දිය හැක්කේ මාහට පමණයි. නාටකයේ සැලසුමට අනුව, මුලු ලෝකයම
තමෝප්‍රධාන් වී තිබේ. අමරණීය දේශයේ පාලනය කිරීම යනු, අමරණීය තත්ත්වයක් හිමි
කරගැනීමයි. එහි රක‍්ෂණ සමාගම් ආදිය නොමැත. ඔබගේ ජීවිතය දැන් රක‍්ෂණය කරනු ලැබේ. ඔබ
කිසිදා මිය යන්නේ නැත. මෙම සතුට බුද්ධිය තුළ තිබිය යුතුයි. අපි අමරණීය දේශයේ
පාලකයන් වීමටයි යන්නේ, එබැවින් අමරණීය දේශය සිහි කළ යුතුයි. අප එහි යා යුත්තේ
අශාරීරික ලෝකය හරහාය. මෙයත් ‘මන්මනභාව්’ය. අශාරීරික ලෝකය සිහිපත් කිරීම ‘මන්මනභාව්’
වන අතර, අමරණීය දේශය සිහිපත් කිරීම ‘මධ්‍යජීභාව්’ය. (ඔබගේ අරමුණ සහ ඉලක්කය). සෑම
කරුණකටම තිබෙන්නේ වචන දෙකයි. ඔබගේ බුද්ධියේ එය තැන්පත් කර ගැනීමට හැකි වන පරිදි,
බොහෝ විවිධ අරුත් ඔබට විස්තර කෙරේ. විශාලතම උත්සාහය රැඳි තිබෙන්නේ, ඔබ ජීවාත්මයක්
යන විශ්වාසය තිබීමටයි. ජීවාත්ම වන අප, මෙම උපත ගෙන තිබේ. උපත් 84 ක් ගන්නා අතර, අප
විවිධ නම්, ස්වරූප, රටවල් සහ කාල පසු කර තිබේ. ස්වර්ණමය යුගයේ අප මෙපමණ උපත්
සංඛ්‍යාවක් ගත් අතර, රිදී යුගයේ අප මෙපමණ උපත් සංඛ්‍යාවක් ගත්තා. බොහෝ දරුවන්ට මෙයද
අමතක වෙයි. ප්‍රධානතම දෙය වන්නේ, තමන් ජීවාත්මයක් බව සලකා, මිහිරි පියාව සිහිපත්
කිරීමය. ඔබ ඇවිදිමින් සිටියත්, අසුන් ගෙන සිටියත්, ඔබ මෙය බුද්ධියේ තබා ගැනීමෙන්
ඔබට සතුටින් රැඳී සිටිමට හැකි වෙයි. චක්‍රයෙන් භාගයක්ම අප, ඔහු සිහි කරමින්, පැමිණ
අපව පිවිතුරු කරන්නට කියා, අයදමින් සිටි කෙනා, බාබා, නැවත වරක් පැමිණ තිබේ. ඔබ
අශාරීරික ලෝකයේ සහ අමරණීය දේශය වන ස්වර්ණමය යුගයේ යන දෙකෙහිදීම, පිවිතුරුව රැඳී
සිටියි. මිනිසුන් භක්තිය තුළින් වෙර දරන්නේ, විමුක්තිය ලබා ගැනීමට හෝ ක්‍රිෂ්ණාගේ
දේශයට යෑමටයි. ඔබ එයට විමුක්තිය හෝ ශබ්දයෙන් එපිට දේශය කීවත්, ‘විශ්‍රාමික ස්ථීතිය’
යන ව්‍යවහාරය නිවැරදිය. විශ්‍රාමික ස්ථීතියේ අය, නගරබද වාසය කරන අතර, සන්යාසීන්
ඔවුන්ගේ නිවෙස් අතහැර, වනගත වෙයි. මෙකල, විශ්‍රාමික ස්ථීතියේ සිටින අයට බලයක්
නොමැත. සන්යාසීන්, බ්‍රහම් පදාර්ථයට, දෙවියන් කියා අමතයි. ඔවුන් එයට බ්‍රහම් ලෝකය
(බ්‍රහම් පදාර්ථය ඇති ලෝකය) යැයි නොකියති. කිසිම කෙනෙකුට පුනර්භව ගැනීම නතර කළ
නොහැකි බව ඔය දරුවන් දැන් දනී. සෑම කෙනෙක්ම තමන්ගේම චරිත කොටස රඟ පෑ යුතුයි.
පැමිණීමෙන් සහ පිටත්වීමෙන්, කිසි කෙනෙකුට නිදහස් විය නොහැක. දැන් මනුෂ්‍යයින්
බිලියන ප්‍රමාණයක් සිටින අතර, තවත් අය දිගින් දිගටම පහළට පැමිණෙයි. පළමුවන මහල හිස්
වන තුරු ඔවුන් දිගටම පුනර්භව ගනිවි. අශාරීරික ලෝකය, පළමු මහල වන අතර, සූක‍්ෂම ලෝකය,
දෙවැනි මහලයි. මෙම ලෝකය තුන්වන මහල වන අතර, එයට බිම් මහල කියාද කිව හැක. වෙනත් මහල්
නොමැත. මිනිසුන් සිතන්නේ තාරකා අතර තවත් ලෝකයක් තිබෙන බවයි. එය එසේ නොවෙයි. ජීවාත්ම
පළමු මහලේ වාසය කරන නමුත්, මනුෂ්‍යයින් වාසය කරන්නේ මෙම ලෝකයේය. ඔය දරුවන් අසීමිත
අත්හරින්නන්ය. මෙම පැරණි ලෝකයේ සිටින අතර, සහ ඔබගේ භෞතික දෑස් වලින් මෙම පැරණි ලෝකය
දකින අතර, ඔබ එය නොදැකිය යුතුයි. මේ සෑම දෙයක්ම විනාශ වීමට යන බැවින් ප්‍රධානතම
වෑයම විය යුත්තේ මෙයයි. ලෝකය කිසිදාක නිර්මාණය නොවුනා නොවෙයි. එය නිර්මාණය විය,
නමුත් ඔබට දැන් ඒ පිළිබඳව තැකීමක් නැත. මුලු පැරණි ලෝකය පිළිබඳවම තැකීමක් නැත.
වන්දනාව, දැනුම සහ නොතැකීම තිබේ. වන්දනාවට පසුව දැනුම තිබෙන අතර, ඉන්පසුව වන්දනාව
පිළිබඳ තැකීමක් නැත. මෙම ලෝකය පැරණි බව ඔබගේ බුද්ධියට වැටහෙයි. මෙය අපගේ අවසාන
උපතයි. දැන් සෑම කෙනෙක්ම ආපසු නිවසට යා යුතුයි. කුඩා දරුවන්ටද ශිව බාබාව සිහිකර දිය
යුතුයි. අපවිත්‍ර ආහාර පාන ගැනීමේ පුරුදු, ඔවුන් තුළ ධාරණය නොකරන්න. ඔබගේ ළමා කාලයේ
ඇති කරගන්නා කුමන හෝ පුරුදු, සෑම කලටම ඔබත් සමඟ තිබෙයි. මෙකල, ආශ්‍රයේ ඉතාම
අපිරිසිදු බලපෑම් තිබේ. මෙවැනි කියමනක් තිබේ: යහපත් ආශ්‍රය ඔබව එතෙර කරවන අතර, නරක
ආශ්‍රය ඔබව ගිල්වා දමයි. මෙය විෂ සාගරයයි, ගණිකා මඩමයි. ඒකායන පරම පියා, පරමාත්ම
ජීවය පමණයි, සත්‍යය වන්නේ. මෙසේ කියැවේ: දෙවියන් එකයි. ඔහු පැමිණ සත්‍යය පහදා දෙයි.
පියා පවසන්නේ : ඔහෝ ආධ්‍යාත්මික දරුවනේ; ඔබගේ පියා වන මා, ඔබත් සමඟ ආධ්‍යාත්මික
සංවාදයක යෙදෙනවා. මට පැමිණෙන්නට කියා ඔබ කන්නලව් කරමින් සිටියා. දැනුමේ සාගරය,
පාරිශුද්ධකරුවා වන්නේ ඔහු පමණයි. නව ලෝකයේ නිර්මාණකරු ඔහුයි. ඔහු පැරණි ලෝකයේ
විනාශය දිරිගන්වයි. ත්‍රිමූර්තිය ඉතාම සුප්‍රසිද්ධයි. උසස්ම උසස් වන්නේ ශිවායි.
ඉන්පසුව සූක‍්ෂම දේශයේ බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් සිටියි. ඔවුන් පිවිතුරු නිසා බොහෝ
දෙනෙකුට ඔවුන්ගේ දර්ශන ලැබෙයි. ඔබගේ භෞතික ඇස් වලින් ඔවුන්ව ජීවමානව දැකගත නොහැක.
කෙසේවෙතත්, බොහෝ තීව්‍ර භක්තියේ යෙදෙන අයට ඔවුන්ව දැක ගත හැක. නිදසුනක් වශයෙන්,
කෙනෙක් හනුමාන්ගේ (වානර දෙවි) බැතිමතෙක් නම්, ඔහුට එම කෙනාගේ දර්ශනයක් ලැබෙයි.
කෙසේවෙතත්, ශිවාගේ බැතිමතුන්ට කියා තිබෙන්නේ, උත්තරීතර ජීවයට, සදාතනික අනන්ත,
ආලෝකයේ ස්වරූපයක් තිබෙනවා, යන අසත්‍යයයි. පියා පවසන්නේ : මගේ ස්වරූපය කුඩා තිතකි.
අර්ජුනට, සදාතනික අනන්ත ආලෝකයේ ස්වරූපය පෙන්වූ විට, ඔහු මෙසේ කී බව ලියා තිබේ:
නවත්වන්න, මට තවත් දරාගත නොහැක. ඔහුට එම දර්ශන ලැබූ බව, ගීතාවේ ලියා තිබේ.
මනුෂ්‍යයන් සිතන්නේ, ඔහුට නිරන්තර අසීමිත, ආලෝකයක, දර්ශනයක් ලැබුණු බවයි. පියා
පවසන්නේ : භක්ති මාර්ගයේ ඇති එම සියලුම කතා තිබෙන්නේ, නිකම් හදවත සතුටු කිරීමට
පමණයි. මගේ ස්වරූපය, සදාතනික අනන්ත ආලෝකයක් බව, මා කිසි විටෙක නොකීවෙමි. ඔය
ජීවාත්ම, කුඩා තිත් මෙන් වන සේම, මා ද එසේමයි. ඔබ නාටකයට බැඳී ඇති සේම, මා ද නාටකයට
බැඳී සිටින්නෙමි. සෑම සියලු ජීවාත්මයකටම රඟපෑම සඳහා, ඔහුගේම කොටසක් ලැබී ඇත. සෑම
කෙනෙක්ම පුනර්භව ගත යුතුයි. සෑම කෙනෙක්ම අංක පිළිවෙලට පහළට පැමිණිය යුතුයි. අංක එක
ඉන්පසුව පහළට පැමිණෙයි. පියා බොහෝ දේ විස්තර කර දෙයි. මෙම ලෝක චක්‍රය අඛණ්ඩව
බ්‍රමණය වන ආකාරය ඔබට කියා දී තිබේ. රාත්‍රියට පසුව දිවා කාලය පැමිණෙන ආකාරයෙන්ම,
කලි යුගයට පසුව, ස්වර්ණමය යුගය පැමිණිය යුතුයි. ඉන්පසුව රිදී යුගය ආදිය, පසුවට එයි.
ඉන්පසුව මෙම සංගම යුගය ඇති වෙයි. පියාට ඔබව වෙනස් කළ හැක්කේ මෙම සංගම යුගයෙදී
පමණයි. සතෝප්‍රධාන්ව සිටි අය, දැන් තමෝප්‍රධාන් වී තිබේ. ඔවුන් නැවතත් සතෝප්‍රධාන්
වෙයි. ඔබ කන්නලව් කළේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි, එන්න! එබැවින් පියා දැන් පවසන්නේ :
මන්මනභාව්! මා ජීවාත්මයක් වන අතර, මා දැන් පියා සිහිපත් කළ යුතුයි. මෙය නිවැරදිව
වටහාගැනීමට හැකි අය සිටින්නේ ඉතා ස්වල්පයයි. ජීවාත්ම වන අපගේ පියා බොහෝම මිහිරියි!
මිහිරි වන්නේ ජීවාත්මයයි. ශරීරය විනාශ වන අතර, එම ජීවාත්මයට ඉන්පසුව මෙහි
පැමිණෙන්නට කියා ආරාධනා කරයි. සෙනෙහස තිබෙන්නේ ජීවාත්මය කෙරෙහි පමණයි. සංස්කාර
තිබෙන්නේ ජීවාත්මය තුළයි. ඉගෙනගන්නේ සහ සවන් දෙන්නේ ජීවාත්මය වන අතර, ශරීරය මිය
යයි. ‘ජීවාත්මය වන මා, අමරණීයයි. ඉතිං ඔබ මා වෙනුවෙන් අඬන්නේ ඇයි?’ මෙය ශරීර
අවධානයයි. ඔබගේ සෙනෙහස තිබෙන්නේ ශරීරයටයි, නමුත් ඔබගේ සෙනෙහස තිබිය යුත්තේ
ජීවාත්මයටයි. ඔබගේ සෙනෙහස තිබිය යුත්තේ අවිනාශී දේවලටයි. ඔබ සණ්ඩු සරුවල් ඇති
කරගන්නේ, විනාශ වන දේට ඇති සෙනෙහස නිසයි. ස්වර්ණමය යුගයේ සෑම කෙනෙක්ම ජීවාත්ම
අවධානයෙන් සිටින නිසා, ඔවුන් සිරුර අත්හල විට, ඊලඟ සිරුර ගන්නේ සතුටින්ය; හඬා
වැලපීම් නොමැත. ඔබගේ ජීවාත්ම අවධාන ස්ථීතිය ඇති කරගැනීම සඳහා ඔය දරුවන් මෙය බොහෝ සේ
පුහුණු විය යුතුයි: මා ජීවාත්මයක් වන අතර, මගේ සහෝදර ජීවාත්මයට, පියාගේ පණිවිඩය ලබා
දෙනවා. මගේ සහෝදරයා මෙම අවයව තුළින් අසා සිටිනවා. එවන් ස්ථීතියක් නිර්මාණය කරගන්න.
අඛණ්ඩව පියාව සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් අඛණ්ඩව දුරු වී යනු ඇත. තමන්
ජීවාත්මයක් බව සැලකීමෙන් සහ අනෙක් පුද්ගලයා ජීවාත්මයක් බව සැලකීමෙන්, එම පුරුද්ද
ස්ථීර වෙයි. මෙම වීර්යය අදෘෂ්‍යමානයි. අභ්‍යන්තර ගත වී, මෙම ස්ථීතිය ස්ථාවර කරගන්න.
ඔබට ඇති කුමන හෝ කාලයක් මේ වෙනුවෙන් යොදන්න. පැය අටක්, ඔබගේ ව්‍යාපාරික කටයුතු
ආදියේ යෙදෙන්න, එමෙන්ම නින්දටද යන්න, නමුත් ඉතිරි කාලය, මේ සඳහා වැය කරන්න. පැය
අටක් සිහිපත් කිරීමේ සිටින තත්ත්වයට ඔබ පත් විය යුතුයි. එවිට ඔබට බොහෝ සතුට තිබෙයි.
පාරිශුද්ධකරුවා වන පියා පවසන්නේ : මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි.
ඔබට මෙම දැනුම ලැබෙන්නේ දැන්, සංගම යුගයෙදීය. සියලු වර්ණනාවෙන් කියැවෙන්නේ, පියා
මෙතැන අසුන් ගෙන, ඔබට මෙම දැනුම ලබා දෙන, මෙම සංගම යුගය ගැනයි. මෙහි කිසිම භෞතික
දෙයක් පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. ඔබ ලියා තබන සෑම දෙයක්ම විනාශ වනු ඇත. ඔබ මෙම කරුණු
ලියාගන්නේ ඔබට ඒවා සිහි කරගැනීමටයි. ඔබගෙන් ඇතමෙකුට දක‍්ෂ බුද්ධි තිබේ. ඔවුන්ට සෑම
දෙයක්ම ඔවුන්ගේ බුද්ධියේ තබා ගත හැක. එය අංකානුරූපිතයි. ප්‍රධානතම දේ වන්නේ පියා සහ
ලෝක චක්‍රය සිහි කිරීමයි. කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකරන්න. නිවසේ ඔබගේ පවුලේ
අය සමඟ වාසය කරන අතර, අනිවාර්යෙන්ම පිවිතුරුව රැඳී සිටින්න. ඇතැම් අපිරිසිදු
සිතිවිලි ඇති වී මෙසේ සිතයි: මා මෙම කෙනාට බොහෝ සේ කැමතියි. ඔවුන් කියන්නේ, ඔවුනට
පිවිතුරු විවාහයක් අවශ්‍ය බවයි. කෙසේවෙතත්, පිවිතුරු විවාහයකට අවසර ලබා දෙන්නේ,
කෙනෙකුගේ මිත්‍රයන් සහ නෑදෑයින් ඔවුන්ට බොහෝ සේ කරදර හිරිහැර කරන විට, ඔවුන්ව බේරා
ගැනීම සඳහා පමණයි. ඔවුන්ට පිවිතුරු විවාහයක් අවශ්‍ය බව, සෑම කෙනෙක්ම කියන්නේ නැත.
සෑම කෙනෙකුටම පිවිතුරුව සිටිය නොහැක. ඔවුන් පළමුවන දිනයේම කාණුවට ඇද වැටෙයි.
ඔවුන්ගේ හදවත් එකිනෙකාගේ නම සහ රූපයට ආකර්ෂණය වෙයි. මෙය ඉතාමත්ම නරකය. පිවිතුරු
විවාහයක් සිදුකිරීම ඔබගේ නැන්දම්මාගේ නිවසට යනවා මෙන් නොවෙයි! ඔවුන්ගේ හදවත්
එකිනෙකාට ආකර්ෂණය වූ පසු, ඔවුන් පවසන්නේ පිවිතුරු විවාහයක් අවශ්‍ය බවයි. නෑදෑයින්
මේ පිළිබඳව බොහෝ ප්‍රවේසම් විය යුතුයි. එවන් දරුවන්ගෙන් ප්‍රයෝජනයක් නැති බව වටහා
ගත යුතුයි. හදවත ආකර්ෂණය වුණු කෙනාව ඉවත් කළ යුතුයි. එසේ නොමැති නම්, ඔවුන් දිගින්
දිගටම එකිනෙකා සමඟ කතා බහ කරයි. මෙම සමූහය තුළ, බොහෝ ප්‍රවේසම් විය යුතුයි. ඔබ
ඉදිරියට යත්ම, සමූහය බොහෝ සේ නීතිගරුක වෙයි. එවන් සිතිවිලි ඇති අයට මෙහි පැමිණෙන්නට
අවසර නොලැබෙයි. ස්වර්ණමය යුග රාජධානිය ස්ථාපිත කිරීමේ උදව්කරුවන් වන්නේ,
ආධ්‍යාත්මික සේවයේ කාර්ය බුහල වන දරුවන්, යෝගාවේ සිටින අතර, සේවය කරන දරුවන් පමණයි.
සේවයට ලැදි දරුවන්ට පියාගේ උපදේශය වන්නේ : විවේක ගැනීම හොඳ නැත! බොහෝ සේවය කරන අය,
අනිවාර්යෙන්ම රජවරුන් සහ රැජිනියන් වෙයි. අන් අයව තමන්ට සමාන කිරීමට වෙර දරණ අයට,
බොහෝ ශක්තිය තිබේ. ස්ථාපනය සිදුවිය යුත්තේ නාටකයට අනුවයි. සියලුම කරුණු හොඳින්
ධාරණය කරගෙන, සේවයේ කාර්ය බහුල වන්න. විවේක ගැනීම හොඳ නැත! සේවය හැර වෙනත් දෙයක්
නොමැති විට පමණයි, ඔබට උසස් තත්ත්වයක් හිමි කරගත හැකි වන්නේ. වළාකුලු පැමිණ, නැවුම්
වී, සේවය සඳහා පිටත්ව යයි. ඔබට කිරීමට බොහෝ සේවය තිබේ. මිනිසුන්ට විගසින් වටහා
ගැනීමට උපකාරී වන විවිධ පිංතූර නිපදවෙයි. මෙම පිංතූර ආදිය අඛණ්ඩව දියුණු කෙරෙයි.
මෙහිදීද, අපගේ බ්‍රහ්මණ වංශයට අයත් අය, ඉතා පැහැදිලිව වටහා ගනී. ඔබ හොඳින් විස්තර
කරන විට, අන් අයට යමක් වටහා ගැනීමට හැකි වෙයි. ඔවුන් මෙය ඉතා හොඳින් ධාරණය කරගෙන,
පියාව සිහිකරන අතර, මෙසේ සිතනවාද කියා ඔවුන්ගේ මුහුණු වලින් දැකිය හැකි වෙයි:
‘බාබා, මම ඔබගෙන් මගේ සම්පූර්ණ දායාදය හිමි කර ගන්නවා.’ ඔවුන්ගේ ඇතුලාන්තයේ සතුටෙහි
බෙර හඬ වැයෙනු ඇත. සේවය කිරීමට ඔවුන් මහත් සේ ලැදියාවක් පෙන්වයි. ඔවුන් නැවුම් වී,
ඉන්පසුව දිව යයි. සෑම මධස්ථානයකින්ම බොහෝ දෙනෙක් සේවය කිරීමට සූදානම් කළ යුතුයි.
ඔබගේ සේවය, ඈතට සහ පුලුල්ව පැතිර යනු ඇත. ඔවුන් ඔබත් සමඟ එකට ක්‍රියා කිරීම අරඹයි.
සන්යාසීන් පැමිණෙන දිනයක්ද එළඹෙයි. වර්තමානයේ එය ඔවුන්ගේ රාජධානියයි. මිනිසුන්
ඔවුන්ගේ දෙපා ළඟ වැඳ වැටෙයි. පියා පවසන්නේ : ඒ සෑම දෙයක්ම පංච මහා භූතයන්ගේ
වන්දනාවයි. මට දෙපා නොමැත. මේ නිසයි මා ඔවුන්ට, මා හට වඳින්නට ඉඩ නොදෙන්නේ. මා මෙම
සිරුර ණයට ගෙන තිබේ. එබැවින් මෙම සිරුරට ‘භාග්‍යවන්ත රථය’ යැයි කියයි. ඔබ දෙවියන්ගේ
දරුවන් නිසා, ඔබ වර්තමානයේ ඉතාමත්ම භාග්‍යවන්තයි. මෙවැනි කියමනක් ඇත ජීවාත්ම,
උත්තරීතර ජීවාත්මයගෙන් බොහෝ කාලයක් වෙන්ව සිටියා. එබැවින්, බොහෝ කාලයක් වෙන්ව සිටි
අයයි, පැමිණෙන්නේ. මා පැමිණි විට, උගන්වන්නේ ඒ අයටයි. ක්‍රිෂ්ණා ගැන ඔබ මෙසේ
නොකියනු ඇත. ඔහු සම්පූර්ණ උපත් 84 ගනී. මෙය ඔහුගේ අවසන් උපතයි; එබැවින්, ශ්‍යාම්
සුන්දර් යැයි අමතන්නේ ඔහුට පමණයි. කිසි කෙනෙක් ශිවා ගැන කිසිම දෙයක් නොදනී. පියා
පැමිණි විට පමණයි, ඔහු මෙම දේවල් විස්තර කර දෙන්නේ. මා, උත්තරීතර ජීවාත්මයයි,
උත්තරීතර දේශයේ වැසියාය. ඔබලාත් එම ස්ථානයේ වැසියන්ය. උත්තරීතරම කෙනා,
පාරිශුද්ධකරුවා, මමයි. ඔබ දැන් දිව්‍යමය බුද්ධි ඇති අයයි. මා දැන් ඔබට දෙවියන්ගේ
බුද්ධියේ ඇති දැනුම ලබා දෙනවා. ස්වර්ණමය යුගයෙදී භක්තියේ කිසිම දෙයක් නොමැත. ඔබට
දැන් දැනුම ලැබෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අභ්‍යන්තර
ගත වී, ඔබගේ ස්ථීතිය ශක්තිමත් කරගන්න. පුහුණු වන්න: මා ජීවාත්මයක් වන අතර, මා මගේ
සහෝදර ජීවාත්මයට පියාගේ පණිවිඩය ලබා දෙනවා. මේ අන්දමින් ජීවාත්ම අවධානයට පත් වීමට
අදෘෂ්‍යමානව වෙර දරන්න.
2. ආධ්‍යාත්මික සේවය
කිරීමට ලැදිකමක් දක්වන්න. අන් අයව ඔබට සමාන කරවීමට වෙර දරන්න. යම් ආශ්‍රයක බලපෑම
ඉතා අපිරිසිඳුයි. එබැවින් තමන්ව ඉන් ආරක‍්ෂා කරගන්න. වැරදි ආහාර පාන ගැනීමේ පුරුද්ද
ඇති කර නොගන්න.
වරදානය:
ඔබ ලෝකයට
ආධාරක ප්‍රතිරූපයක් වී ලෝක යහපත පිළිබඳ කාර්යයේ නිරන්තරයෙන් කාර්යබහුල වේවා.
ලෝක දානපති දරුවන්ට
තම සිහින තුළ පවා නිදහස්ව සිටිය නොහැක. දිවා රෑ සේවයේ කාර්යබහුලව සිටින අයට ඔවුන්ගේ
සිහින වලදී පවා අලුත් දේවල් පෙනේ; ඔවුන් සේවය කිරීමේ සැලසුම් සහ ක්‍රම දකී. සේවයේ
කාර්යබහුලව සිටින නිසා, ඔවුන් තමන්ගේම උත්සාහයන්හි දී වන නාස්තියෙන් හෝ වෙනත්
කෙනෙකුගෙන් වන නිශ්ඵලතාවයන්ගෙන් ආරක්ෂා වේ. ලෝකයේ අසීමිත ජීවාත්ම ඔවුන් ඉදිරියේ
නිරන්තරයෙන් මතු වී සිටිති. ඔවුන්ට සුළු නොසැලකිලිමත්කමක්වත් තිබිය නොහැක. එවැනි
සේවය කළ හැකි දරුවන්ට ආධාරක ප්‍රතිරූප වීමේ ආශිර්වාදය ලැබේ.
පාඨය:
සංගම යුගයේ
සෑම තත්පරයක්ම වසර ගණනාවකට සමානයි, එබැවින්, නොසැලකිලිමත්කම නිසා කාලය නාස්ති
නොකරන්න.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
සර්ව බලධාරී පියාණන්
සමග ඒකාබද්ධ වී සිටින අයට ඉබේටම සියලු බල තිබේ. සියලු බල ඇති විට, සාර්ථකත්වය
නොමැති වීම, කිසිසේත් සිදු විය නොහැක්කක්. ලෞකික ජීවිතයේ ඔබ හොද සහකරුවෙක් සොයා
ගන්නේ නම්, ඔබ ඔහුව හෝ ඇයව තනි නොකරයි. මෙම ඒකායන කෙනා ඔබගේ සදාතනික සහකරුය, ඔහු
ඔබව මුලා කරන සහකරුවෙක් නොවෙයි, ඔහු, තම සහකාරිත්වය ඉටු කරන ඒකායන කෙනාය, එබැවින්
ඔහු සමග නිරතුරුව රැදී සිටින්න.